Wednesday, May 25, 2011

ආයුර්වේදයේ ප්‍රතිජීවක!!!!!!!!!

අද උදේම වැස්ස නිසා මම ගොඩක් නිදහස්. ඒ නිසා හිතුන ආයුර්වේදයේ ප්‍රතිජීවක ගැන කථා කරන්න.

ආයුර්වේදය කියන්නේ මූලික දාර්ශනික මත වලින් ඇතිවුන වෛද්‍ය විද්‍යාවක් කියලා අපි මුලුන්ම කථා කලානේ. ඉතිං මේ විද්‍යාව ගොඩක්ම දියුණු කරලා තියන්නේ ඉතාම ඈත අතීතයේ හිටපු දාර්ශණිකයෝ. මෙයාලගෙන් මුල්ම කන්ඩායම විදියට සටහන් වෙලා තියන්නේ අග්නිවේෂ මහා සෘෂි, ධන්වන්තරී මහා සෘෂි, පුලස්ති, ඩල්හන, සුශ්‍රැත වගේ මහා බුද්ධිමතුන් රාශියක්. මේ අය ගොඩනගපු ආයුර්වේදය හැම විටම සලකලා තියන්නේ , පුද්ගලයා කියන ප්‍රපංචය ලෝකයෙන් ව්‍යුක්ත කරලා නෙමෙයි. ලෝකයත් එක්කම. කෙටියෙන් කිව්වොත් පුද්ගලයා හා ලෝකය කියන්නේ එකම ව්‍යුහයක් විදියට තමයි මෙතනදි සලකන්නේ. හැබැයි බටහිර විද්‍යාවලදී මේක වෙන්නේ පුද්ගලයා වෙනමත් ලෝකය වෙනමත් අරගෙන තමයි හැම දෙයක්ම කරන්නේ. ආයුර්වේදයේදී පරිසරය ජීවයේම කොටසක් ලෙස ගන්නවා. ඒ නිසා පුද්ගලයා වෙනුවෙන් පරිසරය වෙනස් කරන්න පෙලබෙන්නේ නැහැ. හැම වෙලාවෙම පරිසරයට අනුකූල ලෙස ජීවත් වීමට පුද්ගලයා සකස් කරනවා. ඒත් බටහිරදී පුද්ගල යහපත සඳහා පරිසරය සකස් කරනවා.

(මම මේ ටිකත් කියන්න ඕනේ. බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි මේ මොන නමකින් කිව්වත් මේවා තියන්නේ මිනිස්සුන්ගේ යහපතට. මේවා එක එකක් අනික්වාට කොයිම හෝ මොහොතක උපකාරී වෙනවා. මේ හැම විද්‍යාවක්ම එක සේ වැදගත් වෙනවා සමාජයේ ප්‍රගමනය සඳහා)

මම හැම වෙලාවකම ආයුර්වේදය බුදු දහම කියන දෙක එකම මගක යන දෙයක් විදියටයි දකින්නේ. බුදු දහමේ එන චේතනා සූත්‍ර තුන, මහා නිධාන සූත්‍රය, ලෝක සූත්‍රය, රෝහිතස්ස සූත්‍රය වගේ තවත් සූත්‍ර ගනනාවකම සඳහන් වෙනවා පුද්ගලයා කියන්නේ ලෝකයේම හෙවත් පරිසරයේම කොටසක් කියලා.

මේ නිසා හැම වෙලාවකම ආයුර්වේදයේදී පුද්ගලයාට බෙහෙත් කිරීමේදී පරිසරයට හානි වෙන්න දෙන්නේ නැහැ.
කොටින්ම ඖෂධ සඳහා ගසක කොටසක් කපා ගැනීමේදී පවා ගසට වැද ඉන් අවසර ගැනීමේ ක්‍රමයක් පැරන්නන් අතර තිබුනා.
කෙසේ හෝ ආයුර්වේදයේදි බොහෝ විට ප්‍රතිජීවක කියා කියන්න හැකි විශෙෂ ඖෂධ භාවිතා වූයේ නැහැ. නමුත් පුද්ගල ශරීර එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් කෙරුනා. උදාහරනයක් ගතහොත් යම් යම් ඖෂධත් සමඟ අනුපාන නමින් හදුන්වන යමක් ගැනීමේ ක්‍රමයක් දේශීය වෙදකමේ එනවා. ගුලි සමග නෙල්ලි රසකිඳ තම්බාගත් වතුරින් ගැනීමේ ක්‍රමයක්ද පැවතියා. අදටත් එසේ කරනවා. ඔබ බලන්න නොයෙක් උද්භිද විද්‍යා පොත පත අප රටේ පලවෙලා තිබෙනවා. මේ ඖෂධ දෙකම හොද ප්‍රති ජීවක ගුන දරනවා. තවත් වෙනිවැල් ගැට, කටුවැල් බටු, බිං කොහොඹ වැනි දෑද ඉතා හොද ප්‍රති ජීවක බව මේ නවීන පොත් පත් වලින් පෙනෙනවා. මෙවායි සිද්ධ වෙන්නේ එන ඕනෙම අභියෝගයකට මිනිස් ශරීරය සූදානම් කිරීමයි. අපි තේ බොන්න පෙර මේ දේවල් තමයි නිතරම පානයට ගත්තේ. ඒ නිසා ඒ කාලෙ අපිට මොන ලෙඩ ආවත් ඒක ඉක්මනට සුව කර ගැනීමේ හැකියාව පැවතුනා. මොකද ශරීරය හැම විටම සූදානමින් සිටින නිසා.

මම දන්නවා මම දැන් කියන කථාව බෝම්බයක් ගැහුවා වගේ කියලා……….

ඔබ දන්නවද කංසා කියන්නේ ඉතාම හොද ප්‍රතිජීවක ගුන දෙන ඖෂධයක්. සුද්දො එන්න කලින් මේක මත්ද්‍රව්‍යයක් ලෙස ගත්තේ නැහැ. සුද්දා තමයි මේක මත්ද්‍රව්‍යයක් කලේ ඒක කලේ එක්දහස් අටසිය දහ අටේ කැරැල්ලෙන් පස්සේ කැරැල්ල ගැන හොයන්න දාපු කොමිටියෙන්. ඔබට ඒක බලාගන්න පුළුවන් එවකට ලංකාවේ ආන්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්‍රිග් සහ යටත් විජිතභාර මහලේකම් අතර ගනුදෙනු වුනු ලිපි බැලුවහම. මේ විස්තර දැන් පොතක් වශයෙන් ඇවිත් තියනවා. ආයුර්වේද ඖෂධ වලින් කංසා අයින් කලා කියන්නේ මිනිහෙක්ගේ අතක් කපලා දැම්මා වගේ වැඩක්.

ඉතින් දැන් අපිට පේනවා මේ ප්‍රතිජීවක ඕන වෙනවා හැබැයි එන එන ලෙඩේට වෙන වෙන ප්‍රතීජීවක නෙමෙයි.
තව එතකොට පරිසරයේ වෙනස් කිරීම් වලින් රෝග නැති කරන්න බැහැ. එකක් ඉවර වෙනකොට තවත් එකක් එනවා. ඒ නිසා කල යුත්තේ මිනිසා ශක්තිමත් කිරීමයි. මිනිස් ප්‍රතිශක්තීකරන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමයි.

ඒකට ආයුර්වේදය හොදටම ප්‍රමානවත් බලවත් නැත්තේ ආයුර්වේද වෛද්‍යවරයාගේ කැපවීමයි, සමාජයේ බලපෑමයි, අනික පාලකයන්ගේ නොදැනුවත් කමයි.

අපි උත්සාහ කරමු මේ දෙවල් නැවත සමාජ ගත කරන්න.
ජය!!!!

(අර පොත තමයි මහාචාර්ය්‍යය විමලානන්ද තෙන්නකෝන් ශූරීන් ලියපු උඩරට මහ කැරැල්ල සහ එතුමාම ලියපු තවත් පොතක් තියනවා ඒකෙ නම ඔන නම් මට කියන්න දැනට පොත තහනම්.)

13 comments:

  1. ඔබතුමාගේ ලිපිය හා එය විස්තර කර ඇති විලාසය මා නැවතත්
    පාසලේ පන්ති කාමරයට රැගෙන ගියා වගේ.අති විශිෂ්ඨයි....

    ඉතාම මානසික සමතුලිත තාවයකින් සිට ලියු ලිපියක්.

    ස්තූතියි.

    ReplyDelete
  2. //
    ඔබට ඒක බලාගන්න පුළුවන් එවකට ලංකාවේ ආන්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්‍රිග් සහ යටත් විජිතභාර මහලේකම් අතර ගනුදෙනු වුනු ලිපි බැලුවහම. මේ විස්තර දැන් පොතක් වශයෙන් ඇවිත් තියනවා.
    //

    වෙද මහත්තයෝ මේ පොතේ නම කියන්න පුළුවන්ද?

    ReplyDelete
  3. වැරදීමක් උනේ. අන්තිම කොටස කියෙව්වෙ නෑ. පළවෙනි පොතේ කාණ්ඩ දෙකයි. පළවෙනි කාණ්ඩය මිලට ගන්න බැලුව නෑ. පුළුවන් විදියක් දන්නවා නම් කියන්න :( අර තහනම් කියාපු පොතේ නමත් දැනගන්න සලස්වනවා නම බොහොම පිං.

    ReplyDelete
  4. "ඔබ බලන්න නොයෙක් උද්භිද විද්‍යා පොත පත අප රටේ පලවෙලා තිබෙනවා. මේ ඖෂධ දෙකම හොද ප්‍රති ජීවක ගුන දරනවා. තවත් වෙනිවැල් ගැට, කටුවැල් බටු, බිං කොහොඹ වැනි දෑද ඉතා හොද ප්‍රති ජීවක බව මේ නවීන පොත් පත් වලින් පෙනෙනවා"

    මම මේ මුලාශ්‍ර, නැත්නම් පොත් වල නම් දන ගන්න කැමතියි. කරුනාකර ලබාදෙන්න පුලුවන්ද?

    ඔබ ප්‍රතිජීවක යන වචනය යොදන්නේ "Anti-biotics" යන අදහසින්ද? නැත්නම් වෙනත් තේරුමකින්ද?

    ReplyDelete
  5. කංසා කියන්නෙත්.. ගංජ කියන්නෙත් එකම ශාකයද...?

    ReplyDelete
  6. ගිම්හානි,
    ස්තුතියි ඔබට ඔබගේ ඉල්ලීමකට තමයි මේ ලිපිය ලියූවේ.

    පොඩි ගමයා,
    මිත්‍රයා ඔබට මම ඊයක් එවා ඇති. (වචනෙ ගත්තේ රංගගෙන්)

    ඉනෝකා,
    ඉතාමත් ස්තුතියි.
    Antibiotics = ප්‍රතිජීවක
    Names of those books are,
    1. Data Base On Medicinal Plants Used In Ayurveda 07 VOLs.
    2. Medicinal Plant in Ceylon. Dr. Jayaweera
    3. Indian Meteria Medica.
    4. Indian Medicinal Plants.

    මාතලන්,
    ඔබටත් ස්තුතියි .
    කන්සා - Cannabis Sativa
    කංසා කොළ සහ ඇට සහිත ශාඛය. මෙය දේශීයයි.

    ගංජා - ලාටු සහිත නිර්යාසය හෙවත් මැලියම් වර්ගයක්. දේශීයව නොවැවේ. තවත් විස්තර දෙන්නම්. අද නෙමේ හෙමින් වෙනම පෝස්ට් එකකින්.

    ReplyDelete
  7. ප්‍රරතිචාරයට ඉතාමත් ස්තූතියි.

    මා ඉතාමත් සෑහීමට පත් උනා ඔබේ ලිපියෙන්.
    තවත් ප්‍රශ්න තියනවා..ඉදිරියේදී අසන්නම්..
    ..gimhani

    ජය!!!!

    ReplyDelete
  8. මගේ google acct එකේ පොඩි අවුලක්. ඒකෙන් පිලිතුරු
    දාන්න බැහැ.එයාලත් වද දෙන්නෙ අපිටම තමා.
    ගිම්හානි..

    ReplyDelete
  9. දැන් කංසා පාවිච්චිය වැඩියෙන් කෙරෙන්නෙ වෙදකමට නොවෙයි නේද? වෙලා තියෙන හැටියට ඔය කංසා ඉරිල්ලෙ ගුණාගුණ ගැනත් විස්තරයක් කලොත් වටිනවා නේ ගැටවුන්ට දැනගන්න.

    ReplyDelete
  10. මම මෙච්චර කල් සිතන් හිටියෙ කන්ස හා ගංජා කියන්නෙ එකක් කියලනෙ.
    අපි නොදන්න දේවල් තව කොච්චර ඈතිද නේද
    ගංජානම් මස් පිසිනකොට මස් මෙලෙක් කිරිමට දානව කියා අසා තිබෙනෙව. ඖෂධයක් වශයෙන් එහි අති ගුනාත්මක භාවය කුමක්ද??

    -gimhani-

    ReplyDelete
  11. මම හිතන් උන්නෙත් ගංජා හා කංසා කියන්නේ එකම දේ කියලනේ...

    ReplyDelete
  12. කන්සා බෙහෙතක් විදියට පාවිච්චි කරපු බව මාත් අහල තියනවා. ඒත් දැන් ඇහැට දකින්නත් නෑ නේ. (අපිට :). ගංජා සහ කන්සා කියන්නේ එකක්මද?

    ReplyDelete
  13. ආ දැන් නේ කමෙන්ට් කියෙව්වේ..උත්තරේ හමු උනා

    ReplyDelete