Saturday, May 14, 2011

ඊයෙ වෙච්ච අලකලංචිය..........

පෙරේද ඉදල (12) මට ගොඩක් වැඩ අධික වුනා හේතුව උනේ මගේ නෑනාගේ මංගල උත්සවය තිබුනේ 12 රාත්‍රියේ වීමයි ඉතින් ඔය අතරේ මගේ වැඩ ඔක්කොම නැවතිලා තිබුනේ. ඊයේ උදේ හොදටම මහන්සි නිසා වැඩි වැඩක් කරන්නැතුව හොදට නිදා ගත්තා. පස්සේ හවස තමයි බ්ලොග් බලන්න ආවේ. මෙන්න වැඩේ වෙලා. මගේ බ්ලොග් එකේ ලොග් වෙන්න බැහැ. දැන් මම ටිකක් අප්සෙට් මොකද මම මේ කොම්පුටර් කෙරුවාව කවදාවත් කාගෙන්වත් අහලා ඉගෙනගෙන නැහැ. ඉති මට හිතා ගන්න බැහැ මම නැති අව් අස්සේ වුනේ මොකද කියලා. පොඩ්ඩක් හොයනකොට තේරුනා මේක මේ බ්ලොගර් මංඩලේ කචල් එකක් කියලා. ඒත් මතු ආරක්ෂාවට කියලා කෝකටත් එක්ක බැකප් එකක් විදියට මේ ඔක්කොම පෝස්ට් ටික එකතු කලා වර්ඩ් ප්‍රෙස් එකෙත් .

මෙන්න මෙහෙම තමයි ඊයෙ මම වර්ඩ් ප්‍රෙස් ගියේ,
මම ඉතාමත් කැමැත්තෙන් බ්ලොග් ලියන්න පටන් ගන්නකොටම මොකක්ද වෙලා. මම වැඩිය මේ කොම්පියුටරවල ටෙක්නිකල් වැඩ දන්නේ නැහැ. ඒත් කොහොම හරි මේ දේවල් කරගන්නවා. ජීවිතේටම මම කවදාවත් ගුරුවරයෙක්ගෙන් කොම්පියුර් වැද ඉගෙනගෙන නැහැ. අපේ කාලෙ විශ්ව විද්‍යාලෙවත් හරියට කොපියුටර් 10 වත් තිබ්බේ නැහැ. ටිබුනු ඒවත් ත්බ්බේ හරියට දේවාලෙ ඇතුලෙ දෙවියො ඉන්නවා වගේ පරිස්සමින්. දැන් වාගේ ලැප් තිබුන් නැහැ. ඒත් කොහොම හරි දැන් යමක් කොටා ගන්න වැඩක් කරගන්න හැකියාවක් තිබෙනවා.
ඉතින් ම්ගේ බ්ලොග් එකේ මම කලින් ලිව්වා මගේ පාසල් සමය අ.පො.ස.සා/පෙ වෙනකම්ම ඉදිරියේදී ලියන්න ඉන්නේ ඒකෙ දෙවනි කොටස වන මගේ උ/පෙ කාලෙ. ඕක යනවා තවත් කොටස් කීපයක්ම. ඊලගට මම ලිවුවා ඉන්දරා ලිපිය, අන්තිමට ලිව්වා උතුම් මිනිසෙක් ලිපිය මේ ලිපි පරන බ්ලොග් එක හරි නොගියොත් නැවත මේකට එකතු කරනවා. ඊට පස්සේ පටන් ගන්නවා අළුත් ලිපි ටික. ඊලග සති කීපය මට වැඩ වැඩි වෙනවා ඒත් කොහොම හරි සතියට ලිපි දෙක තුනක්වත් දානවා.


ඔන්න ඔහොම පොඩි ලිපියක් දාල බැලුවා වර්ඩ් ප්‍රෙස් එකේ. ඒක දැම්මට හිතට එචර හරි නැහැ. මොකද පටන් ගත්ත තැන ගොඩක් වැදගත් නිසා. ඔන්න අද උදේ බ්ලොගර් වැඩ දැන් රෝග නිවාරණයි ඒ නිසා මගේ වර්ඩ් ප්‍රෙස් එක දිගටම තියා ගන්නවා බැකප් විදියට. බ්ලොගර් දිගට යනවා හැබැයි මේ ලිපි එකෙත් දානවා. ඒත් ඒක සින්ඩි යවන්නැහැ.

එහෙනම් ආයෙත් පෝස්ට් එකක් ලියනවා ඉක්මනටම. ඔන්න ඊයෙයි අදයි වැඩ කර ගත්තේ එහෙමයි. හෙට එන්න වෙන්නැහැ. ආයිත් සදුදා සිට වෙදගෙදර ලිපි තියෙයි සතියට දෙක තුනක්වත්.

8 comments:

  1. මාත් බය වුනා.බ්ලොගර්ලගෙ රෙපෙයාර් එකක් කියල විස්තර තිබුනට මොකක්ද කියල කියන්න බැහැනේ.මගේ පෝස්ට් බේරුනත් කමෙන්ට් කීපයක් නැතිව ගියා.

    ReplyDelete
  2. ඇත්තටම මාද අපහසුතාවයකට පත් උනා මක්නිසාදයත් වෙදගෙදර
    හරහා මා අනිත් blogs වලටද ඇතුල් වන්නේ.පසුව දැනගැනීමට ලැබුනා සිදුවූ අලකලංචිය.

    ReplyDelete
  3. බ්ලොග් අවකාශයේ දුටු ඉතාමත් මනරම් බ්ලොගයක්.අත්දැකීම් වගේම ආයුර්වේදය ගැනත් වටිනා ලිපි ලියලා අපිව දැනුවත් කරන්න.
    word verification ඉවත් කරනවා නම් කමෙන්ට් කිරීමට පහසුය.

    setting --> comments --> Show word verification for comments? --> select "no"

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි ජ්‍යොතිෂ ලංකා ඔබගේ දිරිදීම ඉතා අගය කරමි.


    ගිම්හානි ඔබ මුල සිටම මට මහා ශක්තියක් වුනා. ඔබට ස්තුතියි.

    ReplyDelete
  5. දේශීය වෙදකමට මා ඉතා ගරු කරමි.ඒ පිලිබඳ ලිපිද කියවීමට
    ඉතා කැමතිය.ඔබට පභසු අයුරින් ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  6. ළගකදී ඉඳලා ඉඩක් ලැබුන ගමන් කියවන බ්ලොග් කීපයට මේ බ්ලොග් එකත් ඇතුලත් කරගෙන ඉන්නේ..විශේෂයෙන්ම අර කිරිපිටි හා නවසීලන්තය ගැන ලිපිය තමා මට හුගක්ම අල්ලලා ගියේ...

    ඉස්සර ලක්බිම පත්තරේ ජයකොඩි කියලා බටහිර වෛද්‍යවරයෙක් ලිපි පෙලක් ලිව්වා කිරි පිටිවල ඇති විනාශනාරී බව පැහැදිලි කරලා...ඇත්තටම තව ඉස්සරහට යන්න ඕන කතාවක් ඒක..ඒත් ඒක පත්තර හරහා වෙනවා අඩුයි..මොකද හැම දේම විකිනෙන සමාජයක අර වෛද්‍යවරයා වැනි අය හිග වීමත්..ලිව්වත් පල කරන්න බඩගෝස්තරවාදී පත්තර මුදලාලිලා කැමති නැති වීම නිසාත්..ඒත් ඔබට අපට ඒකට ඉඩ තියෙනවා..එතනිනුත් ඔබට ඉඩ වගේම හැකියාව තියෙනවා..

    මම කැමතියි ඒ හිඩසෙන් ඔබ ප්‍රයෝජනවත් දෙයක් කරනවානං...

    ReplyDelete
  7. අදයි ඔබේ බ්ලොග් එක දැක්කේ. කිරිපිටි ගැන ලියවුනු ලිපිය ඉතා වැදගත් එකක් බව මගේ අදහසයි. අනගතයේදිත් වැදගත් ලිපි රාශියක් ඔබගෙන් ලියවෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මගේ සුභ පැතුම්..

    ReplyDelete
  8. ඔබට හුරු ආරය නොනසා ලියන්න...
    කොමෙන්ටු නොදැම්මත් මම නිති කියවමි...!
    ජයවේවා...!

    ReplyDelete