Tuesday, May 10, 2011

ඉන්දරා ලිදේ වැටුනට මක්කරමී. !!!!!!!!

ටික දවසකින් මට මුකුත් ලියන්න බැරි වුනා. ටිකක් වැඩ වැඩියි. මට උදේම මේක ලියන්න හිතුනේ රංග සහෝදරයගේ ක්‍රෙඩිට් කාඩ් ලිපිය දැකලා. මම කියන්නේ මෙච්චරයි.

ගහක් කොළක් නම් කප්පා ගොඩ අදිමී
ලෙඩක් දුකක් නම් හත් දා බලි අරිමී
කෙනෙක් කලා නම් පන්සිය පලි ගනිමී
ඉන්දරා ලිදේ වැටුනට මක්කරමී


තේරුනානේ, ඔන්න තේරුන අයට වැඩියෙන් තේරෙන්යි, නොතේරුන අයට තේරුම් ගන්නයි මම ටිකක් වැඩේ අල්ලල දෙන්නම්.
දැන්
පලවෙනි පදෙන් කියන්නේ මොනවා හරි දෙයක් කරනකොට ඇතිවන බාධාවක් නම්, ඒ කියන්නේ ගහක් කොලක් නිසාවන බාධාවක් හෝ වැනි දෙයක් නම් කපලා දානවා කියන එකනේ. ඕනෙම ස්වභාවික බාධාවක් අපිට ජය ගන්න හැකියාවක් තියනවා.

දෙවනි පදයට අනුව ගත්තාම ඕනෙම රෝගයක් නම් බෙහෙත් කරලා සනීප කරන්න පුළුවන් කියන එක. හත්දා බලි අරිමි කියන්නේ ඒකයි.
තෙවනි පදේට අනුව කෙනෙක් කල හතුරු කමක් නම් පන්සිය පලි ගනිමි. එනම් පන්සිය වාරයක් වුනත් පලි ගන්න පුළුවන්.
හැබැයි මොකද මේ වෙලා තියන්නේ,
ස්වභාවික විපතක්ද, නැහැ
එහෙනම්, ලෙඩක් දුකක්ද, නැහැ,
කවුරුත් කල දෙයක්ද, ඒත් නැහැ.

කවුද එතකොට මේ ඉන්දරා
ඉන්දරා කියන්නේ අපේ පංච ඉන්ද්‍රියන්.
ඒ කියන්නේ
ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස
අපි ණය වෙන්නේ මේවා පිනවන්න නේද???????
ඇස පිනවන්න ණය වෙන්නේ නැත්ද ?
කන පිනවන්න,
නාසය පිනවන්න
මේ කොයිවටත් වැඩිය අපි දිව පිනවන්නයි, ශරීරය පිනවන්නයි ණය වෙනවා නේද ?

අසෙන් මොනවද ලබන්නේ රූප ඇති වීමක් තියේද ?
නැහැ
ඇති වීමක් ඇති කරගන්න ඕනේ එතකොට ණය වෙන්න ඕන වෙන්නේ නැහැ.
කනෙන් මොනවද පිනවන්නේ ?
ශබ්ද ඇති වීමක් නැහැ.
එතකොට නාසය ඒකත් එහෙමයි. මම දන්නවා බොෂ් සුවද විලවුන් ගන්නවා සමහරු 8000/= පුළුවන් නිසානේ මට මොකද ?
ඒත් මොකක්ද ඇති වැඩේ පැය කීයද සුවද තියන්නේ මේ රස්නෙ දවස් වල.
දිව පිනවලා අන්තිමට මොකද වෙන්නේ අනේ ජීවිතේම හම්බ කරපු දේවල් මදි දොස්තරලටයි, බේත් හේත් වලටයි. ඒත් කමක් නැහැ. (කමක් නැහැ එයාලත් වාහන ගන්න. ගෙවල් හදන්නත් ඕනේ ) ඒත් ඒ සල්ලි කාටද වටින්නේ? දැන් ළමයෙක්ගේ ඉගෙනීමට කොච්චර මුදල් ඕනේද ? ඒක නේද මෙහෙම නාස්ති කරන්නේ?
එහෙනම් දිව පිනවීමෙන් වැලකිලා යම් පමණකට ජීවිතේ ගෙනියන්න ඕනෙ ගානට කනවා නම් කොච්චර වටිනවද ?
ශරීරය පිනවීමෙන් මොනවද ලැබෙන්නේ මේ කියන්නේ ස්ඵර්ෂය එහෙනම් හිතන්න මොන ඇදුම ඇන්දත් වැඩක් තියේද? එක දෙයයි ඕනේ වෙන්නේ. පිරිසිදු බවයි. ප්‍රිය මනාප බවයි නේද? තමන්ගේ භාර්යාව හැර කවුද තමන්ට ඉන්නේ මේ හැමදේම අපිට ලැබෙනවා. අපි මේ ඉන්ද්‍රය හරියට පාලනය කලොත්. මේකට මොනවද තියන්න ඕනේ ?
මනසේ පාලනය මේක තියනව නම් වෙන මුකුත් තිබිලා වැඩක් නැහැ.
සතුට තියන්නේ, රූපයේවත්, ශබ්දයේවත්, සුවදෙවත්, රසේවත්, ස්ඵර්ශයේවත් නෙමෙයි.
හිතේ නේද?
එහෙනම් හිතේ සතුට ඇති කර ගන්න හැමදේටම වඩා වටිනවා.

ජය!!!!!

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඈත්තමයි මෙ ඉන්දිරා මට අහු උනොත්.......

    ReplyDelete
  3. Tech Consult.LK
    ගොඩක් ස්තුතියි.

    ගිම්හානි......
    මෙයා ඉන්දිරා නෙමෙයි, ඉන්දරා
    අහුවෙන්න දෙයක් නැහැ. අහුනොවෙන්න අමාරුයි.
    ඔන්න ඔහේ ඉන්දරාට පාඩුවේ ඉන්න අරින්න.

    ReplyDelete
  4. සමවන්න . හාස රසය මතු කිරිමට එසේ ලීවේ.
    අපි හමොම යම් තරමකින් හො ඉන්දරාට අසුවෙල ඉන්නෙ.
    එක සත්යක්.

    ඉතා ගම්බුරු දෙයක් සරලව කියලදුන්නට ඔබට
    ස්තුතී

    ReplyDelete
  5. ඉන්දරාට අහුවුනොත් තමයි. ලිදේ වැටෙන්නේ, අපි අහුනොවෙන්න බලමු. හාස්ය හොද දෙයක්. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  6. ගහත් කොලත් නොකපා ලොව රැකගන්න
    ලෙඩක් දුකක් නම් බේතක් අරගන්න
    කෙනෙක් කළා නම් මෙත් සිත් වඩවන්න
    හැකි තැන නිසි විලස ඉඳුරන් සනසන්න

    ReplyDelete
  7. ෂහ් කමකට නැති වල්පල් පිරීගෙන එන ලියවිලි අතරේ අපූරු බ්ලොගයක්... ජයවේවා ඔබතුමාට...
    අපට කියවන්ට මෙබඳු හරවත් දේ දිගටම ලියන්ටයි ඉල්ලාද හිටිමි...

    ReplyDelete