Sunday, December 25, 2011

සුභම සුභ නත්තලක් වේවා!!!!!

නත්තල මගේ ජීවිතේට බොහෝ කිට්ටුයි. උපතින් බෞද්ධ උනු මම අවුරුදු 1-2 අතර කාලේදි පියාගේ රැකියාව නිසා වත්තලට ආවා. මේවා මට මතක නැති වුනත් මට මතක අතීතෙ හැම දෙයක්ම සිදු වුනේ වත්තල. ඒ ගැන මම ලිපියකුත් ලිව්වා.

මම විශ්ව විද්‍යාලෙ යනකම්ම ජීවත් වුනේ වත්තල. ඊට පස්සේ රටේ නොයෙක් තැන්වල කරක් ගහල දැන් ඉන්න නුගේගොඩට එන්නේ අවසාන තැන කියලා හිතාගෙන.

මගේ මිතුරන් අතර බාගෙට බාගයක් ඉන්නේ ක්‍රිස්තියානි මිතුරු මිතුරියන්. ඔබට සුභ නත්තලක්.

මගේ ගුරුවරුන් අතර වැඩියම ඉන්නේ ක්‍රිස්තියානි අය ඔබට සුභ නත්තලක!!

කුඩා කාලේදි නත්තලට අපි ක්‍රිස්තියානි අය වගේම ලෑස්ති වෙනවා. මට මතකයි අපිත් නත්තල ගස් ගෙනත් ගවලෙන් හදලා ඊට සූදානම් වෙනවා. අපේ ගෙදර ක්‍රිස්තියානි නොවුනත් අපේ දෙමව්පියෝ පලාතේ හැටියට අපිව ලෑස්ති කළා. ඔවුන් සිතුවේ පුංචි අපේ හිත් පෑරෙයි කියලා අනිත් ළමයි වගේ අපිටත් ඉන්න ඇරි වුනාම කියලා.
අළුත් අවුරුද්දට අපි හැමදාම කලේ වෙන කොහේ හරි යන එක. හැම ගේකටම කෑම බෙදලා අපි යනවා.

නත්තල ගැන මට මතක සුන්දරම සිද්ධිය තමයි 24 රෑ ඉදලා අපි අලුත් ඇදුම් ඇදලා හරියටම 12 වෙනකොට පල්ලි යන එක. අපි කවුරුත් එහෙම කලා. අපිට කවදාවත් ආගම් බේදයක් තිබුනේ නැහැ. පල්ලියේ පූජාව ඉවර වුනු ගමන් අපි ගෙදර යනවා. නිදියලා උදේම නැගිටලා ගෙදරින් පිට වුනහම අපි නැවත එන්නේ මහ රෑ. ගෙවල් ගානකින් කනවා. හැම මිත්‍රෙක්ම බලාගෙන් ඉන්නේ අපිව පිළිගන්න. ඒ මිතුරන් අද නැහැ. ලෝකෙ වටේම විසිරිලා.

මිතුරනි ඔබට සුභ නත්තලක් වේවා!!!

20 comments:

  1. ඌරු මස් නැතුව මොන නත්තලක් ද?

    ReplyDelete
  2. ඔබටත් සුබ නත්තලක් වේවා

    ReplyDelete
  3. ¸.·'★¸.·'★*·~-.¸-(★ Merry Christmas !!! ★)-,.-~*¸.·'★¸.·'★

    ReplyDelete
  4. සියළු දෙනාටම සුභ නත්තලක් වේවා..!

    ReplyDelete
  5. ලෝකෙ වටේ විසුරුණු මිතුරන් ඔක්කොම එකතු ජරගෙන ආයෙ නත්තලක් සමරන්න ලැබේවා! සුභ නත්තලක්!

    ReplyDelete
  6. මමත් පොඩි කාලෙ හිටියේ ගම්පහ පල්ලිය පාරෙ. [ටවුමෙ ලොකු පල්ලිය නෙමේ] පාරෙ නමෙන්ම හිතාගත්තැකිනෙ, වැඩි හරියක් අපේ අසල්වැසියො මොන ආගමේද කියල. කාලයක් ගියෙත් බැප්ටිස්ට් ඉස්කෝලෙකට, ඉස්කෝලේ ගීතිකා කණ්ඩායමේත් හිටිය. වෙදමහත්මයගෙ පොඩි කාලෙ වගේ තමා.

    නත්තල් සමරන සැමට සුභ පතනවා....!!!

    මම නං 'හෝම් අලෝන්' යාලුවෙක් එයාපෝට් බස්සන්න යන්න තියෙන නිසා, සමරන්න විදියකුත් නෑ.

    ReplyDelete
  7. ප්‍රීතිමත් නත්තල් නිවාඩු කාලයක් ගත කරන්න ලැබේවා!b

    ReplyDelete
  8. සුභ නත්තලක් වේවා!!!

    ReplyDelete
  9. //මගේ මිතුරන් අතර බාගෙට බාගයක් ඉන්නේ ක්‍රිස්තියානි මිතුරු මිතුරියන්. ඔබට සුභ නත්තලක්. //
    එතකොට අපි කළුද ???? නත්තල ක්‍රිස්තියානි අයට විතරද . . . ???? බෞද්ධ උනත් මම නත්තල සමරනව . . .
    ඔබ තුමාට සුභ නත්තලක් . . .

    ප.ලි.
    @ඔබ්සර්වර්:
    //මමත් පොඩි කාලෙ හිටියේ ගම්පහ පල්ලිය පාරෙ. //
    ඔය පාරෙ තිබුන පල්ලියටක "සක" තියන්න ගිහිල්ලනෙ පුංචි ඔබාව බො‍රැල්ලෙ නැවැත්තුවෙ ????

    ReplyDelete
  10. හයියෝ ඕනයා අයියා ගම කෑවා අවුලක් නෑ ඉතිං ඔන්න මාත් වෙද මහත්තයටයි කොමෙන්ට් කරන හැමෝටමයි කොමෙන්ට් නොකලත් ලෝකවාසී හැමෝටමයි සුභම සුභ නත්තලක් සහ සුභ නව වසරකට ආසිරි පතනවා....!!!!

    හැමෝටම ජය වේවා.....

    ReplyDelete
  11. ඔබටත් සුභ නත්තලක් වේවා....!!

    ReplyDelete
  12. මමත් බෞද්ධ. හැඩුන වැඩුන පරිසරය සෙරම බෞද්ධ. ඒ උනාට පොඩි උන්ට නත්තල් ගහක් හදලා, ඒකේ තෑගි එල්ලලා, ඒවා ගෙනත් දුන්නෙ නත්තල් සීයා කියලා අපේ තත්තලා අම්මලා අපිව අහිංසකව රැවැට්ටුව අයුරට අපිත් අපේ පොඩිඋන්ව අහිංසකව රැවැට්ටුවා. ඒකාලෙ අපි සතුටු උන විදිහටම අද අපෙ පොඩිඋනුත් සතුටු උනා. හෙට උන් ලොකු උනාම උන්ගෙ පොඩි උන්වත් ඒ විදිහටම රවටාවි. ඒත් අද අපි අපෙ දෙමාපියො අපිව සතුටින් තියන්න උත්සහ ගත් ආකාරයට සතුටු වෙනවා වගේම උනුත් අපි ගැන සතුටු වේවි.
    මම නම් නත්තල දකින්නේ ආගමකින් තොර සතුටට ඔබට ප්‍රීතිමත් නත්තලක් !

    ReplyDelete
  13. සුභ නත්තලක් වේවා !!!!!

    ReplyDelete
  14. හැමෝටම සුබ නත්තලක් වේවා...

    ReplyDelete
  15. මොකද අනේ මේ ඕනය/ඔබා ගැටුම?? ඕක මේ අවුරුද්දෙ ඉවර වෙන එකක්ද? ඔක්කොටම සුබ නත්තලක් !!!!

    ReplyDelete
  16. ඔබටත් ලොවැසි සියල්ලන්ටමත් සුබ නත්තලක් වේවා..ලබන්නාවු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  17. සුභ නත්තලක් මෙන්ම සුභ අළුත් අවුරුද්දකුත් වේවා!!

    ReplyDelete
  18. ඔබටත් සුබ නත්හලක් සහ සුබ නව වසරක් වේව!!

    ReplyDelete
  19. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  20. බෞද්ධයො හැටියට අපි නත්තලට දන්සැලක් දුන්නා.....!

    සුබ නව වසරක් වෙද මහත්තයට

    ReplyDelete