Wednesday, November 23, 2011

"සමරිසි" පිළිබඳ ආයූර්වේද විවරණයක්.

දැන් ටික දවසක සිට අපේ කකාත්, මාතලනුත් තවත් අය කීපදෙනෙක්ම සමරිසි කථා ලිව්වනේ. ඔන්න මටත් හැදුන මේ සමරිසි ගැන හොයන පිස්සුව. දැන් මහ වැඩ ගොඩක් අස්සේ මේ ගැන හොයනවා. ඒ අස්සේ ලෙඩ්ඩු බලනවා. බ්ලොග් එකත් ලියන්න කොහොම කොහොම හරි කාලේ හොයා ගන්නවා.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අය දන්නවා එයාලට ඉගෙනීමට අවශ්‍ය කරන වටිනා පොතක් තමයි මාධව නිදානය කියන්නේ. මේක අත් පොතක් වගේ හැම වෙලේම ලඟ තිබිය යුතු පොතක්. ලියලා තියන්නේ 6 හෝ 7 සියවස් වල ජීවත් වූ ඉන්ධුකර පුත්‍ර ශ්‍රී මාධවකර නම් පඬිවරයෙක්. විශාල ග්‍රන්ථයක්. මේ ග්‍රන්තය පිටු 1500 විතර විශාලත්වයකින් යුතුයි.

මේ ග්‍රන්ථයේ 742 පිටුවේ සිට 743 කොටසේදී සමරිසි අය ගැනත් යම් කිසි කෙටි සටහන් කීපයක් අඩංගුකර තිබෙනවා. මම මේ ලිපියේදී ඔබට පොතේ තිබෙන සංස්කෘත ශ්ලෝකවල සිංහළ අර්ථය පමණක් ලබා දෙන්නම්. ඕනෙම කෙනෙක්ට මෙම පොත බලන්න හැකියාවක් තිබෙනවා. අනිත් කාරණය මේ පොතේ අපි කථාකරන පරිච්ඡේදයේදී නොයෙක් නොයෙක් ආකාරයේ පුරුෂ ස්ත්‍රී රෝග ගැනත් සඳහන් වී තිබෙනවා. මම ඉන් සමරිසි අයට ගැලපෙන කොටස පමණක් කථා කරන්නම්.

මෙහි සඳහන් විවිධ රෝගවලින් සමරිසි ඛාන්ඩයට වැටෙන රෝග වන්නේ,


1. ආසේක්‍ය පුරුෂ.
පියාගේ ශුක්‍රවල වීර්‍ය‍ය (Quality) අඩු වීම නිසා, ආසේක්‍ය නමින් හඳුන්වන පුරුෂයා උපදී. ඒ මිනිසා අන් මිනිසෙකුගේ සප්තම ධාතුව (ශුක්‍ර) පරිහරණය මඟින් තම ලිංගික උත්තේජනය ඇති කර ගනියි. ( මෙයා එතකොට "ගේ" නේද?)

2. සෞගන්ධික පුරුෂයා.
යම් පුරුෂයෙක් මවගෙන් ලිංගික උත්තේජනයක් කුඩා කල (මේකෙ කියන විදියට නම් මව දරුවා කුසතුල සිටිත්දී අධික ලෙස ලිංගික ක්‍රියාවලට යොමු වීම.) ලබයිද? එම පුරුෂයා ඉතාමත් විකෘති වූ ලිංගික ක්‍රියා සිදු කරන්නේය. ( මේක ගේ, ලෙස්බියනුත් ඉන්නවා. විරුද්ධ ලිංගික කුමන හෝ ප්‍රශ්නයක් නැහැ. සමහර විට තිරිසනුන් සමඟ පවා මොවුන් සංසර්ගයේ යෙදෙනවාලු. ගැහැණු පිරිමි දෙගොල්ලම මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්.)

3. කුම්භීක පුරුෂ.
මේකෙන් කියවෙන්නේ ගුද ලිංගික සංසර්ගය ප්‍රිය අය ගැනයි. (ආයිත් ගේ නේද? මොහු ඇත්තෙන්ම නපුංසක වුවත් ලිංගික හැකියාවකුත් ඇති ඝනයට වැටෙන්නෙක්. මේ පොතේ කියන ආකාරයට නම් මේක ජානමය බලපෑමක්.)

4. ඊෂර්‍යක පුරුෂ.
කුඩා කල අතවරයට පත්වන පිරිමි ලමුන් එම ක්‍රියාව තම සිතෙහි තබාගෙන සිටීමෙන්, නැවත නැවත මතක් කිරීමෙන් සිදුවන මානසික විපර්යාසය නිසා මෙම පුරුෂයා ඇති වේ. මොහු නපුංසකයෙක් බවට පත් වේ. සුව කිරීමේ හැකියාව පවතිනවා. නිසි ප්‍රතිකාර, උපදේශන ප්‍රතිකාර ආදිය යෙදීමෙන් සුව වුවත් මානසික බලපෑම අනුව මොහුගේ අනාගතය තීරනය වේ.

5. ෂණ්ඪ පුරුෂ.
මෙම තැනැත්තා විකෘති කාම ආසාවන් ඇති අයෙකි. මවගේ හා පියාගේ ඩිමභ සහ ශුක්‍රාණුවල දුර්වලත්වයෙන් උපන් මෙම දරුවා කුඩා කල සිටම විකෘති කාම ඇසුරට පත් වේ. බොහෝ විට තම වෘත්තිය ලෙස ලිංගික කටයුතු වලට යොමුවේ. පුරුෂ නම් නපුංසකයෙකි. කාන්තාවන්, පුරුෂ මෙන් හැසිරෙයි.
මෙහිදී කාන්තාවක් නම් ඇය තදින් ස්ත්‍රී ඇසුර ප්‍රිය කරයි. (ඔන්න ලෙස්බියන්)

6. ද්වී රේතස ක්ලීබ පුරුෂ.
මෙම තත්ත්වයට හේතු වන්නේත් ජානමය විකෘතිතා. මෙයින් මතුපිටින් පෙනෙන ස්ත්‍රියක් ඇති වුවත් ඇයගේ ලිංගික කටයුතු පිරිමියෙක් මෙනි. ස්ත්‍රී ඇසුරට ලොල් වේ. හැම විට ඇසුරකදී පුරුෂයෙක් මෙන් ක්‍රියා කිරීමට බොහෝ කැමතියි. විවාහ ජීවිතයක් ගත කිරීමට අකමැතියි. තදින් ස්ත්‍රී ඇසුරට යොමු වුවොත් ඉන්මිදීමට නොහැකියි. (ලෙස්බියන්)

සුශ්‍රැත සංහිතාව අදට වර්ෂ 7000- 8000 පමන අතීතයේ ලියැවුනු ඉතා වටිනා ග්‍රන්ථයක්. මෙහි මෙම කරුණු ඉතාමත් විස්තරාත්මකව දක්වා තිබෙනවා. සුශ්‍රැත පිටු අංක 344- සිට 345 දක්වා මේ ගැන ලියැවී තිබෙනවා.
ඉහත අප කථාකල මාධව නිධාන ග්‍රනථය මෙම සුශ්‍රැත වැනි ග්‍රන්ථවලින් තොරතුරු එක්කර ලියන ලද්දක්. මාධවයේ කරුණු සුශ්‍රැතයේ වඩාත් විස්තරාත්මකව ලියැවී තිබෙනවා.

සුශ්‍රැතයට අනුව මෙම රෝග,

1. ආසේක, සෞගන්ධික, කුම්භීක, ඊර්ෂ්‍යක, නර ෂණ්ඩක, නාරී ෂණ්ඩක ලෙස මෙහිදී විස්තර වේ.

2. මාධවයේ සඳහන් ෂණඩ පුරුෂයා මෙහිදී නර හා නාරී ලෙස ස්ත්‍රී පුරුෂ ලෙස කොටස් දෙකකට බෙදා වඩා විස්තරාත්මකව දක්වයි.

3. ආසේක්‍ය, සෞගන්ධික, කුම්භීක, ඊර්ෂ්‍යක යන මොවුන් ශුක්‍රය ඇත්තවුන්ය. එනම් මොවුන් වඳ නපුංසකයින් නොවේ. දරුවන් උත්පාද කිරීමේ හැකියාව ඇත්තන්ය.

තවත් තොරතුරු විශාල ගනනක් සහ රෝග අවස්ථා ගනනාවක් සඳහන් වුවත් මම මෙතැනින් නවතිනවා.

මේ අනුව පේනවා, මේ සිද්ධීන් ලෝකෙ හැම තැනම තිබිලා තියෙනවා. යුරෝපයේම ඇති වූවක් නෙමෙයි. මේ සඳහන් කල අවස්ථා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ඉතාමත් අපහසුයි. ඒ කියන්නේ මේවා සමහරකට කල හැකි පිලියම් නැහැ.

සිත දියුණු කිරීම මෙවැන්නකට හොඳ පිලියමක් වුවත් මොවුන්ගේ මානසිකත්වය ඒකට මොවුන්ට ඉඩ දෙන්නේ නැහැ. හරිම කලබලකාරී සංවේදී මනසක් මොවුන් සතු වෙන්නේ.

අපි අපේ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ දරුවො පොඩි කාලයේ පමණක් නෙමෙයි. ඔවුන් ඉපදෙන්න කලිනුත් අපි ඔවුන් ගැන හිතන්න ඕනෙ.......

එහෙම නේද..........?

33 comments:

  1. ගේ.. ලෙස්බියන් පොරවල් ඒ කාලෙ ඉදලම පැවත එනවනේ....


    3. කුම්භීක පුරුෂ.

    එව්වො ගේ කියන්නම බෑ නේද ?


    ප. ලි : මේ දවස් වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක සම රිසිද ??

    ReplyDelete
  2. මම ඇහුවමයි....
    මම කාගෙද බ්ලොග් එකක කියෙව්වා ගේ එන්නේ පෙර ආත්මය ක බලපෑම් වලින් කියලා..
    මම නම් ඒ කතාව විශ්වාශ කරන්නේ නෑ..
    මේක නම් විද්‍යානුකූලයි...

    ReplyDelete
  3. අවරුදු හත් අට දාහකට ඉස්සෙල්ල පොත් ලිය වෙලා තියෙනවා කියන්නෙ, සමරිසි භාවය මනුෂ්‍ය වර්ගයාගෙ ආරම්භයෙ ඉඳලමත් තියෙන්න ඇති කියල හිතෙනව.

    ReplyDelete
  4. මහවෙදන ලග තියන පොත්වලත් නැති දෙයක් නෑ බැලුවම! මට මතකයි මම කියවපු පොතක තිබුන කාන්තාව උඩ ඉදගෙන කරන ලිංගික ක්‍රියා වලදී බිහිවන ගැහැණු දරුවන්ට පිරිමි ගති තියනව කියල.

    ReplyDelete
  5. Ma danna tharamata lokaye paranima akuru aththe 3000 BC. pamana kaalaye indan. Me kiyana Sushrutha eita pasu ekak viya yuthui.

    ReplyDelete
  6. හොඳ ලිපියක් . . . .

    "අපි අපේ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ දරුවො පොඩි කාලයේ පමණක් නෙමෙයි. ඔවුන් ඉපදෙන්න කලිනුත් අපි ඔවුන් ගැන හිතන්න ඕනෙ.......

    එහෙම නේද..........?"

    අනිවා ඩෙෆා . ..

    ReplyDelete
  7. දන්නා දෙ බෙදාහදා ගත්තට ස්තුතිය් !

    ReplyDelete
  8. ගොඩාක් වටිනා ලිපියක්. අපි නොදන්නා දේවල් කොච්චර නම් තියනවද කියලා පේන්නේ මේ වගේ ලිපි කියවපුවම.

    ReplyDelete
  9. සමරිසියන් ගැන මැදහත් ව අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා වගේම, ඉන් මුදවා ගත හැකි අය මුදවා ගැනීමත් වැදගත්.මොකද ස්වාභාවිකව ඇති වුනත් , පසු කාලීනව වෙනත් බලපෑම් නිසා ඇති වුනත් විකෘතියෙන් කාටවත් යහපතක් සිදු නොවන නිසා.

    කතන්දරගේ පෝස්ට් එකටත් මම මේ ලින්ක් එක දැම්මා. අනෙකුත් සතුන් තුලත් මේ දේ දක්නට තිබෙනවා.
    http://en.wikipedia.org/wiki/Homosexual_behavior_in_animals

    ඇත්තටම අලින් (දෙපා) දෙදෙනෙකුගේ සමරිසි (කුම්භීක ?) හැසිරීමක් මම දැකලත් තියෙනවා..

    ReplyDelete
  10. ඇත්තටම මට මේ පිලිබඳව තිබුන පිලිකුල මේ ලිපියෙන් පහ උනා . ඒ ගැන මගේ ස්තූතිය ඔබ තුමාට . හොඳින් තේරුම් ගත්ත මෙසේ සමරිසි වීමට හේතුව ..

    ReplyDelete
  11. හුටා.. ජංජාලේ.. වැරදුනා ... ලොලේ ලොල්.

    "ඇත්තටම අලින් (දෙපා) දෙදෙනෙකුගේ සමරිසි (කුම්භීක ?) හැසිරීමක් මම දැකලත් තියෙනවා.." යන්න "ඇත්තටම අලින් (සිවුපා) දෙදෙනෙකුගේ සමරිසි (කුම්භීක ?) හැසිරීමක් මම දැකලත් තියෙනවා.." ලෙස නිවැරදි විය යුතුයි...

    ReplyDelete
  12. මා ඉතාමත් සතුටට පත්වෙනවා මේ කරුණු සලකල බැලුවම මේ එක ගොඩකටවත් මා අයිති නොවීම ගැන..දෙවියන් වහන්සේ ගෑනියෙක් පිරිමියෙක් මැව්වේ ඇයි එකම ජාතියෙන් දෙන්නෙක් මවන්නේ නැතුව ?

    ReplyDelete
  13. තවත් වැදගත් ලිපියක් වෙදමහත්තයො...මමත් එකඟයි ඔබේ අදහසට...

    ReplyDelete
  14. ඔබ තුමාට බොහොම පින් අපේ අදහස තහවුරු කිරීම සඳහා මේ වටිනා සාශ්ත්‍රීය ළිපිය පලකලාට. දැන්වත් අපේ අය පිලි ගනීවී මේක ජාන විකෘති මගින් ඇතිවන ස්වභාවික දෙයක් කියලා. අපේ හමුදුරුවරුන්ට පිරුවානා පොත් වහන්සේත් එක්ක මාධව නිධානයත් පූජා කරන්න ඕන..

    ReplyDelete
  15. වසිලිස්සාNovember 23, 2011 at 2:58 PM

    ඉතාම වටිනා ලිපියක්, මේ පිලිබඳ නොදත් කරුණු ගොඩාක් දැනගන්න සැලස්සුවට ඔබතුමාට බොහෝ ස්තුත්යි.

    ReplyDelete
  16. ඔබතුමාගෙ ලිපිය ඉතා හොඳයි.
    ඔය සමරිසි සබ්ජෙක්ට් එක සාමාන්‍යයෙන් අපේ රටේත් පැවතුන සහ පවතින එකක්. ඒත් කාටවත් ඒක ගැන නිතර කතාබහ කරන්න වුවමනාවක් තිබුනේ නැහැ යම් විශේෂ අවස්ථාවකට අදාළ වුනොත් ඇරෙන්න. අහල තියෙනව ඇති “පන්සල් බය” කියල වචනයක් එහෙම.
    හැබැයි ඉතින් සමරිසි විවාහයක් ලියාපදිංචි කරනවය කියන්නෙ මට වැටහෙන හැටියටනම් කිසිම තේරුමක් නැති වැඩක්. ඒක සෝබනයක් විතරයි නේද?

    ReplyDelete
  17. ඔබගේ මෙම ආයුර්වේද විග්‍රහය ඉතාම වටිනවා.. අපිට කියවන්න නොලැබෙන කරුණු කාරණා තමයි ඒකෙ තියෙන්නෙ..

    ReplyDelete
  18. සමහරු කියනවා නේද දෙවන රාජසිංහ රජ්ජුරුවෝ දස්කොන්ව තියා ගත්තේ සමරිසි ඇසුරට කියලා ?

    ReplyDelete
  19. පොදුවේ ගත්තාම ඉතින් අපි ඔය සේරෝමලාව හැඳින්නුවේ එකම නමකින් ඉතින් මේවායේ වැඩි විස්තර දැනගත්තේ මේ වෙදමහත්තයාගේ ලිපියෙන් තමයි ..

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා නෙව ඉතින් මේක වටින ලිපියක් ..

    ReplyDelete
  20. වෙදමහත්තයා ගේ ‍රැල්ල ඉවර කරලම දැම්මද මන්ද . . . ????

    ReplyDelete
  21. නොදත් දේවල් ගොඩක් දැනගත්තා.ස්තූතියි.

    ReplyDelete
  22. සටහන අගෙයි. ඒ කාලේ ලියපුවාට අද සොයාගෙන ඇති තොරතුරු වලින් සහාය දෙන්න පුළුවන්.

    ReplyDelete
  23. ඉතාම වැදගත් දේ තමයි අන් අයෙකු ගේ හැසීරීම අපට වඩා වෙනස් නිසා ඔවුන්ට වෙනස් කොට නොසැලකීම. එයද, ජාතිවාදය, කුලවාදය, ආගම්වාදය වගේම අකටයුත්තක්.

    කොර ගහන අයට, ඇස් පෙනීම අඩු අයට, මන්ද බුද්ධික අයට, උන්මාදය ඇති අයට වෙනස් කම් කීරීම, ගැරහීමත් ලංකාවේ අපි පොඩි කාලේ සිටම තියෙන නරක වැඩක්.

    අපි කාගේත් යම් කිසි විකෘතියක් තිේ‍රන බව අමතක කරන්න එපා. ඒ කියන්නේ කිසිවෙකු සර්වසම්පූර්ණ (perfect) නොවන බවයි.

    ReplyDelete
  24. hermaphroditesල ඇත්තටම මිනිසුන් අතර සිටිය හැකිද ?????

    ReplyDelete
  25. මේ තියෙන්නේ ඇන්ටික් බඩු, මහ වෙදනා වෙලාවට එලියට දානව. තව මොනව තියෙනවද මන්ද මහ පෙට්ටගමේ!

    කතන්දර, මාතලන් ඉඳල හිටල පොඩි change එකකට වගෙ සිරා වෙනව.

    //අපි අපේ දරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ දරුවො පොඩි කාලයේ පමණක් නෙමෙයි. ඔවුන් ඉපදෙන්න කලිනුත් අපි ඔවුන් ගැන හිතන්න ඕනෙ......//
    මගෙත් කැමතිම කෑල්ල.

    සමහරු මෙය භාණ්ඩයක් වගේ විකුණන්න හදනව. මම එහෙම පිරිමියෙකුට කිව්ව සිංහලෙන්ම You can't sell your product to others, keep it your self! ඔහු මාත් සමග අමනාප ඌයේ නෑ.
    මම මෙයට අදාලව ගද්‍ය කාව්යක් ලීව කාලෙකට පෙර, එය මගේ මීලඟ post එකේ.

    ReplyDelete
  26. වටින විස්තර ටිකක් වෙද මහත්තයෝ....ජය....

    ReplyDelete
  27. වෙද ගෙදරින් තවත් හොඳ, වැදගත් වගේම කාලීන ලිපියක්. දැන් ඉතින් මේ ලිපි පෙලට අඩු බටහිර වෛද්‍ය මතය අඩංගු ලිපියක් තමා !!!

    ReplyDelete
  28. අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    ReplyDelete
  29. සංස්කෘත වතුර වගේ පුළුවන් වුණු මගේ ආතාට පිං සිද්ධ වෙන්න සම්පූර්ණ සංස්කෘතෙන්ම තියෙන චරක සංහිතාවත් සුශ්‍රැතයත් ඇතුළු වටිනා පොත් එකක් වත් ආසාවටවත් කියවන්න විදිහක් නැති මට මං ගැන දුක හිතේ.
    කොහොම උනත් බටහිරයන්ගේ වෙදකමට වඩා කොයිතරම් ඉදිරියෙන්ද පෙරදිග වෙදකම තිබිල තියෙන්නේ.
    ලිපියට ස්තුතියි.අද සිට මේ මිනිසුන් දෙස තවත් මානුෂික ලෙස බලන්නට හැකිවනු ඇත. අනිත් අතට වඩාත්ම වැදගත් වන්නේ ඊෂර්‍යක පුරුෂ කියන තත්වය ඇතිවෙන්න තියෙන අවස්ථා වලක්වා ගැනීමයි.

    ReplyDelete
  30. මෙහි එන සෞගන්ධික පුරුෂයා ගේ වෙන්න බෑ නේද? මේ ළඟදි අර හරකෙක්ක එක්ක එකතුවෙලා නඩු දැම්ම කෙනා නං ගේ නෙමේ. ගේ නොවන කුම්භීක පුරුෂ යින් ඕනි තරං ඉන්නවා. ගුද සංසර්ගය ප්‍රිය කර‍න්නේ ගේ අය විතරක් නෙමේ. අපේ ගොඩක් බැඳපු කපල්ස් ඒක කරන්න බයයි ලැජ්ජයි. මෙහිදී තවත් දෙයකි කිව යුතුයි. නපුංසක සහ ගේ අය දෙකක් කියන එක. නපුංසක කියන්නේ පැහැදිලි ලිංගික අවයවයක් නැති අය. දරුවෙක් කලලයේ ඉන්නකොට ලිංගික අවයව වැඩෙන කාලයේදී යම් කිසි විකෘතිතා නිසා සමහරු‍න්ගේ ලිංගින අවයව විකෘති වෙනවා. මෙහෙම වෙන හැමෝම සමරිසි වෙන්නෙත් නෑ. සෑම සමරිසියෙක්ගෙම ලිංගික අවයව විකෘතිවෙන්නෙත් නෑ. ඔබ නපුංසක (පොන්න) වචනය පාවිච්චි කරල තියෙන්නෙ වැරදියට. මේ වචන සිංහලට පරිවර්තනය කලාට ස්තූතිය. මෙහි ටයිටල් එක සමරිසි නැතුව sexual orientation (ලිංගික නැඹුරුව) විදියට වෙනස් වුනා නං හරි. මේකේ ළමා සේවනයේ යෙදෙන අය ගැන (paedophile) සඳහන් වෙන්නේ නෑ. ඇයි දන්නේ නැ. ඒ වගේ තවත් ගොඩක් දේවල් මේකෙ අඩුයි.

    ReplyDelete
  31. ගුද මාර්ගික සංසර්ගය ගැහැනු පිරිමි අතර සිදු වෙනවාද? එය ස්වාභාවික දෙයක්ද? එහි අහිතකර ප්‍රතිවිපාක තියෙනවාද?

    ReplyDelete
  32. හිකිස්ස්ස්.....

    ReplyDelete
  33. පුරුෂ ලිංගික ලක්ෂන ගැන ඉතා පැහැදිලි සටහනක් බව පේනවා.. ඇත්තෙන්ම කීවොත් මේවා ඉතා පැහැදිලිවම ශාරීරික ලක්ෂණ වලට වඩා මානසික ලක්ෂන බව පැහැදිලියි . උදාහරනයක් විදියට විකෘති කාම අශාවන්ට එහෙමත් නැත්නම් පසුකාලීනව ඇතිවන් බෙලහෙනතා වලට හෙතුවන්නේ කුඩා කල ඔවුන් මුහුන දෙන අත්දැකීම්මයි.
    ඇත්තෙන්ම ඉතා රසවත් සටහනක්

    ReplyDelete