Tuesday, November 15, 2011

කාරුණික ආයාචනයක්, වනිතාවනි ඔබටයි!!

මම අද ඔබට පැවසීමට යන්නේ, ඉතාමත් අනුවේදණීය කථාවක්. මෙවැනි දෙයක් ඔබත් සමග දෙඩීමට මගේ තුන් හිතකවත් නොතිබිනි. නමුත් ඊයේ රාත්‍රියේ සිදු වූ හදිසි සිද්ධියක් නිසා මේ ගැන මිනිසුන් දැණුවත් කිරීමට බැරිදැයි මගේ වෙදහාමිනේ ඉල්ලූ නිසාත් මම මෙය ඔබට කියමි. මගේ කථාව වෛද්‍ය ආචාර ධර්ම අනුව නම් මෙසේ පැවසීම එතරම් සුදුසු නැති බවද මම දනිමි. නමුත් පැවසිය යුත්ත පැවසිය යුතුය. එයින් ඔබට යහපතක් වේනම් මට ඒ සැනසීමකි.

මම මුලින්ම මේ කථාවට පාදක වූ සිද්දිය පවසා සිටින්නම්.

වෙලාව රාත්‍රී 9.30 පමණ. ස්ථානය මගේ වෛද්‍ය මධ්‍යස්ථානය.
හදිසියේ දුරකථනය නාද විය. අනෙක් පසින් කථා කලේ මා ඉතා හොඳින් දන්නා හදුනන රජයේ ඉහල පරිපාලන ක්ෂේත්‍රයේ කාන්තාවකි. ඇය බොහෝ දක්ෂතා ඇති ඉතාමත් තරුණ වියේ කාන්තාවක්. ඇය විවාහ වී දැන් ටික කලක්. නමුත් තවමත් ඇයට දරුවන් නැහැ.

දැනට සතියකට කලින් ඇය හමු වූ විට මට දැණුනේ මෙවර ඇයට එම වාසනාව ලබා ගැනීමට හැකි බවයි. ඒ වනවිටත් ඇයගේ මාසික ඔසප් දින ගනනාවකින් පමා වී තිබුනා. ඇය රාජ්‍ය සේවයේ ඉහල රැකියාවක් කලත් ඇයත් තවත් එක් කාන්තාවක්. සියළුම කාන්තාවන් මෙන් ඇයට ඇගේ දරුවෙක් අවශ්යයි. ඒ නිසාම ඇය ඒ විෂයේදී හරිම සංවේදීයී. ඉතා පොඩි දෙයටත් කලබල වෙන ස්වභාවයක් ඇගේ තිබුනා. ඒ නිසා මම හැම විටම ඇයත් එක්ක ගනු දෙනු කලේ ඉතා ප්‍රවේසමෙන්. ඇගේ සිත නොරිදෙන පරිදි කටයුතු කරමින්. මේ වතාවේ ඇගේ නියම තත්ත්වය ඇගේ සැමියාටත් ඇයටත් ඉතා කාරුණික අන්දමින් දැණුම දුන්න. විශාල කාලයක් ගෙන ඇවැසි උපදෙස් දුන්නා.

ඒ අතරයි මැගේ මේ ඇමතුම. ඇයගේ පරීක්ෂණ සඳහා අප දින නියම කරගෙන සිටියේ මේ සතියේ.

මෙන්න ඈ කියූ ඇගේ ඒ කථාව.

ඈ ඊයේ හදිසියේ කිසියම් උත්සවයකදී මුණ ගැසී තිබෙනවා ඇයගේ කාර්යාලයේ පෙර රාජකාරී කල කාන්තාවක්. එම කාන්තාව සියළු දෙනා අතර ප්‍රසිද්ධ වෙනත් අයගේ ඕපාදූප කියන හොයන කෙනෙක් ලෙස.

කෙසේ හෝ මේ කන්තාව ඇගේ පැරණි ප්‍රධානියාට බොහෝ ලෙන්ගතු කෙනෙක් ලෙස තමයි රඟපාන්නේ. මීට මාස කීපයකට කලින් තමයි මේ කාන්තාවගේ වර්ථමාන ප්‍රධානියා විවාහ වී ඇත්තේ. මේ මගේ රෝගීයාත් අර ඕපාදූප කාන්තාවත් කියන දෙන්නම මේ විවාහ මගුලටත් සහභාගී වී තිබෙනවා.

දැන් මේ කාන්තාව මගේ රෝගියා දුටු විට මහ සෙනගක් ඉදිරිපිට ඇගේ නිළය ගැනවත් නොසිතා එක විටම,
අනේ මැඩම් මැඩම්ට තමයි බැරි වුනේ බලන්න අපරාදෙනේ අපේ බොස්ගේ මැඩම්ට නම් දෙන් හරි මාස දෙකක් වෙනවා .......ආදී වශයෙන් නොයෙක් ඕපාදූප ගොන්නක් කියා තිබෙනවා. ඇයගේ මේ කථා අසා සිටි අනෙක් අයත් එක් එක් උපදෙස් දෙන්නත් කාලය කා දැමීමෙන් වන හානිය ගැන දැණුවත් කරන්නත්, තව කට්ටියක් ඇගේ ස්වාමියාට විහිළු කරන්නත් මේක අවස්ථාවක් කරගෙන තියනවා. මෙහිදී මගේ රෝගියා හා ඇයගේ ස්වාමි පුරුෂයා ඉතාමත් අපහසුතාවයට පත් වී තිබෙනවා. ඒ වගේම ඔවුන් බොහෝම මානසික කඩාවැටීමකටත් ලක් වෙලා.

ඔබ දන්නවද අවසන් ප්‍රතිඵලය.................. එදාම ඇගේ ඔසප් සෑදීම.

බලන්න තැන නොතැන නොබලා කථා කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය. මානසිකව වැටී සිටින එවැනි අයට සැලකීමේදී යම් කිසි පිලිවෙලකට ඔවුන් ඇමතීම ඉතාමත් වටිනවා.

මම කියන්නේ නැහැ ඇය මෙවර ගැබ්ගෙන සිටියායි කියා. එසේ වීමට යම් ඉඩක් තිබුනා.

හොදින්ම තේරුම් ගන්න මෙවැනි අය ඉතා සංවේදීයී. සමාජයට එන්න බයයි. ඒ ඔවුන්ව පෙලන මෙවැනි කාන්තාවන් නිසා. මම සියළුම කාන්තාවන්ට දොස් කියන්නේ නැහැ. ඉතාමත් බුද්ධිමත් අයුරින් මෙවැනි අවස්ථාවල කටයුතු කරන කාන්තාවන් මට අනන්තවත් හමු වී තිබෙනවා. මෙවැනි අයත් ඒ අතර සිටිනවා.

මෙය ඉතා සුළු සිද්ධියක් ලෙස හැගුනත්.......ඔබ් ඊයේ ඔවුන් දෙදෙනාගේ අදෝනාව අසා සිටියානම් නිසැකවම මම දන්නවා ඔබට ඇතිවන හැඟීම.

වනිතාවනි සිතන්න මේත් ඔබගේ සොයුරියක්. ඇයගේ ප්‍රශ්න ඇය විසදාගනී. යම් උපදෙසක් දීමට ඇතොත් යම් හෝඩුවාවක් දීමට ඇතොත් තැනට සුදුසු ලෙස හෙමින් සිත නොරිදෙන ලෙස කියන්න. ඇත්තෙන්ම එහෙම අය අනන්තවත් ඉන්නවා.


ඔබම සිතන්න.

(ඉතා හදිසියෙන් ලියූවක් බැවින් නොයෙක් වැරදි ඇතොත් සමාව භාජනය කරන්න.)

37 comments:

  1. කාන්තාවන්ට හොඳ අවවාදයක්. තැන, නොතැන බලා කතා කරන්ට අපේ කාන්තාවන් හරිම දස්සයි. ඒ වගේ තැනක අර කාන්තාව හැසිරුනු හැටි වැරදියි. ඒත් දරුවෙකු තමාටත් ලැබෙන්ට ඉන්නවා යැයි සිතන කෙනෙකුගේ සිත ඊට වඩා ශක්තිමක් විය යුතු නැද්ද?

    නැත්නම් මට කතාව හරිහැටි තේරුනේ නැද්ද?

    ආයම පාරක් කියවන්ට ඕනි...:D

    ReplyDelete
  2. ඕහ්! මම හිතුවේ ඇය දරුවෙකු ලැබෙන්ට ඉන්න අයෙක් කියලා.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔය වගේ ගොන් කතා කියන කාන්තාවන් කොතෙකුත් අපේ සමාජයේ සිටිනවාද? ඒ අය හිතන්නෙ සියල්ල දත්කියලා.තමන්ගෙ කුණු තියාගෙන අනුන්ගෙ කුණු හොයන අය තමයි ඔය වගෙ කතා කියන්නෙ.පව් අර කාන්තාව කොච්චර මානසිකව ඇද වැටෙන්නැද්ද? මෙහෙමත් ගෑණු ඉන්නවනෙ.හැම කාන්තාවම නෙවෙයි.

    ReplyDelete
  5. කපීකේකිNovember 15, 2011 at 1:14 PM

    සමහරවිට එයා ඒ ප්‍රශ්ණෙ නිසා ගොඩක් හෙම්බත් වෙලා ඇති මේ වෙද්දි,ඒ අතරේ මෙහෙම දේවල් කිව්වමත් මානසිකව කඩාවැටීම් ඇති වෙන්න පුලුවන්.ඔයවගෙ කෙනෙක්ට එක එක දේවල් කියන්න කලින් ටිකක් හිතන්න කියල තමා කියන්න තියෙන්නෙ.

    අපේ අල්ලපු ගෙදරත් කෙනෙක් ඉන්නව එයා ටිකක් වයසට ගිහින් විවාහ උනේ දරුවො නෑ තාම.කොච්චර දේවල් කරාද?පීටින් දරුවෙක් අරන් හදාගන්නත් කැමති නෑ.දවසක් ගොඩක් කට්ටිය ඉන්න තැනක "එන ආත්මේ වත් දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරලා බබාල හම්බ වෙන්න ඉන්න අයට කෑම හදල දෙන්න" කීව කෙනෙක්,අනිත් අයත් ඒව අනුමත කරමින් විවිදදේ කියන්න පටන් ගත්තා,මම් ඒ වෙලේ දැක්ක එයාගෙ මූණ දුකෙන් පිරිල යනව.:/

    ReplyDelete
  6. අපි අතර ඉන්න සමහර කාන්තාවෝ ඉන්නවා වෙනත් කෙනෙක්ට දරුවන් නැත්නම් අදාල කෙනාටත් වඩා අමාරුව තියෙන්නේ මේ අයට .
    …සාදයක් වැනි තැනකදී මෙහෙම මාතෘකා ගත්තාම තවත් අය ඉන්නව මේවට පෝර දාන්න . ඉතිං මේ අවස්තාවේ සිදුවෙලා තියන දේ ගැනනම් කනගාටුයි .බොහෝ වෙලාවට කාන්තාවක් වශයෙන් මාත් දන්නව සිතේ ඇතිවන හදිසි ආවේගයන් නීසා ඔසප් සිදුවීම වෙනව අනපේක්ෂිතව .මේ ඔබ කියන කාන්තාව ඉතාමත් සංවේදී කෙනෙක් වෙන්නට ඕන . ඔබ කිව් විදියට ඇය පිලිසිදගෙන සිටියානම් මොන තරම් කනගාටුදායකද ?
    …මේ ලිපි බලලවත් මේවයේ තියන බරපතලකම වටහගන්නවනම් හොඳයි අපේ කාන්තාවන් .

    ReplyDelete
  7. ඔය මාතෘකාව ගැන නම් කතා කරලා වැඩක් නෑ, අපේ කට්ටිය හරි දක්ශය් ඔය ගැන් උපදෙස් දෙන්න නම්. ඉන්නෙ කොතනද බලන්නෙත් නෑ, කතා කරන්නේ කාටද තමන් එතන හිටියා නම් තමන්ට කොහොම දැනේවිද මේ කිසි දෙයක් හිත්න්නේ නැ. ඔහේ වක්කඩ කැඩුවා වගේ කියවනවා. මම පෞද්ගලිකව ඔය තත්ත්වයට මුහුන දීපු කෙනෙක් විදියට මම හොඳටම දන්නවා එකේ වේදනාව.

    විවාහ වෙලා වසරක් වත් ගත වෙන්නට පෙර මගේ පලමු හීනය නොසිතූ අයුරින් බොඳ වෙලා ගියා. ඔය සියල්ල දත්ලා මගේ සැමියාගේ මානසිකත්වය සුනු විසුනු කලා. අපි පුදුම පීඩාවකට පත් උනේ. වාසනාවකට දෙවියෙක් වගේ doctor කෙනෙක් අපිට මුන ගැහුනේ. නැත්නම් අද ....

    ReplyDelete
  8. ඔය කතාවට ටිකක් සමාන කතාවක් මගේ නෝන ලගදි මට කිව්වා. එයාගෙ ස්ටාෆ් එකේ වැඩකරන කාන්තාවක් ඉන්නවලු අවු.40 වැඩි. මෙයාටත් ළමයි නැහැලු.(ඇත්තටම කිවුවොත් ළමයි ලැබෙන්නෙත් නැති ගැටළුවක් තියනවලු). මාස දෙක තුනකින් මාස් ශුද්ධිය සිද්ධවෙලා නැතුව මෙයා හිතාගෙන ඉදල තියෙන්නෙ තමන් ගැබ්ගෙන කියල. මෙතනදි වෙලා තියෙන්නෙ තමන් තමන්වම රවටාගැනීමේ තත්වයක්(මාණසික රෝගයක් වගේ). මේ අතරෙ ඉස්පිරිතාලෙට ආව කලබල රෝගියෙක් මෙයාට ගහල. ඊට පස්සෙ ‍දවසක මෙයාට මාස් ශුද්ධිය සිද්ධ වෙලා. ඉතින් මේ කාන්තාව හිතල තියෙන්නෙ පහරදීමට ලක්වීම නිසා දරුගැබ විනාශවුනා කියලයි.ඒ නිසා එයා මාණසිකව ඇදවැටීමකට ලක්වෙලා කියලයි කිවුවෙ. ඔබ කියන කතාවත් ඒවගේ තමයි.

    ReplyDelete
  9. මමයි හාමිනේයි දෙන්නත් ඇහුව නෙව ඔය විදියෙ කතා කාලයක්ම . . . හැබැයි මමනං ඔය වගේ කතා කියන අයට මූනටම බනිනව . . . ඒ යාලුකං නැතිවෙන එකමතමයි හොඳ . . . .

    ReplyDelete
  10. කාන්තාවන්ගෙ කතාවක් හන්දා මම මොකුත් නොකිය අනිත් අය කියන දෙවල් විතරක් අහගෙන ඉන්නම්

    ReplyDelete
  11. ගොඩක් වැදගත් කතාවක් කියලා තියෙන්නේ. කියන්න ඕන ඔක්කොම පෝස්ට් එකෙයි කමෙන්ට් වලයි කියවිලා තියෙන්නේ. ගෑනියෙක්ගේ දුක තවත් ගෑනියෙක්ට තේරෙන්නේ නැත්තන් ඉතින් උන් ගැන කතා කරලා වැඩක් නෑ. ඔය වගේ උන්ට ඕන ද ස්පොට් හොඳ තිත්ත කුණුහරප දෙකක් කිව්වනම් කතාව ඉවරයි.

    ReplyDelete
  12. කතාව නම් බොහොම වටිනවා වෙද මහත්තයෝ! ඔය කියන දේවල් මටත් මගේ හාමිනේටත අනන්තවත් මූණ දෙන්න උනා කසාද බැඳලා අවුරුදු කීපයක් යනකන්. අන්තිමට ලංකාව අතහැරලා එන්න උනෙත් හාමිනේට තිබුන මානසික පීඩනය නිසා. මට නම් 'ළමයි නැද්ද?" කියලා අහන එවුන්ට කිව්වේ "නෑ උන් තාම .....ටේ" කියලා. මෙහෙට ආවට පස්සේ තමයි නිදහසේ ඔය ප්‍රශ්ණෙට පිළියමක් හෙව්වෙත් කනක් ඇහිලා ජීවත් වෙන්න පුළුවන් උනෙත්.

    ReplyDelete
  13. සමහර අයට පුරැද්දක් විදියට කොහේදි හරි මුණ ගැහුණහම කතා කරන්නෙම අඩු පාඩුවක් ගැනමයි.
    නිතර හම්බවෙන අය මට හැමදාම කියනවා අයියෝ කෙට්ටූ. මොකද අනේ ඔය තරම් කෙට්ටු වෙලා කියලා. ඒ වෙලාවට මං එක්කෝ නෑහුනා ගානට ඉන්නවා. නැත්නම් මම කවදද මහතට හිටියේ කියලා අහනවා.
    අපි එහෙම හිතුවට තමන්ගේ අඩුපාඩුවක් ගැන කියද්දී මානසිකව වැටෙන සෑහෙන්න පිරිසක් අපි අතර ඉන්නවා. ඒක නිසා හැමෝම වචනයක් කතා කරන්න කලින් දෙපාරක් හිතන්න පුරැදුවිය යුතුමයි.

    ReplyDelete
  14. අපේ සම හරක් අතරේ අනවශ්‍ය විහිළු අනන්තයි. නමුත් උසස් නිලයක් දරණ කෙනෙක්නම් නොසැලෙන මනසකුත් තිබුනනම් තමයි වටින්නේ. ලංකාවේ වැරැද්ද ඕකයි. උගත් උනත් බුද්ධිමත් උනත් ඒ පොතේ දැණුමෙන් පමණයි. අනිත් කරුණු වලදි තවමත් ගෝත්‍රිකයි. නැවත් ප්‍රතිකාර කිරීමට පෙර මානසිකව ශක්තිමත් කරන්න. අඩු ගානේ ජෝක්ස් දාන ඒවුන්ට අනිත් පැත්තට කියන්න උගන්වන්න. අහිංසක කමට, වැදගත් කමට ජීවත් වෙන්න පුළුවන් රටක් නොවේ මේ කියන දේ වටහා දෙන්න.

    ReplyDelete
  15. අපේ මිනිස්සුන්ට ඉතින් අනුන්ගේ මඟුල් මනේ...

    නොබැඳ ඉන්න කෙල්ලෙක් දැක්කොත් බඳින් නෑද්ද... බඳින් නෑද්ද... ඊට පස්සෙ ළමයෙක් ළමයෙක්.. අනේ අපේ මිනිස්සුන් නම්...

    ReplyDelete
  16. හපෝ කියල වැඩක් නැහැ අපේ අයගේ ඕපාදුප සෙවිල්ල. තමන් කියන දෙයින් අනික් කෙනාගේ හිත කොච්චර රිදෙනවද කියල හිතන්නේ නැද්ද, එහෙම නැත්නම් ඕනේ කමින් එහෙම රිද්දල සතුටු වෙනවද කියල හිතාගන්න බැහැ.
    ගැණු ළමයෙක්ට ඉතින් 20 ගණන් වෙද්දී ඉඳල හමාරයි. ඊට පස්සේ බඳින්නේ නැද්ද - ඇයි බඳින්නේ නැත්තේ - තාම නැද්ද හොයාගත්තේ - අපෝ අපි නම් ඔය වයසේදී ළමයිනුත් හදල- අරකද මේකද පුදුම අමාරුවක්. මම පුද්ගලික ව ඔය අත්දැකීම ලබල තියෙනවා.
    බැන්දට පස්සේ බබෙක් නැද්ද අහනවා. අනුන්ගේ දේවල් මෙච්චර මොකට හොයනවද.
    වෙන මොනවා නැතිඋනත් මට මේ ඉන්න රටේ ඔන්න ඔය නිදහසේ ඉන්න බැරි ප්‍රශ්නේ නම් නැහැ.

    ReplyDelete
  17. ඕපාදූප කේලම් සහ හිස් කතා...
    යන මේ සියල්ල හානිකර දේවල්.
    අපි හැමෝම මේවට නොදැනීම යොමු වෙනවා...
    ඒකෙන් මිදීම හොඳයි.

    ReplyDelete
  18. ඔහොම හැසිරෙන සමහර අයගේ ළමයිගේ තාත්තලා එක්කෙනෙක් නෙවෙයි.මේ දෙයට පමණක්ම නෙවෙයි, අපේ අයට තියෙන මානසික ලෙඩක් අනුන්ගේ අඩු පාඩු සොයා පාච්චල් කිරීම. අර පොල් පරාල කතාවත් තියෙන්නේ. බොහෝ දෙනා ඒ වගේ හැසිරෙන්නේ හීනමානයත් ඊර්ෂ්‍යාවත් නිසා.

    සුළුවෙන් වුනත් ඔහොම හැසිරෙන පිරිමිත් නැතිවා නෙවෙයි. සමහර විට උන දෙමුහුන් කොටළුවෝ වෙන්න ඇති..

    ReplyDelete
  19. ලංකාවේ ගෑනුන්ගේ හැටි නෙ!උන්ගෙ වැඩක් කරගන්න ඇරෙන්න අනිත් උන්ගේ ඕනම රෙද්දක් හොයන්න වෙලා තියනවා!

    ReplyDelete
  20. We have same type of issue doctor.Can ou give me your email address and contact no.
    Thanks
    Prasanna from UK

    ReplyDelete
  21. ඔය දැක්ක ගමන් "අපෝ කෙට්‍ටු වෙලා එහෙම නැත්නම් හරීයට ඔයා මහත් වෙලා" කියන කතාව නම් ගැහැණු අය වැඩි දෙනෙක් කියන කතාවක්. දැඩි මානසික පීඩනය නිසා ඇයට ඒ සිදුවීම වුනා වෙන්නත් පුලුවන්.
    මැණික්

    ReplyDelete
  22. අවස්ථානු කුලව වැඩ කිරීම තමා වැදගත්....

    ReplyDelete
  23. දයාබර වෙද මහතානෙනි,
    ඔබගේ බ්ලොගය කීප වතාවක් කියවා ඇතත්, කමෙන්ට් කරන්නේ අදයි. අඩන්ගු කරුණුත් ලියන ශයිලියත් සිත් ගන්නා සුළුයි. භාශා විලාශය ශිශ්ඨයි. හැම ලිපියකම ජීවිතයට ගත යුතු දෙයක් තිබේ. ඔබට ස්තුතියි!!

    සරෝජා

    ReplyDelete
  24. වෙදමහත්තයො..බොහො ගැනූ ඔහොම්මමය...ඔබගේ ලිපිය කියවු පසු මා සංවෙගයටත් කොපයටත් පත්විය...යමේකුගේ අසරන තාවය දුටුකල විකෘතී මනසකින් සතුටුවන තවත් මවක්..ඇත්තේන්ම මාතෘත්වයට කරන්නේ නිගාවකි.

    ReplyDelete
  25. මමත් මේ වගේ කතාවලට මුහුණ දීපු කෙනෙක්... අපි බැන්දෙ දෙන්නටම අවු:24ක් වෙද්දි නිසා තීරණය කළා ටික කාලයක් යනකම් දරුවො හදාගන්නෙ නැතිව ඉන්න.... ඕක අපට හැමතැනම කිය කිය යන්න බැහැනෙ.... ඉතින් සමහරු හිතුවෙ අපිට ළමයි නෑ කියලා.... ඒ කාලෙ හිත රිදෙන්න අහගත්තු කතා අනන්තයි... මගුල ගෙයකට ගියත් එකයි, මළ ගෙදරකට ගියත් එකයි..... මට විතරක් නෙවෙයි.... මහත්තයටත් කියනවා.... බැරිම තැන දරුවෙක් හදාගන්න දරපු පළමු උත්සාහයෙදි මාස දෙකකින් දරු ගැබ ගබ්සා උනා.... අද මං ලස්සන කෙළි පැටික්කියො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්... ඒත් ඔය අතරතුර මං විඳපු මානසික වේදනාවල් අනන්තයි, අප්‍රමාණයි.... ඒ නිසා වෙද මහත්තය කියපු කතාවෙ ඒ අම්මගෙ හිත මට හොඳට තේරුම් ගන්න පුළුවන්....
    අපේ රටේ සමහර මිනිස්සුන්ට ඉතින් කාගෙ හරි හිත රිදෙන දෙයක් තියෙනව කියල තේරුනොත් ඒක ආයුධයක් කරගන්නවා අර කෙනාගෙ හිත රිද්දන්න......
    අනේ මේ කතාව කියවපු ඒ විදියෙ දේවල් කරන එක්කෙනෙක් හරි ආයෙ එහෙම නොකරන්න තීරණය කරනවා නම් ඒකම ඇති... වෙද මහත්තයට බොහොම ස්තුතියි....

    ReplyDelete
  26. ( මේ සටහනට අදාල නැත )

    මෙන්න කෙනෙක් මහ වෙදනා ගැන කවි පන්තියක් ලියලා.
    දුටුවාද ?

    http://prarthana-nimnaya.blogspot.com/2011/07/blog-post_28.html

    ReplyDelete
  27. මේ නම් වෙන වෙදෙක් බව මට පෙනෙන්නේ
    …එයනම් සහතිකෙන් කිවහැක ලමයිනේ
    …වෙදනගේ පින්තූරේ ඉහලින් පෙනෙන්නේ
    …ගති ගුණ සමකල හැකියයි සිතන්නේ

    ReplyDelete
  28. මගේ හිතවත් මිතුරු මිතුරියනි,
    ඔබ සැම මගේ ලිපි කියවීමෙන් මෙනම කමෙන්ට්ස් දැමීමෙන්ද මට ලබා දුන් ශක්තිය අපමණයි. මම රැකියාවන් දෙකක් කරන ගමන් ඉගෙන ගන්නා කෙනෙක්. ඒ අතර මගේ රෝගීන්ගේ අනන්ත අවශ්‍යතා සඳහා නිතර දුරකථනයෙන්ද, ස්කයිප් මාර්ගයෙන්ද මාහා සම්බන්ධ වෙනවා. නමුත් අද වෙනතෙක් මම කිසිවෙක් මඟ හැර නැහැ. හැම වෙලාවෙම පිලිතුරු දෙනවා. මම ලංකාවෙන් පිට ගියත් මගේ දුරකථනයෙන් මම ඔවුන් හා සමබන්ධ වෙනවා. මේ කිසි දෙයක් මම මහන්සියක් ලෙස සිතන්නෙ නැහැ.

    ඒ අතර මේ මෑතක සිට මට දැන් තවත් රාජකාරියක් පැවරී තිබෙනවා. ඒ තමයි ඔබට ලියන එක. ඒක මම ඉතාම ආසාවෙන් කරන්නේ. ලියන්න මුලින්ම සිතද්දිත් මම සිතුවෙ නැහැ මාව මෙතරම් පිලිගනී කියලා. නමුත් ඔබ හැම තුල නියම ලාංකිකයෙක් ජීවත්වන නිසා ඔබ මට ඉතා හොඳ විවේචන කලා. මා ඉන් බොහෝ දේ ඉගෙන ගත්තා. අද මගේ දිවියේ ඉතාමත් සතුටු දිනයක්. මම ඔබට ඒ ගැන පසුව කියන්නම්.

    මට අද බොහෝ අවිවේකී ඇවින් වෙන වෙනම කමෙන්ට් වලට පිලිතුරු දීමට කාලයක් නැතත් "ඔබ හැම මගේ ශක්තියයි. පසු වී හෝ ඔබ වැනි මුතුරු මිතුරියන් බොහෝමයක් හඳුනා ගැනීමට ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා."

    ඔබ මගේ අවසාන ලිපියට දුන් කමෙන්ට්ස් වලින් මට හැගීයනවා ඔබ මා කියූ දේ තේරුම ගත් බවත් මම කියූ දෙයින් ප්‍රයෝජනයක් සිදූ බවත්.

    "ඔබට ස්තුතියි"

    ReplyDelete
  29. .
    පිළිතුරු කවියකින් දෙන්නට මට සිතුනා
    දැනගත් දිනේ සිට අපහට දැනුමක් දුන්නා
    මිල මුදලට නොවේ මිනිසත් කම පෙන්නා
    රටක් වටින මිනිසෙකි අපෙ මහ වෙදනා

    බ්ලොග් අවකාශේ මිතුරන් සැමදෙන වෙනුවෙන්
    ආසිරි පතමි මේ ලෙස අද මම කවියෙන්
    යන්නට ඔබේ ජීවිතේ සැමදා දිරියෙන්
    අප සිත් සදා බැඳිලා ඔබ හා බැතියෙන්

    ReplyDelete
  30. මං දන්නා පරිදි ද ලංකාවේ ගෑනුං ගේ වැරදි හොයන්නෝ ගෑණුමය!
    හරිම දුකයි ඒ ගැන හිතන කොටත්.

    ReplyDelete
  31. පෝස්ට් එකෙන් සහ කොමෙන්ට් වලින් කියන්න ඕනෙ සියල්ලම කියා ඇත.

    ReplyDelete
  32. Sir need to get some medical advice from you please mention your adress or phone no

    ReplyDelete
  33. මම වනිතාවක් නොවන නිසා වැඩි කතා නැතිව
    කියවා බලා පිටව යන්නම්

    ReplyDelete
  34. අපේ ඉස්සරහ ගෙදර ආවිවිත් ඔය වගේ ..අනේ ඉතිං ගෙවල් හැදුවට තාම මොකුත් නෑනේ ද කියල අහනවා...හික් හික් ...එකට දෙකක්ම දැං ඉන්නවා..දැං කියනවලු අනේ ඉතිං මේ ලමයි දෙන්නත් දාලා මහත්තයා රට නේද කියලා...

    ReplyDelete
  35. මට ඔබ තුමාව මුන ගැහෙන්න අවශ්‍යයි. ඔබ තුමා කැමති නම්, වෙද ගෙදර ලිපිනය/දුරකථන අංකය 'lakmalp at gmail dot com' ලිපිනයට හෝ ඔබ තුමාගේ 'user profile' හි හෝ සඳහන් කරන්නේ නම් පිං.

    ReplyDelete
  36. mamath oya prashnen hariyata duk wedina kenek.....minissu anith ayage hithridena aka gana hithannemana.......

    ReplyDelete