Tuesday, July 19, 2011

නැවතත් වෙදගෙදරට....................

ජූලි 05 පස්සේ මට ඔබට ලියන්න බැරි වුනා. ඒකට හේතු වුනේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හේතු වන ආයුර්වේද එක්ස්පෝ 2011 ප්‍රදර්ශනය නිසයි. එහි ප්‍රචාරක කටයුතු කීපයක්ම කලා. දැන් ඒක ඉවරයි. නමුත් බොහෝ අත්දැකීම් ලබාගත්තා. විශේෂයෙන්ම රටවල් 20 පමන සහභාගි වුන නිසා විශාල පිරිසකට අපි අපේ රටේ ආයුර්වේද විද්‍යාවේ තත්වය පෙන්නුවා. බොහෝ සුභවාදී අරමුණු අපිට තිබුනා. ඒ හැමදෙයක්ම 100% නොවුනත් යම් ප්‍රමාණයකට කරගන්න අපිට අවස්ථාව ලැබුනා.

විදේශිකයන් අපි ඉන්න තත්වය ගැන බොහොම පුදුම වුනා. අපිට තව ගොඩක් දුර යන්න තියනවා. අපි ගොඩක් දේ තේරුම් ගත්තා. මේ වැඩේදි මම දැකපු දෙයක් තමයි යමක් කරන්න ඕනෙනම් ඒ ඕනකම විතරක් ඇති ඒ දේ ඉටු කර ගන්න පුළුවන්.

මම විශේෂයෙන් රට වෙනුවෙන් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මගේ ගුරුවරයෙක්, මිත්‍රයෙක්, සහෝදරයෙක් මෙන් ඉන්න වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමා. මේ රට වෙනුවෙන් ලොකු සේවයක් කලා. ඔබ අපිට ආඩම්බරයක් අයියේ.

අනික් කාරණය තමයි අපි දකින හීනේ ඒ කියන්නේ මේ රටේ වඩාත් ප්‍රචලිත වෛද්‍ය ක්‍රමයක් බවට ආයුර්වේදය පත් කර ගැනීම. අපිට තව ලඟ සිහිනයක් බව තේරුනා. ඇත්තටම ඒක දැන් නම් සිහිනයක් නෙමේ. ඒත් ඉතාමත් දුෂකර වෑයමක් බවනම් හොදටම පැහැදිලි වුනා.

මේ රටට ආදරය කරන බටහිර වෛද්‍යවරු විශාල ගනනක් අපිට තිරෙන් පිටුපස සිට තමන්ගේ සහාය ලබාදුන්නා. ඒ අය දැනට එහෙම සිටීම ඒ අයගේ ආරක්ෂාවට හොඳයි. නමුත් ඔවුන් දනක අප හා එක්වන බව නම් විශ්වාසයි. අපිට අවශ්‍ය වන්නේ මේ හැම වෛද්‍ය ක්‍රමයම එකට ඉගෙන ගෙන එකට වැඩ කරන වෛද්‍යවරු හදන එක. ඒකතමයි. අපි වගේ රටවලට මේ බහු ජාතික බූවල්ලන්ගෙන් ගැලවෙන්න තියන එකම මඟ.

ඔබට ලිපි ලිවීම මම ඉක්මනටම පටන් ගන්නවා. තවත් මට කියන්න දේයක් තියනවා. මම මේ ලියන දෙවල් ගැන මම 100% වග කියනවා. ඔය හැම දෙයක්ම ලියන්නේ යම් යම් පොත් පත් අනුව රෙෆරන්ස් තියාගෙන. යම අයෙක්ට ඒ ගැන සැකයක් තියනවා නම් මට දන්වන්න. මම අවශ්‍ය තොරතුරු දෙන්නම්. මම ලියන මාතෘකා තියන්නේ කීපයක් පමණයි.

1. ආයුර්වේදය
2. බෞද්ධ දර්ශනය
3. ඉතිහාසය
4 විද්‍යාව

මෙයිට අමතරව ඉද හිට හපන්කම් පුරසාරම් මෝඩකම් ගැනත් ලියවෙයි. කොහොම හරි මෙපමනයි. දනන දේ විතරයි. නොදන්න දෙමල මට වැඩක් නැහැ. සැක සංකා තියන බව මට තේරෙනවා. ඒගැන මගෙන් අහන්නැතුව මම උත්තර දෙන්න අවශ්‍ය නැහැ.
අදට මෙපමණයි. ඉක්මනටම ලියනවා.

හෙටම............

13 comments:

  1. වෙල් කම් බැක් කිව්ව.. වෙද මහත්තයට කියන්න.. දැන් වෙළඳ පොලේ.. විශේෂයෙන් සුපර් මාකට් වල තියෙන තෙල් බෙහෙත් බීම නැගලම යනව.. සුද්දොන්ට දීල ඇරිය උනුත් හොඳ කියනව..

    ReplyDelete
  2. ආං... වෙද අයියා ආයෙත් ඇවිල්ලා... සතුටුයි සතුටුයි... ඔබතුමාගේ පරමාර්ථ ටික ඇහුවම ඊටත් සතුටුයි... සිය රට දේ සිරි සැප දේ කිව්වලු... මේක හොඳට කරමු... දෙන්න පුළුවන් උපරිම සහය මගෙන්... ජයවේවා !!!

    ReplyDelete
  3. "සැක සංකා තියන බව මට තේරෙනවා. ඒගැන මගෙන් අහන්නැතුව මම උත්තර දෙන්න අවශ්‍ය නැහැ."

    ඇත්ත කතාව. 'ආතල්' ගන්න අය ආතල් ගත්තාවෙ. ‍ඔබ ඔබේ කාර්යය දිගටම කරගෙන යන්න. සුබ පැතුම්!!

    ReplyDelete
  4. පොත් පත්තරවල නැති බොහෝ කරුනු ඔබ තුමා අපිට කියා දුන්නා. අපිට ඒ කරුනු තියෙන්නේ මොන පොතේද කියන එක දැනගනීමට අවශ්ය වන්නෙත් නෑ. එවා ඔබගේ අත්දකීම් එක්ක එන කරුනු හා බොහෝ පත පොත අසුරෙන් ගත් දේවල්. ඉදිරියෙදිත් ඔබතුමාගේ සභයෝගය බලාපොරොත්තු වෙනවා...අපිත් දිගටම සභයෝගය දෙනවා...
    ජය!!!!

    ReplyDelete
  5. සත්සරණිJuly 19, 2011 at 2:16 PM

    ගරු වෛද්‍යතුමනි, මම ඔබේ ලිපි නිතර ආසාවෙන් කියවන පාඨිකාවක්මි. බටහිර විද්‍යාව පමණක් හිසින් ගෙන මංමුළාවූවන්ට ඔබතුමා වැනි විශිෂ්ඨ වෛද්‍යවරයන් කරන සේවාව නොපෙනේ. වෛද්‍ය එලියන්ත වයිට් මහතාද ඔබ වැනිම මෙසේ බටහිර විද්‍යාව හිසින් ගත්තවුන්ගේ ගර්භාවට ලක්වූ එහෙත් අති විශිෂ්ඨ වෛද්‍යවරයෙකි. එතුමා ගැන බොහෝ විස්තර මම මේ ලිපිය කියවා උගතිමි. අනෙකුන්ගේද ප්‍රයෝජනය පිණිස මෙහි පළ කරමි. http://dr-eliyantha-white.blogspot.com

    අපට වෛද්‍ය උපදේශ ලබා දීමෙන් ඔබ කරන මෙහෙය අගයන අතර ඔබේ ඉදිරි ගමනට සුභ පතමි.

    සත්සරණි

    ReplyDelete
  6. ඒත් අපි බැලුව මොකද තවත් නැත්තෙ කියල.

    ReplyDelete
  7. ඔබ තුමා නැවත බ්ලොග්කරණය ආරම්භ කිරීම අනිවාර්යයෙන් අපි සියලු දෙනාටම සතුටක්. ඔබතුමන් කියන අසීරු ඉලක්කය ඉතාම වැදගත්.මට තේරෙන හැටියට හැමදේටම බහුතරයගේ චින්තනය වෙනස් කිරීමත්, දේශීය වෛද්‍ය විද්‍යාව නවීකරණය කිරීමත් දෙකම අත්‍යවශ්‍යයි. අනිත් අතට ඔබතුමාලා මේ හැකි අයුරින් කරන්නෙත් ඒකම කියලා ඉතා පැහැදිලියි.සෑම දේටම සුභ පතනවා.

    ආයුර්වේද එක්ස්පෝ ගැන දැනගත්තහම අනුමාන කළා අනිවාර්යයෙන් ඔබතුම එතන වෙන්න ඕනි කියලා. :)

    ReplyDelete
  8. ඔබතුමාගේ නැවත පැමිණීම ගැන බොහෝම සතුටුයි. ආයුර්වේද එxපෝ ...කලින් වතාවේ සහබාගී උනත් ..හරිම කනගාටුයි මේවතාවේ බලන්නවත් යන්න උනේ නැහැ.

    ReplyDelete
  9. ආර්යුවේද එක්ස්පො වැනි අවස්ථාවල දී ඊට කළින් දැනුම් දීමක් කරත හැකි නම් අගෙයි. අද අන්තර්ජාලය මඟින් වියදමක් නොදරා මෙහෙ තියන ව්‍යාපාරික හා සමිති සංවිධාන වල‍ට දැනුම් දෙන ඇඩ් එකක් යැවීම පහසුයි. පිටරටක කෙනෙකුට කල් තියා දැනුම් දීමෙන් එන්න හැකියාව වැඩියි. හැම වසරක දී ම එකම කාලයක දී පැවැත්වෙනවා නම් ද වඩා පහසුයි.

    2004 දී ලංකාවට පැමිණි මෙහි alternate therapy බඩු කඩයක් පවත්වා ගෙන යන කාන්තාවක් දේශීය නිෂ්පාදන මෙහෙට ගෙන්වන්න හදාගන්න පුදුම මහන්සියක් යෙදුවා. ඇයට හමුවක් දෙන්නවත් දේශීය ආයුර්වේද නිෂ්පාදන කරන අය කැමැත්තක් දැක්වූයේ නැහැ.

    ඊ ළඟ වතාවේ දී මටත් දැන්වීමක් එවන්න. මෙහෙ අයට යවන්නම්..

    ReplyDelete
  10. බොහෝ බටහිර වෛදවරු කැස්ස හෙම්බිරිස්සවට බොන්නේ පස්පන්ගුව; තමාගෙන් බෙහෙත් ගන්න එන කෙනාට දෙනවා පාට පාට පෙති හැටකුයි, බොන්නට පැනියකුයි, ලේ වාර්තාවක් ගන්න තුන්ඩුවකුයි, ලොකු බිලකුයි.....
    දේශීය වෛද්ය ක්‍රමයේ මහිමය ගැන කුමන කතාද?

    (හැම ලෙඩකටම පස් පංගුව බීමෙන් සුවවේ යන්න මෙයින් නොහැඟේ, බටහිර වෛද්ය ක්‍රමය දායාද කල ශක්තිය අවප්‍රමාන නොකෙරේ)
    විශාලම පින්තූරය දකින්නට මේ දෙගොල්ලන්ටම මග පැදිය යුතුය, මන්ද මොවුන් දෙගොල්ලොම ගොඩගන්න යන්නේ ලෙඩ්ඩු බැවිනි.

    වැසිකිලියක් සැදීමෙන්, කානුවක් පිලිසකර කිරීමෙන්,කොපමන ලෙඩ වලක්වා ගත හැකිද මේවාට දොස්තරලා අවශය් නැත. මේසන් කෙනෙකුට කල හැකි වැඩය.
    මේසන් කාර්මිකයන් කරන්නාවු වැදගත් කාර්යයේ තරම ඔවුන් දන්නේ නැත,
    ඔහුගේ ගෙදර හැම වතුරම පිලිකන්නට ගලාගොස් එකතුවී පල්වී ගඳ ගසමින් මැස්සො මදුරුවො පනුවෝ බෝවෙන්නේ ඒ නිසාය.
    වෙලාවට නෑමෙන්, කැමෙන් කොපමන් ලෙඩ වලක්වා ගත හැකිද?
    එයට අවශ්ය, දැනුම දෙමව්පියන්ට ලබාදීම්ය.

    පිටකොටුවේ බස් නැවතුම් පලේ ඇති ගෙවන වැසිකිලිය ඇතුලු වැසිකිලි මොන අපායවල්ද?

    ReplyDelete
  11. මාතලන්,
    තැන්කිව් වේවා සහෝදරය. ඔව් ඔව් දැන් ඔක්කොම අනිත් පැත්තට. මේක හොද ප්‍රවනතාවක්, අපි අපේ දේ ප්‍රමෝට් කරන්න ඕනෙ. ඔය පැණි බීම කොයිවත් වැඩිය හොද නැහැ.

    චතුරංග,
    බොහොම ස්තුතියි!!
    ඔබ වැනි අයගේ අගය කිරීම් මම ඉතාමත් නිහතමානීව පිලිගන්නවා

    ඇනෝ 01,
    බොහෝම ස්තුතියි!!
    අපි සැලෙයි ඕවට එහෙම නේද? ටිකක් අමාරු වෙයි. ඔබගේ සහාය මට මහමෙරක් තරම්.

    ගිම්හාණී,
    බොහෝම ස්තුතියි. ඔබ මගේ වටිනාම විවේචිකාවක් ඔබ කියන ඕනෙම වරදක් මම පිලිගන්නවා. මොකද මම දන්නවා ඔබලා මගෙන් බලාපොරොත්තුවෙන දේ? මම හිතන්නේ ඒ ගැන විතරයි.

    සත්සරණී,
    ගොඩක් ස්තුතියි!!

    ගලායන ජීවිතය,
    එනවා එනවා පන තිබෙනතාක් බ්ලොග් එක ලියනවාමයි. ඔබ වැනි මිතුරු මිතුරියන් කිසිදා අමතකවෙන් නැහැ.

    ඉඳුනිල්,
    ඔබත් මගේ සහෘදයෙක් මම දින ගනනාවක්ම හිටියේ ප්‍රදර්ශනයේ. ආවනම් මට මුණ ගැසෙනවා.

    ඇනෝ 02,
    බොහෝම ස්තුතියි!
    අනිවා ඊලඟ සැරෙත් මම ඉන්නවා. අපි හමුවෙමු.

    අරුණි,
    ඔබ කියන්නේ ඇත්ත. නමුත් අපි දැන් දන්නවා අපි කරපු ලොකුම වරද තමයි ප්‍රචාරණය මදි වුනා. ඒක ඒ වෙලාවෙත් අපිට වැටහුනා. ඒත් ලක්ෂයක් විතර සෙනග ආවා. රටවල් 20 සහභාගි වුනා. ඒත් තව කරන්න තිබ්බා තමයි. ඊලඟ එකට ඔබ සැමට මගේ ආරාධනයක් එවනවා.
    ලංකාවේ නිෂ්පාදන ආයතන හරිම ඒකාධිකාරියක් තියන් හිටියා තමයි. ඒත් දැන් ඒක ඉවරයි අපි කොහොම හරි ආයුර්වේද වෙලඳපොළ විවෘත කලා. දැන් ඉතාම ක්‍රමාණුකූලව සැකසූ ඖෂධ ලංකාවට එනවා. ඔබගේ මිතුරියට ඕනෙම උදව්වක් කරන්නම්. ඇයට සියළු දේ අපි ලබා දෙන්නම් අපේ වේබ් සයිට් එකට ඇවිත් එහි තොරතුරු අනුව අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන්න. එහෙම නැති වුනොත් මම ඒක කරලා දෙන්නම් කිසිම වියදමක් යන්නේ නැහැ.ලියාපදිංචි ගාස්තු විතරයි.

    දයාල්,
    ඔබ කියන දේ 100% හරි. ආයුර්වේදෙ මූලික පරමාර්ථය තමයි. රෝග වලක්වා ගැනීම. ඒක හරිම ලේසි දෙයක්. අපි රෝග හදාගෙන, සුව කරනවට වඩා හැදෙන්න නොදී ආරක්ෂා වීම වැදගත් තමයි. ආයුර්වේද සෞක්‍ය සංරක්ෂණය ගැන ලියන්නම් ඉදිරියේදී.

    ReplyDelete
  12. බොහෝම සංතෝසයි...වැඩි කතා එපා..ලියාගෙන යමු..
    සෙස්ස පස්සට...

    ReplyDelete
  13. මාරයා,
    ඔව් මල්ලි ලියමු දිගටම.

    ReplyDelete