Tuesday, July 5, 2011

17 වැනිදායින් පසු හමුවෙමු!!!!

ඉතාම හදිසි වැඩ කටයුතු කීපයක් යෙදී ඇති බැවින් මේ මස මම බ්ලොග් අවකාශයේ වැඩිපුර නොසිටිනු ඇත. නමුත් 17 වැනිදායින් පසුව නැවතත්, සුපුරුදු ලෙස මගේ අල්ප දැණුම ඔබ සමඟ බෙදා ගැනීමට යලි පැමිණෙමි. ඒ අතර මගේ තවත් හිතවතෙකු ලඟදීම ඔබට වැදගත් මාතෘකාවක් සමඟ ඔබ වෙත ඒමට සැලසුම් කරමින් සිටින බවද සතුටින් දන්වමි. මගේ අධික වැඩ අතරද ඉඳ හිට හෝ මෙවැනිම කෙටි සිහි කැද වීම මවිසින් කිරීමට බලාපොරොත්තු වෙමි. පසුගිය ලිපි වලට ලැබුනු විශාල ප්‍රශන ගනනාවක් පිලිතුරු නොදී තවමත් ඇති බැවින් මම මීලඟට මුලින්ම එම ප්‍රශ්න නිරාකරණය කිරීමට බලාපොරොත්තු වෙමි.

මම කිසි දිනක මේ බ්ලොග් අවකාශය හැර නොයන බව දන්වමි.

ඔබට ආයුර්වේදය ගැන ඇති ප්‍රශ්න මේ ලිපියට දමන කමෙන්ට් ලෙස මට ලැබීමට සලස්වන්න. ඒ සියල්ල අනුව ඊලඟ ලිපි ලියමි. කලින් ලියූ ලිපි කීපයක් ඇතත් මට හැගෙන පරිදි මගේ කාර්ය්‍ය කිනම් ආකාරයක ලිපි දැයි දැන් මට අවබෝධ වී ඇති නිසා එම ලිපි පල නොකිරීමට සිතාගතිමි.

17 වැනිදායින් පසු හමුවෙමු!!!!

ජය!!!

9 comments:

  1. ඔබතුමාගේ සියළු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!.

    ඇත්තටම මමත් කාලය මදි වීමේ ප්‍රශ්නයෙන් බැට කනවා.ටික දිනකින් මගේ බ්ලොග් එකෙත් මොකුත් පළ නොවුනේ ඒ නිසා.

    ReplyDelete
  2. හොඳයි වෙද මහත්තයෝ...වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා. ඒ වගේම ඉදිරියේදී ගොඩක් දෙනෙක්ට ප්‍රශ්ණයක් වෙලා තිබෙන අම්ල පිත්ත රෝගය ගැනත් ලිපියක් ලියන්න කියලා ආරාධනය කරනවා. ජයවේවා !

    ReplyDelete
  3. කාලයත් එක්ක කරන සටනෙදි වෙලාවකට පසු බහින්න වෙනවනෙ. මටත් ඒ වගේ දැන්. කටයුතු ඉවර කරගෙන එන්නකො.

    ReplyDelete
  4. ඒක හොඳයි..මටත් මේ දවස් වල වැඩ වැඩි වෙලා වෙද මහත්තයාගෙ බර සාර ලිපි එකක්වත් හරියට කියවන්න බැරි වුනා.. හොඳයි හොඳයි.....කට්ටියම එකතු වෙලා පොඩි විවේකයක් ගමු.

    ReplyDelete
  5. මේ දිනව්ල සියලුම දෙනාට ටිකක් වැඩ අධිකයි වගේ.
    ඒත් පොඩි හරි විවේකයක් ලැබුනම මේවට හොට දාන්නැතුවත් බෑ. නැත්නම් මොකක්දෝ අඩුවක්.
    ඔබතුමාගේ රාජකාරී හොදින් කරගෙන එන්න. අර අලුතින් එකතුකරන්න යන ඔබතුමාගේ හිතවතාවත් සාදරෙන් පිලිගන්නා බව කියන්න. එතුමාත් දැනුම් සම්බාරයක් ඇති කෙනෙක් වෙන්ට ඕන.
    ඔබට ජය!

    ReplyDelete
  6. තව දින 11යිනේ... බලමු...

    ReplyDelete
  7. ගිහින් ඇවිල්ල නිවාඩු පාඩුවේ ආයේ ලියන වෙලාවක මේ ගොඩක් අයට වදයක් වෙලා තියෙන සෙම අමාරු ගැන ලිපියක් දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා... දවසෙන් 1/2ක්ම ඒ.සී කාමර වල ඉන්න අයට සෙම අමාරුවලින් ප්‍රවේසම් වෙන කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් ගැනත් මොනව හරි ලියන්න පුළුවන් නම් ගොඩාක් වැදගත් වෙයි...

    ReplyDelete
  8. මම මේ බ්ලොග් වල හොය හොයම හිටිය බ්ලොග් එක තමයි මේ..විස්වාස කරන්න දැකපු වෙලාවෙ ඉදල ඔබ තුමාගේ ලිපි ඔක්කොම කොමෙන්ටුත් එක්කම කියවගෙන ගියා. පැ‍ය ගානක් ගියත් මට පුදුම සතුටුයි..මමත් ආයුර්වෙදය ඉගෙනගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්.අපි වගේ අයට ආයුර්වේදය ඉගෙනීමට තියෙන අවස්තාවන් කොහොමද?මම 36+ කෙනෙක්.ඔබ තුමාට මේ කාර්ය දිගටම කරගෙනයාමට හැකියාව ලැබේවා..

    ReplyDelete