Monday, September 12, 2011

පියානෙණි ඔබට නිවන් සුව!!!!!!!!

මම පසුගිය දිනවල බ්ලොග් අවකාශයේ වැඩිය පෙනී සිටියේ නැහැ. ඉතාමත් හදිසියෙන් ලියන නිසා කෙටියෙන් ලියන්නම්. දැනට වසර ගනනාවක සිට මගේ පියා සිටියේ අසනීපයෙන්. ඒත් ගිය සෙනසුරාදා පාන්දර යාමේ ඔහු අපෙන් සමු ගත්තා. ගිය සදුදා උදේ අසනීප වෙලා රෝහල්ගත කලා. නමුත් මගේ පියාට ජීවිතය උරුම වෙලා තිබුනේ සෙනසුරාදා පාන්දර යාමය වනතෙක් පමණයි. ඔහුගේ දැන් කාලයක සිටම දැඩි ඉල්ලීම වෙලා තිබුනේ මියගොස් පැය කීපයක් ඇතුලත අවසන් කටයුතු සිදු කරන්නත්, දේහය වහාම වෛද්‍ය විද්‍යාලයකට බාරදෙන්නත්, කෙසේ හෝ ඒ සියළ්ය්ම වැඩ මවිසින් සිදු කලා. සත් දින්ම දානය හා බණ සිදු කිරීම මේ සතියේ අවසන් වූ වහාම මම නැවත බ්ලොග් අවකාශයට එනවා. එතෙක් සමා වෙන්න. මේ සිද්ධිය සම්බන්ධ අතුරු කථා කීපයක් ඉක්මනින් ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා. ඊට පසුව අපේ සුපුරුදු මාතෘකා........

49 comments:

  1. ඔබේ ආදරනීය පියාණන්ට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  2. බොහොම කණගාටුයි. පියාණන්ට නිවන් සුව පතමි..!

    ReplyDelete
  3. පියාණන්ට නිවන් සුව පතනව!!!

    ReplyDelete
  4. සාතිශය සංවේගය වෙද මහත්තයෝ.....

    ReplyDelete
  5. කණගාටුයි මිත්‍රයා.
    ඔබේ පියාට නිවන්සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  6. ඔබේ පියාණන් ට නිවන් සුව පතමි.

    අපි පියවරුන්ට ඇති ණය ගෙවන්නට ඇති හොඳම ක්‍රමය නම් අපිත් අපේ දරුවන්ට හොඳ පියවරුන් වීමයි.

    මේ අදහස ඇති මා ලියූ කවියක් මෙන්න.

    http://kathandara.blogspot.com/2010/12/blog-post.html

    ReplyDelete
  7. ඔබගේ පියාණන්ගේ අභාවය පිලිබදව ඉතාමත් ශෝක වෙන අතර ..පියාණන්ට නිවන් සුව පතමි!.

    ReplyDelete
  8. පියාණනි ඔබට නිවන් සුව!

    ReplyDelete
  9. ලොව දහම නිති සිත රැඳුනද.. කණගාටුයි ඔබේ පියාණන්ගේ අභාවය පිළිබඳව.. පියාණන්ට නිවන් සුව පතමු !

    ReplyDelete
  10. පියාණන්ට නිවන් සුව !

    ReplyDelete
  11. ඔබගේ පියතුමන්ගෙ අභාවය පිලිබඳ මාගෙ බලවත් කණගාටුව . .. එතුමාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි

    ReplyDelete
  12. ආයේ ඉතිං ලෝක ස්වභාවය ගැන බණ කියන්ට ඕනය..?

    එතුමා සිය ජීවිත කාලය මුළුල්ලේමත් අවසාන මොහොතේදීත් කරගත්තා වූ පුණ්‍ය බල මහිමයෙනුත්..ඔබ අප කලා වූ හා කරන්නා වූ සියළු පිනුත් අනුමෝදන්ව කල් නොගොසින් නිර්වාණ සුවයෙන්ම සැනසෙත්වා..!

    ReplyDelete
  13. එතුමාට නිවන් සුව පතනවා.

    ReplyDelete
  14. පියාණන්ට නිවන් සුව පතනවා!

    ReplyDelete
  15. ඔබේ පියාණන්ට නිවන් සුව පතමි...!!!

    ReplyDelete
  16. නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  17. ඔබගේ පියාණන්ට නිවන් සුව ලැබේවා....!

    ReplyDelete
  18. අයියගෙ තාත්තට නිවන් දකින තුරාවට හොඳ ආතමයන් වලම ඉපදෙන්න ලැබේවා කියල පතනව.

    ReplyDelete
  19. මගේ බලවත් කණගාටුව...
    පියාණන්ට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  20. එතුමන්ට යහපත් උපතක්ද, යම් දිනෙක නිර්වාණාවබෝධයද ලැබේවායි පතමි.

    ReplyDelete
  21. ජීවත් වීමේ අවසාන ප්‍රතිපලය...
    එතුමාට නිවන් සුව පතනව....

    ReplyDelete
  22. නොගොස් එන්නට බැරිය
    නෑවිත් යන්නට බැරිය
    යාමද දුකකි
    ඒමද දුකකි
    මෙලොව ඇත්තේ යෑම් සහ ඒමය..............

    ඔබේ පියාට නිවන් සුව

    ReplyDelete
  23. ඔබ තුමාගේ පියාණන්ට යහපත් ජීවිතයක් ලැබී ධර්මාවභෝධයට හේතු වාසනා වේවා........

    ReplyDelete
  24. තාත්තාට සඟමොක් සුව පතමු!

    ReplyDelete
  25. ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  26. My condolences for your loss. May he attain Nibbana!

    ReplyDelete
  27. ඔබගේ පියාට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  28. ඔබේ පියානන්ට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete
  29. පියාණන්ට නිවන් සුව පතනවා .........!!!!!

    ReplyDelete
  30. ඔබේ පියා ශ්‍රේෂ්ඨ මනුශ්‍යයෙක්!, දරුවන් දිහා නොසෙල්වී බලා හිඳිනා නමක් නැති මහ කන්දක් වැනිය, එතුමාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  31. තමුන්නැහෙගෙ පියා මළසිරුරෙනුත් කුසලයක් කරගෙන බවයි පෙනෙන්නෙ. පතන බෝධියකින් සසර දුක කෙලවර කරගන්න ලැබේවා කියල මං පතනවා!
    -පොඩිගමය

    ReplyDelete
  32. ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වෙවා.....

    ReplyDelete
  33. මගේ කණගාටුව....! සබ්බේ සංඛාරා අනිච්චා...!!!
    ලොකු වෙද මහත්තයට නිවස් සුව පතමු...!

    ReplyDelete
  34. තාත්තාගේ අවසන් කටයුතු සම්බන්ධ ඉල්ලීමෙන් පෙනෙන්නේ, ඉතාම සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කල ඥානවන්ත පුද්ගලයෙකු බව නේද? එවන් පියෙකු අහිමිවීම ඔබට විශාල දුකක්, පාඩුවක් වෙන්නට ඇති!

    ඔබේ පියාට නිවන් සුව පතන්නම්!!!

    ReplyDelete
  35. ඔබේ ආදරණීය පියාණන්ට නිවන් සුව ලැබේවා !

    - සපතේරු උන්නැහේ

    ReplyDelete
  36. ඔබේ දුක බෙදා ගන්න අපිත් එකතුවෙනව. හොඳ පුතෙක් සැදු පියෙක් හොඳ පුතෙක් දුටු පියෙක් මිහිමතම දෙව්ලොව නොදකින්නට ඇද්ද!

    ReplyDelete
  37. ඔබතුමාගෙ පියාණන්ට නිවන් සුව අත්වේවා

    ReplyDelete
  38. දරුවන් ගැන මවු වරුන් සේම ඇතැම් විට ඊටත් වඩා වෙහෙසෙන පියවරුන් අපරටේ ඉන්නවා. ඊටත් වඩා පියවරුන් මේ සමාජයට කරන්නේ විශාල මෙහෙවරක්. ඔබේ පියාත් මේ වගේ පියෙක් වෙන්න ඇති. එතුමාට සසර දුකින් මිදී නිර්වාණාවබෝධය ලැබෙන්නට ඔහු පුරුදු කළ ගුණධර්මත්, කරණ ලද පුණ්‍ය කර්මත් හේතු වාසනා වේවා!

    ReplyDelete
  39. ඔබගේ පියානණ්ට නිවන් සුව අත්වේවායි පතමි . . .

    ReplyDelete
  40. ඔබේ ආදරණිය පියාණන්ට නිවන් සුව පතමින් ඔබේ සෝ සුසමට එකවන්නෙමි ..

    ReplyDelete
  41. ඔබේ පියාට නිවන් සුව පතමි... සැහැල්ලු සිතින් යන්න අරින්න...

    ReplyDelete
  42. මගේ සාතිශය සංවේගය. පියාට ඔහු ඇදහු ආගමකින් ක්ෂාන්තිය පතනවා.

    ජීවිතේ කොටසක් වෙච්ච කෙනෙකුගේ වියෝවක් ලෙහෙසි නැහැ දරාගන්න. ඔබට එයට දිරි.

    ReplyDelete
  43. ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න..
    ඔහුට නිවන් සුව පතමි..

    ReplyDelete
  44. ඔබගේ පියතුමාට නිවන් සුව ලැබේවා....

    ReplyDelete
  45. අතිශය කණගාටුව! මතකයන් ඇසුරින් ඔහුව තවත් කාලාන්තරයක් ඔබ අතරේ රඳවා ගන්න ලැබේවා!!

    ReplyDelete
  46. ඔබේ පියානන්ට නිවන් සුව අත්වේවායි පතනව . . . . .

    ReplyDelete
  47. පියානන්ට නිවන් සුව පතනවා!!

    ReplyDelete
  48. සමාවන්න.. මම බැලුව ඔබට මොකද උනේ කියා..
    පියාත් ඔබ මෙන්ම අදහස් ඇති පුද්ගලයකු බව පෙනේ..
    හොඳ මිනිසුන් මේ ආත්මයේදිම නිවන් දකින බව මගේ විශ්වාශයයි..


    පියානනි.. ඔඹ නිවනේ සැනසේවා...!!!

    ReplyDelete