පසු ගිය කරදර නිසා මගේ බ්ලොග් එකත් පාළුවට ගියා. නමුත් මම දන්නවා ඔබ මගේ ප්‍රශ්නවලදී මා අත නොහැර සිටි බව. ඒ නිසා මගේ යුතුකම මේ බ්ලොගය නිසි සේ පවත්වා ගැනීම. මම එය අමතක නොකරන බව කියමි.
කෙසේ වෙතත් පියාගේ අභාවය සිදු වූයේ මගේ විශාල වශයෙන් කාර්ය බහුල සමයක. ඒ නිසා සියළු වැඩ සති දෙකක් පමන නැවතුනා. නැවතත පැමිණි ගමන් මම මගේ අධ්‍යාපන කටයුතු ඇරබුවා. දැන් ඒවා නැවතත් යථා පරිදි සිදු වෙනවා. මගේ රෝගීන්ට මම වසර 1997 සිට මේ දක්වා කිසිම දිනක පොලු තබා නැහැ. සති ගනන් විදේශ ගතවීම වලදීත් සියල්ල අකුරට සැලසුම් කරනවා. නමුත් මෙවර ඉතාමත් කෙටි කලකින් සියළු වැඩ නවතා දැමුවා. සියළු දේට තිබුනේ පැය කීපයයි.
පියාගේ කැමැත්ත පරිධි සියල්ල ශිදු විය යුතු වුනා. මට පියාගේ අභාවය ගැන ගම්පහ රෝහල ලඟම සිටින මගේ ලොකු නංගි දැනුම් දෙන විට 2011/09/09 රාත්‍රී 11.45ට පමන ඇති. නමුත් මම නුගේගොඩ සිට අදාල ස්ථානයට හරියටම විනාඩි 30 වගේ කාලයකින් පැමිණියා. වාසනාවකට නිසිලෙස මුදල් මාලඟ තිබුනා. ඒ මොහොතේම මගේ බාල සහෝදරයාට මව රැගෙන එන ලෙස පවසා මම දේහයේ කටයුතු කලයුතු ආකාරය සොයා බැලුවා. පියාගේ කැමැත්ත වෛද්‍ය විද්‍යාලයට තම දේහය ලබා දීමටයි. මම අද ලියන්න යන්නේ අන්න ඒ කාරනාව පිළිබඳවයි.
මම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ 1988 පමන සිට. එදා සිට අද දක්වා මම දන්නවා වෛද්‍ය සිසුන්ට මෘත දේහයක ඇති වැදගත්කම. මූලික වසර වලදී ලබා දෙන වෛද්‍ය අධ්‍යාපනයේ කොටසක් තමයි මෘත දේහ ක්‍රමාණූකූලව හැදෑරීම. මෙමගින් විශාල දැනුමක් වෛද්ය සිසුවාට ලැබෙනවා. නමුත් අවාසනාවට අපේ වෛද්ය සිසුවන්ට තිබෙන මෘත දේහ ප්‍රමාණය ඉතාමත් සීමිතයි. ප්‍රායෝගික පුහුණු සැසි වලදී සිසුන් කණඩායම් කීපයක් එකට දමා ඉගැන්වීමට තරම් මේ හිඟය බහුල බව තමයි මම දන්නේ. මම සිසුවකුව සිටි අවධියේ අපි මෘතදේහ එකතු කිරීමේ ව්‍යාපෘතියකුත් කලා මට මතකයි. රෝහල්වල වගේ තැන් වලට ගිහින් බැනුම් අසාගෙන තමයි ඒක කලේ.
මුලින්ම මම හරියටම පාන්දර තුනට පමන ගියා මට ගෙදර වගේ පුරුදු එක් වෛද්‍ය පීඨයකට. එතැන මට මුණ ගැසීමට කෙනෙක් තබා ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂකයාවත් නැහැ. මම ඒ සැරේ ඇතුලට ගිහින් බැලුවා මෙලෝ යකෙක් නැහැ. වන්නාටම කියලා ඉතාමත් අකමැත්තෙන් මගේ මිතුරියකට කථා කලා වෙලාව පාන්දර 3.10 පමණ ඇති. ඇයගේ නම මට සටහන් කිරීමට හැකියාවක් නැහැ. හේතුව අද මෙරට සිටින ඉතාමත් ජ්‍යෙෂ්ටම කථිකාචාර්යවරියක් සැමියාත් මගේ ඉතාමත් හිතවත් මිතුරෙක්. දක්ෂ බටහිර වෛද්‍යවරියක්. ඔවුන් නිදි ඇදෙන් නැගිටුවලා මේ විස්තරේ කිව්වහම ඇය පොරොන්දු වුනා මගේ පියා නීත්‍යාණුකූලව කලින් පෝරම පුරවා එම වෛද්‍ය විද්‍යාලයට දේහය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති නිසා හෙට උදේම එය කරමු කියා. කෙසේ වෙතත් ඇය උදේ 8 ට මට අමතන බවත් මට දැන් වූවා. දැන් ඒ බර මගේ සිතේ නැහැ. මවත් සතුටු වූවා පියාගේ කැමැත්ත එය නිසා.
කෙසේ හෝ අපි දැන් උදේ අට වන විට ගමේ පන්සලේ නායක හිමියන් ඇතුළු ලඟම ඤාතීන්ගෙන් පැමිණිය හැකි කීප දෙනෙක් දේහයේ ආගමික කටයුතු සූදානම් කරමින් සිටින විට මගේ මිතුරිය හරියටම උදේ 8.05 මට කතා කරනවා.
ඇයගේ ස්වරය ඉතාම ශෝඛාකූලයි. මට සිතුනා ප්‍රශ්නයක් බව. ඈ මට පැවසුවේ "වෙදනා අද නම් මාර වැඩක් වෙන්නේ මෙහේ මයිනර් ස්ටාෆ් වැඩ වර්ජනයක් මුන් මේ වැඩේ කරන් නැහැ" මොකද කරන්නේ. මට උන් හිටි තැන් අමතක වුනා. ඉතාමත් අසරන වුනා. ඇය මට පොරොන්දු වුනා කෙසේ හෝ අපි බලමු කියා. එවිට අපි අපේ පුද්ගලික හැදිණීම උඩ ලංකාවේ අපට යා හැකි දුරකින් පිහිටි සියළුම දේශීය සහ බටහිර වෛද්ය විද්‍යාලවලට කතා කලත් ඔවුන්ට ඒ වැඩය මා වෙනුවෙන් කර දීමට අවශ්‍ය වුවත් මේ වර්ජනය එයට බාධාවක් වූවා.
උදේ 9.30 වෙනකනුත් මේ ප්‍රශ්ණය විසඳාගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ. මාත් මගේ බිරිදගේ සොහොයුරාත් දන්න සෙල්ලම් සියල්ලම දැම්මත් අවසන අපි පරාද වුනා.
මේ අවස්තාවේ තමයි මගේ තවත් මිතුරෙක් බටහිර වෛද්‍යවරයෙක් පොඩි හෝඩුවාවක් දුන්නේ. මේ වෙනකොට අපි හිටියේ ලංකාවේ බැරිනම් වෙන කොයි ලෝකෙක හරි වෛද්‍ය විදයාල සිහි කරමින් අපිට ඉක්මණින් ලඟා විය හැකි. මොකද දේහයේ කිසිම වෙනසක් නොකර භාරදීම ඉතා වැදගත් නිසා. කෙසේ හෝ මගේ මිතුරා දුන්නා යම් දුරකථන අංකයටත් වහාම කථා කරන්න කියා. ඒ වෛද්‍යවරයාට අපි වහාම කථා කලා. වැඩේ හරි. එතුමා අපිට දැන්නුව මරන සහතිකයේ එතුමාලාගේ වෛද්‍ය විද්‍යාලෙ නම සඳහන් කරගෙන් එන්න කියා. ඒ වැඩේට අපිට විනාඩි කීපයයි ගියේ. කෙසේ හෝ දැන් තමයි අපිට යම් සැනසීමක් ලැබුනේ. අපේ පියා කවදාවත් තමන්ගේ සිතැඟි අනුව අපිව පාලනය කල කෙනෙක් නෙමෙයි. අපිට උපරිම නිදහස තිබුනා. ඒ නිසා මට මේ දෙ කර ගන්න බැරි වුනානම ජීවිතේටම මට බලපානවා.
අපි මේ කියන වෛද්‍ය විද්‍යාලයට ලඟා වන විට අපිව හොඳින් පිලිගත්තා. කිසිදා නිකමටවත් ගොඩ වී නැති තැනකට තමයි පියාගේ දේහය දෙන්න සිදු වුනේ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් මට නැහැ. අවශ්‍ය දෙ කල එක ගැන යම් තෘප්තියක් පමණයි ඇත්තේ. කොහොමත් මට ඔය පංති භේද අර භේද මේ භේද ඇත්තේ නැහැ.
ඔබ දන්නවද මේ වෛද්‍ය විද්‍යාලය කුමක්ද කියා,
ඒ තමයි මාලඹේ පුද්ගලික වෛද්ය විද්‍යාලය.
ප. ලි.
හොඳින් තේරුම් ගන්න මම මේ හරහා කාටවත් සිත් රිදීමක් ඇති කරන්නවත් යම් විවේචනයක් ඇති කරන්නවත් උත්සාහ කලේ නැහැ. මට අවශ්ය වූයේමේ ක්‍රමය සහ එහි ඇති අමානුෂික බව පෙන්වා දීමටත් මගේ අත් දැකීම බෙදා හදා ගැනීමත් පමණයි. එසේ වැරදි වැටහීමක් ඇති වූනම දහස් වාරයක් සමාව ඉල්ලනවා.
ප. ප. ලි.
විශ්වාරම්භයට දැන් යමු ඉක්මනින්ම...........
පියාගේ අවසන් ඉල්ලීම ඉටු කරන්නට හැකි වීම ගැන හරිම සතුටුයි. නැත්නම් මුළු ජීවිත කාලෙටම විදවන්න වෙනවා.
ReplyDeleteඔබ ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමය කරලා තියනවා..
දහසක් සිසුන්ගේ නෙත් පාදන්නට ඔබගේ පියා කල මේ පුන්‍යකර්මය ඔහුට මතු ආත්ම භවයකදී නිවන් සුව ලැබීමට හේතු වාසනා වේවා...
ReplyDeleteප්‍රසේනජිත්...
මට නම් මේකෙ අන්තිම හරියට යනකොට ඔය කියන වෛද්‍යය විද්‍යාලය මාලඹේ එක තමා කියලා බලන්න කලින්ම තේරුණා.
ReplyDeleteමම ඔබතුමාට ඊයක් එව්වා.
කොහොම වුනත් මට දැනගන්න අවශ්‍යයි, මෘතශරීර දේශීය වෛද්‍යය විද්‍යාල වලටත් ගන්නවද කියලා.
ඒ වගේම ඔබතුමා දේශීය වෛද්‍යය වරයෙක්ද කියලාත් කියන්න.
මේක වැදගත් දෙයක්..කවුරු උනත් මිනියෙන් ප්‍රයෝජන ගන්නවනම් ඒක වැදගත්...
ReplyDeleteවැදගත් තොරතුරක් වෙදනයියා දීලා තියෙන්නේ...
ReplyDeleteඔය කියන ෆෝම් සෙට් එක කොහෙන්ද ගන්න පුළුවන්...?
ගිම්හාණී,
ReplyDeleteඔබ හරි මට දැණුන සතුට කියලා නිම කරන්න බැහැ. මම දන්නවා මරණය ගැන. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් පියෙක්ගේ අවසාන ඉල්ලීම ඉටු කරන්න බැරි වීම.... විශේෂයෙන් මම වෛද්‍යවරයෙක් වීත්....හිතා ගන්න මගේ මවට බලපාන අයුරු, අනිත් අය ගැන මට වැඩක් නැහැ. මගේ මව...
ඇනෝ(ප්‍රසේනජිත්),
ඔව් එය මහා පිනක් තමයි.
ගොඩෝර්නියා,
ඔව් මම දේශීය වෛද්‍යවරයෙක්. හැබැයි පාරම්පරික නෙමේ. අපි තමයි උපාධිධාරී පරණම වෛද්‍ය සිසුන්. දේශීය වෛද්‍ය විද්‍යාල වලත් එනම් විශ්වවිද්‍යාල ආයතන වලත් මේ මෘතදේහ ප්‍රයෝජනයට ගන්නවා. සිසුන්ගේ ඉගෙනීම බටහිර වෛද්‍ය විද්යාල වගේමයි. විෂයන් සමහරක් වෙනස්. සමහරක් එකමයි. ඔගේ ඊයට පිලිතුරු එවන්නම්. මාලබේ නෙමේ මොක වුවත් කමක් නැහැ හරි ප්‍රමිතියට ඉගැන්වීම කරනවනම්. ප්‍රශ්නේ එන්නෙ එතැනයි. නැතුව රජයේද, පෞද්ගලිකද කියන එක නෙමේ.
ඉන්ඩි,
මමත් ඉන්නෙ ඔබ ඉන්න තැන.
මාරයා,
ඔබට යක්කල වික්‍රමාරච්චි ආයූර්වේද විද්‍යාලයෙන් අදාල පෝරම ලබා ගත හැකියි.
ඔව් ඒක මටත් ප්‍රශ්නයක් නෑ,
ReplyDeleteඕක කවදාවත් නතර වෙන්නෙත් නෑ,
කොහොමත් හන්තානෙ දැණටමත් පුද්ගලික එකකට බිල්ඩිමක් හදලා,
පෞද්ගලික වෛද්‍යවිද්‍යාල ගැන අපෙ හිතේ සොබාවිකව ඇතිවෙන ඉරිසියාව ඇතිවෙනවා,
කොහොමවුනත් නිදහස් අධ්‍යාපනේ; රජයේ විශ්වවිද්‍යාල වලට කණකොකා හඬලාගෙන යන්නෙ.
මේවා හදන එකෙන් වෙන්නෙ ඒකට තවත් පොර වැටෙන එක.
ඒ අස්සෙ මොඩයො පිස්සු නටලා වලි දාගෙන කැම්පස් වහගන්නකොට වෙන්නෙ තවත් මේකට පොහොර වැටෙන එක.
ඒත් ඒක වැරදි නිසා කට වහන් ඉන්නවා මම නම්.
කොහොම වුනත් මට ආරංචි මේ පැත්තේ මුස්ලිම් කෙල්ලො එහෙම දැන්ම සල්ලි රෙඩි කරගෙන ඉන්නවලු ඕවට යන්න.
එතකොට නම් ඉතින් අනාගතේ සිංහලයට අල්ලාහ් දෙයියන්ගෙ පිහිටයි.
තොරතුරු වලට වෙද අයියට තුති.
බොහෝ විට අපේ ඇය වැඩ වර්ජන කරන්නේ පෞද්ගලික ප්‍රයෝජන වෙනුවෙන් මිසක්, ආයතනික අභිවෘද්ධිය නෙවෙයි. ඔබ තුමාගේ නෙවෙයි, ඔවුන්ගේ හතුරෙක් වන ඇස්. බී. ලොක්කගේ කාගේ හරි මෘත දේහයක් වුනත්, වත්මන් වගේම අනාගත සිසුන්ට ප්‍රයෝජනයක් වීමත්, ඒ වගේම මිය ගිය තැනැත්තෙකුගේ ඉල්ලීමක් හා පවුලේ අයගේ සංවේදී අවශ්‍යතාව වෙනුවෙනුත් කිහිප දෙනෙකුටවත් මේ දෙයට හවුල් වීමට සදාචාරාත්මක යුතු කමක් තිබුනා. ඇත්තටම ඕවා ගැන කතා කරලා තේරුමක් නැහැ.
ReplyDeleteකොහොම වුනත් ඔබේ පියාගේත් පවුලේ අයගෙත් අවශ්‍යතාව මොනයම් ආකාරයකින් හෝ ඉටු වීම ගැන සතුටුයි..
ඔබේ පියතුමාගේ අවසාන ඉල්ලිම කෙසේ හෝ ඉටුවීම ගැන සතුටුයි.
ReplyDeleteපොළවට පස් වෙලා යන ශරීරයෙනුත් තව බොහෝ දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට උපකාරී කිරීම ගැන එතුමට ගොඩක් පින් අත්වෙයි!
අද සමාජයේ හොඳ දෙයක් කරන්න තියෙන අමාරුව මේකෙන්ම පේනවා. ඕවයේ හේතු සාධක හොයලා වැඩක් නෑ. අන්තිමේ කොහොම හරි ඔයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු වුණා නොවැ.
ReplyDeleteසමහරු තමන් මැරුණාම මළ ගෙදරට එන සෙනඟ ප්‍රමාණය ගැන හිතලා වැඩ කරන යුගයක ඔයාගේ තාත්තා උතුම් මිනිසෙක්....
අවසන් ඉල්ලීමෙ මොනවා තිබුණත් තමන්ට ඕන විදිහට අවසන් කටයුතු කරණ දූ දරුවන්ට ඔයාලා හොඳ ආදර්ශයක්...
ඇත්තටම පියාගෙ ඉල්ලීම ඉටු කිරීමට හැකීවිම හොඳයි, ඔබ මොන තරම් අපහසුතාවයකට පත් වෙන්න ඇතිද කියලා තේරුනා...අත හැරුන වැඩ සියල්ල යතා තත්වයට පැමිණි පසු නැවත බ්ලොග් එක ලියන්න..
ReplyDelete@ මාරයා
ඇති වී තිබෙන තත්වය හා වටපිටාවට ගැන සිතා කිසිත් නොකියමි..
පෝස්ට් එක කියවා ඉවර වෙන්නත් කලින් මම දැනගත්ත මාලඹේ බව. සමාවෙන්න අපේ ලංකාව හදන්න සෑහෙන කල් යනවා. වෛද්‍යවරු කියන්නේ දැන උගත් මිනිස්සු. උනුත් මේ වැඩවලට විරුද්ධයි කියන්නේ වෙන මොකවත් නෙමෙයි කුහක කම සහ හීනමානය..
ReplyDeleteඉතාමත් වැදගත් අවසන් ඉල්ලීමක්... කොහොමහරි ඔබට ඉටුකරන්න ලැබුනු එක ගැන ඉතාම සතුටුයි!
ReplyDeleteමේ වගේ අවස්ථාවකදිවත් වෘත්තීය ක්‍රියාමාර්ග පැත්තකට දාන්න බැරිවෙච්ච අය ගැන කණගාටුයි ඇත්තටම...
මම මේ ලිපිය නැවත වරක් අද නිදහසේ කියෙව්වා. පුදුමයි ඇත්තට මා දන්නා තරමට ඔබත්, ඔබගේ දයාබර බිරිදත්,තවද ඇයගේ සොහොයුරත් ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්.
ReplyDeleteඔබලාටත් මෙසේ උනානම් අප ගැන කුමණ කතාද නේද?
ඔබේ පියා වෙනුවෙන් මගේ කණගාටුව පලකරනවා.ඔහුගේ අවසන් කතා ඉටුකිරීමද ඔබ විසින් සිදු කල සද් ක්‍රියාවක්.
ReplyDeleteපෝස්ට් එක කියවද්දි නොදනුවත්වම ඇස් දෙකට කඳුළුත් ඇවිත්... ඔබේ පියාගේ අවසාන කැමැත්ත ඒ අයුරින්ම ඉටු කල එක ගැන සතුටුයි....තමන් බලාපොරොත්තු උන ආකාරයට යම් දෙයක් සිදු උනාය කියන දේ ඒ අත්මයට දැනී සැනසීමක් දැනේවි....
ReplyDeleteමට මගේ අම්මයි අප්පච්චියි මතක් උනා..ඒ දෙන්නා නැති වෙද්දී මට යන්තම අවුරුදු 7 ක් විතරයි....මම තවමත් දුක් වෙනවා ඒ අය වෙනුවෙන් දුවනියක් විදියට මට කිසිම දෙයක් කරන්න බැරි උන එක ගැන...දෙමාපියන්ගේ අගය දැනෙන්නේ දෙමාපියන් කුඩා කලම අහිමි උන මම වගේ අයට...මේ වගෙ ලිපියකින් කඳුළු ගෙනෙන එක පුදුමයට කාරනාවකුත් නෙමේ
ඔය වර්ජනෙන් ඒ අයට උන එක ම පාඩුව ඕක නෙවෙයි වෙන්නැති. කොහොම උනත් හැමදේම හොඳින් සිද්ද උන එක ගැන සතුටුයි!
ReplyDelete෴ඔබේ පියාට නිවන් සුව පතමි෴..