වෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය". වෙදගෙදරින් ඔබ හමුවට ගෙන එන්නේ මහවෙදනාගේ හපන්කම් මෝඩකම් සහ පුරසාරම්ය. හොදින් බැලූ විට හපන්කම් අඩුවෙනුත්, මෝඩකම් සහ පුරසාරමුත්, හැර අන් යමක් මෙහි නැත.
Monday, September 12, 2011
පියානෙණි ඔබට නිවන් සුව!!!!!!!!
මම පසුගිය දිනවල බ්ලොග් අවකාශයේ වැඩිය පෙනී සිටියේ නැහැ. ඉතාමත් හදිසියෙන් ලියන නිසා කෙටියෙන් ලියන්නම්. දැනට වසර ගනනාවක සිට මගේ පියා සිටියේ අසනීපයෙන්. ඒත් ගිය සෙනසුරාදා පාන්දර යාමේ ඔහු අපෙන් සමු ගත්තා. ගිය සදුදා උදේ අසනීප වෙලා රෝහල්ගත කලා. නමුත් මගේ පියාට ජීවිතය උරුම වෙලා තිබුනේ සෙනසුරාදා පාන්දර යාමය වනතෙක් පමණයි.
ඔහුගේ දැන් කාලයක සිටම දැඩි ඉල්ලීම වෙලා තිබුනේ මියගොස් පැය කීපයක් ඇතුලත අවසන් කටයුතු සිදු කරන්නත්, දේහය වහාම වෛද්‍ය විද්‍යාලයකට බාරදෙන්නත්, කෙසේ හෝ ඒ සියළ්ය්ම වැඩ මවිසින් සිදු කලා. සත් දින්ම දානය හා බණ සිදු කිරීම මේ සතියේ අවසන් වූ වහාම මම නැවත බ්ලොග් අවකාශයට එනවා. එතෙක් සමා වෙන්න.
මේ සිද්ධිය සම්බන්ධ අතුරු කථා කීපයක් ඉක්මනින් ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා. ඊට පසුව අපේ සුපුරුදු මාතෘකා........
Subscribe to:
Post Comments (Atom)
ඔබේ ආදරනීය පියාණන්ට නිවන් සුව අත්වේවා!!!
ReplyDeleteබොහොම කණගාටුයි. පියාණන්ට නිවන් සුව පතමි..!
ReplyDeleteපියාණන්ට නිවන් සුව පතනව!!!
ReplyDeleteසාතිශය සංවේගය වෙද මහත්තයෝ.....
ReplyDeleteකණගාටුයි මිත්‍රයා.
ReplyDeleteඔබේ පියාට නිවන්සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!
ඔබේ පියාණන් ට නිවන් සුව පතමි.
ReplyDeleteඅපි පියවරුන්ට ඇති ණය ගෙවන්නට ඇති හොඳම ක්‍රමය නම් අපිත් අපේ දරුවන්ට හොඳ පියවරුන් වීමයි.
මේ අදහස ඇති මා ලියූ කවියක් මෙන්න.
http://kathandara.blogspot.com/2010/12/blog-post.html
ඔබගේ පියාණන්ගේ අභාවය පිලිබදව ඉතාමත් ශෝක වෙන අතර ..පියාණන්ට නිවන් සුව පතමි!.
ReplyDeleteපියාණනි ඔබට නිවන් සුව!
ReplyDeleteලොව දහම නිති සිත රැඳුනද.. කණගාටුයි ඔබේ පියාණන්ගේ අභාවය පිළිබඳව.. පියාණන්ට නිවන් සුව පතමු !
ReplyDeleteපියාණන්ට නිවන් සුව !
ReplyDeleteඔබගේ පියතුමන්ගෙ අභාවය පිලිබඳ මාගෙ බලවත් කණගාටුව . .. එතුමාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි
ReplyDeleteආයේ ඉතිං ලෝක ස්වභාවය ගැන බණ කියන්ට ඕනය..?
ReplyDeleteඑතුමා සිය ජීවිත කාලය මුළුල්ලේමත් අවසාන මොහොතේදීත් කරගත්තා වූ පුණ්‍ය බල මහිමයෙනුත්..ඔබ අප කලා වූ හා කරන්නා වූ සියළු පිනුත් අනුමෝදන්ව කල් නොගොසින් නිර්වාණ සුවයෙන්ම සැනසෙත්වා..!
එතුමාට නිවන් සුව පතනවා.
ReplyDeleteපියාණන්ට නිවන් සුව පතනවා!
ReplyDeleteඔබේ පියාණන්ට නිවන් සුව පතමි...!!!
ReplyDeleteනිවන් සුව අත්වේවා!!!
ReplyDeleteඔබගේ පියාණන්ට නිවන් සුව ලැබේවා....!
ReplyDeleteඅයියගෙ තාත්තට නිවන් දකින තුරාවට හොඳ ආතමයන් වලම ඉපදෙන්න ලැබේවා කියල පතනව.
ReplyDeleteමගේ බලවත් කණගාටුව...
ReplyDeleteපියාණන්ට නිවන් සුව අත්වේවා!!!
එතුමන්ට යහපත් උපතක්ද, යම් දිනෙක නිර්වාණාවබෝධයද ලැබේවායි පතමි.
ReplyDeleteජීවත් වීමේ අවසාන ප්‍රතිපලය...
ReplyDeleteඑතුමාට නිවන් සුව පතනව....
නොගොස් එන්නට බැරිය
ReplyDeleteනෑවිත් යන්නට බැරිය
යාමද දුකකි
ඒමද දුකකි
මෙලොව ඇත්තේ යෑම් සහ ඒමය..............
ඔබේ පියාට නිවන් සුව
ඔබ තුමාගේ පියාණන්ට යහපත් ජීවිතයක් ලැබී ධර්මාවභෝධයට හේතු වාසනා වේවා........
ReplyDeleteතාත්තාට සඟමොක් සුව පතමු!
ReplyDeleteඔබගේ පියාණන්ට නිවන් සුව අත්වේවා!!!
ReplyDeleteMy condolences for your loss. May he attain Nibbana!
ReplyDeleteඔබගේ පියාට නිවන් සුව ලැබේවා.
ReplyDeleteඔබේ පියානන්ට නිවන් සුව අත්වේවා !!!
ReplyDeleteපියාණන්ට නිවන් සුව පතනවා .........!!!!!
ReplyDeleteඔබේ පියා ශ්‍රේෂ්ඨ මනුශ්‍යයෙක්!, දරුවන් දිහා නොසෙල්වී බලා හිඳිනා නමක් නැති මහ කන්දක් වැනිය, එතුමාට නිවන් සුව අත්වේවා!
ReplyDeleteතමුන්නැහෙගෙ පියා මළසිරුරෙනුත් කුසලයක් කරගෙන බවයි පෙනෙන්නෙ. පතන බෝධියකින් සසර දුක කෙලවර කරගන්න ලැබේවා කියල මං පතනවා!
ReplyDelete-පොඩිගමය
ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වෙවා.....
ReplyDeleteමගේ කණගාටුව....! සබ්බේ සංඛාරා අනිච්චා...!!!
ReplyDeleteලොකු වෙද මහත්තයට නිවස් සුව පතමු...!
තාත්තාගේ අවසන් කටයුතු සම්බන්ධ ඉල්ලීමෙන් පෙනෙන්නේ, ඉතාම සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කල ඥානවන්ත පුද්ගලයෙකු බව නේද? එවන් පියෙකු අහිමිවීම ඔබට විශාල දුකක්, පාඩුවක් වෙන්නට ඇති!
ReplyDeleteඔබේ පියාට නිවන් සුව පතන්නම්!!!
ඔබේ ආදරණීය පියාණන්ට නිවන් සුව ලැබේවා !
ReplyDelete- සපතේරු උන්නැහේ
ඔබේ දුක බෙදා ගන්න අපිත් එකතුවෙනව. හොඳ පුතෙක් සැදු පියෙක් හොඳ පුතෙක් දුටු පියෙක් මිහිමතම දෙව්ලොව නොදකින්නට ඇද්ද!
ReplyDeleteඔබතුමාගෙ පියාණන්ට නිවන් සුව අත්වේවා
ReplyDeleteදරුවන් ගැන මවු වරුන් සේම ඇතැම් විට ඊටත් වඩා වෙහෙසෙන පියවරුන් අපරටේ ඉන්නවා. ඊටත් වඩා පියවරුන් මේ සමාජයට කරන්නේ විශාල මෙහෙවරක්. ඔබේ පියාත් මේ වගේ පියෙක් වෙන්න ඇති. එතුමාට සසර දුකින් මිදී නිර්වාණාවබෝධය ලැබෙන්නට ඔහු පුරුදු කළ ගුණධර්මත්, කරණ ලද පුණ්‍ය කර්මත් හේතු වාසනා වේවා!
ReplyDeleteඔබගේ පියානණ්ට නිවන් සුව අත්වේවායි පතමි . . .
ReplyDeleteඔබේ ආදරණිය පියාණන්ට නිවන් සුව පතමින් ඔබේ සෝ සුසමට එකවන්නෙමි ..
ReplyDeleteඔබේ පියාට නිවන් සුව පතමි... සැහැල්ලු සිතින් යන්න අරින්න...
ReplyDeleteමගේ සාතිශය සංවේගය. පියාට ඔහු ඇදහු ආගමකින් ක්ෂාන්තිය පතනවා.
ReplyDeleteජීවිතේ කොටසක් වෙච්ච කෙනෙකුගේ වියෝවක් ලෙහෙසි නැහැ දරාගන්න. ඔබට එයට දිරි.
නීවන් සුව පතමි.
ReplyDeleteඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න..
ReplyDeleteඔහුට නිවන් සුව පතමි..
ඔබගේ පියතුමාට නිවන් සුව ලැබේවා....
ReplyDeleteඅතිශය කණගාටුව! මතකයන් ඇසුරින් ඔහුව තවත් කාලාන්තරයක් ඔබ අතරේ රඳවා ගන්න ලැබේවා!!
ReplyDeleteඔබේ පියානන්ට නිවන් සුව අත්වේවායි පතනව . . . . .
ReplyDeleteපියානන්ට නිවන් සුව පතනවා!!
ReplyDeleteසමාවන්න.. මම බැලුව ඔබට මොකද උනේ කියා..
ReplyDeleteපියාත් ඔබ මෙන්ම අදහස් ඇති පුද්ගලයකු බව පෙනේ..
හොඳ මිනිසුන් මේ ආත්මයේදිම නිවන් දකින බව මගේ විශ්වාශයයි..
පියානනි.. ඔඹ නිවනේ සැනසේවා...!!!