Sunday, July 1, 2012

102. සිනාසී තර වෙන්න, තර වී ලෙඩ වෙන්න.

ඉතිහාස කතා, හොල්මන් කතා, බෞද්ධ කතා, මේ හැමටම වඩා මට වටින්නේ ආයූර්වේද කතා. එහෙනම් පොරොන්දු පරිදි අද ඔන්න ආයූර්වේද කතා. මේකෙදි මට මතක් කළ යුතුම දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනාගේ ඉල්ලීමට තමයි මේක ලියන්නේ. හැබැයි එයාලගේ නම් ඕනෙ නැහැනෙ.

අද මම ලියන්න යන්නේ ඉතාම වටිනා දෙයක් ගැන. නවීන ලෝකෙ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක්.

එනම්………….

…………………... තරබාරුව.

ඇත්තටම අද ලෝකයේ එක් කට්ටියක් බඩගින්නේ දුක් විදිද්දී තව කට්ටියක් ආහාර වැඩි කමෙන් අදිපෝෂණයෙන් පෙළෙනවා. අපි ඒ ගැන කතා කරමු.....

මම මුල ඉඳලම මේ ගැන කියන්නම්. ඔබ අහලා තිබෙනවනේ ධාතු කියන වචනය. ඔන්න වැරදි විදියට ගන්න එපා. ආයූර්වේදෙදි ධාතු කියන්නේ එක වර්ගයක් නෙමෙයි. ආයූර්වේදේ ධාතු වර්ග බොහෝමයක් තිබෙනවා.
1. පංච මහා භූත ධාතු.
2 ත්‍රිදෝෂ ධාතු.
3. සප්ත මහා ධාතු. මේ වගේ තවත් විශාල ගණනක් ධාතු වර්ග ආයූර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක කියවෙනවා.මේ අතරින් අපි අද අවධානය යොමු කරන්නේ සප්ත මහා ධාතු කියන ධාතු වර්ග හතක ගොනුවක් වෙත.

අපි බලමු ධාතු වලට දෙන්න පුළුවන් නිරුක්තිය ගැන.
ධාතු කියන්නේ,
ධාත්‍රැං යන මූලයෙන් මේ වචනය සෑදිලා තියනවා. එහි අදහස වෙන්නේ ධාරණය එහෙමත් නැත්නම් පෝෂණය කියන එක.
"දධාති ධත්තෙවාශරීර මන ප්‍රාණාන් ඉති ධාතුඃ" තේරුම - ශරීරය, මනස, හා ප්‍රාණය යම් කිසිවකින් දරා සිටීද ඒ ධාතු නමින් හඳුන්වනු ලැබේ.

මේ ශ්ලෝක පාඨයෙන් කියවෙන එක කරුණක් ඉතා වැදගත් එනම්,

1. ශරීරය,
2. මනස,
3. ප්‍රාණය දරා සිටින්නේ ධාතු වලිනි.

"දධාති ධාරයති ශරීර සංවර්ධනාං ඉති ධාතුඃ" මෙහි අර්ථය වෙන්නේ, යම් කිසිවක් ශරීරය ධාරණය හා පෝෂණය කරයිද එය ධාතු නමින් ගැනේ.

දැන් අපි දන්නව මේ ධාතු වලින් තමයි ශරීරය, මනස, ප්‍රාණය දරා සිටින්නේ. එතකොට ශරීරයේ ධාරණය හා පෝෂණය ඇති කරන්නේත් මේ ධාතූන් කියන එක.

සප්ත ධාතූ ප්‍රභේද.
සප්ත කියන කොටම අපිට දැනෙනවා හතක් කියන එක.
1. රස
2. රක්ත
3. මාංශ
4. මේද
5. අස්ථි
6. මජ්ජා
7. ශුක්‍ර මේවා තමයි සප්ත ධාතූ කියන්නේ. මේ ගැන තවත් ඉදිරියට විමසා බලමු.

කෝෂ ග්‍රන්ථ වලට අනුව ධාතු ශබ්දයේ අර්ථයන්.
1. යමක ඉතාමත් වැදගත්වන කොටස.
2. මූල ද්‍රව්‍ය
3. ද්‍රව්‍යයක සාරය
4. ශරීරයේ මූල ද්‍රව්‍ය
5. භෞතික ද්‍රව්‍ය
6. ශබ්ද මූලය
7. ආත්මය
8. පංචේන්ද්‍රය
9. පංච මහාභූත
10. අස්ථි මෙන්න මේ වගේ අර්ථයන් රාශියක් ධාතු කියන වචනෙට සංස්කෘත කෝෂ ග්‍රන්ථවල දීල තියනවා.
පුද්ගලයෙක්ගේ උපතේ සිට විපත දක්ව එසේත් නැත්නම් පංචමහා භූත එක්වී මිනිස් ශරීරය නිර්මාණය වී එය නැවත පංච මහා භූත තත්ත්වයට පත් වන තුරු සෑම මොහොතකම ධාතු නිර්මාණය වෙමින් විනාශ වෙමින් පවතී. මෙය ජීවය පවත්වා ගැනීමේ අනිවාර්‍ය්‍ය අංගයකි.

ධාතු ප්‍රභේද
1. ස්ථායී ධාතු
2. අස්ථායී ධාතු
මින් ස්ථායී ධාතු යනු යම් කිසිවක් ධාතු තත්ත්වයට පත් වී නැවත වෙනත් ධාතුවක් බවට පත් නොවන ධාතූන්ය. උදාහරණ රස, රක්ත, ආදී ධාතු සප්තකයම.
අස්ථායී හෙවත් පෝෂක ධාතු නම් එක ධාතුවක් තවත් ධාතුවක් බවට පත්වන ධාතූ කොටස්ය. උදාහරණ ලෙස අප ගන්නා ආහාරය රස බවට පත් වී ඉන් කොටසක් ස්ථායී රස ලෙස පවතිද්දී තවත් කොටසක් රක්තය බවට පත් වේ. මේ ක්‍රියාවම රක්තයේදීද නැවත සිදු වේ. මෙලෙස වෙනත් ධාතුන් බවට පත්වන ධාතු කොටස පෝෂක ධාතු ලෙස හඳුන්වයි. (චරක සංහිතා, සූත්‍ර, 28 අධ්‍යාය.)

දැන් ඔබට ධාතූන් යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි යම්කිසි අවබෝධයක් ලැබී ඇතැයි සිතමි. ඒ නිසා අපි මේ ධාතූන් ගැන තව ගැබුරට සොයා බලමු. ඇත්තෙන්ම අප ගන්නා අහාරය ශරීරය තුළ ජීර්ණ ක්‍රියාවලියට භාජනය වන අයුරු ඔබ අ.පො.ස. සා/පෙ සිටම උගෙන් ඇතුවාට සැක නැත. ඒ බටහිර ක්‍රමයටය. මේ දැන් අප දැන ගන්නේ අපේ පෙරදිග ක්‍රමයට ආහාර ජීර්ණය විස්තර කර ඇති අයුරුයි.

ධාතු නිර්මාණ ක්‍රියාවලිය හෙවත් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආයූර්වේදයට අනුව.
ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ ක්‍රියාවලිය සිදුවෙන ක්‍රම තුනක් දක්වලා තියනවා.
1. කෙධාරි කුල්‍යා න්‍යාය
2. ඛලේ කපොත න්‍යාය
3. ක්ෂීර දධි න්‍යාය
මේ ගැන විස්තර සොයන කෙනෙක්ට ප්‍රයෝජනවත් වන්නට මම රෙෆරන්ස් දෙන්නම්. චරක චිකිත්ස් 15/16 අධ්‍යායන්, සුශ්‍රැත සූත්‍ර 14 අධ්‍යාය, අෂ්ටාංග හෘදය ශාරීර 3 අධ්‍යාය. මේ පොත් තුන කරුණු කීපයක් ගැන ප්‍රතිවිරුද්ධ මතත් දරනවා. නමුත් ඒ ගැන නොසලකා අපි මේ ක්‍රියාවලිය ගැන සිත යොමමු.

(1)කෙදාරි කුල්‍යා න්‍යාය
මෙහිදී කෙදාරි යනු කෙතයි. කුල්‍යා යනු ඇලයි. එනම් කෙතට ඇලවල් වලින් වතුර ගෙන යන රූප ඔබ දැක ඇතිනේ අන්න ඒ වගේ ප්‍රධාන ඇළෙන් ජලය ඊළඟ ඇළට, ඒකෙන් ඊට කුඩා එකට අදී වශයෙන් පිළිවෙළට ගමන් කර කෙත ජලයෙන් පෝෂණය කරනවා. මේ ආකාරයෙන්ම අප ගන්නා ආහාරයේ ඇති රස කොටස, රක්තය කොටස, මාංශ කොටස ලෙස පිළිවෙලින් එකින් එක ශරීරයට උරා ගන්නා අයුරු විස්තර කෙරෙනවා. මෙකෙදි වන්නේ අනුපිළිවෙලින් ආහාරය රස ආදී වශයෙන් ගොස් ශුක්‍ර බවට පත් වීමයි.

(2)ඛලේ කපෝත න්‍යාය
මෙහිදී නොයෙක් ධාන්‍ය වර්ග විසුරුවා ඇති තැනකට නොයෙක් පළාත් වලින් කුරුල්ලන් පැමිණ තම තමන් කැමැති ධාන්‍යයක් තෝරාගෙන යන්නාක් මෙන් ආහාරය ඉතාමත් අවශ්‍ය ධාතුව බවට ඉක්මණින් පත් වීමයි. මෙය හැම විටම සිදු නොවන ක්‍රියාවලියකි. මෙය ඉතා අවශ්‍ය අවස්ථාවලදී ක්‍රියාත්මක ඒ. නැතහොත් අඩු වේගයකින් සිදු වෙමින් සිට අවශ්‍ය විටෙකදී වේගයෙන් ක්‍රියාත්මක වේ.

ක්ෂීර දධි න්‍යාය
මෙහිදී වන්නේ කිරි දී කිරි බවට හැරෙන්නාක් මෙන් ඉතා ක්‍රමානුකූල ලෙස ආහාරය පරිණතියට යාමයි. මේ ක්‍රමයත් නිතරම සිදු වන ක්‍රියාවකි. 1 සහ 3 වන ක්‍රමයට නිතරම ආහාරය පරිණත කරන අතර 2 ක්‍රමය හදිසි විටෙකදී පමණක් ක්‍රියාත්මක වේ.

දැන් ඔබට ස්ථූලභාවය ගැන කියන්නම් මෙතැන් සිට. ටිකක් දිග වුවත් මේක අවශ්‍ය අය සිටින නිසා මේකෙදිම අවශ්‍ය දේ කියන්නම්.

දැන් අපි දන්නව යමෙක් ආහාරයක් ගත්තම ඒ ආහාරය, ආහාර රසය බවට පත් වෙනවා. මේ සදහා ධාත්වග්නි පාකය කියන සංසිද්ධියත් වැදගත් වෙනවා. ඒ ගැන මම වැඩි විස්තරක් නොකියා කෙටි හැදින්වීමක් විතරක් කරන්නම්.

අපේ ආහාරය මත යෙදෙන එක් බලයක් වන්නේ මේ ධාත්වග්නි පාකයයි. මේකෙදි අනුපිළිවෙලින් එකින් එක ධාතූන් සදහා වැදගත්වන ධාත්වග්නි පාකයන් යෙදවෙනවා. උදාහරණයක් විදියට මුලින්ම, ආහාරය මත ධාත්වග්නි පාකය යෙදීමෙන් ඇතිවෙන්නේ ආහාරයේ රස කොටසයි. ඒකෙදි නිපදවෙන්නෙ රසයයි. නැවත ධාත්වග්නිපාකය යෙදීමෙන් රක්තය, මේද, මාංශ, ආදී ලෙස ක්‍රමයෙන් සියලුම ධාතූන් නිපැයෙනවා.

මේ ධාත්වග්නි පාකය යෙදවීම සම්බන්ධව නොයෙක් මතයන් තිබෙනවා. මම මෙහිදී පිළිගන්නේ අර අපි කලින් කතා කළ 1, සහ 3 යන ක්‍රම දෙක සාමාන්‍ය ලෙසත් 2 ක්‍රමය හදිසි අවස්ථාවලත් යෙදවීමෙන් ශරීරයට අවශ්‍ය ධාතු නිපදවෙනවා කියන එකයි.

ඉතාම කෙටියෙන් කිව්වොත් මේ 1, 3 ක්‍රම වලට තමයි අපේ එදිනෙදා අවශ්‍ය ධාතූන් නිර්මාණය වෙන්නේ. ඊළඟට මේ ධාතූන් පිළිවෙලින් භූතාග්නි පාකය නම් සංසිද්ධියකට භාජනය වෙනවා ඉන් ඇතිවන ඵලය වෙන්නේ මහාභූත පංචකය. එනම් පෘථිවි, ආප්, අග්නි, ආකාශ සහ වායු යන මහාභූතයන්.

දැන් ඔබට පැහැදිලි ඇති අපි ගන්නා ආහාරයෙන් මුලින්ම ධාතු සප්තකයත්, ඒ ධාතු සප්තකයෙන් ස්ථාවර ධාතූන් හැර අනිත් පෝෂක ධාතූන් මගින් පංච මහා භූතයනුත් නිපදවෙන බව. මේවා සියල්ලම නිසා තමයි අපේ ජීවය පවතින්නේ.


එතකොට අපේ ශරීරයට පෝෂක වර්ග දෙකක් එකතු වෙනවා. ඒ අපි කියූ ස්ථාවර ධාතු සහ භූත පංචකය.

දැන් අපි හිතමු, යම් කෙනෙක් අසනීපයකින් පෙළුණා. නිසි පෝෂණයක් නැති වුණා සෑහෙන දින ගණනක්. එතකොට මොකද වෙන්නේ???
මෙන්න මේක බොහෝම වැදගත් ප්‍රශ්නයක්.

මෙහෙමයි ඒ වගේ අස්ථාවක අපේ ශරීරයේ පෝෂක ධාතූන් වන සප්ත ධාතු අඩු වෙන්න ගන්නවා. ඒ එක්කම එයිට අදාළ මහාභූතයන්ද අඩු වෙනවා.

මේ හිඟය මඟ හරින්න යම් පෝෂණයක් ශරීරයට ලැබිය යුතුයි. ආහාර ගෙන ඒ තරම පෝෂණයක් ලැබීමට කෙටි කලක් ගතවන නිසා අපේ ස්ථාවර ධාතු සප්තකය යම් ප්‍රමාණයකට ධාතු මුදා හැරීමක් සිදු කරනවා. අන්න ඒ නිසයි යමෙක් අසනීපයකින් පෙලුණොත් කෙට්ටු වෙන්නේ.

ඒ වගේම අපි අපේ ආහාරය සමබර කර නොගත්තොත් ?????

ඒ ගැන සහ ශරිරයේ කායික සමබරතාව නීරෝගීව පවත්වා ගන්නා අන්දම දෙවනි කොටසින් ....

හරියන්නෙ නැහැ. එක කොටසකට දිග වැඩියි. එහෙනම් දින දෙක තුනකින් ඉතිරි කොටස......

48 comments:

  1. මෙන්න වෙනස් වෙලා.....
    හොල්මන් වෙලා ගියා...... :)

    මම හැමතිස්සෙම හිනා වෙන හින්දා වෙන්නැති ටිකක් මහත :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙලා වෙනස්වෙලා.. මේ විශ්වයේ වෙනස් නොවන එකම දේ වෙනස්විමම තමා දරුවෝ.

      Delete
  2. වෙද මහත්තයත් ඩයිනමික් වෙලා මරු ඈ .....හැබැයි මේ ලිපියේ ඕනිම කරන ටික ඊලඟ ලිපියට ගිහින්

    ReplyDelete
    Replies
    1. බුවා සහෝ මරු නම් හොදා. ස්තුතියි. හොදම ටික තව පසුව දෙන්නම්. දින දෙක තුනකින් එනවා.

      Delete
  3. නියමයි වෙදාණෙනි!
    ඉදිරි ලිපිය ඉක්මනින් බලාපොරොත්තු වෙමි!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. වහා එමි. නැවත මයිනන්ගෙන් පසු ඇකඩමිකයෝද ඉසිඹු ලබන බවට වහසි බස් දොඩති. එසේ වුවොත් තව ලිපි දෙක තුනකින් ඔබට සංග්‍රහ කරමි.

      Delete
  4. ශුක්‍ර ධාතු ගැන විතරක් දැනන් හිටපු මට නම් මේ ලිපිය හරිම වැදගත්. දැන් කටපුරා අනිත් ධාතු හය ගැනත් දන්නවා කියතහැකි.

    ReplyDelete
    Replies
    1. ශුක්‍ර ධාතු කට පුරා ??

      Delete
    2. හැක් හැක් හැක් හැක්! No Comment!
      henryblogwalker the Dude

      Delete
    3. ඉන්නකො මේ තාම කස කරුවොනෙ. ඊලඟට වැඩ. කොහොම හරි ලියන්නාට වැඩක් වේනම් ඒ මදෑ.

      ඇනෝ
      ප්‍රෝටීන, තව ලවණ, ස්වල්පයක් සැරව සෛල, තව වැඩිපුරම ජලය. හොදා හොදා.

      ඩියුඩ්
      හැක. හැක... හැක....

      Delete
  5. අනේ මන්දා මම ඇතිවෙන්නම හිනාවෙනවා. ඒත් තර වෙන්නෑ නේ..දැන් විටමින් වර්ගත් බීලම ඇති වෙලා..මහ වෙදනා, මොකද කරන්නේ මේ ප්‍රශ්නෙට. කට්ටිය කෙට්ටුයි කියද්දි නම් ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්

    ReplyDelete
    Replies
    1. මට කෙසේ වෙතත් මේ කොල පාටට අපල කාලයක් මැයි.

      ඒ තරවුනොතින් වෙයි ලෙඩ වන්න. ඒ නිසා කෙට්ටුව හොදයි.

      Delete
    2. බට්ටිටට මේ ලිපිය බොහෝ වැදගත් වෙයි. ඊලඟ කොටස කියවන්න.

      Delete
    3. අය්යෝ බට්ටි කෙල්ලෝ කාලේ ඔහොම තමා . පාරේ යනවා දැක්කම මිනිස්සු හිතන්නේ මාන්දම කියල . කන එව්වා එස්ලෝන් බටේට දැම්ම වගේ . කසාදයක් බැඳලා ළමෙක් දෙන්නෙක් කාරිය හදල බලන්නකෝ .

      Delete
  6. වෙදගෙදර ලොකු වෙනසක්. ඊ ළඟ කොටස බලාපොරොත්තුවෙන් ඉන්නවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. වෙනස කල්පවතිනා කිසිම වෙනසක් නැත. හැම නිති වෙනස් වේ. ඉක්මනින් එමි.

      Delete
  7. අපොයි වෙදමහත්තයො මොකද කලේ මේ බ්ලොගේ ඇඳුමට. අර තිබිච්ච එක හොඳ නැත්ද? මේකෙ ස්ක්‍රෝල් බටන් එකත් වැහිලා වෙදමහත්තයගෙ පොප් අප් ගැජට් වලට. අනික මේ කලු සුදු මට නම් ටිකක් කම්මැලි පාටයි.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඩියුඩ් මේ පොඩි එනසක්. බූඑ කල් සිට බලා සිටියා මේ ටික කරන්නට. බයේ හිටියේ. දැන් බය නැහැ. මගේ කොම්පීටර දැණුම බොහෝම බාලයි.

      Delete
  8. වෙදමාමේ මෙව්ව මගෙ ටිකිරි මොලෙට බර වැඩිද එහෙම නැත්තම් දවසෙම් ඉලක්කං එක්ක ඔට්ටු වෙන හින්දද මන්දා.. නිකන් කරකවල අත ඇරිය වගේ

    ReplyDelete
    Replies
    1. තව දින දෙක තුනකින් ඒක හරියයි ඊලඟ ලිපිය ආවම.

      Delete
  9. ගොඩක් වැදගත් ලිපියක්....

    ReplyDelete
  10. බඩ මහත් වීම ගැනත් (මහත් වීම නැති වුණත් බඩ අඩු කර ගන්න) පුළුවන් විදි ගැනත් අන්තිම කොටසෙදි හරි පොඩ්ඩක් විස්තර කරයි කියල බලාපොරොත්තු වෙනවා.. අර කලින් තිබ්බ කොලපාට මේ වගේ පොස්ට් වලට ගැලපෙනවා.

    ReplyDelete
  11. කොල පාට ගැලපෙනවා නම් තමයි ඒත් මම මේ ඩයිනමික් විව් එකට කැමති නොවැ. අපි ඔබේ ප්‍රශ්නයත් කතා කරමු.

    ReplyDelete
  12. තව තර වෙන්න නං අදහසක් නැහැ..ඒ නිසා කියවන්නම ඕන පෝස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. ඊලඟ කොටසින් තර නොවී සිටීමට වෛද්‍ය උපදේශ...... කියවා බලා, පිළිපදින්න. වරදින්න විදියක් නැහැ. අත්දුටුවයි සත්තයි.

      Delete
  13. හි හි...
    මහත් වෙන එකෙත් අවුලක් නෑ වගේ එහෙනං

    ReplyDelete
    Replies
    1. අපොයි තාම මඟ ඉවර වුනාම පෙනෙයි අවුලක් තියේ....

      Delete
  14. අනේ වෙද මහත්තෙයො ඔබතුමාට මේ ටෙම්ප්ලටෙ එක ගැලපෙන්නෙ නෑ කියලයි මගෙ හැඟීම. මෙක හොඳයි වර්නවත් පින්තූර තියන බ්ලොග් එකකට. මම නම් හිතන්නෙ වඩා හොඳ වෙන්නෙ අර කලින් වගෙ කොලපාට එකක්. ලස්සන පින්තූරයක් (ඔබටම ආවේනික) එකක් හෙඩිමට දාලා.

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ඔය කතාවම ගිම්හාණිත් මට කිව්වා. බලමු ඉදිරියේදී......

      Delete
    2. වෙන කෙනෙක් මේ ඇදුම දාගත්තනම් බ්ලොග් බැලීම අත් හැරලම දානවා . ඒත් ඉතින් වෙදගෙදරට ගොඩ නොවී බැහැනේ . මමනම් කැමති අර පරන ඇදුමටයි . ඒක ඇහට හරිම ප්‍රියයි . අනිත් කරුණ ඒ පාට ඔබේ විෂයටත් හොදටම ගැලපෙනෙවා .

      …අනේ තවත්නම් මහත් වෙන්න බැ. මේ හොදටම ඇති . වැදගත් ලිපියක් හැමදාමත් වගේ .

      Delete
  15. ඊලඟ පෝස්ට් එකේ තමා වටිනා කොටහ තියෙන්නේ කියලා තමා මමත් හිතන්නේ. විශේෂයෙන් බඩ බස්ස ගන්න හැටි වගේ දේවල් :D

    ReplyDelete
    Replies
    1. බඩද, අපෝ මේ හැම විනාසෙටම මුල ඕක තමයි!!!

      Delete
  16. මේ අලුත් විදිය නියමයි. ඉක්මනින් ලෝඩ් වෙනවා. වැදගත් ලිපියක්, ඉතුරු ටිකත් කියවන්න මගබලාගෙන ඉන්නවා. මම එකම තැනක ඉඳගෙන ඉඳලා බඩගෙඩිය තර වෙලා නේ වෙදමහත්තයෝ. රස්සාවේ හැටි..

    ReplyDelete
    Replies
    1. රස්සාව තමයි අපේ විනාශයට මුල. ඕක ඉවර වෙනකොට ඉතුරු වෙන්නේ දන්නවනේ, ල..යි, බඩයි විතරලු හෙක්. හෙක්.. හෙක්...ඇයි තට්ටේ....ඔන්න ඔච්චරයි. ඒ නිසා ඊලඟ කොටස කියවමු.

      Delete
  17. මහ වෙදනෝ ඔයාගේ බ්ලොග් එක වෙනස් කරලද? ඊයේ මට කමෙන්ට්ස් බලන්ට බැරිව තිබුනා. පොඩ්ඩි හිනාවෙන එක සම්පූර්ණයෙන් නතර කලා 'තරවෙයි' කියලා බයේ.:D

    වටිනා පෝස්ටුවක්!!!

    ReplyDelete
    Replies
    1. එහෙමද පොඩ්ඩී මම අලන්නම් ඇයි කියලා. ( බලන්නම් කිව්වට මට තෙරෙන් නැහැ. මගේ මලය කොම්පීටර බාස් එයාටම කියලා බලන්නම්.) එපා හිනා වෙන්න ඇයි :D තිබුනම ඇතිනෙ.

      Delete
  18. මොනාඋනත් නොදන්නා දෑ ඉගෙන ගත්තෙමි

    ReplyDelete
    Replies
    1. හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ටිකක් ඉන්නකො...

      Delete
  19. වෙද මහත්තයා කියලා තියෙන දේ මාර වටිනවා. මමත් දන්න හැටියට කාලෙකට කලින් කියලා දෙන්න ගියා ඔය ගැන. හෙහ් හේ.......

    අනික සිනා වී තර වන්න කියද්දිම මොකක් හරි අවුලක් තියෙනවා කියලා මට ඒකාලේ ඉඳලා දැනිලයි තිබුනේ.....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නේ බුද්ධි. මේකෙ අනික් ටික ආවම හරියටම කියල දෙන්න ඇහැකිනෙ...

      Delete
  20. අග්..වේද මහත්තයා අලුත් ඇදුමක් දාලා තියෙන්නේ...
    මටත් දැනගන්න ඕනේ මහත් වෙන්නේ කොහොමද කියල.. දන මමත් ටිකක් මහත්වෙගෙන එන්නේ... සුටි බඩකුත් ඒගෙන එනවා...

    ReplyDelete
  21. සිනාසී තරවෙනවනම් මචං. ඉස්කෝලෙ යන කාලෙ මේ සෑමා මීට වඩා මහත වෙන්න එපැයි.

    අලුත් පෙනුමක් එක් කලාද බ්ලොගට ?

    ජය !

    ReplyDelete
  22. මට නම් ලොකුවට ප්‍රශ්නයක් නැහැ මහත ගැන . ඒත් ඉතින් දැන් පොඩි ව්‍යායාම පාරක් දානවා . තව මහත් වුනොත් අකමැති නිසා සහ නිරෝගී බව රැක ගන්න . මේ රටේ මිනිස්සු පුදුම විදිහට ව්‍යායාම කරන්නේ . ඇඳුම නම් ටිකක් මමත් අකමැති එකක් . මන් කැමති පාට ඇඳුමකට .ඒත් කමෙන්ට් කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ .

    ReplyDelete