Thursday, August 1, 2013

අද අද එයි මරු පිංකර ගන්නෙ

ඔබ කවුරුත් දන්නා පරිදි මම දේහපාලනය උගත්තෙක් මි. දේශපාලනය මට ආගන්තුක ය. ඒ පිළිබඳ ඇසූ දුටු කියවූ දෑ හැර අන් යමක් මම නොදනිමි. නමුත් මගේ බුද්ධි මානයට පිටින් වුවත් යමක හොද නරක මිනුම් කිරීමට සරි බුද්ධිය ක් මට ඇතැයි මම දනිමි. දශක කීපයක් ලැබූ ජීවන පරිචය ම ඊට ප්‍රමාණවත් ය.

දැනට මෙසිරිලක වාසස්ථානය කොටැති මම නොයෙක් විට ලැබූ විදෙස් අත්දැකීම් ද සමග මුසු කොට මෙසේ ලියා තබමි.

අප කුඩා කළ, මට දැනුම් තේරුම් ඇති වයසේ දී මෙරට දේහ පාලනය පිළිබඳ සෙවුමට පත් කොට සිටි රජයේ බලධාරියා වූයේ වෛද්‍ය රංජිත් අතපත්තු මහතා යි. ඒ එම තනතුර ට සුදුස්සෙක් පත් වූ අවසාන වතාව යැයි මට සිතේ. මන්ද එතනින් පසු දේහපාලනයත් දේශපාලනයත් දෙකම එක වලේ ම වැටෙන්න ට වූ බැවිනි.

මගේ ප්‍රියතම දේශපාලකයා වන ජේ. ආර්. ජයවර්ධනයන් ගේ මැති මඬුල්ලේ සිටි අතපත්තු මැතිඳුන් එම තනතුර ට එක් කළේ සෙසු පටු ප්‍රභාවක් ද නොවේ. ඊට ඇති හොදම නිදසුන නම් එතුමන් එම තනතුර හැර දමා ලෝක දේහපාලන සංවිධානයේ බලගතු තනතුරක ට පත් කිරීම යි. එවන් පුරුෂයන් අද කොහිද? ඉඳ හිට හීන් කෙදිරීම් හැර එක සීරුවට අහල ගම් හතකට එක විට අඬහැරයක් පාන්නට තරම් එකෙක් අද වෙසෙත් ද?

ඒ එසේ තිබෙන්නට හැර මම මේ හාන් හෑල්ල ලිවීමට සිත් වූ කාරණය ඔබට මෙසේ කියමි.
ඊයේ මගේ අසල් වැසියෙක් මා හා කියූ කතාව මෙසේයි. ඔහු අද දින උසාවිය ට කැඳවා ඇති ලු. ඉතාම අහිංසක පුද්ගලයෙක් වන මා අසල් වැසියා එතරම් වරදක් කෙදිනකවත් නොකරන වග නම් මම දනිමි. නමුත් මා වැරදිය. ඔහු මහ පොළව නුසූලන අපරාධය කාරයෙකි. දිනපතා උදේ සවස කුරුල්ලන්ට කෑම සහ බීමට ජලය දීමට තරම් වූ නොසන්ඩාලයෙකි. එපමණක් නොවේ තම ගෙවත්තේ රම්ප ගහක් වැවීමට තරම් අපරාධකරුවෙ කි.

මෙතෙක් කලක් ඉතාම රහසිගත ව කර ඇති මේ අපරාධය පසුගිය දිනක පොලොස් බලධාරින් ගේ උකුසු ඇස ට හසු වී ඇත. ඔවුන ට ඇත්තේ උකුසු ඇස් ය. පෙනෙන්නේ මේවා ය.

නමුත් රේමන්ඩ් පාර, පාගොඩ පාර, පූර්වාරාම පාර (ටික දිනක සිට අලුතින් කාණු බඳිමින් සිටිති.) ඇතුළු සියලු නගරය ට සම්බන්ධ වන කිසිම අතුරු පාරක කාණුව ක් සුද්ධ නොකරන බව මම දනිමි. මේවා සුද්ද කිරීම මගින් නගරයේ ඩෙංගු පාලනය කිරීම ඉතාම පහසුවෙන් කළ හැකිය. එනමුත් සමහර කාණු ඇත්තේ කොයිබක ද කියා නගර සභාව ත් නොදනී. උදාහරණ රේමන්ඩ් පාර කාණු ඇත්තේ පුද්ගලික ඉඩම් හරහය. ඒ කාණු දැන් වැහී ගොස්ය. මදුරු ආකරය.

නමුත් ඒවා එසේ වුවත් නගර නයුවන් නඩු අසා හිරේ දැමූ විට නගරයට කවර පිහිටක් ද? එම නිසා මේ නගරවල ඩෙංගු මර්ධනය කෙසේ වෙතත් රජයට ආදායමක් ගත හැකි වීම ම සිතට ප්‍රීතියක් නූපදවයි ද? අප එවන් දේශප්‍රේමීන් වෙමු. හිරේ වැටී, ඩෙංගු හැදී මියෙම්වා අපේ නගර නයුවන් සහ අපේ සසිරිබර මෙසිරිලක රටේ නයුවන් තිස්තුන් කෝටියකුත් තවත් ටිකක් වන දෙවියෝ ම බලත්වා. පඟර නැට්ටන් වන නගර වැස්සන් මැස්ස වැනි බෝවෙ ත්. ඒ අතරින් කීප දෙනෙක් මළාට බිය විය යුතු නොවේ. බෝ කිරීම සදහා ද බලකායක් සහ සේනාවක් ඇති බැවින් වෙසෙසින් ම හිතට ප්‍රීතියක් නොපැමිණේ ද?

එසේම ගම්පහ වැලිවේරියේ වැස්සන් ද මේ නටන්නේ පිස්සුවකි. ඔය එකෙක් දෙන්නෙක් මළාට දෙකෝටියක් වැස්සන් සිටින රටකට බරපතල හානියක් සිදුවේද? ඕවා දේශදෝහීන්ගේ පිස්සු කථාය. යම් විදියකින් එසේ වැස්සන් හමාර වුවොත් ප්‍රශ්නත් හමාර බව නොපෙනේ ද? ඒ නැතත් බලකාය සහ සේනාව බෝ කරණ වැඩේ භාර ගෙනැති බැවින් තුටින් නිදන්න. මදුරුවන් තමන්ගේ පෝෂණය සරි කර ගියාවේ.

අවසාන වශයෙන් මෙසේ කියමි.

අද අද එයි මරු පිංකර ගන්නෙ - කුමට ද හෙට මරු නේති යි සිතන්නේ…


ඒ වගත් මෙසේම යි.

50 comments:

  1. 'ඩෙංගු නැති කරන්නේ නැතිය. අර, කුඩු දාලා, හිරේ දානවා වගේ. කීටයෙක් ගෙනත් යෝගට් කෝප්පෙට දාලා, කප්පම් ගන්නවාය. එහෙම එකතු කරපු ගාන කෝටි 20 ක්ද කොහෙද කියලා පත්තරේක තියෙනවා දැක්කේය. මුන්ගේ අම්මලාට හැමිනෙන්න, ඒකෙන්වත් මදුරුවෝ ටික නැති කරලා දාන බැරිදෝ කියා ඕන එකෙකුට හිතෙනවනම් අවුලක් නැතිය.'

    - මහාචාර්ය මාතලන් මහතා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මාතලන් කියන එකේ ඇත්තක් තියනවා නේද කියලා හිතෙනවා අහන දකින ඒව නිසා.

      Delete
  2. මේ තරම් ගොන් ආන්ඩුවක් කවදාවත් දැකලා හෝ අහලා නැත. ජනවහරේ එන කින් කැකිල්ලේ නම් මෙවන් පිස්සු කෙළ ඇති බව අසා ඇත. මේ පවතින්නේත් එවන් රාජ යුගයක්ය. ඩෙංගු මදුරුවා මරන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ වැහි පීලී ඉවත් කිරීමය. යෝගට් කෝප්ප නැවත් මිලදී ගැනීමය. මිනිසුන්ට නඩු දැමීමය. අද පුවත් පතක දුටුවේ ඩෙංගු මදුරුවා බෝවිය හැකි ශාක විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇති බවයි. මේ ශාක ලංකාවට ගෙන එන්නට ඇත්තේ මෑතක විය යුතුය.

    මේ ආන්ඩුවේ ඇමති කෙනෙක් තන පටයකින් ගෙල සිර කොට මැරුවොත්. ගෑණුන්ට බ්‍රෙසියර් අඳින්නට වන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ඇයි අර ජිනා මඩම්ගේ ගෝලයා වුණු සංස්කෘතිය භක්ෂක ඇමැට්ටෙක් ගැනුන්ගේ ගවුමේ දිග හොයන්න කොමිසමක් දාන්න ගියේ. අනේ මෙහෙව් රටක්. මේ ගොන් ජහමනයාටම ගැලපෙන මජර ක්‍රමය.

      Delete
  3. හැමදාමත් හැමදෙටමත් වගේ ඩෙංගු මර්ධනයටද මේ රජයට ජාතික වැඩපිළිවෙලක් නැත.(ඩෙංගු මර්ධනයට පමණක් නොව කිසිම දේකට ජාතික වැඩපිළිවෙලක් නැත), එවන් වූ වැඩපිළිවෙලක අවශ්‍යතාවය සඳහා ජන මනස හැඩගැස්වීමට උත්සාහයක්ද නැත. ඩෙංගු දඩ වලින් ලැබෙන මුදල දිහා බලාගෙන එය තව රජයේ ආදායම් මාර්ගයක් බවට පත්කරගෙන ඇත. (අදායම් ලැබේ නම් ගුද මාර්ගය වුවත් මේ රජයට කමක් නැත).
    පාවාදීම හා අනෙකට වල කැපීමට කප් ගැසූ ජාතියක් වන අපේ මිනිසුන්ටද මෙය තරහා කාරයාගෙන් පලිගැනීමට හොඳ අවස්ථාවකි. කොහොමහරි තමුන් දඩ නොගෙවා, නඩු නැතිව බේරීමට උත්සාහ කරනු විනා ඩෙංගු මර්ධනය කිරීමට වුවමනාවක් කාටවත් නැත.

    ReplyDelete
    Replies
    1. අර කතාවක් තියනවානේ සක්කරයා ගාවට ලෝකෙ සියලුම ජාතීන් කැඳවලා තම තමන් කැමති දේ දුන්න. අපේ සිංගල අයියලා නිකම්ම ආවා කියලා. අන්න ඒ කතාව මතක් වෙනවා මේවා මෙහෙම තමයි. කයිය බැලුවොත් අපිට ගහන්න එකෙක් නැහැ. ඒ නිසානේ කියන්නෙ කථාව දෝලාවෙන් ගමන පයින් කියලා. අපි අපේ පාඩුවේ ඉම්මු කියන එක මේ රටේ මහා වීරකමක් ඉවාන්.

      Delete
  4. ඔතන තීයෙන්නේ තේරුම් ගැනීමට වඩා නියෝග වල ඔලමොට්ටල කමක්.. නිලධාරීන් හා දේශපාලකයන් එකතුව ප්‍රායෝගිකව හා න්‍යායිකව නිවරැදි වැඩ පිලිවෙළක් මොන දේටද හදල තියෙන්නේ. කියුබාවෙන් මහා ධනස්කන්දයක් වියදං කරල ගෙනාවා ප්‍රතිබැක්ටීරියාවක්. මොකක්ද උනේ. හැම තැනම මදුරුවන් බෝ වෙනවයි කියල, ඒකට හරියට ප්‍රාෙයා්ගික වැඩ පිළිවෙලක් විද්වතුන් හා ජනතාව එකතු කර ගෙන හදල තියෙනවද නෑනේ. ලංකාවේ තියෙන හැම දේටම එහෙමයි. ඔලමොට්ටල තීරණ, තින්දු හා නීතියක් පමණයි ඇත්තේ. හැකි එකාට පැන යන්නත්, පිස්සු කෙලින්නත් නිදහස ඇති මේ නීතිය, පාලනය හා සිස්ටම් එක පොඩි එකාට නයෙක් වගේ තමා.. මාතලං කිව්ව වගේ මේ තරං පිස්සු ආන්ඩුවක් කවදාවත් තිබුනේ නෑ. ඇයි ඔය වැහැපිළි එහෙමත් තහනං කරන්න කතා කරේ මේ බුරුවෝ...

    ReplyDelete
    Replies
    1. කට පාඩම් කරලා විභාග පාස් වෙච්ච උන් පරිපාලනය කරන. පාසලක පන්තියක සිටි අදක්ෂම නූගත් මැරයින් පාලනය කරන රටකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද දේශා.

      Delete
  5. ලඟදි අපේ ඔෆීස් එකට ආව පීඑච් අයි සෙට් එකක්. කාණුවක් බලල කිව්ව ඩෙංගු කීටයො ඉන්නව කියල. පුදුමෙ කියන්නෙ ඒ කාණුවෙ තිබුනෙ එදා දවසෙ වැටුන වතුර ස්වල්පයක්. එහා පැත්තෙ තියන ප්‍රාදේශීය සභාවට අයිති භූමියක වතුර එකතුවෙලා තියනව. ඒ ගැන කිව්වම එතන කීටයන් නෑ කියල කියනව. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ ඕකටයි. රජයේ ආයතනයකටත් ඔහොම නං සාමාන්‍ය මිනිස්සුන්ට කොහොමද.

    දැන් තියෙන්නෙ ඩෙංගු මැඬීමේ අවංක උවමනාවක් නෙවේ. ඩෙංගු දඩ මුදල් එකතු කිරීමේ උවමනාව.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම, මේක හොද ආදායම් මාර්ගයක්. දිනක් මගේ මිත්‍ර උසස් පොලිස් නිළධාරියෙක් මුණ ගැහෙන්න එයාගෙම ආරාධනයෙන් මම ගියා පොලීසියකට. මාරයි,,, ඔන්න පොලිස් කොස්තාපල් ල පෝලිම් කරලා ඇස් අයි කෙනෙක් වැඩ පවරනවා මම අහන් හිටියා....... දෙන්නා යන්න අතන හංඩියට අතනට ඔඅ දෙන්නා, මෙත්න ආදි වශයෙන් ෆෝන් වලින් කතා කර කර ගිය අය 5වත් එක කට්ටියකින් ගෙන්නෙ ඕනෙ. ඉරි කපලා මෙච්චරයි. වැරදියට ඉස්සර කරන මෙච්චරයි ඔය ආදී වශයෙන් උපදෙස් දෙනවා. නඩු මෙච්චරයි.

      මගේ මිත්‍රයා මට කිව්ව ඒ රජයට ආදායම් හොයනව මචන් කියලා. අනේ රාජ මේක කඩන් වැටෙන රටක්.

      Delete
  6. මෙතන වැඩිපුරම ඇත්තේ නිලධාරින් දෙශපාලනීකරනය වීම සහ නිලධාරි වාදයයි යන්න මාගේ හැඟීම, නිසි පුද්ගලයන් නිසි නිලයන්ට පත් නොවීම හෝ දෙශපාලන පන්දම් වලින් නිලයන්ට පත්වෙන නිලදරුවන් අනු දෙශපාලකයන්ගේ රූකඩ විම මගින් පහත් තැනින් යයි ගලා ජලය යන කියමන ඔප්පුකිරීම අද සමාජයේ සුලබ සිද්දීන් බවට පත්කොට හමාරය

    ReplyDelete
    Replies
    1. අදක්ෂ අකාර්යක්ෂම නිළධාරීන් සහ නූගත් මැරයින් වුනු දේශපාලකයින් සිටිනා තුරු මේ අදුර මෙහෙමමයි.

      Delete
  7. ඔය ලෝක දේහපාලයේ ලොකු තනතුරක් ලැබුන්නේ වැඩ්ඩන්ට විතරද වෙදතුමෝ?
    එහෙමනං අර සිරිපාලද? සිල්වා නිමල්ටත් ලැබුනේ. අතපත්තුයි සිරිපාලයි දෙන්නම එක ජාතියේ අය වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නිමල් සිරිපාලට ලැබුන ලබ්බක් නැහැ. ඒක නිකම් මරණාදාර සමිතියක් වගේ එකක්. ලෝක දේහපාලන සංවිධානයේ සභාපති තනතුරු නැහැ. අතපත්තු ට ලැබුනේ එහි පරිපාලන නිළයක් ඇනෝ අතපත්තුයි සිරිපාලයි සසඳන්න නම් බැහැ. ඒක නිකම් කේක් කන්න හොදි හොයනවා වගේ අපුල වැඩක් ඇනෝ.

      Delete
  8. කොහොමත් මදුරුවෝ මර්ධනය කරන්න උවමනාවක් මේ ගොල්ලන්ට තිබුනෙත් නෑ ඇත්තෙත් නෑ,මදුරු කොයිල් කාරයොත් එක්ක සහජීවනයෙන් තමයි ඉන්නෙ.
    ඔයා ඩෙංගු මර්ධන කතා ඔක්කොම විහිළු,වැහි කාලෙට විතරයි.
    මම වෙද මහත්තයගේ බ්ලොගේ කමෙන්ට් කරන පළමුවෙනි දවසද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ අද තමයි. මට ඒක බොහෝම වටිනවා. ඔබ වැනි සුන්දර මිනිසුන් හැර මේ රටේ වෙන වටිනාකමක් නැහැ අයියා.

      Delete
  9. මේ ඩෙංගු මදුරුවොත් අපිටමනේ වින කටින්නේ.
    phd ලා ගේ කල්ල මරේ ඇති මේ කෙලියෙන්.
    (හැම Phd කෙනෙකුගේම නෙමෙයි ඈ.)

    ReplyDelete
    Replies
    1. PhDද PHI ද, PhD කිව්වම පොඩි දුකක් එනව. ඒක විතරයි තාම හරි විදියට ගන්න ඇහැකි.

      Delete
    2. මලා, වැරදීමක් වෙද මාමේ එක "PHI" විය යුතුයි.

      Delete
    3. ඈ වෙද මහත්තයා එතකොට අර කැළනියෙ එක්කෙනා අරගෙන තියන එක හරි එකක්ද වැරදි එකක්ද?

      Delete
    4. ඔය ප්‍රශ්නෙ අහපු එක හොදයි. විශ්ව විද්‍යාල වලින් උපාධි ක්‍රම කීපයකට දෙනවා. ආචාර්ය උපාධිය ගන්න යමෙක් තමන්ට පළමුව අදාල විෂය ක්ෂේත්‍රයක මාතෘකාවක් තෝරාගත යුතුයි. ඒ මාතෘකාව සම්බන්ධයෙන් වසර තුනක පර්යේෂනයක නිරත විය යුතුයි. එය සුපවයිසර් වරුන්ගේ අනුමැතියෙන් පීඨ සභාවට ඉදිරිපත් කර අනුමත වූ පසු උපාධිය හිමි වෙනවා. මේ සදහා අර අවුරුදු තුන ඇතුලත නොයෙක් ක්‍රියාකාරකම් තිබෙනවා. පියවර කීපයක ප්‍රසන්ටේෂන් තිබෙනවා. අමතර නිබන්ධන කීපයක්ම කළ යුතුයි. මේ වැනි බොහෝම දුෂ්කර දෙයක් ඒක. ඒ සියල්ලම කළත් අවසාන ප්‍රස්න්ටේෂන් එකෙදි අසන එකම ප්‍රශ්නෙකින් සියල්ල වැරදී යන්න පුළුවන්. කැළනියේ පිසාචයට ලැබුනේ පිනාට ලැබෙන එකක්. ඒකත් විශ්ව විද්‍යාලයකින් නෙමේ. මොක්ක්ද අටමගලකින්. විශ්ව විද්‍යාලෙත් එහෙම උපාධි දෙනවා. ඒ ඒ සදහා අතිශයින්ම සුදුසු පුද්ගලයින්ට. ඒ කාටත් PhD පාවිච්චි කරන්න බැහැ. එය ලැබෙන්නෙ පර්යේෂණයක නිරත වූ අයෙක්ට පමණමයි.

      Delete
  10. ඩෙංගු මර්දනයට ගෙනියන මේ වැඩ පිලිවෙල තනිකරම අතීසාරයට අඹුඩ ගැසීමකි. PHIලා සහ තවත් අයියලා ටිකක් ගොඩයාමක් මිසක් වෙන සිදුවන යහපතක් ඇත්තේම නැත. බැක්ටීරියාව හරිනොගියතැන දැං ඩෙංගු මදුරුවාගේ කීටයන් ආහාරයට ගන්නා කීටයන් සිටින මදුරුවෙක් (මූ බොන්නේ මල්පැනි වගද පැවසුවේය) අපේ රටේ ඒ කාලයේ සිටම ඉද ඇති විත්තිය මේ ඊයේ පෙරේදා ටීවී එකේ පෙන්නුවේය. දැං ඔය කියන විදියට අනාගතයේ අපිට ඒ මදුරුවන් ඇතිකරන්නට වේදැයි බයක් සිතේ.

    මෙහෙම ගියොත්
    -වත්තේ ගස් ඇතිනම් දඩ
    -වහලේ ගටර් ඇතිනම් දඩ
    -කානුවේ වතුර ඇතිනම් දඩ
    -කුරුල්ලන්ට බොන්නට වතුර හට්ටියක් තිබ්බොත් දඩ . . .

    ඔක්කොමත් හරි කියමුකො
    ඉස්සරහට අර මදුරුවා ඇතිනොකලොතිනුත් දඩ ගහයිද ?

    ප.ලි.
    වැරදිලාවත් සතියකටවත් ගෙදරින් පිටවෙලා ඉන්න නරකයි . . . මුං කොහෙ කොහෙ වතුර එකතුවෙන තැං තියේද, ඒවයෙ මදුරු කීටයෝ ඉන්නවද කියල බලයිද කියල දෙයියොවත් දන්නෙ නැති නිසා

    ReplyDelete
    Replies
    1. අනේ මද මෙහෙම ගියොත් ඉතින් දඩ... දඩ... දඩ... අන්තිමට මීටර් හයි කොරයි ඒකටත්. කමක් නැහැ අප්පා රටේ සංවර්ධනයටනෙ. උන්දැලා සතුටු නම් අපිටත් සතුටුයි ආයුබොවන්. ඔයිට නරක ද මිනිස්සු නැති කරලම දැම්මම. ඒක කෝකටත් ලේසියි. අපි වගේ ද ආයිබොවන් උන්දැල.

      Delete
  11. අපේ පැත්තේ තත්තේ නම් වෙනස් . ඩෙංගු චෙක් කරන්න පී ඇච් අයි මහත්තුරු එනකොට ගෙවල් වල මිනිස්සු උන්දැලාට ඇඹුල් කෙහෙල්, තැඹිලි, තේ වතුර, . මුං ඇට, කඩල , කුරක්කන් රොටී , බත් අග්ගලා , ආදියෙන් සංග්‍රහ කරනවා

    ගෙවල් දහයකට ගියොත් දහ ජාතියක් බඩේ . අනේ ඉතින් කන්න දුන් අත හපා කන්න බැරි නිසාම මදුරු කීටයෙක් දැක්කොත් ඌ දිවි ගෙවාපු පොල් කට්ට සියතින්ම මුනිං ගහන්න පී ඇච් අයි මහත්තයා කාපු බීපුවාට පිං දීලා සතුටෙන් යන්න යනවා ...

    ReplyDelete
    Replies
    1. සඳරු ඒ දැනට තව කල් යනකොට ඔය පීඇචයි මහතැන්ලට දෙනවා ටාගට් අන්න එදාට බලාපිය බොලාට වෙන දේ. එනව මෙතන කැවුන් කෙහෙල් ගිල්ලන්න. ( දිගටම ලියන්න පුතේ.)

      Delete
  12. ඇයි දෙයියනේ රම්පෙ පැලේටත් දඩ ද?
    ඩෙංගු මදුරුවන්ට වඩා ටිකක් අඩුවෙන් ලොක්ක ලග ඉන්න උපදේශකයන්ගෙ උපදෙස් නෙ රටේ ක්‍රියාත්මක වෙන්නෙ.
    ලොරි එලෙව්ව ග්‍රාමය දන්න මෑණියන්ගෙ සවුක්කෙ.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි තව ටික දොහයි. බෙට්ටෙ බරටත් ගෙවන්න වෙයි වගේ. අනේ වාසනාවන් අපේ දෙයියො. කල්පයක් ආයු ලබන්න ඕනෙ. ග්‍රාමය දන්න ඇටි කෙහෙල් ගෙඩියක් නැහැ. ඒත් ඌනෙ අප්පා දේහපාලන බලධරයා මෙසිරිලක.

      Delete
  13. ඔය PHI මහත්තුරුන්ට බැරිද නගර සභා, ප්‍රාදේශීය සභා වලට එරෙහිවත් නඩු දාන්න. එව්වා කරලා ඕස්ට්‍රේලියා යන්න වෙයි කියල බයත් ඇති.

    දේශපාලනය , දේහපාලනය වචන දෙක දැක්කම මතක් වුනේ ඔය දෙකම එකට කරන්න හරි අමාරුයි නේද ? :) උදාහරණයක් හැටියට හිටපු සෞඛ්‍ය ඇමති තුමාගේ චුල උදරය ..

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කරන වුන් කොහොම ද රාමා දේහපාලනය කරන්නේ උන්ගේ උත්තමාංගය නැති කොට මොන දේහ පාලනය ද???? දේශපාලනය තබා ගෙදරකට වැද්ද ගන්න වුන් ද ඔය??????

      Delete
  14. ඩෙංගු මදුරුවෙක් වෙලාවත් ඉපදුනානම් හොඳයි හිතෙනවා ඔය අපතයෝ ටිකකට ඇනලා දාන්න.

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ අරූ. එහෙමවත් කරන්න පුළුවන් නම් මමත් එනවා.

      Delete
  15. රාජ සම්පත්ම ලැබේවා.....!!!

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  16. ඔය ඩෙංගු මොස්කිටෝස්ලා හැදෙන තැන් බලන්න එන අය තාම අපේ ගෙවල් පැත්තේ ආවේ නෑනේ . හැමදාම සුද්ද කර කර ඉන්නවා . තාම නෑ . ඉක්මනට එනවනම් හොඳයි අප්පා . එපා වෙනවා හැමදාම සුද්ද කර කර ඉන්න ගියාම .

    ReplyDelete
    Replies
    1. සුද්ද කරනව නම් ඇවිත් වැඩක් නැහැනේ. කුණු නැහැනේ එතකොට කොහෙන් ද දඩ ගහන්නෙ? ඒ නිසා සුද්ද නොකර ඉන්න ඩෙංගුවට කලින් කට්ටිය එයි දඩේ ගහන්න.

      Delete
  17. ගෑනුන්ව වහල්කමට විකිණීම ප්‍රධාන අදායම් මාර්ගය කර ගත් රටකට මොන සැලසුම්ද වෙද මහත්තය..මෙහෙ සැලසුම් කියල දෙයක් නෑ.ඔක්කොම එදා වේල ටුවර්ස් තමයි.හෙට අනිද්දට තව හොඳ හොඳ සෙල්ලම් එලියට ඒවි.මේ රටේ ජනතාව මේ භුක්ති විඳින්නේ තමුන් වපුරපු අස්වැන්න.වල් වපුරල මුං නෙලන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම්සහතික ඇත්ත කතාව. ඔය වැලිවේරියෙදිත් පොලිත් එක්ක ලැබුනේ.

      Delete
  18. අපි හිතුවා පාල අයියගේ වැරදි කියපු සේන අයියා අර බැක්ටීරියාවෙන් දෙයි කියලා ඇට්ටි හැලෙන්න. එතකොට ඔය කොයිල් කාරයෝ සේන අයියටත් කොයිල් කවලා වගේ, දැන් කිසි හොල්මනක් නෑ. අවසානේ කිසිම සිරි යක් නැති සවුක්කියක් ඉතිරි වුණේ.

    ReplyDelete
    Replies
    1. සුදීක එයාලට සිරියත් තියනවා, සුදියත් තියනවා. අපිට තමයි කොයිල් වුනේ.

      Delete
  19. ඇත්ත තමයි මොන වසංගතේ හැදිල මිනිස්සු මලත් මොකෝ.. බෝ කරවන සේනාව ගැනුන්ව බලෙං ගැබ්ගන්නද්දී.. ඇයි අපේ දෙසපාලලත් අවුරුදු දහයෙ දොලහෙ ගෑනුලමයින්ටත් අර එහෙම කරලතියෙන්නෙ.. ඒ ඇත්‍තෝ දන්නවා ආයුබොවං කරන්ඩ ඕනෙ දේ.. අපිට තියෙන්නෙ බලං ඉන්ඩයි..

    ReplyDelete
    Replies
    1. බලාන ඉම්මු අප්පා කවද් හරි ඕක වැටෙයි.

      Delete
  20. කොළඹ කුණු ආසන්න ගමකට බලහත්කාරයෙන් ගිහින්දාලා, ගමේ මිනිස්සුන්ගෙ ජීවත් වෙන්න තියන පරිසරය විනාසකරන කරන එක තමා එදචා ඉඳන්ම වෙන්නේ. ඇත්තටම වියයුත්තේ, කුණු කලමණාකරණය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීම.මොනව උනත් අවසානෙට එළවලු විකුනන්ත් හමුදාවේ අය, පාර්ලිමේන්තු පිටියේ තනකොල හිටවන්නේත් හමුදාවේ අය, කැරැල්ලක් ආවම බැනුම් අහ අහ ඒවට ගේම දෙන්න යන්නෙත් ඒ අය. දැන් ඩෙංගු මර්දනය කරන්න්නත් හමුදාවේ අය. දේශපාලනේ පාලුවට ගිහින් ගසුත් පැලවෙලා මේ මිනිස්සු නැත්නම්.

    ReplyDelete
  21. රම්ප ගස් වලට වැලි ටිකක් දාලා තිබ්බ නං හරි .... අපි කලේ එහෙමයි . අපිටත් ඇවිත් කිව්වා රම්ප ගස් කපන්න කියලා ඉතින් මං ඇහුවා ඊට පස්සේ රම්ප ගේන්න ඔයා සල්ලි දෙනවද කියලා .. ඔන්න එතකොට කියනවා එහෙනං වැලි ට්කක් පිලි අස්සට දාලා තියන්නලු..ඔය රබුටන් ලෙලි වලටනං මේ පැත්තේ නඩු දැම්ම ...

    ReplyDelete
  22. කියක් මැරුණත් මොකද තිස්පන් කෝටියක් ජනගනය ඉන්න රටක (ඇයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවරු )

    ReplyDelete
  23. ප්‍රශ්නෙ තියෙන්නෙ රම්පා ගොබේ මදුරු කීටයෙක් හැදෙනවද කියන එක. මටත් කිව්වා මම ඉන්දපු මල් ගහක් අයින් නොකළොත් නීතිමය පියවර ගන්නවා කියලා. මම කලේ දවස ගානේ නිරීක්ෂණය කරලා සටහන් පොතක ලියපු එක. මම හැමදාම හවස හොඳට කොළ තෙමෙන්න වතුර මිලි ලීටර් 300 වත් කළා. හය වතාවක් මදුරුවො බිත්තර දැම්මා. එක සැරයක්වත් කීටයො හැදුනේ නැහැ. ඇයි කියල බලන්න මට මයික්‍රො වීඩියෝ කැමරාවකින් රෙකෝඩ් කරන්න ඕන වෙලා තියෙනවා. වෙලාවයි නැත්තේ. ඊලඟ දවසක ආපු නෝනලා මම නැතිවෙලාවක ලොකු සද්දයක් දාලා මගේ පරීක්ෂනේ සුන්. උන් කියල තියෙන්නේ මේ අපිට දීපු උපදෙස් කියලාලු. මේ පරීක්ෂණ කරන්න වෛද්‍ය පර්යේෂණ ආයතනය තියෙනවාලු.

    මගේ දැනුමෙ හැටියට සමීර ලියලා තියෙනව වගේ වැලි දැම්මොත් නම් මදුරු කීටයො හැදෙන්න පුලුවන් කියලා හිතෙනවා.

    "කට පාඩම් කරලා විභාග පාස් වෙච්ච උන් පරිපාලනය කරන." කියල ලිව්ව එකට නම් එකඟ වෙන්න බැහැ. වැඩ බැරි උන්දලා කාට හරි රෙද්ද උස්සලා, සපත්තු ලෙව කාලා ලොකු තනතුරු අරන් වැඩකාරයන්ව නන්නත්තාර කරලා තියෙන්නෙ. පුද්ගලික අංශය තනතුරකට කෙනෙක් පත් කරන්නෙ හොඳට වැඩ කරපු එකෙක් ඉන්ටවීව් කරලා එහෙම. රාජ්‍ය අංශයේ තනතුරකට කෙනෙක් පත් කරන්නෙ වැඩ බැරි බත්ගොට්ටෙක් කරගන්න පුලුවන් එකෙක් විතරයි.

    ReplyDelete
  24. සුරාබදු ළඟට ආණ්ඩුවේ ලොකුම ආදායම ඕක නොවැ.කාට කියන්නද?

    මම දුලාගේ අඩවියේ™ දුලා
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:-dulageadawiya.blogspot.com

    ReplyDelete
  25. ඉතිහාසය කියෙව්වාම සමාහර දේවල් වමට මේ වගේ ආසන්න නිගමන වලට එන්න පුලුවන්.

    "රජ වාසලේ ප්‍රමානයට වඩා ලොකු ගෙයක් හැදුවොත් උන්ට මරනය"

    "වහල හෙවිල්ලන්න පුලුවන් උස බිත්ති බඳින්න පුලුවන් රජවාසල, නිලමේ සහ රජාගේ පක්කලියන්ට විතරයි"

    "ගහක ගෙඩියක් හැදුනොත් දරුවන්ට දෙනන් කලින් රජවාසලාට් ගිහින් දෙන්න ඕන"

    රටේ මහජනයා රජාට කතා කරන්න ඕන" පස්වාන් දහසකට බුදුවෙන්ට මේ බලුගැත්තරයාට සමාවෙන්ට . . " කියලා

    ඔය වගේ නීති අම්බානක . .

    සුද්දා රට යටත් කර ගත්තායින් රජවරු සාමාන්‍ය ජනතාවට බල්ලන්ට වගේ සලකන එක නැති වෙලා ප්‍රජාතන්ත්‍රවාදය කියලා තමන්ව පාලන කරන කෙනාව තමන්ටම පත් කර ගන්න ක්‍රමයක් / වරයක් අපිට ලැබුනා . .

    අද වර්ථමානයේ රුපියල් පන්සීයකට, කස්සිපු වීදුරුවකට, සිගරට් එකකට මිනිස්සු ඒ තමන්ට ලැබුනු වරයේ වාසිය කොහේවත් ඉන්න පඩත්තරයින්ට දීලා රජ කාලේ වින්ද ජාතියේ බලු සැලකිලි ලබමින් ඉන්නවා.

    අපේ ජීන්ස් වලින් අර රජාට වැඳ වැඳ හිටපු දීන ගති ඉවත් වෙලා නැති කම නෙමෙයිද අයියේ හේතුව . . ?

    ඒ ජීන්ස් තිය උන් වඳ වෙලා අදීන මිනිස් පරපුරක් බිහිවෙනකම් මේ වගේ බොරු වරදි වලට නඩු වැටෙන මිනිස්සු ගැන නිතර අහන්න ලැබෙනවා . .

    ReplyDelete
  26. පහත් තෑනින් යයි ගලා ජලේ කිවුවලු. අහින්සක මිනිස්සු අල්ලගෙන උඩ පනිනවා ,අලන්න ඔන උන් රජවෙනවා ...අනේ මන්දා ඉතින්

    ReplyDelete
  27. මාගේ යහළුවෙක් වැඩ කරන ආයතනයක පල් වූ වතුර තිබී එහි මදුරුවන් බෝ වී තිබිණ. වැඩවලින් නොව තනතුරින් වැදගත් පී. එච්. අයි මහත්වරුන් පිරිසත් අදාල ජලය මදුරුවන් සමඟ බෝතලයකට ගෙන සීල් තබන ලදී. ආයතනයේ ප්‍රධානියෙක්ද ඊට සහභාගී වී ලේඛනවලට අත්සන් තබන ලදී.
    පැය කිහිපයක් ඔවුන් කතා බස්වල නියැලුනු අතර, පී. එච්. අයි මහත්වරුන්ගේ සේවය අගයමින් ආයතන ප්‍රධානියෙක් විසින් දිවා බෝජන සංග්‍රය සමඟ රු 25,000/- ඔවුන් අත තබා ඇත.
    ආයතන ප්‍රධානියාද හිස් අතින් ආපසු පැමිණියේ නැත. ඔහු අත මුලින් ගත් මඳුරු ජල සාම්පලය විය.

    ReplyDelete