Wednesday, April 3, 2013

මිතුරෙක්ගේ අත්දැකීමක් සමඟ චිත්ත, මන, විඤ්ඤාණ.

ඔබට මවිසින් පසුගිය ලිපියෙන් ඉදිරිපත් කරන්නට යෙදුණ බුදුදහම, ආයූර්වේදය සහ මනස සම්බන්ධ ලිපිය පළ කර ටික දිනකින් මගේ මිතුරෙක්ගෙන් මට ලැබුණු මේලයක සඳහන් විස්තර මෙහි දක්වමි. එය මගේ ද මිතුරාගේ ද සංස්කරණය ට ලක් වූවකි. එය ලැබීමත් සමඟ මම මගේ ඉදිරි ලිපි කීපය එය පාදක කරගෙන ඔබට ලබා දීමට අදහස් කළෙමි. මේ එහි පළමු පියවරයි.

කොග්ගල නිලමේ පොත ගැන 'පොත් කියවන අය' පිටුවේ තිබුණු සංවාදය දුටුවා. මට ඊට අදාළ අත්දැකීමක් තිබෙන නිසා ඒ ගැන ඔබතුමාට කියන්න හිතුනා. පුද්ගලික සීමාවන් නිසා මේක බ්ලොග් එකේනම් ලියවෙන එකක් නැහැ.

මීට වසර 8කට විතර කලින් හදිසියේම මගේ තාත්තා අස්වාභාවික විධියට හැසිරෙන්න පටන් ගත්තා. හැසිරීමත් සිහි කල්පනාවත් දෙකම. ඔහුගේත් , ගෙදර අයගේත් ආරක්ෂාවට බැඳ දමා තැබීමට සිදු වන තරමට.

ඔහුගේ හැසිරීම විටින් විට වෙනස් වුනා. වෙලාවකට බොහොම අහිංසකයි (හැබෑ මනුස්සයාටත් වඩා  ), වෙලාවකට ප්‍රචණ්ඩයි, සමහර වෙලාවකටඅසභ්‍යයි (නිරුවතින් සිටීම, කුණු හරුප කීම , තවත් වෙලාවකට කතා කර ගන්න බෑ. සමහර වෙලාවට සිහි මුර්ඡා වෙලා වගේ. කටහඬ පවා වෙනස් ඒ මොහොතේ චරිතයේ හැටියට.

පාලනය කර ගන්න බැරි වුනාම අපට වෙන විසඳුමක් තිබුනේ නැහැ, අංගොඩ රෝහලේ නවත්වනවා හැරෙන්න. එහෙදිත් කිසිම වෙනසක් වුනේ නැහැ. නමුත් පහර කෑමක් නිසා තුවාල වෙලා සති දෙකකින් විතර අපි ආපහු ගෙදර එක්කරගෙන ආවා.

ඒ වෙන කොට තත්වය හොඳටම දරුණුයි. වෛද්‍යවරුන්ගේ මතය වුනෙත් කරන්නට කිසිම දෙයක් නැති බව.

අත් උදව්වට හිටපු මනුස්සයාවත් මරන්න හැදුවට පස්සේ, අන්තිමට අම්මයි, මමයි ගියා පංසලේ හාමුදුරුවෝ මුණ ගැහෙන්න. උත්තරේ වුනේ ගෙදර භූත විමානයක් කියන එක. හාමුදුරුවන්ගේ මතය වුනේ අමනුෂ්‍ය අය කීප දෙනෙක්ගේම බලපෑමට අහු වෙලා ඉන්නේ කියන එක සහ පිං කම් , අනුමෝදන් කිරීම් දිගටම කරන්න ඕනි කියන එක, ඒ අය පිටත් කරලා යවන්න.

එදත් ඉතින් පුරුදු විදියට මට පහර දෙන්න ආවම , බිම දා ගෙන ගැට ගැහැව්වා. මට තර්ජනය කරන කොට, මම කිව්වා, ඔය කතා කරන කෙනා මගේ තාත්තා නෙවෙයි කියල මම දන්න බවත් අහිංසක මනුස්සයෙකුට වැහිලා කරදර කරලා තවත් පවු පුරවා ගන්න එපා කියල. එතනදී ඒ කෙනා පටන් ගත්තා මාත් එක්ක කතා කරන්න. මගෙන් ඇහැව්වා ඇයි උඹලා පරම්පරා ඉඩම් ____ට (කුලහීන කියල කියවෙන පිරිසක්) දෙන්න හදන්නේ කියල. පාවිච්චි නොවන ඉඩමක් ඒකෙ අසල්වැසියෙකුට විකුණා දාන්න හිටියා තාත්තා. ඒ කතා කරපු කෙනා ඒ ඉඩමට බැල්ම දා ගෙන ඉඳල. ඒ දේ නොකරන්න මම පොරොන්දු වුනා. කතා කරන කෙනා කවුද කියල දිගින් දිගටම අහන කොට කිව්වා, ඒවා උඹල දැනගෙන වැඩක් නැහැ. අපි කොහොමත් මැරිච්ච මිනිස්සු කියල. පස්සේ නම කිව්වා, අපේ පරම්පරාවේ කාලයකට කලින් හිටපු කෙනෙක්.

තවත් තියෙන ප්‍රශ්න මොනවාද කියල ඇහැව්වම කිව්වා තව 5දෙනෙක්ම ඉන්නවා.තමන් එහෙ මෙහෙ වෙන කොට රිංගන්න බලං ඉන්න බව. පිං අනුමෝදන් කිරීම් කලොත් යනවද කියල ඇහැව්වම, මගෙන් ආයේ පොරොන්දුවක් අරගෙන අනිත් අය ගැනත් බලා ගන්න බව කිව්වා.

ඊට පස්සේ තාත්තා සාමාන්‍ය තත්වෙට ආවා. මාස කීපයක් යනකන් ටික ටික පරණ දේ විශේෂයෙන් ගොළු චරිතය සමහර වෙලාට පෙන්නුවත් පස්සේ ඒවත් නතර වුනා. අපිත් දිගටම දාන, බෝධි පුජා වගේ දේවල් කලා.

අර සංවාදෙට පස්සේ අර කෙනා ආයේ මාත් එක්ක කතාවට ආවෙත් නැහැ. කොග්ගලගේ වගේ ඇදුනු කේස් එකක් නෙවෙයි. වන් ඩේ සෙෂන් එකක්. . දැන් අවුරුදු 8ක් විතර ගත වෙලා.ආයේ එහෙම ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ. මේ සිදු වීම අදටත් දන්නේ මමත්, අම්මත් පමණයි. තාත්තට එහෙම දෙයක් මතක නැහැ. අපි මතක් කරන්න ගියෙත් නැහැ. ඔබතුමාට කියන්නෙත් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන බව දන්න නිසා. ඒ හැසිරීම් මානසික රෝගයක් නිසා කියල කියන්න පුළුවන්. ඒත් අර අත්දැකීම් එක්ක මට එහෙම දැනෙන්නේ නැහැ.

ඒ කතාව කොහේ හෝ ලියවිය යුත්තක්. ඒ කාලයේ මට පියාට පහර දී පාලනය කරන්න ගැට ගසා තබන්න පවා සිදු වුනා. අර අවසාන සංවාදෙට පස්සේ ඔහු මට වැන්දා.  . පුතෙකුට ලැබෙන දුර්ලභ අත්දැකීම් ගොඩක් ලැබුණු කාලයක් ඒක.

තාත්තා නතර කළ රෝහලේම කලින් තාත්තත් ටික කාලයක් සේවය කරලා තියෙනවා , ඔහුගේ දෙවෙනි රැකියාව සාත්තු සේවකයෙක් හැටියට. ඉන් පසුව තමයි වැඩි දුර ඉගෙනීම් කරල තියෙන්නේ.

මම තාත්තගේ පුද්ගලික පසුබිම ගැනත් ටිකක් කියන්නම්. ඔහු සහෝදර සහෝදරියන් 6 දෙනෙක් හිටපු පවුලක බඩපිස්සා. දෙමාපියන්, වැඩිමහල් සහෝදරය සහෝදරයින් එක්ක ඔහුගේ ලොකු වයස් පරතරයක් තිබුණු නිසා කාගෙත් හුරතාලා හැටියට හැදිලා තියෙන්නේ. ඒ පවුලේ මුල දී ආර්ථික ස්ථාවරයක් තිබිල තිබුනත් ඔහුගේ පියා මිය ගිහින් කාලෙකට පස්සේ ඔවුන් හොඳටම ආර්ථිකව වැටිලා තියෙනවා. ඒ වුනත් වැඩිමහලු සහෝදරයෝ තමන්ට පුළුවන් වෙන කොට පවුල හොඳ මට්ටමකට ගේනවා. එක්කෙනෙක් ඇරෙන්න පවුලේ දරුවෝ ඉගෙන ගත්තා.

පාසැල් යාම අවසාන වුනාට පස්සේ තාත්තා ගුරුවරයෙක් හැටියට, රෝහල් සාත්තු සේවකයෙක්, පසුව ලිපි කාරයෙක් හැටියට වැඩ කරල තියෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඔහු දිගටම රජයේ සේවයේ ඉන්නවා. පසුව යෝජනාවක් නිසයි මගේ මවත් එක්ක විවාහ වෙන්නේ. මගේ මව පවුලේ එකම දරුවා, ඇගේ පියා හොඳ සිවිල් බලයක්, ධනයක් තිබුණු කෙනෙක්. ඔහුගේත් හැකි කාලයේ වටේ සිටි පිරිස , ඔහු රෝගී වෙලා දුර්වල වෙන කොට ඉවත් වෙනවා. ඉතින් මගේ මවටත් මිත්තනියටත් වෙන්නේ තිබුණු දේපල සහ වෙනත් දේ විකිණීමෙන් හා සුළු ආදායම් වලින් ජීවත් වෙන්න. අන්තිම කාලයේ උදව්වට එහෙමට කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ. කොහොමින් හරි මගේ මවට සිද්ධ වෙනවා මේ තත්වේදී අවුරුදු 19දීම විවාහ වෙන්න. හැබැයි දුටු පමණින් මගේ පියාට කැමති නොවුණු බව තමයි කියන්නේ. පියා මවට වැඩියේ අවුරුදු 10කින් වැඩිමල්. මට මේක හරියට දැන ගන්න ලැබුනේ නැහැ. නමුත් කාල සීමාවල් සැලකුවහම පැහැදිලියි විවාහ වෙලා අවුරුදු 10ක් විතර යන තෙක් ඔවුන්ට දරු ඵල නොලැබුණු බව.

ඊ ලඟට තාත්තා තමන්ට පුළුවන් උපරිමේ කලත් , මවගේ දේපල වලින් ඉතිරි වෙලා තිබුණු දේ වලින් උපරිම ආදායම් ගන්න බැරි වෙනවා සමාජයත් එක්ක , වංචා කාරයෝ , තන්හා කාරයෝ නිසා අපේ පවුලට ලැබෙන්න තිබුණු ධනය විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ _____________ තියෙන පැත්තක් නේ. අපට හිමි දේ හරියට ලැබුන නම් අද අපි කෝටිපතියෝ.  . අදටත් මට පවා ඔය ගැටළු තියෙනවා, මම ____________ කර්මාන්තෙට යන්නේ නැහැ. ඉඩම් හවුල් කාරයින්ගෙන් කරදර වෙන කොට මවත් පියාත් කලේ බැරිම අවස්ථාවේ ඒවා විකුණන එක.

තාත්තා අන්තිමට හිටියේ ____________ සේවාවේ භාෂා පරිවර්තකයෙක් හැටියට. සමහර වෙලාවට __________ ගේ රාජකාරියත් කරන්න වෙනවා. ඒ අතර තුර ඔහුට ආයතන ප්‍රධානීන්ගේ බලපෑමට යටත් වෙලා වැඩ කරන්න වෙනවා. ඊට විරුද්ධව කරන්න දෙයක් ඔහුට නැහැ. අවසානයේ 1990 හරි 1991 හරි ආපු විශේෂ චක්‍රලේඛයක පිහිටෙන් ඔහු අඩු වයසෙන් විශ්‍රාම ගන්නවා.

විශ්‍රාම යාමෙන් පස්සෙත් තාත්තට කරන්න වෙන්නේ දේපල බලා ගැනීමත්, ඔහුට පුළුවන් දේ ඔහු කලා වගේම අපි රැකියාවක් කරලා ඉපයීමක් කර ගන්නකන් ඔළුව උස්සගෙන ජීවත් වෙන්න උවමනා දේ ඔහු හොයලා දුන්නා. නමුත් පසුව පාකින්සන් රෝගය සමග කායිකව දුර්වල වීමෙන් ඔහු ගෙදරට සීමා වෙනවා. පාකින්සන් හැදෙන්නෙ ඒ රෝගයට අවුරුදු 3, 4 කට කලින්. අදටත් ඒකට බෙහෙත් බොනවා.

අක්ක කෙනෙක් ඉන්නවා. විවාහ වෙලා වෙනම ඉන්නේ. මම දැන් ටයිප් කරමින් හිටියේ එයා ගැන තමයි. එයා අල්ලපු ගෙදර කොල්ලත් එක්ක යාළු වෙලා හිටියා. ඒ සම්බන්ධයෙ නොගලපෙනේ දේ බොහොම තිබුනා. අන්තිම වෙනකන් අම්මා තාත්තා මේ ගැන දැන ගත්තේ නැහැ, දැන ගත්තහම කලබල නොවී ඇයව ඒ උගුලෙන් බේර ගත්තා. නමුත් ලැජ්ජාවට පත් වුනා......

ඒ කොයි කාලෙද රෝගයට කලින් ද පසුවද?

කලින්

තාත්තට මිතුරෝ හිටියා, සීමිත පිරිසක්, පසුබිම සමාන අය. ගොඩක් අය රැකියාවේදී මුණ ගැහුණු අය. මත්පැන් පානයට එහෙම ඇබ්බැහි වුනේ නැහැ.
අම්මා ගැන තාත්තගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්.
ඇත්තටම ඇල් වතුරත් නිවලා බොන ජාතියේ අහිංසක මනුස්සයෙක් තාත්තා. 

අවංකවම කියනවානම් ඉතින් විය යුතු සමහර දේ මග ඇරෙනවා, කාර්යබහුල වීම නිසාම. ඒ වගේම තාත්තාගේ කායික දුබල කම් නිසා ඔහු තවත් ගෙදරට සීමා වෙනවා. උදාහරණයක් ගත්තොත් සමහර වෙලාවට ඔහුට උවමනා වෙනවා දුර ගමනක් යන්න, නමුත් එතනට යන කොට ඔහුට බොහොම වෙහෙසයි. ආපහු යන්න ඕනි වෙනවා. අනුරාධපුරේට ගිහින් පැයකින් හැරිලා ආපු වෙලාවල් තියෙනවා. ඒ නිසා දැන් එක් දින ගමන් එහෙම යන්නෙත් නැහැ, යනවනම් දවසේ ගමන මග නතර වෙවී දවස් 3කින් විතර යන්නේ. ලඟ තැනකට වුනත් අපි කාටවත් විවේකයක් නැතිනම් යැවෙන්නේ නැහැ.

අද නම් මට කරන්න වෙන්නෙ බොහොම අමාරු රාජකාරියක්. මේ මගේ බ්ලොග් මිතුරෙක්ගේ කතාවක්. ඔහුගේ අනන්‍යතාවය අපට වැඩක් නැහැ. මෙය සම්පූර්ණ සත්‍ය කතාවක්. මම උත්සාහ කරනවා මනස පිළිබඳ යමක් ඔබට කියන්න මේ කතාව හරහා.

"සිත මහ පුදුම තැනක්"

මේ කථාවේ සඳහන් අපේ මිත්‍රයාගේ පියා අපේත් පියාණෙ, අපි ඒ නිසා එතුමා මෙහිදී "පියා" නමිනුත් අපේ මිත්‍රයා "මිතුරා" නමිනුත් හදුන්වමු. (අපේ පහසුව සඳහා.)

ඊළඟට අපි මේ කතාව විශ්ලේෂණයට භාජනය කරමු.

එතැනදී අපිට මුලින්ම වැදගත් වන්නෙ පියාගේ සාමාන්‍ය තත්ත්වය.
1. පියාණන් යමක් කමක් ඇති පෙළපතක අයෙක්.
2. පවුලේ බාලයා.
3. ඒ නිසාම නොයෙක් සුරතල මැද හැදුණ අයෙක්. විශේෂයෙන්ම වැඩිහිටි සහෝදරයන් සිටින තැනක ටිකක් වයස් පරතරය වැඩි බාලයා බොහොම වාසනාවන්තයි. කාගෙත් ආදරය ලැබෙනවා. පියා පවා වැඩියෙන්ම ආදරේ වන්නෙ එයාට.

එම පියා කළ රැකියාවන්.
1. ගුරුවරයෙක්,
2. සාත්තු සේවකයෙක්.
3. උපාධිධාරියෙක් ලෙස රටේ ඉහළ යැයි සම්මත රජයේ රැකියාවක්.

පියාගේ සාමාන්‍ය දිවියේ චරිත ස්වභාවය
1. බොහොම නිවුණු අහිංසක අයෙක්.
2. උගතෙක්.
3. නිහඬ චරිතයක්.
4. තම සහෝදරයින්ට, බිරිඳට, දරුවන්ට බොහෝ ආදරය කළ කෙනෙක්.
5. තම පරම්පරා දේපල වලට ප්‍රිය කළ කෙනෙක්.
6. තම තත්ත්වය පිළිබඳ සිතූ කෙනෙක්.
7. ඉවසිලිවන්තයෙක්.
8. තම නම්බුව පවුලේ නම්බුව වැනි දේ පිළිබඳ බොහෝ ඉහලින් සිතන අයෙක්.

පියාගේ මුල් කාලීන දිවියේ කඩා වැටීම්,
1. කුඩා කලම පිය සෙනෙහස අහිමි වීම.
2. එනිසා ආර්ථික අපහසුවක් ඇති වීම.
5. ඊරිසියාකරුවන්ගේ නොයෙක් ප්‍රශ්න.
6. මැදිවියට එනතෙක්ම විවාහය පමා වීම.
7. විවාහ වී කලක් යනතුරුම දරුවන් නොසිටීම.

පියාගේ පසු කාලීන දිවියේ ඔහුට ඇතිවූ ප්‍රශ්න
1. පාරම්පරික දේපල පිට යාම.
2. දේපල සම්බන්ධයෙන් ඇතිවන නොයෙකුත් ප්‍රශ්න. එම ප්‍රශ්න නිසා වතුපිටිවල ආදායම් නිසි පරිදි නොලැබීම. නමුත් එම ඉඩකඩම් වලින් වෙනත් අය බොහෝ ආදායම් රැස් කිරීම. අකමැත්තෙන් වුවත් ඉඩම් වෙනත් අයට අයිති වීම වැළැක්වීම සදහා පිටට විකිණීමට සිදු වීම.
3. රැකියාවේ ඉහළ නිලධාරීන්ගේ අකටයුතුකම් වලට මුහුණ දීමට සිදුවීම. රැකියාව කරණ තැන ඇතිවන නොයෙක් ගැටලුවලට පියා සතු විසදුම් නොවීම. රැකියාවෙන් කලින් ඉවත්වීම.
4. දියණිය නිසා ඇති වූ ලැජ්ජාව.

දැන් අපිට මේ පුද්ගලයා හදුනා ගැනීම ඉතාම පහසුයි.
මෙතුමා ආර්ථික අපහසුකම් වලට ලක්වන, එසේ වුවත් සම්ප්‍රදායික ධනයක් ඇති, උගත්, ඉතාම වැදගත්, නම්බුව දිවිය සේ සලකන, පැරණි ධනපති පංතිය නියෝජනය කරන කෙනෙක්.
බොහෝ අයගේ අසාධාරණකම් වලට ලක් වන නමුත් ඒ සියල්ල ඉවසන, තම පුද්ගලික දිවිය සාමකාමීව ගෙවන අහිංසකයෙක්.
රැකියාවේ තෘප්තිය නොලද්දෙක්. ඒ නිසාම දිවිය පවුලටම කැපකළ කෙනෙක්. තමාගේ තත්ත්වයට ගැලපෙන සීමිත මිතුරු ඇසුරක් ඇති අයෙක්.

මින් මෙතුමාගේ සමාජ ආර්ථික, මානසික තත්ත්වය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න හැකියි.
පියාගේ රෝග තත්ත්වයේ විග්‍රහයක් කර බලමු.


මේ තමයි රෝග ලක්ෂණ.
1. ප්‍රචණ්ඩ වීම.
2. අසභ්‍ය වීම.
3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම.
4. සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම.

පියාගේ කායික තත්ත්වය

මට හිතෙන හැටියට නම් ඔහු නීරෝගීව සිටියත් බොහෝ සවිශක්තිමත් අයෙක් නෙමෙයි. අපි අපේ මිත්‍රයගෙන් ඒ පිළිබඳව විමසාම මෙහි අනෙක් අර්ධය හෙවත් මනෝ විශ්ලේෂණය කරමු. මේ මින් නවතමු. දෙවනි කොටසින් රෝගය පිළිබඳ අවසාන විග්‍රහය බලමු. තුන් වැනි කොටසකට නොයා සිටීමට සිතනවා. නමුත් මෙහි බෞද්ධායූර්වේද කොටස දෙවනි කොටසින් ගෙනෙන්න බැරි වුවොත් තුන් වැනි කොටසක ට යනවා.

29 comments:

  1. රසවත් මාතෘකාවකට ඇවිත්. ඉක්මනටම ඉතිරියත් බලාපොරොත්තුවෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ඇත්ත කතාවක් නිසා ඉක්මනට ලියන්නම්. කියවලා වැඩක් ගන්න. බොහොම ස්තුතියි!

      Delete
  2. මොනවා තිබුනත් ළෝකය ගැන ජීවීතය ගැන අවබෝධයක් නැතිකම් තමයි ඔය හැම දේටම මුල. මට සිඳුවෙලා තියෙන දේවල හැටියට. මමත් ඉන්න ඕන ඔය තත්වයේ. ඒත් අවුලක් නෑ ජීවීත්ය සැහැල්ලුවෙන් විඳගෙන ප්‍රීතියෙන් ඉන්නවා. මිනිස්සු ඉගෙන ගන්නවට වඩා වටින්නේ. සමාජය ඉගෙනීමයි කියන එකයි මම නම් පිළිගන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණය මඟ හරින්න බැහැ. හැබැයි මේක නම්...... අපි පස්සෙම බලමු. ඔබේ නිර්භීත්කම සහ ජීවිතාවබෝධය පිළිබඳ මම නම් බොහොම තෘප්තිමත්. වියයුත්තේ එයයි මාතලන්. පැමිණි දුක් පැණි රසයි නොවැ.

      Delete

    2. Mathalan...

      "we will learn of books and men and learn to play the game..."
      - Sapatheru

      Delete
    3. ඔබ කියන දේ බොහෝ දුරට හරි මට තේරෙන හැටියට. ජීවිත අත්දැකීම්,අවබෝධය මදි වෙන විට ප්‍රශ්න වලදී ඔය වගේ දේ තත්ත්ව වලට පත් වෙන්න පුළුවන්. මේ පියාටත් ඒ තත්වය පොදුයි.

      එතනින් එහාට මම යමක් කියන්න කැමතියි. මම මේ දේවල් ගැන එහෙමට දන්නේ නැහැ. මම කියන දේක වැරදි දෙයක් තියෙනවානම් මහවෙදනා නිවැරදි කරයි.

      මානසික වෙනස්වීම් වලට මනස වගේම මොළයේ විවිධ දේත් බලපාන්න පුළුවන්. ව්‍යුහාත්මක වගේම ජෛව රසායනික සංයුතීන්. තවත් දේ ඇති. මේ දේවල් ස්වභාවිකව පිහිටන ආකාරය එක් එක් අයගෙන් යම් මට්ටමකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම විටක මේ දේවල් අදාළ දේ වල බලපෑම් වලින් වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන් රසායනික සංයුතිය. මම අහල තියෙන විධියට සිතුවිලි, කායික,මානසික ප්‍රතිචාර ඇති වීමට මෙවගේත් බලපෑමක් තියෙනවා. ඒ නිසා අපට මේ කාරණයේදී තමන්ට සාපේක්ෂව හිතුවොත් මේ පියා ගැන නිවැරදිම තක්සේරුවකට එන්න අමාරු වෙය් කියල මට හිතෙනවා.

      මේ පියාම යම් යම් අසීරු අවස්ථා වලදී ඉවසීමෙන් බුද්ධිමත්ව කල යුතු දේ කරලා තියෙනවා, නමුත් ඔහුට මෙතනදී ප්‍රශ්නයක් වුනේ ඒ තරම් සංකීර්ණ ප්‍රශ්නයක් නෙවෙයි.

      මීට
      මේ කියැවෙන පියාගේ පුතා.

      Delete
    4. එය ඔබට සංවේදී නොවුනට ඔහුට ඉතා සංවේදි දෙයක් විය හැකියි. මා අසා ඇති පරිදි අපේ සිතුවිලි අනුව සිරුරේ රසායන ක්‍රියාවලියේත් වෙනස් කම් ඇතිවනවා. මා දන්නා මගේ මිතුරකු ලියුකේමියා රෝගයත් තබාගෙන අදත් සතුටින් ජීවත් වන්නේ, ඔහුගේම භාවනා ක්‍රමයක් නිසා. ඔහු කතෝලිකයෙක්.

      Delete
    5. මාතලන් ඔබ ඉතාම නිවැරදියි. කෙනෙක්ට සංවේදී දෙයක් තව කෙනෙක්ට සංවේදී නැහැ. අනික පිය පුතු කියා එය වෙනස් වන්නෙත් නැහැ. කොටින්ම තරුණ කාළේ සංවේදී නොවූ දෙයක් වයසට යනවිට දැඩි සංවේදී දෙයක් විය හැකියි. ඒ මිනිස් සිත සහ කය සුසංයෝගය වන හැටි.

      Delete
    6. එතනත් මගේ අතින් සංසන්දනයක් වුනු බව මට වැටහුනා. පියා රෝහලේ හිටපු කාලයේදී මම අසාගෙන සිටියා විශේෂඥ වෛද්‍ය වරයෙක් පියාගේ රෝගී තත්වය වෛද්‍ය සිසුන්ට පහදා දෙනවා.

      එතනදී කියවුනා මොළයේ ඇතිවන කාබනික රසායන වෙනසක් (Organic .......) මේ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන් කියල. මම තේරුම් ගත්තේ එහෙමයි. නමුත් පසුව මම එය විශ්වාස කලේ නැහැ අර සිද්ධියෙන් පස්සේ.

      මහවෙදනා සමග කෙරුණු සංවාදයෙන් පස්සේ මම තේරුම් ගත්තා එය යම් කිසි මානසික තත්වයක් බව. ඊට පසුව තමයි මට අර රසායනික කතාව මතක් වුනේ.

      මම වැරදියට තේරුම් ගත්තා වෙන්න පුළුවන්.

      Delete
  3. මාතලන් කිව්ව වගේ ලෝකය ගැන සාමාන්‍ය අවබෝධයක් නැතිව මොනවා තිබුනත් වැඩක් නෑ. ඕනෑම දෙයක් උපේක්ෂාවෙන් බලන්න පුළුවන් මට්ටමක හිත හදාගෙන නැත්නම් සීමාව ඉක්මවා යන ප්‍රශ්නයක අවසන් ප්‍රථිපලය මානසික රෝගීභාවය විතරයි.

    ReplyDelete
    Replies
    1. ලෝකය කියන්නෙ කුමක් ද කියා බුදුන් වහන්සේ ලෝක සූත්‍රයේත්, රෝහිතස්ස සූත්‍රයේත් දක්වා තිබෙනවා. ඹබයක් තරම් උස මේ ශරීරය තුළම තමයි ඒ අනුව ලෝකය තිබෙන්නෙ. එනම් අපිට තිබිය යුත්තේ ජීවිතාවබෝධයයි. මොන උපාධි තිබ්බත් වැඩක් නැහැ ඒ ජීවිතාවබෝධය නැතුව. ඔබ හරි රාජ්.

      Delete
  4. මම මේ මාතෘකාව ගැන ඒ තරම් දැනුමක් නෑ.. ඒත් මම කලින් කියවලා තියෙන දේවල හැටියට මට එකපාරටම හිතුනේ තාත්තාගේ හිතේ තිබුණ දේවල්, කුලමානය, තමන්ගේ ශාරීරික දුබලකම් නිසා ඇතිවුන ආත්මානුකම්පාව වගේ දේවල් නිසා අර වගේ තත්වයකට පත්වෙන්න ඇති කියලා.. හොඳ සිහියෙන් කරන්න බැරි ටික අසිහියෙන් කරන්න පෙළඹෙනවා... පස්සේ තියෙන විස්තර ටික කියෙව්වම මට හිතුන දේ හරි කියලම තමයි හිතුනේ... ආත්ම ශරීරවලට වැහීම කියන එක ගැන නම් මම ඒ තරමට විශ්වාස කරන්නේ නෑ... මොකද ගොඩක් වෙලාවට මේ වගේ තත්ව වලට හේතුව තමන්ගෙ මනසම කියන එක හොයාගෙන තියෙන නිසා...

    කොටස් කීයකට ගියත් කමක් නෑ.. මේක වැදගත් මාතෘකාවක්....

    ReplyDelete
    Replies
    1. පියාට ඇති නියම ප්‍රශ්නය ඊළඟ කොටසින් කතා කරනවා. අන්තිම කොටසින් මනස ගැන තව කතා කරමු. ස්තුතියි හිරු !!!

      Delete
  5. "සිත මහ පුදුම තැනක්" මට හිතෙන්නෙ නම් සිතේ තියෙන මහා අරුම පුදුම සියල්ලම එක ජීවිත කාලෙකදි එළිදරව් කර ගන්න බැරි වෙයි වගේ...එක කොටස ගානෙවත් සුද්ද කරලා ගත්තොත් ආත්ම ගනනාවකින් පුළුවන් වෙයි මයෙ හිතේ...

    ReplyDelete
    Replies
    1. මගේ අදහස නම් සිතේ අරුමය කිසිදා හෙලිකරගත නොහැකියි. ඒ සදහා උතුම් නිවන් මඟටම පිවිසිය යුතුයි. වෙනී කිම වීරිය නොකරන්නේ?

      Delete
  6. මේ පියාගේ චරිත ස්වභාවය ගැන , දැන් ඉන්න තත්වය ගැන හිතන කොට මට හිතුනේ ඔහු මෙතරම් තත්වයකට වැටුනේ කොහොමද කියල .
    …සිත මහ පුදුම තැනක් නිසා අමාරුයි ඔහුගේ සිත ගැන කියන්න අපිට . ඇත්ත දැනගන්න කම් බලාගෙන ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. ඇත්ත වගේ සිත අලවන, සිත පුබුදන, සිත රිදවන තවත් යමක් වේද ගිම්. මා නම් සිතන්නේ එසේ යමක් තවත් නැත කියායි. එනිසා,
      සිත මහ පුදුම තැනක්,
      දිදුළන මහරු මිණක්,
      හසරැල් වතල වතක්,
      විටකදී නොනිම් දුකක්,
      සිත මහ පුදුම තැනක්.

      Delete
  7. සියල්ලට මුල සිත කියායි මා නම් සිතන්නේ.

    බූතයෝ ඉන්නේත් සිතේ. ඔය පියාට වැහී ඇති පරම්පරා භූතයා පියාගේම සිතේ කාලයක් වසාගෙන තිබුණු සිතුවිල්ලක් පමණයි.

    ඉඩම් ගැන කියනවා නම් මොන බෝධිසත්වයා වුනත් අන්තිමේදී ඉඩම් නිසා වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. කතා, මම දන්නෙ නම් භූතයෝ පහයි, බුදු දහමේදී නම් හතරයි. ආකාශ බුදුදහමේදී නැහැ නොවැ. අනෙක් පහ අතරින් පඨවි වැඩි වුනාම සිත රෝගී වෙනවා, ඒ තමස. තේජ නිසා සිතේ රජස් වැඩි වෙනවා. ආපෝ නිසා තමස වැඩි වෙනවා. නැවත වායුත් ඒ වගේ. ඒ නිසා සත්ව වැඩි කළ යුතුයි.

      මම දන්න භූතයෝ ඔච්චරයි.

      Delete
  8. මේ සිද්ධිය ඉදිරි කොටස් වලින් හොඳට විග්‍රහ වෙයි. ඒ ගැන මට විශ්වාසයි.

    අදත් මහවෙදනා සමග කතා කරද්දී කියවුනා වගේ දැන් වුනත් මගේ පියා පුර්ණ නිරෝගී නැහැ. ආයේ ඕනෑම වෙලාවක මතු වෙන්න පුළුවන්. නමුත් වාසනාවට තවම ඔහු සාමාන්‍ය විධියට ජීවත් වෙනවා. සාමන්‍ය කිව්වේ අසාමාන්‍ය හැසිරීම් නැතිව. තවමත් ඔහුට තියෙන්නේ කොටු වුනු ජීවිතයක්. ඔය කියන සිද්ධිය වෙලා දැනට අවුරුදු 8ක් වෙනවා. දැන් ඔහුගේ වයස අවුරුදු 72යි. ඉතින් බලාපොරත්තුව ඔහුගේ ඉදිරි ජීවිත කාලයත් සාමාන්‍ය තත්වයෙන් පවතීවි කියන එකයි.

    බොහොම සතුටුයි, මේ සිද්ධිය මේ විධියට දිග හැරුණු එක ගැන. බොහොම ස්තුතියි මහවෙදනට.

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍රයා ඔහුගේ තත්ත්වය අවදානම්. නමුත් ඔබ වැනි බුද්ධිමත් පුතෙක්ට එය එතරම් අභියෝගයක් නොවේ. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු.

      Delete
    2. මොහුගේ පියාට ඇත්තේ මානසික රෝගයකි... ඉක්මන් ප්‍රතිකාර ලබා දෙන්න..

      Delete
    3. මේ සිද්ධිය ඇති වුනු කාලයේදී අපට වෛද්‍ය උපදෙස් ලැබුණා දිගටම ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට. ඒ අනුව අදටත් ඒ බෙහෙත් පාවිච්චි කරනවා වගේම මාස කිහිපයකට සැරයක් මනෝ වෛද්‍ය වරයෙකු හමුවට ගෙනියනවා පෙර රෝග ලක්ෂණ කිසිවක් දැනට පෙනෙන්නට නැති වුනත්.

      ස්තුතියි.

      Delete
  9. කතන්දර සමග මමත් එකඟ වෙනවා. භූත කතා මමත් අනන්ත අප්‍රමාන කියවලා/දැකලා/අහලා තියනවා, අ960 දශකයේ සිට. නමුත් ඒ සෑම එකකම අවසානය ලෙස එලියට ඇවිත් තියෙන්නේ මනෝ භ්‍රාන්තීන්, යක්ෂ බූත ප්‍රේත විශ්වාස, නක්ෂත්‍රය පසුපස 'උවමනාවට වඩා' යාම, ඔව්වා භූත දෝෂ කියා 'අරයා මෙයා' කියන කතා අසා රටවටේ ඉන්න දේවාල පුල්ලියන් පසුපස යාම, ආදිය නිසයි.

    ඊයේ පෙරේදා අපේ උන්දැ මාව ඇදගෙන (කාර් එක දක්කන්න මම ඕනෙනේ) ගියා ගෙදර සිට කිලෝමීටර් හත අටක් ඈතින් පිහිටි සුප්‍රසිද්ධ පන්සලකට. එතන 'හාමුදුරුවෝ' (හාමුදුරුවෝ ?) හින්දු දේව ප්‍රතිමා මද මුදු පිලිමයකුත් තියාගෙන නිල තිරයෙන් එහාපැත්තෙ සිට පස්වාන් දහසකට බුදුවෙන්න කියා හින්දු දෙවි වරුන්ටා යාතිකා කරනවා. ගෑනුන්ගේ ඔලුවේ නළල දෙපැත්තේ තේ ගානවා. අපේ ලොකු දුවටත් එහෙම කරා. මම ආපහු ගෙදර එනකල් කියලා දුන්න උපසම්පදා ශීලයේ මම දන්නා කරුණු.

    ඔබේ ලිපියේ අවසන් කොටසේ හොඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් ඇතැයි සිතනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. භූත කතා සහ දේවාල ගැන ඔබත් කතන්දරත් දරන මතයමයි මගේත් මතය. ඒකත් එක බිස්නස් එකක් එපමණයි. ඔය පේන්නෙ නැත්ද උතුම් බුදු දහම හැමපැත්තෙන්ම විකෘති වන ආකාරය නේද පෙනෙන්නේ?

      Delete
  10. වෙනත් සිත් වලට බලපෑම් කරන්න පුළුවන් ජීවී කොටස් ඉන්නවා..
    මට පෙහේලිකාව මේ තරම් බුදු දහමට සමීප ඔබ ඇයි මේ තරම් එය
    පිළිනොගන්නේ ?


    දැන් මෙතන තියෙන පියාගේ සිද්දිය පැත්තකට දාමු ..ඒත් ඒකෙන් මනින්න
    බැහැ මුළු ලෝකෙම එහෙම සිද්දි නැති බව...

    ReplyDelete
  11. Mata athi wishala barapathala gataluwak sambandayen upakarayak obagen balaporothtuwen obage gmail lipinayata mama mail 1k damma. hakinum mata ikman prathicharayak eyata labadena men illa sitinawa. obata godak sthuti.

    ReplyDelete
  12. මේකේ දෙවෙනි කොටස කියවලම ඉදිමු.

    ReplyDelete