ඇත්තෙන්ම සමාව ඉල්ලනවා ඔබ හැමගෙන් සති ගණනාවකින් කිසිවක් නොලිව්වට. සති ගාණකින් ලියන්න ආවේ ඔන්න කරන්ට් එක ගියා. අද 17 ඉරිදා මම දැන් සිටින්නෙ මාතර. එහෙනම් හෙට මේක සම්පූර්ණ කර හෙට හෝ අනිද්දා පළ කරන්නම්.
ඒකෙත් හැටි අද 22 ඔන්න අද තමයි නැවත් මේ පැත්ත මතක් වුණේ. බොහෝ දින ගණනක් මම මෙය නොලියා සිටියේ මට පහුගිය සතිවල අතපසු නොකළ යුතු රාජකාරී බොහොමයක් ම තිබූ නිසා යි. ඒ වැඩක් නැහැ.
අද මම සිතා සිටින්නෙ නැවතත් එක දිගට යන ලිපි පෙළක ආරම්භ කරන්නයි. ඔබ මෙයට අකමැති වේවි. නමුත් මේවා ලියා තැබිය යුතුයි. ඒ නිසා දිගටම අවසන් වන තෙක් ලියනවා. මොකද දැන් දැන් එනපොට හොද නැහැ. හැම දේම විකෘති වන කාලයක්.
මගේ විෂය වන ආයූර්වේදය සහ බුදු දහම තමයි මෙහි ඉලක්කය. ඔන්න එහනම් මාතෘකාව, "මනස" ඒ යටතේ අද මම සලකා බලන්නෙ, ඇත්තෙන්ම මනස කියා කියන්නෙ කුමක් ද කියන එක. වඩාත් නිවැරදිව කිව්වොත් අද දිනයේ මාතෘකාව වන්නේ, චිත්ත, මන විඤ්ඤාණ" කියන එක. මේ තුනෙන් කියන්නෙ එකක් ද එහෙමත් නැත්නම් තුනක් ද අපි මේ පිළිබඳ දන්නෙ මොනව ද, මෙවැනි දේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් ශාස්ත්‍රීය පැත්ත ගැනත් හිතනවා. එම නිසා තව කෙනෙක්ට අධ්‍යනය කළ හැකි ලෙස පරිශීලනය කළ යුතු ග්‍රන්ථ ආදියත් දක්වන්නම්.
මනස පිළිබඳව බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ විග‍්‍රහය තරම් පරිපූර්ණ විග‍්‍රහය ක් වෙනත් කිසිවකු විසින් මෙතෙක් ඉදිරිපත් කොට නැත. මෙම විග‍්‍රහය මුල් බුදුසමය ග‍්‍රන්තයන් තුළ හා පසුකාලීන ව ලියවුණු ග‍්‍රන්තයන් හි ද අඩංගු වේ. මෙම විග‍්‍රහයේ වැදගත් අවස්ථා කීපයක් ඇත.
1. සූත‍්‍ර පිටකයේ, නාම රූප විග‍්‍රහය, පටිච්ච සමුත්පාද විග‍්‍රහය. [1]
2. අභිධර්ම පිටකයේ චිත්ත චෛතසික විග‍්‍රහය. [2]
මෙම මනෝ විග‍්‍රහය සෑම මිනිසෙකු සම්බන්ධයෙන් ම වැදගත් වන්නකි. බෞද්ධ මනෝ විග‍්‍රහය ට අනුව මිනිස් ජීවිතය යනු නාම හා රූප කොටස් වලින් සංයුක්ත දෙයකි. එනම් පංචස්කන්ධය යි.
මිනිස් ශරීරය හෙවත් රූපය නිර්මාණය වන්නේ චතුර් මහා භූතයන් හෙවත් පඨවි, ආපෝ, තේජෝ, වායු යන සතරේ සමවායෙනි. නාම හෙවත් සිත රූපයටත්, රූපය හෙවත් ශරීරය සිතටත් අන්‍යෝන්‍ය ලෙස සමබරව ක්‍්‍රියා කරයි. බෞද්ධ මානසික විග‍්‍රහයට අනුව මෙය ජීවිතයේ ස්වභාවය යි. මෙම පදනමට අනුව මිනිසා යනු නාම රූප දෙකේ සංකලනය කි. එනම් ජීවිතය යනු පංචස්කන්ධය යි. සත්ත්වයා ඉඳුරන් මගින්
ලෝකය හඳුනා ගනී. [3]
මනසේ විවිධ පැතිකඩ.
මනස සහ මානසික ක්‍්‍රියාකාරීත්වය පිළිබඳව සඳහන් කිරීමට බෞද්ධ මූලාශ‍්‍රයන් නෙයෙක් පර්යාය පද යොදා ගනී. ඒ අතර ප‍්‍රධාන වන්නේ,
1. චිත්ත
2. මනෝ
3. විඤ්ඤාණ යන පද තුන යි. මෙම පද තුනම යොදා ගන්නේ එකම මානසික ප‍්‍රවාහය අධ්‍යනය කිරීමට බව සූත‍්‍ර සාහිත්‍යයේ දී දැක් වේ. [4]
මානසික ක්‍්‍රියාකාරීත්වය මනසේ නිරෝගීතාවය මනිනු ලබන ප‍්‍රධාන සාධකයක් වන අතර අප ඉහත විස්තර කළ පරිදි මනස සහ කයේ ඇති සමබන්ධතාවය මගින් මේ සාධකය කයට ද බලාපානු ලැබේ. එම නිසා මානසික ක්‍්‍රියාකාරීත්වය මානසික සහ කායික නිරෝගීතාවය පිළිබඳ ප‍්‍රධාන සාධකයක් බව ප‍්‍රකාශ කළ හැකිය. එලෙසම මානසික ක්‍්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුර පැහැදිලි කර ගැනීමටත් චිත්ත මනෝ විඤ්ඤාණ යන පද යෙදී ඇති ආකාරය අනුව ඒවායේ අර්ථ සහ ඒ ඒ අවස්ථාවන්ට එම පදවල අර්ථය වෙනස් වන අයුරු සාකච්ඡා කිරීමටත් මෙහිදී බලාපොරොත්තු වෙමු.
පුද්ගල සිතේ මෙහෙය වීමෙන් මානසික ක්‍්‍රියාකාරීත්වය සිදු වෙයි. මෙය සචේතනික වූ ද (චිත්ත), මානසික වූ ද (මනෝ), විඤ්ඤාණික වූ ද (විඤ්ඤාණ), ක්‍්‍රියාවලියක් බැවින් මිනිසා තුළ ද නිබඳවම සිදු වෙමින් පවතී. [5] මේවා මනසේම ස්ථරායන තුනක් ලෙසද දැක් වේ.
ඇසත් රූපයත් එක් වූ තැන විඤ්ඤාණය හෙවත් ඒ පිළිබඳ දැනීම ඇති වේ. [6] එනම් බුදුන් වහන්සේ විසින් විඤ්ඤාණය ප‍්‍රත්‍යෝත්පන්න යැයි ද, ප‍්‍රත්‍ය මිස විඤ්ඤාණයට වෙනත් සම්භවයක් නැතැයි ද, මහා තණ්හාසංක සූත‍්‍ර දේශනාවේ දී මෙසේ දේශනා කරනු ලැබ ඇත.
පටිච්චසමුත්පන්නං විඤ්ඤාණං චුත්තං අඤ්ඤත‍්‍ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්බවොති.
චිත්ත තුළ එක් රැස් වී ඇති නාමයන් හෙවත් මානසික ධර්මයන් විඤ්ඤාණය පුබුදුවමින් එහි ක්‍්‍රියාව වැඩි දියුණු කරයි. එම විඤ්ඤාණය මනෝ ලෙස නැවත ක්‍්‍රියාත්මක වීම නිසා නාම ධර්මයන් නැවත සකස් වේ. මෙම මානසික ධර්මතාවයන් මෙලෙස චක්‍්‍රීයව සකස් වීමට තණ්හාව නම් වූ මානසික නැබුරුවද බොහෝ උපකාරී වෙයි. මෙය රෙද්දක් සකස් කරන උපමාවකින් අංගුත්තර නිකායේ පැහැදිලි කර ඇත. ”වියමනේ එක් කොනක සළායතනය. විෂය අරමුණු අනෙක් කොනේය. විඤ්ඤාණය මැදය. වියන්නා තෘෂ්ණාවයි”. [7] කෙලෙසුන්ගෙන් පිරි සිත විඤ්ඤාණය නමින් ද, තරමක් කෙලෙසුන් ප‍්‍රහීන කළ සිත මනස වශයෙන් ද, ඉතාම පිරිසිදු සිත චිත්තය යනුවෙන් ද හැඳින්වේ. [8]
ගැබුරු ධර්මයක් නිසාත් ආරම්භය නිසාත් කෙටියෙන් කොටස් වශයෙන් ලිවීමට අදහස් කළෙමි. ඊළඟට චිත්ත, මන , විඤ්ඤාණ යන අවස්ථා ද, පුද්ගල පෞරුෂය යන අවස්ථාව ද, ඉක්මනින් කියන්නට හැකිය. එනම් දැනට එම කොටස් ලියා අවසන් කරැත්තෙමි. එයට පසු මාතෘකාව ගැටුම් සමථය ට පත් කිරීමේ බෞද්ධායූර්වේද ක්‍රමවේදය පිළිබඳවයි. එය ලියමින් ඇත්තෙමි.
ජය!!!!!!
1. මජ්ජිම නිකාය 01, මහාතණ්හාසංඛ සූත‍්‍රය, බු.ජ.මු. 2006, පිටුව 608.
2. අමරදාස රත්නපාල, අභිධර්මාර්ථ ප‍්‍රදීපිකාව 01 කාණ්ඩය, 1964, පිටුව 17.
3. විභංග ප‍්‍රකරණය 01, පටිච්චසමුත්පාද විභංගය, බු.ජ.මු. 2006, පිටුව 244.
4. සංයුක්ත නිකාය 02, අස්සුතවන්තු සූත‍්‍රය, බු. ජ. ත‍්‍රි. 2006, පිටුව 148.
5. විභංග ප‍්‍රකරණය 01, පටිච්චසමුත්පාද විභංගය, බු.ජ.මු. 2006, පිටුව 244.
6. මජ්ජිම නිකාය 01, මහාතණ්හාසංක සූත‍්‍රය, බු. ජ. මු. 2006, පිටුව 606.
7. අංගුත්තර නිකාය 04, බුද්ධ ජයන්ති මුද්‍රණය 2006, පිටුව 188.
8. වල්පොළ රාහුල හිමි, බුදුන් වදාළ ධර්මය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මුද්‍රණය 2010, පිටුව 31.
ඉතාම අඩුවෙන්, කොටස් වශයෙන් පළකිරීම ඉතා අගනේය. තේරුම් ගැනීමට කාලය වෙන් කර ගැනීම උදෙසා එය වැදගත් වන අතර, හොදින් කියවීමට ඉඩක් ලබා දේ.. බලාපොරොත්තුව ඉදිමි... මට පිස්සය කියල හෙම කියන්න ලෑස්ති වෙන්න එපා ඕං...
ReplyDeleteඑහෙම තමයි බලාපොරොත්තුව කෙටි කොටස් වශයෙන් ලියන්න. මට අනෙක් වැඩ කරණ ගමන් එතකොට ලියා ගන්න ඇහැකි. අනික මේක ලියන එක වටිනව. අයූර්වේදෙත් මේ එක්ක යන හැටිත් ලියනවා.
Deleteඔබ මම ඇතුලු කවුරුත් ටික ටික පිස්සො තමයි. නැත්නම් බ්ලොග් ලියැයි ඈ....
හෙහ්. ඕං කියල තියෙන්නේ, කියන්න එපාය කිව්ව එක...
Deleteමනස හා කය අතර තියන සම්බන්ධතාවයේ වැදගත් කම දන්නා නිසා මේ වගේ ලිපි අපිට බොහෝ වැදගත් වෙයි . මානසික සුවය අඩු උනාම අපේ ජීවිත විතරක් නෙමේ අනිත් අයගේ ජීවිත වලටත් හානියක් කියල මට හිතෙන්නේ .
ReplyDeleteසරලව ලියාවි කියල බලාපොරොත්තු වෙනවා ඉදිරි ලිපි පෙලත් .
ගිම්හාණි මට ඕනෙ මේවා අරගෙන මාර්ග ඵල ලබන්න නෙමෙයි නිවැරදිව තේරුම් ගන්න. යමක් ඉගෙන ගන්න විතරයි. එවිට ලැබෙන දෙයක් තිබේ නම් ලැබෙයි. ඒ ගැණ මට කිසිම ආසාවක් නැහැ. හැබැයි එකක් තියනවා. මම උත්සාහ කරනවා මේවා මගේ රෝගීන්ට ඇප්ලයි කරන්නෙ කොහොමද කියලා හොයන්න.
Deleteබොහොම හොඳයි මේ ව්‍යායාමය.
ReplyDeleteබොහොම ස්තුතියි රාජ.
Deleteඉතාම හොඳ වටිනා ආරම්භයක්...
ReplyDeleteවේද මහත්තයෝ පොඩි ඌණ පුර්නයක් කිරීමට අවසරයි.
//චතුර් මහා භූතයන් හෙවත් පඨවි, ආපෝ, තේජෝ, වායු යන සතරේ සමවායෙනි. නාම හෙවත් සිත //
නාම කොටස : වේදනා, සංඤා, සංකාර, විඤ්ඤාණ ලෙස කොටස් හතරකට බෙදෙනවා.
//නාම රූප දෙකේ සංකලනය කි. එනම් ජීවිතය යනු පංචස්කන්ධය යි.//
මෙතන පංචස්කන්ධය නොව, පංච උපාදානස්කන්ධය දෙස නිවැරදි විය යුතුයි. මෙතන මිනිසා පමණක් නොව කාම, රුප, අරුප කියන භවයන් තුනේම පහල වන සියලුම සත්වයින් පංච උපාදානස්කන්ධ යෙන් යුක්තයි.
දුක ගැන පැහැදිලි කිරීමේදී "සංකිත්තෙන පංච උපාදානක්ඛන්දා දුක්ඛා" කියලා දේශනා කෙළේ මේ නිසයි.
මෙහෙම නිවැරදි කලාට කමක් නැහැ නේද?
ඔව් නිවැරදි කරන්න.
Deleteඔබ හරි මට "උපාධාන" කියන කොටස මිස් වෙලා බොහොම පිං.
නැවත මේවා පිළිබඳ වෙන වෙනම කතා කරනවා. උදාහරණයක් ලෙස නාම කියන්නෙ මොනවද? එතකොට රූප ගැන ආයිත් කතා කරනවා. එවිට නිවැරරදිව දෙන්නම්.
ඒත් ඔබගේ අදහස නිසා තමයි ඉතාම නිවැරදි වන්නේ. නැවතත් පින්.
වෙදනා, ඒ වරදක් නොවේ. ජීවිතය යනු පස්කඳ මිසක පස්උපාදානකඳ නොවේ. එහෙමනම් රහතන් වහන්සේට පංච උපාදාන ස්කන්ධ නැති නිසා ජීවිතයක් නැද්ද?
Deleteපංචස්කන්ධ කීවාට වරදක් නෑ, පංචස්කන්ධය මමත්වයෙන් යුතුව ග්‍රහණය කරගැනීම නිසා දුක හට ගන්නා බවයි පංචඋපාධානස්කන්ධය දුක බව බුදුන් දේශනා කලේ.
Deleteරහතන් වහන්සේලා මමත්වය දුරු කල නිසා අල්ලාගැනීම හෙවත් උපාධානය නෑ, පංචස්කන්ධය තිබුනත් ඒ කෙරේ ඇලීමක් නෑ. රහතන් වහන්සේටත් පංචස්කන්ධය තිබෙනවා.
බුද්ධාගමට වෙලා තියෙන කරුමේ තමයි නොතේරෙන පාලියකින් වඳින්න සිඳු වෙලා තිබීම. පල්ලිය ඊට වඩා ඉස්සරහට් ගිහින් සෑම සියළු දෙම සිංහලෙන් දෙමළෙන් ඉතා සරළව තියෙනවා. වෙද මහත්තයට පුළුවන් නම් ඉතා සරළව ලියන්න ඒක තමයි වටින්නේ. අරියධම්ම හාමුදුරුවෝ, සෝම හාමුදුරුවෝ ජනප්‍රිය වෙන්නේ ඒ නිසයි. අරියධම්ම හාමුදුරුවෝ බෝධිය වැන්දේ සරළ සිංහලෙන්. ඒත් බිස්නස් එකක් නම් කලේ නෑ. සෝම හාමුදුරුවොත් ඒකයි. බුදු පිලිමේ තියන්නෙ කොහේද කියලා ඇහුවම. ඕන තැනක තියාගන්න කියලා කියන්න ශක්තියක් තිබුනා.
ReplyDeleteඔව් මාතලන් මම ඔබත් එක්ක එකඟයි. මොනතරම් වටිනවා වුවත් වැඩක් නැහැ කාටවත් නොතේරෙනව නම්. මම නම් හිතන්නෙ ඒක මේ මොනොපොලි එක තියාගන්න හාමුදුරුවො කරන වැඩක්. නමුත් අපි උත්සහයක් ගනිමු.
Deleteඔන්න මම දිනක් හාමුදුරු කෙනෙක්ගෙන් ඇහුවා විනය පිටකය පිළිබඳ. මෙයා මට කියනවා. මහත්තයල ගිහියෝ, ඒක හාමුදුරුවරුන්ට තියන්නෙ ඒ නිසා අනික් කොටස් ගැන අවධානය යොමු කරන්න කියලා. මම අතහැරියේ නැහැ. තනියම කියෙව්ව.
අප්පට බොල ඔක්කොම තියන්නෙ කාටත් වැදගත් දේවල්. හැබැයි ඒක ගිහියො දැන ගත්තම එයාලට ටිකක් අවාසියි. ඔන්න ඔහොමයි අපේ තත්ත්වෙ.
වෙද මහත්තයෝ, වාදයකට පැටලෙනවා කියලා හිතන්න එපා. නමුත් මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕන.ඔබතුමාම දන්නවා ඇතිනේ සමහර වචන වල අර්ථය වෙනස් භාෂාවකින් නිවැරදිව කියන්න බැහැ කියන දේ, මෙතන බොහෝවිට තියෙන්නේ ඒ වගේ දෙයක් තමයි. උදාහරණයක් විදිහට කැවුම කියන වචනය අහපුවහම අපි දන්නවා මොකක්ද මේ කැවුම කියන්නේ කියලා. මේක ඉංගිරිසියෙන් ඔයිල් කේක් කිවම මේකේ නියම අර්ථය එන්නේ නැහැ නේද? ඉතින් කැවුමට මෙහෙමනම් ඊට වඩා බොහෝ ගැඹුරු අර්ථ තියෙන සමහර වචන ගැන කුමන කතා ද? අරහං යහ වචනය පැහැදිලි කරන්න කොපමණ පොත් ලියවිලා තියෙනවාද?
Deleteකරුණු එහෙම උවත් ත්‍රිපිටකය සිංහලෙන් තියෙනවානේ. බොහෝ අවශ්‍ය කාරනා සිංහලෙන්ම දැනහත හැකි ලෙස.
අනික විනය පිටකය ගැන. මහත්මයා, විනය පිටකය සොයාගෙන ගිහියෙකු විසින් කියවීම කිසිම වරදක් නැහැ. ගිහියන් විනය දැනගැනීම බොහෝවිට විනයානුකුල ජිවිත ගතකරන ස්වාමීන්වහන්සේලාට පහසුවක්. එවිට ගිහියන්ට හැකිවෙනවා උන්වහන්සේලාට පහසු ලෙස හැසිරෙන්න.
උදාහරණයක් ලෙස, දානය පිලිගන්විමේදී කැප, අකැප දේ ගැන දැනීමක් තිබීම.
නමුත් උපසම්පදා බික්ෂුවක් විසින් විනය ගිහියන්ට දේශනා නොකළ යුතු බවට විනය නීතියක් තියෙනවා. එම නිසා තමයි ස්වාමීන්වහන්සේලා ගිහියන්ට විනය කියාදීමෙන් වැළකෙන්නේ.
පැහැදිලිවම ඔබ හරි. වාදයක් නැහැ. මම කැමතියි ඔබ ප්‍රශ්න කරනවට. මොහිතක්වත් ඒ ගැන හිතන්න එපා. අපි මෙහෙම කතා කරන දෙයින් අනෙක් අයට යමක් වැටහෙනවා. අන්න ඒකයි වැදගත්. ඔබත් මේ ගැන දන්න කෙනෙක්. ඒ ගැන මට සතුටුයි. අපි තව කතා කරමු.
Deleteවචන නම් ඔයා කියන දේ මට වැටහෙනවා. නමුත් මාතලන් කියන කතාව හරි නේද? දැන් මම මේ කියන මාතෘකාවම බලන්න, චිත්ත, මන, විඤ්ඤාණ ඔබ දන්නව ද බොහෝ බෞද්ධයෝ මේ තුනේ වෙනස දන්නෙ නැහැ. ඒ අර වචන වල අර්ථය දන්නෙ නැති නිසා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරන නිසා මම නැවත මෙතනදි විස්තර කරන්නෙ නැහැ. හැබැයි අයිලාෂ් මම අර කිරිබත්ගොඩ හාමුදුරුවො කරන වැඩේට නම් විරුද්ධයි. ඒක මහා වැරදි වැඩක්. අපි දන්න අය මේ ගැන අනෙක් අයට යමක් තේරුම් කර දෙන්න බලමු. ඔබ දිගටම සම්බන්ධ වෙන්න.
විනය ඉගෙනීම මම නම් දකින්නෙ ගිහියන්ට ඉතාමත් වැදගත් වෙනවා. ඔබට මතකනෙ සුරු සුරු වග්ගය මම ඒ පිළිබඳ ලඟදිම ලියනවා.
බොහොම ස්තුතියි, ඔබගේ නිහතමානී බවට ඉතා ගරු කරනවා.
Deleteඇත්තටම මමත් කියන්නේ ගිහියන් විනය ගැන දැනගන්නම ඕනේ.
අනික මම නම හිතන්නේ ඉස්සෙල්ලම බෞද්ධයෝ නිවැරදිව තෙරුවන් සරණයෑම ඉගෙනගන්න ඕනේ. එතන නේ පදනම. අද බොහෝ දෙනෙක් සරණ ගිහින් ඉන්නේ එක් එක් ස්වාමින්වහන්සේලාව. ඒ අයට තෙරුවන් සරණ නැහැ, ඉතින් කොහොමෙයි ඉතිරි ටික කරන්නේ?
ඉහත කොමෙන්ටු තුළ මට කියන්නට ඇති දේ බොහොමයක් කියා තිබේ. බුදුදහම පාළියෙන් හැර සිංහලෙන් කියා දෙන්නට යාම තරමක් ගැටළු මතු කරනවාය යන්න පිළිගත හැකියි. නමුත් මාතලන් කියන්නා සේ මේ ධර්මය වසා තැබීමෙන් කෙරෙන්නේ ඊට වඩා වරදක්.
Delete"තථාගතං දෙසිතං ධම්මො විවටො විරොචති න පටිච්චන්නො"
මට නං පිස්සු වගේ!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජෝ පිස්සුව සනීප වෙයි ඉක්මනට ලියන්නම්. එතකොට කියවන්න. මගේ අරමුණ පිස්සුව සනීප කිරීම තමයි. :D
Deleteහොඳ ආරම්භයක්. ස්තූතියි මල්ලි. එහෙම නෙමෙයි මෙහෙමයි කියල තර්ක කරන්න කවුරු හරි මුලින් ම විස්තර පැහැදිලිව ලියලා පටන් ගන්න ඕනෑනේ. ඉතිරි ටිකත් කියවන්නට බලාගෙන සිටිමි.
ReplyDeleteස්තුතියි අක්කා. ඔබ වැනි අයෙක්ගෙ එක වචනයත් මට ඇති. මම මේ විෂය පිළිබඳ විශාල උගතෙක් නෙමේ. නමුත් මා ස්ව උත්සාහයෙන් උගත් දේ ඔබට කීමයි අරමුණ. අනෙක වර්ථමාන ලංකාවට වෙලා තියන දේ පිළිබඳ යම් හරි අදහසක් මින් ඇති කරන්න මම බලාපොරොත්තු වෙනවා. අක්කා මම උගත්තේ විද්‍යා විෂයන්. අනෙක් පැත්තෙන් ආයූර්වේද වෛද්‍ය විද්‍යාව. ඒකෙන් මම මේ පැත්තට යොමු වුනා අද මම පූර්ණ කාලීනවම බුදු දහම සහ ආයූර්වේදය පමණයි ඉගෙන ගන්නෙ. මට තව බොහෝ දුර යන්න තිබෙනවා.
Deleteඔබගේ වෙද/හෙද කම් ගැන දෙන ලිපි නම් කියවල තේරුම් ගන්න පුළුවන්.නමුත් මේ බුද්ධාගම ගැන ලියන/කියන බර වචන නම් මට තේරුම ගන්නම බැහැ.
ReplyDeleteඔව් කෙන්ජි මම ඊයේ බොහෝ මේ ගැන කල්පනා කළා. මට එක් උපක්‍රමයක් සිතට ආවා. මට ඕනෙ මේ කරුණු වඩාත් පිරිසක් අතරට යන්න කියා දෙන්න. හැබැයි ධර්මයේ හරයට හානි නොවී. මම දන්නවා එය ඔබ වැනි අයට මහත් උපකාරයක් වෙනවා. මම උත්සාහ කරන්නම්. ඔබගේ උපකාරය ලැබෙනවනෙ මට එයට.
Deleteනැතුව,නැතුව අනිවා.
Deleteඅම්මෝ ......හිතා ගන්න බැරි ලිපියක්
ReplyDeleteඑහෙම බැහැ. ටික ටික හරි හිතන්න වෙනවා. අවසාන පිහිට ඇති තැන මෙතැනයි. අනෙක් සියල්ල විනාශ වෙනවා. අපි උත්සාහ කර බලමු.
Deleteමමත් හිතනවා ජීවිතයට මානසික සුවතාවය සුවිසල් බලපෑමක් ඇතිකරනවා කියලා...දිගටම ලිපිපෙල කියවනවා....
ReplyDeleteඔව් ඉන්ද්‍රිජිත්,
Deleteමනස හැම විටම කයටත් කය හැම විටම මනසටත් බලපානවා. දැන් බලන්න, පංචස්කන්ධය හැදිලා තියන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන පහෙන් මුල් රූප කියන්නෙ භෞතික වූ රූපයයි. එනම් පසිදුරන්ට ගෝචර වන රූපයයි. නමුත් මානසික වූ අනෙක් හතරත් එක් වූ විටයි පංචස්කන්ධය සම්පූර්න වන්නෙ. එම නිසා සිතේ ඇතිවන සියලුම දුක්ඛ දෝමනස්සනයන් කයටත්, කයේ ඇතිවන සියලුම දුක් මනසටත් ලෙස බලපානවා. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් කායික නිරෝගීකම මෙන්ම මානසික නිරෝගීකමත් පුද්ගලයෙක්ට අවශ්‍යමයි.
දිගටම ලියන්න වෙද මහත්තයෝ ..මේ වගේ ටික ටික දාන එක
ReplyDeleteහරි වටිනවා ..
ඔව් සහන් හැකි ලෙස දිගටම ලියනවා. බලමු ඔබලාගේ උපකාරය අවශ්‍යයි.
Deleteචිත්ත, මන, විඤ්ඤාණ යන පද තුනම යෙදෙන්නේ, අරමුණු දැනගැනීම් වශයෙන් ගත්විට එකක් වන සිත හැදින්වීමටය. විවිධ සූත්‍ර වලදී වෙනස් වෙනස් පද යෙදුනද පරමාර්ථ වශයෙන් ගත් සිත යනු එකකි. වර්තමානයේ සූත්‍ර වලින් පමණක් ධර්මය ඉගෙනගැනීමට උත්සාහ කරන බොහෝ පිරිසක් මෙවැනි ස්ථාන අවුල්කරගෙන ඇති බව පෙනේ. මේවාට විසඳුම් ඇත්තේ අභිධර්ම පිටකයේ ය. එකම සිත හඳුන්වන පර්යාය සියල්ලම එක්තැනක දේශනා කොට ඇත්තේ එහිදීය.
ReplyDeleteඅභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරනා මහමෙව්නාව විසින් ද මෙවැනි අධර්ම මත රැසක් මේ වනවිට සමාජගත කොට අවසානය. එය උතුම් වූ නිර්මල ථේරවාදී දහමට සිදුකරනා මහත් අනර්තයකි. ඔවුන්ටත් සිදුකරනා අයහපතකි. මේ පිලිබද වැඩිදුර විස්තර දැක්වීමට මේ අවස්ථාව යොදානොගන්නා අතර මා විසින් ගෙනයන ධර්ම යුද්ධයට සම්බන්ධ වුවහොත් මේ සම්බන්ධයෙන් තවත් විස්තර දතහැකිවාක් මෙන්ම සැබෑ බෞද්ධයෙක් ලෙස ඔබත් ඔබගේ යුතුකම ඉටුකලා වන්නේ වෙයි...!
__________________________________________________________________
සැබෑම ධර්ම යුද්ධයක් අරඹමු..!
———————————————————————
තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!
———————————————————————-
http://srisadaham.wordpress.com/
http://goo.gl/Q1u1Q
චිත්ත, මන, විඤ්ඤාණ යන පද තුන එකම සිත හදුන්වන පර්යාය තුනක් තමයි. මම එය පිළිගන්නවා. හැබැයි ඒ තුනෙන් සිතේ වෙන වෙන අවස්ථා තුනක් තමයි පැහැදිලි කරන්නෙ. වල්පොළ රාහුල හිමියන්ගේ බුදුන් වදාල ධර්මය පොතේ ඒ පිළිබඳ පැහැදිලි සටහනක් තිබෙනවා. මම එය වෙනම දමා ඇති.
Deleteඔබ ධර්මය පිළිබඳ දැනුම ඇත්තෙක්. අපි මෙහෙම ලියමු. එවිට හරි දේ ටික ටික මිනිසුන් තේරුම් ගනියි. හැබැයි ධර්මය බලෙන් දෙන්න බැහැ. තේරෙන් නැත්නම් තේරෙන පිළිවෙලටයි දිය යුත්තේ. එහෙම කරනව වුනාට එය විකෘති කිරීමත් වැරදියි. පරිස්සම් වෙන්න ඕනෙ. ඔබ අපි වගේ බොහොමයක් එක් වූ විට අපි අපි වෙන වෙනම තේරුම් ගෙන තිබෙන දේ එක් කරලා දෙන්න පුලුවන්.
ඔබ නිතර පැමිණේ යැයි බලාපොරොත්තු වන අතර ඔබට එසේ පැමිනෙන්න යැයි ආරාධනාත් කරනවා.
මම ධර්මය පිළිබඳ කියවන්නෙ ත්‍රිපිටක බුද්ධ ජයන්ති ග්‍රන්ථත්, අටුවා සහ ටීකාත් පමණයි.
(කිරිබත්ගොඩ හිමි කරන වැඩේට මම කැමති නැහැ. එහෙම ධර්මය දෙන්න බැහැ. අපි කවුද ධර්ම මත වෙනස් කරන්න.) ඒ නිසා අපි ත්‍රිපිටක ග්‍රන්ථ වලට අනුව අපිට හැගෙන දේ මෙවැනි තැන් වල්දී සුද්ද කරගෙන් හරි දේ උගනිමු. ඔබට පින් මේ පැත්තේ ඇවිත් වටිනා යමක් එක් කළාට.
ඔබගේ අවංක අදහසට ස්තූතියි..!
Deleteමට දිගටම නම් මේ වගේ ඇවිල්ලා අදහස් දක්වන්න ලැබෙන එකක් නැහැ...! ඒත් මගේමේ පෝස්ට් දෙකට හරි බ්ලොග් එකට හරි සම්බන්ධ වෙන අයටනම් තව තවත් ධර්මය ගැන නොදන්න දේ දැනගන්නත්, තමන්ගේ සිත් තුල ධර්මය ගැන ඇති සැක සංකා දුරු කරගන්නත් අවශ්‍ය දේවල් ලැබෙයි කියල මට කියන්න පුලුවන්..
තෙරුවන් සරණයි..!
බුදුදහම පැකට් කරලා විකුණන යුගයක එකම බ්ලොග් කරුවෙකු හෝ මේ භාරදූර කාර්යයයට ඇත ගැසීම වටිනවා.
ReplyDeleteමේ තව ආරම්භයක්, නමුත් මම දන්න තරමින් මේ අඩවිය අමතන්නේ විදේශිකයන්ට. http://iamabuddhistiamrelievd.blogspot.com/
ඔව් මම බොහෝ ආශාවෙන් මේ සදහා කැප වෙනවා. බලමු අපහසු ව්‍යායාමයක්....
Deleteඉතා වටිනා ලිපි පෙලක ආරම්භයක්. ඔබට ස්තුතියි . මේ කාරණා කොහොමත් ගැඹුරුයි තමා. හොඳින් මනසේ තැන්පත් වෙන්න නං උනන්දුවෙන් වචන අර්ථ දැනගත යුතුයි නේද ?
ReplyDeleteඔව් එයත් එක් කාරණයක්. මම එය හිතේ තබා ගන්නම්. ඉදිරියේදී ඒ අනුව ලියන්නම්.
Deleteඉතා වටිනා ලිපි පෙලක ආරම්භයක්. ඔබට ස්තුතියි . මේ කාරණා කොහොමත් ගැඹුරුයි තමා. හොඳින් මනසේ තැන්පත් වෙන්න නං උනන්දුවෙන් වචන අර්ථ දැනගත යුතුයි නේද ?
ReplyDeleteමෙය නම් මම උනන්දු මාතෘකාවක්. පටන් ගැන්මක් හැටියට මෙහෙම අහන්නම් . සිත ගැන පැහැදිලි කිරීම බුදු දහමේ අරටුව නේද? ඉතින් චතුර් වේදයේ ම ආයුර්වේදයේ , මීට සමාන කම් තියෙනවාද ?
ReplyDeleteජේ. පී. ඇත්තෙන්ම ආයූර්වේදය කියන්නෙ චතුර්වේදයේ එන අථර්ව වේදයේ කොටසක් විදියටත් පස්වැනි වේදය හැටියටත් සලකනවා. ඒ කෙසේ වෙතත් මේවායේ බොහෝ සමානාසමානකම් තිබෙනවා. ආයූර්වේදය පස්මහ භූත පිළිගන්න කොට බුදුදහම චතුර්මහභූත පිළිගන්නවා. ඒත් එතැන ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නෙ ආකාශ භූතය බුදුදහමේ නැහැ. අනෙක් හතර සමානයි. ඒ වුවත් බටහිර දැනුම මෙයට වෙනස්. ආයූර්වේදයත් බුදු දහමත් එකම පද්ධතියක වෙනස් ක්‍රම දෙකක්. නමුත් බටහිර දැනුම වෙනම ආගන්තුක දැනුම පද්ධතියක්. ඒ නිසා ආයූර්වේදය බුදු දහම එකට කතා කරන අතරේ, ඒ පිළිබඳවම බටහිරින් කතා කරන කොට බොහෝ පරස්පරයන් එනවා.
Deleteනමුත් මේ හැම මිනිසාගේ මනසේ නිර්මාණ. ස්වභාව ධර්මය මනසින් තේරුම් ගන්නා විවිධ ආකාර.
මේ ටිකත් කියන්න හිතුනා . මම හිත ගැන අහපු හොඳ ම කියමනක් .
Deleteපිහියකින් , එම පිහිය කැපීමටත් වැඩ අසීරුය , සිතෙන් සිත තේරුම් ගැනීම ..
අපි කතා කරමු . ඉන් පසු අපිට තේරෙන විදියට තේරුම් ගමු .
මේ කාරණා ගැන සරලව ලියන එක සංකීර්ණ කටයුත්තක්.ඒ දේ මෙහෙම කරන එක බොහොම පිං ලැබෙන කටයුත්තක්. :)
ReplyDeleteඅර විකෘති කිරීම් ගැන නම් කියලා වැඩක් නෑ. කාලයක් අසපු සරණේ ගිහින් හිටපු කෙනෙක් මාත් එක්ක කිව්වා "වැඩක් නැහැ , අපි වංචා කාරයෙකුට අහු වුනේ" කියල, වැඩේ තියෙන්නේ එහෙම කියන ගමනුත් තවමත් ඒ පැත්තේ යන එක.
රාමා මේකට හේතු කීපයක් තිබෙනවා.
Delete1. මනසික ඇබ්බැහිය.
2. තමන්ගේ තරම පිළිබඳ නිසි තක්සේරුවක් නැතිකම. ඇයි බැරි එක එක පුද්ගලයෝ පස්සෙ නොයා තමන් තනියම තේරුම් ගන්න.
3. අනික ප්‍රචාරක උපායන්ට අසුවීම.
සරළව ලිවීමේ හැකියාව ලැබේවායි පතමි.
ReplyDeleteJanaka Manjula
Ceiling fans with lights offers users the option to light up the room and gives a decorative look to it.
ReplyDeleteTherefore, environment conscious people often encourage the use of ceiling fans with lights.
so that they don't detract from the space in the room.
my blog ... www.securityautomata.org
කාලෙක ඉඳල එන්න හිටියත් ඔන්න අදයි එන්න ලැබුනෙ. මුලින්ම දැනගත්තෙ අරුණි නංගිගෙන්. කෙනෙක් ගෙ මනස දුර්වල වෙනව කියන්නෙ හරිම කනගාටු දායකයි. වයසට යන ගොඩාක් දෙනෙක්ට මෙහෙම වෙන්නෙ ඇයි කියල කාලෙක ඉඳල මාත් හිතනව. මනස අපිටම දකින්න පුළුවන්. අපි දෙයක් කරන කියන කොට හොඳ සිහියෙන් කරන්න මුල සිට පුරුදු උනාම මනසේ විවිධ වෙනස් වීම් තමන්ටම දකින්න පුළුවන්. ඉතාම වටිනා අදහස් රැසක් සරලව අපට දුන්නාට බෙහෙවින්ම පින්.
ReplyDeleteකාලෙක ඉඳල එන්න හිටියත් ඔන්න අදයි එන්න ලැබුනෙ. මුලින්ම දැනගත්තෙ අරුණි නංගිගෙන්. කෙනෙක් ගෙ මනස දුර්වල වෙනව කියන්නෙ හරිම කනගාටු දායකයි. වයසට යන ගොඩාක් දෙනෙක්ට මෙහෙම වෙන්නෙ ඇයි කියල කාලෙක ඉඳල මාත් හිතනව. මනස අපිටම දකින්න පුළුවන්. අපි දෙයක් කරන කියන කොට හොඳ සිහියෙන් කරන්න මුල සිට පුරුදු උනාම මනසේ විවිධ වෙනස් වීම් තමන්ටම දකින්න පුළුවන්. ඉතාම වටිනා අදහස් රැසක් සරලව අපට දුන්නාට බෙහෙවින්ම පින්.
ReplyDeleteහිත කියන්නේ විඤ්ඤාණ යද ? තෙරුවණ් සරණයි
ReplyDelete