Tuesday, October 16, 2012

හොද මී පැණි හඳුනා ගැනීම.

පසුගිය ලිපියේ අපි කතා කළේ මී පැණි සහ සුදුලූණු පිළිබඳව.

අද මා සාකච්ඡා කරන්න සිතා සිටියේ වෙනත් මාතෘකාවක්. නමුත් අපේ පහුගිය ලිපියට ලැබුණු ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වී තිබුණා හොද මී පැණි සොයා ගැනීම පිළිවඳව. ඒ ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලාත් තිබූ බව ඔබට මතක ඇති. අන්න ඒ නිසා අද මම සිතා ගත්තා මේ අයට යම් දැනුමක් ලබා ගත හැකි ලෙස හොද මී පැණි සොයා ගන්නා ආකාරය පිළිබඳ ලියන්න.

මුලින්ම මට වුණු සිද්ධි දෙකක් කියන්නම්. ඔබ දන්නවද දන්නේ නැහැ. හසලක පැත්තෙ තිබෙන ඉතාම පිටිසර ප්‍රදේශයක් තමයි බලවර්ධන ඔය කියන්නේ.

1999 කාලෙදි මම මහනුවර තමයි රැකියාව කළේ. එවකට මගේ තනතුර වූයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආයූර්වේද නිෂ්පාන. මට තිබූ විශාලම ප්‍රශ්නයක් තමයි මේ හොද මී පැණි සොයා ගැනීම. අපි බොහෝ කාලයක සිටම මී පැණි ලබා ගන්නේ මේ බලවර්ධන ඔය සිටින ඉස්කෝලෙ මහත්තයා නමින් හැදින් වූ අයෙක්ගෙන්. එතුමාගේ මී පැණි වලට ගහන්න මී පැණි මම අද වනතෙක්ම දැකලා නැහැ.

අපේ ආයතනයේ සභාපති තුමා මට මේ පුද්ගලයවම හදුන්වා දුන්නා මී පැණි ගැනීම සදහා. ඒ ගමන් හරිම විනෝදජනකයි. කෙසේ හෝ මම මාසයකට වරක් යා යුතුයි මේ මී පැණි ගනුදෙනුව සදහා. මී පැණි කිලෝ දහස් ගණනක් ආවාට ගියාට මිලදී ගෙන යම් නාස්තියක් වුවොත් මම ගස්. ඒ නිසා මේ වැඩේට මමම යනවා. දිනක් මම බලවර්ධන ඔය යනවිට ඉස්කෝලෙ මහත්තයාගේ කඩේ ඉදිරියේ වැදි පෙනුමැත්තෙක් කණුවකට තබා බැද තිබෙනවා. ජීවිත කාලයෙන් වැඩි කාලයක් කොළඹම සිටි මට මේක මහ ප්‍රශ්නයක්.

ඉස්කෝලෙ මහතයගෙන් මේ ගැන අහපු මට ලැබුණු උත්තරේ තමයි මේ.

" අපේ මහත්තයා මූ වැද්දෙක් නෙමේ මූ සිංහලයෙක්. මුලු වැදිරැහැම දන්න මාව රට්ටන්න මූට බැහැ. මේ මිනිහ මී පැණි ගෙනාවා වඳ පිටින්. මම බලාපුවහම ඔක්කොම වඳ පරණ වද කලින් මිරිකල පැණි අහක් කළ ඒවා. මූ කොහෙන් හරි පැණි නැති වඳ හොයන් සීනී වතුරේ වඳ පොඟවලා ගෙනත් මාව රට්ටන්න"

මෙහෙම කියලා දුන්න අර මිනිහට පයින් පාරක්. එතකොට මේක කෑගහනවා මරන්න හදනව වගේ. මට දැන් මාරම ජොළි වැඩේට.

ඔන්න මී පැණි එක කතාවක්. තව එකක් මම කලින් කියා ඇති අර සීනි දියකළ ජලය ටැංකි වලට පුරවා මැස්සන් ලවා ට්‍රාන්ස්පෝට් කළ කතාව. එය මතක ඇතැයි සිතනවා.

ඔන්න ඔහොමයි අපේ මී පැණිවල කොලිටිය.

නමුත් ඔබේ පැනයට මා පිළිතුරු සැපයිය යුතුයි. ඒ නිසා මා දන්නා සාම්ප්‍රදායික ක්‍රම ගැන අපි කතා කරමු.

මේ ලිපිය ලියන්න මම කතා කළා, වර්තමානයේ ආයුර්වේද විද්‍යාව පිළිබඳව ශ්‍රී ලංකාව, සහ ඉන්දියාව දෙරටේම ආයූර්වේද උගතෙක්, බුද්ධිමතෙක් ලෙස ප්‍රසිද්ධ වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමාට. මෙතුමා මගේ ගුරුවරයෙක්, මිත්‍රයෙක්, සහෝදරයෙක්.

එතුමාත් සමගත් කතා කළ පසුවයි මේ ලිපිය ම'විසින් ලියනු ලබන්නේ.

(1) ක්‍රමය
මී පැණි ගින්නට ඇල්ලූ විට පිළිස්සෙන ද්‍රව්‍යයක්. හොද මී පැණිවල ජලය නැහැ. එනිසා එය ගින්නට ඇල්ලූ විට දැල්විය යුතුයි. නමුත් මට ඇති ප්‍රශ්නය පලතුරු වලට කාබයිට් දැමීමට තරම් කුරිරු සමාජය ගින්න දැල්විය හැකි යමක් කලවන් මී පැණිත් සමග එකතු නොකරයිද???

(2) ක්‍රමය
ඊළඟ ක්‍රමය වන්නේ, මී පැණිත් ජලයට එක් කිරීම. මී පැණි බිංදු කීපයක් පිරිසිදු ජලය අඩංගු වීදුරුවකට දැමූ විට එම පැණි බිංදු කීපය වීදුරුවේ අඩියට කිඳා බැසිය යුතුයි. මෙහිදීත් මිනිසාට හැකියාවක් තිබෙනවා යම් වංචාකාරී ක්‍රමයකට මේ පරීක්ෂණයෙන් බේරීමට.

(3) ක්‍රමය
මෙයත් වංචාකාරීන්ට සකස් කළ හැකියි. එනම් සාමාන්‍යයෙන් මී පැණි අවුන්ස 24 බෝතලයක් එනම් මිලි ලීරර් 750 ප්‍රමාණයේ බෝතලයක අඩංගු මී පැණිවල බර 1කිලෝ ග්‍රෑම් විය යුතුයි.

(4) ක්‍රමය
තවත් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක කරන්න තරම් අපි පොහොසත්ද ? හැකි නම් කරලා බලන්න. මී පැණි බල්ලන් නොකයි. මී පැණි ස්වල්පයක් බල්ලන්ට දුන් විට නොකනවා නම් ඒ පිරිසිදු මී පැණි වේ. බල්ලන්ට මී පැණි කවන්න ?????

මීට අමතරව විද්‍යාත්මකව මී පැණිවල විශිෂ්ට ගුරුත්වය මැනීම, මී පැණිවල අඩංගු රසායන ද්‍රව්‍යවල සංයුතිය මැනීම වැනි ක්‍රමද මේ සදහා උපයෝගී කරගත හැකියි.

මේ කිසිදු ක්‍රමයක් නොමැතිව පළපුරුද්ද, දැකපුරුද්ධ, සහ අතහුරුව ඇති අයට මී පැණි හඳුනා ගැනීම බෙහෙවින් පහසු වැඩකි.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්‍යංශය මේ ගැන යම් අවධානයක් යොමු කිරීම වටී. යම් නිර්ණායකයක් ඇති වනවා නම් රෝගීන්ට මෙන්ම වෛද්‍යවරුනටද පහසුවකි.

සෑම මිනිසෙකුටම තමන් වියදම් කරන මුදලට සරිලන සේවයක් හෝ භාණ්ඩයක් ලැබීම සදහා අයිතියක් ඇත. ඒ ඉටුකරදීම රජයක වගකීමකි, යුතුකමකි.

72 comments:

  1. මමත් කාලයක් මීමැසි පාලනය කළා.පෙට්ටි 3ක්ම ගෙදර තිබුණා.ඒත් ඉටි සලබ උවදුරට අසුව ඒවා විනාශ වුනා.ඔබගේ කරුනු ටිකත් මි පැනි වගෙයි.

    ReplyDelete
  2. හොඳ ලිපියක් මහ වෙදනා. මම අද අපේ ඔපීසියට මීමැසි පෙට්ටි ගෙනාව මිනිස්සුන්ට බෙදල දෙන්න. :)
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සම්බන්ධ විදාතා මධ්‍යස්ථාන ආශ්‍රිතව මීමැසි පාලනය කරන මිනිස්සු ඉන්නව. පොඩි ට්‍රයි එකක් දුන්නනම් හොඳ මී පැනි ටිකක් හොයාගන්න පුළුවන් වේවි. මොකද පාලනය කරන මිනිස්සු කැලේ ගිහිල්ල මී කඩන මිනිස්සුන්ට වඩා ටිකක් හරි ප්‍රමිතිය ඇති පැනි විකුණනව කියල මම දන්නව.

    ReplyDelete
    Replies
    1. මගෙත් කල්පනාව ඒකමයි. ඒත් එතැනත් හොර කෙරෙනවා. මගේ ඇස් දෙකෙන්ම දැක්කනේ මී මැස්සන්ටත් හොර කරන්න පුරුදු කරලා තියන අපූරුව.

      Delete
  3. මෙහෙත් වැඩිය තියෙන්නෙ රාජ් කියන විදියට මී මැසි පාලනයෙන් හදන පිරිසිදු මී පැණි. හැම පළාතක ම හැම පුංචි ගමකම මී මැසි පාලනය විනෝදාංශයක් කරගෙන ඉන්න අය හමුවෙනවා. ඒ ඒ පැත්තේ මල් පිපෙන කාලෙට හචිං යන අය ඒ ඒ පැත්තෙ මී පැණි කෑවම ඒක අඩු කරගන්නත් පුලුවන් කියලා විශ්වාසයක් තියෙනවා.

    සුදු අප්පුහාමිගේ පවුලේ අයටත් මී මැසි පෙට්ටි තියෙන නිසා ඇමෙරිකාවට පය තැබූ දවසේ සිට අපේ ගෙදරත් ඉස්තරම්ම මී පැණි බෝතලයක් වරදින්නේ නැතිව තියෙනවා.

    ඇඟිල්ලක් කැපුනොත් පොඩ්ඩක් ගෑවම ඉක්මණින් තුවාලේ සුවවෙනවා.

    ReplyDelete
    Replies
    1. හොමියොපති විද්‍යාවේ මූලධර්මයක්නෙ විෂෙන් විෂ නැසේ කියන එක. මම දැක්කනෙ සුදු අප්පුහාමිගේ රටේ මිනිස් ජීවිතයට කෙරෙන සත්කාර. ඒ ගැන නම් අපිට බොහොම දේ ඉගෙන ගන්න තියනවා ඇමරිකාවෙන්.
      තුවාල වලට ගෑමට හොද නම් තමයි අපිට කොයින්ද එතරම් මුදල්???

      Delete
  4. අපේ බුලට් නම් හොද ද නැද්ද බලන එකක් නෑ.. පැණි රස නම් කාලා දායි....එයා හරියන් නෑ වැඩේට... හි හි...

    අපේ මහත්තයත් ඔය කොහෙ හරි ගියාම මී පැණි අරන් එනවා.... මේක පෙන්නන්න ඕනේ ආවම...

    ReplyDelete
    Replies
    1. මහත්තයා ඒකාලෙත් හොඳ පැණිය තමා....

      Delete
    2. මහත්තයට කියලා හොදම මී පැණි ගෙන්නගෙන සුදු ලූණු දමලා බේත හදලා දෙන්න. ආදරේට කරන්න ඕනෙ එහෙම වැඩ.

      Delete
    3. නලීන් අයියේ....

      ඔව් ඉතිං එක ඉස්කෝලෙ කට්ටිය ගැන දන්නවා නැතෑ.. නේ.... හි හි..

      ඕකට කෙට්ටු වෙනවා නේද වෙද මහත්තයා..... ?

      අපේ මහත්තයට ඕක දුන්නොත් අපේ නැන්දම්මා මාව ගස් බඳියි.... මොකද එයා ඒ තරමටම කෙට්ටුයි.... හි හි... ඔන්න මට නං ඕක හොඳයි.... අලියා වගේ මත් වෙන හින්දා..... හි හි...

      Delete
  5. හරි වටින ලිපියක් වෙද මහත්තයා, ඔබතුමා අර ඉස්කෝලෙ මහත්තයා ගැන කතාව කියනකොට මටත් සිහිවුනේ මී පැණි සම්බන්ධව මගේ අත්දැකීමක්. අපේ ගම්වල මිනිස්සුන්ට මී පැණි කියන්නේ දිව්‍ය ඖෂධයක් නෙ.ඉතින් ඒ නිසාම වෙද මහත්තයා කියලා තියෙනවා වගේම නිතරම නියම මී පැණි හොයාගන්නට ,පාවිච්චි කරන්නට අපේ මිනිස්සු උත්සුක වුණා. ඉතින් ඒ වගේම නියම මී පැණි හොයාගන්නට ගමේ මිනිස්සුන්ගේ පාරම්පරික දැනුම සහ විශ්වාසයන් ඔවුන් ප්‍රයෝජනයට ගත්තා. මෙ විදිහට යොදා ගත්තු එක ක්‍රමයක් වුණේ මී මැසි රංචුවක් යාබඳ අහසේ පියාසර කරන කොට ලෝහමය භාණ්ඩ දෙකක් එකිනෙක ගැටෙන්නට සලස්වන එක, ගැමියන්ගේ විශ්වාසයක් තිබුණා එතකොට අර මී මැසි රංචුව ඒ සමීපයේ ඔවුන්ගේ වාසස්ථානය කරගැනීමට සුදුසු තැනක නතර වෙලා මී වදය බඳිනවයි කියලා. ඇත්තට ඒක පාරම්පරික විශ්වාසයක් විදිහට කාලාන්තරයක් පැවතුනේ ඒ කතාවේ කිසියම් සත්‍යතාවයකුත් තියෙන්න ඔනෙ නිසයි කියලයි මට හිතෙන්නේ. සමහරවිට ගැමියන් පිළිබදව අත්දැකීම් තියෙන වෙද මහත්තයා මේ ගැන දන්නවා වෙන්නත් පුළුවන්.

    කොහොම හරි මේ විශ්වාසය එක්ක සම්බන්ධ වෙච්ච් හරි අපූරු අත්දැකීමකුත් මට තියෙනවා. ඔන්න අපේ ගමේ ගොඩකුඹුරෙ අත්තා කියලා වැඩිහිටියෙක්. අපේ ගමේ පැරණි පරම්පරාවෙ සාමාජිකයෙකු වූ අත්තා තමයි අපේ ගමේ සංස්කෘතික මුද්‍රාව. ගමේ ඕනෙම වැඩකට පැරනි සිරිත් විරිත් ,,ගොක්කොල ආදී අත්කම් ,,බලුකපුටු දාන, තොරණ්, රන්සිවි ගෙවල් මේ හැම දේකටම අත්තා මූලිකත්වය ගන්නවා, පරණ දේවල් අළුත් පරම්පරාවට උගන්වන්න හරිම උවමනාවක් තිබුණා උන්දට. කාලයක් ගමේ පොඩි උංට පිරිත් කියන්න පුරුදු කරා ..හැබැයි අත්තා ටිකක් පණ්ඩිතමානී මනුස්සයෙක් (පණ්ඩිතයා කියලා අමුවෙන්ම කියන්න බෑනෙ. )දවසක් අර මම කලින් කීවා වගේ මී මැස්සො රංචුවක් පියඹාගෙන යනකොට ඔන්න උන්ව නවත්තාගන්න අර පැරණි ක්‍රමේම පාවිච්චි කරන්න අත්තා ලෑස්ති වෙලා ,ඒත් ළග හිටපු තව වැඩිහිටියෙක් කීවලු ""කුඩප්පේ මෙතන නම් පොඩි අමුත්තක් තියෙනවයි කියලා"
    "අනේ උඹ පඩුවේ හිටින් මම දන්නේ නැද්ද බොල මී මැස්සෝ "කියලා අතේ තිබුනු පුවක් කපන ගිරෙන් ඉලත්ත්ට්ටුවට මහ හයියේන් තට්ටු කරාලු. මෙන්න බොලේ රූවුවූවූංංංංංං ගාගෙන ආවෙ නැල්ලුද මී මැස්සො රංචුව අත්ත්ගෙ සරීරෙට ,වට කරගෙන විදින්න පටන් ගත්තලු ..කරන්න දෙයක් නැතුව අත්තා ළිදට පැනළයි බේරිලා තියෙන්නේ, -ඒදා වෙලා තියෙන්නේ ඒ ළඟින් ගිහින් තියෙන්නේ මී මැස්සෝ රංචුවක් නෙවීලු ,දෙබර රංචුවක්ලු. අර ළග හිටපු අනිත් වැඩිහිටියාට සද්දෙ වෙනස දැනිලා තමයි පූර්ව දැනුම් දීමක් කරලා තියෙන්නේ, නමුත් ඉතින් අත්තා පිළිඅරගෙන නැහැනෙ. එද ඉදන් ගමේ කොල්ලෝ අත්තා ළග ඉන්න්කොට මි පැණි ගැන වැඩි වැඩියෙන් කතාකරන්න පටන් ගත්තා. ඒ වගේම අත්තා ඒ වෙලාවට මී පැණි වගේ කණට මිහිරි වචන කියන්න පටන්ගත්තලු .
    මේ කොමෙන්ටුව මේ තරම් දීර්ඝ එකක් වීම ගැන වෙද මහත්තයා අමනාප වෙන එකක් නැහැයි කියලත් හිතනවා. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. රත්තගේ කමෙන්ට් එක නම් මල් මසුරන්.

      ඔබ මගේ කට ඇවිස්සුව. මම ඒ කොටස නොලියා සිටීමටයි සිතා සිටියේ. දැන් ඔන්න ඔහේ ලියලා දාන්නම්.

      මී මැස්සා බොහොම බුද්ධිමත් සතෙක්. මේ බුද්ධිය ලැබුනයි කියන්නෙ මෙහෙමයි. ඔබ දන්නවනේ ග්‍රීක මිතලොජි අන්න ඒ කතාවලයි මේක සදහන් වෙන්නෙ.

      සියුස් දෙවියා ඔඅ දන්නවනේ. දෙවිවරුන්ගේ රජා. මෙයා පොඩි කාලේ මෙයාගේ මව (රී දෙවඟන.) විසින් ක්‍රීට් දිවයිනේ ගල්ගේක (මවුන්ට් ඔෆ් ඒඩා) සඟවා තැබුවලු. ඒ සියස් සමග බද්ධ වෛරයෙන් සිටි ක්‍රෝනස් කියන පිය රජතුමාගෙන් ආරක්ෂා කර ගන්න. මේ කුමාරයා ලොකු මහත් වෙලා තියන්නේ මී මැස්සො මී පැණි කවලා. මේ නිසා කෘතගුණ දැක්වීමට පසුකාලෙකදි සියුස් මී මැස්සන්ට බුද්ධිය ලබා දුන්නලු.

      මේ කුමාරය කුඩා කාලෙදි ඔහුගේ හඬින් ගුහාව තිබෙන තැන හෙලිවේ යැයි බියෙන් මව් දෙවඟන විසින් මෙහෙණන් පිරිසක් මේ ගුහාව අසල නවතා තැබුවලු. මේ අය නිතර කයිතාලම් හඬවමින්, කඩු හරඹ කරමින් ලෝහමය ශබ්දයන් ඇති කලාලු.

      අන්න එදා සිට මී මැස්සො ලෝහ ගැටෙන හඬ ඇහුනම එතැනට එනවලු.

      Delete
    2. ඔන්න බලන්න, මම අර කතාව කිව්වෙ නැත්නම්. මට මේ පුරාණ ග්‍රීක කතාව දැනගන්න ඉඩක් ලැබෙන්නේ නෑ නොවැ. බොහෝම ස්තූතියි වෙද මහත්තයා...

      Delete
    3. පහුවෙලා ඇවිත් රිප්ලයි කියවනකොට ගොඩක් නොදන්න දේවල් අහුවෙනවා.. හි හි...
      ඔන්න මේ කතාව මම අහලා තිබුනෙත් නෑ.....

      Delete
  6. මී පැණි කතාවයි රජරටටගේ කතාවයි දෙකම මී පැණි වගේමයි. එක්කෙනෙක් බල්ලොන්ට කේක් කවනවා. වෙද මහත්තයා බල්ලොන්ට මී පැණි දෙනවා..

    ReplyDelete
    Replies
    1. පාන් නැති නිසානේ මාතලන් කෙක් කන්නෙ. මී පැණියි කේකුයි බල්ලන්ට කවන්න තරම් අපි ආස්චර්‍යයෙන් ආඪ්‍ය වෙලා මාතලන්...

      Delete
    2. මාතලන් ඒකටත් මට හින්ට් එකක් ගහලා... හම්බුවෙද්දෙන්කෝ උන්දෑ දවසක.. ඔක්කොටම කේක් දීලා එයාට විතරක් පාන් දෙනවා... හි හි.....

      Delete
  7. මිනිසුන් අවංක වෙලදාමක යෙදෙනවනම් නියම මී පැනි ගන්න අපිට මෙච්චර අමාරු නෑ නෙද?

    ReplyDelete
    Replies
    1. ලොක්කා මිනිස්සු අවංකයි. නමුත් බඩගින්නයි මසුරුකමයි, මජරකමයි මේ ඔක්කොම එක්ක මොන අව්වංක කම්ද?

      Delete
  8. මම අහල තියෙන විදියට හුඹස් බෙන මී වඩ වල තියෙන මී පෑනි ලු බේත් වලට ගන්නෙ.......ඒක ඈත්තද.....මට එහෙම පෑනි හම්බ උනා නිකවෑරටියෙදි....ඒවා නම් මරු....

    ReplyDelete
    Replies
    1. හුඹස් මී පැණි.......බුදු අම්මෝ මම නම් ඇහුවමයි ඒවා බෙත් වලට ගන්නවා කියලා.....අනේ රජෝ ඔයා නම් ඒවා ගන්න එපා.

      Delete
    2. ඔච්චරට බය උනේ... ඒ මොනාද ඒ.. ඇහුවමයි......

      Delete
  9. අපිට නම් මේ ආත්මෙට ඔය හොඳ මී පැණි හොයන්න හම්බ වෙන්නෙ නෑ. ඔය චයිනීස් මැලේෂියන් මී පැණි ගැන මොකද කියන්නෙ වෙද මහත්තයා. මම නම අරක හැදුවේ ඒවායින්
    අර රතුගෙ කමෙන්ට් එකත් සිරානෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් මැලේෂියන් මී පැණි හොදයි. හැබැයි චීන ගැන නම් මගේ වගකීමක් නැහැ. ඔසී බඩුත් නියමයි.

      Delete
  10. ලංකාවෙ කෙසේ වෙතත් අපිට පිටරටදි නම් හොඳ මී පැණි ලැබෙනවා. පිටරට අයට කියන්නෙ ලොකු සුපර්මාකටු වලින් මී පැණි ගන්නෙ නැතිව පොඩි තැන්වලින් මී පැණි ගන්න කියලයි. මොකද මී පැණිවල වටිනකම තියෙන්නේ නොපෙරා ගන්නව නම් විතරයි ලු. ලොකු කඩවල මී පැණි පෙරන නිසා ඒකෙ ඖෂධීය වටිනාකම අඩුයි කියලයි වෙබ් අඩවි වල නම් තියෙන්නෙ... ඒ නිසා මම මී පැණි ගන්නකොට ගන්නෙ මී වදයත් එක්ක තියෙන පැණි බෝතල්..
    මම ඇමරිකාවෙ ඉඳලම් ජර්මනියට බෝතලයක් ගෙනාවා.. මෙහේදිත් බෝතලයක් ගත්තා අර සුදුළූණු දාන්න... මේ සති අන්තෙ ඒක සකස් කරන්න ඕන...
    කෙට්ටු වෙලා හොයා ගන්න බැරි වුනොත් වෙදගෙදර එනවා මහත්වෙන්න බෙහෙත් ගන්න හරිද !

    ReplyDelete
    Replies
    1. මත් දැක්කා මී පැණි බොහොම අපූරු මී පැණි ඇමරිකාවෙදි නම්. ඒවා නියමයි. මැස්සොත් අපේ වගේ හොර බොරුවට වංචාවට තාම පුරුදු වෙලා නැහැ.

      මේ ඒක නෙමේ මොකදෑ ඔය හැටි කෙට්ටු වෙන්න හිත.?????

      Delete
    2. ලොකු සුපර්මාකට් වලත් වද එක්කම එන මී පැණි තියනවා.

      Delete
    3. කෙට්ටු වෙන්න හිතක් නෑ... අර සුදුළූණු ප්‍රතිකාරෙට කැමතියි.. කෙට්ටු වෙනවට බයයි... ඒකයි එහෙම කිවුවෙ....

      Delete
  11. හොඳ මීපැණි හොයාගන්නේ කොහොමද කියලා හිත, හිතා ඉන්නකොට මහ වෙදනා ඒ ගැන පෝස්ටුවක්ම දාලා.

    මෙහේ තියනවා manuka honey කියලා වර්ගයක්. ගොඩක් ගනන්. ඒ වගේම දවසකට හැන්දක් බීමෙන් සීතලට නිතර හැදෙන cold and flu වැනි රෝගවලට හොඳ බව පැවසෙනවා. එය පාවිච්චි කිරීමෙන් අර සුදුලූනු බෝතලයක් හදා ගත හැකිද?

    ReplyDelete
    Replies
    1. නවසීලන්තෙත් තිබෙනවා ඔය කියන මී පැණි. ඒක හොදයි ගාන තමයි......
      හේ ෆීවර් එකට මී පැණි ඉතාම හොදයි.

      Delete
    2. මනුකා මී පැණි මම දැක්කා බඩේ තුවාල වලට නොවරදින බෙහෙතක් කියලා නම් කියනවා.

      Delete
    3. අපේ පොඩි අයටත් මෑතකදී ඉඳන් මනුකා පැණි දෙනවා කැස්ස හැදීගෙන එද්දී . ගාන තමයි . බුදු අම්මෝ . සුදු ලුණු දාන්න නම් එච්චර ගානක පැණි ගන්න බැහැ . මෙහෙ පොඩි බෝතලයක් ඩොලර් 35 ක් විතර වෙනවා .

      Delete
  12. නියම ලිපියක්. අපි කොච්චර කයි ගැහුවත් මීපැණි බෝතලයක් හොදද බලන්න ගියාම එරෙනවා. හරිම ව‍ටිනවා මේ දැනුම. මම අහල තියෙනවා මීපැණි ඇගිලි තුඩු දෙකට අරගෙන තදකරාම ඒක රසදිය වලට තරමක් සමාන වෙන විදියට තෙරපෙනවා නම් හොද මීපැණි කියලා.

    ReplyDelete
    Replies
    1. රේඛා පූර්නය කියලා කියන්නේ ඒ පරීක්ෂණයට තමයි. ඒක මට අමතක වුනු එකක්. බොහොම ස්තුතියි.

      Delete
  13. පළපුරුද්දෙන් තමයි ගොඩක් දේ සොයා ගන්න පුළුවන්. එහෙත් පළපුරුද්ද නැති අයට නම් ඔබ තුමාගේ උපදෙස් බොහෝ වටිනවා.
    වටිනා ලිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියන්ත. ලිව්වෙ නැහැනෙ මොකවත් ලඟකදි???

      Delete
  14. අපේ ගෙදර මීපැණි බෝතලයක් තියෙනවා ටිකක් කල්ගතවුන .ඒ බෝතලේ අඩියේ ටිකක් ඝනකමට මිදිලා කැට බවට පත් වෙලා . මෙය පාවිච්චිට සුදුසුද ?

    ReplyDelete
    Replies
    1. මී පැණිවල මෙහෙම බැදෙන ගතියක් තියනවා. නමුත් සීනි කවලම් වුනාම තමයි වැඩියෙන්ම එහෙම කැට ඇති වන්නේ. හරිම අමාරුයි කියන්න. බලල නම් කියන්න පුළුවන්. ගිම්හාණිට ඇහැකි විටෙක ගෙනල්ල පෙන්නන්නකො මම කියන්නම්.

      මේ කෙහෙල් කොරොට්ටට එහෙම මේවා කියනවා නෙමේ. ඔන්න ගිම්හාණි මී පැනි බොතලයක් කරගහන් යනවා අදියි, පරිස්සමින්.

      Delete
  15. මී පැණි වගේම වැදගත් ලිපියක්.

    ReplyDelete
  16. අපිටත් තියෙන ප්‍රශ්නෙ ඔය නොදන්න ඒව ගන්න ගියාම හරියට අඳුරගන්න බැරි එක. රාජ්‍ය ආයතන හැටහුටාමාරක් තියෙන රටේ ඒවගෙ ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමෙ වගකීම ඔවුන් නිවැරදිව කරනව නම් අපිට වැඩි අවුලක් නැතුව ගිහින් එයාලගෙ අලෙවි කුටියකින් සැක නැතුව ගන්න පුළුවන්. ස්තූතියි වෙද මහත්තයගෙ තොරතුරුවලට.

    අර වැදි ජනතාව දළඳා හාමුදුරුවොන්ට මී පැණි දානයක් දෙනව නේද වාර්ෂිකව, මම හිතන්නෙ ඒවනම් පිරිසිදු මී පැණි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ආයූර්වේද ඖෂධ සංස්ථාවෙන් නම් ගන්න පුලුවන්. ඒවා ඔසී බඩු.

      Delete
  17. අපේ අප්පච්චිත් මී කැඩීම ගැන කප් ගහපු කෙනෙක්.
    ගමේ කොහෙ තිබුනත් මී කඩන්න කතා කරනවා අපප්ච්චිට.
    ඉස්සර ගමේ ඉදිද්දී මී පෙට්ටි 5ක් විතර තිබ්බා, දැනුත් එකක් තියනවා.
    ඒත් "කුඩමැහි වරලා" කියන කුරුල්ලගෙන් මී මැස්සන් බේරා ගන්න එක අමාරුයි, උන් පෙට්ටිය ගාව වහ්ලා ඉදලා මී මැස්සෙක් අහසට නැග්ග ගමන් අල්ලගෙන කනවා, ඒ ක නිසා අප්පච්චි සෑහෙන හිතේ අමාරුවෙන් ඉන්නේ. මොකද අප්පච්චි සත්තු මැරෙනවාට අකමැතියි. මී කඩද්දී උනත් දුම පාවිච්චී නොකරන තරම්, මොනම ආවරනයක් වත් නැතුව සරම විතරක් ඇදගෙන මී කඩන්නේ, මී මැස්සො විද්දත් මහ ලොකු වට ඉදිමෙන්නේත් නෑ. දළ අයින් කරනවා එච්චරයි.

    ඔය යකඩයකට තලන වැඩේ නම් අපිත් කරනවා

    ReplyDelete
    Replies
    1. මේ ශිල්පය දැන් අභාවයට ගොහින්. ඇයි මන්ද මේවා ගෘහ කර්මාන්ත විදියට උගන්වන්න උනන්දු නැත්තේ.

      Delete
    2. "කුඩමැහි වරලා" කියන්නේ මොන වගේ කුරුල්ලෙක් ද..???

      Delete
  18. මී පැණි නේද..? මට දුන්නොත් හැන්දක් දෙකක් කාලා බලලා හරියටම කියතෑකි... වෙදයියට ඕනිනං කියන්න අයියා මී පැණි ගන්න දවසට මං එන්නං චෙක් කරලා දෙන්ට... කොහොමටත් බෝතල් තිහ හතලිහක්වත් ගන්නවා නැතෑ වංගියකට... :)

    අපේ අම්මත් එක පාරක් රට ඉදලා එද්දී ගෙනාවා ඔය මැලේෂියන් මී පැණි බෝතලයක්. හප්පේ ඒ දවස්වල මං පාන් කෑවෙත් ඒවා එක්ක... එයින් පස්සේ පන්සලේ හිටි කාලෙත් දන්න කියන දායකයින් කිහිප පොලක් හිටියා ළමයි රට හිටපු..උන්නැහේලත් මට ඔය ඕස්ට්‍රේලියන් මෑ පැණි එහෙම අවුරුද්දකට දෙවතාවක් විතර ගෙනල්ලා දෙනවා... මං ඉතිං දන්න කියන සුදුළුණු බස්නේ වළඳන හාමුදුරුගොල්ලටත් දීලා මාත් වළදලා දැහැමෙන් සෙමෙන් හිටියා... ලංකාවේ පැණි ගැනනං ඒ හැටිම කියන්න අමාරුයි.. මොකද කලවං නැතිව විකුණන තැන් ඇත්තේම නැති හින්දා...

    ඔය ඔක්කෝමත් හරි මට ඔළුවට වැටුනේ වෙන කාරණයක්...

    මැරවින් අයියා ගස් බැන්දොත් තමා ඉතිං වෙදයියලත් රටේ නැති කයි කතන්දර කියන්නේ... අර මොන වර්ධන මහත්තයද කවුද මිනිස්සු ගස් බැඳලා පයින් එකක් දෙද්දී අයියට හිනා නේද..හනේ හනේ...

    ReplyDelete
    Replies
    1. නෑ.. නෑ.. මලය ඔය කරන කරුමාන්තයක් කොරගෙන ඉන්න. මම මී පැණි ගැන බලා ගන්නම්. එනවා මෙතන මී පැණි තෝරන්න යන්න.

      මැලේෂියන් මී පැණි හොදයි. ඔසී එකත් හොදයි. අරුණි අක්කා කියන විදියට ඇමරිකා එකත් හොදයි.

      ස්වාමීන් වහන්සේලාට මොකද ? අපිට වගේද ? හැම වෙලේම උත්තම භාගේ ලැබෙනවනේ......

      Delete
    2. මට මතක් වුනේ බල්ලාගේ වැඩේ .........කරන්න යාම !!!...නැද්ද වෙද තුමා ...D

      Delete
  19. අපේ ගෙදර ඉස්සර ගේ පිටි පස්සෙ තිබුණා අරඹක්. ඒකෙ තිබුණා පරණ කල වලට පෙට්ටි වලට එහෙම දාලා මී මැස්සො.ඒ දවස් වල මම මී පැණි කනවට වඩා මී මැස්සො මාව කෑවා..මෝඩි වගේ පෙට්ටියට ඇහැතියලා උන් කරන්නනෙ මොනවද කියලා බලන්න ගිහින්.....
    දැන් නම් නැහැ..ගමෙත් හුගක් අඩුයි දැන් මී මැස්සො...ඉස්සර ගමේ තිබුණ ගස්කොලන් මල් වැල් අඩු වෙලා යද්දි මී මැස්සොත් යන්න ගිහින්...

    ReplyDelete
    Replies
    1. ඕන්න බට්ටි කලොත් ඔහොම දෙයක් නොවැ. ඇහැ තියේද?

      දැන් බට්ටියෝ මී මැස්සො තියා අපිට ඉන්න තැනකුත් නැතිවේගන යන්නෙ.

      Delete
  20. බොහොම ස්තුතියි මේ කතාව පල කළා ට. මෙහෙ බල්ලන්ට මී පැණි දෙන්න බල්ලෝ ඉන්නවා ය? එත් තත්වෙන් උසස් පැණි වර්ග හොයාගන්න බැරි වෙන එකක් නෑ හිතනවා. අවුලක් නෑ. ඔන්න කලින් ලිපිය ගිය වෙලේම ළුණු දැම්මා ජෑම් බෝතලේට.

    ReplyDelete
    Replies
    1. ඇයි අරාබියේ බල්ලො නැත්තේ?

      එහෙමද ?? කාල බලලම ගුණාගුණ කියන්නකො

      Delete
  21. මම හමිදා සේවයේ යෙදී සිටිය කාලයේදී වේද මහත්තුරුන්ගෙන්ම ලබාගත මීපැණි බෝතල් දෙකක් (එකක් පදවි ශ්‍රීපුර ප්‍රදේශයෙන්, අනෙක ආණමඩුව ප්‍රදේශයේ ඈත ගමකින්) කිරල ඇබ ගසා, මී ඉටි වලින් සීල් තබා, තියාගෙන ඉන්නවා, බෙහෙතකට ඕනේ වුනොත් ගන්න. එකක් ගත්තේ 2004 දී අනෙක 2007 දී. මේවා කල් ඉකුත් වෙන්නේ කොපමණ කලකින්ද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. නැහැ කල් ඉකුත් වීමක් නැහැ. කල් යනකොට ටිකක් ඝන වෙනවා. ගුණයත් වැඩියි පරණ මී පැණිවල.

      Delete
    2. නොදන්න නිසා අහන්නෙ, ඔය විදියට සීල් කරල තිබුණම බෝතලේ පුපුරන්නෙ නැත් ද? මම අහල තියෙනව පැණි එහෙම තිබුණම බෝතලේ අඩිය පුපුරනව කියල. ඇත්ත නැත්ත දන්නෙ නෑ.

      Delete
    3. මටනම් හිතෙන්නේ ඔය කියන්නේ මීපැණි ගැන නෙවෙයි කිතුල් පැණි ගැනයි. ඒ ගැන මට හොඳට අත්දැකීම් තියනවා. හොඳ කිතුල් පැණි බෝතලයක කට මට්ටමට දමා වැහුවොත් බෝතලය පුපුරනවා. නැත්නම් කටෙන් පුපුරා උතුරා යනවා එය වලක්වන්න කරන්නේ වියලි මිරිස් කරලක් ඒ බෝතලයට දැමීමයි. එයින් පැණි වල රසයට කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. මටනම් හිතෙන්නේ ඔය කියන්නේ මීපැණි ගැන නෙවෙයි කිතුල් පැණි ගැනයි. ඒ ගැන මට හොඳට අත්දැකීම් තියනවා. හොඳ කිතුල් පැණි බෝතලයක කට මට්ටමට දමා වැහුවොත් බෝතලය පුපුරනවා. නැත්නම් කටෙන් පුපුරා උතුරා යනවා එය වලක්වන්න කරන්නේ වියලි මිරිස් කරලක් ඒ බෝතලයට දැමීමයි. එයින් පැණි වල රසයට කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  22. අර DDT කියල තියෙනවා වගේ වැදී කට්ටිය දළදාවට පුජා කරන මී පැණි නියම පිරිසුදු එක වෙන්න ඇති, භක්තියෙන් කරන නිසා.ඒත් ඒ අයගෙන් වුනත් අපි ගන්න ගියොත් ලැබෙන්නේ නියම දේ නෙවෙයි.

    මාරයියාට සංස්ථාවේ රස පරීක්ෂක තනතුරක් හදලා හරි දෙමු..

    ReplyDelete
    Replies
    1. මාරයා ලෙඩකුත් හදා ගනියි මී පැණිම කාලා. අපේ රටේ මහජනයාට හිතවත් වෙළද සේවයක් නැහැ. සල්ලි පමණයි කොලිටිය නැහැ.

      දළදා වහන්සේට පූජා කරන මී පැණි ඉතාම හොද තත්ත්වයේ ඇති මමත් හිතන්නේ.

      Delete
  23. වටිනවා වටිනවා.... :)

    බල්ලෝ නොකන මී පැණි?
    අපේ බල්ලා නම් අනිවා කනවා. ඌ පළතුරු වලටත් වග කියන එකේ මී පැණි නොකා ඉදීද :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  24. මහ වෙදනා මාමේ(මාමේ කියන එක හරිද මන්ද...මම තාම සුට්ටං කොල්ල හින්ද මාමේ කිවුවෙ..තරහා අවසර)

    මීමැසි පාලනය... අපිට මී මැස්සො ඇති කරන හැටි කියල දෙන්න පුලුවන්ද.. එහෙම උනොත් අපිටත් බැරිය සුපිරි මී පැනි ටිකක් කන්න... ගෙදරදීම මී මැස්සො ඇති කරන්න විදියක් ...කියල දෙන්න පුලුවන්නං සුපිරි...

    ReplyDelete
  25. මී පැණි වලට කෙට්ටු වෙනවද?

    ReplyDelete
  26. හොද ලිපියක්..මමත් මේ බේතක් හදන්න හොද මීපැණි බෝතලයක් හොයාගන්නේ කොහොමද කිය කියා හිටියේ...දැන් පරික්ෂා කරලා බලලා ගන්න පුළුවන්..

    ReplyDelete
  27. නියමයි.. නොදන්න දෙයක් දැන ගත්තා.. මී පැණි කෑවම මහත් වෙනවා කියනවා නේද වෙද මහත්තයෝ..?

    ReplyDelete
  28. අනර්ඝ විස්තරයක් මහත්මයා, අපේ වත්තේත් මී වද ගොඩක් තිබුනා ගල්වැටි වල. ඒ දැන් අවුරුදු ගානකට කලින්. දැන් නම් මීයක් දකින්නත් අඩුයි. මාත් දැකල තියනවා සමහර වයසක අය එහෙම භාජනයක් විතරක් අරන් ගිහින් මී කඩනවා. මැස්සෝ විදින්නෙත් නෑ.
    ලිපියේ කියපු පරීක්ෂා කරන ක්‍රම වලින් වතුරට දාලා බලන ක්‍රමය විතරක් දැනගෙන හිටියා. අනෙක් ක්‍රමත් ඔන්න දැන ගත්තා.

    ReplyDelete
  29. මමත් කිතුල් පැණි ගන්න ගිහිල්ල නම් රැවටිල තියෙනවා.. ඇඹිලිපිටියෙ ඉදන් කොළඹ පැත්තට එනකොට පාරෙ අයිනෙ තිබුන කිරි පැනි විකුනනන කඩයකින් පැනි ගන්න නැවැත්තුව. අපිත් එක්ක හිටපු මාම කෙනෙක් තෝරල බලල හොද පැණි කියල බෝතලයක් ගත්ත.. ඒත් ගෙදර ඇවිත් බලනකොට චෙක් කරපු එක නෙමෙයි දීල තියෙන්නෙ.. දෙයියො තමා දන්නෙ කොහොමද මාරු කරේ කියලා...

    ReplyDelete
  30. මටත් ඔය ප්‍රශ්නේ තිබුනා . ඒ වුනත් මෑතක කාබනික එළවලු මාකට් එකක් දැම්ම මෙහෙ . පොඩි තැනක් . සෙනසුරාදට විතරයි. එතනට ගේනවා හොඳ මි පැණි . සෙන්රිෆියුජ් [ සිංහල වචනේ අමතකයි . වේගයෙන් කරකැවීම මගින් අංශු වෙන් කිරීමේ ක්‍රමය ] කරලා වෙන්කරගත්තු පැණි සහ අතින් මිරිකලා ලබා ගත්තු පැණි තියනව . දෙවෙනි එක ගාන වැඩියි. කොයික වුනත් ලාබයි කියන්න නම් බැහැ . තව විවිධ වර්ග කඩ වල තියෙනව . වැඩි හරිය අපේ වගේ තමයි.

    මන් ගන්න පැණි එක වතුරේ අඩියට යනවා . තරමක් හෝ හොඳ ඇතැයි සිතනවා . බල්ලොන් නම් කොහෙද . අනුන්ගේ බල්ලන්ට පැණි කවන්න තමයි වෙන්නේ . ගින්දර පරීක්ෂණය කරලා බලන්න ඕන .

    ReplyDelete
  31. මී පැණි ගැනි පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි. ගිනිපෙට්ටියක් අරන් මී පැණි ගන්න යන්න ඕනේ.. චෙක් කරන්න තියෙන ලේසිම ක්‍රමේ ඒක වගේ.. :)

    ReplyDelete
  32. මං දැක්ක ෙහාදම බ්ෙලාග් ඒකකක්. හිමිං සීරූෙව් ලිපි ෙස්රම කියවන්නයි හදන්ෙන්. ඊට කලින් මෙග් හිතට දැනුන ෙද් ලියන්න හිතුණා. අෙප් ෙද් ෙලාවට ෙදනවට... ෙබදා ගන්නවාට ඔබට පින් ය.

    ReplyDelete
  33. බොහොම ස්තුති වෙද මහත්තයා.මම මීට කලින් දැනගෙන හිටියෙ නැත.

    ReplyDelete
  34. බොහොම ස්තුති වෙද මහත්තයා.මම මීට කලින් දැනගෙන හිටියෙ නැත.

    ReplyDelete