මේ ලිපිය මම ලියන්න හිතුවේ ඉතාමත් වටිනා දැනුමක් මින් ලබාගත හැකි නිසයි. මොකද මම දන්නා තරමින් මේ මාතෘකාව පිළිබඳ සිංහල භාෂාවෙන් ලිපි ලියවී නැහැ. අන්න ඒ අඩුව පිරවීමට මට හැකි දායකත්වයක් මම කැමතිම මාධ්‍ය වන බ්ලොග් කලාව හරහා ලබා දීමයි මගේ අරමුණ වූයේ.
මේ ලිපියේ හරය ඉතාමත් වැදගත් වන්නේ කාන්තාවන්ට සහ විවාහයන්ට. නමුත් මේ බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනා මේ සීමාවට පැමිණ නැතත් ඉක්මනින් එතැනට පැමිණෙන බව දන්නා නිසා ඔබට වැදගත් වෙයි මෙය.
මම කීපවිටකම කතා කළ මාතෘකාවක් තමයි මඳසරුභාවය.
මා ඒ පිළිබඳව ලිපි පෙළක්ම ලියා ඇති.
අපි දන්නවා දැන් දැන් ලංකාවෙත් මඳසරුභාවය ඉතා විශාල වශයෙන් පැතිරෙමින් පවතිනවා. මේ නිසා දුක්වෙන යුවළවල් බොහෝමයි. මේ අය වියදම් කරන මුදලට සරිලන සේවයක් මේ අයට ලැබෙනවද?
මට තිබෙන එක් ප්‍රශ්නයක් මේක. අපි වගේ රටවල් බොහොම අකමැතියි යම් රටාවකට හුරු වුනහම ඉන් මිදෙන්න. මෙහිදී අපි අලුත් දැනුම සොයා යන්නේ නැහැ.
කෙසේ හෝ මා ඉතා මෑතකදී ලබාගත් මේ දැනුම ඔබට ලබා දෙන්නේ මින් ඔබට, ඔබේ හිතවතුනට ලැබෙන සේවය අපමණ නිසයි.
1 හැඳින්වීම.
කාන්තාවකට උපතින්ම ඩිම්භ කෝෂ යුගලක් සතුය. එහි ප්‍රධාන කාර්ය්ය වන්නේ ඩිම්භ හෙවත් කාන්තා බීජ රඳවා ගැනීමයි. උපතින්ම ඩිම්භ කෝෂ වල මිලියනයක් පමණ ඩිම්භ පවතී. මුලූ ජීවිත කාලය තුළම කාන්තාවකගේ ඩිම්භ වලින් ප්‍රයෝජනය ගැනෙන්නේ ඩිම්භ 400 පමණ ප්රමාණයකි. වයසට යාමේදී කාන්තා ඩිම්භ යම් ප්‍රමාණයකට තම ජීවී භාවය අඩු කර ගනී. එලෙස අඩුවන ඩිම්භ වල සක්‍රීය භාවය නැති වී යාම සිදු වන්නේ ආර්ථවහරණයත් සමඟයි. ආර්ථව හරණයේදී ඔසප් සෑදීම නවතින්නේ හෝමෝන ක්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි.
මෙම අජීවී ඩිම්භ ඇති වීම සෑම කාන්තාවකගේම වයස තිස් ගණන්වල මැදහරියේදී ආරම්භ වී වයස අවුරුදු 45 පමණ වන විට සම්පූර්ණයෙන්ම ඩිම්භවල ක්‍රියාකාරීත්වය නවතී.
මෙම ක්‍රියාවට හේතු වන්නේ කාන්තාවකගේ ලිංගික හෝමෝන වල ඇතිවන අසමබරතාවය සහ අප වැඩිපුර අසා නැති ප්‍රති මුලේරියන් Anti-Müllerian hormone හෝමෝනයේ අඩු වීමයි.
2 ප්‍රති මුලේරියල් AMH හෝමෝනය යනු කුමක්ද?
මෙය කාන්තා හෝමෝනයක් වන අතර එමගින් ජීවී ඩිම්භ සංඛ්‍යාව ආරක්ෂා කරයි. යම් ලෙසකින් ප්‍රති මුලේරියල් හෝමෝනය පහත වැටුනොත් එමගින් ඇතිවන ප්‍රතිඵලය වන්නේ ජීවී ඩිම්භ සංඛ්‍යාව අඩු වීමයි. එනම් රුධිරයේ ඇති ප්‍රති මුලේරියන් හෝමෝන ප්‍රමාණය ඇයගේ සක්‍රීය ජීවී ඩිම්භ සංඛ්‍යාව සමග සම්බන්ධකමක් පෙන්වයි. මේ නිසා මෙම අගය මැන ගැනීම මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවකට ඉතා වැදගත්ය.
3 සජීවී ක්‍රියාකාරී ඩිම්භ සෛල අඩු වීමට ගොදුරු විය හැක්කේ කුමන ආකාරයේ කාන්තාවන්ද?
මෙවැනි අය බොහෝ විට,
1. ආර්ථවහරණය කලින් සිදු වීමේ පවුල් ඉතිහාසයක් දරයි.
2. ඩිම්භ කෝෂ වල යම් යම් ශල්‍යකර්ම සිදු කල කාන්තාවන්.
3. එන්ඩොමේට්ට්රියෝසිස් නමැති රෝගය ඉතාම දරුණු ලෙස ඇති කාන්තාවන්.
4. විකිරණ ප්‍රතිකාර වලට ලක් කිරීමකට භාජනය වූ කාන්තාවන්.
නමුත් බොහෝ ඩිම්භ කෝෂ තුළ සජීවී ඩිම්භ අඩු කාන්තාවන්ගේ මේ තත්ත්වය නිසි පරීක්ෂණයක් මගින්ම හදුනා ගත යුතුයි. එනම් සැඟ වී ඇති තත්ත්වයක් ලෙස මේ රෝගය ඇති කාන්තාවන් ඉතා බහුලය.
5. අවුරුදු 38 අඩු කාන්තාවන් අතරින් මේ අවදානමට ලෙහෙසියෙන්ම ලක් විය හැක්කේ සමාජ, ආර්ථික සහ පෞද්ගලික හේතු මත දරු උපත් පමා කළ කාන්තාවන් මේ උවදුරට ලෙහෙසියෙන්ම ගොදුරු විය හැකියි.
6. නොයෙක් හේතු මත දරු උපත් පමා වූ ඒ සදහා නොයෙක් ප්‍රතිකාර ක්‍රම වලට යොමු වූ කාන්තාවන්
7. අවුරුදු 40 වඩා වයස් ගත වූ කාන්තාවන්.
8. වයස අවුරුදු 40 වඩා වයස් වූ නමුත් දරු උපත් බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ලබන කාන්තාවන්. ( ඩිම්භ මෝචනය කෘතිමව උත්තේජනය කරනු ලබන කාන්තාවන්.)
4. මෙවැනි රොගීන් බොහෝ විට ඇති වන්නේ හේතු කීපයක් නිසයි.
1. විවාහ වීමට කාලය ගත වීම.
2. විවාහ වී එක්වරම දරුඵල අපේක්ෂාවෙන් කෘත්‍රිම ගැබ් ගැන්වීම් ක්‍රම භාවිතා කිරීම.
3. පුරුෂ මඳසරුභාවය ඇති විට ඒ සඳහා ප්‍රතිකාර නොකර කාන්තාවන්ට කරන උත්තේජන ප්‍රතිකාර මගින් දරු සම්පත් ඇති කර ගැනීමට තැත් කිරීම.
4. නොයෙක් හේතු මත නළදරු උපත් වැනි ක්‍රමවලට අඩු වයසින් භාජනය වී කාන්තා හෝමෝන සාන්ද්‍රනය කෘත්‍රිමව වෙනස් කිරීම.
5. ප්‍රති මුලේරියන් හෝමොන තිබිය යුතු සාමාන්‍ය අගයන් වන්නේ,
1. සාමාන්‍ය අගය නැනෝග්රෑම් පර් මිලි ලීටර් 0.7 සිට 3.5 දක්වාය.
2. 0.3 සිට අගය අඩු විමේදී ඩිම්භ වල සඵලතාවය නැති වේ.
3. 0.3 - 0.7 දක්වා අගය වන්නේ සඵලතාවයේ අවම මිම්මයි.
4. අගය 3.5 සිට 5 දක්වා සඵලතාවයේ ඉහළ අගයයි.
5. අගය 5ට වඩා වැඩි වීමේදී එය අවදානම ඉහළ අගයක් වේ. එනමුත් පොලිසිස්ටික් අවස්ථාවේදී මේ ඉහල අගය ඇති වීම යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි අවස්ථාවකි.
6. මේ තත්ත්වය සදහා ආයූර්වේද ප්‍රතිකාර තිබේද?
පැහැදිලිවම මේ වැනි තත්ත්වයන් ආයූර්වේද ප්‍රතිකාර මගින් බොහෝ සාර්ථකව සුව කළ හැකිය. එනම් මේ සජීවී ඩිම්භ ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා අවශ්‍ය රසායනිකය වන DHEA (Dehydroepiandrosterone) ආයූර්වේද ඖෂධ වල අඩංගු වන බැවින් ක්රමානුකූල ආයූර්වේද ප්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව පත් කර ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකිය.
යම් කාන්තාවකගේ ඔසප් චක්‍රය ඉතාමත් අක්‍රමවත් නම්. දිගු කලක් තිස්සේ ඔසප් සෑදීම සිදු නොවේ නම් එම කාන්තාවන්ගේ සජීවී සක්‍රීය ඩිම්භ සංඛ්‍යාව මැන ගැනීම වැදගත්ය. එවැනි කාන්තාවන්ට දරුවන් ලැබීම පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිය. එනම් ඩිම්භ සෛල උත්තේජනය එතරම් වැඩි වාර ගණනක් සිදු නොවූ නිසා ඇයගේ වයසට සරිලන තරම් හානියක් ඇයගේ ඩිම්භ සෛලවලට සිදු නොවී තිබිය හැකිය. මෙවැනි අයත් ආයූර්වේද ප්‍රතිකාර මගින් කරනු ලබන ප්‍රතිකාර වලට සුදුසු අයයි.
අම්මෝ... වටින ලිපියක්....
ReplyDeleteදරු උපත් පමා කිරීමට ගන්න පෙති වලින් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා ගොඩක් අය කියනවා.. ඒත් පවුල් සෞඛ්‍ය සායන වලින් විසින් ඒවා නිර්දේශ කරනවා තාමත්.. මේ කතාවේ ඇත්තක් තියෙනවද.?
මෙන්න හිරුව බය වෙලා...හු හු..අපි දන්නවා හොරේ....
Deleteවෙද මහත්තයෝ මේ ලිපියනම් හරිම වටිනවා. ආයුර්වේදයේ වටිනාකමත් හොදින්ම දැනුනා
Deleteඔව් මේ කතාවේ ඇත්තක් තියනවා හිරු. මේ පවුල් සැලසුම් ක්‍රමවල නව වෙනසක් ඇති කරන්න කාලය ඇවිල්ලා.
Deleteනලීන් ඔබගේ මිත්‍රයාට උපදෙස් දෙන්න.
Deleteඔබට බොහොම ස්තුතියි.
නලීන් අයියට නං පිස්සු.. හි හි... බය වෙලා නෙවෙයි.. මම ගත්ත නිසා ඇහුවේ... ඒකෙන් උනේ මම අලියා වගේ මහත් උන එක විතරයි... ( අපේ පරම්පරාවම මහත එකත් හේතුවක් වෙන්නැති... හි හි)
Deleteවෙදමහත්තයෝ...
මම මේ කමෙන්ට් එක දාපු වෙලාවේ ඉඳලා මෙච්චර වෙලා කළේ කලින් මේ ගැන ලියපු පෝස්ට් ටිකයි කමෙන්ට් ටිකයි මුල ඉඳලා අගටම කියෙව්ව එක....
මම ඔය මොනාවත් දැනං හිටයේ නෑ නේ බඳින කම්.. මොකද කවදාවත් මට එහෙමකට කියලා ඔය සම්බන්ධයෙන් ලෙඩක් හැදිලා නෑ... අඩු ගානේ බඩ රිදීමක්වත්... ඒත් බඳිනකොට මිඩ්වයිෆ් කෙනෙක් මට ඔය පෙති වර්ගය දුන්නා.. ( මට එකපාරටම දරුවෙක් හදාගන්න ඕනෙ නෑ කියලා හිතුව නිසා..) ඒක අවුරුද්දක් පාවිච්චි කරලා මම නවත්තලා දැම්මා හොඳටම මහත් වෙන්න ගත්ත නිසා...
තාමත් මට හිතෙන්නේම දරුවො එපා කියලාම තමයි.... අර මාරයා කියලා තියෙන්නේ එක තැනක.. අනිත් කෙනාගේ කැමැත්ත උනොත් හදනවා කියලා.. අන්න ඒවගේ... මම පොඩි කාලේ ඉඳලම ළමයි හැදිල්ල සම්බන්ධයෙන් ඒ තරම් ආසාවක් තිබුනේ නෑ... තාමත් නෑ...
හැබැයි දැං 28ක් වෙන නිසා හදනවනං දැං හදන්න ඕනේ කියලත් හිතෙනවා... ඒත් දැන් නම් තියෙන්නේ බයක් වැඩිපුරම... හි හි...
ඒක නිසා මම මේ සම්බන්ධයෙන් තියෙන ඕනෑම ලිපියක් ඕනෙකමින් කියවනවා... මේ ලිපි ටිකත් ගොඩක් වටීවි ඉස්සරහට...
පිළිතුරට ස්තුතියි...
හිරුවෝ මම ත් විහිලුවක් කලේ. මේ උපදෙස් රටක් වටිනවා. වෙද මහත්තටය පිං.
Deleteබොහොම වැදගත් ලිපියක්.
ReplyDeleteඔබට බොහොම ස්තුතියි රාජ්.
Deleteලිපිය කිවන්නට කාලය අවශ්‍යයි. වෙදතුමනි. පසුව අදහස් දාන්නං. ඔබේ එඩිතර බව සහ දැනුම අපට ඉතා අවශ්‍යයි. ඔබට ජය
ReplyDeleteඔබටත් බොහොම ස්තුතියි!!!!
Deleteඉතාමත් වැදගත් ලිපියක් ,කාලීන වශයෙන් මෙහි වටිනාකම අපමණයි ...!!!
ReplyDeleteඔව් රොබින් මේ දේවල් ගැන නොදැනීම නිසා අපි බොහොමයක් දෙනා විශාල වශයෙන් මුදල් නාස්ති කර ගන්නවා. මට අවශ්‍ය ඒක නවත්තන්න.
ReplyDeleteනැවතත් සුපුරුදු ආයුර්වේද ලිපි අතරට ආපු එක ගැන සතුටුයි. ඒ වගේම විවාහක අයටත් , විවාහ අපේක්ශකයින්ටත් ඉතාමත් වැදගත් ලිපියක් . දෙවන කොටසකුත් ඇති කියා හිතෙනවා .
ReplyDelete…ඔබෙ ලිපියේ පහත සඳන් කරුණ මට පැහැදිලි නෑ . කරුණාකර එය පහදන්න හැකි නම්
…එය තේරුම් ගන්න පුලුවන් වෙයි කියා සිතනවා .
…
…//6. නොයෙක් හේතු මත දරු උපත් පමා වූ ඒ සදහා නොයෙක් ප්‍රතිකාර ක්‍රම වලට යොමු වූ කාන්තාවන් //
…
…
දෙවනි කොටසක් නැහැ ගිම්හාණී.
Deleteඔබට පැහැදිලි නැත්තේ ඉතාම වටිනා කෑල්ලක්නෙ. මෙහෙමයි දැන් බලන්න අපි මේ සමාජයේ නොයෙක් හෙතු මත විවිධ වයස්වල කාන්තාවන්ට දරු උපත් පමා වෙනවා. ඔබ දන්නවා සමහර විට පුරුෂ හේතු මත දරු උපත පමා වුවත් මූලිකවම ප්‍රතිකාර කරන්නේ කාන්තාවට. එහිදී කාන්තාවගේ ඩිම්භ සෑදීමේ ක්‍රියාව උත්තේජනය කරනවා. මේ සදහා නොයෙක් ඖෂධ අපි පාවිච්චි කරනවා.
දැන් නීරෝගී කෙනෙක්ගෙ නියමිත ලෙස ඩිම්භ වැඩෙත්දීත් අපි ඒවා කෘත්‍රිමව උත්තේජනය කරනවා. මොකද මේ ඩිම්භ නිදහස්වීම සහ මේරීම අපිට ඕනෙ දිනට කරගත යුතු නිසා.
එතනදි අපි පාවිච්චි කරන ඒ උත්තේජක නිසා කාන්තාවගේ ඩිම්භ සංචිතයට යම් හානියක් වෙනවා. ඒ හානිය දිගින් දිගටම වන විට කාන්තාවගේ ඩිම්භ ආරක්ෂා කරන ඒ. එම්. එච් හෝමෝනය අඩු වෙනවා. ඒකෙන් වන දෙ තමා මද සරුභාවය.
ඉතාමත් පැහැදිලියි පිලිතුර .
Delete…බොහෝ වෙලාවට මේ ප්‍රතිකාර සඳහා පුරුෂයන් ඉදිරිපත් වෙන්න මැලි කමක් දක්වනවා නේද ? මේ ගැනත් උපදෙසක් බලාපොරොත්තු වෙනවා .
හොඳ ලිපියක්. බ්ලොග් කියවන්නේ නැති අයටත් මේ කරුණු ලබා දෙන්නම්.
ReplyDeleteඔව් ඒක හොදයි. සමාජය දැනුවත් කිරීම ඉතා වැදගත්.
Deleteමමත් ඊළඟට ලියන්න යන්නේ ඔයිට සම්බන්ධ දෙයක් මෙතනටත් ලින්ක් එකක් දාන්නම්කෝ.. අහම්බෙන් දැක්ක දෙයක්...
ReplyDeleteඔන්න මාතලන් මට දැනටම හිනා. ලින්ක් දාන්න ඕනෙ තරමක් දාන්න.
Deleteවටිනා ලිපියක්.
ReplyDeleteඉගෙන ගන්න තියෙන subjects මතක හිටින්නේ නැතුවට මේ වගේ ඒවානම් මට හොඳට මතක හිටිනවා. :D :D
කලින් දැනගෙන හිටියේ නැති දේවල් ගොඩක් දැනගත්ත.
ඔබතුමාට බොහොම ස්තුතියි..!
බොහොම ස්තුතියි ප්‍රමුදි.
Deleteමේ ලිපිය අනිවාර්යයෙන්ම ගොඩක් අයට වැදගත් වෙයි.. මේ තත්වයට හේතුවන , ඒ වගේම එය මග හරවා ගැනීමට උදවු කෙරෙන ආහාර නැතිද ? පිරිමි අයට අළු කෙසෙල් වගේ (මම දුටුවා වනස්පතියේ සංවාදය)
ReplyDeleteඔබට කියන්න රාමා මම වනස්පතියට සම්බන්ධ වූයේ එතරම් හැඟීමකින් නෙමේ අර මතකද කලින් අපේ බ්ලොග්කරුවෙක් හිටියා වෛද්‍ය සිසුවෙක් ඔහු තමයි මාව එතැනට සම්බන්ධ කළේ. දැන් නම් මම එතැන සිටින්නේ හරිම කැමැත්තෙන්. මම ආරාධනය කරනවා කාටත් ඒකට සම්බන්ධ වෙන්න. හොද දැණුමක් ගත හැකියි.
Deleteවැදගත් ලිප්යක් වෙදමහතයෝ,අර සුදුලූණු මිපැණි එක නැගලා යනවා උදෙට එක් බැගින් කන්වා, අමතක් උනොත් බස් හොල්ට් එකට ගොස් නැවත් පැමින කනවා, කොහාම හරි මගෙ තිබුන ලෙඩ ටික් සුදුළුණු මිපැන්ණි බෙහෙතෙන් ගොඩ, තව ගොඩක් මිපැණි ඉතුරු තිබෙ ඉතුරු ටිකෙන් බැරිද ඩිම්බ වැඩි කර ගන්න බෙහෙතක් දෙන්න සුවර් එකටම පරන පුස්කොල පොතක ඇති.
ReplyDeleteපරන පුස්කොළ පොත් කියන්නේ දැනුම සාගර. ඔබ දන්නවද මියුනිච් කෞතුකාගාරයේ ලංකාවෙන් ගෙන ගිය පුස්කොළම් පොත් ව්ලට වෙනම රහස්‍ය අංශයක් තිබෙනවා. එහි වැඩ කරනවා ලංකාවේ අය. මට මුණ ගැසී තිබෙනවා ලංකාවේ සිට ඔවුන්ට ඔන් ලයින් වැඩ කරන අයත්. සමහර ගැටළු විසදගැනීමට මා හමුවට එනවා. කෘර වැඩක් වුවත් මම ඔවුන්ට කිසිම තොරතුරක් දෙන්නෙ නැහැ.
Deleteමම මෙච්චර කල් හිතුවේ ආචාරිය කෙප්ප කෙලිනවා කියලා. වෙද මහත්තයා කියන හින්දා පිළිගන්නවා. නැත්නං ඒක කියන විදියට හැම රාවණාගේ පුස්කොල පොතක්ම පර සුද්දෝ උස්සලා නෙව..
Deleteආචාරියා නම් කෙළින්නේ පිස්සූ. ඒවා අහන අපිට ඩබොල් පිස්සු. කොහොම වුනත් මම ඉදිරියේදී ද්ණට ජර්මනියේ පමණක් තිබෙන පොත් පිළිබඳ විස්තරයක් ලියන්නම්. ඒවායේ පුස්තකාල අංකයත් සමග ලිවිය හැකි තොරතුරු මා සතුව පවතිනවා.
Deleteඇත්තනේම.. නියමයි. බලාපොරොත්තුව ඉන්නම්
Deleteවැදගත් මෙන්ම වටිනා ලිපියක්.මොකද මම හොඳාකාරවම දන්නා කරුණක් නම් බොහෝ තරුණ කාන්තාවන් තවමත් මුළු ගැන්වෙන ස්වභාවක් තියෙනවා මෙවැනි රෝගාබාද හටගත් විට.එවැනි අය මම දැක ඇත.මෙයින් අපට පුළුල් දැනුමක් ගන්න පුළුවන්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ඇත්තෙන්ම ලංකාවේ කාන්තාවන්ගේ තත්ත්වය තාමත් දුඃඛිතයි. බලන්න ස්වාමි පුරුෂයාගේ ලෙඩක් වුවත් මෙහිදී පිළිකා අවධානමකුත් දරාගෙන ප්‍රතිකාර ලැබිය යුතු කාන්තාවයි. ඉන් ඇයට වන හානිය. මේවා හදන්න ගියාම අපිට බොහෝ බාධක එනවා. දැන් මේ ලිපිය මේ වන විටත් මට පෞද්ගලික ප්‍රශ්නයක් වෙලා. නමුත් මම ලියන එක මම කවදාවත් නවත්තන්නේ නැහැ. මට ඔබලා ඉන්නවනේ ඒ හොදටම ඇති.
Deleteවෙද මහත්තයෝ...
ReplyDeleteඅපට අදාල නැති වුනත් වැදගත් මාතෘකාවක්...
අර උපත් පාලනයට "බේකරි මෙතඩ් එක" හොඳ නැද්ද ඈ....
ඇල් දාමුකො බලන්න බේකරි මෙතඩ් එක ගැන ලිපියක්. මම ඒ ගැන දන්නේ නැහැ. අනික මම ලිව්ව ඒ ගැන, ඇයි අපේ මාතන් ලිව්වේ නියම ක්‍රමයක්, බාල්දි මෙතඩ් එක.
Deleteමේ ප්රශ්නය පුරුෂයන් සදහා ඇතිවීමට හේතු වන ස්භාවික සංසිද්ධීන් තිබෙනවාද? මේ වගේ සංවාදයක් මෙහි ඇති කිරීම ඒ පිළිබද දැන ගැනීමට රිසි සැමට සෙත සලසනවා ඇත... ජය !
ReplyDeleteසිරා මලේ මම ඔය ගැන කතා කලා නොවැ. ටික කාලෙකට කලින්. කොහොම වුවත් කමෙන්ටුවට ස්තුතියි. මගේ ඒ ලිපි කීපය නැවත බලන්න.
ReplyDeleteහුගක් වටිනා අද සමාජේ දැනුවත්භාවය අඩු මාතෘකාවක්....හුගක් ස්තුතියි ඔබතුමාට මේ වගේ දැනුවත් කිරීමක් ලබාදීම ගැන.
ReplyDeleteඒ හැම දේම ගැන දැනුනත් වීම අවශ්‍යයි. මගේ කාන්තා මිත්තරයෙකුට දරු පල නැතිව මේ විට කෘතිමව ධාතු තැන්පත් කිරීමක් කර තිබෙනවා. ඒත් අසාර්ථතයි. මට හිතෙන්නේ ඔබතුමා කියන විදියට ලාංකිය සමාජයේ නිසරු බව ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අඩු වැඩි නැතිව තිබෙනවා කියලයි. මිනිසුන් නිවරැදි මාර්ගය තෝරා නොගන්න එක ප්‍රශ්නයක්.. ඔඩු දුවන පිළිතුරු රහිත තත්වයක්. හෝර් මෝන වර්ධනය කල කුකුල් මස් අනුභවයත් මේකට බලපාන බවක් මා තවත් වෙදතුමෙකුගෙන් අසා තිබෙනවා. ඔබතුමාගේ ලිපිය වැඩි දෙනෙකුට බලාගත හැකි නම් ඉතා වටිනවා. නැත්ද අපේ එහෙම එකෙක්. .. රතු රජරටයත් ඉන්නවා. සමාජ සේවයක් නෙවැ.
ReplyDeleteකැම්පස් කාලේ ජීව විද්‍යා ප්‍රැක්ටිකල් එකකට "ධාතු" මයික්‍රෝස්කෝප් එකෙන් බැලුවා මතකයි. අපි නම් හොරෙන් හොරෙන් බින්දුවක් දාල බලල අපේ හැකියාවන් ඒ කාලේම සොයා ගත්ත.
ReplyDeleteහුගක් වැදගත් ලිපියක්.ස්තූතියි ඔබතුමන්ට..මේවගේ දැන ගත යුතු දේවල් කියවන්න ලැබෙනවා අඩුයි අපිට..ඔබතුමන්ගේ වටිනාකාලය කැප කරලා අපි වෙනුවෙන් මේය ලිව්වට ආයෙමත් ස්තූතියි....
ReplyDeleteඅපේ දැනුම වර්ධනය කරනවාට පීන්
ReplyDelete"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්
බොහොම වටින ලිපියක්.. අනාගතයෙදී ඕන වෙන නිසා save පාරක් දාගත්තා...
ReplyDeleteඔබ තුමාට බොහොම ස්තූතිය අපිට දැනුවත් කරනවාට..
එන්න පොඩ්ඩක් පරක්කු උනා..
ඔසප් අවදියේ නෑම පිලිබඳව දැනුවත් කරනවානම් පින්!!!
ReplyDeleteඔසප් අවදියේ පිලිබඳව දැනුවත් කරනවානම් පින්!! :)
ReplyDeleteඔසප් අවදියේ පිලිබඳව දැනුවත් කරනවානම් පින්
ReplyDeleteඔසප් අවදියේ පිලිබඳව දැනුවත් කරනවානම් පින් :)
ReplyDelete