Thursday, July 5, 2012

104. තරබාරුව මට්ටු කරන උපක්‍රම.

මේ ලිපියේ තුන් වැනි කොටස තමා මේ. මුලින්ම පටන් ගනිද්දී නම් ඒ තරම් කොටස් කරන්න හිතුවෙ නැහැ. ඒත් ලියාගෙන යත්දි වැඩි වුණා. අදනම් අවසානයි.

ඔන්න භාෂාව බොහොම සරලව දෙන්න උත්සාහ කරනවා. ආයූර්වේදයේ භාෂාව ටිකක් සංකීර්ණයි. ඒකට හේතුව නවීන විද්‍යාව සිංහලෙන් විස්තර කිරීමට මේ ආයූර්වේද වචන යොදා ගැනීම. දැන් ඒවා ඇත්ත වචන වෙලා ආයූර්වේද වචනවල අර්ථ යට ගිහින්. ඕකට තමා කියන්නේ කලින් කල පලින් පල කියලා.

අපි මුල් ලිපිය ලියන කොට මුලින්ම කිව්වනේ ඉතාම වැදගත් වන අර ශ්ලෝක පාඨය ඒ ගැන අපි දැන් බලමු. එනම් ධාතු යනුවෙන් අදහස් කරන්නේ,
1. ශරීරය
2. මනස
3. ප්‍රාණය

මේ තුනෙන්
ශරීරය යනුවෙන් අපේ මේ ශරීරයත්,මනස යනුවෙන් අපේ සිතත්, ප්‍රාණය යනුවෙන් ජීවයත් අදහස් කෙරෙන්වා.

අපි දැන් බලමු මේ ප්‍රාණය, මනස, ශරීරය සදහා කොහොමද ධාතු වැදගත් වෙන්නේ කියලා.
1. ශරීරයේ පෝෂණය ඇති කරන්නේ මේ ධාතූන් විසින්.
2. මනසේ සමබර තාවය ඇති කරන්නේ මේ ධාතූන් විසින්. ඒකනේ කුසගින්නේ ඉන්නා කෙනෙකුට ආහාරයක් පළමුව දී පසුව බණ කීමට ක්‍රියා කළේ අපේ බුදුරජාණන් වහන්සේ.
3. ප්‍රාණය යනුවෙන් මෙහිදී අදහස් කළේ ජීවය පවත්වා ගැනීම.

මෙතැනදි,
1. ශාරීරික ධාතූන් වන්නේ සප්ත ධාතූන්
2. මානසික ධාතූන් වන්නේ රජස්, තමස්, සත්ව කියන තුන.
3. ප්‍රාණ ධාතූන් වශයෙන් ගන්න තියන්නේ වා, පිත්, සෙම්, සහ මහාභූත පංචකය.

දැන් බලමු ශරීරයේ පෝෂණය ඇති කර ගන්නා පිළිවෙළ.
මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් වැදගත් වෙනවා.
1. ධාතුන්ගෙන් පරිපූර්ණ සමබර ආහාරයක් ගැනීම.
2. ශරීරයේ නිසි කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සදහා ව්‍යායාම නිසි පරිදි සිදු කිරීම.

දැන් අපි බලමු ධාතු නිසි ලෙස පෝෂණය කරන ආහාර මොනවද කියලා.
"ප්‍රානීණාං පුනර්මූලමාහාරඃ" මෙකෙන් කිය වෙන්නේ සත්වයන්ගේ පැවැත්මට මුල ආහාරයයි. එනම්,
(මම මෙතැන් සිට කෙළින්ම ආහාර වට්ටෝරු අනුව කියන්නම්. මම හිතනවා එය ඔබට ඉතා ප්‍රයෝජනවත් කියලා.)

ධාන්‍ය - හැම දෙනෙක්ම ඉතා වැඩියෙන් ආහාරයට ගත යුතුය.
බාර්ලි, තිරිගු, වී, - ඇඟ නිවෙන, ශීත ගුණය ඇති කරන, මුත්‍ර කාරක (ඇති කරන) ගුණ ඇත.

මුං, මෑ, කඩල, පරිප්පු, උඳු, කොල්ලු, තල - මාංශජනකයි එනම් මාංශ ධාතු වර්ධකයි. මස් වෙනුවට ධාන්‍ය පාවිච්චිය හොදයි.
මින් උඳු ඉතා වටිනා ආහාරයකි. පුරුෂ මෙන්ම ස්ත්‍රී ධාතු (ඩිම්භ ශුක්‍රාණු වර්ධනයට හිතයි.)මව් කිරි වර්ධනයටද උඳු ඉතා ගුණයි.
මින් කොල්ලු සෙම් අධික අයට ඉතා ගුණයි.

තල - කකුල්වල කොරල සෑදෙන ගැහැණු ළමුන්ට, යටි පතුල් පැලීමට, දත් නිසි ලෙස වර්ධනයට, කෙස් වර්ධනයට, සිහි බුද්ධිය ඇති වීමට (ගැහැණු ළමුන්ට :D ) ඉතාම ගුණයි.

මෑ බී විටමින් ඉතා අධිකයි.

දැන් මම පොඩි රහසක් කියන්නම්. කොල්ලු තමයි කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් ඇඟේ අනවශ්‍ය මේදය අඩුකර ගැනීමට ඇති හොදම ධාන්‍ය වර්ගය. කොල්ලු කුඩුකර ඇඟ ගෑමටද සුදුසුයි. කඳ බීමට මෙන්ම උයා කෑමටද සුදුසුයි. තැම්බීමේදී ටික වෙලාවක් වැඩියෙන් තම්බාගත යුතුය.

ක්ෂුද්‍ර ධාන්‍ය - අමු, මෙනේරි, තණ මීට ඇතුළත්ය. බත් වෙනුවට ආහාරයට ගත හැකිය. මුත්‍ර රෝගීන්ට ඉතා හිතයි. ඉතා සැහැල්ලු බැවින් අධි රුධිර පීඩනය සහ දියවැඩියා රෝගීන්ට මෙන්ම කොලෙස්ටරෝල් වැඩි අයටත් හොදයි.
තණ හාල්ද ඉතා වටිනා අධි රුධිර පීඩනය සමනය කරන ආහාරයකි.

ව්‍යංජන පිණිස ගත හැකි එළවළු, සහ කොළ වර්ග.
ප්‍රධාන වර්ග පහකි.
1. කොළ - තම්පලා, කටු තම්පලා, කූර තම්පලා, සුළුකූර, කතුරු මුරුංගා, කංකුං, ( මව් කිරි වර්ධනයට ඉතා ගුණයි.) මුගුනුවැන්න- දියවැඩියාවට හිතයි, මව්කිරි වර්ධනයටද යෝග්‍යයි. මුත්‍ර රෝගීන්ට හිතයි. නිවිති - සියලුම ධාතු පෝෂණය කරයි, ශරීරයේ රුධිර වර්ධනයට ඉතා අවශ්‍යයි. සාරණ - දියවැඩියා රෝගීන්ගේ ශරීරයේ ඉදිමුම් ගතියට හිතයි. කතුරු මුරුන්ගා ඉතා පෝෂ්‍යදායකයි. ගෙඳ, කොහොඹ පලා - දියවැඩියා අයට කලාතුරකින්වත් දෙනවා නම් ගුණයි. පෙනෙර කොළ, හීරැස්ස, මඩු දළු, සලාද කොළ, කලුකැම්මේරිය, කොහිල දළු,

2. මල් - කතුරුමුරුංගා - (රහසෙන් කොල්ලන්ට විතරයි... ස්වප්න දෝෂයට හිතයි.) කෙසෙල් මුව දියවැඩියා රෝගීන්ට හිතයි.,මුරුංගා මල්

3. ගෙඩි/ කරල් - බණ්ඩක්කා - මෙන්න බඩු දිය වැඩියාවත් එක්ක එන ලිංගික දුබලතා සදහ ඉතා ගුණයි. තිබ්බටු, එළබටු, කොස් - පොලොස් දෙකම දියවැඩියාවට හිතයි, බෝන්චි, දඹල කරල්,මෑකරල්, පුහුල්, දියලඹු මේවාද ශරීරයේ ගිනියම නිවන මුත්‍රකාරකයන්ය. තියඹරා - පිපිඤ්ඤා මෙන්ය. බ්ලෙන්ඩ් කර බීමකට නම් ඉතා සුදුසුයි. කරවිල මමද සතියකට සැරයක් කරවිල අනිවාර්ය්‍යෙන්ම කමි. දියවැඩියා නො එයි කිසිදා. වැටකොළු මගේ ප්‍රියතම ආහාරයකි. පතෝල, තුබ කරවිල,

4. දඬු - ඔබ පුදුම වෙයි මේ ගැන මම නම් මේක කාලා තියනවා. කෙසෙල් බොඩ මාළුව. ඉතාම ගුණයි. තරබාරුව නැති කරනවා පමණක් නෙමෙයි රුධිරයේ ශුද්ධියත් ඇති කරනවා. තල දඩු, පුහුල් දඩු, ලූනුමල් දඩු මුත්‍ර රෝගීන්ට ඉතාම ගුණයි.

5. අල සහ හතු වර්ග - රාබු, ස්ථූලභාවයෙන් පෙලෙන අයට එතරම් ගුණ නැත.එකක් පමණ කියන්නම්. හිරිතල් - ශුක්‍රධාතු වර්ධකයි. :D

( ඉතා විශාල ගණනක් තිබුණත් මම මෙහිදී තරබාරුව ගැන පමණක් සැලකිලිමත් වෙමි. ඔබට අවශ්‍ය නම් වෙනත් දිනක ඒ අවශ්‍ය දේ ගැනත් ලියන්නම්. ඒ ගැන ඉල්ලීමක් කරන්න.)

පලතුරු
පලතුරු කියන්නේ අධික තරබාරුව ඇති කෙනෙක්ට ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. හැබැයි පලතුරු ආහාරයට ගන්නකොට පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනව නම් හොදයි.
ඔබගේ ආහාරයෙන් යම් පමණ ප්‍රමාණයක් ඉවත් කරන්න. දැන් ඒ පමණට ගැලපෙන්න පලතුරු ප්‍රමාණයක් ආහාරයට ගන්න. මේක ඉතාම වටිනා දෙයක්. මේ නිසා ආහාර ගන්න ප්‍රමාණය ඔබ නොදැනීම අඩු වෙනවා. හැබැයි ඔබේ ආහාරයේ පරිමාව එකමයි. එවිට අනවශ්‍ය ලෙස බඩගිනි දැනෙන්නේ නැහැ.

කෙසෙල් ගෙඩි - ඉදුණු කෙසෙල් පලතුරක් ලෙස ඉතාම වටිනා දෙයක්. සුවදැල් සහ කෝලිකුට්ටු ඉතා ගුණදායකයි. පෝෂ්‍ය ගුණය වැඩියි. ආනමාලු සිසිල් කාරකයි. ඇබුල් කෙසෙල් ආහාර දිරවීමේ ශක්තිය ඇති කරයි. අමතර ආහාරයක් ලෙස ඉතාම ගුණයි. අහාරයක් වෙනුවටද ගත හැක. උදාහරණ ලෙස අධික රාජකාරී කටයුතුවල යෙදී සිටින ඔබට දිවා ආහාරය වෙනුවට කෙසෙල් ගෙඩියක් දෙකක් ගත හැක. ඉන් ශරීරයට අවශ්‍ය පෝෂණය නිතැතින්ම ලැබේ.

අඹ - ශුක්‍රාණු වර්ධනයට ඉතාමත් ගුණදායකයි. අක්මාවේ සහ ප්ලීහවේ රෝග ඇති අයට යෝග්‍යයි.

බෙලි - මේ පලතුරක් පමණක් නොව අංග සම්පූර්ණ ආහාර වේලකි. ඔබ අසා ඇති මේ කෙටි පදය " බෙලි දෙනකොට බඩ යනවා, බඩ යනකොට බෙලි දෙනවා" එනම් බෙලි නිසා මල වියලීම නැති කරන, මෙන්ම අධික මල පිටවීමත් (බඩ වේලීම, සහ බඩ බුරුල් කර යාමත්,) සුව කරනවා. කොටින්ම ඩුවල් ඇක්ෂන්.

දිවුල් - මෙහිත් පෝෂ්‍ය ගුණය අධිකයි. එනම් ආහාරමය අගය වැඩියි.

තව ඕනෑ තරම් පලතුරු ඇතත් මෙහිදී ආහාරමය ගුණය වැදගත් ආහාරයක් වෙනුවට ගත හැකි පලතුරු පමණක් මවිසින් ගන්නා ලදි. උදාහරණ පේර, නෙල්ලි, කොමඩු, තක්කාලි, දෙළුම්, දොඩම් මේවාද නිතර භාවිතයට සුදුසු පලතුරු වේ.

පාන වර්ග
මේ පානද මවිසින් මෙහි යොදනු ලබන්නේ ආහාරමය ගුණය වැඩි ඒවා පමණි. එනම් ආහාර වේලක් අතහැර ඒ වෙනුවට යොදාගත හැකි පානයන් පමණක් මෙහි යොදා ඇත.
ප්‍රධානම පානය පිරිසිදු ජලයයි.
කුරුම්බා, වෑවර, නෙල්ලි පානය (නෙල්ලි කෝඩියල් නම් නෙමෙයි.) අඹ, කොත්තමල්ලි සිසිල්ව ගෙන පානය, (මෙහිදී කොත්තමල්ලි වතුරෙන් අඹරා තුනී පෙරහනකින් පෙරා සීනි කපුරු ස්වල්පය බැගින් මිශු කර අවශ්‍ය පරිදි සිසිල් ජලය දා ගෙන පානය ඉතාම සුදුසුයි.
කැඳ වර්ග මේ ගැන වෙනම දිනකදී ලියන්නම්. දැනට කොළ කැඳ ලෙස පිරිමින්ට වැල්පෙනෙලත්, කාන්තාවන්ට හාතාවාරියත් ඉතාම ගුණ දායකයි.

කරපිංචා කොළ කැඳ මෙය අධික ස්ථූලතාවයෙන් පෙළෙන අයට ඉතාම හොදයි. සතියකට වරක්වත් ගත යුතුයි. දෙවරක් නම් වඩාත් හොදයි එයිට වැඩියෙන් ගැනීම නිරෝගී අයට නුසුදුසුයි. මින් අක්මාවේ ඇතිවන ෆැටි ලිවර් යන තත්ත්වය සහමුලින්ම සුව වේ. ( මා මෙය අත්හදා බලා ඇත. ඉතාම නිවැරදියි. දැන් අවුරුදු ගණන් තිබුණු අය සතියෙන් බලාපොරොත්තු තියන්න එපා. මාස කීපයක් කරන්න.)

තවත් දෙයක් කියන්න තියනවා ආහාරය ගැන ඒ ඔබ නිතර දකිනවා ඇති (අපේ ප්‍රවීණ බ්ලොග්කරු, මගේ බ්ලොග් ගුරු ) මාරයා මැතිතුමා මූණු පොතේ දි ඔහුගේ පාතරසය අතුළු අනෙක් රසයන් ඔක්කොමගේ ඡායාරූප පළ කරනවා. මම දකින විශේෂයක් තිබෙනවා ඔහුගේ ආහාර රටාවේ. මම ඔබටත් කියන්නේ අන්න ඒ ක්‍රමය පිළිපදින්න. බලන්න ඔහු හැම විටම බත් බෙදාගෙන තියන්නේ හරිම පොඩ්ඩයි. එළවළු මාළු පිනි ඊට වඩා බෙදාගෙන තිබෙනවා දකිනවා. ඒක ඉතාම නිවැරදි පිළිවෙළක්. ඔබත් එතුමාව අනුගමනය කරන්න.( හැබැයි අපිට නොපෙනෙන්න උන්දැ දීල අදිනවද දන්නේ නැහැ.)

තව පොඩි දෙයක් නුසුදුසු ත්‍රිත්වයක් තිබෙනවා ආහාරයේ. විශේෂයෙන් බ්ලොග් අවකාශ සිටින ඇඟ නොසොල්ලා සිටින මිතුරු මිතුරියන්ට මේ දේ ඉතාම වැදගත්. මේක අනුගමනය කරන්න.
නුසුදුසු ත්‍රිත්වය.
1. සීනි
2. මේද
3. දිය ලුණු

අධික තරබාරුව අඩු කිරීමටත් ඒත් එක්කම බඩජාරිකමට කෑමටත් පොඩි උපක්‍රමයක් තිබෙනවා. දැන් බලන්න අපි සතියකට ආහාර වේල් 21 ගන්නවනේ. ඔබ මම මේ කියන ආකාරයට ආහාර වේල් 18 ගන්න. ඉතිරි වේල් තුන බඩජාරි කමට කන්න.

ඉතාම කෙටියෙන් ආහාරය ගැන දැනට ඉවරයි. ඊළඟට ව්‍යායාම.

දැන් මේක දිගයිනෙ..... මොනවා කරන්නද මන්ද...
ඔන්න ඔහේ ලියලම දානවා.

ව්‍යායාමයට සුදුසු පුද්ගලයන්.
ඉතා වැඩි මේද ප්‍රමාණයක් නිතිපතා ආහාරයට ගන්නා අය. බ්ලොග් අවකාශ සිටින ඇඟ නොසොල්ලා සිටින මිතුරු මිතුරියන් පොදුවේ තමන්ගේ නීරෝගී පැවැත්ම අපේක්ෂා කරන්නන් නිතිපතා ව්‍යායාම කළ යුතු වේ.

ව්‍යායාමයට සුදුසු කාලය.
ශීත හා කාලයේදී තරමක් වැඩිපුරත් අනෙක් කාල වලදී සමාන කාලයකුත් ව්‍යායාම කළ යුතු වේ. සාමාන්‍ය වශයෙන් වැඩුනු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව්‍යායාම මිනිත්තු 45 පැයත් අතර කළ යුතුයි. වඩාත් සුදුසු වන්නේ, ඇවිදීම, බයිසිකල් පැදීම, බැඩ්මින්ටන් ක්‍රීඩාව, ආදියයි. මේ අතරට සතියකට වරක් පිහිනීමත් සුදුසු වේ. ( අනෙක් ව්‍යායාමයන් කරන අතර.)

ප්‍රයෝජන නම් අධික මේද ප්‍රමාණය ඉක්මනින් දිය වීම. හෘදයේ ක්‍රියාව ක්‍රමවත් වීම. කාන්තාවන්ගේ මාසික ක්‍රියා නිසි අයුරින් සිදු වීම. ආහාර ජීර්ණය මනාව සිදු වීම. නිසි දේහ පෞර්ෂ්‍යත්වයක් ඇති වීම.

ව්‍යායාමය නිසි අයුරු කෙරුන බව දැනගන්නේ සියුම්ව පටන් ගන්නා දහදිය දැමීම නොකඩවා සිදුවන විටය.

දැන් මානසික තත්ත්වය මේ ඉතාමත් සියුම්ව බැලිය යුත්තකි. මොන රෝගයක්වත් මානසිකත්වයෙන් තොරව ඇති වන්නේ නැත. ඒ නිසා හිත හදාගෙන් එන දෙයට මුහුණ දීමෙන් සහ ඉහත ක්‍රම අනුගමනය කිරීමෙන් යම් කිසි වර්ධනයක් හෙවත් ශරීරයේ ස්ථූලභාවය යම් තරමකට අඩු කර ගත හැකි බව මට නම් විශ්වාසයි. අඩු ගණනේ මාසයක්වත් දිගටම පිළිවෙළකට කිරීමෙන් යම් ප්‍රතිඵල අත්කරගත හැක. ඒ මාස තුනක් පමණ කිරීමෙන් නිති සහනයක් ලද හැක.

ඉහත අප කියූ ආකාරයේ ආහාර ගනිමින් නිතිපතා ව්‍යායාම කරමින්, සැහැල්ලු මනසකින් සිටින පුද්ගලයාගේ ත්‍රිදෝෂය ඉතා යහපත්ව ක්‍රියා කරන අතර, ආහාරයෙන් ශරීරයට ලැබෙන පෝෂණය හෙවත් පංචභූතාත්මක බලපෑම ඉතා යහපත් වේ. එවිට සියක් වසක් ලෙඩ නැතුව සිටීමේ හැකියාව ලැබෙනු ඇත. :D

නිරෝගී සැප හැර වෙන සැපයක් මිහිපිට ඇත්ද?

67 comments:

  1. දැන් මම මේ කම්පනා කරේ වෙද මහත්තයෝ.., මොනවද කන්නේ මොනවද නොකන්නේ කියලයි...

    ReplyDelete
    Replies
    1. ඇයි අබීත ඕකෙ තියන්නේ තරබාරු අය ගැනනේ. ඔයා ඔය ටික හැර වෙන ඕනෙම දෙයක් කන්න.

      Delete
  2. බොහොම පින්. ලිපියේ අග කොටස මට බෙහෙවින්ම අදාලයි. ෆැටි ලීවර් තත්වය, ඇඟ නොසෙල්වීම.. :)
    ඇත්තටම මේ ලිපිය කියවන්න පටන් ගත්තේ ෆැටි ලීවර් තත්වය මග හරවා ගැනීමට සුදුසු ආහාර ගැන ඔබතුමාගෙන් අහන්න හිතාගෙන. හරිම සතුටුයි, මට අවශ්‍ය දේ මේ ලිපියේ කියවිලා තියෙනවා.

    මම හිතන්නේ අපි බොහෝ දෙනෙක් නොදැනුවත්ව ෆැටි ලීවර් තත්වය සමග ඉන්නවා වෙන්න පුළුවන්.මගේ අක්මාව ඒ තත්වයෙන් තිබෙන බව දැන ගත්තේ අර ඔබතුමාට කලින් කියපු දණහිසේ ප්‍රශ්නයට ප්‍රතිකාර ගැනීමට ගිය විටෙක අහම්බෙන්. ඒ SGPT පරීක්ෂාවක ප්‍රතිඵල අසාමාන්‍ය (110 u/l) වීම නිසා කල වැඩි දුර සොයා බැලීමේදී.. මට ලැබුණු උපදෙස (බටහිර ක්‍රමයෙන්) ආහාර පාලනය හා ව්‍යායාම මගින් මේ තත්වයට ලක්වෙන 95%ක පිරිසකට අක්මාව යථා තත්වයට ගත හැකි බව, ඉතිරි 5% සිරෝසිස් අවදානමට ලක් වන බව..

    මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් මේ ෆැටි ලීවර් තත්වය ගැනත් විස්තරාත්මකව ලියන මෙන්. අයහපත් ආහාර පුරුදු / ජීවන රටා මග හරවාගෙන මේ තත්වයෙන් මිදෙන්න බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
  3. ප.ලි. ඇඟ වෙහෙසා වැඩ නොකලත් මම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙසඟ කෙනෙක්. :D

    ReplyDelete
    Replies
    1. රාමා,
      බොහෝ අය සිතා සිටිනවා මහත අය ලෙඩ්ඩු කෙට්ටු අය නිරෝගී කියලා ඒක වැරදි. ඇඟ නොසොල්ලා සිටීම නිසයි ලෙඩ වෙන්නේ. ඔබ බලන්න, බෙල්ල අවට කළු පැහැති වී මාංශ අධි වර්ධනයන් කළු පැහැ ගෙඩි ඇවිත් තිබෙනවාද කියලා. එහෙම නම් ඔබ සිටින්නේ අනතුරු අවධියක්. සාමාන්‍යයෙන් වසර 5කදී විතර ඔබේ හෘදය රෝගී විය හැකියි. ඒ නිසා ව්‍යායාමය පළමුවත් කෑම පාලනය සහ නිවැරදිව කෑමත් කරපිංචා කෑමත් කලොත් ඔබ ගොඩ.
      මේ සියලුම ලක්ෂණ තරබාරුවේ ලක්ෂ්ණ. එහෙමත් නැත්නම් ෆැටි ලීවර් ලක්ෂණ. ෆැටි ලීවර් කියන්නේ අක්මාව වටා තෙල් බැඳී ඉදිමීමයි. ඒ නිසා යෙහෙන් ජීවත් වෙන්න නම් ව්‍යායාම කරන්න. තෙල් නොකන්න. පැණි ජාති නොගන්න. පිටිද සමග, දියලුණු අධිකව ගැනීම නවතන්න.

      Delete
    2. බොහොම පින්. තව දෙයක් මම මත්පැන් භාවිතා කරන්නේම නැහැ. ඒත් එසේ කිරීම මේ තත්වයත් සමග වඩා අහිතකර ප්‍රතිඵල ඇති කරවන්න පුළුවන් නේද . තවත් සැකයක් තියෙනවා, ඒ ගැන පුද්ගලිකව පණිවුඩයක් දාන්නම්, තවම සැකයක් නිසා..

      Delete
    3. මතට තිත තියන්නම වෙනවෝ....

      Delete
  4. උම්මා වෙද මහත්තයෝ... මේ ලිපියේ වටිනාකම කියලා නිමකරන්න බෑ.

    කුරුලු හමුදාවේ අපි ක්‍රිඩාකරන කාලේ දුවන ඉසව් කරන කොල්ලන් කොල්ලු කෑවා පුදුම විදිහට. ඒ ගොල්ලන්ගෙ එකම මතය උනේ අස්සයන්ට කොල්ලු දුන්නම හති නැතිවෙන හන්දා අපිත් කනවා කියලා. කොල්ලුවලින් ෆැට් බර්න් වෙනවාය කියලා අපි කවදාවත් දැනගෙන හිටියෙ නෑ.

    ඒ වගේමයි අනිත් ආහාර හා පලතුරු ගැන කියලා තියෙන විස්තරත්. අර කෑම ටිකක් අඩුකරලා ඒ වෙනුවට පලතුරු කන වැඩේ මම කරලා තියෙනවා. ඒත් ප්‍රා‍යෝගික තත්වෙ වෙනස්. පලතුරු නිසා කෑම ඉක්මනින් ජීර්ණය වෙන නිසාද මන්දා මට ඉක්මනට බඩගිනි වෙනවා. ඒ වෙලාවට මට ඒක දරාගෙන ඉන්න පුලුවන් ඊලග වෙලාව එනකල්. මට දැනගන්න ඕන ඒක හොඳද කියලා? අනික ආහාර වෙලක් මග ඇරලා වතුර හෝ තැඹිලි පානය කිරීම හොදයි කියලා නේද මේ කියන්නෙ..... එතකොටත් අර ගැටලුවම එනවා.... ඒකත් මට දරාගන්න පුලුවන්... මම අපේ වෙද මහත්තයාගෙන් අහන්නෙ ඒක කාලයක් යද්දි ඇගට හුරුවෙයිද? නැතිනම් අතුරු ආබාධ ඇතිවෙයිද කියලයි.....?

    ReplyDelete
    Replies
    1. බුද්ධි,
      මම දැනට වසර 15 පමන කාලයක් තිස්සේ දිවා අහාරය ගන්නේ නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. දිනය පුරාම හොදින් ක්‍රියාකාරීයි. කිසිවකට බිය වන්න එපා. හෙමිහිට පුරුදු වෙන්න. හැබැයි මම පලතුරු කන විදිය ඔබ කැමතිද මන්ද? ඒත් කියන්නම්. මෙහෙමයි වෙරළු, අබ, අනෝදා, පේර, ඇඹරැල්ලා ආදී හැම දෙයක්ම වතුර ඉතාම අඩුවෙන් දාල බ්ලෙන්ඩ් කරලා සැරින් සැරේ ඇදලා අරිනවා. සීනි, ලුණු මුකුත් එකතු කරන්නේ නැහැ. පුරුදු වෙන්න බලන්න.

      Delete
    2. ස්තුතියි වෙද මහත්‍තයෝ...! අර පළතුරු කන ක්‍රමය මට හුරුවෙන්න ලේසියි. මමත් ඔය අමුතු අමුතු දේවල් මිශ්‍ර කරලා වෙනම කෑම ජාති හදාගෙන කනවා... අනිත් අයගේ මූණ ඇඹුල් උනත්.. ඒ හින්දා ඒක ගේමක් නෑ. නැවතත් ස්තුතියි...!

      Delete
  5. අප්පා...
    මාරම වටිනවා...
    මේ දවස්වල මාත් මේ හරහට උස යන එකෙං බැට කමිං ඉන්නේ...
    පිං සිද්දවෙච්චාවේ වෙද මහත්තයෝ!!!!! :D

    ReplyDelete
    Replies
    1. ඔබේ සැප මගේ සතුටයි!!!

      Delete
    2. ඔන්න මේ පෝස්ට් එක ප්‍රින්ට් කරලා කොපියක් ඔෆීසියෙම එල්ල ගත්තා....මේ කෑම ජාති මෙහේ හොයන්නේ කොහොමද? සමහර දේවල් නම් හොයාගත්තෑකි. කොල්ලු???? :(

      මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද? අඩු ගානේ කාගෙන් හරි අහන්ටවත්. අර තණ හාල් නම් දැකලා තියනවා මගේ හිතේ.

      බුද්ධි නම් ඔන්න උම්ම්මා එකකුත් දීලා. අනික් අයටත් දෙන්ට පුලුවන්ද දන්නේ නෑ...දෙන්ට නම් ඇත්තටම වටිනවා.:)

      Delete
    3. කොල්ලු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ හෝස් ග්‍රෑම්. උම්මා එක ලබා ගත්තා. (වටපිට බලලා හොරෙන්,)
      http://en.wikipedia.org/wiki/Horse_gram

      Delete
    4. horse gram = කොල්ලු ?

      Delete
    5. ඔබතුමාගේ පිළිතුර දකින්න කලින් උඩ කමෙන්ටුව දැම්මේ.

      Delete
  6. ඇගනම් පොඩ්ඩක් අඩු කරගන්න ඕනී.වැරදුනා පොඩ්ඩක් නෙවේ ගොඩාක් ඒත් මොනවාද කන්නේ නොකන්නේ තේරෙන්නේ නෑ අප්පා......

    ReplyDelete
  7. වෙද ගෙදර මහත්තයෝ කියන්නම හිටියේ මේ තීම් පොජ්ජ නම් හරියන්නේ නෑ ඕන්..

    ReplyDelete
    Replies
    1. තීම් පොජ්ජ බලමු.........
      කන නොකන දේ හෙමීට මේක කියවලා පොඩි ප්ලෑන් එකක් මාට්ටු කර ගන්න. මොනව හරි දැන ගන්න ඕනෙ නම් මගෙන් අහන්න. දෙන්නම් ෆුල් සප් එක.

      Delete
    2. ane weda mahaththayo monawada ganna ona kama jathi dannam hodatama matha wdii

      Delete
  8. බය වෙන්න දෙයක් නෑ.. ඔක්කොම කන ජාති.. :-)

    අළුත් පෙනුමත් නරකම නෑ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කාල බීල (පලතුරු යුෂ ) ඉන්න ටිකේ ඉදිමි සුදෝ ජොලිය දමාලා. එහෙම දේවල් කනව නම් බය වෙන්න දෙයක් නැහැ රජාට දීර්ඝායු. ඒත් එක්කම කියන්න ඕනෙ නුගේගොඩ පොලේ නම් මේ හැමදේම තිබ්බා. දැන් නම දන්නේ නැහැ. හැබැයි නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථනෙ නම් හැම දේම තිබෙනවා.

      Delete
  9. උඳු කොටපන් නෝනේ උඳු හලපන් නෝනේ හෙට උදෙට කන්නට මට උලුඳු වඩේ ඕනෑ
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ලොක්කට මොනවද හිතිලා වගේ.. හ්ම්.. හ්ම්..

      Delete
  10. "හැබැයි අපිට නොපෙනෙන්න උන්දැ දීල අදිනවද දන්නේ නැහැ."

    අඩේයි...

    අනේ නැහැ බොලේ..මං සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ බෙදාගත්ත ටික එක බත් ඇටයක් ඉතිරි නොවෙන්න කන්න... හැබැයි එළවළු මාළු පිණිනං තව පාරක් බෙදනවා හැමදාම වගේ... මං එළවළු කන විදිය ට පොටෝ එක ගන්න වෙලාවට බෙදලා තිබුනොත් කට්ටියට බත් හොයා ගන්න විදියක් නැතිව යනවා... ඒ තරමට බත් අඩුවෙන් මාළු පිණි වැඩියෙන් කියන විදියට තමා නෙලන්නේ... කරවිල එහෙමනං කන්නේ බත් නැතිව... උයපු කරවිල පීරිසියකට බෙදාගෙන පොඩි හැන්දකින් කෑල්ල කෑල්ල කටට ඔබාගන්න එක තමා කැමතිම විදිය...

    ඔය කොල්ලු තමා මට තාමත් කන්න බැරි උන දේ... වෙලාවක කන්න ඕන බලන්න...

    හැබැයි ඉතිං මංනං වැඩිය කෙට්ටු වෙන්න දඟලන්නේ නැහැ..මොකද මේ තියෙන මස් දළු ටික හරා දැම්මේ බොහෝම අමාරුවෙන්... ආයේ සතියක් හවහට හවහට දිව්වොත් පාන්කඩේ වගේ කෙට්ටු වෙන වග හොඳටම දන්න හින්දා ඔය ගාන හොඳා..

    මටත් අර බුද්ධිය කිව්වා ව‍ගේ පලතුරු කෑවමනං පට්ට විදියට බඩගිනි වෙනවා.තැඹිළි බිව්වමනං ඉතිං ඇපත් නැහැ... (පන්සල් සිස්ටම් එකනේ..)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මල්ලී මේ පෝස්ට් එක ලියන්න කලින් ඔබගේ ආහාර රටාව ගැන මම පොඩි පොඩි කමෙන්ට් දාලත් ඇති මුණු පොතේ. ඔබ තමයි මම දන්න ප්‍රායෝගිකව මා අගය කරන ආකාරයෙන් ආහාර ගන්නා එකම තැනැත්තා. ඒ ෆොටෝ කෑලි නිතර දාන්න. එතකොට අනිත් අයත් ඒකෙන් ප්‍රයෝජන ගනී.
      කවුද කියන්නේ කෙට්ටු වෙන්නම ඕනෙ කියලා. එහෙම නැහැ. හැමදේම ගණනට මිම්මට තිබ්බම ඇති.

      Delete
    2. මමනම් මගේ ආහාර රටාව මගේ දැනුමෙ හැටියට සකස් කර ගෙන ඉන්නෙ . කොහොමත් මමනම් කෑම ගැන හරිම පරිස්සම් . අර කෙසෙල් බඩ මාලුවනම් මාත් කාල තියෙනවා . ඒක හරිම රසවත් ආහාරයක් පරීප්පු සමග කලවම් කර බොර ගතියට හැදුවම හරිම රසයි . කෙසෙල් බඩ මාලුව සදහා වඩාත් සුදුසු වන්නේ පුවාලු හා අළු කෙසෙල් වල කෙසෙල් බඩලු . අනිත්වට වඩා ඒ දෙවර්ගය රසයිලු .

      …කොල්ලුනම් ඉද හිට මාත් තම්බල බොනව . ඒත් දැනගෙන හිටියෙ නෑ ශරීරයේ මේදය අඩු කරන බව .
      …ඔබගේ අදහස කියන්න ග්‍රීන් ටී ගැන . මම හිතන්නේ හැමෝම කැමති වේවි දැනගන්න .

      Delete
    3. ගිම්හාණී මට ලෙඩක්නෙ දැම්මේ. ග්‍රීන් ටී ගැන මගේ අදහස නම් අන්තිම නෙගටිව්. ග්‍රීන් ටී කියන්නේ තේ දලු වලින් හදන තේ නෙ. එතැනදි ස්ටෙරොයිඩ වැඩියි තේවල. ඒ නිසා උත්තේජනයත් වැඩියි. මම නම් හිතන්නේ ශරීරයට යම් හානියකුත් වෙනවා. කවුරුත් ඒ ගැන පරීක්ෂ්න කරලා තියනවද මන්ද? අපේ හොද තේ තිබෙද්දී ඉහල මිලට ග්‍රීන් ටී ගැනීම නම් අනේ මන්ද වැඩක් ඇත්ද කියලා.

      Delete
    4. දැනගැනීම සදහා ඇහුවෙ . මමනම් පාවිච්චියක් නැත . මටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබුනේ .

      Delete
  11. ඇනෝ සහෝදරයාට 1.59P.M.
    ඔබ කියන දේ ගැන මට වැටහීමක් නැත. ඔය කියන බ්ලොග් එක ගැනද මගේ ඇත්තේ අනෙක් අය ගැනම වැනි හැඟීමකි. පුද්ගලික මඩ මම ප්‍රිය නොකරමි. ඔබ කියන්නේ ඔබට සාධාරණ වූ හෙතු ඇතිව විය යුතුයි. ඒ ගැන මම කිසිත් නොදනිමි. එම නිසා ඉතාමත් කනගාටුවෙන් මම ඒ කමෙන්ටුව මැකුවෙමි. මෙවැන්නක් කල පලමු අවස්ථායි. ඒ ගැන ඔබට මගේ කනගාටුව පළ කරමි. ජය!!

    ReplyDelete
  12. මම මේ ටිකක් මහත් වෙන්න දඟලන දැගලිල්ලක්. කොච්චර කරාත් මහත් වෙන්නේ නැහැ.

    මේ බ්ලොග් ටෙම්ප් ඒක ටිකක් අමාරුයි වගේ ඇහැටත් ඒක ඒක ටැබ් වලට යන්නත්. ඒත් මේ මගේ අදහස විතරයි.

    ReplyDelete
    Replies
    1. මහත අයට තිබෙන ලෙඩ දැක්කොත් ඔබ ඔහොම කියන්නෙ නැහැ. ඔබට තිබෙන්නේ සිනාසී තර වෙන්න. :D මහත් වෙන්න උත්සාහ කරන්න එපා. ඒක නිකම්ම වෙයි 40 ගනන් වලට එත්දි.

      Delete
  13. ස්තූතියි වෙද මහත්තයා, ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නෙත් තෙල් තෙම්පරාදු කරපුවයි, හොඳට ලුණු දාපුවයි නැතුව කන එක. තව මම පොඩි කාලෙ ඉඳල පුරුදු වෙච්ච නරක ආහාර පුරුදු ගොඩක් තියනව. මම පලාවර්ග කන්නෙ නෑ, හාල්මැස්සො, කරවල, මාළු කන්නෙ නෑ (හැබැයි වෙජිටේරියන් නෙවි). හුඟක් පලතුරු ජාති තියෙන්නෙත් නොකන ලිස්ට් එකේ. අපේ අම්ම අපේ ගෙදර මට විතරක් වෙනම කෑම හදනව. තව ඇඟපත හොල්ලල වැඩක් කරන එක, අව්වෙ එලියට බහින එකපවා මම අකමැතිම දේවල්. කොටින්ම මගේ හුඟක් පුරුදු ඩොක්ටකෙනෙක් පිස්සු වට්ටවන ඒව. යාළුවොනම් කියන්නෙ ශරීර හොරා කියල. ඉස්කෝලෙ යද්දිත් සරඹ එහෙම කරද්දි මම අයිස්. දැන් මේ පුරුදු වෙනස්කරගන්නත් බෑ බෑ වගේ. අනේ මන්ද, ඉක්මනට මැරෙන්න වෙයි වගේ. වෙද මහත්තයා මෙහෙම කිව්වම නම් ටිකක් කරල බලන්නත් හිතෙනව. බලමු.

    ReplyDelete
    Replies
    1. ක්‍රමයෙන් හුරු වෙන්න. එකපාරටම බැහැ. ටික ටික හුරු වෙන්න. නැත්නම් පස්සේ දුක් වෙන්න වෙයි.

      Delete
  14. රත්තරන් වගේ ලිපියක් . මෙහෙ අයට බ්ලොග් කියවන්න බැරි ප්‍රශ්නයක් නිසා කට් ඇන්ඩ් පේස්ට් කරලා ඊ මේල් කළා . මමත් එළවලු පලතුරු වැඩිය කන්නයි අනෙක් අයට දෙන්නයි තමා කැමති . මේ එළවලු වර්ග උයන එක සමහර විට ප්‍රශ්නයක් . සමහර ඒවාට තෙල් කිරි නැතුව කන්න බැහැනේ . උදා . කරවිල බැදලා සම්බෝල විතරයි කන්න පුළුවන් මට . වේද මහත්තයා කිව්වා වගේ බිම හදල බොන එක මාත් ආසයි. මෙහෙ උදවිය ජම්බෝල යුෂ බොනවා කෙටු වෙන්න . තව කෝමාරිකා , අමු අන්නාසි , වගේ වර්ග ගොඩක් යුෂ බොනවා . ග්‍රීන් ටි නම් හරියට බොනවා . තේ විතරක් නෙමේ නානාප්‍රකාර මල් කොළ වේලලා තේ බොනවා . මට නම් හැමදේම අමාරුයි . ඉඳහිට බොන්න බලනව . ව්‍යායාම නම් මදි වගේ ඉස්කෝල නිවාඩු කාලේ නිසා

    ReplyDelete
    Replies
    1. කරවිල ස්ටීම් කරලා මුදවපු කිරි හැදි දෙක තුනක් දාලා උයා ගන්න හොඳට රතු ළුණු තුන පහ දාලා..මං එක පාරක් හදලා තියේ..ටිප් ටොප් එකට එනවා.මතක ඇතිව තුනපහ ටිකක් වැඩි කරන්න...

      Delete
  15. ඔහේ අය ග්‍රීන් ටී බිව්වට කමක් නැහැ. ඒවා නිකම් තේ වලට වඩා ගනන් නිසා. අපේ කට්ටියට හොරකන් කරන්න හරි ඩොලර් ලැබෙයිනෙ. ඒකත් රටටනෙ. කොහොම හරි ව්‍යායාමත් කරලා, ඔහොම ආහාර ගත්තොත් බය වෙන්න දෙයක් නැහැ. මැරෙන එක මැරෙනවා. ඒත් ලෙඩ නැතුව ආවා ගියා වගේ මරනනෙ අපි පතන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මැරෙන එක මැරෙනවා. ඒත් ලෙඩ නැතුව ආවා ගියා වගේ මරනනෙ අපි පතන්න ඕනෙ.//// මේක තේරුම් ගන්නැ ගොඩක් අය, වයසට යද්දි ලෙඩ හැදෙන එක සාමාන්‍ය දෙයක් කියලා ඒ ගොල්ල හිතාගෙන ඉන්නෙ.... කාට කියන්න ද ඉතිං....!

      Delete
    2. වයසට යනකොට සිත බොහොම නිදහසේ තියන්න ඕනෙ. කිසිම ලෙඩ දුකක් නැතුව සතුටින් ඉන්න ඕනෙ. දරු මල්ලන්ගෙන් නිදහස් වෙලා පුලුවන් නම් ටිකක් බන බාවනා කරලම ඉන්න තියනව නම් ඉතා හොදයි. එතකොට එකපාරටම යන්න පුළුවන්. ඒ ලෝකයේ වෙල්කම් එකත් හොදට ලැබෙනවා. නැතුව මෙහෙම දුක් විදලා යනකොට යන්න අමාරුයි ජීවිතේට ආසාව වැඩි කරගන්න වෙනවා ලෙඩ වුනහම. ඒ නිසා නිරූගී වීම නිසා මරණයට පහසුවක් ඇතිවෙනවා. සුවසේ මරණයට යන්න හිත හ්දාගන්න ලේසි වෙනවා. ඒකත් විදලම බලන්න ඕනෙනෙ.

      Delete
  16. මටත් තියන ගැටලුව තමා මහත් වෙන්නේ නැති එක මගෙ හත්මුතු පරම්පරාවම හෙන තරබාරු මිනිස්සු ඒත් මං විතරයි තරමක් කෙට්ටුවට ඉන්නේ . මොනවා කරන්නද අපි කන ඒවා ඇඟට අල්ලන්නේ නැතිලු ..

    එක අතකින් බැලුවාම කෙට්ටු වෙන එක මාර වටිනවා මොකද අහුවෙන දේ කෑහැකිනේ ..

    ව්‍යායාම ගැන මට කෙලින්ම වෙද මාමාගෙන් තමා විස්තර ගන්න තිබුනේ ෂෙහ් මට ඔය ගැන විස්තර ඕනේ වෙච්ච කාලයක් තිබුණා . කමක් නෑ මේ ලිපි මාලාවේම තිබුනු කරුනු වෙනදා වගේම මට වැදගත් වුණා .

    ReplyDelete
    Replies
    1. කාන්තාවන් තමයි වැඩියෙන්ම තමන්ගේ නිරෝගී වීම ගැන බලන්න ඕනෙ. මොකද තමන්ගේ මාසික ධර්මතා වලට සහ දරු උපත් සඳහා තරබාරුව තදින් බාදා කරනවා. මම කලින් ඒ ගැන ලියා තිබෙනවා. කාන්තාවක් ලෙස ඔබ කෙට්ටු වීම ගැන සතුටු වන්න. අනික අවු. 50 කිට්ටු වෙද්දී කාන්තාවන් බහුලවම සිදුවන හෝමෝනමය බලපෑම නිසා මහත් වෙනවා. අන්න ඒක වලක්වා නිරෝගීව ඉන්න නම් දැන් ඉඳලා තමන්ගේ සුවතාවය ගැන සැලකිලිමත් වීම හොදයි.

      Delete
  17. ඉතා වටිනා ලිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉන්ද්‍රජිත්. ඔබ කවදත් මගේ හිතවතා නොවැ...

      Delete
  18. උවමනාම කරපු දේවල් ටිකකට උත්තර ලැබුණා. විශේෂයෙන්ම කෑම බීම සහ ව්‍යායාම ගැන. ස්තුතියි ඒකට. දැන් ඉතින් වැඩට බහින්න ඕනේ. :)

    ReplyDelete
    Replies
    1. ඔබ වගේ වටිනා කියන තරුනයෝ බොහෝම පරිස්සමින් කන්න බොන්න ඕනෙ. ඔබ වටින්නේ අදට නෙමෙයි හෙටට. මමත් ඔබට බෙහෙවින් ගරු කරනවා. ඔබේ දැණුමෙන් වැඩක් නැහැ නිරෝගීව නොසිටියොත්. ඒ සිතට ගන්න.

      Delete
  19. මේක බුක් මාක් කලා. මහත් වුනාම කරල බලන්න :)

    ජය !

    ReplyDelete
    Replies
    1. එවන් විපතක් කෙදිනකවත් ඔබට සිදු නොවේවා!! වෙන අයට කියාදීමට හැර මින් ඔබට ඵල ප්‍රයෝජනයක් නොමවේවා!!

      Delete
  20. කොල්ලු හොයන්න ඕනේ. ඕට්ස් කෑවාමත් ඇඟට ගුණදායක ද? කිරි එක්ක? ඔබතුමාගේ අදහස මොකක්ද එල කිරි පාවිච්චිය ගැන?? මම නම් මේ ටික කොහොම හරි කරනවා. ඔබතුමාට බොහොම පිං. මම නම් කෑම එකේ කරපිංචා කොලේ වත් නොකා ඉන්නේ නෑ. කනවා මයි.

    ReplyDelete
    Replies
    1. කොල්ලු ඕනෙ තරම් තිබෙනවා. ඕට්ස් හොදයි. කොල්ලු වඩා හොදයි. ඔබ වැදගත් කරුණක් මතු කලේ. මතකද මම කළු නික ගැන ලිව්වා. කරපිංචා විසිකිරීම මෝඩ වැඩක්. මමත් කාල ඉවර වුනහම ඉතුරු වෙන්නේ පිගාන විතරයි. : D

      Delete
  21. අද තමඊ මට මෙ වටිනා බ්ලොග එක ගෑන දෙන ගන්නට ලෙබුනෙ.
    ඔබෙ වටිනා උත්සාහයට මගෙ ප්‍රනාමය.....

    ReplyDelete
  22. Harima Watina lipiyak.... BOhoma pin...

    ReplyDelete
  23. susantha eating fruits is good for your git system than blend juice. it form your stool bulky and prevent constipation and cancer.

    ReplyDelete
  24. ස්තූතියි, ඉතාම ප්‍රයෝජනයි
    මානසික හා ප්‍රාණ ධාතූන් ගැනත් ලියනකම් බලාගෙන ඉන්නවා.
    රාබු, කතුරුමුරුංගා මල්, අඹ වලට අපි සලකනවා මදි වගේ..

    ReplyDelete
  25. සෑහෙන්න ආසාවෙන් ලිපිය කියෙව්වේ මොකද මහත කියන්නේ මට එපාම වෙලා තියෙන දෙයක්.සෑහෙන්න කෙට්ටුවට හිටිය මම දැන් වල් ඌරෙක් වගේ වෙලා බඩ ආරලා ඇවිල්ලා මූණත් එක්කම මහත් වෙලා එපා වෙලා ඉන්නේ...

    මම කාලයක් රෑට කෑම නොකා හිටියා ඒත් මාසයක් ගියත් දැනෙන්න තරම් වෙනසක් වුනේ නෑ.පස්සේ බත් චුට්ට චුට්ට කන්න ගත්තා අන්තිමේ ඒකෙන් වුනේ චුට්ට චුට්ට තුන් හතර පාරක් කාලා වෙනදටත් වඩා වැඩියෙන් කැවුනු එක... හවහට හවහට දුවන්නත් ගත්තා එත් මේ සද්දන්ත සරීරෙ එක්ක ඔට්ටු වෙන්න සෑහෙන්න අමාරුයි අප්පා...

    මම බැලුවෙ ජිම් එකකට යන්න.අම්මගෙන් අවසර පැතුවාම අම්මා කිව්වා පිලිකන්නේ උදැල්ල ඇති වත්ත සුද්ද කරන්න කියලා හපෝයි.... ඩෙංගු මදුරුවා හන්දා සුද්ද කරපු වත්ත ආයෙ සුද්ද කරන්නලු....

    අවසාන වශයෙන් මාරයියගේ මාර කෑම විදියට කන්න මම තීරණයක් ගත්තා.කරපිංචා සම්බෝලේ සහ සුදුළූණු මාළුව ගැන මොකද හිතන්නේ???

    අපේ තාත්තා SUGAR BLOCKER කියලා තේ ජාතියක් බොනවා ග්‍රීන් ටී ජාතියක්ම තමා මං හිතන්නේ.... ඒවා අහිතකරයිද දන්නෑ නේ

    ReplyDelete
  26. ව්‍යායාමය හරියට කෙරෙන්නේ නැති නිසා මේ කෑම පාලනය හරියට කරන්න ඕනේ.. මගේ ඔක්කොම තෙල් මෝරන්නේ බඩේ.. කියල වැඩක් නෑ.. අලි බඩක් (තාත්තටත් තිබ්බා හැබැයි) කොල්ලුයි කුරක්කන් තලපයි රෑට කන එක අගුණ ද? මෙච්චර කාලෙකට මේ විස්තර මේ වගෙ පැහැදිලිව දැක්කේ අද පිං ගොඩයි ඔබ තුමාට. අනිත් එක රෑට ආනමාළු,කෝලිකුට්ටු කන එක සුදුසු ද?

    ReplyDelete
  27. කෙසඟ සිරුරක් ඇති මා බර කිලෝ 100 ට වඩා පොඩ්ඩක් වැඩිය.
    එබැවින් මෙම ලිපිය මා හට රන් හා සමානය.

    ලිපිය පල කල ඔබට ද, ලින්කුව දුන්, බුද්ධියාටද බොහොමත්ම පින්.

    අර කොල්ලු කියන්නෙ රතු ඇට ද? (රතු කවුපි කියන්නෙත් ඒවද?)

    ReplyDelete
  28. මහ වෙදනනි, ඔබගේ අදහස ප්‍රත්‍යක්ෂයි. තමන් දන්න දේ ලෝකයාට බෙදල දෙන්න ඔබ වැනි අය ලංකාවේ ඉන්නේ ස්වල්පයයි. වෙන රටවල් දිහා බැලුවම යම් කිසි ක්ෂේත්‍රයක ප්‍රවීණයකු අනිවාර්යයයෙන් බ්ලොගයක් මගින් ජනතාවට උපදෙස් දැනුම දෙනු ලබනවා. අපේ සමාජයේ බුද්ධිමතුන්, වෘත්තිකයන් තවමත් ඉන්නේ පහල මට්ටමකයි. ඔබ ගැන හුගක් සතුටුයි. ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  29. ගැහැණු ලමයින්ට කෙට්ටු විමට පිලියම් කියන්නකෝ

    ReplyDelete
  30. tx matath godak vadagath lipiyak

    ReplyDelete
  31. tx matath godak vadagath lipiyak

    ReplyDelete
  32. tx..matath meka wadagath godak..kettu wenna pilyam matath danaganna ona.

    ReplyDelete
  33. kamanam palanaya karanna ona weda mahaththayo eth eka amaruine kama dakkahama kanna hithenawa

    ReplyDelete
  34. ඔබතුමාට ගොඩාක් පිං. මම ෂේපප් ටී බොනවා බර අඩු කරගන්න.ඒක හොදයිද

    ReplyDelete
  35. මේ පින් ඔබේ නිබ්බානයටම හේතු වේවා...!

    ReplyDelete