Monday, July 2, 2012

103. තර වුනොත් ලෙඩවෙයි. තුට්ටු දෙකටත් තට්ටු වෙයි.

අපි අද බලමු මේ අනුව පුද්ගලයෙක්ගේ දෛනික ආහාරය කෙසේ සකස් විය යුතුද කියලා. පුද්ගල ශරීරයේ ධාතු සහ පංචභූතයන්ගේ අවශ්‍යතා මේ ආහාර ගැනීමෙන් පිරිමැසෙනවා නම්, එම අවශ්‍යතා පිරිමැසෙන ආකාරයට අප ආහාරය ගත යුතුයි.

1. රස ධාතුව - අපෝ භූත ගුණය ප්‍රධානයි. ස්නේහනයි. (එනම් තෙල් ගතිය ඇති කරන.) රක්තය පෝෂණය,වර්ධනය, ධාරණය, සහ ජීවනය ඇති කිරීම, ශරීරයේ ගෙවී යන කොටස් නැවත අලුත් වැඩියා කිරීම. රස ධාතුව ශරීරය පුෂ්ටිමත් කරයි.
2. රක්ත ධාතුව - අග්නි භූත ගුණය ප්‍රධාන වේ. අනෙක් ධාතූන්ගේ වර්ධනය ඇති කිරීම ප්‍රධාන කාර්ය්‍යයි.
3. මාංශ ධාතුව - පාර්තිව භූත ගුණය දරයි. ශරීරයේ හැඩය පවත්වා ගැනීම. ශරීරය ආවරණය, ආරක්ෂාව, ශාරීරික ක්‍රියාකාරීත්වය ඇති කරයි.
4. මේද ධාතුව - ආපෝ සහ පෘථ්වි ගුණ බහුලයි. දෘඪ බව ඇති කිරීම. පුෂ්ටිකාරක ගතිය, ශරීරයේ ස්නේහන බව ඇති කිරීම.
5. අස්ථි ධාතුව - පෘථ්වි භූත ගුණ බහුලයි. ශරීරයේ බර ඇති කරයි. නිශ්චිත හැඩය ඇති කරයි. ආරක්ෂාව, ක්‍රියාකාරීත්වයට උදව් වීම ප්‍රධාන ගුණ වේ.
6. මජ්ජා ධාතුව - ආපෝ ගුණය බහුලයි. ශරීරයේ බලය ඇති කිරීම.
7. ශුක්‍රධාතුව - ආපෝ ගුණය. ජීවනය ඇති කරයි.


මේ අනුව ඉතාම හොදින් පැහැදිලි වෙනවා යමෙක් ආහාර ගැනීමේදී ගත යුත්තේ ආපෝ ගුණය ඇති කරන ආහාරත් පෘථ්වි ගුණය ඇති කරන ආහාරත් යන මේ වර්ග දෙක ප්‍රධානව අනෙක් භූත ගුණයන් ඇති කරන ආහාර ඊට වඩා අඩුවෙනුත් ලෙසයි. නමුත් අපි එහෙම කරනවද?

අපි වැඩිපුර ගන්නේ මේද බහුල, පිෂ්ට බහුල ආහාර නේද?

එතකොට මොකද වෙන්නෙ?

යමෙක් මේ විදියට මේද බහුල ආහාර ගත්තොත් සහ පිෂ්ඨ බහුල ආහාර ගත්තොත් .....

1. මුලින්ම පිෂ්ටය ඉක්මනින් රසය බවට පත් වෙනවා. වැඩිපුර ඇති වෙන්නේ ආපෝ ධාතුව.

2. මේදය ඉක්මනින් එහෙම ධාතූන් බවට හරවන්න බැහැ. එතකොට මොකද වෙන්නේ. මේකෙදි මුලින්ම මේදය අර කලින් අපි කතා කළ 1, සහ 3 නියමයන්ට අනුව රස - රක්ත - මාංශ - මේද යන අනුපිළිවෙලින් මේදය, වැඩිපුර ඇති කරනවා. මෙ ක්‍රියාවලියට ඉහත 1, 2 නියම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයි මේද වැඩිපුර ආහාරයට ගෙන ඇති නිසා. දැන් අමතර වශයෙන් 2 නියමයත් මෙතනට එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ. උපරිම සීග්‍රතාවයෙන් මේදය නිපදවෙනවා. නමුත් මෙතනදි මේද ධාතුව වැඩියෙන් නිපදවන නිසා එතනින් එහාට ඇති අස්ථි - මජ්ජා - ශුක්‍ර කියන ධාතු නිපදවීම අඩපණ වෙනවා.

දැන් බලන්න මේ ආපෝ භූතය සහ පෘථ්වි භූතය වැඩිපුර එකතු වෙන අතරම ශරීරයේ රසධාතුව සහ මේද ධාතුව එකතු වෙන්න බලනවා. අපිට මේකෙන් පේනවා නේද මේ සමස්ත ක්‍රියාවලිය නිසා ඇතිවන ප්‍රතිඵලය ශරීරය පුෂ්ටිමත් බව.

ආපො භූත තත්ත්වය සහ පෘථ්වි භූත තත්ත්වය වගේම මේද ධාතුවේත් පොදු ක්‍රියාකාරීත්වය තමයි ශරීරය මහත් කරන එක නැත්නම් පුෂ්ටිමත් කරන එක. එම අවස්ථා තුනම මෙහිදී සැපිරෙන නිසා වැඩිපුර මේදය හා සීනි පිටි වර්ග පාවිච්චි කරන අයට එන විශාල ප්‍රශ්නයක් තමයි මේ තරබාරුව.

මේ ක්‍රියාව මෙතනින් නවතිනවද???

නැහැ...

මේක තව ඉදිරියට ගමන් කරනවා. ඒ.....

මේද වලට යටින් ඇති ධාතූන් වන අස්ථි ධාතුව, මජ්ජා ධාතුව, ශුක්‍ර ධාතුව නිපදවීම අඩපණ වෙන්න මේක හෙතු වෙනවා. ප්‍රතිඵලය වන්නේ,

1. දැන කාලේ හොදට මාකට්වෙන ලෙඩක් වන ඔස්ටියෝපොරෝසිස්.
2. තවත් ඒ වගේම ලෙඩක් වන මඳ සරුභාවය.

මේ විතරක් නෙමෙයි මහා රෝග ගණනාවකටම මේ තත්ත්වයන් හෙතු වෙනවා.

ඒ වගේම මේ අයට මේදය සහ පිෂ්ඨ ධාතු වැඩි වීමෙන් ඇතිවන සියලු රෝග ඇති වෙනවා. උදාහරණ විදියට කොලෙස්ටරෝල් වැඩි වීම, එතකොට දියවැඩියාව, ඒ එක්කම අධික රුධිර පීඩනය, වගේ රෝගත් එම රෝග වලම දෙවන අවස්ථාවේදී ඇතිවන අතුරු ප්‍රතිඵල වලටත් මේ අයට මුහුණ දෙන්න වෙනවා.


එත්කොට මූලිකවම සිතට ගන්න, ආයූර්වේදීයව සමබර ආහාරයක් ගැනීමට.

අපි කොහොමද මේ රෝග වලින් බේරිලා ජීවත් වෙන්නෙ??

මෙන්න අභියෝගය. මේකට මුහුණ දීමට ඔබට ධෛර්ය්‍යය ඇති කිරීම තමයි මගේ මුඛ්‍ය පරමාර්ථය වුණේ.

දැන් අපි බලමු ඒ උපක්‍රම.

මේ කවි පද දෙක ඔබට මතකද?

1. අඩහ කෑම දහස් වටී.
2. ඇවිද්ද පය දහස් වටී.

මෙකෙන් කියන්නේ මොකක්ද??

කන්න පුළුවන්කම තිබ්බට බඩ පැලෙන්න කන එක හොද නැති බව නේද?

අනික ඇවිද්ද පය දහස් වටී. ඒ කියන්නේ ඇවිද්දෙ නැති පය බලු නොවටී කියන එක නේද??

මේක අපේ පැරණි සිංහල කථාවක එන කවියකින් උපුටා ගත්තේ මෙතනට මේ පද දෙක වැදගත් නිසා. මෙහි යම් සැඟවුණු අරුතක් තිබෙනවා. එනම් අඩුවෙන් ආහාර ගැනීමත් ව්‍යායාමයත් ඉතා උතුම් බවයි.

ඔබට මතකද අපි මේ ලිපිපෙළ ආරම්භ කරනකොටම ධාතුන් හදුන්වාදෙන විට මෙහෙම කිව්වා,

"මේ ශ්ලෝක පාඨයෙන් කියවෙන එක කරුණක් ඉතා වැදගත් එනම්,

1. ශරීරය,
2. මනස,
3. ප්‍රාණය දරා සිටින්නේ ධාතු වලිනි."

ඔබ දන්නවා දැන් මේ තරබාරුව කියන රෝගය ඇතිවන පිළිවෙළ. ප්‍රතිකාර කිරීමෙදි අනුගමනය කළ යුතු පිළිවෙලත් යම් හරි අවබෝධයක් ඇවිත් ඇති.

මුලින්ම අපි මේ කියන ශ්ලෝක පාඨයේ ලෙස බලමු.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව යම් රෝගයකට ප්‍රතිකාර කිරීමේදී ඒ ප්‍රතිකාර අවස්ථා තුනක් ලෙස කළ යුතුයි. ඒ,

1. ශරීරයට
2. මනසට
3. අදාල රෝග තත්ත්වයට ලාක්ෂණික ප්‍රතිකාර

මෙන්න මේ විදියට අවස්ථා තුනක් යටතේ තමයි මේකට ප්‍රතිකාර කළ යුත්තේ.

ලාක්ෂණික විදියට ගන්නව නම් මුලින්ම ඖෂධ ප්‍රතිකාර කළ යුතුයි. ඒ ඒ අවස්ථාවට උචිත ලෙස ඖෂධ ප්‍රතිකාර කිරීම ඒ සදහා පුහුණුව ලැබූ වෛද්‍යවරයෙක් යටතේ කළ යුතුයි.

ශරීරයට කරන ප්‍රතිකාර තමයි අපි ඉහත ඇවිද්ද පය ලෙස හැදින් වූයේ. එනම් ව්‍යායාම.

මනස සදහා කරන ප්‍රතිකාර තමයි. මෙවැනි රෝගයක් ඇති වුනහම, ඒ වෙනුවෙන් සිත බිඳ ගැනීම, කලකිරීම, ආදී මානසික වැටීම් වලින් තොරව නිදහස්ව වෛද්‍ය උපදේශ අනුව රෝගය සුව කර ගන්න එක.

මම දැන් ව්‍යායාම ගැන කෙටියෙන් කියන්නම්. ටිකක් දිග වැඩි වුවත් තව කරුණු තිබෙනවා.

එක්කො ඒ ටික හෙට පෝයට ලියල අනිද්දට දෙන්නම්. තුන් වන කොටස විදියට.


ඒ ඒ ආහාර ගත යුතු පිළිවෙලත් තුන්වන කොටසින්ම කියා දෙන්නම්.

52 comments:

  1. මටනම් දවසකට කිලෝමීටර 6ක් විතර කෝච්චියටම දුවනවා ඒක ඇවිද්ද පයටද වැටෙන්නෙ දුවපු පයටද ?

    ReplyDelete
    Replies
    1. අපෝ මෙහෙම දුවලත්ද හැමදාම ඔෆිසියට පරක්කු වලා එනව කියන්නේ :D

      Delete
    2. එහෙමනන් ලොක්කාගේ දෙපයම දැන් දෙදහස් වටීනෙ. ගිම්හාණීට ඊරිසියාව. ඇයි ගිම්හාණිට ඇවිදින්න කාලය නැහැ නොවැ. ඒ කියන්නේ ගිම්හාණිගේ දෙපයම බලු නොවටීද?

      Delete
    3. අනේ මමනම් ඊරිසියා කරන්නෙ නෑ ජෝනටනම් .. මොකද එයා මම තරම් නිරෝගි නෑ . ලෙඩ ගොඩක් .

      Delete
    4. නැතිව සමහර අය ගෙදරින් වැන් එකට නැත්නම් කාර් එකට ඊගාවට කන්තොරුව ලගින් බහිනවා ආයෙ හවසට වෑන් එකට නැත්නම් කාර් එකට. ඔය අපි ගානට ෆිට් එකට body shape එක තියාගෙන ඉන්නවට තියන ඉරිසියාව.

      Delete
    5. බොලා දෙන්න මෙතැන කෙලගන්න එපා. අපි හිතමුකො ගිම්හාණීට ලෙඩක් නැහැ කියලා. (මටනෙ කියන්නේ. කමක් නැහැ. එහෙම හිතමුකො.)

      Delete
    6. අය්යෝ ජෝන් ඔයා මෙහෙම කීවම වෙදනත් අයිති වෙනව මේකට . මොකද අපිට කීවට වෙදනත් එහෙමයි .

      Delete
    7. ජෝන් මෙන්න ගිම්හාණීට දැන ඉවසන් ඉන්න අමාරු වගේ අනික් කොටසෙ තරබාරුවට කරන දේ ගැන දැන ගන්නකන්.

      Delete
    8. කොහොමත් ඇඟවල් දැක්කම කාගෙ කාගෙත් ඇවිදීම ගැන හිතාගන්න පුලුවන්. TV එකෙන්නම් පෙන්නෙ වාඩිවෙලා ඉන්නවා විතරනේ හික් හික්

      Delete
    9. සුවර් එකටම ඒ පොස්ට් එකට ගිම් කොමෙන්ට් දාන්නෙ නෑ (ඇනෝ කෙනෙක් විදියට බනී) හික් හික්

      Delete
  2. මේ බ්ලොහ් එක අවුල් වෙලා, නිකං හම ගහලා වගේ. කට්ටියට පේන්නේත් නැතුව ඇති!

    ReplyDelete
    Replies
    1. HTML 5 support කරන ඕනි බ්‍රව්සරයක කරදරයක් නැතුව බලන්න පුලුවන් වෙන්න ඕනි

      Delete
    2. කකාට ස්තුතියි. යමක් කරන්නම්. බුවා දෙන්නේ ලොකු තල්ලුවක්. මේ මගේ ආසම විදිය.

      Delete
  3. ඕන කරන ටික ඊළඟ පෝස්ට් එකට දාලනේ :)

    ReplyDelete
  4. වෙද මහත්තයෝ තරහ අවසර පුලුවනි නම් මේ කරුනු තව ටිකක් ලිහිල් බසට පෙරලන්ටකෝ එතකොට තෙරුම් ගැනිම තව පහසු වෙනවා ස්තුතී ඔබට

    ReplyDelete
  5. අනේ මාත් ඊයෙ ඉඳල කිව්වෙ කකා කිව්ව කතාව. මේ ඩයිනමික් එක මට නං අරහං.

    ReplyDelete
    Replies
    1. ටැංකූ!! මම මොනවා හරි කරන්නම්. පාඨක ඉල්ලීම් නොවැ. රැවුලයි කැඳයි දෙකම බේරා ගන්න බලන්නම්.

      Delete
  6. බොහෝම ස්තුතියි . වටිනා ලිපියක් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!!!! අගය කිරීම සම්බන්ධව.

      Delete
  7. ඔහොම කිව්වට ඉතිං මමනම් කෑම කිව්වම දෙසා බානව බඩ පැලෙන්න. කාල කාල පුටු රත්කරල දැන් හිනා නොවීම තරවෙල, ඌරු පැටියෙක් වගේ. :)

    ReplyDelete
    Replies
    1. එහෙනං ඊලඟ ලිපිය කියවන්න. ආ... අ... ඊට කලින් අර මේ ලිපියේ ලිංක් එක දිගේ ගිහින් බලන්න. අනාගත පරපුර ඩී. ඩී. ටී. ගේ....

      Delete
  8. හාන්දුරුවෝ බනියි, ගෙදෙට්ට වෙලා ඉන්නවා පංසල පැත්තෙවත් ආවෙ නෑ උපාසක මහත්තයා කියලා.... අන්ද්දට එඤ්ඤං....!

    ReplyDelete
    Replies
    1. අපේ හාමුදුරුවෝ මම එනවට වඩා කැමති එන්නැතුවට. ප්‍රශ්න අහන නිසා. දැන් මේ කට මැදගන ඉන්නේ අලුත් ප්‍රශ්න වගයක් අහන්න. ගියොත් අහනවාමයි. ඒ නිසා නොගියොත් මට පිං...

      Delete
  9. අනිත් ටිකත් කියමුකෝ බලන්න... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්නේ කියවලම බලමුකො. තාම ලියලා ඉවර නැහැ. මේ සැරේ ටිකක් පරිස්සමින් ලියන්නෙ.

      Delete
  10. බලන් ගියාම බටහිර පෙරදිග දෙකේම කියන්නෙ එකම දේ තමයි වෙනස් වචන වලින්,

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. සංකල්ප වලින් එකමයි. විදිහ වෙනස්.

      Delete
  11. හොදින් ලිපිය ඇදෙනව.. නොදත් දේ ගැන හොද දනුමක් ලැබෙනව... භාෂාව සරල කලොත් වඩාත් හොදයි...

    ReplyDelete
    Replies
    1. හොදමයි. බොහොම ස්තුතියි!!

      Delete
  12. ව්‍යායාම සහ ආහාර ගන්නා හැටි කියවන්ට බලාගෙන ඉන්නවා.
    මාත් කලින් තිබුනු විදියට කැමතියි.:)

    ReplyDelete
    Replies
    1. හෙට විතර දෙන්නම් ඉතිරි ටික. හපෝයි මේ කෙල්ලො......

      Delete
  13. අද ඇදුම පිළිවෙලයි ඊයේ එකට වඩා .

    මේ ආකාරයේ ලිපි කියවන්න මම හරිම කැමති .මමනම් නිතරම සමතුලිත ආහාර වේලක් ගන්න උත්සාහ කරනවා . මා නිරෝගිව ඉන්නේ ඒ නිසයි කියල මම හිතනවා . ඇවිදින එකනම් ටිකක් අඩුයි තමා . ඒ ගැන ටිකක් උනන්දු වෙන්න ඕන .
    අගේ ඇති ලිපි පෙළක් . අනිත් අය කියනව වගේ ටිකක් සරල කරන්න .

    ReplyDelete
    Replies
    1. තව සරල කොරඤ්ඥ, ඉතිරි ටිකත් ලියඤ්ඥ, අලුත් ඇදුමට වැඩත් දමඤ්ඥ, ආයිත් හෙටත් එඤ්ඥ.

      Delete
    2. මේකෙ තියෙන්නේ පිලිවෙල නෙමෙයි පාට මාරුවිල්ල විතරයි හරියට අපි ඡන්දෙ දී ලා අලුතින් ආණ්ඩුවක් පත් කරගන්නවා වගේ

      Delete
  14. හරිම වැදගත් ලිපිය...ඒ වගේ එව්වා එක පාරට දෙන්ට හොද නෑ තමයි...ආයෙ එන්නම්

    ReplyDelete
    Replies
    1. ඒකනේ ටික ටික දෙමු. මේ ටිකත් ලිව්වේ අමාරුවෙන්. ඒත් ඉතිරී ටිකත් ඉක්මනටම දෙනවා. ස්තුතියි.

      Delete
  15. ඕන ම ටික ඊළඟ කොටසේ නේ..
    ජය වේවා!!

    ReplyDelete
  16. වෙද මහත්තයෝ ටිකක් සරල කරලා ලියමු. මට ටිකක් විතර අමාරුයි පද පෙරලා ගන්න. කොහොම වුනත් ඊ ළඟ එක එනකම් ඉන්නවා. මමත් ටිකක් විතර මහතයි එක තැන ඉඳලා බඩ ගෙඩිය තඩි වෙලා. :D :D

    ReplyDelete
  17. ඊගාව කොටහත් බලලම ඉමු නේද ?

    ReplyDelete
  18. අනේ මම මේකට කලින් කමෙන්ට් කලානේ..ඒත් වැටිල නෑනෙ ...

    ReplyDelete
  19. බලාගෙන ඉද්දි බ්ලොග් ටෙම්ප්ලේට් එක වෙනස් වෙනවද මන්දා.මුලින්ම ට්‍රයි කොලාම කොමෙන්ට් දාන්න තිබුනෙත් නෑ.... මේ වගේම ටෙම්ප්ලේට් එකක් අන්සතු දිනපොත ලියන අමිල අයියා දාගෙනත් හිටියා මතකයි.මීට කලින් තිබුන විදිය නම් මාර ස්පීඩ්....

    හ්ම්ම් මේ ලියවිල්ල සෑහෙන්න ගැඹුරුයිනේ.. මේ දවස්වල මම වල් ඌරෙක් වගේ මහත් වෙනවා.කෙට්ටු වෙන්න කෙටි ක්‍රමයක් වගේ ලියවෙයි නේද වෙද මහත්තයො.... වටින ලියවිල්ලක් වේවි

    ReplyDelete
  20. susantha nice to see u without ur tummy,hope u loss ur weight.

    ReplyDelete
    Replies
    1. yes yes y not. now im looking 25. but the problem is my hair... please tell me something for that.. :D

      Delete
    2. hair loss or gray or both massage is the treatment ayoma will do.

      Delete
    3. Thanks for the advice. Why don't you try to write a BLOG. I think you have lots of stories as a doctor. Please try. I'll help you.

      Delete
    4. thanks susantha will see in future sinhala is the problm.i have very sucses weight reductio progrmm.

      Delete
    5. yes, I know that, that's why i told you to start a blog. Sinhala is not a problem. I can help you.

      Delete
  21. yes, I know that, that's why i told you to start a blog. Sinhala is not a problem. I can help you.

    ReplyDelete