Thursday, June 21, 2012

101. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 02 කොටස.

මේ දෙවනි කොටස.

පළමු කොටස නොකියවූ අය ගිහිල්ලා ඒක බලලම ආවොත් වැඩේට ලේසියි.

මිථ්‍යාව පතුරවනව කියලා කියපු ඇනෝලත් මේ කොටස කියවන්නකො........

අද තාම සිකුරාදා මේකෙ පළවෙනි කොටස පල කරන්නෙත් සදුදා.

සදුදා මිත්‍රයෙක්ගේ වැඩක් නිසා මේ වැඩය කර ගන්න කාලයක් ලැබුණේ නැහැ. දැන් දෙවනි කොටසත් ලියලම තමයි පළමු කොටසත් පළ කිරීමට සිතාගෙන සිටින්නේ. කවදත් මට හදිසියක් නැහැනේ.

අපි මේ කතාව ගැන යම් පැහැදිලි කිරීමක් කර ගත යුතු නිසා මමත් මගේ මිත්‍රයත් මේ ගැන බොහෝ සොයා බැලීම් කළා. ඉන් අපට දැන ගන්න ලැබුනු දේවල් බොහෝමයි.

මෙතැන් සිට ලියන දේවල වගකීම මම ගන්නවා.

අපි මේ කතාව නිසි අයුරින් අධ්‍යනය කරමු. එහිදී,
1.පුරාවිද්‍යාත්මක සාධක.
2. සමාජ විද්‍යාත්මක සාධක.
3. විඤ්ඤාණමය සාධක.
යන මේ සියළුම අංශයන්ගෙන් මේ අධ්‍යනය කළ යුතුයි.

1.පුරාවිද්‍යාත්මක සාධක.

පළමුව අපි සොයා බැලුවා මේ කරුණු ඇත්තද කියලා. එහිදී අපිට පෙනුණු දෙයක් තමයි වැලිකල මහතා කියන දේවල් 100% ඇත්ත බව. නමුත් මේ දිවා ගුහාවද කියන සැකය අපිට තදින්ම තිබුණා. ඒ ගැන තවමත් අපි සොයනවා. ඊයෙත් (2012/06/18) මගේ මිත්‍රයා මට කතා කළා. එතුමා (මෙහිදී නම සඳහන් කළ නොහැකි ) භික්ෂූන් වහන්සේ නමක් හමු වී මේ ගැන විචාරා තිබුණා. එතුමාගේ මතයත් මේ දිවා ගුහාව නොවන බවයි. මේ භික්ෂූන් වහන්සේ මා ඉතාමත් ගරුකරන තෙර නමක්. වගේම ලිවිය යුතු කතාවක් උන් වහන්සේ වටාත් තිබෙනවා. නමුත් තවම මට ඊට අවසරය ලැබුණේ නැහැ.

අපිට දැනගත හැකි වූ කරුණු අනුව මේ ස්ථානය අවට විශාල ගුහාවල් කීපයක්ම තිබෙනවා. විශාල ගල් ගුහාවක්ම දිවා ගුහාව විය යුතුයි. මොකද බුදුන් වහන්සේ සමග 500 රහතුන් වහන්සේලා පැමිණි බව දැක්වෙන නිසයි. මා මෙහිදී ස්ථානයේ ආරක්ෂාව ගැන සිතා තැන ගැන වැඩි විස්තර නොලියා ඉන්නම්. දැනට දිවා ගුහාව ලෙස හඳුනා ගෙන තිබෙන ස්ථානයට කිට්ටුවෙන් තවත් විශාල ගුහාවක් තිබෙනවා මේ ගුහාවේ පැත්තකට වෙන්නට පොකුණක් තිබෙනවා. බුදුන් වහන්සේ වැඩ හිටි ගුහාවේත් මෙලෙසම පොකුණක් තිබී තියෙනවා. නමුත් වැලිකල මහත්මයා කියන ගුහාවේ මේ පොකුණ තිබෙන්නේ ස්වභාවික ලෙස තිබුණු එකක් නෙමෙයි. කෙසේ හෝ මේ කිසිවක් දිවාගුහාව ලෙස පිළිගන්නට තවම කල් වැඩි බවයි මගේ කල්පනාව.

මේ නව ගුහාවේ කිසිම සොයා බැලීමක් තවම කර නැහැ. ඒ වවුල් විමානයක් ලෙසම තවම තිබෙනවා. ඉක්මනින් දිනක අප එහි යනවා. එදිනට ඔබට ඒ ගැන කියන්නම්. මෙම ගල් ගෙවල් එකල සිටි යක් ජනයාගේ ප්‍රධානම වාසස්ථානයන් වූවා යැයි සඳහන් වෙනවා. සමන් දෙවියන් තමන්ගේ පරිහරණයට වෙන්කරගෙන තිබූ ගුහාව බුදුන් වහන්සේට පිදූ බවකුත් කියවෙනවා.

තවත් දෙයක් මෙහි තිබෙනවා මූර්ති කීපයක්. ඒවා මෑත යුගවලට අයත් බව පෙනෙනවා. 1908 දීත් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මෙහි යම් අලුත්වැඩියාවන් කිරීමට උත්සාහයක් ගෙන තිබෙනවා. මේ මූර්ති එකල තැනූවක්ද? එකල අලුත්වැඩියා කළ ඒවාදැයි හරියටම කියන්න බැහැ. නමුත් මින් නිරූපණය වන්නේ අර කුමාරිකාව විෂ්ණු දෙවියන් හමුවේ තම දුක කියා රාජකීයයන් විෂ්ණු දෙවි හමුවට පමුණුවා නඩු අසන සෙයක්. මෙහි කලකදී විෂ්ණු දෙවොලක්ද තිබී තිබෙන බව පෙනෙනවා.

2. සමාජ විද්‍යාත්මක සාධක,

දැන් අපි මේ ගැන තවත් සොයමු. ඔබ දන්නවනේ මේ සමන් දෙවි අඩවිය ලෙස පිළිගන්න බව. මේ සමන් දෙවි යුගය ගැන සමාජ විද්‍යාත්මකව සොයා බැලීමේදී ඉතා සුවිශේෂී කාරනා කීපයක්ම හෙළි වනවා. එනම්,


1. මේ යුගයේ සමාජය පීතෘ මූලික සමාජයක් නොව මාතෘ මූලික සමාජයක් ලෙසයි පැවතී ඇත්තේ.
2. සමන් දෙවියන්ගේ අක්කා ලෙස සැලකෙන මහ ලොකු අක්කා නම් (ඇයම මහ ලොකු කිරි අම්මා නමිනුත් සමහර විට හඳුන්වනවා.) යක් කාන්තාවගේ ගුහාව ලෙස හඳුන්වන ගුහාවකුත් මේ අසල තිබෙනවා.
3. තවත් ගුහාවක් යකින්නගේ ගුහාව ලෙස හදුන්වනවා.
මේ සියල්ල ගැන බැලීමෙන් තවත් යමක අපට හෙළි වනවා. එනම් මේ යුගය තමයි මාතෘ මූලික සමාජ ක්‍රමය උඩු යටිකුරු කරමින් පීතෘ මූලික සමාජ ක්‍රමය සමාජ ගත වූ අවධිය.

නිශ්ශංක මල්ලයන් මේ ප්‍රදේශයට එනතෙක් කිසිම ලක් රජෙක් මේ ප්‍රදේශය ආශ්‍රිතව සිටි බවට කිසිම සාධකයක් මෙතෙක් මට නම් කියවන්න ලැබී නැහැ. (හසිත මේ ගැන දන්නවනම් ලියන්න.)

ඒ නිසා මා සිතන්නේ.........

සමන් දෙවියන්ගේ යුගයේ සිරිත් විරිත් ආදිය මේ මාතෘ මූලික සමාජ ක්‍රමය බොහෝ දුරට රැකී තිබෙන්න ඇති. මොවුන් බෞද්ධයන් වන්නත් ඇති. ඒ බුදුන් වහන්සේගේ ආගමනය නිසා. නමුත් ඉන්දියානු මොඩලයේ පීතෘමූලික සමාජ ක්‍රමය මේ පළාත් වලට එන්න ඇත්තේ නිශ්ශංක මල්ලයනුත් සමඟයි කියන එකයි මට හිතෙන්නේ. එය සංකේතාත්මකව කාන්තා දූෂණයක් ලෙස සමාජගත වූවාදැයි මට සිතෙනවා. ඒ කියන්නේ එක සමාජ ක්‍රමයක් එහෙම පිටින්ම තවත් සමාජ ක්‍රමයක් මගින් විස්ථාපනය වීමක් මෙතැනදී කතාන්දරක් ආකාරයකට සඳහන් වනවා දැයි මට සැකයක් ඇති වෙනවා.

ඉතා දිගු කලක් කොටින්ම වසර දහස් ගණනක් යුග කීපයක්ම තිබූ සම්ප්‍රදායන් එක් විටම වෙනස් වීම් කෙලෙසක සමාජය දරා ගනියිද යන්න අපට හිතා ගන්නවත් බැහැ. ඒ ආශ්‍රිතව සිදු වූ සිදු වීම් යම් යම් නිරූපනාකාරයෙන් විස්තර වීම පැරණි සිංහල ක්‍රමයටද අනුගතයි.

සමාජ ක්‍රමයක් දූෂණය වී තවත් නව සමාජ ක්‍රමයක් එක් වරම අනුගත වීම. විශේෂම සිද්ධිය කාන්තාවගේ නායකත්වය එක් විටම අහෝසිවී යාම. සිතා බලන්න....

කුවේණි කතාවේත් මෙවැන්නක් තිබෙනවා.... බලන්න... කුවේණිය මහා තේජවන්ත ශූර වීර සකල කළා ශිල්පයෙහි හසළ කාන්තාවක්. කොටින්ම මායා ශාස්ත්‍ර පවා දන්නවා. නමුත් ඇයගේ නායකත්වය එනම් මාතෘ මූලික යක්ඛ ක්‍රමය ඇයතම පෙම්වතා හමුවේ පූජා කරනවා. ඉනික්බිති චපල පෙම්වතාගෙන් පළිගන්න ඇය පෙළබෙන්නේ නැහැ. නමුත් ඒ ශක්තිය ඇයට තිබිය යුතුයි. ඒ ඇයි?????

මේක තමයි මානසික පරාජය. අද වුවත් මට හමුවෙනවා. ඉතාම කෙසඟ පිරිමි, බිරිඳට පුළුවන් ඔහුව උස්සලා විසි කරන්න. නමුත් ඒ කිසිවක් ඔවුන් කරන්නෙ නැහැ. ඒ ඇයි...? මානසිකව ඔවුන් සිටිනවා, පිරිමි මූලික සමාජ ක්‍රමය තුළට අනුගත වෙලා. (මේක හරිද වැරදිද නෙමෙයි මම මේ කියන්නේ. මගේ කතාවට සාධක ලෙස පමණයි.)

කොහොම වුවත් යම් නිශ්චිත සාධක මත පිහිටා මේක මෙහෙමයි කියන්න තරම් පර්යේෂණ තවම මේවා ගැන කෙරී නැහැ. මේ නව සොයා ගැනීම් සමඟ මට නම් සිතෙන්නෙම අපි මේ කතාන්දරයක් විදියට දකින සිද්ධිය යම් සිද්ධි මාලාවක් නියෝජනය කරන්න ගොතා ගත්තක් ලෙසයි.

ඔබට මතකද මම කලින් ලියූ විශ්වොත්පත්ති කතා මාලාව?

මේ තියන්නේ

එක,
දෙක,
තුන ලිපි ටික ආයිත් මේක ලියන්නම් දිනක.

3. විඤ්ඤාණමය සාධක.
ඉහත ලිපි වලින් එදා මම කියන්න උත්සාහ කලේ මූලිකවම භෞතික ද්‍රව්‍ය නිර්මාණයේදී එක්තරා දුරකට අභෞතික ද්‍රව්‍ය වන ප්‍රමාණ, වගේ දේ වැදගත්වන බව පැහැදිලි කරන්නයි. අපි ඒ ගැන හැදෑරීම පසෙක තබලා ඉන් යම් අදහසක් පමණක් ගෙන අපේ දැන් කතාවට එමු.

මේ කාන්තාව මරණයට පත් වන්නේ ඉතාම දැඩි ශෝකී වෛරී චේතනාවකින් නිසා ඇයගේ ඒ වෛරී සිතුවිලි යම් යම් භෞතික තත්ත්වයන් සමඟ ආරෝපණය වීමෙන් මෙවැන්නක් සිදු විය නොහැකිද?

උදාහරණයක් ලෙස අපි හිතමු මෙහෙම. මේ කුමාරි වෛරී චිත්තයෙන් මැරෙනවා. ඇයගේ ඒ වෛරී සිතුවිලි මේ ගුහාව තුලට එන අයට යම් මානසික බලපෑමක කරනවා වෙන්න බැරිද? මම පුද්ගලිකව අත්දැක තිබෙනවා, සමහර ගේ දොරවලට ඇතුල් වූ විට අපේ සිතට මහ කාලකණ්නි සිතුලි එන උදාසීන ගතියක් දැනෙනවා. මේ වගේ දෙයක් මෙතැන අභෞතික ලෙස නිර්මාණය වෙන්න බැරිද?? එම සිතුවිලි මේ අවට මිනිසුන්ට සහ ගුහාවේ සිටිනා අයට දැණුනා වෙන්න බැරිද??? වගේ දේ මගේ සිතට එනවා.

මේ ගුහාව බලන්න මුල් කාලයේ පැමිණි කාන්තාවන්, විශේෂයෙන්ම ඉතාම සුන්දර අඩු වයස් ගැහැණු ළමුන් මේ තුලදී ආවේශ වීම වගේ දේවලට ලක් වුනැයි වැලිකල මහතාම කියනව. පිරිත් කීමෙන් ඔවුන් සුව වුනැයිද කියැවෙනවා.

මට තේරුම් ගන්න ඕනෙම තැන මෙතැන. මේ ගුහාවේ යම් මානසික බලවේගයක් තිබුනැයි අප සිතුවොත් මේ සියලු දේ පැහැදිලි කළ හැකියි. නමුත් එවැන්නක් නොමැති යැයි උපකල්පනයක් කළොත් මේ සියල්ලම සිදු විය නොහැකියි. එසේ නම් මේවා සිදු වන්නේ කෙසේද?

මේක මට හිතෙන විදියට අර ජුලම්පිටියේ අමරේගේ කේස් එක වගේ. අපි ගුහාව බලන්න යන්නේ මේ හැම දෙයක්ම ඔලුවේ තබාගෙන දුර්වල හිත් ඇත්තන් මෝහනය වෙනවා වගේ.

දැන් බලමු මේ ගුහාව අවට ජනයා ඇයි බුදු පිළිමවල ඇස් ඉවත් කලේ. මේකට පිළිතුර කළින්ම ලැබිලා තිබුනා ඔබ අතරින්ම. එනම් මුලින් වෙන්න ඇත්තේ මේ පිළිමේ ඇස් වටිනා ඛණිජයකින් නිර්මාණය වී තිබෙන්න ඇති. ඒ ගන්නට කුරුමානම් අල්ලපු මිනිස්සු ඒ සදහා සොයාගත් උපක්‍රමය තමයි ගම් විනාශ වෙන කතාව. ඕවා විශ්වාස කරන ගම්වැසියා ඒ වැඩේට විරුද්ධ නොවෙන්න ඇති.

මෙවැනි කතා අපේ ජන සමාජයේ ඉතාම බහුලයි. මේවා ඇත්ත කියලා කියන්න අමාරු මේ වැනි කතා හැම තැනම තිබෙනවා. ඇත්තක් නම් තිබිය යුත්තේ එකයි. නමුත් යම් බරපතල ලෙස ජනවිඤ්ඤාණයට බලපෑම් කරන යමක් සිදුවූ විට ඒ ගැන ඇතිවන කතා බොහෝ පලාත්වල එක වගේම විය යුතුයි. මොකද ඒ බලපෑම හැම තැනම දැනෙන්නේ එකම විදියට නිසා.

මගේ අවසාන නිගමනය නම්, මේ කතාවල යම් සත්‍යයක් ඇති හැබැයි සිද්ධියක් ලෙස නෙමෙයි. මේ යම් සමාජමය බලපෑමක් නිසා සමාජයේ පැවැත්මට ඇති වූ දැඩි වෙනසක් ගැමි විඤ්ඤාණයෙන් විග්‍රහ කළ අයුරු. අපිට දැනෙන අයුරින් මේ දේවල් සිදු වෙන්න ඇත්තේ කූට මිනිස්සු මේ තැන්වල නිධන් ආදී වටිනා දේ ඇතැයි සලකා ඒවා ඉවත් කර ගැනීමට ගැමියාගෙන් වන බාධාවන් ඉවත් කර ගැනීමට ගැමියන්ගේ මනසට බිය ඇතුල් කළ හැටි.

පිරිත් කියන්නේ මිනිසාට ඉතාම වටිනා දෙයක්. වචනවල ඉතාම විශාල ශක්තියක් ගැබ් වී තිබෙනවා. නවීන විද්‍යාවෙනුත් මේ ගැන හෙළි වී තිබෙනවා. මෙවැනි තැනක තිබෙන අර මූසල ගතිය ඉවත් කිරීමට පිරිත්වලට ඇති හැකියාව උපරිමයෙන් මම විශ්වාස කරනව. රෝගී මිනිස් මනස සුවපත් කිරීමට පිරිත් තරම් බලපෑමක් කරන වෙනත් දෙයක් මට නම් හිතන්න අමාරුයි.

ඔබට දැනෙන දේ ලියන්න. ටිකක් කලබලෙන් ලිව්වේ අකුරුවල අඩුපාඩු ඇති. ඒ ගැන සමාව බජනය කොරනවා.


දැන් අපි හැරෙමු ආයූර්වේදෙට ඉදිරියට ටික කලක් ආයිත් ආයූර්වේද ලිපි. එතෙක් ආයූබෝවන්!!!!

57 comments:

  1. ඔවැනි බලවේග තියෙනවා කියන එක, ඒවා මිත්‍යා කියන මුලික උපකල්පනයෙන් තොරව විධිමත්ව හොයා බලනවානම් තහවුරු වෙනවා. හැබැයි ඉතින් සෑහෙන්න පෙරලා ගන්න ඕනි.

    මරණින් පසුව පළි ගැනීමේ චේතනාවෙන් සිටින කෙනෙක් මට හමු වෙලා කතා බහ කරලත් තියෙනවා. ඒත් ගොඩක් දෙනෙකුට පිළි ගන්න අමාරු ඒ කතාව මම ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඔබතුමාට පුද්ගලිකව ඒ ගැන කියන්නම් වෙලාවක...

    ReplyDelete
    Replies
    1. කොග්ගල නිලමේ නමින් වූ පොතක් පළවුනා මේ විදියේ සත්‍ය වූ සිද්ධියක් පාදක කරගෙන. අන්තර්ජාලයේ පොතේ නමින් සෙවුමක් කලවිට ඒ පොතේ පළමු සහ දෙවන කොටස කියවිය හැකියි.

      Delete
  2. විශ්වයේ අපිට නොදැනෙන නොහැගෙන බලවේග තියනවා කියල මමත් විෂ්වාස කරනවා....

    වෙදමාමට ස්තුතියි අපිව දැනුවත් කලාට... හැබැයි පරිස්සමින් ඔය වැඩ කරද්දි අමනුස්සයන්ට වඩා මනුස්සයන්ගෙන් පරිස්සම් වෙන්න.

    ReplyDelete
  3. කතා දෙකම ආසාවෙන් කියෙව්වා ඉතිහාසය හරිම නිර්මානශීලී තැනක් කියලයි මට හිතෙන්න.
    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  4. "...පිරිත් කියන්නෙ මිනිසාට වටිනා දෙයක්. වචන වල ඉතාම විශාල ශක්තියක් ගබ්වී තිබෙනවා... නවීන විද්‍යාවෙනුත් මේ ගැන හෙලිවීතිබෙනවා.." මෙන්න මේක විස්තර කරන්න පුලුවන්ද... නවීන විද්‍යාවෙන් මේක හෙලිවීතිබෙන ආකාරය ගැන....

    X-Porter

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජලයේ අණු සැකැස්ම ගැන ඔබ දන්නවා යැයි සිතමි....එකම වතුර නියැදියකින් ගෙන පිරිත් කරන ලද වතුර වල සහ සාමාන්‍ය වතුර වල අණු සැකැස්ම එකිනෙකට වෙනස් බව අපේ භෞතික විද්‍යා ගුරුතුමා පැහැදිලි කරලා දුන්නා.... ඒ ගැන වීඩියෝ අන්තර්ජාලයේ ඇති සමහර විට...

      සොයා බලන්න...

      Delete
    2. මේ ඉරිදා 23 රිවිර පත්තරේ පිරිතේ බලය නිසා ජලයේ සිදුවන වෙනස්කම් ගැන විද්‍යාත්මක ලිපියක් පල වෙලා තියෙනවා... ඒක බලන්න

      Delete
  5. ආහ්... වෙදමහත්තයට මම දාපු කුලුඳුල් comment එකද කොහෙද....

    x-Porter

    ReplyDelete
  6. සමන් දෙවියන්ගේ අක්කා ලෙස ඔබ සඳහන් කර තිබෙන්නේ වැදි ජනයා දේවත්වයෙන් සලකන 'ලොකු කිරි අම්මා' හෙවත් වල්ලි අම්මාද. මගේ මතකයේ හැටියට නම් ඈ කතරගම දෙවියන්ටයි නෑදෑකම් දක්වන්නේ.

    ReplyDelete
    Replies
    1. වල්ලි අම්මා සහ මහලොකු/ලොකු කිරි අම්මා දෙදෙනෙක්. මහ වෙදනා හරි.

      Delete
  7. කෝ කවුරුවත් නැහැ

    ReplyDelete
  8. වෛර සිතින් මිය ගිය කෙනෙක් මේ වගේ දුෂ්ටාත්මයක් වෙන්නත්, මිනිස්සුන්ට බලපෑමක් කරන්නත් හැකියාව තියෙන බව මම හිතනවා... කර්මය පුනර්භවය ගැන හිතද්දි උණත් එහෙම වෙන්න පුළුවන් නේද? නමුත් අපි අධ්යාේත්මිකව ශක්තිමත් නම් ඒ විදියෙ බලපෑමක් ඇති වෙන්නෙ නැහැ.... බොදුනු අයට පිරිත වගේ කිතුනු අපි ශුද්ධවු පැය, යාච්ඤාව තමයි මේ වගේ අවස්ථාවලදී සහනයක් ලබා ගන්නට උදව් කර ගන්නෙ....

    ReplyDelete
  9. මමත් දිවාගුවාව ගැන ජනකතා කීපයක් අහලා තියෙනවා දහම පාසලේදි... මේ වගේ යකින්නකගේ කතාවක් ඇහුවේ පළවෙනි පාරට...

    ReplyDelete
  10. දිවා ගුහාව සම්බන්ධ මේ කතාව දැනට මාසයකට කලින් අහන්න ලැබුනා ඒත් මේ තරම් සවිස්තරව නෙමෙයි වෙන කෙනෙක් කියපු දෙයක්.ඇසූ පමණින් විස්වාස කරන්න බැරිවුනත් මේ ලිපි දෙකෙන් පොඩි විස්වාසයක් ගොඩනැගුනා...

    මියගිය ආත්ම ගෙන්වා තොරතුරු රැස් කිරීම ඇමෙරිකාවෙත් කරලා තියෙනවා.මට නම් මතක නැති වුනත් මට මතකයි මියැදී යම් කිසි භෞතික තලවලට ගියායැයි සැලකෙන පුද්ගලයෙක් මළවුන්ගේ ලෝකයේ සිට ලියූ ලිපි වගේ දෙයක් මම කියෙව්වා... හත්වෙනි තලයෙන් පසු ඔහුගේ ලිවීම නැවතුනා කියලා නම් හොඳට මතකයි ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් සඳහනක් කරන්න...

    වැදගත් ලිපි පෙළක් වෙද මහත්තයො තව කොටසක් ලියවෙනවද???

    ReplyDelete
    Replies
    1. එඩ්ගා කේසී ගේ පරීක්ශන ගැන ලියවෙච්ච සංසාර මන්දිර පොත ගැනද ඔබ කියන්නෙ කියලා මට පොඩි අදහසක් ආවා..

      Delete
    2. ඕං අමතක වෙලා තිබුනු නමක් "එඩ්ගා කේසි" අමුතු මානසික ශක්තියක් තිබ්බ මිනිසෙක් වගේ මතක මෙයාගේ පොත් ගොඩාක් තියෙනවා මතකයි.සංසාර මන්දිර කියලා නමක් මතක නෑනේ වෙනි අයියේ කෝකටත් ඕක හොයාගෙන කියවන්න ඕනේ ආයෙමත්.... මම මුලින් කියපු සිද්ධි මේ පොතේ තිබ්බානම් හරියටම හරි

      Delete
  11. සබරගමුවේ කස්ටිය ඉතින් සමන් දෙවියන්ට සෑහෙන ගරු කොරනව. කෝ ඒත් ගංවතුරක් හරි නාය යනකොට ඔය මොකෙක් වත් එනවද?? අඩුම තරමින් ගග ගලනවෝ කියල කියාගෙන හරි යන්න ඕනි.
    වෙන විදියකින් කීවොත් ඔහොම දෙවියෝ නෑ. හිටියත් උන්නැහේ පට්ටම චාටර් අසික්කිත ඩයල් එකක්. නැත්නම් බැරි අමාරු වෙලාවට වදින පුදන ජනතාවගේ ජිවිතයක්වත් බේරගන්නව නෙව.
    මිනිස්සු ගල් ගුහාවල ඉන්නකොට එක එක ජාතියේ ලෙඩ රෝග හැදෙනව. අපි ඉතින් නොදන්නා කමට යක්ෂ රෝග කියනව.
    මේවා ලංකාවේ විතරක් නෙමේ ලෝකේ පුරාම තියන කතා.
    ----------------------------------------
    ලිපි 2කම සුපිරි,,,

    ReplyDelete
    Replies
    1. විකල්ප ඇසින් බැලීමක්..

      Delete
    2. සබරගමුවෙ දෙවිකෙනෙක් ඉන්නව කියල මොහොතකට හිතමු. ඒත් දැං මේ වෙන දේවල්වල හැටියට දෙයියො මිනිස්සුන්ට උදව් කරයිද? සමන් දෙවියන්ට ගරු කරනව කියල කියන්නෙ පූජා වට්ටිය අරගෙන දේවාලෙට ගිහිල්ල ඇවිල්ල කරන්න ඕන බලුවැඩ ඔක්කොම කරනඑක කියල හිතනව නම් වැරදිලා.
      (මම නං හරියටම දන්නෙ නෑ ඉන්නවද නැද්ද කියල)

      Delete
    3. බලාන යනකොට ඒකත් ඇත්ත,,, හික් හික්..
      මම දවසක් සමන් දිවියන්ට හොදටම දෙහි කපනකොට අපේ අම්ම බැන්න මට පලු යන්න.
      සමන් දේවාලේ ගාව මැණික් මතු උනේ දෙවියන්ගේ වැඩක් හන්දලු..
      සිරිපාදේ යනකොට දෙවියන්ට ගරු සරු ඇතිව කට වරද්ද නොගෙන යන්න ඕනි.
      ඔන්න ඔහොම දේවල් ටිකක් තියනවනෙ.

      Delete
    4. සමන් දෙවියන්ව සබරගමු පලාතේ ජනයා බැතියෙන් අදහති.ඔවුන්ගේ සැම කටයුත්තකදීම සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

      Delete
    5. දුපත් වැසියා ..විමලරත්න කුමාරගමගේ කවි ටිකක් කියවන්න .

      Delete
    6. සංහිඳ ලඟ බාරයට කිරි ඉතිරීම
      කෙම්මුර දවස්වල පානින් සැරසීම
      කොල අතු කඩා ගස් දෙබලක ‍ රැඳවීම
      මම නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම

      Delete
    7. අපේ පැරණි මුතුන් මිත්තෝ බොහෝ දුරට දෙවියෝ යැයි හැඳින් වූයේ ,මහජනයාට ගොඩක් හොඳ කළ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට දේවත්වයෙන් සැලකුවා.වැඳ පූජා කළා.කාලයෙත් එක්ක ඒ මිනිසුන් දෙවියන් යන නම් ලැබුවා.මම කියවලා තියෙන හැටියට සමන් දෙවියන් කියන්නේත් නිශ්ශංක මල්ල රජ්ජුරුවන්ගේ හෝ මහා පරාක්‍රම බාහූ රජ්ජුරුවන්ගේ මහ සෙන්පතියෙක්ව හිටපු කෙනෙක්.

      ඊට හොඳම නිදසුන තමයි මහසෙන් රජ්ජුරුවන්ටත් මහසෙන් දෙවියෝ කියන්නේ....

      Delete
    8. මම නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම//
      නැවත නොකියමි.. සමාවෙන්න.
      මට දෙවියො පොළු තියල තියනව ඒ හන්ද කිය උනේ.

      Delete
  12. පළමු හා දෙවන කොටස් කෙසේ වෙතත් තුන්වන කොටස හා එකඟයි.

    ReplyDelete
  13. හ්ම්ම්ම් ඔබ ගන්න වැයමට ,මගේ ප්‍රණාමය මං ගොඩක් අසයි ඔබ ගැන කරන හැදින් වීමට ,,,,,,,,,

    වෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය".

    ReplyDelete
  14. අර වෙද මහත්තය කියපු මාතෘ මූලික සමාජය පිළිබඳ කතාවෙ නම් මට පොඩි ප්‍රශ්නයක් තියනව. ඔබ කියන්නෙ නිශ්ශංක මල්ල රජු ඒ ප්‍රදේශයට යනතෙක්ම ඒ පළාත්වල මාතෘ මූලික සමාජයක් තිබුණ කියල ද? විජයාගමනයෙන් සියවස් ගණනක් තිස්සෙ අනුරාධපුර රාජධානිය පොලොන්නරුවට සංක්‍රමණය වෙල නිශ්ශංක මල්ල රජු බලයට පත්වෙනතෙක්ම මේ කුඩා දිවයිනේ, අනෙක් පළාත්වලින් වියුක්තව වෙනස්ම සමාජ ක්‍රමයක් ඒ පළාත්වල පැවතුන කියන එක වෙන්න පුළුවන් ද?
    ඉතිහාසය හා සම්බන්ධ ස්ථාන හඳුනාගැනීමේදී මුහුණ දෙන ලොකුම ගැටළුව නිවැරදි ඓතිහාසික මූලාශ්‍රවල ඌනතාවය. තිබුණත් ඒව තහවුරුකරගැනීමේ තාක‍්ෂණයක් අපිට නැතිකම. (මම අහල තියන හැටියට සමහර පරීක්‍ෂණවලට විශාල මුදලක් වැයවෙනව) අපේ ඉතිහාසයෙ සමහර කාල පරිච්ඡේද මහාවංශ කතුවරයා පවා හිතාමතාම මඟහැරල. තවත් සමහරක් අතිශයොක්තියෙන් කරපු වර්ණනා. මහාවංශයත් ඊට සමාන්තර අනෙක්කෘතිවලත් එකම කාරණය, ස්ථාන සම්බන්ධ පරස්පරතා තියනව. අද සිටින අපේ ඉතිහාස විෂය පිළිබඳ ආචාර්ය, මහාචාර්යවරුන්ටත් සමහර සිද්ධි, පුද්ගලයින්, ස්ථාන සම්බන්ධ නිවැරදි එකඟතාවක් නෑ. (වැඩසටහන සම්බන්ධ විවේචන තිබුණත්) මහා සිංහලේ වංශකතාවට සහභාගිවුණු අය අතර සමහරවිට එකඟතාවක් නොතිබුණු බව ඔබත් දකින්න ඇති. කොටින්ම සමහරු තමන්ගෙ පුද්ගලික ලාභය සඳහා ඉතිහාසය විකෘති කරනව. අඩු තරමෙ නිසි තැන්වලින් ඒවට විරුද්ධත්වය ප්‍රකාශකිරීමක්වත් සිද්ධවෙන්නෙ නැහැ. කියන්න කණගාටුයි අද වන විට අපේ රටේ ඉතිහාසය, ඉතිහාසගතවෙන තරමෙ මඩගොහොරුවක ඔබල තියෙන්නෙ.

    ReplyDelete
  15. මමත් ඔය දැනට දිවාගුහාව යැයි පිළිගන්නා තැනට ගිහින් තියෙනවා.. මට නම් කිසිම හැඟීමක් දැනුනේ නෑ එතන බුදුන් වහන්සේ වැඩ සිටි තැනක් කියල හිතෙන.. මට හිතෙන්නේ සැබෑ දිවා ගුහාව ආරක්ෂා කර ගන්න හෝ ඉතිහාසයේ මඟ ඇරුණු පුරුකක් වසා දමන්න සැදැහැ සිතින් (මෙහෙම කියන්නේ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් මූලිකත්වය ගත්ත නිසා)නිර්මාණය කරපු තැනක් කියලයි ඔය දැනට තියෙන දිවාගුහාව. යක්ෂණිය ගැන නම් මොකුත් කියන්න දන්නෙ නෑ..

    හැබැයි අපි හැමෝම බොහොම හොඳට දන්න යක්ෂයෝ/දෙවියන් එක්ක චිත්ත සම්බන්ධතා ඇති කර ගනිමින් එවැනි බලවේග සමඟ කටයුතු කරන විශ්වාස කටයුතු පුද්ගලයින් මට මුණ ගැසී තියෙනවා.. ඉතින් එවැනි බලවේග ගැන අප මෙතෙක් අවබෝධකරගෙන ඇති මිනිසාගේ මානසික ස්වභාවයක් සහ හැකියාවන් වලට ලඝු කරල තීරණ ගන්න මම කැමති නෑ..

    හොඳ ගවේෂණයක් කරන්න ලෑස්ති වෙන නිසා සුභ පතනවා.. මිනිසුන්ගෙන් සඟවා ආරක්ශා කළ යුතු දේවල් හමු වුනොත් ඒවාට එසේම තියෙන්න අරින එක හොඳයි කියල හිතන අයත් ඉන්න නිසා යමක් ප්‍රසිද්ධ කරන්න පෙර හිතා බලන්න කියලත් කියන්නම්..

    ReplyDelete
  16. මමත් ඔය දැනට දිවාගුහාව යැයි පිළිගන්නා තැනට ගිහින් තියෙනවා.. මට නම් කිසිම හැඟීමක් දැනුනේ නෑ එතන බුදුන් වහන්සේ වැඩ සිටි තැනක් කියල හිතෙන.. මට හිතෙන්නේ සැබෑ දිවා ගුහාව ආරක්ෂා කර ගන්න හෝ ඉතිහාසයේ මඟ ඇරුණු පුරුකක් වසා දමන්න සැදැහැ සිතින් (මෙහෙම කියන්නේ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් මූලිකත්වය ගත්ත නිසා)නිර්මාණය කරපු තැනක් කියලයි ඔය දැනට තියෙන දිවාගුහාව. යක්ෂණිය ගැන නම් මොකුත් කියන්න දන්නෙ නෑ..

    හැබැයි අපි හැමෝම බොහොම හොඳට දන්න යක්ෂයෝ/දෙවියන් එක්ක චිත්ත සම්බන්ධතා ඇති කර ගනිමින් එවැනි බලවේග සමඟ කටයුතු කරන විශ්වාස කටයුතු පුද්ගලයින් මට මුණ ගැසී තියෙනවා.. ඉතින් එවැනි බලවේග ගැන අප මෙතෙක් අවබෝධකරගෙන ඇති මිනිසාගේ මානසික ස්වභාවයක් සහ හැකියාවන් වලට ලඝු කරල තීරණ ගන්න මම කැමති නෑ..

    හොඳ ගවේෂණයක් කරන්න ලෑස්ති වෙන නිසා සුභ පතනවා.. මිනිසුන්ගෙන් සඟවා ආරක්ශා කළ යුතු දේවල් හමු වුනොත් ඒවාට එසේම තියෙන්න අරින එක හොඳයි කියල හිතන අයත් ඉන්න නිසා යමක් ප්‍රසිද්ධ කරන්න පෙර හිතා බලන්න කියලත් කියන්නම්..

    ReplyDelete
  17. කමෙන්ට් එක කොටන්න කලින් ඔබව දුරකථනයෙන් සම්භන්ධ කර ගන්න හැදුවට දුරකථනය ක්‍රියා විරහිත කරලා කියලයි කියපු අක්කා කිව්වේ... මම මෙන්න මෙහෙම කථාවක් කියවලා තියෙනවා... මේක මම ඔබතුමාත් එක්ක කතා කරන නිසා අනිත් අයගේ දැනගැනීමටත් ඔවුන් මේ පිළිබඳ කතාවක් අහලා තියෙනවද කියලා දැන ගන්නත් එක්කයි මේ කමෙන්ට් එක දාන්නේ....

    බුදුන් වහන්සේ තම ශ්‍රී පතුල් සටහන සමනළ කන්දේ පිහිටුවා ගිමහ් හැරිය ලෙන කියන්නේ දිවා ගුහාව කියලා ගැටලුවක් නෑනේ.. මේ පස්වරුවේ සමන් දෙවියොත් එක්ක බුදුන් වහන්සේ ධර්ම සාකච්ඡාවක් කරගෙන යන අතරේ සමන් දෙවියන්ට මතක් වෙලා තියෙනවා දේව සභාවට යන්න වෙලාව හරි කියලා... මේ බවක් බුදුන් වහන්සේට නොකියපු එතුමා තමන්ගේ ශරීරය එතන තියෙද්දී දේව සභාවට ගියා කියලයි කියන්නේ.. ඒක දැන ගත්ත බුදුන් වහන්සේත් තම ශරීරය පිහිටුවා එතනින් පිටව ගියා කියලත් කියන්නේ... ජනප්‍රවාදය අනුව අදටත් එම මනෝකායන් දෙක නියම දිවා ගුහාව ඇතුලේ තියෙනවා කියලයි කියන්නේ....

    පේවී කරන ක්‍රියාවලියකින් පසු මේ සඳහා යන්න පුළුවන් කියන කථාවකුත් මම අහලා තියෙනවා.. මේ දිවා ගුහාව හොයන්න හිතාගෙන මම තුන් පාරක් උත්සාහ කලා.. පස්සෙ වැඩේ අත අරින්න සිද්ද වුනා...

    බුදුන් වහන්සේගේ සහ සමන් දෙවියන්ගේ මනෝකායයන් එහි ඇත්නම් ඇත්ත වශයෙන් සිරිපා සටහනට වඩා දෙයක් සමනළ කන්දෙන් මතුවේවි....

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඇත්තද ... හරි පුදුමයි ,

      ස්තුති දැනුවත් කලාට .. ඔය විදියේ නොදන්නා කරුණු පිලිබදව හොයල බලන්න අසයි..

      මේ පිලිබදව තව දාන්න විස්තර තියේනම් දාන්න ..වෙනමම ලිපියක්..

      Delete
    2. මේ වගේ කතාවක් ඇහුවාමයි. දිවා ගුහාව බලන්ට යන්ට ඇත්නම් කියලා හිතෙනවා.

      Delete
    3. එදා බුදුරජාණන් වහන්සේගේ මනෝකායත් ,සමන් දෙවියන්ගේ මනෝකායත් ධර්මසාකච්චාවට ගියා නම් ඒක ඇත්ත වෙන්නත් පුලුවන් නමුත් ජනප්‍රවාදයට අනුව අදටත් ඒ මනෝකායන් තිබෙන බව නම් පිළිගන්න බෑ.බුදුරජාණන් වහන්සේ බුදු වෙලා නිවන් දැකලා ඉවරයි.නිවන් දුටු කෙනෙක්ගේ මනෝකායක් විශ්වය තුළ තිබෙන්නට විදිහක් නෑ.නිවන කියන්නේ නිවිලා අපෝ,තේජෝ,වායෝ,පඨවි ධාතූන් විශ්වයට මුදා හැරිලා එතන කිසිදෙයක් නෑ.ඒ ශක්තීන් විශ්ව ශක්තිය හා එකතු වෙලා ඉවරයි.

      සමන් දෙවියන්ගේ මනෝකායත් එතන තියෙන්න විදිහක් නෑ මන්ද මනෝකායන් පවතින්නේ ජීවත් වන පුද්ගලයින් තුලයි.නමුත් මිනිසුන්ට හොඳ කරන්න හිතාගෙන ඒ අවට ආරක්ෂා කරන්න තවත් ජීවියෙක් හැටියට සැරි සරනවා ඇති.ඒකනේ මිනිස්සු සමන් දෙවියන්ට 'දෙවියෝ' කියන්නේ.

      Delete
    4. @ අභීත අයියා, තරු (Shamithru)

      …මෙතන කතාවට බුදුන් වහන්සේගේ මනෝකාය කියන වචනය නම් ගැලපෙන්නේ නැහැ. ඒක හරියට එතකොට මහායාන අදහසක් වගේ. මහායානික පිළිගැනීමක් තියෙනවා මේ ලොව වැඩ සිටියේ සැබෑ බුදුන් වහන්සේ නෙමෙයි උන්වහන්සේගේ අනුරුවක්. තවමත් සුඛාවතී කියන දිව්‍ය ලෝකයේ බුදුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා.

      …මේ කතාවට ආවොත් ත්‍රිපිටක සාහිත්‍යයේ බුදුන් වහන්සේ තමන්ගේ වහන්සේ හා සමානම ජීවමාන බුදු රූ මවපු අවස්ථාව කීපයක් ගැන සඳහන් වෙනවා. ඒ සෑම අවස්ථාවකදීම සැබෑ බුදුරදුන් කවුද කියලා හඳුනාගන්න බැරිවුණා කියලා කියනව. ඒ අවස්ථා තමා
      …1. තුන්වෙනි සතියේ රුවන් සක්මන
      …2. ගණ්ඩබ්බ රුක මුල සිදුකළ යමා මහා පෙළහර පෑම
      …3. තව්තිසා දිව්‍ය ලෝකයේදී අභිධර්ම පිටකය දේශනා කිරීම

      …කොහොම නමුත් මේ මැවීන් කිසිවක් නිත්‍ය ඒවා නෙමෙයි ඒවා සාමාන්‍ය වෙලාවක් පැවතුණු ඒවා

      Delete
  18. මාරයි නේද?
    මම නං ඔය ඉතිහාසේ වැඩිය දන්නෙ නෑ... දැක්කනේ ගිය පෝස්ටුවෙන් ඇදගෙන,බඩගාගෙන,පෙරලීගෙන නෑව හැටි... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. @ අභීත,
    // බුදුන් වහන්සේගේ සහ සමන් දෙවියන්ගේ මනෝකායයන් එහි ඇත්නම් //

    ඔබ කියන්න උත්සාහකරන සිද්ධියට මනෝකාය කියන වචනෙ ගැලපෙන්නෙ නෑ නේද? මම අහල තියන හැටියට නම් මනෝකාය කියන්නෙ ද්‍රව්‍යමය ස්වභාවයක් නැති ශක්ති ප්‍රභවයක් වගේ දෙයක්. අර ජාතික රූපවාහිනියෙ කතාවකුත් ගියා නේද ඔය මනෝකාය ගැන.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ වචනය හරිද කියලා දන්නේ නෑ.. ඒත් ඔබේ කමෙන්ට් එකෙන් මම අදහස් කරපු දේ කියවපු කෙනාගේ ඔළුවට ගිහින් කියන එක තේරුනා... හරි වචනේ මොකද්ද කියලා හොයන්න ඕන...

      Delete
    2. kage bunshin කියලා අන්තර්ජාලේ හෙව්වාම මීට සමාන තේරුමක් සහිත දෙයක් දකින්න පුළුවන්... ඕක ජපන් වචනයක් කාටුන් එකකින් හොයාගත්තේ.අභීත අයියා කියන්න හදපු දේ මේකදෝ කියලා සැකයක් ආවා

      Delete
    3. ඒක මචන් නිකන් ප්‍රතිබිම්භයක් වගේ දෙයක් නේද?

      Delete
  20. හොද පැතිකඩක් ගැන කත කරල තියෙනව...

    ReplyDelete
  21. //පිරිත් කියන්නේ මිනිසාට ඉතාම වටිනා දෙයක්. වචනවල ඉතාම විශාල ශක්තියක් ගැබ් වී තිබෙනවා. නවීන විද්‍යාවෙනුත් මේ ගැන හෙළි වී තිබෙනවා. මෙවැනි තැනක තිබෙන අර මූසල ගතිය ඉවත් කිරීමට පිරිත්වලට ඇති හැකියාව උපරිමයෙන් මම විශ්වාස කරනව. රෝගී මිනිස් මනස සුවපත් කිරීමට පිරිත් තරම් බලපෑමක් කරන වෙනත් දෙයක් මට නම් හිතන්න අමාරුයි.//

    මේ ගැනනම් මාත් විශ්වාස කරනවා.. නිවැරදි ක්‍රමයට පිරිත් සඡ්ඡානයෙන් අළුයම වෙනවිට පිරිත් පැන් කලය උතුරන්න ඕනෙ කියලා පොතකින් කියෙව්වා මතකයි.. ඒත් අද කාලෙ හරියට ඒ දේවල් සිද්දවෙනවනම් ගොඩක් විරලයි මං හිතන්නෙ.. :)

    ඉතිහාසයේ නොදන්න කොටසක් ගැන දැනගත්තා.. ගොඩක් ස්තූතියි.. ඒ වගේම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.. මේ වටින තොරතුරු වල ගැඹුරු අධ්‍යනයන්..! :)

    ReplyDelete
  22. දිවා ගුහාව තාම හොයාගෙන නෑ නේද වෙද මහත්තයෝ...
    මං දන්න විදිහට ඇත්ත දිවා ගුහාවේ ජීවමාන ස්වරූපයේ බුද්ධ රූපයක් තියෙනවා කියලා කව්ද මන්දා කිව්වා.. නමනං මතක නෑ..
    ජය වේවා!!!!!!

    ReplyDelete
  23. පොස්ට් දෙකම ගොඩාක් වටිනවා ගැඹුරු සිද්දියක්. මේ කියන අවතාරේ ගැන මම කලින් දැනගෙන් අහිටියේ නැහැ. ඒත් දිවා ගුහාව ගැන දන්නේ තවම හොයාගෙන නැති ස්ථානයක් වගේ. ඒත් අභීත කියපු ඒ මතය මනෝකාය තවම එම ස්ථානයේ ඇති කියන එක ගැන මොකද හිතන්නේ. බලන්ගොඩ ආනන්ද හාමුදුරුවෝ ටිකක් විශේෂ කෙනෙක්. උන් වහන්සේ මේ දේවල් දැනගෙන විනාශ කරනවට භයේ මේ වගේ වෙනත් දිවා ගුහාවක් නිර්මානයක කල වෙන්න බැරි ද?

    ReplyDelete
  24. ගිහින් ගවේශනය කරන්න ආසාව තිබ්බත් බැරි නිසාම දැක්ක ගමන්ම කියවන් ගිහින් ඒ තුල තියෙන දේ ඉගෙන ගන්න ආසා නිසාම ඔබේ ලිපි පෙල කියවනවා..කුතුහලය එන්න එන්නම වැඩි වෙනවා...ඔබට ස්තූතියි මේ ලිපි පෙලින් අපව දැනුවත් කරනවට..

    ReplyDelete
  25. දිවාගුහං, දීඝවාපී, චේතියංච, මුතිංගනං කියලා ගාථාවෙන් විතරක් දැනගෙන හිටපු දැනගෙන හිටපු තැනක් දිවාගුහාව...:)

    henryblogwalker the Dude

    ReplyDelete
  26. කොහොම උනත් නොපෙනෙන ලෝකයක් තියෙනවා නේද... මම දන්න විදියට . අපි දකින්නේ සහ දැනෙන්නේ සීමිත දෙයක් විතරයි.. පියවි ඇසට නොපෙනෙන ගොඩාක් දේවල් මේ ලෝකය තුල සිදු වෙනවා.. සිත දියුණු අයට යම් තරමින් එය දැකීමේ වාසනාව උරුමයි ..
    විද්‍යාව කොයිතරම් දියුණු උනත් විද්‍යාවෙන් හරියට තේරුම් කරන්න බැරි ගොඩක් දේවල් මිහි පිට සිදු වෙනවා..
    මම ලගදි ලිපියක් දාන්නම් එකේ ජීවිතයත් මරණයත් අතර සටනක සිටි මගේ මිතුරෙක් ඒ මොහොතේ ලද අත්දැකීමක් .. ඔහුගේ ඔපරේෂන් එක ඔහු බලාගෙන ඉදලා තියෙනවා...(සමහර විට මෙය විස්වාස කිරීමට බැරිවෙයි )

    ම්නොව්‍ය්ද්‍යා විද්යකුලපති මහතාගේ අත්දැකීම් කියවන විට හිතෙනවා හැම දෙයක්ම මානසිකව මවා ගන්නා දේවල් කියලත්...

    එහෙත් වැඩි විස්වාසයක් තියෙන්නේ මේ ලෝකය තුලම අපිට නොපෙනෙන ආත්ම ලක්ෂ ගානක් සැරිසරන බව ....
    ඔබේ ලිපියනේ ගොඩක් දැනුවත් උනා ..බොහොම ස්තුති ඔබට..

    ජය...

    ReplyDelete
  27. හොඳ විස්තරයක් වෙද මහත්තයෝ...

    ReplyDelete
  28. යකින්නගේ කතාව දැක්කාම, කුවේණියගේ කතාව දැක්කා හා සමාන දුකක් හිතුනා. මේ වගේ දේවල් සිදු නොවෙනවා කියලා කවුරුත් ඔප්පු කරලා නෑනේ.

    ReplyDelete
  29. තර්කානුකුලව ලිපිය ගොඩ නගන ක්‍රමයට මන් කැමතියි . සැබෑ දිවා ගුහාව සැඟවී තියෙන එක හොඳයි . සොයා ගත්තක් නොකියා ඉන්න . දැනට තියෙන සිද්ධස්ථාන ටික මදැයි වැඳ පුදා ගන්න . නැතිනම් වැල නොකැඩි කට්ටිය එයි . කඩ මන්ඩි ඉදිවෙයි ...එතනින් එහාට සමන් දෙය්යන්ටවත් බැරි වෙයි එතන රැක ගන්න

    ReplyDelete
    Replies
    1. මාත් ලඟදී දැක්කා 'කැබිලිත්ත' ට වෙලා ටියෙන විනාසෙ. අනේ මංදා මිනිස්සු ඇයි ඔහොම හැසිරෙන්නේ කියලා.තමන්ගේම අතීතයටත් ස්වභාධර්මයටත් කිසිම ආදරයක් නැති මිනිස්සු.

      Delete
  30. බලන්න දැන් කාලේ උනත් පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධාන්නන්ද හාමුදුරුවෝ වගේ පුරාවිද්‍යාවට සම්බන්ධ අයත් කියනවනේ නිදන් වල තියෙන දේවල් රජයේ අනුමැතියෙන් හාරන්න ඕන ඒකට කමක් නෑ වගේ කතා (ඒවා හාරලා සල්ලි කරලා රටේ දියුනුවට යොදා ගන්න කියලා කියන්නේ නැත්තේ ඒවා බේබිගේ ස්වීස් ගිනුමකට වගේ එකකට දාන බව දන්න හින්දා වෙන්න ඇති . . හික්ස්) හිස්ට්‍රි රිපීට්ස් කියලා කියනවනේ වෙද මහත්තයෝ බලාගෙන ගියාම කොයි කාලෙත් එකයි වගේ නේද?

    ReplyDelete
  31. ලිපි දෙකම කියවූවා...බොහොම වැදගත් තොරතුරු..

    ReplyDelete
  32. මම නම් කිසිම දාක ශ්‍රීපාදය වඳින්න ගිහින් නෑ . ඒත් මම අහලා තියනවා සමනල කන්ඳ වටා ගෙතුනු ඔය අමුතු පුරාවෘත්ත එහෙම . දිවාගුහාව ගැනත් මීට කලින් මම අහලා දැනගෙන තිබුනේ බොහෝම පොඩි විස්තරයක් විතරයි . මේ ලිපියෙන් තමයි මම දිවා ගුහාව ගැන වැඩිපුරම විස්තර දැන ඉගෙන ගත්තේ .

    තිලක් සේනාසිංහ මහත්මයා ඉතිහාස දැනුම ගැන බොහොම දේවල් දන්න කියන කෙනෙක් . එතුමා ගේ විග්‍රහයන් බොහොමයක් මම යූටියුබ් එකේ දැකලා තියනවා මේ තියෙන්නේ සෝම හිමියන්ගේ දහම් දෙසුමකදී ගල්මඩුව විහාරය ගැන එතුමා කරන පොඩි විස්තරයක් වෙලාවක් තිබුනොත් බලන්න <a href="http://youtu.be/74QzqxAX_N0 </a>

    ReplyDelete
  33. හරවත් ලිපියක් ! ස්තූතියි අපට මෙවැනි දෑ ගැන දැනුවත් කලාට. ලිපි දකින්නට කියවන්නට ලැබීම වාසනාවක්. ඔබේ මෙවැනි ලිපි ගැන ඉතිහාසය කියවන, හොයන මා දන්නා යහළුවෙකුටත් පෙන්නුවා.(රාවණ සොයුරෝ) එවිට දන්නේ ඔබව ඔහු දන්නා බව. ඉතින් මේක හරිම කුඩා ලෝකයක් !

    ReplyDelete
  34. Interesting Topic එකක් ... හරිම ආසාවෙන් ලිපි දෙකම කියෙව්වා. වෙලාව ගියා තේරුණෙත් නෑ.මිනිස්සු පිළි නොගත්තාට මොනතරම් දේවල් නම් මේ ලෝකේ තියෙනවද....

    ReplyDelete
  35. මේ ප්‍රදේශයට නිශ්ශංකමල්ල රජතුමා පැමිණෙන්න කලින් පොළොන්නරු රාජධානියේ ආරම්භක රජතුමා සැලකෙන මහා විජයබාහු රජතුමාගේ අවදානයට ලක්වෙලා තියෙනවා. ඒ රජතුමාගේ අඹගමුව සෙල්ලිපියෙන් සමනොල කන්දේ පිහිටි ශ්‍රී පාදයට රජතුමා කළ පුද පූජාවන් වගේම ශ්‍රී පාදයේ නඩත්තුවට සහ වන්දනාකරුවන්ට පහසුකම් සලසන්න ගම්වර පිදූබවත් කියවෙනවා

    ReplyDelete