වෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය". වෙදගෙදරින් ඔබ හමුවට ගෙන එන්නේ මහවෙදනාගේ හපන්කම් මෝඩකම් සහ පුරසාරම්ය. හොදින් බැලූ විට හපන්කම් අඩුවෙනුත්, මෝඩකම් සහ පුරසාරමුත්, හැර අන් යමක් මෙහි නැත.
Tuesday, May 8, 2012
උඩරට ගිවිසුම 02, අනේ කූබියනේ තොපටත් රජෙක් ඉන්නේ......
මුලින්ම ඉල්ලා සිටිනවා ඉතා දිගට ලියවී ඇති මේ ලිපිය ඉතා සාවධානව කියවා හොදින් කල්පනා කර බලන්න. ඒ වගේම මම මේ දක්වා ඇති පොත් පතුත් සොයාගෙන කියවන්න. ඔබ සැමගේ සක්‍රීයදායකත්වය මම බලාපොරොත්තු වෙනවා.
ඉතිහාසය කියන්නේ ඇත්තෙන්ම වුණ දෙයක් වුණාට ඒ ගැන අපි හරි හැටි නොදැනීම නිසා නොයෙක් අලකලංචි වෙනවා. හැබැයි අපි මතක තබා ගත යුතුයි, මේ විෂය නිසා වෙන අකරතැබ්බ නිසා අගෞරවයක් වෙන්නේ බොහෝ විට දැනට ජීවත් වෙලා නොයින්න කෙනෙකුට. ඒ නිසා ඉතිහාසය හදාරද්දි ලියලා තියන දේට අමතරව තවත් යමක් ඇත්ද කියන කාරණය හිතේ තබාගෙන හදාරන එක වැදගත්. මොකද අපි නොදන්න බොහෝ දේවල් මේ පරිසරයේ කලින් සිදුවෙලා තියනවා.
අද අපි දුෂ්ටයෙක් කියලා හිතන කෙනෙක් කාලෙකට ඉහත ඉතාම වැදගත් විරුවෙක් වෙන්න ඇති. එතකොට ඉතිහාසය කියන්නේ මේ වගේ අළු දූවිලි පිහදාල විරුවන් විරුවන් කිරීමත් දුෂ්ටයන් ගැන තවත් හදාරන එකත් කියන මේ දෙකම. ( මේ ගැන තිබෙන නිර්වචන වලට අමතරව.)
මමත් අද කරන්න බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක්. ඒ විතරක් නෙමෙයි මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ ලිපිය හැකි තරම් බෙදාගන්න, කියවන්න, හිතට ගන්න, අපි අපිට හැකි දෙයක් කරලා අපේ ශ්‍රේෂ්ඨ මුතුන් මිත්තන්ට අපේ යුතුකම් ඉටු කරමු.
ඒ වගේම අපේ මේ සිංහලේ රාජධානියට වුණු වැරදි අපි නැවත අපිට හැකි විදියට හරිගස්සමු. කවදා හරි පෙන්නා දෙමු අපි මේ තුන් සිංහලේ ජීවත් වන සියලුම ජාතීන් සිංහලේ කියන නමත් එක්ක ජීවිතයෙන්ම බැඳී ඉන්න වග.
මේ අතරම මා ගැනත් යමක් එක් කිරීමට කැමතියි. මගේ දර්ශනය අනුව මම ජාතිවාදියෙක් නෙමෙයි, ආගම් වාදියෙකුත් නෙමෙයි. මේ සිංහලේ පිං බිමේ කැමති ඕනෙම කෙනෙකුට කැමති ආකාරයකින් අනිත් අයට කරදරයක් නෙවෙන විදියට ජීවත් වෙනවට මගේ නම් කිසිම තරහක් නැහැ.
ඒත් අපේ සිංහලේ ඉතිහාසය කියන්නේ මේ හැමෝගෙම ඉතිහාසය. අන්න ඒක කවදාවත් අමතක කරන්න නරකයි.
එහෙනම් දැන් කතාවට.......
ව්‍යාජ කන්ද උඩරට ගිවිසුම.
මෙම ගිවිසුම පිළිබඳව මට සැක තැන්.
1. අත්සන් කළ දිනය.
2. ගිවිසුම ප්‍රකාශයට පත්කළ දිනය.
3. ගැසට් නිවේදනය ප්‍රකාශ වූ දිනය.
4. ඇත්තටම අත්සන් කල දිනයන්.
5. අත්සන්වල වලංගුභාවය.
6. ගිවිසුමේ නියම පිටපත සහ එහි වලංගුභාවය.
7. ඇහැළේපොළ නිලමේතුමා දෝහියෙක්ද? නැත්නම් අසරණ වීද?
8 මොල්ලිගොඩගේ නියම තත්ත්වය කුමක්ද?
අපි මේ එක එකක් ගැන විස්තරාත්මකව බලමු.
කන්ද උඩරට රාජධානිය පිළිබඳ විස්තර මගේ බ්ලොග් සඟයන් වන හසිත ඇතුළු පිරිස ඉදිරියේදී ලබා දෙනු ඇත. මම මෙහිදී මාගේ ව්‍යායාමය වන උඩරට ගිවිසුම පිළිබඳව පමණක් සිත යොමු කරමි.
1/2/3/4 පළමුව ගිවිසුම අත්සන් කළ දිනය.
අත්සන් කළ දිනය ගැන තිබෙන සැක තැන් ටික අපි මුලින්ම බලමු.
1. මේක අත්සන් කළ දිනය විදියට නිල වශයෙන් සදහන් වෙන්නේ 1815 මාර්තු 02 දිනයි.
2. මේ සම්බන්ධ නිල උත්සවය පවත්වා ඇත්තේත් 1815 මාර්තු 02 දිනයි.
3. උඩරට නව නිලධාරීන් තම අභිනව නිල වලට පත් කරන ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේත් මාර්තු තුන්වන දිනයි.
4. එතකොට අත්සන් තැබුවේ 02 දිනනම් එතැන මෙහෙම සැකයක් එනවා. මේ ගිවිසුම අත්සන් තැබුවේ සිංහලෙ සිටි නිලධාරීන් පිරිසමද? එහෙම නැත්නම් අභිනව නිලධාරීන්ද. අභිනව අයට ගැසට් පත්‍රය ප්‍රසිද්ධ වෙනකම් අත්සන් කළ හැකිද? හැබැයි පරණ නිලධාරීන්ට නම් එහෙම අත්සන් කළ හැකියි. අපි හිතමු එහෙම වුණා කියලා ඒ වගේම එම නිල වලටම එම නිලධාරීන් පත්කළා කියලා. එතකොට ඒක හරි. නීත්‍යානුකූලයි.
5. හැබැයි මෙහෙම දේකුත් තියනවා. මිල්ලව දිසාව හෙවත් මිල්ලව කරුණාධාර ඒකනායක මුදියන්සේ අත්සන් කළ බව සඳහන් වෙන්නේ 1815 මාර්තු 05 දිනයි.
6. තවත් වැදගත් දෙයක් තිබෙනවා රජය නිලවශයෙන් සිංහලේ රජය භාරගත් බවත් ගිවිසුමත් පිළිගත් බවට නිල නිවේදනය නිකුත් කර ඇත්තේ 1815 මාර්තුමස 10 වන දිනයි.
7. ඇහැළේපොළ නිලමේ මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ 1815 මාර්තු මස 18 දිනයි. ඒ එතුමා මාර්තු 11 දින දක්වා අසනීපව සිටීමත්, එතැන් සිට බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා අසනීපව සිටි බවත් සඳහන් වෙනවා.
මේ සියලුම සාක්ෂි සදහන් වෙන්නේ මේ කුමන්ත්‍රණයේ එක් මහමොලකරුවෙක් වූ ජෝන් ඩොයිලි විසින් රචනා කරන ලද දිනපොත් වලයි.
ඩොයිලිට අනුව ඇහැළේපොළ නිලමේතුමා මෙයට අත්සන යොදා ඇත්තේ ආණ්ඩුකාරයා පෞද්ගලිකව හමුවීමෙන් පසුවයි. එනම් මාර්තු 18 වන දිනයි.
දැන් එනවා මෙහෙම සැකයක්. ඇයි ඇහැළේපොළ නිලමේතුමා මෙතරම් කල් ගත්තේ. මාර්තු 02 පැවැති උත්සවයට එතුමා සහභාගී වූ බව ජෝන් ඩේවි නම් ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා වාර්තා කරලා තිබෙනවා. ඒකත් එක් සැක තැනක්. ඒ වාර්තාවේ තිබෙන්නේ, ඇහැළේපොළ නිලමේතුමා මේ උත්සවයට පැමිණියේ එවකට සිටි සිංහලේ ප්‍රධානම නිලධාරියා ලෙස නෙමෙයිලු. එතුමා විශ්‍රාම ගන්න කැමති වුනාලු. මම නම් මේ කියමන පිළිගන්නේ නැහැ. එතුමාගේ ස්වභාවය ඒක නෙමෙයි. එතුමා තම පවුල නැති වීමත්, තම රජය නැති වීමත් එක්ක රට බේරා ගැනීමට යම් දෙයක් කරන්න ඇති. ඒ නිසා එතුමා සිටියේ සුද්දාගේ අත්අඩංගුවේ කියන එකයි මගේ නම් හැඟීම. අපි වෙන ලිපියකි නැවත ඒ ගැන කතා කරමු. දැනට මම මේ සිද්ධිදාමයේ සැක සහිත තැන් කතා කරන්නම්.
(1) මගේ පළවෙනි ප්‍රශ්නය - එකම දිනක පැවති උත්සවයට සහභාගී වූවා නම්, ගිවිසුම සෑදීමට එක් වුනානම් ඇයි එදාම ඇහැළේපොළ තුමා ඒකට එදාම අත්සන් නොකළේ?
(2) මට ඇති ඊළඟ ප්‍රශ්නය - මෙතරම් කලින් ඇයි සුද්දා ගිවිසුම ගැසට් කළේ? කොටින්ම එතකොට සිංහලේ එවකට සිටි ප්‍රධානම නිලධාරියාවත් අත්සන් කර නැහැ. තවත් අයගේ අත්සන් ගන්නත් තිබෙනවා. මේක කුමන්ත්‍රණයක ලක්ෂණයක් නෙමේද?
මට ඇති තුන්වන ප්‍රශ්නය -( නිල නාම වශයෙන් ගත්තත් ඇහැළේපොළ යනු කන්දේ නුවර සිටි ඉතාමත් කීර්තිමත් අයෙකි. කොටින්ම රටේ යුව රජු ලෙස ජනතාව අතර පිළිගැනීමක් මෙතුමාට තිබිණි. එම නිසා මා නම් මෙතුමා රට පාවා දුන් බව මොහොතකටවත් නොසිතමි. එවකට පළමු අදිකාරම් තනතුර දැරීය. ඇහැළේපොළ කුමාරිහාමි ඉතාමත් ලක්ෂණ කාන්තාවක් බැවින් එතුමියට ආසක්ත වූ රජු මෙතුමාව විනාශය කරා මෙයෙය වූවත් රට වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීමට සෑදී පැහැදී සිටි බව මේ කථාවන් කියවන මට නම් හැඟේ. මා මහනුවර රාජකාරී කල සමයේ අසා තිබූ කතාවක් නම් කුමාරිහාමිගේ හොල්මන මධ්‍යම රාත්‍රී කාලවල ගුඩ්ෂෙඩ් කිට්ටුවෙන් ගමන් කරනු දැකිය හැකි බවයි. ඉතාම ශෝකාකූල ශෝභන මුහුණක් ඇති කතක් ඉකි බිදිමින් ගමන් කරනු දැක ඇති ව්‍යෝවෘද්ධ මිනිසුන් කීපදෙනෙක්ම මට මුණ ගැසී ඇත. සමහර විට තම පවුලටත් සැමියාටත් වූ අසාධාරණය, කෘර වූ ඉරණම සහ දරුණු අපහාසය නිසා ඇයගේ යම් භූත ස්වරූපයක් මෙසේ ගමන් කරනවා විය හැක.)
(3) ඇහැළේපොළ නිලමේතුමන් විශ්‍රාම යාමට කල්පනා කළා නම් එතුමා පසුව තම අත්සන යෙදුවේ කෙසේද? එතුමාට තව දුරටත් සිංහලේ ඉහළම නිලධාරියා ලෙස ගරුකළේ කෙසේද? සහ ඩේවි කියන අයුරු ගිවිසුම අත්සන් කළ දින එතුමාගේ කතාවට අනුව එතුමා යුවරජු ලෙස ජනතාව පිළිගත්තේ ඇයි? මේ සියල්ලම තිබේවා 1818 කැරැල්ල වෙලේ මෙසේ විශ්‍රාමික නිලධාරියෙක් ද්‍රෝහියෙක් වූයේ කෙසේද? ඩේවි (ජෝන් ඩේව්, ශ්‍රීමත් හම්ෆි ඩේව්ගේ සොයුරා. කීර්තිමත් වෛද්‍යවරයේ. එවකට ආණ්ඩුකාරයාගේ වෛද්‍යවරයා ලෙස සැලකිය යුතු වගකීමක් දරමින් සිංහලේ ජීවත් වී තිබෙනවා. ඔහු රචනා කර ඇති An Account of the Interior of Ceylon and of its Inhabitants, with Travels in that Island. (1821) පොත ඉතාම ඉහල පිළිගැනීමක් තිබෙන පොතක්.) කියන අයුරු සියලුම ප්‍රභූන් එතුමාට විශාල ගරුත්වයක් දක්වන බව පෙනුණා නම් ඇයි එතුමා විශ්‍රාම ගිය බවක් සඳහන් වන්නේ? වඩාත් වැදගත්ම දේ එදින කතාවක් කළ නිලමේතුමා අත්සන දැමීමට තරම් නීරෝගී නොවූයේ කෙසේද?
ඔබ දන්නවාඩ්? ඩේවි කියන ආකාරයට එතුමා ගිවිසුම අත්සන් කළ දින මුළු උත්සවයටම සිටගෙන සහභාගී වූවාලු. නමුත් අනෙක් අය සමග එදින අත්සන ගැසීමට තරම් සනීපයක් තිබී නැහැ. පුදුමයි නේද? එතුමා අත්සන තබා ඇත්තේ තවත් දින 16 පසු ආණ්ඩුකාරයා පුද්ගලිකව හමු වී කෙසේ විශ්වාස කරම්ද?
4. මගේ සිව්වැනි ප්‍රශ්නය - අපි දන්නවා ගමේ ගොඩේ උකස් ලියවිල්ලක්වත් අත්සන් නැතුව පිළිගන්නේ නැහැ. එතකොට කිසිම ලියවිල්ලක අදාළ පාර්ශ්ව අත්සන් කර නැතිනම් කවදාවත් එහි අගයක් නැහැ. ඒත් රටවල දෙකක් අතර ඇතිවන ගිවිසුම් කියන්නේ සෙසු පටු දෙයක්ද? මෙතනදී ඒ සරල ප්‍රතිපත්තිය අනුගමනය වී නැහැ නේද? ඇහැළේපොළ සිංහලේ සිටි ජ්‍යේෂ්ඨම නිලධාරියෙක් වුවත් ඔහුගේ අත්සන නැතුව මාර්තු 10 රජයේ නිල නිවේදනය නිකුත් කළේ කොහොමද? අනිත් එක මාර්තු 18 අත්සන් කළ ඇහැළේපොළ නිලමේගේ අත්සන මාර්තු 10 නිකුත් වූ ගිවිසුමේ අත්සන් එක්ක ආවේ මොන ක්‍රමයකින්ද?
මේ කතාව එක එක දිගටම ලිවීමෙන් එහි අගය වැඩි වනවා. ඒ නිසා මම මේක දිගට ලියන්න හිතුවා. මගේ ඉල්ලීම අවසානයටම කියවන ලෙසයි. ඉන් පමණයි අපේ විරුවෙක්ට එල්ල වී ඇති අභූත චෝදනා වලින් එතුමාව ශුද්ධ කිරීමට අපට හැකි වන්නේ.
5 අත්සන්වල වලංගුභාවය.
අපි මෙතෙක් කතා කළේ ගිවිසුම අත්සන් කළ දිනයන් පිළිබඳව. ඒ විතරක් නොවෙයි මෙහි ඇති සැක තැන් තවත් බොහෝයි. ඒ අතරින් තවත් එක් මාතෘකාවක් තමයි අත්සන්වල වලංගුභාවය. මම එහෙම කියන්නේ හේතු ඇතුව. මේ ගැන අපේ රටේ ප්‍රකට විද්වතෙක් සොයා බැලීමක් කර තිබෙනවා. මම එතුමාගේ තොරතුරු මුලින්ම කියන්නම්. මම මෙතුමාව මුණගැසෙන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉක්මනට අපි මුණ ගැසෙයි. එවිට තවත් තොරතුරු ඔබට ගෙන එන්නම්.
මෙතුමා තමයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්ත මේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලලිත් ගුණවර්ධන මැතිතුමා. මේ අත්සන් ස්කෑන් ඡායාරූපයට ගෙන තිබෙන්නේ එතුමායි. එම නිසා මැතිතුමනි ඔබට ප්‍රණාමය.
1.ඇහැළේපොළ අත්සන
මෙහි මම ඔබට ඉදිරිපත් කරන්නම් ඇහැළේපොළ නිලමේතුමාගේ නියම අත්සන සහ එතුමා තැබුවා යැයි පිළිගන්නා (1815 මාර්තු 18) ගිවිසුමේ සටහන් අත්සන.
මෙම ඡායාරූපය අනුව පෙනෙනවා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් බව.
ගිවිසුමේ සඳහන් අත්සන දෙමළ භාෂාවෙන් සටහන් කර ඇති අතර අනෙක් සන්නසේ ඇති අත්සන සිංහල අකුරින් සටහන් කර තිබෙනවා. මේ අත්සන් දෙකේ යම් නීතියක් තිබෙනවා. ඔබ හොදින් බලන්න. නිලමේතුමාගේ සිංහල සන්නසේ අත්සන වටා ඕවලාකාර රවුමක් ඇඳ තිබෙනවා. ඒ වටා අර්ධ කාවාකාර රවුමක් තිබෙනවා. එහි ඒක් පසෙක ඊතලයක පිටුපස පෙනුමත්, අනෙක් පස ගැටයක් සහිත යම් සළකුණකුත් තිබෙනවා. මේක සුවිශේෂී තත්ත්වයක්. සිංහලේ නිලධාරියෙක් අත්සනක් තැබූ විට මේ සලකුණෙන් තමයි එතුමාගේ නිලය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ. මාර්තු 10 වෙනිදා නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව එතුමා 1811ත් 1819 අතර කාලයේ සබරගමුවේ මහ නිලමේතනතුර දැරූ නිසා එයට මේ සංකේතය ගැලපෙනවා.
මෙහිදී සිංහලේ අත්සන් ගැන තව ටිකක් ඔබට පහදා දෙන්නම්. පළමු සහ දෙවන අදිකාරම් ධූරය දැරූවන් හැම විටම තම නම අත්සන් කර ඒ වටා වෘත්තයක් ඇඳ ඇත. තවත් තනතුරු දැරූවන් ඒ තනතුරුවලට ගැලපෙන ලෙස අර්ධ වෘත්තයක් ඇඳ ඇත. උදාහරණ ලෙස එවකට දිසාවේ තනතුරු දැරූවන් මේ අර්ධ කවාකාර රවුම සහ එහි කෙළවරවල් වල කොකු ආකාර සලකුණත්, අදිකාරම් තනතුරු දරමින්ම දිසාවේ තනතුරු දැරූවන් වෘත්තය වටා අර්ධ වෘත්තයත්, නිකම්ම වෘත්තයක් පමණක් අදිකාරම් තනතුර දැරූවනුත් ලෙස අත්සන් කර ඇත. ( කොඩ්‍රින්ටන් සටහන් )
ලලිත් ගුණවර්ධන මැතිතුමා අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික උගතෙක් බැවින් එතුමා ශ්‍රී ලංකාවේ වර්තමාන නඩුවලදී උඩරට නිලමේවරුන්ගේ අත්සන් හඳුනා ගැනීමේ විෂේශඥ්ඥයෙක් ලෙසද කටයුතු කර ඇති විද්වතෙකි. ඒ නිසා මේ අත්සන් පිළිබඳ එතුමාගේ අදහස් මේ අවස්ථාවේදී ඉතාමත් වටිනා බව කිව යුතුමය.
ඒ අතර තවත් සැකයක් ඇති කරන කාරණයක් නම්, ගිවිසුමේ පිටපත් කීපයක මෙම අත්සන (ඇහැළේපොළ අත්සන.) ආකාර කීපයකට තිබෙනවා. ඒක එහෙම නම් එකම ගිවිසුමකට වෙනස් අත්සන ඇති (එකම පුද්ගලයන්ගේ විවිධ අත්සන් ඇති ) විකාර රූපී ගිවිසුමක් බවට මෙය පත් වනවා නේද?
2 පිළිමතලාවේ නිලමේතුමාගේ අත්සන.
මෙතුමාගේ අත්සනෙත් ඉහත ඇහැළේපොළ අත්සන ලෙසටම දෙමළ භාෂාවෙන් ගිවිසුමේ අත්සන් තබා ඇතත් එතුමාගේද නියම අත්සන වෙනත් සන්නස්වල ඇති ආකාරයට නම් එතුමාගේ නිලය වන හතර කෝරළයේ දිසාව යන තනතුරට ගැලපෙන අතර. ගිවිසුමේ සටහන් වී ඇති අත්සන කිසිසේත්ම එතුමාගේ නියම නිලය හා නියම අත්සන නොවන බව ඔබට ද මේ ඡායා පිටපත් අනුව පැහැදිලි වනු ඇත.
3 මොල්ලිගොඩ අත්සන.
මොහුගේ නිල තත්ත්වය වන්නේ එවකට පළමු වැනි අදිකාරම හා සත් කෝරළයේ දිසාව. මෙහිදී ලලිත් ගුණවර්ධන මැතිතුමාගේ වචනවලින්ම මම ඒ උපුටා දක්වන්නම්. " සබරගමු සන්නස් වෙළුමේ මොල්ලිගොඩගේ නම සඳහන්ව ඇත්තේ මොල්ලිගොඩ රජකරුණා සෙනෙවිරත්න අභයකෝන් හේරත් වාසල මුදියන්සේ ලෙසය. කොඩ්‍රින්ටන් ගොනුවේ මෙම නම යටතේ ඇති මොල්ලිගොඩගේ අත්සනත්, සබරගමුවේ සන්නස් වෙළුමේ අත්සන් ගණනාවක්ද එක සමානය." නමුත් ගිවිසුමේ එක පිටපතක මොල්ලිගොඩගේ එක අත්සනක් හා අනිත් අත්සන් අතර පරස්පරතාවයක් ඇත. මේ ගැන ඉදිරියේදී මම ඔබට සඳහන් කරන්නම්.
4. කණිෂ්ඨ පිළිමතලාවේ හෙවත් මහ පිළිමතලාවේ නිලමේගේ පුත්‍රයාගේ අත්සන.
(1812 දී රාජසිංහ රජුගෙන් හිස් ගැසුම් කෑ පිළිමතලාවේ. මෙතුමා ගැන මට වෙනම කිව යුතු වුවත් එය මෙතැනදී කීමට මම අදහස් කළෙමි. හේතුව ඉතාමත් දක්ෂ නිලධාරියෙක් වුවත් මෙතුමා ඉතාමත් අවාසනාවන්ත ඉරණමකට පත් වන්නේ අනෙක් අයගේ ඊර්ෂ්‍යාව නිසාය. විශේෂයන්ම මොල්ලිගොඩගේ. මෙතුමා වාර කීපයක්ම රාජද්‍රෝහී වැඩවලට අසුවුවත් රජුගෙන් සමාව ලබයි. මා අසා ඇති පරිදි මෙතුමා රාජසිංහ රජුගේ අනියම් පියාය. මෙතුමා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අක්කා සමඟ සිට ලැබෙන දරුවා වන්නේ රාජසිංහයි. දීර්ඝ සැලසුමක් සිතේ තබාගෙන රජකම ඔහුට ලබා දීමට මෙතුමා සමත් වෙයි. එනම් කෙදිනක හෝ ඒ හරහා තමා රජ වී සිංහලේ රජකම නැවත සිංහල අතට ගැනීමටයි. නමුත් එය ඉටු නොවන්නේ මේ ඉව වැටෙන මොල්ලිගොඩ ඇතුළු අනෙක් ප්‍රධානීන්ගේ කුමන්ත්‍රණ නිසාය. මෙතුමාගේ බෑණනුවන් වන්නේ ඇහැළේපොළ මැතිතුමායි. ඉදිරියේදී ඒ ගැන තවත් කතා කරමි.)
මෙතුමාගේ නිලය වන්නේ (කණිෂ්ඨ පිළිමතලාවේ.) සතර කෝරළයේ දිසාපති පදවියයි. මෙතැනදීත් හරි අපූරු දෙයක් තමයි සිදු වී ඇත්තේ. එනම් මෙතුමාගේ නිල නාමය ඉදිරියෙන් තිබිය යුතු අත්සන ගිවිසුමේ ඇත්තේ ඊළඟ පේළියේ පහළින් මෙතුමාගේ අත්සන තිබිය යුතු තැන ඇත්තේ එතුමාගේ පියාගේ සොයුරා වූ සබරගමුව දිසාව වූ පිලිමතලාවගේ අත්සනයි. මෙතුමාගේ අත්සන ඇත්තේ සබරබමුව දිසාව අත්සන් කළ යුතු තැනයි. රටක් පාවාදුන් ගිවිසුමක හැටි. විශ්වාස කළ හැකිද?
5. මොනරවිල හෙවත් කැප්පෙටිපොළ නිලමේතුමාගේ අත්සන.
මෙතුමා ඌවේ දිසාවයි. මෙතුමාගේ සන්නසක ඇති අත්සනත් ගිවිසුමේ අත්සනත් අතර පරස්පරතාවයක් දැකිය හැක. අනෙක මෙතුමා සාමාන්‍යයෙන් අත්සන් කර ඇත්තේ දෙමළෙන් වන අතර ගිවිසුමේ ඇත්තේ සිංහලෙන් ලියන ලද මොනරවිල යන්න පමණි. අනෙක් දෙමළ අත්සනේ ඇති සලකුණු අනුව මෙතුමාගේ නිල තත්ත්වය පැහැදිලිව හඳුනාගත හැකි අතර සිංහල අත්සන නිකම්ම නමක් ලිවීමක් පමණි. ගරු ගාම්භීරව අත්සන් කළයුතු තැනක තම නම පමණක් ලිවීමට තරම් කෙනෙක් විශේෂයෙන් ඉතාම ඉහළ නිලයක් දරන්නෙක් පෙළබෙයිද? තම නිලය නැතුව නිකම්ම නම ලියයිද?
6. රත්වත්තේ නිලමේතුමාගේ අත්සන
ගිවිසුමේ ඇති අත්සනේ ඇති වැදගත් ලක්ෂණයක් නම් සිංහල දෙමළ සහ හඳුනානොගත් යම් යම් සලකුණු මිශු අත්සනක් ලෙස එය සටහන්ව තිබීමයි. මාතලේ දිසාවයි. මෙතුමන්ගේ නියම අත්සන දෙමළ අමිශු අකුරින් යුතු තම නිලය හඟවන සලකුණු වලින් යුතුය. නමුත් ගිවිසුමේ ඇත්තේ පරස්පර විරෝධී අත්සනකි. නැවතත් අසමි. විය හැකිද?
අත්සන් ගැන කීමේදී මෙයට අත්සන් කළ අනෙක් පාර්ශවයෙන් එනම් ඉංග්‍රීසීන්ගේ අත්සන් තුනක් මෙහි ඇත. රොබට් බ්‍රව්න්රිග් ආණ්ඩුකාරයා, රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි සහ ආණ්ඩුවේ නියෝජ්‍ය ලේකම් ලෙස ජේම්ස් සදර්ලන්ඩ්. මේ තිදෙනාගේ අත්සන් එම කාලයේ ඔවුන්ගේ අනෙකුත් අත්සන් සමඟ හොදින් පෑහේ.
6. ගිවිසුමේ වලංගුභාවය.
ඉතාම වැදගත් මාතෘකාවකි. දැනටත් ඔබ දන්නා පරිදි මෙය නිකම්ම කොළ කෑල්ලකි. රැවටීමකි. නමුත් අප එය තහවුරු කළ යුතුය. ඒ නිසා මේ ගැනත් බලමු. ගිවිසුමේ පිටපත් එකකට වඩා ඇත. එය එසේම විය යුතුය. අඩුම ගණනේ පිටපත් දෙකක්වත් තිබිය යුතුය. දැනට ප්‍රසිද්ධ පිටපත් දෙකක් ඇත. එහෙත් ඒවා සමාන විය යුතුය. කරුණු අතින් මෙන්ම අත්සන් නියමාකාරයෙන් විය යුතුය.
එහෙත් පුදුමයකට මෙන් ඒ සමානතාවය මේ පිටපත් දෙකෙ නැත. කවරක් සිදු වීද?
දැනට ඇති පිටපත් දෙකම මම ඔබට මෙහි ලබා දෙමි. ඔබම බලන්න.
1. මාචාර්‍ය්‍යය විමලානන්ද තෙන්නකෝන් මහතාගේ උඩරට මහ කැරැල්ල ග්‍රන්ථයේ තුන්වන කොටසේ 82 පිටුව බලන්න. එම පිටපතේ සිව්වනුව ඇත්තේ කණිෂ්ඨ පිලිමතලාවගේ අත්සනයි. මෙය දැනට ඇති එක් ගිවිසුම් පිටපතකි. මෙම පිටපතේ කණිෂ්ඨ පිළිමතලාවේ අත්සන නිකම්ම අත්සනකි. නිල සංකේත නැත.
2. නමුත් ජාතික ලේඛනාගාරයේ ඇති 1984 වර්ෂයේදී ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂ ධූරය දැරූ ආචාර්‍ය්‍ය හරිස්චන්ද්‍ර ද සිල්වා මැතිතුමා විසින් සොයා ගැනුණු පිටපත. මෙහි කණිෂ්ඨ පිළිමතලාවේගේ අත්සන සියලුම නිල සංකේත සහිතව තිබේ.
රටක නිදහස අහිමි කළ ගිවිසුමක් පිටපත් දෙකක් මෙසේ පරස්පර විරෝධී විය හැකිද?
7. 8. ප්‍රශ්න දෙක අපි එකට ගෙන කතා කරමු. එනම් ඇහැළේපොළ නිලමේතුමන් මෙලෙස හැසිරුණේ ඇයි. තම අඹුදරුවන් රාජසිංහගේ කුරිරු හස්තයට හසුකර කෙසේ ඉවසා සිටියාද? අනෙක් අතට මොල්ලිගොඩගේ භූමිකාව කුමක්ද?
මොල්ලිගොඩ යනු සිංහලේ රාජසභාව තුළ ප්‍රබලයෙකි. වැඩිමල් පිළිමතලාවේට සහ ඇහැළේපොළට යටින් සිටි උන්නතිකාමියෙක් වූ මොහු සැමවිටම කටයුතු කළේ ස්වාභිවෘද්ධිය පතාය. වැඩිමල් පිළිමතලාවේගේ රජවීමේ ගමනට බාධකයක් වූ මොහු එතුමාගේ හිස අහිමි වන තැනට කටයුතු යොදයි.
අනෙක් අතට පිළිමතලාවේගේ බෑණනුවන් වූ ඇහැළේපොළ සමග බද්ධ වෛරී ලෙස හැසිරෙයි. එනම් මොහුගේ ගමනට බාධාවක් ලෙස සිටිනා ජ්‍යේෂ්ඨයා වන ඇහැළේපොළ සාධකය හොදින් හෝ නරකින් ඉවත් කිරීම තකා මොහු කූට කුමන්ත්‍රණවල යෙදෙයි. රාජසිංහ රජුට තෑගිදීම සදහා රිදී ඇදක්, රන් කඩුවක්, හා රන් ඔටුන්නක් සාදමින් සිටි ඇහැළේපොළ රජුගෙන් බිඳවීමට සිතා මොල්ලිගොඩ විසින් ඒ පුවත රජුට සැලකරන්නේ රජ වීමට මේවා සාදන බව දන්වමිනි. ඒ බව පිළිගන්නා මෝඩ රජු ඇහැළේපොළ හා වෛර බඳී. අනෙක් අතට ඇහැළේපොළ කුමාරිහාමිගේ රූපයෙන්ද වශීවන රජු ඇය තම වඟයට ගැනීමට බලයි. මේ කිසිවක් ඉටුකර ගත නොහැකි වී ඇය කෙරෙහිද වෛරයෙන් මොල්ලිගොඩගේ ඉගැන්නුම් බස් අසා ඇහැළේපොළ පවුල විනාශ කර දමයි. මේ අපේ සිංහලේ අවසානය සලකුණු කළ සිදු වීමක් වෙයි. මින් කෝපයට පත් ප්‍රභූන් සහ ඇහැළේපොළ රජු ඉවත් කිරීමට සුද්දන් හා එක වෙයි. මොල්ලිගොඩ වැනි පුද්ගලික අභිමතාර්ථ නිසා ජාතිය පාවා දෙන ද්‍රෝහීන් නිසා සුද්දන් මෙරට රජය ලෙහෙසියෙන් පැහැර ගනී.
විමලානන්ද තෙන්නකෝන් මහතාගේ ග්‍රන්ථයේ තුන්වන කොටසෙහි 383 පිටුව බලන්න.
අනෙක මේ මොල්ලිගොඩ ඇහැළේපොළ රජ හා මිත්‍රවීමට සිතා එවන ලිපිය පැහැරගෙන ඒ වෙනුවට රජුට බැණවදිමින් ලිපියක් සකසා හොරට අත්සනක් ගසා රජුට ඉදිරිපත් කරයි. මින් කිපෙන රජු තම පුද්ගලික වෛරයද නිසා කුමාරිහාමි ඇතුළු මුළු පවුලම වධයට කැප කරයි.
මෙතැන හොර අත්සන් ගැසීමේ අතීතයක් ඇත්තෙක් ඔබට පෙනෙනවාද?
මා සිතන පිළිවෙළට මේ සියලුම අවුල් ඇති කළ කීපදෙනාගෙන් කෙනෙකි. මොල්ලිගොඩ නිලමේ වරයා.
ලිවීමට බොහෝ දේ ඇතත් මින් නැවතීමට සිතමි. තවත් මගේ උපකල්පන කීපයක්ම ඇත. ඒවා සහ මේ ආශ්‍රිත විශේෂ සිදුවීම කීපයක් තවත් ඇතත් දැනට ඉතා දිගු වී මාගලක් වී ඇති ලිපිය මේ කෙටි අදහසින් නවතමි.
ඔබ දන්නවාද මේ ගිවිසුම අත්සන් කර වර්ෂ තුනක් පමණ ගිය තැන සිංහලේ නිදහස වෙනුවෙන් මේ අත්සන් කළා යැයි කියනා නායකයින්ම දිවි පරදුවට තබා සටන් කර තම දිවි මේ බිම වෙත ජූජා කළ වග.
මොනරවිල කැප්පෙටිපොළ නායකත්වයෙන් සටන් වැදුනද, මිල්ලව නම් දූරදර්ශී අති ගෞරවණීය නායකයා ඉතාම කෙටි කලකින් ඉංග්‍රීසින්ට හසු වී මරණ දඩුවමට නියම වුවත් ඔහුගේ පාණ්ඩිත්‍යයට ගරුකළ සතුරන් ගල්කිස්සේ නිවාස අඩස්සියේ තබා තිබූ බව. ඊට අමතරව කැප්පෙටිපොළ සහ පිළිමතලාවේ සහ අනෙක් සියලුම නායකයන් ප්‍රදේශීය නායකත්වයද සමඟ දිවි අහිමි කරවීම හෝ රටින් පිටුවහල් කිරීමට බඳුන් වූ වග.
මගේ අදහස නම් මේ වන්නට ඇත්තේ නියම ගිවිසුම මේ එකක්වත් නොවන නිසාත් ඒ අපේ නායකයන් අත තිබූ නිසාත් ඉන් උඩරටට ඔවුන්ගේ අයිතියක් නැතිබව හෙළිවන නිසාත්ය.
මේ ලිපිය සම්පූර්ණ වීමට නම් මොල්ලිගොඩගේ ඉරණම ගැනත් යමක් ලිවිය යුතුය. ඔහු 18 කැරැල්ල නිර්දය ලෙස මැඬපැවැත්වීම සදහා ඉංග්‍රීසීන්ට නොයෙක් ලෙස උදව් වුණි. ඒ සදහා ඔහුට ලැබුණු තාන්න මාන්න බොහෝය. නමුත් තම පරපුර ඔහුගෙන්ම අවසන් විය. එනම් ඔහුගේ එකම පුතණුවන් අධික බීමට ඇබ්බැහි වී අකාලයේ ජීවිතයෙන් සමුගත් නිසාය. කෙතරම් දේ කළත් අවසන අනෙක් ප්‍රභූන්ගේ ඉරණමට නොදෙවෙනි ඉරණමක් ඔහුටද අත්විය. ඒ අපේ ජාතියේ මහා ඛේදවාචකය ඉදිරියෙන් ඉදිරියට ගෙන යාමට මහත්ම පිටුබලයක් විය. ඔබත් මාත් අසරණය.
අනේ කූබියනේ තොපටත් රජෙක් ඉන්නේ......
මේ ගිවිසුම නිසා අපට කිසිම රටකට නොවූ ලෙස වීරෝදාර නායකයන් ගණනාවක් අහිමි විය.
එහි ප්‍රතිඵල අදත් අප භුක්ති විඳිමින් සිටිනවා නේද???
මේ ගැන ඔබ දන්නා යමක් ඇතොත් එක් කරන මෙන් ඉල්ලා සිටිමි. කෙදිනක හෝ මේ ගැන යම් පියවරක් ගැනීමට මගේ සිතේ අදහසක් ඇත. ඔබගේ ආශීර්වාදය පතමි.
ඇසුරු කළ තැන්.
සිංහලේ සටන්, දයාවංශ ජයකොඩි.
කොඩ්‍රින්ටන් සටහන්.
ඩොයිලිගේ දිනපොත් සටහන්.
උඩරට මහ කැරැල්ල විමලානන්ද තෙන්නකෝන්.
උඩරට ගිවිසුම සම්බන්ධ නුවර එළියේ හේමපාල, මිරැන්ඩෝ ඔබේසේකර, ලලිත් ගුණවර්ධනයන්ගේ ලිපි.
ඇතුළු පුවත් පත් ලිපි විශාල ගණනක් මෙහිදී පරිශීලනය කළා.
දිවයින බදාදා අතිරේකවල සඳහන් කරුණු විශාල වශයෙන් ප්‍රයෝජනයට ගත්තා.
මා මහනුවර රාජකාරී කළ සමයේ එහි මා සමග වැඩකළ මාගේ රියදුරු සෙනෙවිරත්නයන් සහ අපේ ගිණුම් ලිපිකරු ආතාවුද මහතාවද මෙහිදී සිහිපත් කරමි.
(මේ සියලුම ලිපි ලේඛන මා සතුය. )
Subscribe to:
Post Comments (Atom)
ඉතාමත් වැදගත් ලිපියක්. ඒ වගේම ඉතිහාසයේ ගොඩක් සැක මුසු තැනක් හාරාවුස්සපු ලිපියක්. මොල්ලිගොඩගේ පරපුර අවසන්වුවා යයි කීවද මේ වාසගම මම කොතැනක හෝ මෑත ඉතිහාසයේ දැක තියනව. මම ඒ ගැනත් හොයල බලල ඔබතුමාට දැනුම් දෙන්නම්. මොනරවිල දිශාවෙගේ අත්සන මටත් මතකයි. ශ්‍රී දළදා මාලිගාවේ අලුත් මාලිගාවේ තියන ගිවිසුම් පිටපතේ අත්සන තියෙන්නේ නිකම්ම නිකම් නමක් විදියට.
ReplyDeleteබොහෝම ස්තුතියි. ඔව් මෙතැන හොරකමක් කෙසේ හෝ සිදු වී තිබෙනවා. එයයි හෙළිකරගත යුතු වන්නේ.
Delete//වෛරයෙන් මොල්ලිගොඩගේ ඉගැන්නුම් බස් අසා ඇහැළේපොළ පවුල විනාශ කර දමයි. මේ අපේ සිංහලේ අවසානය සලකුණු කළ සිදු වීමක් වෙයි. මින් කෝපයට පත් ප්‍රභූන් සහ ඇහැළේපොළ රජු ඉවත් කිරීමට සුද්දන් හා එක වෙයි. මොල්ලිගොඩ වැනි පුද්ගලික අභිමතාර්ථ නිසා ජාතිය පාවා දෙන ද්‍රෝහීන් නිසා සුද්දන් මෙරට රජය ලෙහෙසියෙන් පැහැර ගනී//
ReplyDeleteමෙන්න සාරාංශය...සිංගල ලේවල ඇති පාවා දීමත් ක්‍රමන්ත්‍රන කිරිමේ ගුනයත් හොඳ හැටි පෙනෙන අවස්තාවක්....අපේ උන්ම අපිට කෙලින කොට කොහේද ජාතියේ නැගිටිමක් සිද්දවෙන්නේ...
මගේ අදහස වන්නේ අපි කාටත් මෙහෙමයි. මොන ජාතියෙත් ඔවැනි දේ තිබෙනවා. නමුත් ඔබටත් මටත් ඇති ප්‍රශ්නය මේවා අපි නිදහස ලබල මෙතරම් කලක් ගොස් වත් නිරවුල් නොවීම. ඒ ගැනත් මගේ යම් යම් අදහස් තිබෙනවා. අපි බලමු දිනක ඒ ගැනත් කතා කරන්න.
Deleteඉතාම වටිනා දුර්ලබ ලිපියක්..... මට හිතෙන්නේ බ්‍රිතාන්‍ය අධිකාරින් මොල්ලිගොඩ සමඟ එකතුව අනෙක් නිළමේවරුන් ප්‍රාන ඇපයට ගෙන අත්සන් කිරිමක් විය හැක, සමහර විට මෙය දෙමළ භාෂාවෙන් අත්සන් කලේ ගිවිසුම රැවටිමට වියහැක(සිංහල අත්සන් යෙදුවහොත් නිත්‍යානුකුල වන නිසා ඔවුන් කවදා හො මෙම ලියවිල්ල බොරුවක් බව ඔප්පුකිරිමට දෙමළ භාෂාවෙන් අත්සන යොදන්න ඇති)
ReplyDeleteඔව් එසේත් විය හැකියි. නමුත් මගේ අදහස මේ දෙවැනි ගිවිසුමක්. මේක තනිකරම මොල්ලිගොඩ සහ ඩොයිලිගේ ගැටයක්. නමුත් නියම ගිවිසුමක් කොහේ හෝ ඇති. නැත්නම් තිබෙන්නට ඇති. මම එය ගැණයි තැවෙන්නේ. මට දුකයි මගේ විෂය පුරාවිද්‍යාව නොවුන එක ගැන. මා විවාහ වී නොසිටියානම් මම ඒ ගැන වෙහෙසෙනවා. නමුත් පළමු ගිවිසුමක් තිබෙන්නට ඇති. එය යුද්ධයට කලින් එනම් රාජසිංහ යටත් කර ගැනීමට කලින් ඇති වූවක් විය යුතුයි.
Deleteමාර්තු දෙවනිදා වෙන්න ඇත්තේ එය කියවීම පමණයි. නමුත් දෙවනි ගිවිසුම පසුව සාදා එය වෙනම පළමු එක වෙනුවට තබන්නට ඇති යන්න මගේ මතයයි.
@ Kushi
Deleteඑකල දෙමළ භාෂාවෙන් අත්සන් කිරීම අද බොහෝ දෙනා ඉංග්‍රීසි භාෂාවෙන් අත්සන් කිරීමට සමානයි. උඩරට සමයේදී දෙමළ භාෂාවට ලොකු පිළිගැනීමක් ලැබුණාත් සමඟ එවන්න වූ බවටත් අදහසක් පළවී තිබෙනවා
@ කෙදිනක හෝ මේ ගැන යම් පියවරක් ගැනීමට මගේ සිතේ අදහසක් ඇත. ඔබගේ ආශීර්වාදය පතමි - ඒ වෙනුවෙන් මට ද කළ හැකි යමක් වේ නම් එය නොපැකිල ඉටු කරමි.
ReplyDeleteප.ලි - ඇහැලේපොල කුමාරිහාමි ගැන කියූ දේ දැක්කම මට මතක් උනේ බද්‍රජි මහින්ද ජයතිලක ලියූ "උලමා ගේ රාත්‍රිය".(ඒක නම් සාහිත්‍ය නිර්මාණයක්)
ඔව් මට බැරි වුවොත් කවුරු හෝ එය කළ යුතුයි. ඒ නිසයි මා සොයා ගන්නා දේ මෙසේ බෙදා දෙන්නේ.
Deleteමෙවන් ලිපි පලකිරීම ගැන ස්තූතියි...
ReplyDeleteඔබට ස්තුතියි.
Deleteපළමුව මෙවන් ලිපියක් පළකිරීම ගැන ඔබට ස්තුතියි. මෙය මම අපගේ ඉතිහාසය ඉගැනීම ඇරඹු කල පටන් විශ්වාස කල අදසකි. එකම අදහස් දරණ පුද්ගලයක් ලෙස ඔබගේ මෙම වෑයම ඉතා අගය කරමි. තව දුරත් මේ පිලිබඳ කටයතු කරන මෙන් ඉල්ලා සිටිමි. හැකි උවහොත් අනාගතයේ දවසක හමු වෙමු.
ReplyDeleteLA
ඔබට ස්තුතියි. ස්තිරවම අපි හමු වී කෙදිනක හෝ මෙය සනාථ කරමු. අපේ මැරුණු විරුවන්ගේ ආත්මයට සැනසීමක් ලබාදෙමු.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteවටිනා විස්තරයක්!!!
ReplyDeleteමුලු විස්තරයම නැවත වරක් කියවලා එන්නම් කමෙන්ට් කරන්ට. මැරුනු අයට අපහාස කරන්ට එපා කීව එක නම් ලොකු දෙයක්!!!
හොදයි, හොදයි ආයිත් එන්නකෝ...
Deleteවෙද මහත්තයෝ , මේ කොටස් දෙකම බොහොම පරිස්සමෙන් කියෙව්වා. ලිපියේ වටිනාකම ගැන ආයේ කියන්න ඕනේ නෑනේ .
ReplyDeleteමම මේ වගේ ලිපිවලට අදහස් පල කරන්නේ බොහොම පරිස්සමෙන් . ඒ ඇයි කියල මගේ බ්ලොග් එක බැලුවොත් හිත ගන්න පුළුවන් වෙයි. කෙතරම් සමබරව මෙවැනි දේ ගැන ලියුවත්, කියුවත් , යටින් අත්සන් කල සැනින් මගේ ලියමන පිලිබදව සැකයක් ඇති වීම සාධාරණයි. නමුත් මම මම මගේ අදහස් සාධාරණීය කරන්නට යන්නේ නෑ
පො.කු. ලියපු ඇහැලේපොල කුමාරිහාමි ගේ කතාවත් , වෙද මහත්තයාගේ පලවෙනි ලිපියත් කියවලා, බොහොම අමාරුවෙන් මොකුත් නොලිය හිටියේ, හැබැයි මෙච්චර ලඟටම ආවම , නොලිය ඉන්නේ කොහොමද?
නොදත් දේ ඉගෙන ගත්තා . ඔබතුමාගේ අදහස් ගැනත් හුගක් දුරට එකග වෙනවා . විශේෂයෙන්ම මොල්ලිගොඩගේ භූමිකාව ගැන.
ඇහැලේපොලට අන්තිම කාලයේ ආරක්ෂා කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුනේ නෑ . ඔබ දක්වා ඇති සැක සහිත තැන් ද සලකා බැලු විට...ඔබ ගෙන එන ඒ තර්කයද හරි යයි සිතේ
හැබැයි කන්නසමිගේ පියා ගැන නම් මම වෙනස් කතාවකුත් අහල තියෙනවා . මම අහල තියෙන විදියට නම් , කන්නසාමිගේ මව මහා පිලිමතලව්වේ සමග ඇසුරක් තිබු මුත් ඒ වන විට කන්නසාමි කොලු ගැටයෙක්. කීර්ති ශ්‍රී රාජ සිංහ (?) රජ තුමාද ඒ නිවසට ආ ගිය අතර , කන්නසාමි ඔහුගේ පුතෙක් යයි ද කියෙනවා . එක ජනප්‍රවාදයකට අනුව (මම අසා හා කියවා ඇති) රජුව මරන්නට පිළිමතලව්වේ යොදා ගන්නෙත් කන්නසාමිව .
පසු කලෙක පිළිමතලව්වේ ඔහුගේ දියණියක් ශ්‍රී වික්‍රම රාජසිංහගේ ගේ අන්තපුරයට පවා යවන්නේ , යකඩ දෝලියකට දාව ලැබුණු දරුවෙක් හරහා හෝ මතු දිනයක සිංහල (ජාතිය නොව , රට යන අර්ථයෙනි) රජ වංශයක් ඇති කිරීමටද කියා මට වෙලාවකට හිතෙනවා .
මට හිතෙන්නේ නම් ඔහුගේ ජීවිත කාලයේදී තමන්ට රජවීමට බැරි බව සහ තම පුතා සටන්කාමි වුවද , රජ කමට සුදුසු ගති පැවතුම් හෝ (රදල හා ජන ) පිළිගැනීමක් නොමැති බව පිළිමතලව්වේ දැන සිටි බවයි. ඒ නිසා තම බෑණනුවන්ව රජ වාසලේ ඉදිරියට ගෙන එනවා . සේනා රැස් කිරීමේදී ඉතා වැදගත් වූ සබරගමුවේ දිසාවේ ලෙස ඔහු ස්ථාපිත වන්නේ අහම්බෙන්ද?
ඉතා සූක්ෂම කපටි බුද්ධියක් තිබුන මහා පිළිමතලව්වේ , අවසානයේදී සිංහලයන් (විශේෂයෙන් රදලයන් ) අත නොගසන අන්තිම දේටත් අත ගසනවා . රජෙකු මැරවීම . නමුත් ඒ අන්තිම අවදානම් සහිත උප්පරවැට්ටිය වරදිනවා , ඔහු ගේ හිස ගස දමනවා . ඔහු ඔය කියන තරම් ද්‍රෝහියෙක්ද යන පැනය ඉදිරියේ මම තවමත් වික්ෂිප්ත වෙමි.
ඔහුගෙන් රජු ඇසු අන්තිම පැනය සහ ඊට දුන් පිළිතුර ඔබ දන්නවද?
නමුත් ඉතිහාසය කියන්නේ කතාවක් නෙමෙයිනේ , අපි කතාකරන්නේ මිනිස්සු ගැන නේ . ඒ හිත් වල මොනවා තිබ්බද කියලා කව්ද දන්නේ ?
කොහොම හරි සුද්ද ඉතින් හතලිස් අටේ යන්න ගියානේ , ඊට පස්සේ අපි ?
ඔක්ස්ෆෙර්ඩ් විශව විද්‍යාලයෙන් උගත් , නොම්බර එකේ නූල් සුත්තර කාර ඩොයිලිගේ සොහොන දළදා මැදුර ආසන්නයේම තියාගෙන ඉන්න අපි , රට වෙනුවෙන් සටන් වැදුණු ඇහෙලේපොලගේ සොහොන බලාගැනීම මරුසි දිවයිනට බාරදී ඇත්තෙමු . ඔහුගේ වලව්ව , සිපිරි ගෙයක් කර ඇත්තෙමු . මෑත ඉතිහාසයේ කොටින් ත්‍රස්තවාදීන්ද නැතිනම් නිදහස් අරගලකාමින්දැයි මත අරගල කරන අපි , තවමත් 1818 නිදහස් සටන "කැරැල්ලක්' යයි හදුන්වමු.
සුද්දා අපිට කියා දුන් ඉතිහාසයම ඉගෙනගනිමින් , ඊට අනුකූල නොවන ජනප්‍රවාද , කවි , ලේඛන පිළිගැනීමට සාධක ලැබෙන තුරු බල සිටින්නෙමු.
අඩුම වශයෙන් 1815 ගිවිසුමෙන්, 1818 න් පසු , හිස ගසා දැමුණු , පිටුවහල් කෙරුණු , ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසුණු , සියලු වත්කම් අහිමි වී , ජීවත් වෙන්නට තම වාසගම පවා වෙනස් කිරීමට සිදුවුනු , ඇහැලෙපොලලාට , මොනරවිලලාට , කපුවත්තේලාට , අපි අපේ ආකල්ප වලින්වත් සාධාරණයක් සිදු කලොත් ඒ ඇති මම හිතන්නේ
ප්‍රිය මිත්‍රය ඔබට මගේ ප්‍රණාමය . හෙට උදේම මේවාට පිළිතුරුබඳින්නට සිතා සිටියත් ඔබේ කමෙන්ටුව ඒ සියල්ල වෙනස් කළා. ඔබ හා එකඟයි. ඔය කතාවත් මා අසා තිබෙනවා. පිළිමතලාවේ කන්නසාමිට මුගුරක් දී කීර්ති ශ්‍රී රාජසිංහ එන මඟ නුග ගසක් සෙවනේ තැබුවාලු. මහරෑක. රජු තම අක්කණ්ඩිය බලන්න ගොස් එනවිට කන්නසාමි පොල්ලෙන් ගසා මැරුවාලු. පිළිමතලාවේ එය රජු අසුගෙන් වැටී මිය ගියැයි පතල කළාලු. මම ඒ අසා තිබෙනවා. මොල්ලිගොඩ ගැනත් මහා තොරතුරු තිබෙනවා. මට දුක මේවා අනාගතයට ගෙනියන්න කවුරුත් නැති වන එක. ඒ නිසයි මෙහෙම ලියන්න හිතිවේ. මට එතරම් කාලය ඇති කෙනෙක් නොවෙයි. නමුත් කෙසේ හෝ ලියා තබනවා.
ReplyDeleteඅනික මට හිතෙනවා අපි මහා ප්‍රෝඩාවකට හසු වී ඇති බව. අපට මානව ධර්ම උගන්වන්නට එන අයගේ පැටිකිරිය මෙහෙමයි. ඒත් මම සුද්දට බනින්නේ නැහැ. අපි මේ අවුරුදු 60 ගනනේ කුමක්ද කළේ. මගේ ප්‍රශ්නය එයයි. නිවැරදි කළ යුතු එයයි. සත්‍ය කවද අහෝ එළිය ගැනීමයි මගේ අරමුණ. ඔබට ස්තුටියි.
ඉතිහාසය , විශේෂයෙන් මේ යුගය මගේ ප්‍රියතම විෂයන් . අතට අහු වෙන හැම ලිපියක්ම කියවන්නට උත්සහ කරන අතර ඒ ගැන ලියවුන පොත්ද එකතු කරමි. ඔබට අසුවූ හොඳ පොත් ඇත්තනම් කරුණාකර පුළුවන් නම් මෙහි ලියන්න . . අනික ඔබට මිඩංගු කල හැකි වෙලාවේ හැකි කමක් තිබේ නම් දිගටම ලියන්න , මේ කතිකාව මෙහෙම අන්තර්ජාලයෙවත් කරමු. අපේ දේ ගැන අපි කතා නොකරනවානම් කවුරු කතා කරන්නද ?
Deleteමම ගිහින් තියෙනවා ඔය ගැරිසන් සුසාන භූමියට නුවර . එහි තියෙන ගොඩක් සොහොන් ලාබාල වයසින් මැරුණු ඉංග්‍රීසි ගෑනු සහ ළමයි, මැලේරියාව කියලයි කියන්නේ . ඉතින් ඒ තරම් දුක් වින්ද ගෙන . මාස ගණන් නැවක හිර වෙලා මෙහෙ ආපු සුද්දෝ , මීය කඩන්නේ අත ලෙවකන්න නෙමෙයිනේ . ඩොයලිට හොඳට සිංහල කතා කරන්න ලියන්න පුළුවන් . මාතර පන්සලක ඉගෙනගෙන තියෙන්නේ . මේ ගැටේ දීර්ග කාලීනව සැලසුම් කරපු එකක් .
අපේ නිදහස් සටන 1815 ට ඉස්සෙල්ල පටන් අරන් තිබ්බ බවයි මට හිතෙන්නේ . 1815 පස්සේ එයට රදල නායකත්වය ලැබුනා. හැබැයි අපිට 1818 දී අර මතුඋන රජකමට උරුමකම් කියපු එක කෙනෙක් හරි ඉස්සරහට ගෙනියන්න පුළුවන් උනා නම් (මිල්ලාවේ එහෙම කෙනෙක් නේද?) , අපි මීට වඩා වෙනස් ඉතිහාසයක් ගැන කියන්න ඉඩ තිබ්බද කියලත් හිතෙනවා .
කොහේදෝ කියවපු කවි පේළියක තිබ්බ මතකයි ඇහැලේපොල ගල්කිස්ස (පිටුවහල් කරනකන් රඳවාගෙන සිටි ) වෙරළේ ඇවිද යනවා විස්තරයක් , ඉබාගාතේ , ඔලුවේ මහා බරක්, බිමටම නැවිලා . මට මැවී පෙනෙනවා
නිර්දෝෂී මිනිසෙක්ට කළ විනාශයක තරම. මටත් එවැනි දේ සිහි වී තෙබෙනවා. මම නුවර ඉන්න කාලේ ගුඩ්ෂෙඩ් පැත්තට පයින් යනවා. කොලුකාලේ නමුත් හිතට එන්නේ මහා දුකක්. මම මේ ඇවිද යන බිම කොතැන හෝ ඇහැලේපොල කුමාරිහාමි ගිලී මිය යන්නට ඇතැයි එවිට මට සිතෙනවා. මා දන්නා පමණින් දුම් රිය පල ආසන්නයේ සිට ගිඩ්ෂෙඩ් ඇත්තට මාලිගාව තෙක් කලින් තිබී ඇත්තේ බෝගම්බර වැව. වැව් තෙර ඇහැලේපොල මාළිගය. අද හිරගේ. බලන්න මට නුවරට එනවිට කවදාවත් මේ සිද්ධිය අමතක වෙන්නේ නැහැ. සිත බර වී යනවා.......
DeleteTissa Abesekara wrote a historical story based on the last days of Sri Wickrama Rajasinghe.
DeletePlease read - IN MY KINGDOM OF THE SUN AND THE HOLY PEAK.
Published by Vijitha Yapa.
There are three stories here. All excellent.
@ JP
Delete"කන්නසමිගේ පියා ගැන නම් මම වෙනස් කතාවකුත් අහල තියෙනවා . මම අහල තියෙන විදියට නම් , කන්නසාමිගේ මව මහා පිලිමතලව්වේ සමග ඇසුරක් තිබු මුත් ඒ වන විට කන්නසාමි කොලු ගැටයෙක්. කීර්ති ශ්‍රී රාජ සිංහ (?) රජ තුමාද ඒ නිවසට ආ ගිය අතර , කන්නසාමි ඔහුගේ පුතෙක් යයි ද කියෙනවා"
මේ සිද්ධියට අදාළ රජතුමා කීර්ති ශ්‍රී රාජසිංහ නොවෙයි රාජාධිරාජසිංහ. රාජාධිරාජසිංහට පසුව නොවැ කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවෙන්නේ.
මෙතැන සැඟවුණු කතාව විදිහට තියෙන්නේ රාජාධිරාජසිංහ තමන්ගේ අග බිසවගේ සොයුරියක් එක්ක අනියම් සබඳතාවක් පවත්වද්දී පිළිමතලාවේ අධිකාරම්ද ඒ කුමරියත් එක්ක සබඳතාවක් පැවැත්වීම.
ඒ කුමරියගේ පුතා වුණු කන්නසාමිගේ පියා තමන් බව රජතුමා සිතා සිටියත් පියා වෙන්නේ පිළිමතලාවේ...
අවසානයේදීයි රජුගේම මඟුල් කඩුවෙන් කන්නසාමි රාජාධිරාජසිංහ මරා දමන්නේ. පස්සේ පිළිමතලාවේගේ මූලිකත්වයෙන් නායක්කර් සිරිත වුණු රජුට දරුවන් නොමැති නම් රජුගේ
අග මෙහෙසියගේ සොයුරා රජ කරවීම වෙනුවට [අග බිසවගේ සොයුරා මුත්තුසාමි] කන්නසාමිව රජ කරවන්නේ
"මහා පිළිමතලව්වේ , අවසානයේදී සිංහලයන් (විශේෂයෙන් රදලයන් ) අත නොගසන අන්තිම දේටත් අත ගසනවා . රජෙකු මැරවීම"
ශ්‍රී වික්‍රම රාජසිංහ ඝාතනයට පිළිමතලාවේ කුමන්ත්‍රණය කිරීම රදළයන් රජු මැරවීමට කළ මුල්ම කුමන්ත්‍රණය නෙමේ. ඊට පෙර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මැරවීමටත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු මැරවීමටත් රදළයන් කුමන්ත්‍රනය කරලා තිබෙනවා. ඒවාත් මේ ආකාරයෙන්ම ව්‍යර්ථ වුණා
@ වෙද ගෙදර මහ වෙදනා
Delete"අපේ නිදහස් සටන 1815 ට ඉස්සෙල්ල පටන් අරන් තිබ්බ බවයි මට හිතෙන්නේ . 1815 පස්සේ එයට රදල නායකත්වය ලැබුනා. හැබැයි අපිට 1818 දී අර මතුඋන රජකමට උරුමකම් කියපු එක කෙනෙක් හරි ඉස්සරහට ගෙනියන්න පුළුවන් උනා නම්...."
මට මතක විදිහට 1818 රජු ලෙස මතුවුණු විල්බාවේ අන්තිම රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහගේ සොයුරෙක් ලෙස දැක්වුවත් අන්තිමට උඩ ගබඩා නිලමේ මඩුගල්ලේ විසින් විල්බාවේ රජුගේ සොයුරෙක් නොවන බවත් සිවුරු හළ අයෙක් බවත් හෙළිකරගැනීමත් එක්ක තමා ක්‍රමයෙන් ඔහු වට සිටි පිරිස ඔහුව හැරයන්නේ
බොහොම ස්තුතියි ඔබතුමන් මේ කරන "සේවයට". අපි දකින අතීතයත්, වර්තමානයත්, බොහෝ විට අනාගතයත් සත්‍යය විකෘති කල දේ. සමහර විට අද අපි දකින දේශ ප්‍රේමීනුත්, දේශ ද්‍රෝහීනුත් මෙහෙයවන්නේ පිරිසක් වෙන්න පුළුවන්.මම එහෙම කිව්වේ අපි දකින නොදකින් සෑම දෙයක් පිටිපස්සෙම එදත් අදත් කුමන්ත්‍රණ තියෙන නිසා.වංචාව හා පාවාදීම අපේ නිදන්ගත ගති. ඔය බොරු වැඩ පටන් ගන්නේ මීට අවුරුදු දහස් ගණනකට කලින් නේ.
ReplyDeleteමම උඩරට ගිවිසුමේ පිටපතත් දැක්කේ මීට අවුරුදු 15කට කලින්.මගේ ගුරුවරයෙක් ළඟ එය තිබුනේ.
ඇහැලේපොළ නිළමේතුමාගේ රත්නපුර නිවස තවම තියෙනවා. කෞතුකාගාරය පිහිටුවලා තියෙන්නේ එතන. රත්නපුර නගරයට එන කෙනෙකුට ලෙහෙසියෙන්ම ගිහින් බලන්න පුළුවන්.
තව දෙයක් අපට මේ ගිවිසුම, නීතියෙන් අභියෝගයට ලක් කරන්න පුලුවන්ද ? ලංකාවේ හෝ බ්‍රිතාන්‍යයේ ? ලබා ගන්න පුළුවන් වැදගත්ම දේ වංචාව හෙළිදරවු කිරීම.. (සමා වෙන්න, නීති විෂය ගැන මම එතරම් දන්නේ නැහැ )
ReplyDeleteමා ගොස් තිබෙනවා. එය මගේ හිතට මහා දුකක් දැනුණු දිනක්. නැවත යන්නේ නැහැ. අපි බලමු අපේ මට්ටමෙන් යමක් කරන්න. මටත් හිතේ තිබෙනවා යම් නඩු කටයුත්තකට යා හැකිදැයි මාත් සොයා බලමින් සිටින්නේ. වෙන දේකට නෙමෙයි. මේ මිනිසුන්ගේ ආත්ම වලට සැනසීම ලබා දෙන්න. මෙතැන වැරදි අපි නිදහසින් පසු අවි හැට ගණනක් අපි පොල් ගෑවද....?
Delete"නිදහසින් පසු අවි හැට ගණනක් අපි පොල් ගෑවද....?"
Deleteසැබවින්ම අපට 1948 නිදහස ලැබුනේ යයි කීම මම පිළිගන්නේ නැත. 1972 වන තුරු අපගේ "රජ" ලෙස පිළිගනු ලැබුවේ එංගලන්තයේ රජය. නිදහසින් පසු ලැබූ විවස්ථාව වෙනස් කිරීමට අප උත්සාහ නොගත් බව හා උවමනාවෙන්ම මගහල බව මගේ හැගීමයි. තවමත් අප ඔවුන්ට අවැසි තේ, ඇඟලුම්, කම්කරු සේවා සපයන ඔවුන්ගේම රුකඩ පාලකයන් සිටින කොලිනියකි. කණගාටුවෙන් උවද මේ තත්වය ඇතැයි මම ඉතා තදින් විශ්වාස කරමි.
LA
මම 18 කැරැල්ලෙන් පස්සේ නැගෙනහිරට පසුබැස්ස සිංහලයෝ ගැන පර්යේශණයක් කලා.ඒ මිනිස්සුන්ගෙන් පැවත එන සිංහලයෝ අදටත් උඩරට වාසගමක් පාවිච්චි කරන්නේ නෑ... ඒ කාලේ ජීවිතය ගලවා ගන්න වාසගම් අයින් කරපු බව කියනවා..ඉතාම ඛේදනීය විදිහට ඝාතනයට ලක් කරපු රාජ ලේ උරුමය ඇති අය පමණක් නෙවෙයි ඒ හා සම්බන්ධ වුනු බහුතරයකට අත්වුනේ ඛේදනීය උරුමයක්.. ඒකේ වගකීම වැඩිහරියක් ගන්න ඕන පාවා දීම් වලට උපතින් සමත් අපේ අයමයි..මම හිතන්නේ කුමාරිහාමි ඇතුලු පවුල ඝාතනය කරන්න අණ දෙනකොට ඒකට විරුද්ධ වෙන්න අමානුෂික ඝාතනයක් කියලා කියන්න , හරි වැරැද්ද පෙන්නලා දෙන්න කෙනෙක් නොහිටිය එක මහා විහිළුවක් කියලයි.. තෙන්නකෝන් මහත්තයාගේ උඩරට කැරැල්ල කියවද්දි දැනෙන සංවේගය අප්‍රමාණයි...මහා වෙදනාට මේ වැඩේ ට නම් බොහෝම පිං...
ReplyDeleteඔව් මනෝරි මම දන්නවා ඔබගේ පර්යේෂන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිද ඇති බව. කොහොමත් මම ඔබට කියන්නමයි හිටියේ නරකද බ්ලොග් එකක් පටන් ගත්තොත්. ඔබේ සහකරුත් අපිට වටින කෙනෙක්. ඒ නිසා මේ ගැන සිතා බලන්න. එවිට ඔබ කළ පර්යේෂන අනෙක් අයටත් භුක්ති විඳිය හැක.
Delete@ Manori Kularathne
Deleteපසුකාලීනව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් ඇහැළේපොළ පවුලේ ඝාතනයන් ගැන විමසද්දී රජු කියලා තියෙන්නේ "රාජද්‍රෝහී පවුල්වලට කළයුතු දඬුවම මම නිර්මානය කල එකක් නෙමෙයි. ඒක පාරම්පරිකව තිබුණු දෙයක්. මම කළේ නීතිය ක්‍රියාත්මක කිරීම පමණයි" කියලා
මම හැමදාමත් කියනවා වගේ මගේ එතිහස දැනුම අඩු වීම ගැන මම ගොඩාක් දුක් වෙනවා.
ReplyDeleteඒ අඩු දැනුම පොඩ්ඩකින් හරි වැඩි කර ගන්න ඔබ තුමාගේ මෙවැනි ලිපි හේතු වනු ඇති.
ඇත්තටම ඔබතුමන් වගේ ය එන්න එක ලොකු සතුටක්.
මම එහෙම කියන්නේ මේ ගැන දැනුම,කතා කිරීමට පුළුවන් කම තියෙද්දී කතා නොකර ඉන්න අය වැඩි නිසා.
ඔබතුමාගේ ලිපියට උනපුර්නයක් කර දිරිමත් කල නොහැකි වීම ගැන දුක්වෙනවා.
එත් මෙවැනි ලිපි දිගින් දිගටම ලිය සමාජය දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා.
ස්තුති ඔබට...
කිසි දේකට බිය වන්න එපා අපි මෙහෙම ඉගෙන ගනිමු. කෙදිනක හෝ ඔබ අපට වඩා අපේ ඉතිහාසය උගනීවි. දිරිදීම පිළිබඳ තුති.
Deleteලංකාවේ අවසන් රජවරු 4 දෙනාම සිංහලයන් නොවීම තුල රට වැටි තිබු තත්වයෙන් මුදවාගෙන රටට සිංහල රජ කෙනෙක් ලබා ගැනීම උදෙසා පිළිමතලව්වේ ඉතා උපායශීලිව කටයතු කල පුදගලයක් ලෙස මම සිතමි. එසේම ඔහුට රජ වීමේ අදහසක් නොතිබූ බව ඔහුගේ කටයතු සැලකීමේදී පැහැදිලි වේ. එසේ සැලකුවිට ඔහු සැබෑ විරුවෙකි. ඇහැලේපොල ද සිංහල රජ කෙනෙක් රටට ලබාදීමට (හෝ ඔහු රජ විමිට) කටයතු කලද ඔහු භාවිතා කල දුරනොදක්නා පියවර ඔහුත් රටත් විනාශය කරා රැගන යාමට හේතු වූ බව මම සිතමි. ඔහුට සිදුවූ බලවත් අසාධාරණය නිසා ඔහු "රටට සතුරු" වූ ඉංග්‍රීසින් ගෙන් උපකාර පැතීම හා ඉංග්‍රීසින් විශ්වාස කිරීම ඔහුගේ දුරනොදක්නා බව පෙන්නුම් කරන්නකි. රජු එලවා දැමීමට රටට සතුරු නොවූ රජුට විරුද්ධ කණ්ඩායමකින් සහය ගැනීම හෝ එවන් කණ්ඩායමකට සහයදීම ඔහු නොපෙළබිම ඔහුට සිදු වූ වරදිකි. තමාට වූ අසාධාරණය නිසා රටටම හානිදායක අවදානම් තීරණ ගැනීම නිසා සැබවින්ම ඔහුට රට ජාතිය පාවා දෙන අදසක් නොවුවද සිදුවී ඇත්තේ එයයි.
ReplyDeleteඒ කසේ වුවද 1815 දී ගිවිසුමක් මගින් සිදු කල රැවටීමට හෙළි කරගත හැකිනම් (එසේ රැවටු බව මම තදින් විශ්වාස කරමි) එය අපගේ විරුවන්ට අප කරන උතුම්ම උපහාරයයි !!!
LA
මගේ අදහසත් ඔබට බොහෝ සමානයි. කෙසේ හෝ අපි මේ ගැන යමක කළ යුතුමයි. පළමු ගිවිසුම සොයා ගැනීම හෝ මේ ගිවිසුම රැවටීමක් බව ඔප්පු කළ යුතුමයි. මා හෝ ඔබ හෝ වෙනකකු හෝ එය කළ යුතුමයි. කළ හැක්කෙක්ට මගේ පාර්ශ්වයෙන් සියළු දේ මම සපයමි.
Delete@ LA
Deleteමේ අවස්ථාවේදීත් වුණේ ඉඟුරු දී මිරිස් ගත්තා වැනි ක්‍රියාවක්. ඇහැලේපොල බලාපොරොත්තු වුණේ රජතුමා බලයෙන් පහ කරලා තමන් රජවෙන්න. නමුත් අන් රදළයන් එයට අකමැති වීම වගේම එවැන්නකට ඉංග්‍රිසීන්ද අකමැති වීමත් එක්ක ඔහුගේ බලාපොරොත්තු සුන් වුණා වගේම අවසානයේදී සිදුවුනේ තමන්ගේ මවු බීමෙනුත් ඈත රටක අවසන් හුස්ම හෙළන්න
ඔබගේ මෙම පැහැදිලි කිරිම් ගැන ස්තුති වන්ත වෙන අතර , මෙතෙක් කල් මේ කරුණු සම්බන්ධව අවධානය යොමු කර සිට ඇත්තේ කිප දෙනෙක් වීම පුදුමයට කරුණනක් .
ReplyDeleteමෙවැනි ලිපි මගින් සමාජය දැනුවත් කිරිම ඉතාමත් අගය කරනවා .
මටත් පුදුමයි ඒ ගැන. මම නම් පොඩි කාලෙම විශ්වාස කළේ නැහැ අපි එහෙම ලෙසියෙන් සටන අතහ්‍රින්න ඇති කියලා. මෙතැන වගේ රැවටීමක් ගැන හිත කොනක අදහසක් තිබ්බා. ඒ ගැන ලොකුවෙනකොට හෙව්වා. මට ඒ හරහා ලැබුණු දැනුම විශාලයි. කෙසේ හෝ මේවා එක දිනක දෙකක වැඩ නෙමෙයි. දීර්ඝ කාලයක් මිනිසුන් කීපදෙනෙක් කළ කැපකිරීම්වල ප්‍රතිඵල. මාත් එයට යම් ප්‍රමාණයකට දායක වූවා. මා ඒකෙන් තෘප්තිමත් නැහැ. මෙයට කළ යුත්ත මා විසින් කෙදිනක හෝ ඉටුකළ යුතුයි. එයට ඔබ වැනි මිතුරියනුත් මට අවශ්‍යයි.
ReplyDeleteඔබතුමා අනර්ඝව කරුණු දක්වා තිබෙනවා. මේ ලිපිය ගැන මගේ අදහස් මම හෙට එකතු කරන්නම්
ReplyDeleteමේ ලිපිය කියවනකන් මම දානං හිටියේ මේක පාවාදීමක් ය කියා.ඒත් අද දැනගත්තා වියාජ ලියවිල්ලක් විත්තිය.ඒත් අපේ තිබුණු අසමගිය එදත් අදවගේම වාසියට අරං තියෙනවා.තව විස්තර දැනගන්න ආසාවෙන් ඉන්නවා.
ReplyDeleteස්තුතියි.
මේක මම දැක්කේ විකිපීඩියාවෙන්.
ReplyDeleteබැලු බැල්මට ඔබතුමා කියපු ආකාරයේ අත්සන් වල වෙනසක් පේනවා.
http://upload.wikimedia.org/wikipedia/en/thumb/1/1b/Kandyan_Convention.jpg/622px-Kandyan_Convention.jpg
වටිනා ලිපියක් මා එතරම් ඉතිහාසය කියවීමට ප්‍රිය නොකලත්..ඒ පිළිබඳ කැමැත්තක් ඇති නමුත් බ්ලොග් නොකියවන මගේ යහළුවන් සමඟ මේ ලිපිය බෙදා හදා ගත්තා..ඔවුන් බොහෝ අයෙක් පැවසුවේත් මෙය හරවත් ලිපියක් බවත් ඔබගේ කරුනු පිළිබඳ එකඟ වන බවත්...
ReplyDeleteලිපිය වටිනව. ඒත් මගේ ඉතිහාස දැනුම මොටවෙලා තියෙන්නෙ. කොහොම උනත් මම විශ්වාස කරන ආකාරයට සුද්ද කල විනාශයට වැඩි විනාශයක් වෙලා තියෙන්නෙ 48න් පස්සෙ. අනේ ඒව ගැන පරීක්ෂණ පවත්වල දඩුවම් දෙන්න පුළුවන් කමක් අපට තිබුනනම්....
ReplyDeleteමේක නම් සුපිරිම ලියුමක්,,වෙද මහත්මයා ඇත්තටම මේ පරම්පරාවල් අද නැත්තටම නැති වෙලාද,1800 ගනන් කියන්නේ මහා ලොකු කාලයක් නෙමේ,තොරතුරු හංගගෙන ඉන්න මේ පරම්පරාවල් වල් වල මිනිස්සු නැති වෙන්න බෑ කීයටවත්,,කොටින්ම සුද්දන්ට සහය දුන් සිංහලේ මිනිස්සු ඉන්න පවුල් පවා තාම ඇති එයලා ලග වටිනා කියන ලිය කියවිලි තියෙන්න පුලුවන්,,සමහරවිට එංගලන්තේ පවා ගොඩක් දේවල් තියෙන්න පුලුවන්,, මේවා ගැන පර්යේශන කරපු අයට වැදගත් සාක්ශි එහෙම හමු වෙලා නෑද
ReplyDeleteලිපිය සහ සියළුම කොමෙන්ට් කියෙව්වා. ටිකක් විතර මොලේ කොලොප්පන් වුනත් ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන් බලා ඉන්නව.
ReplyDeleteබොහොම වටින ලිපියක් වෙද මහත්තයෝ .. මමත් ඉතින් ඉතිහාසය ගැන වැඩි දැනුමක් තිබ්බ කෙනෙක් නම් නෙවෙයි . ඒත් මේ ලිපියෙන් මම ගොඩක් දේ දැන ඉගන ගත්තා .
ReplyDeleteගිවිසුම බොරු එකක් බව කියන්න මේ තියන සාක්‍ෂි ටික වුණත් ප්‍රමානවත් ..ඔබගේ මේ ලිපිය නොවන්න මම කිසිම දාක මේ වගේ දෙයක් ගැන හිතන්නෙවත් නැතිවේවි .. ඒ වගේම මම කවදාකවත් හිතුවේ නෑ ඔයිතරම් පැරණි ලියකියවිලි තවමත් ආරක්‍ෂා වෙලා තියනවා කියලා .. මම දන්න කියන හැමෝම අතරේ මේ ලිපිය හුවමාරු කරන්නම් ..
ඒවගේම මේ ගැන තවත් විස්තර ඔබ ලියනතෙක් මම බලාන ඉන්නවා ..
වටිනා ලිපියක්.
ReplyDeleteඔබතුමාගේ මේ ලිපිය ඉතාමත් වටිනා කළාතුරකින් කියවන්නට ලැබෙන ආකාරයේ එකක්. නොදන්නා කරුණු ගොඩක් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි.
ReplyDeleteනොසිතූ තරම් කාලයක් ගතවුනා මෙය කියවා අවසන් කරන්න. උණුවතුර බෝතලේට තේ එකකුත් දාගෙන ආවානම් හොඳයි කියා හිතුනා...:D
ReplyDeleteහොඳින් ක්‍රමානුකූලව එකින් එක කරුණු දක්වා තිබෙනවා. මෙය කියවාගෙන යනවිට මට හිතුන දෙයක් සිංහලේ උසස් නිළධාරීන් තම නියම අත්සන් යොදා නැත්තේ මෙම ගිවිසුමට ඔවුන් අත්සන් කලේ වෙන කරන්න දෙයක් නැතිනිසා මිස කැමැත්තකින් නොවන නිසාදෝ යන සැකය.
කෙසේ නමුත් නොදන්නා කරුණු රැසක් දැනගත් පෝස්ට් එකක්. ගොඩක් ස්තූතියි වෙදනාට මෙවන් තොරතුරු ගේනවාට.
වෙද මහත්තයෝ....ඔබතුමා වටිනා කාලය මිඩංගු කරලා මේවගේ දෙයක් ගැන පරීක්ෂණ කරන එක මම බොහොම අගය කරනවා. ඔබ වගේ අය තමා අද රටට අවශ්යා. ඒත් මම කියන්න හදන් දේ ටිකක් වෙනස්. සමහරවිට ගොඩක් අය එකඟ නොවෙන්නත් ඉඩ තියෙනවා.
ReplyDeleteමම බටහිර ගැතියෙක්වත් NGO කාරයෙක්වත් නෙමේ. හොඳ සිංහල, වැඩිය පන්සල් නොගියත් යම් තරමකට හොඳ බෞද්ධයෙක්. ඒ˜වගේම මමත් ඉංග්රීඳසින්ට විරුද්දව සටන් කරලා මරුම්කාපු පරම්පරාවක කෙනෙක්. මගේ මීමුත්ත ඉංග්රී්සි ආණ්ඩුවට විරුද්දව කැරලි ගහපු වරදට මරණ දඬුවමට ලක්වුනා. නඩු විභාගයකින් පස්සේ වෙතියල මරල දැම්ම.
නමුත් වෙද මහත්තයෝ මම අද අවංකවම දුක් වෙනවා අපේ මිනිස්සු තමන්ගේ ජීවිත එහෙම නාස්තිකරගත්ත එක ගැන. තමන්ගේ ජීවිත කැපකරලා, ලේ හලලා අධිරාජ්යියක් එක්ක හැප්පිලා මේ රටට නිදහස අරන් දීල අපි කලේ විශාල වැරද්දක් කියල මටනම් දුකෙන් උනත් කියන්න තියෙන්නේ. අපේ පරපුරේ මිනිස්සු අන්තිම ලේ බින්දුවත් පොලවට හලලා රටේ බලය අරන්දුන්නේ මොක්කුන්ටද????
වැරදියට තේරුම් ගන්න එපා මම මේ එක දේසපාලන පක්ෂයකට බනිනවා කියල. මම මේ කියන්නේ 1948 ඉඳන් අද දක්වා හිටපු සිංහල බෞද්ධ කියල ලේබල් ගහගත්තු ආත්ම වංචනිකයෝ ළට.
අපේ ආගම ජාතිය ඇත්තටම විනාසකලේ අපේම ජාතික නායකයෝ මිසක් සුද්දෝ නෙමේ මහත්තයො. අපේ අය කලේ යන්න ගිය සුද්දගේ Account එකට හැම දෙයක්ම දාල තමන්ගේ කුණු වහගත්ත එක. මොකද Sure එකටම දන්නවනේ යන්න ගිය සුද්ද ඕවට උත්තර දෙන්න එන්නේ නැ කියල !
සුද්ද තේ රබර් පොල් වවල පිටරට යවල ලංකාවට සල්ලි ගෙනාව. එහෙම කරපු එවුන්ට අපි "පර සුද්දෝ' කියල අදටත් බනිනවා. හැබැ ඊටපස්සේ ආපු අපේ එවුන්
ඒ වතු ජනසතු කරනවා කියල තමන්ගේ හෙංචය්යන්ට පවරලා විනාසකලා. ඒක නිසා දැන් අපි අපේ ගෑනු අරාබියට පටවල සල්ලි හොයනවා. අපිව ඒ තත්වෙට ඇදල දාපු එවුන්ට අපි දේෂප්රේමී ජාතික නායකයෝ කියල වඳිනවා.
සුද්ද රට පුරා ඉස්කෝල හදල ඊට කලින් ඇති හැකි සුපිරිසකට විතරක් උරුමවෙලා තිබිච්ච අධ්යාදපනය දුප්පතාටත් ලබා දුන්න. ළමයින්ව ඉස්කෝලේ එවන්නේ නැති දෙමව්පියෝ හොයල නඩු දැම්ම...
ඒත් ඉතින් අපි පහුගිය කාලේ ඒ ඉස්කෝලවලින් සෑහෙන්න ගානක් සදහටම වහල දැම්ම !
සුද්ද රටට නීතියක් හදල දීල ඒක බොහෝදුරට සාධාරණ විදියට ක්රිනයාත්මක කෙරෙව්වා. අපි ඒක වෙනස්කරලා ප්රාදේශීය සභා මන්ත්රීලගෙන් ඉහල කට්ටියට එකකු අනිත් සාමාන්යේ මිනිස්සුන්ට එකකු වෙන විදියට නීති දෙකක්ම හැදුව !
සුද්ද පොලිස් දෙපාර්තමීන්තුවක් හදල ගවුරවනීය පොලිස් නිලධාරීන් පිරිසක් බිහිකලා. අපි ඊට පස්සේ උන්ව නිකන්ම නිකන් 'කොස්සෝ' රැලක් බවට පත්කලා !
සුද්ද දකුණු ආසියාවේ තිබුන ඉහලම කාර්යක්ෂම සිවිල් සේවය ලංකාවේ ඇතිකළා. නිදහසෙන් පස්සේ අපි දේසපාලන හෙන්චෝ දාල ඒක නැත්තටම නැති කළා.
සුද්ද හාමුදුරුවරුන්ට බුදුදහම රැකගෙන ඉන්න ඉඩ හදල දුන්න. අපි උන්නාන්සේලව දේසපාලනේට ගෙනල්ල හාමුදුරුවරු මිනිස්සුන්ගෙන් ගුටිකන තරම් පහල තත්වෙට අදාල දැම්ම. බලන්නකෝ අපී දේෂීය නායක උත්තමනන්ගේ ජාත්යාලේ නේද ?
සුද්ද පුරාවිද්යාබ දෙපාර්තමේන්තුවක් පිහිටවල අපේ පරණ බෞද්ධ නටබුන් , අපේ සිංහල ඉතිහාසය සංරක්ෂණය කළා. අපේ එවුන් ඒ බුදු පිළිම කඩලා නිදන් හෑරුව !
සුද්ද ගුරුවරයෙක් රස්සාවට ගන්න කලින් ඒ මනුස්සයාගේ පසුබිම, හැදියාව, දක්ෂකම වගේ හැමදෙයක්ම බොහොම පරිස්සමට හොයල බැලුව. අපේ එවුන් රජඋනාට පස්සේ ඕනෙම රස්තියාදුකාරයෙකුට ගුරු පත්වීම් දුන්න. එක්තරා ඈමතිතුමෙක් ගුරුවරියන්ට තානායම්වලදීම පත්වීමේ ලිපි දුන්න කියලත් මමනම් අහල තියෙනවා. අද ඉතින් එහෙව් ගුරුවරු හරහා අනාගත පරම්පරාවට වෙලා තියෙන හානිය මම කියන්න ඕනේ නෑනේ ! තව පරම්පරා දහයකටවත් නැගිටින්න බැරි විදියට අපේ රට වනසල ඉවර.
සුද්ද අපිට ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඉංග්රීරසි ඉගැන්නුවා. අපේ අය පැය විසිහතරෙන් ඉංග්රීනසිය කුණු කූඩෙට දාල ඒ ගමන්ම ජාතියත් වලපල්ලට දැම්ම. හැබැ දෙමල මුස්ලිම් මිනිස්සු ඒ මෝඩකමට අහුඋනේ නෑ. උන් බාසා තුනක් ඉගෙනගෙන ජාත්යමන්තරය ඉස්සරහ අපිට වඩා ප්රඋබල තැනක් හදාගත්ත. අපි ලිං ගෙම්බෝ උනා !!!
වඩාත්ම වැදගත් දේ...සුද්දගේ කාලේ ලංකාවේ පාසල්වල ඉතිහාසය විෂය හොඳට ඉගැන්නුවා. අපේ එවුන් 'ඉතිහාසේ කන්නද?' කියල ඒක සමාජ අධ්යැයනය අස්සේ හැංගුව. ඒක නිසා තමා අපේ පරපුරේ එකෙක්වත් තමන්ගේ සීයාගෙන් එහාට ජාතියේ ඉතිහාසයක් දන්නේ නැත්තේ !
ලියාගෙන ගියොත් මේවයේ කෙළවරක් නෑ.... ඒක නිසා මෙතනින් නවත්තන්නං. මම ආයෙත් ඉල්ලනවා මේක දේසපාලන ප්රපහාරයක් හැටියටවත් සිංහලේට කරන අගෞරවයක් හැටියටවත් සලකන්න එපා. මට තේරෙන හැටියටනම් මෙතන තමා අපිට වැරදිච්ච තැන. වැරදුන තැන හොයාගන්නේ නැතුව කවදාවත් වැරැද්ද හදාගන්න බැ.....ඒක නිසා දැන්වත් ඇස් ඇරලා බලල අපේ විනාසේ පටන්ගත්තේ කොහෙන්ද කියල හොයමු !
ඔබ කියන කතාව සහතික ඇත්ත.ඒත් ඒ සුද්දම අපේ රටේ සංකෘතිය විනාසකල.1948 පස්සේ සිද්දි හරි ඒත් ඊට කලින් අපේ රටට සුද්දාගෙන් වුනු අසාධාරනකම් මෙතන ලියවිලා නැහැ.
Deleteනියම කතාව ඇනෝ!
Deleteප්‍රශ්න සංකීර්ණව කතා කර ඇති නිසා එක් එක් කරුණු ගැන පොදුවේ මගේ අදහස් දැක්වීම කරන්නම්. මග හැරුණු දෙයක් තියෙනවා නම් ඒ ගැන කියන්න...
ReplyDeleteමුලින්ම ගිවිසුම අත්සන් කළ දිනය සම්බන්ධ ප්‍රශ්න කතා කළොත් බොහෝ දෙනා බොහෝ අවස්ථාවල දක්වන්නේ උඩරට ගිවිසුම අත්සන් කරන්නේ 1815 මාර්තු 2 වෙනිදා කියලා. ඒක වැරදියි. ඔබත් ඒ ගැන කරුණු දක්වලා තිබෙනවානේ.
ඇත්තටම මාර්තු 2 වෙන්නේ උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවරීමේ ගිවිසුම් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම විතරයි. මේකට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් සහ නිලධාරීනුත් උඩරට රදළයන් වෙනුවෙන් ඇහැලේපොළ, මොල්ලිගොඩ, කපුවත්තේ, කැප්පෙටිපොළ වගේ අය සහභාගි වෙනවා.
ගිවිසුමේ ඉංග්‍රීසි පිටපත කියවන්නේ ජෝන් ඩොයිලි. සිංහල පිටපත කියවන්නේ ඒබ්‍රහම් ද සේරම් මුදලිතුමා. කියවීමෙන් පස්සේ එයට එකඟ වුණු උඩරට රදළවරුන්ගේ නම් සඳහන් කරනවා. මුලින්ම ඇහැලේපොලගෙත් පස්සේ මොල්ලිගොඩ ඇතුළු දිසාවේවරුන්ගෙත්. ඒත් කවුරුත් ගිවිසුමට අත්සන් තබන්නේ නැහැ.
ඒ වගේමයි ගිවිසුම අත්සන් නොකළත් එදා ඉංග්‍රීසි කොඩිය ඔසවලා තිබෙනවා [වාරියපොල හිමියන්ගේ සිදුවීම සිදුවෙන්න ඇත්තේ මේ අවස්ථාවේදී කියලා තමා විශ්වාස කරන්නේ]
මාර්තු 2 ඉදන් සති දෙකක් ඇතුළත තමා ගිවිසුමට උඩරට රදළයන් අත්සන් තබන්නේ. ඔබ කිව්වත් වගේම ඇහැලේපොල ගිවිසුමට අත්සන් තබන්නේ මාර්තු 18 වෙනිදා ආණ්ඩුකාරවරයා හමුවුණාට පස්සේ
(1) ඇහැලේපොල ගිවිසුමට අත්සන් කරන්න ප්‍රමාද වෙන්න හේතු රැසක් තිබුණා. ඉංග්‍රීසීන්ගෙන් සහය ලබාගනිමින් උඩරට අල්ලාගැනීමේ ඔහුගේ අරමුණ වුනේ උඩරට සිහසුනට පත්වීම. ඒත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පහ කළත් ඒ ධූරය සඳහා උඩරට රදලයන්ගෙන් අයෙක් පත් කරන්න යෝජනා වෙද්දී රදළයන් අතර තිබුණු අසමඟිකම ආයි මතුවුණා.
ඇහැලේපොල රජවෙනවා විශේෂයෙන් මොල්ලිගොඩ අකමැතිවුණා. අවසානයේදී 1815 පෙබරවාරි 29 කන්ද උඩරට රාජ්‍යයේ රාජ්‍යත්වය අහෝසි කරනවා කියලා ඉංග්‍රීසින් නිවේදනය කරනවා
ඇහැලේපොලගේ අසතුටුදායක බව පේන්නේ පෙබරවාරි 25 ඔහුට පල්ලේගම්පහ අධිකාරම් ධූරය භාර ගන්න කියලා ආණ්ඩුකාරයා කිව්වම ඇහැලේපොල කියන්නේ තමන්ගේ ඒ ධූරය දරපු නිසා තමන්ට ඒක අවශ්‍ය නොවන බවත් රජකමට සමාන ධූරයක් අවශ්‍යයි කියලා. පෙබරවාරි 27 ආයි ඒ ඉල්ලීම කළත් ඇහැලේපොල ඒක ප්‍රතික්ෂේප කරනවා.
අන්තිමට ඇහැලේපොල පල්ලේගම්පහ අදිකාරම්කම බාර නොගත්තු නිසා ඒක මොල්ලිගොඩටත් උඩගම්පහ අදිකාරම්කම කපුවත්තේටත් බාර දෙනවා. ඊට පස්සේ තිබුණු ප්‍රධාන රැස්වීම් කීපයක්මත් ඇහැලේපොල මග හරිනවා.
කොහොම නමුත් ඇහැලේපොල ගිවිසුමට අත්සන් තියපු මාර්තු 18 උදේ ආණ්ඩුකාරයා හමුවුණාම ඔහු ඇහැලේපොලට මෙතෙක් කිසිවෙකුට ලබාදී නොතිබුණු ඔටුන්න හිමි කුමාරයාගේ රුව සහිත පදක්කමක් පිරිනැමීමට එකඟ වීම වගේම මඩුවේ ගංකාර ලේකම් තනතුර, පල්ලේවාහල ගබඩාගම් පවරාදීමෙන් පස්සේ තමා ඇහැලේපොල අපේ භාෂාවෙන් කියනවා නම් ෂේප් වෙලා ගිවිසුම අත්සන් කරන්නේ
අත්සන්කිරීම ගැන.
Deleteමතකද මේ ලඟදී ඇමති මණ්ඩලය දිවුරුම් දෙන කොට කීප දෙනෙක් එදා එන්නේ නැතුව දවසකට දෙකකට පස්සේ වෙනම දිවුරුම් දුන්නා?
(2) සුද්දා ගිවිසුම ගැසට් කිරීම ගැන කතා කළොත් ගිවිසුම ගැසට් කරන එක එතරම් ප්‍රබල දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නේ. මොකද 1815 පෙබරවාරි 14 වෙද්දී අගනුවර අල්ලගන්න ඉංග්‍රීසීන් සමත්වීමත් එක්ක ලංකාවම ඔවුන්ගේ බවට පත්වුණා. ඒ නිසා මාර්තු ගිවිසුම අත්සන් කරන්නත් පෙරම ලංකාව ගැන ඔවුන්ගේ අයිතිය තහවුරු වෙලා තිබුණේ.
ReplyDeleteඒකට උදාහරණ තමා පෙබරවාරි 29 ඉංග්‍රීසීන් නිකුත් කරන උඩරට රාජ්‍යත්වය අහෝසි කරනව බව කියවෙන ප්‍රකාශනය වගේම මාර්තු 3 ආණ්ඩුකාරයා දිසාවේවරුන්ට හා සුළු මුලාදැනීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම
ඒක නිසා උඩරට ගිවිසුම අත්සන් කළා නැතා ඉංග්‍රීසි බලයේ අඩුවක් දකින්න නැහැ ඒක නිසා උඩරට ගිවිසුමට ඉංග්‍රීසින් ඒ දිනවල එතරම් වැදගත්කමක් දුන් බවක් පේන්නේ නැහැ
(3) ඇහැලේපොලගේ විශ්‍රාම යාමට හේතුව මම ඉහළින් කිව්වනේ. ඔහු බලාපොරොත්තු වුණු තනතුර රජකම නොලැබුණා. ඒ වගේමයි උඩරට ප්‍රදේශ පාලනය කරපු ජෝන් ඩොයිලිට පමණක් දෙවෙනි වෙන තනතුරක් ඉල්ලුවත් ඒකත් ලැබුණේ නැහැ. ඊට පසුව කුරුවේ ලේකම්කම මඩුවේ ගංකාර ලේකම්කම වගේ සාමාන්‍ය තනතුරු දුන්නත් ඒවායින් වැඩක් වුණා කියලා පෙන්නේ නැහැ
ඇහැලේපොල යුව රජු වශයෙන් පිළිගැනීම ගැන කතා කළොත් "දෙවෙනි රජ්ජුරුවෝ" නමින් විරුදයක් ඇහැලේපොලට තිබීම ගැන ඉංග්‍රීසින් පවා සැක කරලා තිබෙනවා. රජුට පමණක් දෙවෙනි වෙන පල්ලේගම්පහ අදිකාරම් ධූරය තමන් දරපු නිසා ඒ ආමන්ත්‍රණය තමන්ට කරන බව ඇහැලේපොල කියනවා. ඊට පෙර පල්ලේගම්පහ අදිකාරම් වුණු පිලිමතලාවේටත් ඒ විරුදය හිමිවෙලා තිබෙනවා
(4) මාර්තු 10 රජයේ නිල නිවේදනය ගැන නම් මම දන්නේ නැහැ. උඩරට ගිවිසුම 1816 මැයි 31 ප්‍රකාශනයක් විදිහට ගැසට් පත්‍රයේ පල කරන්නේ. ඒක නිසා මාර්තු 10 නිවේදනය ගැන පොඩ්ඩක් ආයි බලන්න. එහෙම එකක් ගැන සඳහනකුත් මම බැලුව පොත්වල නම් තිබුනේ නැහැ
හැබැයි මාර්තු 10 මෙහෙම එකක් නම් වෙනවා. ඒ මාර්තු 2 කියෝපු උඩරට ගිවිසුම ගැන ජනතාව සැලකිලිමත් නොවුණු නිසා ඒ ලියවිල්ලේ අරමුණු ගැන මල්වතු අස්ගිරි මහානායක හිමිවරු සහ රදල ප්‍රධානීන් දැනුවත් කිරීමක් නැවත වරක් මාර්තු 10 වෙනවා.
එදා තමා ගිවිසුමට ඉංග්‍රීසි ආණ්ඩුකාරයා රොබට් බ්‍රවුන් රිග් අත්සන් කරන්නේ. රදළ නායකයන්ගේ එදා අත්සන් කරන්නේ මොල්ලිගොඩ, පිළිමතලාව, කැප්පෙටිපොල, රත්වත්තේ, දුල්ලෑව, මිල්ලෑව, ගලගම
ඒ වගේමයි ගිවිසුමට ඇහැලේපොල අත්සන් කරද්දී ඔහුට ප්‍රධාන නිලයක් තිබුණේ නැහැ. ඒ වෙද්දී ඔහු හිටපු පල්ලේගම්පහ අදිකාරම්වරයා. ඒත් ඔහුට මුල්තැන ලැබුණේ උඩරට ආක්‍රමණයට ඔහුගෙන් ලැබුණු දායකත්වය නිසා. ඒත් ගිවිසුමට අත්සන් කරපු අනික් මොල්ලිගොඩ ඇතුලු පිරිස පල්ලේගම්පහ අදිකාරම්කම සහ දිසාවේ තනතුරු දැරූ අය....
ගිවිසුමේ පිටපත්වල ඇති අත්සන් අසමානතාව ගැන නම් මම කලින් දැනගෙන සිටියේ නැහැ. කොහොම නමුත් මම කලින් කිව්වා වගේ මේ ගිවිසුම එතරම් වැදගත් දෙයක් නෙමෙයි. මොකද මම කලින් කිව්වා වාගේ මේක නැතත් පාලනය ඔවුනට හිමිවෙලා තිබුණේ.....
මොල්ලිගොඩගේ ක්‍රියාකලාපය තුළ ස්වාර්ථ සාධනය වැඩි වශයෙන් දැකගන්න පුලුවන් වෙන බව ඇත්ත. ඒක මොල්ලිගොඩ තුළ වගේම පොදුවේ උඩරට රදළයන් සියලු දෙනා තුලම තිබුණු එකක්. උඩරට රාජධානියේ පරිහානියට ප්‍රබල හේතුවක් වුනේ රදළයන්ගේ අසමඟිය වගේම හැමෝම රජවෙන්න උත්සහ කළ වෑයම.
රදළයන් බලවත් වෙන්න ආරම්භ වුණු දෙවන රාජසිංහ සමයේ ඉදන්ම ප්‍රශ්න තිබුණා. මූලිකවම රදළයන්ගේ වැඩ නිසයි උඩරට නායක්කර් පාලනය ඇරබෙන්නේ. රාජාධිරාජසිංහගෙන් පස්සේ සිංහාසනයට නීත්‍යානුකූල උරුමක්කාරයා වුණු මුත්තුසාමිව පන්නලා කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජවෙන්නේ
කොහොම නමුත් අන්තිමට වුණේ රදළයන්ගේ රජකමේ සිහින බිඳ දමමින් ඉංග්‍රීසි පාලනය ආරම්භ වුණු එක. උඩරට ඉංග්‍රීසී ආක්‍රමන දියත් වෙද්දී පෙබරවාරි 8 එකිනෙකා හම්බුණු මොල්ලිගොඩ සහ ඇහැලේපොල එකිනෙකාට තමන් අවලංගු වූ මිනිසුන් බව කියමින් කඳුළු සැලුවා කියලා කියනවා.......
ඇහැලේපොලටත් සිද්ධ වුනේ තමන්ගේ උපන් රටින් පිටුවහල් වෙලා මුරුසි දිවයිනට ගිහින් අවසන් හුස්ම හෙලන්න. මේ සිද්ධියෙනුත් වුනේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. කෲර රජතුමා එලවන්න ඉංග්‍රීසි සහය ගත්තු උඩරට රදලවරුන් අන්තිමට ඊටත් වඩා භයානක ඉංග්‍රීසිකාරයට අහුවෙලා රටේ ස්වාධීනත්වය ඉංග්‍රීසිකාරයට පාව දෙන්න සිද්ධ වුණු එක.....
කරුණු හැම තැනම තිබුණු නිසා හැකි විදිහට තමා මගේ අදහස් දැක්වුවේ. මම කිව්ව දේවල්වලින් අපැහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. පුලුවන්කමත් තියෙනවා නම් මේ පොත් හොයාගෙන කියවන්න. තවත් වැඩි විස්තරයක් දැනගන්න වගේම අපැහැදිලි කුඩා සිද්ධීන් පැහැදිලි කරගන්න පුලුවන් වෙයි.
ඇහැලේපොල දෙවෙනි රජ්ජුරුවෝ - මහාචාර්ය අනුර මනතුංග
සිංහලේ - ඇල්ලේපොල එච්.ඇම්. සෝමරත්න
උඩරට රාජධානිය - ටිකිරි අබයසිංහ, ශ්‍රීමතී දේවරාජා, ජී.වී.පී. සෝමරත්න
මුලක ඉදලා ආයෙත් කියවන්න ඕනේ.. ඇත්තටම ප්‍රශ්න ගොඩක්..
ReplyDeleteකොහොමටත් ඉංග්‍රිසින් කරේ වංචාව.. අපේ මිනිස්සු අවංකයි.. ඒක නිසාම රැවටුනා.
වෙද මහත්තයාටත් වැදගත් කමෙන්ට් දාපු හැමෝටමත් ස්තූතියි..
අපොඉ මොකට කියනවද අපී එව්වන්ගේ අවංකකම ගැන ! දැන් ඉන්න එව්වන්ගේ ඇත්තල මුත්තලානේ ඉතින් ඌක අස්සන් කොලී !
Deleteරට පාවල දුන් මේ වලව්කාරයො වැඩි දෙනෙකුට තියෙන්නෙ දකුණු ඉන්දියානු සම්භවයක්.වලව් කියන්නෙ දෙමල වචනයක්.ගම්පල යුගයේ පටන් දකුණු ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමණ එල්ල වෙනකොට එහෙන් පැනල ආපු බමුණො වගේ ඉහල පෙලේ පවුල් වල අයගෙන් තමයි මේ අය පැවතෙන්නෙ.මුදලි යන නමින් සන්නස්,සෙල්ලිපිවල සදහන් වෙන්නෙ මේගොල්ලො තමයි.නුවර යුගයේ අපේ රටේ පාලනය නුසුදුස්සන් අතට පත්කලෙත්, ඒ අයට තෙලිගු බිසෝලා ගේන්න කපුකම් කලෙත් මේ ගොල්ලො තමයි.නුවර යුගය ඇරඹෙනකම් අපේ රට පාලනය වුණු මෞර්ය පාලන ක්‍රමය වෙනස් කරල දලදඩු දෙමල ක්‍රමයකට රට පාලනය වුනෙත් මේ අයගෙ අනුහයින් තමයි.නියම සිංහලයො නොවන මේගොල්ල රට ගැන හිතුවෙ නෑ.ඉතිහාසය දන්න මහ වෙදනා ඇයි මේ ගොල්ලන්ට සුදු හුණු ගාන්න හදන්නෙ.
ReplyDeleteවැදගත් කරුණු කීපයක්ම මෙතන තියෙනවා.
Deleteඅද සිංහල බහුතරය දකුණු ඉන්දියන් (කේරල, ආන්ද්‍ර, කරනාටක, තමිල්නාඩු) තමයි.
කෙටි කරුණු දෙකක්.
ReplyDelete1. ගිවිසුමක් එක දිනයක එක තැනක අත්සන් කළ යුතුම නෑ අදත් එලෙසමයි. දෙැනක දෙවේලාවක අත්සන් කල හැකියි. අත්සන් සහතික කරන්නයි උවමනා. රනිල් ප්‍රභා ගිවිසුම ගැන බලන්න එය රජීව් ජේආර් ගිවිසුමට වඩා වෙනස් ලෙසයි අත්සන් කෙරුණේ.
2. ගිවිසුම ඇතත් නැතත් ඒ වෙනකොට සුද්දෝ ජය අරන් නේද? රජුගේ අමනකම නිසා රටම බිලිවුණා. තිස්ස අබේසේකර ගේ කෙටිනවකතාව බලන්න. ඩොයිලි රජුව බීමට පුරුදු කළා වෙන්න පුළුවනි.
හප්පා බොහෝම අමාරුවෙන් කියෝලා ඉවර කර ගත්තා.. වැඩේට බොහෝම මහන්සි වෙච්ච වගත් ඒකට කරුණු හොයා ගැනීමේදී හා ඒවා පෙල ගස්සවලා ඉදිරිපත් කීරීමේදී අරගෙන තියෙන වෙහෙසනං පැසසිය යුතුයි.
ReplyDeleteහැබැයි මේ කාරණාව ගැනනං කියන්න තියෙන්නේ මෙහෙමයි...
මොන හම්පඩ ලියවිල්ලක්ද ඔය ගිවිසුම...
උන් ඇවිත් වත්ත හතර මායිං කොටු කොරගෙන මේකේ ලැග්ගට පස්සේ ඔය ගිවිසුං ඇතෑ නැතා ඇති පලේ මොකක්ද..? එහෙමනං සුද්දා ආගමන විගමන නීතී උල්ලංඝනය කරපු තැනින් පටන් ගන්න එපැයි..
ඌට අනුන්ගේ රටකට කඩං පාත් වෙන්න ගිවිසුං ඕනත් නැත්තං..එච්චර කාලයක් මේක අල්ලං හිටිය උන් වගේම පට්ට හොරු ටිකකට ගේම දීලා උන්ව පන්නන්න ගිවිසුං ඕනත් නැත්තං...රට පුරා බලකොටු හදන්නයි තිබුන ඒවා අල්ලං පදිංචි වෙන්නයි ගිවිසුං ඕන උනේත් නැත්තං මොන ලබ්බකටද ආයේ අවසාන ගිවිසුමක්.. හා හොඳයි ඕක අපේ ඔය මහ මුදලිලා ටික අත්සන් නොකලනං ඌ මේක දාලා අපි යනවා මෙයාලා ඔයාලා හරි නෝටී කියලා යනවද..? ඕකෙන් උන් ඕනනං තව පත්තු කරන්ට තිබුන උණ්ඩ ටිකක් ඉතිරි කරගන්න ඇති. ඒ ඇර උන්ට ඔය ගිවිසුමෙන් ඇති වැඩක් නැහැ...
ඊ ළගට රඳළ උන්නැහේලා ටික...
උන්ම රජවරු හදලා උන්ම උන්ව පාවා දීලා අන්තිමට කෙලවෙලාම ගියාට පස්සේ ඔය අත්සන නොදා පරක්කු කරලා අහවල් දෙයක් කරන්නද..?
ඔය බල ලොභී දිසාවෙලා මුදලිලා නිලමෙලා ටික නොහිටියනං අඩුම ගානේ තව අවුරුදු දහයක් පහලොහක්වත් උන්ට මේක ඇතුලේ උන්ගේ ලේත් හල හල ඉන්න වෙනවා... උඩ රට ඉඳලා පහතට පැනලා ඇවිත් සුද්දන්ගේ ඔඩොක්කු කුක්කෝ වෙච්ච උන්නැහේලාගේ නම්බුව ගැන මොන බම්බු කතාද අයියේ...
අර අත්සන් වෙනස් වෙච්ච එක ගැන ඒ හැටි හිතන්න ඕන නැහැ... උන්ගේ දෙපිට කාට්ටු වැඩවල හැටියට එකම අත්සන දෙතැනක ගහන්න පුළුවන් කමක් තිබුනනං තමා පුදුමේ...
අනේ වෙදයියේ ඔය දිසාවේලාගේ කතා ලියනවට වඩා අර වෙල්ලස්සේදී පොලව තෙත් වෙනකල් ලේ හලපු උන් ගැන අපිට බලන්න ගියහංකෝ ලියුමක්...
නුවර හිටපු සේනාසම්මත වික්‍රමබාහු රජ්ජුරුවන්ගෙ මුණුබුරෙක් හිටියා රන්කොඩි පතිරන්නැහේ කියල.1542 අවුරුද්දෙ මෙයා වීර වික්‍රමබාහු කියල රජවුනාලු. වලව්වල ඇත්තො මේ රජ්ජුරුවන්ට කැමති වුනේ නැතිලු මොකද මෙයාගෙ වංශෙ මොකක්ද අඩුවක් තිබ්බලු. ඒක අඩු වුනාට මෙයා බුදු දහමට ගොඩක් වැඩ කලා කියලය මහා වංශෙ තියෙන්නෙ.පලමු වරට පෘතුගීසින් පරාජය කල රජ්ජුරුවො මෙයාලු. ඒ මොනව වුනත් 1551 දි මෙයාව මරල,කතෝලික ආගම වැලදගත් අපේ ප්‍රසිද්ධ ධර්මපාලගෙ නුවර බච්චා කරල්ලියද්දේ බණ්ඩාර රජ කරන්න අපේ වලව්වල ඇත්තො දරදිය ඇද්ද කියල මම පොතක කියෙවේවා.“රජකමට වඩා මිනිස්කම අගය කළ කුමාර බණ්ඩාර”තමයි පොත.මහවෙදනා මේ වගේ ඉතිහාසයේ කුණු බක්කියට දාපු නියම වීරයො ගැන හොයන්න කාලෙ මිඩංගු කලා නම් තමා වඩා හොද.
ReplyDelete@ Anonymous
Deleteමේ වීර වික්‍රමබාහු කතාව ටිකක් පරස්පරයි වගේ. 1542 දී මෙයා රජවෙනවා කියලා කිව්වත් 1511 රජවුණු ජයවීර බණ්ඩාර 1551 වෙනකම් රජකම් කරලා තියෙනවා
1543 දී උඩරටට වුණු පෘතුගීසි ආක්‍රමණයක් පරාජය කරන්න ජයවීර සමත් වුණා කියලා මහනුවර නාථ දේවාලේ ලිපියේ සඳහන් වෙනවා. ඒ කෙසේ නමුත් 1546 දී ජයවීර කතෝලිකයෙක් වෙලා පෘතුගීසි සහය ලබාගන්නේ සීතාවක මායාදුන්නේගෙන් උඩරට වුණු තර්ජන වළක්වා ගන්න.
ඒක පරස්පර කරල තියෙන්නෙ ඔය සිද්ධිය වහන්න තමයි.ජයවීර පරම්පරාව කාලිංග වංශයට අයිතියි.සේනාසම්මත වික්‍රමබාහු රජ්ජුරුවො එක පාරක් පහතරට ආක්‍රමණය කරන්න ගිහින් පැරදිල ඒකට වන්දියක් හැටියට තමන්ගේ එක දුවක් ජයවීර බණ්ඩාරට බන්දල දුන්න කියල මහාවංශෙ 497 පිටුවෙ තියෙනවා.මේ සම්බන්ධයෙන් එන පරම්පරාවට තමයි කරල්ලියද්දේ බණ්ඩාර අයිති වෙන්නෙ.සේනාසම්මත වික්‍රමබාහු රජ්ජුරුවන්ගෙ පුතා තමයි මෙහෙණවර තුනයා කියන්නෙ.ගඩලාදෙණිය සෙල්ලිපියෙ මේ නම තියෙනවා.මෙහෙණවර තුනයාගෙ පුතා තමයි රන්කොඩි පතිරන්නැහේ කියන්නෙ.රාජරත්නාකරය කියන ඉතිහාස පොතත් බලන්න.නාථ දේවාලෙ සෙල්ලිපිය ලියල තියෙන්නෙ ශ්‍රී ජයවීර මහ වැඩ උන් තැන කියල කෙනෙක්.එයා මහරජ කියල නෑ. ජයවීර කියන්නෙ වීර වික්‍රමබාහුගෙ නෑදෑයෙක් නිසා එයාට යුවරජු වගේ තනතුරක් දෙන්න ඇති.1551 දි වීර වික්‍රමබාහු මරල කට්ටිය මෙයාව කරල්ලියද්දේ බණ්ඩාර කියල රජකරවනවා. ඒ විදිහට හිතුවොත් එතන ඔය කියන පරස්පරයක් නෑ. දැන් ඔය ඉතිහාස කාරයො off කරල තියෙන්නෙ සේනාසම්මත වික්‍රමබාහු රජ්ජුරුවන්ගෙ පුතාගෙ ලයින් එක. බෑණා වෙච්ච ජයවීර පුතා කරල."තුනයා","රන්කොඩි" වගේ නම් ඉතින් රජවරුන්ට ඔබින්නෙ නෑනෙ නේද?
Deleteලේ රත්වෙනවා වෙදමහත්තයෝ මේ කතා ඇහුවම, අර කියන්න වගේ ගිවිසුම් මක්කොරන්නද? උන් එතකොට රට මංකොල්ල කාල ඉවරයි. අඩු ගානේ දැන්වත් අපේ එවුන් ඒ වෙච්චි වැරදි හදාගෙන නෑ. කුල පක්ෂ ජාති ආගම උඩරට-පහතරට තව නොයෙක් විදිහට. සමහරු කියනවා දැන් මේවා නෑ කියල වැඩිය ඕන නෑ බලන්න අපේ පන්සල් නිකාය කියකට බෙදිලද කියල කොයි ගගේ වතුරත් මූදට වැටුනාම එකරහයි කියලයි බුදුන් දෙසනා කලේ. එක එකාලගේ වැඩ හින්ද අසාධාරණය වෙච්චි මිනිස්සු.............?????? අන්තිමට ධර්මපාලතුමත් කිව්වයි කියන්න ආයෙ ලංකාවේ ඉපදෙන්න එපාය කිව්වා කියලා. ජාතික ගීයේ එක අම්මගේ දූ දරුවෝ වගෙයි කියල කියනවා වගේ අපේ මිනිස්සු කවද එකතු කරන්න පුළුවන් වෙයිද? ඒ මොනවා වුනත් වෙදමහතයෝ ඔබතුමාට මේ කාර්යය ඉදිරියටම කරගෙනයන්න ශක්තිය ෛධරය වාසනාව දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා තුනුරුවන් සරණයි.
ReplyDeleteමහ වෙද තුමණි!
ReplyDeleteමම ඔබතුමාගේ ලිපි කියවන්නෙ ටික කලක ඉදන්. ඔබගෙ බ්ලොග් එකේ දාන පලමු කොමෙන්‍ටුව මේක. මම හදවතින්ම අගය කරනවා මේ අපේ ඉතිහාසයේ සැක තැන් ගැන හොයා බැලීමට කරන උත්සාහයට. වෙද තුමණි, ඔබතුමාගෙ මේ ලිපිය සහ අනෙක් අය දාල තියන කොමෙන්‍ටු දැක්කම මට හිතුනා මගේ හිතේ තියන දෙවල් ලියන්න. වෙද තුමණි, මම මංජුල ගම් පලාත නුවරට කිට්‍ටු ඓතිහාසික ගමක්. තවම ඉගෙන ගන්නවා. බුදු දහමට සිංහල ජාතියට මට තියෙන්නේ ආත්මීය බැදීමක්. මම දන්න කාලේ ඉදලා කියවන්න ආසා කලේ දහම් පොත් සහ ඉතිහාස පොත්. ඒ අතරින් ඉතිහාස පොත් වලට තමයි වැඩිපුරම කැමති. පාසල් ඉතිහාස පොත් මට කට පාඩම්. ඒ තරමට අපේ රටේ ඉතිහාසයට මම ආසයි. මේ පුංචි සිංහල රට එක්සේසත් කරල බුදු දහම ආරක්ෂා කල රජුන්ට මගෙ හිතේ ලොකු තැනක් පිලිගැනීමක් තිබුනා. ඒ වගේම නුවරටත් මගේ හිතේ තියෙන්නේ මේ බැදීමමයි. උඩරට ගිවිසුම ගැන පලමු වතාවට කියවනකොට හිතට දැනුනේ කම්පනයක් වගේ මහා දුකක්. තවත් ගොඩක් දේවල් කියවන්න ලැබුනට පස්සෙ තමා මම දැනගත්තෙ අපේ සමහර නායකයන්ගෙ බලයට තිබුන කෑදරකම නිසා වෙච්ච දෙයක් කියල. කොහොම උනත් රට ජාතිය ගැන අවංක හැගීමක් තිබුන නායකයන්, විරුවන් ගැන අනාගත පරපුරට කියන්න උත්සහ කරනවනම් ඔබතුමාගේ මේ මහඟු කාර්යය නම් මහත් සේ පැසසිය යුත්තක්. විකෘති කරල තියන ඉතිහාසය ප්‍රකෘති තත්වයට ගෙන එන එක මොන තරම් වටිනවද කියල අපි තමා දන්නෙ. රට වෙනුවෙන් දිවි පිදු අවංක නායකයන්ගෙ විරුවන්ගෙ ආත්මවලට විතරක් නෙවේ ඔවුන්ගෙන් පැවත් එන දරු පරම්පරාවලටත් ලොකු සැනසීමක් සතුටක් වේව්. ඔබතුමාට මේ කරන උතුම් ක්‍රියාවට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි.
මගේ මේ කොමෙන්‍ටුවට දින ගනනක් ගත උනේ අන්ත්ර්ජාලයට ගොඩ උනේ අද නිසා. ඒ නිසා සමාවෙන්න.
මම මෙක කියවන්න සෑහෙන්න මහන්සි ගත්තා මොකද මේක දඩි බිඩි ගාලා කියවන්න පුලුවන් එකක්යැ දවස් ගානක් ගියා කියවන්න. කොහොම හරි අන්තිමෙ අද තමා ඉවර කලෙ .. හ්ම් හොඳ හුස්මක් ගත්තා
ReplyDeleteමොනව කිවුවත් අපේ රට හූරගෙන කාල හමාරයි දැන් ආයුබොවන්ඩ..පර සුද්දා මේ රට සුද්ද කළා මදිවට සිංහලකමටත් නිගා දුන්නා..මුන්ට අපේ රටට පයගහල පාරම් බාන්න ඉඩ දීපු එකයි වැරැද්ද..මේ පුංචි රටට වඩා ඒ රටවල් ලොකු බව ඇත්ත..ඒත් අපේ හිත් හයියයි බොලව්..අදටත් සුදු හොම්බවල් අපේ රටට දික් කොරන් ඉන්නෙ ඒක දන්න නිසා..උන්ට ඕනෙ අපි නැගිටින එක නවත්තන්න..
ReplyDeleteවෙද මහත්තයෝ..ඔබතුමාට පිං මේ කරන වැඩේට..ඒත් දැන් වෙච්ච දේ වෙලා හමාරයි..දැන් අපිට රට බේරගන්න වෙලා තියෙන්නෙ සුද්දන්ගෙන් නෙමෙයි..හිපි සුවඳට වහ වැටිච්ච කළු සුද්දන්ගෙන්!කල්ලතෝනින්ගෙන්!!
ලිපිය කියෙව්වා..කොමෙන්ටුත් කියෙව්වා...දැනුමත් අළුත් කරගත්තා...
ReplyDeleteඇහැලේපොළ නිලමේගේ කතාව ලඟදී කියෙව්වා රාජා ටී බස්නායක ලියපු Betwixt Isles කියන පර්යේෂණාත්මක පොතෙන්. වෙලාවක් තියනවානම් පොත අරගෙන් කියවන්න. හුඟක් කරුණු බ්‍රිතාන්‍යයෙනුත් මුරුසියෙනුත් හොයාගෙන් තියෙන්නේ.
http://www.lankalibrary.com/phpBB/viewtopic.php?f=14&t=3152&start=0
http://www.vijithayapa.com/pdesc.php?id=23845
ඉතිහාසය ගැන මෙච්චර උනන්දු අය ඉන්නවා දැක්කම ගොඩාක් සතුටුයි... ඔබේ වෑයමට මගේ ආචාරය..... මගේ කාමරේටත් ගොඩවැදිලා යන්න එන්න...
ReplyDeleteමෙ ලිපිය ලියලා දැන් බොහෝම කාලයක් ගතවෙලා. කමෙන්ට් දැමිල්ලත් අඩු වෙලා ගිහින්.
ReplyDeleteදැන් මාත් විග්‍රහ කරන්න එපාය.
දැන් ඔය වෙදනා ගාව තියෙන උඩරට මහ කැරැල්ල කියන පොත බොහෝවිට තෙන්නකෝන් විමලානන්ද මහත්මයා ලියපු පොතේ දෙවන සහ තුන්වන කොටස් දෙක. ඕකෙ පලවෙනි එක කෝ? ඒක නැතුව දෙක සහ තුන විතරක් කියවලා තොරතුරක් ගන්න එක වැරදියි වගේම දෝෂ සහගතයි.
1818 උඩරට කැරැල්ලට හේතුවෙන මූලිකම දෙයක් විදියට සලකන්න පුලුවන් වෙන්නෙ ඩොයිලි සහ බ්‍රවුන්රිග් ගේ තිබුන බලලෝභය සහ නිලයන්ට තිබුන ආසාව. මාතර පැත්තෙ නිකංම ලියන්නෙක් විදියට ආපු ඩොයිලි 1815 දි නුවර මහා ප්‍රධානියා බවට පත්වෙනවා. එංගලන්තෙන් කොළඹට ඇවිත් හිටියත් බ්‍රවුන්රිග් බොහෝ තැන්වල සිංහල රජතුමා ලබපු සත්කාර පිළිගැනීම් අපේක්ෂා කරල තිබෙනවා. පසුකාලිනව මේ ගැන ලියවුනු ලේඛන වල තිබෙන විදියට සත්‍ය වශයෙන්ම ඩොයිලි සහ බ්‍රවුන්රිග් අසංශුද්ධ යුරෝපිය නායකයින් ගේ ගතිලක්ෂණ වලට වඩා දේශිය ගති වලින් යුතු වුනු පුද්ගලයින් වෙලා තිබෙනවා.
1818දි කැරැල්ලක් ඇතිවෙන්නත් මේ ඩොයිලි සහ බ්‍රවුන්රිග්ගේ අනවශ්‍ය බල ලෝභය හේතු වෙලා තිබෙනවා. මීට පෙර කලක පෘතුගීසින් ඔවුන්ගේ යටතේ දොන් ජුවන් ධර්මපාල කෙනෙක් තබාගෙන ඔවුන්ට අවැසි සෑම දේම කලා වගේ අවශ්‍ය නම් එවකට වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටි ඇහැළේපොලව සීට් එකට දාල අවශ්‍ය දේ උපක්‍රමිකව කරගන්න තිබුනා. නමුත් ඒ වගේ කැපකිරීමක් කරලා අවධානමක් අරගන්න බ්‍රවුන්රිග් ඩොයිලි කපල් එකට බැරිවෙනවා..
මේ කාරණාව පසුව ආපු ඉංගිරිසි ජාතිකයුනුත් පිලිඅරගෙන තිබෙනවා. ඉතාම ලේසියෙන් සිංහල නායකයෙක් වෙච්චි ඇහැලේපොල පත්කරගෙන චෙස් අතක් අදිනවා වගේ බ්‍රවුන්රිග්ට ඇදගන්න තිබුන ගේම් එක බොරුවට එයාලම ඉත්තො වෙන්න ගිය නිසා නැතිකරගන තියෙනවා. ඒ වගේම ඔවුන්ට විශාල ලාභ ලැබිය හැකි මාතලේ සහ වෙල්ලස්ස පැත්ත ජනශුන්‍ය වෙලා ඒ පැත්ත නැතිබංගස්ථාන වෙන්නත් බ්‍රවුන්රිග් සහ ඩොයිලිගේ ක්‍රියාකලාපය හේතු වෙලා තිබෙනවා.