2013 සිට අතහැර දැමුණු මගේ බ්ලොගය නව වසරේ නැවත ක්‍රියාකාරී කරන්නට උත්සාහ කරනවා. මේ ඒකට ලෑස්ති වීම. මම බ්ලොග්වලට ආවේ 2012 විතර. ඒකට බලපෑවෙ මාරයා සහ කතන්දරකාරයාගේ බ්ලොග් තව ද ලාස්ට් රෝ තමයි මම මුලින් ම කියවූ බ්ලොගය. මේ බ්ලොග් කෙරුවාව නිසා මා හඳුනාගත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉන් පළමු හිතවතා අභීත, සහ ඕනයා. ඉන් පස්සෙ මගේ අද මට ඉන්න හොඳම මිතුරෙක් වන මාතලන් විශේෂයි. ඒ අතර ම ගිම්හාණි, රාමා දෙන්න. මට බ්ලොග්වල අ යනු ආයනු කියලා දුන්න අයත්, මගේ බ්ලොග් අඩවියට මුල්ම කමෙන්ට් එක දුන්න දුකාත් මට අමත වෙන්නෙ නැහැ. ඒ කාලෙ අද වගේ බ්ලොග් රාශියක් තිබ්බෙ නැහැ. තව මට මතක් වෙනවා අපිව අතහැර ගිය අපෙ ඔබා අයිය අවසාන දින කීපයකට කලින් මාව මුණ ගැහිලා ගිය ඔබා අයිය ගැන ඕනය සහ සුජාතා දුන්න ඒ ආරංචිය මම විශ්වාස කළෙත් නැහැ. කොහොම හරි ඔහු අපිව දාල ගියා. බොහෝ දෙනෙක් ඉන්නවා. නැවත ඒ අයට මගේ ස්තුතිය පුද කරනවා. මට අනියමින් ප්‍රසිද්ධියක් ලබා දුන්න ඇනෝනිමස් ආතල් බ්ලොගයටත් මම ස්තුතිවන්ත වෙනවා.
පසුගිය කාලේ බොහෝ ඇබ්බැහි වුණු බුකියෙන් ක්‍රමයෙන් ඉවත් වෙන්න මම තීරණය කර තිබෙනවා. ඒක මගේ තැන නෙමෙයි. මම තෘප්තිමත් වෙන්නෙ බ්ලොග්වල. මගේ තැනට මම නැවත එනවා.
2013, 2014, 2015 මම බොහෝ වෙහෙසුන වසර තුනක්. ඒ මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒ දේවල් මේ වන විට අවසානයි. දැන් මගේ ජීවිතයේ වැදගත් තීරණයක් ගන්න කාලේ. ඇත්තට ම මම ඒ තීරණය මේ වන විට අරන් ඉවරයි. මේ තමයි මම ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කරන පළමු දිනය. මින් පසු කිසිම රැකියාවක් නොකර ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. මා කළ පර්යේෂණ ඉදිරියටත් අඛණ්ඩව ගෙන යනවා. නව පර්යේෂණත් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. තව ද, මින් පසු මෙතෙක් මා, ගුරුවරුන්ගෙන්, පොතපතින්, මිතුරන්ගෙන්, සහ මගේ රොගීන් වෙතින් ලැබූ දැනුම අනෙක් අයට බෙදා දෙන්න පොත පත ලිවීමට මගේ සම්පූර්ණ කාලය යොදවනවා. අවස්ථාවක් ලදොත් පමණක් යම් ඉගැන්වීමක් නොමිලයේ කර දෙනවා. හැබැයි කිසිවක් ස්ථිර ව බාර ගන්නෙ නැහැ. මේ ඇති, සිත් රිදීම් මින් මතු මට එපා.
වෛද්‍ය විද්‍යාව, බුදු දහම, දේශපාලනය, සාහිත්‍ය, දර්ශනය වැනි මගේ ප්‍රියතම විෂයන් සමඟ මම ඉදිරියට නැවත එනවා. ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!!!!!!!!
ආපසු ආ එක නියමයි! සාදරයෙන් පිලිගන්නවා! මමත් බ්ලොග් ලියන්න ආවේ 2012.. මම නම් දිගටම ලිව්වා.. මේ බ්ලොග් එක ෆලෝ කරලා මම සෑහෙන දවසක් වෙනවා.. අද පුදුම හිතුන මේක අප්ඩේට් වෙලා තියනවා දැක්කම.. නියමයි.. දිගටම ලියමු.. ඒ වගේම, වේද ගෙදර හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteඇත්තෙන් ම මට වැරදුනා මම මුලින් ම බ්ලොග් ලිපියක් ලිව්වෙ 2011 දී. නමුත් ඊටත් කාලෙකට කලින් සිට මේ මාධ්‍යයට ආදරේ කළා. කොහොම හරි ඒ කාලෙ කෙනෙක් නැවත හමුවීම සතුටක්. ඔබට සුභ නව වසරක් වේවා!!!!!
Delete(Y)
ReplyDeleteවෙද මහත්තයට ආපහු මෙහාට එන්න හිතිච්ච එක ගොඩක් හොඳයි...
ReplyDeleteරැකියාවක් නොකර ඉන්නවා කියල කිව්වම අහන්න ප්‍රශ්න ගොඩක් හිතට ආවත් සද්ද නැතුව ඉන්නවා, ඒ අහන්න වෙන ප්‍රශ්න ඔබගේ පෞද්ගලික දේ නිසා...
එසේනම් සියල්ලටම සුභ පැතුම්...
සුබ නව වසරක් වේවා...!
නැහැ මම කෙදිනකවත් රැකියාවක් කළේ නැහැ. මගේ ඩිස්පෙන්සරිය ම තමයි කළේ. 1999 සිට රජයේ වැඩ කළා. 2007 ඉන් ඉවත් වූවා. පසුව නැවත කාලයක් රජයේ රැකියාව කළා. නැවත තද කළකිරීම නිසා ඉවත් වුනා. පසුව පුද්ගලික ආයතනයක වැඩ කළා. එහි ඉගැන්වීම තමයි කළේ. දැන් ඒ සියල්ලෙන් නිදහස්. තව ටික කලක් රජයේ වි. වි. ලැබෙන හැටියට ඉගැන්වීම් කරනවා. හැබැයි නිදහස් කෙනෙක් විදියට. නමුත් කිසිදා මම මේ කිසිවකින් මුදල් හෙව්වෙ නැහැ. මට යැපීමට මුදල් ලැබෙන්නේ මගේ රැකියාව වන වෛද්‍ය වෘත්තිය හරහා. මා එහි නියැලෙනවා මැරෙන තෙක්. නමුත් මා ලබාගත් අධ්‍යාපනය මේ රටට වැඩක් වෙන විදියට පොත පතේ සටහන් කරනවා. ඒකයි මා අදහස් කළේ. ඔබට ස්තුතියි!!!
DeleteDr. Rohana,
ReplyDeleteපැමිණියාට සතුටුයි!
ඇත්තටම ම මුලින් ම කියවපු බ්ලොග් කීපයෙන් එකක් තමයි "වේදනගේ" බ්ලොගය, නමුත් මම අදලියන lankasithuwili මගින් තබන ප්‍රථම කොමෙන්ටුවයි.
මිට පෙර මගේ නමින් මම ඔබේ අඩවියේ කොමෙන්ට් තබා තිබුනත් ඉදිරියට ඉහත අන්වර්ථ නාමය පමණක් යොදාගන්න කල්පනා කරනවා.
ඔබේ ලිපි මගේ ගවේෂණවලට උදව් වූ බව කියන්න ඕනේ.
මිට අමතරව මතත් බ්ලොග් ලිවීමට පෙළබිම ඇතිවුනේ මාරයාගේ බ්ලොග් ලිවීමයි, මාතලන් වැනි සහෝදර බ්ලොග් කරුවන් බොහෝ දෙනා ලිවිම ට උත්තේජනය සපයුබව කියන්න ඕනේ.
ඔබට සුබ නව වසරක් !!
ඔබට දිරි! ලිවීම හොඳ විනෝදාංශයක්. සුභ නව වසරක් වේවා!!!
Deleteපුදුම සතුටක් දැනෙන්නේ.... වෙලකම් බැක් කිව්වා...
ReplyDeleteපත් අට එකට හිඳුවා, අඹරලා, කොටලා, පෙරලා දෙන එකයි තියෙන්නේ වෙද පප්පා වගේ...
කෝ එන්න අපි කියමු සින්දුව...
පප් පප් පපප් පුදුම සතුටක් දැනෙන්නේ.... වෙලකම් බැක් කිව්වා...
පත් අට එකට හිඳුවා, අඹරලා, කොටලා, පෙරලා දෙන එකයි තියෙන්නේ වෙද පප්පා වගේ...
කෝ එන්න අපි කියමු සින්දුව...
පප් පප් පපප් පුදුම සතුටක් දැනෙන්නේ.... වෙලකම් බැක් කිව්වා...
පත් අට එකට හිඳුවා, අඹරලා, කොටලා, පෙරලා දෙන එකයි තියෙන්නේ වෙද පප්පා වගේ...
කෝ එන්න අපි කියමු සින්දුව...
පප් පප් පපප් පුදුම සතුටක් දැනෙන්නේ.... වෙලකම් බැක් කිව්වා...
පත් අට එකට හිඳුවා, අඹරලා, කොටලා, පෙරලා දෙන එකයි තියෙන්නේ වෙද පප්පා වගේ...
කෝ එන්න අපි කියමු සින්දුව...
පප් පප් පපප් පප් පප්ප පප පා...
පප් පප් පපප් පා.......
කෝ එන්න අපි කියමු සින්දුව...
Deleteපප් පප් පපප් පප් පප්ප පප පා...
පප් පප් පපප් පා.......
වෙද මහත්තය නැවත බ්ලොග් ලෝකයට ආගමනය වෙච්ච එක ගැන සතුටුයි. දිගටම ලියන්න හැකිවේවා කියල පතනව.
ReplyDeleteවෙද මහත්තයටත් පවුලේ සැමටත් වෙද ගෙදරට ගොඩවෙන හැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !
දැන් නම් ලියනවා දිගට ම ඔබටත් එසේ ම වේවා!!!!
Deleteඇත්තටම මාත් බ්ලොග් ලියන්න පටංගත්තෙ 2011 තමයි... එක්කො ඒ කතාව පැත්තක දාමු. හැක්...
ReplyDeleteඒකත් එහෙම ද? මහ දිග බ්ලොගක්නෙ ඒක නේද?
Deleteඅප්පට බොල විස් කොරන්න අමතක උනා නේ...
ReplyDeleteසුබ නව වසරක් වේවා අපේ වෙද මහත්තයාට, වෙද හාමිනාට වගේම පොඩි දෝනියැන්දාටත්....
ඔබටත් එසේම වේවා මගේ මිත්‍රයා...දරුවටත්, හාමිනේටත් එසේම සුභ නව වසරක් පතනවා!!!!
Deleteසන්තෝසයි. මොකද වෙදනගෙ කමෙන්ට්, ටිකක් හැප්පෙන යමක් තියෙන ලිපි එහෙම ආයි ලියවෙන එක හොඳයි.
ReplyDeleteඔව් ...ඔව් මේ සැරේ නැවත ටිකක් නැඟල යන ඒව ලියන්න ඕනෙ......
Deletenama wenas kara kiyala aranchiyka awa attada eka ?
ReplyDeleteඕ... ඒ මොකක්ද ඒ ගිනිගෙඩිය....මුස්ලිම් ඇඳුම් ඇන්ද එක ද?
Deleteහප්පේ මදෑ කාලෙකට පස්සෙ! අපි දෙන්නම බ්ලොග් ලියන්න පටන් ගත්තෙ එකම සතියක් ඇතුලත. කොටිංම මහවෙදන මට වැඩිය දවස් හතරක් වැඩිමල්.
ReplyDeleteඅර ආචාර්ය උපාධිය ගන්න ඇති කියල හිතනව
අපුඉ එකම රෑනෙ කුරුල්ලො.....රාජ්
Deleteපුනරාගමනයටත් , නව වසරටත් සුබ පැතුම්. මගේ අපිළිවෙලට කෙරු බ්ලොග් ලිවිල්ල අභාවයට ගිහින් කාලයකට පස්සේ බ්ලොග් කියවිල්ලත් අවම වෙලා ගියා. නොවරදවා කියවපු මේ බ්ලොගේ ආයේ පටන් ගැන්ම ඒකෙ වෙනසක් ඇති කරවයි. වඩා අත් දැකීම් , හිත් රිදවීම් සහ තවත් දේ එක්ක, මමත් මින් ඉදිරියට රැකියාවක් කරන එකක් නැහැ බොහෝ දුරට. ටික කාලයකට කලින් මම නිදහස් වෘත්තිකයෙක් බවට පත්වුනා. ඉඩක් ලැබුණු වෙලාවක මුණ ගැහිල යන්ට එන්නම්, හෙටත් ඔය කිට්ටුවෙන් යැවෙනවා. බලමු. ජයෙන් ජය.
ReplyDeleteරාමා මගේ බ්ලොග් මිතුරන් අතර ඉතාම හොඳ මිතුරෙක්. අපි කීප සැරයක් ම මුණ ගැසී කතා බහ කර තිබෙනවා. ඔබට සුභ නව වසරක් පතනවා!!!!පොඩ්ඩන්ට සහ ගුරුතුමියටත් එක්ක සුභ නව වසරක් වේවා!!!!
Deleteඇත්තටම පුදුම සතුටක් ඇති උනා මේ සුභාරංචියට.අපත් බ්ලොග් වලින් ඇත්වීමට හේතුවක් උනා කියලා හිතෙනවා මේ දිගු විරාමය .නොයෙක් රසයන්ගෙන් අනූන බ්ලොග් එකක්.දැනුමත් විනෝදයත් රැගෙන පෙරසේම හමුවෙමු.බොහොම සතුටුයි මාවත් මතකයේ තිබීම ගැන. ඔබටත් පවුලේ සැමටත් සහෝදර බ්ලොගකරුවන්ටත් සුභ නව වසරක් !! පතමි.
ReplyDeleteගිම්හාණි මගේ පෙර බ්ලොග් කෙරුවාවෙදි උපකාර වූ ආකාරය මට හොදින් මතකයි. ඔබටත් ඔබේ පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් පතනවා!!!!!!
Deleteනැවත පැමිණීම ගැන සතුටුයි...
ReplyDeleteබොහෝම ස්තුතියි! ඔබටත් සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා!!!!!!
Deleteවෙල්කම් බෑක් වෙදනා.. නව වසරේ ප්රිති ජනක ආරංචියක්.. ඔබත් එක්ක ඒ දවස් වල අපි මේ දේවල් ගැන වාද විවාද උනා.. කතා උනා. දැනුම්වත් උනා.. ඉතිං අපි ආයිත් ඒක පටන් ගමු.. ජය වේවා.
ReplyDeleteසුභ නව වසරක් වේවා.. හැක්
මගේ පෙර බ්ලොග් කෙරුවාව අලංකාර කළ අය අතර ඔබ ප්‍රමුඛයෙක්. ඔබ මෙ වසර තුනේ නිතර නිතර නැවත පටන් ගන්න කාලය මතක කළා. එයත් හේතු වුනා මට පුනරාගමනය සඳහා! කලණ මිතුර ඔබට සුභ නව වසරක් වේවා!!!!!!ඔව් අපි පටාආආන් ගමු ආයිත්..............
Deleteබොහෝම සතුටුයි දකින්න ලැබීම....:)
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක්ද වේවා....!
සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!!!!
Deleteආපහු ආව එක ගොඩක්ම හොඳයි වෙදනො... වෙල්කම්බෑක් කිව්වා.!!
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!!!!
Deleteඔබ වැන්නන් නැවත් ලිවීම කෙරෙහි යොමුවීමම සතුටට කරුණක්.
ReplyDeleteමම හිතන්නේ ආයුර්වේද සෞඛ්‍යය ගැනත් ඔබ ලියයි කියලා. ඒ හැමදෙටම ඔනන් එහෙනම් සුභ පැතුම්...
වැඩිම ලියවෙන්නෙ ඒ ගැන තමයි! සුභ පැතුම්!
Deleteඇති යන්තම්... බ්ලොග් කියවිලලත් එපා වෙලා හිටියෙ...
ReplyDeleteසුබ 2016ක් වේවා...!
සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!!!!
Deleteසතුටු හිතෙන පුනරාගමනයක් , සුබ නව වසරක් වගේම ආපහු දිගටම් අහර්වත් දේ වෙනුවෙන් පෙනී හිටින්න ශක්තිය ලැබේවා
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!!!!
Deleteපරණ කොමෙන්ට් එහෙම දැක්කට දැං ඉඳං අළුත්ම පෝස්ට් කියවන්නත් සැදී පැහැදී අපි ඉන්නවා..
ReplyDeleteජයවේවා..!!
සතුටක් නැවතත් බ්ලොග් පිටුව ක්රියාකාරීවනවා දකින්නට ලැබීම . මා ඔබේ ලිපිවලින් සෑහෙන දේ උකහා ගත්තා මුල් කාළයේදි , පසුව මමත් ටිිකෙන් ටික බ්ලොග් වලින් ඈත් වුනත් . නමුත් මමත් දැන් උත්සාහ කරනවා නැවත මගේ බ්ලොග් සටහනත් නැවත සක්‍රිය කරගන්නට . ස්තුතියි
ReplyDeleteමෙන්න ආයෙම ලියන්න අරන්. ඔහොම හිතෙන්න කසායක්, කල්කයක්, අරිශ්ඨයක් එහෙම නැද්ද? :D
ReplyDelete