සෑහෙන කාලෙකින් කෙටි සටහනක්වත් ලියා ගන්න බැරි වුනා. ජීවිතයේ කිසිම දිනක නොලබපු අත්දැකීම් සමූහයකට මේ දිනවල මුහුණ දෙනවා. මේවා ගැන සිතන්න සිතන්න බොහෝම දරුණු විදියට සිත කලකිරීමක් ඇති වෙනවා.
මගේ ජීවිත මතකයන් එක්ක ගත්තම මට මතක ඈතම සිද්ධිය තමයි මගේ පියා ලෙඩ වෙලා සිටීම හා ඇවිදගන්න බැරිව සිටි පියාට ඇදටම හැම දෙයක්ම ලබා දීම. හදිසි වාහන අනතුරක් නිසා පාදය දරුණු ලෙස තුවාල වෙලා තිබ්බ බව දන්නේ බොහෙම කාලෙකට පස්සෙ. හැබැයි ඒක අපේ පවුලට සතුටට කාරණයක් වුනා. ඒ කුඩා අපට තාත්තව බලන්න එන අය ගේන ඔරෙන්ජ් බාර්ලි බොන්න ලැබීම. මොන කූල් බීම ද ඒ කාලේ. නිකන් සෝඩා, සහ ඔරෙන්ජ් බාර්ලි තමයි ප්‍රසිද්ධම. ලෙඩ්ඩු බලන්න ගෙනිච්චේ ඔරෙන්ජ් බාර්ලි.
අපේ අම්ම සතුටට පත් වන දෙයකුත් ඒ අතර තිබ්බ. ඒ 71 කැරැල්ල නිසා රාජ්‍ය සේවකයන් වුණු අපේ තත්තාගේ මිතුරන් විශාල සංඛ්‍යාවක් අනිවාර්‍ය්‍ය සේවයට කැඳවා තිබීම. මේ අසනීපෙ නොවෙන්න පියාටත් ඒ ඉරණම.
මට මතකයි අපේ ආච්චි (උන්දෑ අවුරුදු 100 ආයු ගෙව්ව.) චීත්ත රෙද්දට තියලා කොට්ට උරයක හාල් දාල, ඒ කාලෙත් නාගරික ජීවිතයක් ගෙවපු අපිට ගේනවා. මේ කියන කාලේ මට මතක විදියට 1971 විතර 72 වෙන්නත් පුළුවන්. මට වයස අවුරුදු 05 අද වෙනකොට කාලේ බොහෝම ගෙවිලා සිද්ධීන් වල මුල මැද පිළිවෙළ හරියටම මතක නැහැ.
මම පොඩි වුණත් තුන් දෙනෙක්ට අයියා වුණු නිසා මට කුඩා කළ සිටම වගකීම් බහුලයි. ඒක නම් මගේ අද ජීවිතයටත් සෑහෙන්න වටිනවා.
කොහොම හරි අබ්බගාත වුණත් තාත්තා ගෙදර සිටීම අම්මට බොහොම සතුටක් වුණා. පසු කාලෙක ඇයගේ වදනින්ම මට කියා තිබ්බෙ "ඔයාගේ තාත්ත නම් ඒ පාප කර්මෙට හවුල් වුණේ නැහැ" කියලා.
මේ සියල්ල දැක්ක මට 88, 89 කාලේ ඒ හැම දේටම මුහුණ දෙන්න වුණා. ඒ කාලේ තමයි ආපේ අම්ම තාත්තා ගැන මට ඉහත කියමන කියා තිබ්බේ.
විශ්ව විද්‍යාලෙට සුදුසුකම් ලබලා සිටි තරුණ ලේ හොදටම කැකෑරුණු ඒ සමය මට හොදින් මුල, මැද, අග අදටත් හොදින් මතකයි.
ඊට පස්සේ දීර්ඝ කාලීන සටන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟ. 90 සිට 94 දක්වා ගිය කාලේ මට තාමත් අත ළඟ වගේ.
මම බුද්ධියෙන් සිතන්න පතන්න ආරම්භ වුණේ මේ 94 න් පස්සේ. කාගෙවත් අතකොළු නොවී තනියම සිටීමේ වටිනාකම මම 94 සිට හොදින් උගත්තා.
කල්පනා කරන විට මට සිහිවනවා අප කළ කී දෙයින් නිවැරදි මෙන්ම ඉතාමත් වැරදි තීරණත් අපේ ජීවිතේ තිබෙනවා. මමත් එහෙම තීරණ අරගෙන තිබෙනවා. මගේ ජීවිතේ පිළිබඳ ඉතාම සුබවාදී තීරණ මම ගෙන තිබෙනවා. මගේ සදාදර බිරිය මට ලැබුණේ එහෙම තීරණයක් නිසා. නමුත් අපි ගත්ත හැම තීරණයක්ම නිවැරදිද?
අද මම පිළිගන්නවා 1977 සිට වර්තමානය දක්වා මම ගත් තීරණ බොහෝ වැරදි. මා පිළි නොගත් දේ සහ මා පිළිගත් දේ අතර විශාල වෙනසක් තිබෙනවා. මා කළ ඒ වරද අද හදන්න බැරි තරම් විනාශයක් බවට හැරවිලා කියා මට තේරෙනවා. අපි හැමෝම මේකට අඩු වැඩි වශයෙන් දායක වුණා.
මා කුමක් කළ යුතුද?
තවත් වැරදි තීරණයක් ගැනීමක අබියස මම සිටින්නේ, ඒ මගේ දරුවා වෙනුවෙන්. මා අත්විඳි 71, මා සහභාගී වූ 88/89 මගේ දරුවා අත්විඳිනවාටත් අත්දකිනවාටත් මම එකඟ නැහැ. ඒ නිසා ඉක්මනින් මම තවත් වැරදි තීරණයක් ගන්නවා.
මට තියෙන ප්‍රශ්නේ ඒ කවදා ද කියන එක විතරයි.
මම හිතන දේ හරිනම්, මේ වෙන්න යන්නේ මේ අපේ රත්තරන් රටට තියන සම්පතක් වෙන රටකට ඇදිල යන එක. ඒක මේ අක් මුල් දාල යන්න බැරිව කොටු වෙලා මෙහෙ ඉන්න අපිට පාඩුවක්. ඒත් සිද්ධ වෙන දේවල් වල හැටියට එහෙම නොවෙන්න කියල ප්‍රාර්ථනා කරන්නත් විදිහක් නෑ.
ReplyDeleteයුද්දේ ඉවර වුන දවස්වල මම හිතා හිටියේ වෙන රටවල ඉන්න නෑදෑයින්ට කෝචොක් දාල මෙහෙ ගෙන්නගන්න. ළගදි ඉදල උන් මට දාන කෝචොක් කාලා ඉන්න බෑ.
මොන හේතුවකටද මන්දා මේ රටට පණ වගේ ආදරෙයි. දාල යන්න හිතෙන් නෑ.
පේට්‍රියට් මල්ලි මේ රටට ඔය නොරට ගොස් සිටින අය බොහොම ආදරෙයි. ඒ වැඩි දෙනෙක් ගිහින් තියෙන්නෙ කුමක් හෝ අනියම් හේතුවක් නිසා. මම ඒ අය සමග පිටරටවල ජීවත් වී තිබෙනවා. ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය දන්නවා.
Deleteමල්ලි වැඩි දෙනෙක් ඉන්නෙ කැමැත්තෙන් නෙමේ. මම ඔබට කතාවක් කියන්නම්. ඔබ දන්නව ද හරිස්චන්ද්‍ර ජේ. විජේතුංග. මා පයට තන නිල්ල නම් පොත ලියූ මහා ලේඛකයා. ඔහු ඉන්දිරා ගාන්ධි මැතිණියගේ ජීවිත කතාව ලියන්න තොරාගත් පුද්ගලයා. ජීවිතයෙන් වැඩිම කලක් ජීවත් වුණේ එංගලන්තයේ. ඔහු කියනවා අවුරුදු 80 දී, මම මැරෙන්න කැමති මගේ රටට ගිහින්. නමුත් අවාසනාවකට ඔහු මලේ ලංකාවට ආව ගමන් වගේ මගේ මතකය. ඔහුගේ පවුලේ සොහොන් ගැබේ ඔහුගේ දේහය තැබුවා.
අන්න ඒකයි මානසිකත්වය.
නමුත් ගිලෙන නැවෙන් මීයොත් පැන යනවා!!!!
Grass For My Feet.
Deleteහාල් පොලු සහ 1971 ගැන කියද්දී ඔබම කියූ වලිසින් ඟෙතනත් ඔබට ටැපලිලා.
Deleteග්‍රාස් ෆෝ මයි ෆීට් ලියුයේ ජේ විජේතුංග.
හරිශ්චන්ද්‍ර විජේතුංග කියන්නේ නීතිඥයෙක් ඒ එක්කම රසායන විද්‍යාඥයෙක්. ඔහු ශබ්ද කෝෂයක් කළා. රසායන විද්‍යා පොතකුත් ලිව්වා මට මතක විදියට.
හැබැයි ලංකාවේ ඔහු වඩා ප්‍රසිද්ධ සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්‍ෂය හෙවත් ගැඩවිල් පක්‍ෂයේ හිටපු නායකයා ලෙසයි.
ඔබ හරි කකා මට ටැපලිලා. ජේ විජේතුංගයන් තමා. හරිශ්චන්ද්‍ර විජේතුංගයන් සමග මගේ පොඩි තරහක් තිබෙනවා. ඒ 1956 වගේ විද්‍යාව සිංහලෙන් ලියද්දී ඔහු ආයූර්වේද වචන ගෙඩිය පිටින් අරගෙන විද්‍යාවේ ඉන්ග්‍රීසි වචන වලට ආදේශ කලා. ඒ නිසා විද්‍යාවට රෙඩි මේඩ් හොද වචන ටිකක් ලැබුනා. නමුත් ආයූර්වේද වචන වල අර්ථය විකෘති වුණා. කෙසේ වෙතත් ඔහු හොද සේවයක් විද්‍යාවට කළා. නමුත් දේශපාලන වශයෙන් අපි ඔහුව තේරුම් ගත්තේ නැහැ. මට හිතෙනවා ඔහුගේ භූමිපුත්‍ර සංකල්පය ආවේ මැලේසියාවෙන් කියලත්.
Deleteටැන්කූ කකා.
වරදවා වටහාගන්න එපා. පිටරට ඉන්න අය රටට ආදරය නොකරනවා කියල අදහස් කලේ නෑ. කොටින්ම වෙද මහත්තයයි මමයි මේ ගැන මේ බ්ලොග් එකේම දවසක් කතා කලා. මමත් මේ වගේ ප්‍රයත්නයක් ගත්ත කෙනෙක්. ඒ එදා රටට අනාදරෙන් හිටපු නිසා නෙමේ. මම කිව්වේ වෙද මහත්මයා 'වැරදි තීරණයක්' කියන වචන වලින් අදහස් කරන, මේ රටත් එක්ක තියන බැදීම. අවස්ථාවක් ලැබුනොත් දරුවා ගැන හිතලා මම නොයයි කියල හිතන්නේ නෑ. ඒත් එදාට යන්න වෙන්නේ හුදෙක් දරුවාගේ අනාගතය කියන මාතෘකාවට මගේ කැමැත්ත කැප කරල. ඒකයි දාල යන්න හිතෙන්නෑ කිව්වේ. කොහොම වුනත් අපි කැමති දේවල් වලට වඩා අකමැති දේවල් තමන් ආදරය කරන අය වෙනුවෙන් අපිට කරන්න වෙනවා. ඒවා නොකර පසුතැවිලි වෙන එකේ දුක තමන්ගේ කැමත්තට පිටින් යනකොට ඇතිවෙන දුකට වඩා වැඩියි.
Deleteකොහේ ගියත්, කොහේ ජීවත් වුනත්, ඔබ මගේ රටට සම්පතක්. ඔබ නොවෙයි මගේ රට පිං කරල මදි. ඔබට හදවතින් නැගෙන සුභ පැතුම්!
(මගේ බ්ලොගේ පළමුවන සටහන තිබ්බේ වෙද මහත්තයා, ඔබේ බ්ලොග පාළුවටනම් යන්න දෙන්න එපා, නෑ හිත මිතුරන්ට කථා කරන්න කාලය වෙන් කරනවා වගේම බ්ලොග වෙනුවෙනුත් කාලය වෙන් කරන්න, ඔබ බ්ලොගන් කථා කරනකම් බලා ඉන්නා සයිබර් නෑදෑයෝ ඉන්න බව මතක තියා ගන්න)
Modern Patriot කියන දේ හරි. නමුත් රට ගැන හිතන්න කාලයක් ද මේ. මේ කාලකන්නි ජාතිය ළඟදී ගොඩ එන්නේ නැහැ, සමහර විට අපේ ජීවිත කාලය තුළවත් එහෙම වෙන එකක් නැහැ. ඉතින් තමන්ට පුළුවන් කමක් තියෙනවානම් ඒ තීරණය , කොහෙත්ම වැරදි තීරණයක් නොවෙයි.
ReplyDeleteකළු වලාවේ තමයි රිදී රේඛා දැකිය හැක්කේ, අවාසනාවකට සද නැත අහසේ අමාවකයි. ඉතින් කොහොම ද රිදී රේඛා හොයන්නේ මේ කට්ට කලුවරේ. වැහි බර අහස කඩා වැටෙන්න කිට්ටු කදුළු බිංදුවක් වගේ. ලක් මෑණියන් නැවතත් අඬන්න ඉතාම කිට්ටුයි රාමා. අකුණු ගහනවා වැඩියි. ගෙට වෙලා හිටපන් මල්ලියේ.
Deleteමේ ගැන මා ඔබට කරුණු කීමට සිටියේ, නමුත් මේ අවස්ථාවෙන්
ReplyDeleteඒ දේවල් ටිකක් කියන්නම්.
පළමු දේ තමයි අපි සියල්ල කැප කර අපගේ (අතිශය පුද්ගලික ජීවිතය )
ලෝකය දෙවන තැනට දමා කරණ සියල්ල නිෂ්ඵලයි.ජය සැමරුමෙන් පසු
නැවත නිවසට එන විට බිරිඳ හා දරුවන් හා මත් වී මා පියන් මියගොස්
සිටිනු ඇත.
බඩගින්නේ වෙසෙන දූ සිඟිත්තන්ට පාන් කෑල්ලක් ගෙනෙන්නට පාරට
බැස්ස විට එකට ජය පැන් පානය කල වුන් සොයා ගන්නට නැත.
" යකෝ අපිත් ගෑනිට ළමයින්ට කන්න අදින්න දුන්නේ මේ අත් දෙකෙන් ,
මේ මහ පොළොවේ ඉඳන් " යන්න ඔවුන්ගේ වදනයි ...
ඔවුන්ට වවන්නට මහ පොලොව දිනා දුන්නේ කවරහුන්ද යන්න අමතකව
ගොසිනි...
මාද අඹු දරුවන්ද හාමතෙන් මියෙනු වැලකීමට ඒ සත්‍යට බැරිය..
ඔබ ඔබේ ලොව දිනාගන්න , ඔබ තුල වෙසෙන මිනිසා හද තුල
පමණක් සිටීම යෙහෙකි.ඔහුට පිටතට පැමිණ ඔබද ඔබගේ මාපියන්ද ,
අඹු දරුවන්ද විනාශ කිරීමට තවත් ඉඩ නොදෙන්න ...
සහන් ඔබ ද මගේ මේ ලියවිල්ලේ යටි පෙළ වටහාගත් බවයි හැඟෙන්නේ, මොනව කරන්න ද? මත් වීම අපේ අවාසනාව. කෙදිනක හෝ ඔබත් මමත් කඳුළු සලාවි අපි අපිටම දොස්තබා ගනීවි. එය නම් මට විශ්වාසයි.
Delete///නැවත නිවසට එන විට බිරිඳ හා දරුවන් "හා මත්" වී මා පියන් මියගොස්///
Deleteyanna mese wiya yuthuya..
///නැවත නිවසට එන විට බිරිඳ හා දරුවන් "හාමත්" වී මා පියන් මියගොස්
නමුත් කල ගුණ නොදත් ලොවක , අඹු දරුවන් ගෙදර දමා
අපට යුද්දයට යා හැකිද ?
එනිසා අඹු දරුවන් ගෙදර දමා යුද්දයට නොයන්න.
අඹු දරුවන් සමග පලා යන්න.
"දිවි පිදීමට තරම් නොහොබිනා" තැනක තවත් රැඳී නොසිටින්න.
මම මුකුත් කියන්නේ නෑ නෑ නෑමයි අද නම්.. ඇත්තමයි...
ReplyDeleteයකඩ මල්ලට ගුල්ලො ගැහුවම පුළුන් මල්ල නොබලාම විසි කරාපිය කිව්වලු. මොනවා කියන්න ද හිරු!! අපි නිරුත්තරයි. මා ද ඔබ මෙනි මුවෙන් ගොළු වී ඇත. එහෙත් හදවත කතා කරනවා.
Deleteඔය දෙගිඩියාව මටත් තියෙනවා.
ReplyDeleteපසිදුරන් වැඩ කරනා ඕනෙම කෙනෙක් දෙගිඩියාවෙන් සුධීක.
Delete//තවත් වැරදි තීරණයක් ගැනීමක අබියස මම සිටින්නේ, ඒ මගේ දරුවා වෙනුවෙන්. මා අත්විඳි 71, මා සහභාගී වූ 88/89 මගේ දරුවා අත්විඳිනවාටත් අත්දකිනවාටත් මම එකඟ නැහැ. ඒ නිසා ඉක්මනින් මම තවත් වැරදි තීරණයක් ගන්නවා. //
ReplyDeleteතීරණය හරිද වැරදිද කියලා දන්නේ කොහොමද ක්‍රියාත්මක කරනකල්.
මොන තීරණය ගත්තත්, ඔබටත්, ඔබේ පවුලේ සැමටත් සුබ අනාගතයක් පතනවා...
පොඩ්ඩි අපි අපේ හදවතත් එක්ක කතා කලාම අපි නිදොස් නම් අපේ හදවත සැහැල්ලුයි. හැබැයි හදවතේ සියුම් වේදනාවක් එනව නම් ඒ නිවැරදි නැහැ. ඒත් කළ යුතූම නම් ...... ඔබට ස්තුතියි.
Deleteඅපරදෘෂ්ටියෙන් බලා අතීතයේ ගත් තීරණ ගැන පසුව කලකිරීම තේරුමක් නැති දෙයක්. හැමදාම ඒ මොහොතට ප්‍රශස්ත වූ තේරීම කරන්න.
ReplyDeleteඅපට ග්ලෝබල් ඔප්ටිමම් එක ලඟා කරගන්න බැරි වුණත්, ලෝකල් ඔප්ටිමම් හැමදාම ලැබේවි.
පර්යේෂණ කටයුතු සහ අනෙකුත් දේ ගැන මගේ සුභ පැතුම්.
දරුවන්ව ස්කේප්ගෝට් කරගන්න එපා. දෙමව්පියන් තම යහපත සලසා ගත් කළ දරුවන්ට ඉබේම යහපත සැලසේ!
ඔව් කකා ඔබ මගේ බ්ලොග් ගුරුවරයෙක් ලෙසයි මා සලකන්නේ. ඒ විතරක් නෙමෙයි ඔබේ ජූනියර් බැචෙක් තමා මගේ මස්සිනා. කෙසේ වෙතත් ඔබ ඇත්ත දකිනවා.
Deleteඅපි හැම තීරණයක්ම ගන්නෙ දරුවන් ගැන සිතලානේ. ඒ නිසා මම වඩා කැමති දේ නෙමේ මම දැන් කරන්නේ දරුවට යහපත් දේ. අනික ඔබ කිව් ආකාරයට මගේ අනාගතයේ නිම් වළලු පුළුල් වන්නත් මේ තීරණය ගන්න වෙනවා. හැබැයි හදවත බරයි.
ම් ම් ම් ම් මමත් හිතාගෙන ඉන්නවා ඉක්මනින් වැරදි තීරණයක් ගන්න . .
ReplyDeleteමෙතුවක් කල් ඒකට හිත හදාගනන් බැරුව හිටියේ . .
මොකද පේට්‍රියට් කිව්වා වගේ මගේ රටට මමත් පන වගේ අදරේයි . . .
ඒත් ජීවත් වෙන්න නියම රටක් කියන්නේ කොල පාට ගස් වලින් පිරුනු දියඇලි ගංගා හැමතැන තියෙන නාට්ය නැටුම් සංගීත සංදර්ෂන හැම සති අන්තෙකම තියෙන එකක් විතරක් නෙමේ කියලා මගේ හිත කියනවා.
මගේ හොඳ වයස ඉවරයි ඒත් මගේ දරුවා . . .
මට ඕන කරන්නේ ඌ නිදහස් රටක හැදෙනවා දකින්න.
නයිට් ක්ලබ් එකකට යන්න හිතුනොත් ගිහින් ඇමැති පුත්තුන්ගෙන් පිහි ඇනුම් නොකා එන්න ඉඩ තියෙන තියෙන . .
එහා ගෙදර එකා තමන්ට හිරි හැර වෙන විදිහට ජීවත් වෙනවනම් පොලිසියට හෝ උසාවියට ගිහින් තමන්ට සාධාරණය ඉල්ලා සිටින්න පුලුවන් කමක් තියෙන . .
රටක . . ඉතිං . .. ?????????
දුකා මටත් ඕනෙ එච්චරයි මගේ කෙල්ල නිදහසේ ඉන්නව නම් මට ඒ ඇති. අපි ලොකු බලාපොරොත්තු තියා ගත්ත අය නෙමේ. ජීවිතේ නිදහසේ ගලා යනව නම් ඒ ඇති හැබැයි ගල්පර බහුල මුහුදකට මගේ දරුව ඇදල දන්න මට බැහැ. ඔබත් ඒ වගේ තමයි. අපේ කාලේ ඉවරයි දුකා.
Deleteඒක වැරදි තීරණයක් නෙමෙයි! මටත් පුලුවන් කමක් තිබුනනම් මම ඒ තීරණය අරගෙන ගොඩක් කල්!
ReplyDeleteඇත්තෙන්ම බුද්ධි ඔබේ හැකියාවන් මම දන්නවා. ඔබ වැනි අය පිටරටවල කෝටිපතියන්. ඒ කෙසේ වෙතත් මහා කලාකරුවන්. අපි වගේ රටක පරඬලාපත්. ඒක............. අපේ.................... මොකක් කියන්නද?????............. කරුමෙ නම් නෙමේ.....
Deleteඋරයක හාල් දාල// ඒක නෙමේ වෙද මහත්තයෝ දැකලා දැකලා දැන් හාල් පේන්නෙත් හලාල් වගේ.... හෙහ් හේ.....
ReplyDeleteහලාල් මම අකමැතිම මාතෘකාවක්. ඔබ චුන්ගම් හපලා තියනවනේ. ඕවා අන්න ඒ වගේ. හප හප ඉන්න කොට අපි දන්නෙම නැතුව කෝච්චිය ගිහිල්ල. අපි එතකන් හලාල්.. හලාල්.... හලාල් චුයින්ගම හැපිල්ලම තමයි. හලාල් වැනි මාතෘකා අපේ වගේ රටවලට මහා සම්පත්.
Deleteකරන්න හදන්නේ මොකක්ද කියල හිතට දැනෙන නිසා මාත් මුකුත්ම කියන්නේ නෑ . ඔබෙත් ඔබේ පවුලේත් යහපත තකා හොඳ තීරණයක් ගන්න .
ReplyDelete…ජය !
ඔබ කවදත් මගේ අසදුස මිතුරියනේ... ඔබටත් ජය!!
Delete/* මා අත්විඳි 71, මා සහභාගී වූ 88/89 මගේ දරුවා අත්විඳිනවාටත් අත්දකිනවාටත් මම එකඟ නැහැ. */
ReplyDeleteමේ කියමනේ යටින් තියෙන අරුත කාලය, දීපය සහ දේශය හරිය කියන එකද? කුලවද්දන්න කෙනෙක් නැති එකයි අප්සැට් එක!
මං ඉස්සර කතන්දරයක 2009+(1989-1971)=? කියලා දැම්ම ප්‍රහේලිකාව මතන් වුනා!
බලන්න - කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය - Anura Kumara Dissanayake F2F with KK
http://kathandara.blogspot.com/2011/07/anura-kumara-dissanayake-f2f-with-kk.html
!
ඔබට කියන්න මගේ ලියවිල්ලෙ යටි පෙළ එයයි. ඔබ කවදත් දක්ෂයනේ. ඔබ වැනි අයත් අපේ රටට අහිමි වු කළ අපි මොන හාල් කෑලිද??
Deleteඑක දෙන්න යැවුවම ඔවුන්ට නිදහස වැඩි.නෙම දෙයක් කිරීමේ කාලකන්නි නිදහස තියෙනවා.
ReplyDeleteමාත් ලංකාවේ ජිවත් වෙන්න පුදුම ආසාවෙන් ඉන්නේ.එත්..
ජේ විජයතුංගයන්ට වගේ ඔබටත් අන්තිම දිනය මේ රටේ ගෙවන්න ආසාවක් ඇති නොවෙන්න බැහැ. කෙදිනක හෝ මටත් ඒ ආසාව ඇති වෙයි. අපි කාටත් එහෙමයි. අපේ මුල් මේ බිමට කිදා බැහැලා ඒත් ජීවිතේ අරමුණ තමන්ගේ සුඛ විහරණයම නෙමෙයිනෙ. විශේෂයෙන් තම ජාතක දරුවන්ට යුතුකම් කරන්න බැරිනම් රජ වුවද වැඩක් නැහැ. ඒ නිසා ගත යුතු තැනදී හරි වැරදි නොබලා කළ යුත්ත කළ යුතුම වනවා.
Deleteතව ටික දවසකින් වෙන්නේ ලංකාවට ආදරේ නම් වෙන රටකට යන්න
ReplyDeleteකමක් නෑ අපි බැඳගත්ත බෙරේ පැලෙනකම් ගහමු
මල්ලි බෙරේ පැලිලා ගොඩක් කල්. ඒත් ටිෂූ කොල ඔතන් හරි ඕක ගහන්න අපි ලැහැස්තියි. කෝ ඒකට අවස්ථාවක්. නිස්සෝ මහමඟ පුස්සො පුටුවල.
Deleteපොඩිකාලේ අම්මා වටා හැදුන ලෝකයක අප ජීවත්වෙනවා.දැන් අපි දරුවන් වටා තනා ගන්නා ලොවක ජීවත් වෙනවා . විශමයි චක්‍රය. ගන්නා තීරණය හරි ඒත් හිතට එකඟවයි වැරදි. දරුවන් වටා බ්‍රමණය වන ලෝකේ එය කළ යුතුම වෙනවා
ReplyDeleteඇත්ත නලීන් මේ ලෝකෙ පැවැත්ම ඇත්තේ එතැනයි.
Deleteඅනාගතය ලැන බලන්න ඔනෙ...
ReplyDeleteනොබල කොහොම ද අප්පේ අපිට ඒකවත් හදා නොගත්තොත් වෙන මොනවා හදන්න ද? ජීවිතේ එකම පරමාර්ථය අනාගතය????????
Deleteහැබැයි මම නම් හිතන්නෙ ඕකෙ අනිත් පැත්ත
ReplyDeleteමේකෙ ආයි දෙපැත්තක් නැහැ. ඇත්තේ එක පැත්තයි. ඒ මොනව වුවත් කළ යුතුමයි.
Deleteකබල රස්නෙ බව ඇත්ත ඒත් ලිප ඊට වඩා රස්නෙයි නේද?
Deleteවැරදි තීරණ, වැරදි තිරණ දිගටම ගත්තම සමහර විට ඊළගට ගන්න වැරදි තීරණය හරි වෙන්න පුළුවන්...
ReplyDeleteඒකත් හරි මොක ද සෘණයි සෘණයි ධනනේ.
Deleteපන පිටින් දිවිය ළෝකේ යන්න ලැබීම වාසනාවක්.. මාත් දිවිය ළෝකේ ගිහින් ආයිත් ආවේ දරුවා නිසා සහ ඔවුන් ගෙන්වා ගැනීම අසාර්ථක වූ නිසා. බුදුන් දෙසු නිරයේ ජීවත් වනවාට වඩා, දිවිය ළෝකේ ජීවත් වීම ඇත්තටම පිනක්... ඔබේ ආර්ථීක තත්වය අනුව මේ රටෙත් ඔබට ජීවත් විය හැකි බව මා දන්නවා.. නමුත් ඔබ වැනි සංවේදී මිනිසුනට සුදුසු රටක් නෙමෙයි මේ. සුභ පැතුම් වෙද මහත්මයා.....
ReplyDeleteඇත්තමයි මගේ මිත්‍රයා. මේ වේදනාවන් මා වෙනුවෙන්වත් මගේ පවුල වෙනුවෙන්වත් නෙමේ. සමස්ථ ජාතියේ දරුවන් වෙනුවෙන්. කවදක හරි උන් හරි. එදාට අපි වැරදි. අන්න ඒකයි මට ඇති දුක. හරි පෙනි පෙනී අපි නිකම්මු වගේ බලාන ඉන්නවා. ඒ නිසා අපේ දරුවෝ මේවා හදන්න පෙරට එන දවස බලන්න මම කැමති නැහැ. ඒ දිනය එනවාමයි. වැඩි ඈත නැහැ.
Deleteහැමදේම සුභ වෙන්නට පතමි
ReplyDeleteරට යන්න වගේ..... ඒ රටද අපේ රටද කියල වෙනසක් හිතන්න එපා. මහපොලව මත කොතනත් එකයි. වෙනසකට තියෙන්නෙ කාලයක් හිටපුතැන මුල් ඇදල තිබීම පමණක්මයි.
ReplyDeleteඒ රටද අපේ රටද කියල වෙනසක් හිතන්න එපා. මහපොලව මත කොතනත් එකයි.// කොතනත් ඉන්නෙ මිනිස්සු කියලා වෙදමහත්තයට කිව්ව කතාව මතක් උනා රාජ් මේ කියලා තියෙන දේ දැක්කම. වටිනාකම දන්න තැනකට ගියාම ඔබව තවත් මුවහත් කරලා ඒ ගොල්ල වැඩ ගනිවී. ඒකෙන් බොහෝ දෙනෙක්ට සෙතක් වේවි!
Deletei am really sorry :(
ReplyDeleteලොව කොතැනකට ගියත් මහ වෙදනා මල්ලී ලංකාවේ සිට අද කරනවාටත් වඩා වැඩියෙන් යහපතක් අනාගතයේ දී ඉටු කරන්න අවස්ථාවක් පාදාගන්න පුලුවන් හැකියාව ඇත්තේ වෙන කිසිම කෙනෙකුට නොව ඔබටම පමණයි!! ජයවේවා!!!
ReplyDeleteගන්න තීරණය වැරදි එකක් කියලා පූර්ව නිගමනයකට එන්න එපා මහ වෙදනා. ලංකාවට ආදරය කල හැකි හොඳම ආකාරය විදේශයක ජීවත් වීමයි කියලා මම අත්දැකීමෙන්ම දන්නවා.
ReplyDeleteඔබගේ වැඩ කටයුතු සර්වප්‍රකාර්යයෙන්ම සාර්ථක වේවා.
වෙදනා , මිනිස්සුන්ගේ තීරණ ඔවුන්ගේ නිසා , මොකවත් කියන්න නෑ . ඔබේ තීරණ ඔබට ඇති හේතු උඩ , ඔබේ නැණ පමණින් තෝරා ගන්න පාරේ යන්නේ ඔබ ....හරි , වැරදි තීරණ නැති බව හා ඇත්තේ තීරණ පමණක් බවයි මගේ විශ්වාසය .
ReplyDeleteඔබට, තීරණය ගැනීමට ශක්තිය , දහිරිය හා වාසනාව සහ ජය .
මම එන්න හදනකේට ඔබ යන්න හදනවා...
ReplyDeleteකොහේ ගියත් ලියන එක නම් අමතක කරන්න එපා... අපිට ලොකු දැනුම් සම්භාරයක් ලැබෙනවා ඔබේ ලිපි වලින්..
ඔබ යන්න... ගිහින් දියුණු වෙලා එන්න.. ලංකාව කියන්නෙ පර්යේෂණ වලට සුදුසු තැනක් නොවෙයි...
ආයෙම ඇවිත් අපි හිතාගෙන ඉන්න ලෝකෙ හදන්න එකතු වෙමු...
මට දුක බ්ලොග් ලෝකෙ මම සැබෑවටම හමුවෙලා කතා කරපු හැමෝම මගෙන් දුරස් වෙනවා... තරහ වෙලා නෙවෙයි... භූගෝලීය සාධක නිසා.. මුලින් අරුණි අක්කා... දැන් ඔබ....
සුභ ගමන්...
yahpatha wenuwen theerana akamaththen wuwada gtha yuthuyi ..!
ReplyDeleteඔබේ කතාව අසන්න දුක්බරයි. එහෙත් දුශ්කරතා නැගිටීමේ හැඟීමක් හිත ජනිත කරවනවා. ඔබ කියන 89 කාල වකවානුව මා කුඩායි. නමුත්, නැවතත් රටේ පාලනය එවන් තත්ත්වයකට නෙයැවේවා කියා පතනවා.
ReplyDeleteකොහේ සිටියත් අප සමඟ සිටින්න.
හිත එකඟ තීරණ ගන්නකොට හදවතේ අවංක බැදීම හින්දා වේදනාවක් ඇති වෙනව. ඒත් ඒ තීරණය ක්‍රියාත්මක කරල තමන් කල දේ හරියි කියල හදවතට දැනෙනකොට ඒ වේදනාව නැතිවෙලා යනව.
ReplyDeleteඔබතුමාට සහ පවුලේ සැමට සුභ අනාගතයක්............