Wednesday, April 25, 2012

ආඬි ප්‍රතිපත්ති සහ අපේ උරුමය.

මේ ලිපිය ලියන්න සිතාගෙන විශාල කාලයක් ගෙවුනා. නමුත් නොයෙක් නොයෙක් හේතුමත එය මඟ හැරුනා. දැන් ඒ නියම කාලය.......

මොහොතක් ඉන්න....

මුලින්ම මෙය දේශපාලනික ලියවිල්ලක් නෙමේ. කිසිම ආගමකට ජාතියකට අඹ මල් රොණක තරම්වත් හානියක් මේ ලිපියෙන් කරන්න මගේ තුන් සිතකවත් අදහසක් නැහැ.

ඒත් "නානාත්ත කායා නානාත්ත සඤ්ඤා" කියනවනේ.

ඒ නිසා යමෙක්ට එහෙම හැඟුනොත් සමාවෙන්න. බයබෝයි!!!

මේ ලිපිය පටන් ගන්නම්, ඉන්දියාවෙන්.....

එකොළොස්වන ශත වර්ෂයේ දී පමණ මධ්‍යම ආසියාවේ සිට සුළු ආසියාව කරා ව්‍යාප්ත වූ අරාබි ජාතීන් ඉන්දියාවට පැමිණියා. උන්නතිකාමී ජාතියක් වූ අරාබීන් සැම විටම අවිබලයම ඉහළින් සැලකුවා. මේ යුගය වන විට ඉන්දියාවේද ඉතා විශාල පරිවර්තනයක් සිදුවෙලා තිබුනේ. එනම් දැනුම සොයා ගිය පුරාණ සෘෂි යුගයන් අවසන් වී ඉන්ද්‍රජාලික යාගහෝම බහුලව සිදුවන යුගයක් පැමිණිලා තිබුණා. මේ නිසා මුළු ඉන්දියාවම ඉතාමත්ම අනාරක්ෂිතව තිබුණේ. කතාවක් තිබෙනවා, එක්තරා රාජධානියකට පහර දෙන්න පැමිණියේ දහයකට අඩු අරාබීන් කණ්ඩායමක්ලු, නමුත් එක රැයෙන් මුළු රාජමාලිගයත් රජුත් සියල්ලම අල්ලා ගන්න ඔවුන්ට වැඩි වෙලාවක්වත්, බලයක්වත් යොදන්න වුණේ නැහැලු. හේතුව ආක්‍රමණය සිදුවද්දීත් ඔවුන් විශාල යාගයක් කරමින් තමයි සිට ඇත්තේ.

මේ අනුව ඉන්දියාවේ තිබූ රාජධානී විශාල ගණනක් ඉතා සුළු කලකදී අරාබීන් විසින් නතුකරගනු ලැබුවා.

මේ මෙසේ වත්දී හින්දූන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරගෙන තම නිසල දිවිය සාමයෙන් යුතුව ගෙවාදැමීමට උපක්‍රම සොයා බොහෝ දුර ගමන් කළා. හින්දූන් මෙම ඛේදවාචකයට මුහුණ දෙමින් තම නිජබිමින් සරණ සොයා පලා යනවිට ඔවුන්ට නොවරදින කෙම්බිමක් වූයේ අපේ සිංහලේ යි.

අපේ සැඟවුණු ඛේදවාචකය ඇරබෙන්නේ එහෙමයි.

මේ කතාවට ඔබ කැමති වුවොත් මේ ඔස්සේ තවත් ඉතිහාසයේ සැඟවී ගිය තොරතුරු ගැන අපි කතා කරමු පසුව. කෙසේ හෝ දැන් අපි පැමිණෙනවා ඉතාමත් වැදගත් තැනකට.

මේ සිද්ධීන්වල කූටප්‍රාප්තිය වෙන්නේ දහසය වන ශත වර්ෂයේ ඉන්දියාවට පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග. ඉතා දරුණු යුදකාමී ජාතීන් දෙකකට මැදිවන අහිංසා ධර්මයේ කෙළ පැමිණි හින්දූන් සිංහලේ බලා පලා එනවා පොකුරු පිටින්.

මේ කාලයේ සිංහලේ පැවතෙන්නෙත් ඉතාමත් අවිනිශ්චිත යුගයක්. කොට්ටේ යුගයේ ආරම්භයේ පටන්ම තිබුනු අනාරක්ෂිත බව උපරිමයෙන් සිංහලේ වැසියන් අත්විඳින්නේ මෙකලයි.

ඉන්දියාව උතුරෙන් අරාබීන් වෙතින් සමූලඝාතනය වෙන වෙලාවෙම දකුණෙන් පෘතුගීසීන් පැමිණෙනවා. එකොළොස්වන ශත වර්ෂයේ උතුරෙන් ඇරඹෙන මේ ඉන්දියානු හින්දුන්ගේ ව්‍යසනය, එවිට දකුණෙන්ද ඇරබෙනවා දහසයවන ශත වර්ෂයේ.

කෝට්ටේ සයවන පරාක්‍රමබාහුගේ පාලනය නිසා ඉතාමත් සමෘධිමත් යුගයක් මේවන විට සිංහලේ පැවතෙන්නේ.

සිංහලේ ට මෙසේ පැමිණෙන සංක්‍රමණිකයන් වැඩිපුරම තම වාසය පිණිස තෝරා ගන්නේ කෝට්ටේ අගනුවරට නුදුරු ගොදුරු ගම්. මේවායේ නෂ්ටාවශේෂ තමයි, සෝම ග්‍රාමය හෙවත් හෝමාගම නම් ඉන්දියානු බමුණන්ගේ යාග හෝම පැවැත්තූ ග්‍රාමය. පිළියන්දල, හෝකන්දර, වැනි ග්‍රාමයන්. (මේ ගැන පසුව වෙනම ලියන්නම්.) කෙසේ හෝ මොවුන් මේ ගම්වල අගනුවර අවට තම ස්ථිර වාසය අරබනවා.

කල්යාමේදී මොවුන් සිංහලේ සමග මිශ්‍ර වීමෙන් දේශීය වෙනවා. නමුත් ඒ හින්දු දහමත් යාගහෝමත් මෙරටට ජනසමාජයට එක්කරමින්. මොවුන්ගේ බෞද්ධ බව තුළ හින්දු ආගමික වත් පිළිවෙත්ද අඩංගු වෙනවා. විශේෂයෙන්ම නැකැත් ශාස්ත්‍රය, ආයූර්වේදය වැනි එකලත් මෙරට දියුණුව පැවති සමහර විද්‍යාවන් සමග ක්‍රමයෙන් මිශ්‍රවන මේ හින්දු ආගමික සිරිත් විරිත් සිංහලේ සමාජය තුළ හඳුනාගත නොහැකි අයුරින්ම සමාජගත වෙනවා.

ක්‍රමයෙන් පෘතුගීසීන්ගේ බලය ලංකාව වෙතද ව්‍යාප්තවන විට, කෝට්ටේ රාජධානියේද පරිහානී යුගය ඇරඹෙනවා.

සිංහලේ ඉතිහාසය තුළ ඉතාම අද්විතීය සේවයක් කළ නමුත් නිසි පිළිගැනීමක් අදටත් ලැබී නැති සිංහලේ අවසාන රාජකීයයා වන (මෙහෙම ලිව්වේ හෙතු ඇතුව. ඒ කතාව පසුව.) සීතාවක පළමුවැනි රාජසිංහයන්ගේ සීතාවක ඉතා ශක්තිමත් රාජධානිය ඇති වෙන්නෙත් මේ යුගයේදීයි.

රාජසිංහයන් ඉතා අසීරු යුද්ධයක සිටි බැවින් ඔහුගේ රාජධානිය ඉතාමත් ආගමික නිදහස් මතධාරී තත්ත්වයක තමයි මේ වන විට තිබෙන්නේ. ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා මේ සංක්‍රමණිකයන් රජුගේ හා රාජධානියේ බලවත් තත්ත්වයකට මේ අවස්ථාවේදී පත් වෙනවා. දැන් ඔවුන්ගේ විශ්වාස හා ඇදහිලි වලට යම් තරමක නිලභාවයක්ද මේ තුළින් ලබා ගැනීමට තරම් මොවුන් උපක්‍රමශීලී වෙනවා.

සීතාවක රාජධානිය පුරාම තම වත්පිළිවෙත් වපුරමින් බෞද්ධාගමික හින්දු චාරිත්‍ර දේව ඇදහිලි සමාජයට ඔබ්බන්නට මොවුන් මේ සමය තුළ ගන්නා උත්සාහය ඉතාමත් සාර්ථක වෙනවා. අදටත් දැකිය හැකි බැරැන්ඩි කෝවිල මේවායේ නටබුන්. ඉතා කෙටි කලකින් අවසන්වන සීතාවක රාජධානියේ වැටීමටත් මේ හෙතුවම විශාල ලෙස බලපානවා. උදාහරණ විදියට ඉදිරි දිනක අප කතා කරන අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් හදුන්වා දිය හැකියි.

සිංහලේ පුරා පැතුරුණු මොවුන් ආඬින් ලෙස අපේ පැරැණි සමාජයේ හදුන්වා ඇත. මෙම ආඬීන්ගේ දායකත්වය යුද්ධයේදී රාජසිංහයන් වෙත ලැබුණද ඒ තුළින් ඔවුන් ලබාගත් වැදගත්ම දේ වන්නේ සිංහලේ සමාජයේ ස්ථාවරත්වයට පත් වීමයි.

සිංහලේ වැසියන්ගේ ලේවලම තුබූ එකිනෙකා පාවාදීම වැනි වැරදි හැසිරීම් නිසාද සංක්‍රමණික ඉන්දියානුවාට පහසුවෙන්ම රජුගේ සිත් දිනා ගැනීමට මඟ පෑදෙනවා. උදාහරණ ලෙස වික්‍රමසිංහ මුදලි සහ සෙනවිරත්න මුදලි අතර හටගත් ආරාවුල පෙන්වා දිය හැක.

මේ අනුව කලක් ගතවන විට ස්වදේශිකයන්ට වඩා විශාල බලයක් සංක්‍රමණික ඉන්දියානුවාට ක්‍රමයෙන් ලැබුණි.

සීතාවක රාජධානියේ පරිහානියත් සමගම මේ සංක්‍රමණිකයන් සීතාවක අතහැර වෙනතක් බැලීය. එහිදී ඔවුන් තෝරාගත් විකල්පය වූයේ කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය නම් වංශවත් සිටුවරයායි. මොහු සම්ප්‍රදායික සිංහලේ රාජකීයයෙක් නොවුන අතර සිංහලේ වැසියන්ගේ තේරීමද නොවුණි. නමුත් අතිදක්ෂයෙක් වූ හෙතෙම යම් පමණකට සිංහලේ රාජධානිය ආරක්ෂා කිරීමට සමත් වුවත් එය කන්ද උඩරටට සීමාසහිත විය.

කොනප්පු බන්ඩාරයණ්ගේ වාරය පැමිණිබව දත් උපක්‍රමශීලී සංක්‍රමණිකයා කෙමෙන් කන්දේ රාජධානිය වෙත යොමුවිය. නියම රාජකීයයෙක් නොවුණු ජනතාව විසින් එතරම් සුහදව පිළිනොගත් කොනප්පු බණ්ඩාරයන්ට කිට්ටු වූ සංක්‍රමණිකයා, කන්දේ රාජධානියේ පැලපදියම් විය. එහි වංශවතුන්ගේ තත්ත්වයට පත්වූ මොවුන් රාජකීයයන්ගේ ළඟම මිතුරන් සහ උසස්ම නිලධාරි පැලැන්තිය බවට පත් විය.

එසේ ලබාගත් තම අවස්ථාව කන්දේ රාජධානිය අවසන් වන විට තවදුරටත් රැක ගැනීමට ක්‍රමයෙන් ඉංග්‍රීසීන් වෙතද කිට්ටු වීමට තරම් මොවුන් කපටි වෙනවා.

උතුරු ඉන්දියානු වත්පිළිවෙත් කන්දේ රාජධානියේ මාලිගය තුළ බොහෝ සෙයින් අගය කෙරුණි. ඒ අතරම හින්දු දේව විශ්වාසය ද එම ශාස්ත්‍රයන්ද පිරිසිදු බුදු දහම සහ ආයූර්වේදය තුළ කෙදිනකවත් වෙනස් කළ නොහැකි ලෙස කිදා බැසීමද සිදු විය.

කන්දේ රාජධානියේ අවසාන සමය තුළ මේ මහා ඛෙදවාචකය සම්පූර්ණ කරමින් දකුණු ඉන්දියානුවන් රාජධානියේ බලය අල්ලා ගැනීම ද, අවසන ඉංග්‍රීසීන්ට එය පාවාදීම ද සිදු විය.

ඒ වන විට අපේ ගැතිකම් කොතෙක්ද යත් ගලගමයන් හා තව කෙනෙක් දෙදෙනෙක් හැර ඉංග්‍රීසි සිංහල උඩරට ගිවිසුමට අත්සන් කළ වැඩිදෙනා තම අත්සන යෙදුවේ දෙමළ බසිනි.

ඉංග්‍රීසි යටත් විජිතයක් වූ පසුද මේ සංක්‍රමණිකයාගේ විජාතික ගති ලක්ෂණ මතු වෙමින් යට යමින් ඉංග්‍රීසීන් හමුවේද තම ආඬි ප්‍රතිපත්ති මත ගෞරවය දිනාගත් සංක්‍රමණිකයා ඉංග්‍රීසින්ගෙන් පසුව කෙළින්ම තම අතට රාජධානියේ පාලනය ඩැහැ ගැනීමට සමත් විය. අද අප පෙළන බොහෝ ප්‍රශ්න වල ආරම්භය මෙය වුවත් මේ ගැන කතා කරන්නේ කවුද?

අනාදිමත් කාලයක සිට තම ප්‍රමුඛභාවය අහිමි වූ සිංහලේ වැසියා, අද තමාගේ මුල් කොතනදැයි නොදනී.

දැන් මේ ලියවිල්ල අවසාන කිරීමට පෙර මම ඔබෙන් යමක් අසන්නම්,


මේ ලියවිල්ලේදී මම හැම විටම සිංහලේ යනුවෙන් ඔබට යමක් කීමට උත්සාහ කළා ඒ කුමක්දැයි ඔබ සිතන්නේද?

69 comments:

  1. අඩි සම්බන්දයෙන් කතා කිරීම පිලිබදව ස්තුතියි. ඉන්දියාවෙ ආන්ද‍්‍රා පුදේශයෙන් ආ දෙමළුන් ලංකාවේ සිංහලයන් සමග මිශ‍්‍ර වි ආඩි යන ජන වර්ගය ඇතිවුනි. මුන් ලංකාවට එන්නේ කෝට්ටෙ යුගයට සෑහෙන්න පෙරය. තමන් යක්කු බව පවසමින් ලංකාවෙ අයිතිය පැවසිම මොවුන් අතින් සිදුවෙ. සිංහලයේ මහා පාවා දීම් රුසකට මුන් සම්බන්දය. ගිවිසුමේ වැඩිපුර ඇත්තේ දෙමළ අස්සන් නොව ඉංගිසි අස්සන් බව මා දැක ඇත. එය විමසා බලන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ. මේ මිනිසුන්ගේ නරක අයට වඩා හොඳ අයත් සිටිනවා. මා කියන්නේ ආකල්පමය වෙනසක් ඇති කර මේ සියල්ලන් එකට එක්කර ගත හැකි ක්‍රමයක් අපට අවශ්‍යයි.

      ගිවිසුමේ සියල්ලන්ගේ නම් ලියා ඇත්තේ ඉංග්‍රිසියෙනි. නමුත් ඒ ඉදිරිපිට අත්සන යොදා ඇත්තේ අතකුරිනි. ගලගම, ඇල්ලේපොළ සහ තවකෙක් මට නම මතක නැහැ අත්සන් තබා ඇත්තේ සිංහලෙනි. අනෙකුන් දෙමලෙනි.

      Delete
    2. සිංහලෙන් අත්සන් කලේ ගලගම , ගලගොඩ සහ මොනේරවිල . ඇහැලේපොල අත්සන් කලේ දෙමලෙන්. බලන්න තේන්නකොංන් විමලානන්ද ගේ උඩරට මහා කැරැල්ල 2 වන පොත.

      Delete
  2. මෙය වැදගත් ලිපියක්.

    අද පවතින සිංහල ජන කොටස එක කාලෙක, ඉන්දියාවේ එක පලාතකින් පැමිණි අයගෙන් පැවතෙන අය නොවේ.

    ගුජරාටි, මැරෑටි, බංගාලි, මලයාලි මෙකී නොකී සියළු කොටස් අයිතියි.

    පියදාස සිරිසේන ලියූ විමලතිස්ස හාමුදූැවන් ගේ මුදල් පෙට්ටිය නවකතාව බලන්න.

    ඔය රාජසිංහ කාලයේ පෙරුමාල් ලා (බමුණෝ) ආවේ මං හිතන්නේ ආන්ද්‍රා ප්‍රදේශයෙන්. වෙන්ඩුපෙරුම විතරක් නෙමේ, ඉලේපෙරුම, සුරියප්පෙරුම, කාරියප්පෙරුම, වීරප්පෙරුම ආදී පවුල් බර ගාණක් ඉන්නවා.

    මගෙන් 12.5% ක් ඉලේපෙරුම. මෙහි මුල් නම ඉලෙයිප්පෙරුමාල්.

    http://www.babynology.com/meaning-ilayaperumal-m30.html

    !!!

    ReplyDelete
    Replies
    1. Mr. සාධාරණApril 25, 2012 at 1:57 PM

      හුටා....! සූරියප්පෙරුම.....?????? දොර මඩලාවෙ (ITN) ලොකු කතිකාවතක් නිර්මාණය වෙයි වගේ....ඔරිජිනල් සිංහල කියන්න

      Delete
    2. කශු පෙන්නලා දුන්නේ වැදගත් පාරක්... මම හිතන්නේ ඔය කථාව ඇත්ත. අපේ ආච්චිලගේ පරම්පරාවත් ඉලේපෙරුම... ඔය වගේ නම් වල සිංහල තේරුම මොකක් වෙන්නැද්ද කියලා මට පොඩි කාලෙත් කුතුහලයක් තිබුණා... අදයි උත්තරේ හම්බවුනේ... කශූට ස්තුතියි සබැඳිය බෙදාගත්තට !!!

      Delete
    3. කතන්දරගේ දායකත්වය ඉතා ඉහලින්ම අගය කරනවා. ඔබ මගේ ලිපිය අලෝකමත් කලා.

      සාධාරණ සහ චතුරංගට ස්තුතියි.

      Delete
    4. අහල තියනවද නල්ලපෙරුම කියන නම් තියන අය? දෙමල උරුවට අදටත් මේ නම තියන විදිය බලන්න

      Delete
  3. දන්නෙ නැති කරුණු ගොඩක් දැනගත්තා..
    වටින ලිපිය...

    ReplyDelete
  4. රසවත් ලිපියක්!!!

    //මේ කතාවට ඔබ කැමති වුවොත් මේ ඔස්සේ තවත් ඉතිහාසයේ සැඟවී ගිය තොරතුරු ගැන අපි කතා කරමු පසුව//

    අනේ කතා කරමු.:)

    අද සිංහල කියන්නේ මිශ්‍ර ජාතියක් තමා.

    //මේ ලියවිල්ලේදී මම හැම විටම සිංහලේ යනුවෙන් ඔබට යමක් කීමට උත්සාහ කළා ඒ කුමක්දැයි ඔබ සිතන්නේද?//

    සිංහලයාගේ ඇඟේ දුවන්නේ සිංහ ලේ කියන එකද?:)

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි.

      සිංහලේ ගැන වෙනම කතා කරනවා.

      Delete
  5. මගේ වාසගමත් (රාමදාස) ඉන්දියානු ඌරුවක් තියෙනවා කියලා හිතෙනවා. දන්නා කලින් පරම්පරාවන් සියල්ල සිංහල ලෙස දැන ගන්නට තිබුනත් ඉන්දියානු මිශ්‍රණයක් ඇති. කේරලයේ ඉන්නා රාමදාසලා නම් මට හමු වෙලා තියෙනවා. :)

    සිංහලේ කියන්නේ අපේ රටේ පෙර නම ද ? ලංකාව වුනෙත් විජාතික කුමන්ත්‍රණයකින්ද ?

    මේ කාරණාවට ටිකක් සම්බන්ධ ලිපියක් මම ලියාගෙන යනවා. තව කරුණු ටිකක් තියෙනවා සොයා ගන්න. සංඛ්‍යානය පිලිබඳ විශේෂඥකගේ උදවු ඕන. ඔබතුමාගෙනුත් දැන ගන්න දේවල් ටිකක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ලියන්න. ඕනෙම උදව්වක් කියන්න. හැකි දෙයක් දෙමි.

      Delete
  6. කාලේකට පසු දැනුම් සම්භාරයක් රැගෙන පැමිණිම සතුටක් . ඔබ කියා ඇති ආකාරයට සංක්‍රමණිකයන් වැඩිපුරම …සිටිනා ප්‍රදේශක් තමා හෝමාගම . මේ ගැන වැඩිදුරට දැනගන්න කැමතියි මාත් ඒ පලාතේ කෙනෙක් නිසා .

    …සිංහලේ ගැනනම් මුකුත් නොකියමි :D

    ReplyDelete
    Replies
    1. ඉස්සර මං පස්තාච්චි කරන කාලේ තායියෙක් හිටියා හොමෝසෙක්ෂුවල් පොරක්.
      අපි පොරට දාපු සිංහල නික්නේම් එක තමයි හෝමාගම!

      Delete
    2. අපිත් හෝමාගම කොට්ඨාශේ තමා හරිය !!! වෙදනා මේ ගැන විස්තර කරන කල් ඉන්නේ !!!

      Delete
    3. අපි නොදන්න හෝමාගම

      Delete
    4. ඒ ගැනත් ලියමුකෝ ලඟදීම.

      Delete
  7. සමහර දේවල් විශේෂයෙන් ඉතිහාසය අපි හිතනවාඩ වඩා වෙනස් වෙන්නත් පුළුවන්. මේ කිසිවක් මම කලින් අසා ඇති දේවල් නම් නොවේ. ඒ නිසා ස්තූතියි මේ කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව. සිංහලයාගේ ඉතිහාසය ගැන සයිබරයේ වැඩියෙන් කතා කරන සමයක් වගේ මේ.
    ඔබේ නැවත බ්ලොග් ලියන්න පටන් ගත් එක සතුතට කරුණක්.
    වෛද්‍ය විද්‍යාත්මක ලිපිත් ඉස්සර වගේම නැවත ලියන්න.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ පුස්සන්ගේ අතීතයක් තමයි අපේ ඉතිහාසය වෙලා තියන්නේ. නියම අතීතය තාම පොළව යට.

      Delete
  8. වෙදමහත්තයෝ..මමත් සිංහ..ලේ හොයනව....බලමු මේ ඉතා වැදගත් කතිකාවකි පුලුවන් තරම් දුර මේ කථීකාව රැගෙන යමු...

    ReplyDelete
    Replies
    1. බලමු ඇදගෙන යන්න. ඔබලාගේ උදව්වත් මගේ මහන්සියත් තියේ නම් මොකෑ බැරි?

      Delete
  9. ගොඩාක් වටිනා කරුණු ටිකක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණා. වර්ණා අප්පමාදෝ අමත පදං කියන ගාථාව අහලා තියේද?

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. සිංහලයා නම් පැවත ගෙන එන්නෙ බලංගොඩ මානවයගේ තාත්තගෙන්නෙ.

    කොහොමඋනත් වෙදමහත්තයගේ ඉතිහාස කතාව අහන්න ඔන්න මමත් සැදී පැහැදී ඉන්නවා. සිංහලේ කියලා ලියලා තියෙන්නෙ ඇයිද කියලා කියන්න මම කලබල නොවී ඉන්නම්. මෙහෙම යද්දි හිමීට ඒකත් වටහාගන්න පුලුවන් වෙයිනේ.....

    ReplyDelete
    Replies
    1. බුද්ධියට බැරි දෙයක් තියේද?

      Delete
  12. ස්තුතියි වෙදනාට මේ ලිපිය මහන්සි වී සැකසුවාට !!!

    මමත් කරයේම අදහන කාරණයක් තමා ශුද්ධ සිංහලයෝ ලංකාවේ හරි අඩුයි කියන එක. බස්නාහිර පලාතේ නම් ඇත්තේම නැතුව ඇති. කොළඹ අය (කෝට්ටේ) හින්දු කලවම්... කළුතර යෝනක කලවම්... ගම්පහ ක්‍රිස්තියානි කලවම්...!!!

    ඉතිහාසය ඉගෙන ගනිද්දී අන්තිම රජවරු හතර දෙනා හින්දු කියලා දන්නවා වුනාට නිධාන කථාව වැටහුනේ අද තමා... ඇත්තටම මේක විමර්ශණාත්මක ලිපියක්... ගොඩාක් හැංගිච්චි දේ දැනගන්න පුළුවන් වුනා...

    කථා නොකරපු දේවලුත් එක්ක හැමදේම ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී කියන්නම් නිර්මල සිංහලේ වැසියන් ගැනත්.

      Delete
  13. මේ කතාවෙ ඇත්ත නැත්තනම් කොහොමද දන්නේ නැහැ.

    මම අහලා තියෙනවා අපේ හිටපු ජනාධිපතිවරයෙක්ගේ සීයා මුස්ලිම් බවත්, රාජසිංහ රජ්ජුරුවන්ව හැංගිලා හිටපු තැනින් ඇදගෙන ගිහින් සුද්දන්ට භාර දුන්නේ ඔහු බවත්. මේ ගැන කියවෙන පොතකුත් තියෙනවාලු කියවන්න ලැබුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අපේ ජයවර්ධන උන්නැහැ ගැන. එතුමාගේ මීමුත්තා තම්බි තමා. එතුමා රාජසිංහ රජු අතවරයන්ගෙන් මුදා ගැනීමට ස්තුතියක් ලෙස රජු තම අත් ඔරලෝසුව තෑගි කල බවයි මම නම් දන්නේ. ඒ ඔරලෝසුව දැන් තිබෙනවා කටුගෙයි. ජයවර්ධන් උන්නැහැ පිරිනමලා. ( මුන් ඒකත් උස්සයිද?)

      Delete
    2. තෑගි කළාය කියන්නේ එහෙම කියලා පොතක් ලියෝපු නිසයි.

      පරණ ඉංගිරිසි ලියවිලිවලින් ඔප්පුවෙන්නේ එහෙම නොවේය කියනවා.

      මේ පරම්පරාව ගැන විස්තර කියා වංශ කතා ලියවා ගැනීම ගැන මා මුලින් කියූ විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පොට්ටිය පොත බලන්න.

      Delete
    3. නැහැ . තම්බි මුදියන්සේ. ඒ කියන්නේ දෙමලෙන් මල්ලි කියනේ එක නේද ? එයාල දෙමල . මුස්ලිම් නෙවේ .හරි නම දොන් එද්රියන් විජයසිංහ ජයවර්දන . ජේ.ආර්. ගේ මීමුත්ත.

      Delete
  14. sahena kaleka edan blog kiyewwata ada thamai comment ekak danne.sinhala font nathi eka gana duk wena gaman samawa ellanawa.ethamath wadagath lipiyak.mama nam mewa gana wadiyama kiyanna tharam danumak thiyana kenek nemi.e nisa kiywanna balan ennawa ape saba ethihasaya gana.

    ReplyDelete
    Replies
    1. සහෝ, ආයෙත් කමෙන්ට් කරන කොට මෙන්න මේ සයිට් එකට ගිහින් එතන සිංග්ලිෂෟ වලින් කොටලා මෙතනට පේස්ට් කරන්න. මෙන්න පාර

      Delete
    2. ස්තුතියි. චතුරංගගේ පාරේ ගිහින් සිංහලෙන් කොටන්න. මටත් සෑහෙන්න චතුරංග උදව් කර තිබෙනවා.

      Delete
    3. බොහොම ස්තුති චතුරංග

      Delete
    4. @ සුදු නෙළුම :
      ස්තුති කරන්න ඕනේ මට නෙවේ සහෝ ! ඔය සේවාව අපිට දෙන්න මහන්සි වුනු අවට !!! සිංහලෙන් අකුරු ටික දැකීමම මට නම් සතුටක් !!! ජයවේවා !!!

      Delete
  15. මයියා අහලා තියෙන විදිහට නම් ටිකිරි කුමාරයා( රාජසිංහ රජ්ජුරුවන්) තමන්ගේ තාත්තා උන මායාදුන්නේ යුව රජුව මරලා සීතාවක රජකම උදුර ගත්ත හින්දා හාමුදුරුවෝ ටිකිරි කුමාරයා ගැන ඒතරම් පැහැදීමකින් ඉදලා නෑ. කුමාරයත් තමන් කරපු පව ගෑන බයෙන් ඉන්න වෙලාවේ, අරිට්‍ටු කෙවෙන්ඩු ඇවිල්ලා යාග හෝමකරලා රජතුමන්ගේ පව නැති කරලා දාන බව පවසලා රජතුමන්ව රවට්ට ගෙන ඒතුමාව බෞද්ධ පන්සල් විරෝධීයෙක් බවට පත් කරලා තියෙනවා.රාසීහ දෙවියන් කොතරම් පෘතුගීසි විරෝධීයෙක් උනත් ඒතුමා අතිනුත් බෞද්ධ පන්සල් විනාශ වෙලා ගිහින් තියෙනවා. කොටින්ම කිව්වෝත් ගනින්නාසෙලා කියලා කියාන කට්ටිය බිහිවෙලා තියෙන්නේ මේ කාලේ. ඒ නිසා ඔබ කියන ආගමික නිදහසක් ගෑන නම් මයියට නම් තියෙන්නේ වෙනත් අදහසක්...

    කෙසේ උනත් රජසිංහ රජ්ජුරුවන් ඉතා දක්ෂ රණකාමියෙක් බව පැවසෙනවා. සිංහලයන්ගේ වාසනාවකට හෝ අවාසනාවකට එතුමාගේ සමකාලින කොට්ටේ හමුදා නායකයා උන වීදිය බණ්ඩාර , රාජසිංහ රජතුමාට හැම විටම විරුද්ධව හිටියා...එවකට පෘතුගීසීන් පවා බියෙන් වෙව්ලා ගිය මේ ශ්‍රේශ්ඨ රණකාමින් දෙදෙනා ඒකමතුව ක්‍රියා කලා නම වර්තමානයේ ලංකාවේ ඉතිහාස මීට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබුනා..හරියටම කියනව නම් වර්තමාන්යේ මහින්දත්, ෆොන්සේකාත් එකමතුව ක්‍රියා කලා නම් ලංකාවේ කථාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා වගේ තමයි...

    සිංහලයගේ පාරිශුදත්වය ගැන මයියා මෙන්න මේ ලිපියෙන් කාලේකට ඉහත කථා කලා

    http://maiyyagelokaya.blogspot.com/2010/07/o.html

    http://maiyyagelokaya.blogspot.com/2010/07/o-2.html

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකා රණකාමියෙක් උනාට මහින්ද මොන රණ්කාමියෙක්ද මයියෝ....යන්න නිකන් පිස්සු කියවන්නේ නැතුව

      Delete
    2. මයියා සහෝ මේ ගැන මගේ මතය බොහෝ වෙනස්. මම ඒකත් ලියන්නම්.

      Delete
  16. කාලෙකින් වෙදමහත්තයා කස්ටිය කලත්තලා තියෙන්නේ..

    ඉදරියට බලමු.. නියමයි !

    ReplyDelete
    Replies
    1. ඒකනේ මට ඔබේ ලිපි කියවන්න හරි අමාරුයි. අර විචාරකගේ ලිපිය හරිම ඇත්ත. ටෙලිකොම් එකේ ගෑස් බලන්න වෙලා මටත්. ඒ ලිපියත් බැලුවේ අමාරුවෙන්.

      Delete
  17. අර ප්‍රශ්නෙට උත්තරේ හැර අනිත් හැම දේම කියවිලා තියෙන්නේ...

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ උත්තරේ තමයි ඊලඟ ලිපිය වෙන්නේ.

      Delete
  18. ඔය වගේම තමයි අපේ භාෂාව ආහාර පාන හැම දෙඉකම ඉන්දියන් අභාෂය තියෙනවා අපි අපේ පිරිසිදු කියන භාෂාවේ සමහර වචන ගෙඩි පිටින් මලයාලි සහ දෙමලත් කතා කරනවා.අවුරුද්දට අපේ කියල හදන කැවුම් කොකිස් දොදොල් කෙරලේ ජනප්‍රිය රසකැවිලි.කොටින්ම අපේ කියල පම්පෝරි ගහන හැම දෙයක්ම ඉන්දියන් අභාෂය තියෙනවා කියන එක තිත්ත උනත් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මේවා ඉතා ලඟින් පිහිටි රටවල්. ඒ නිසා මිශුවීම අනිවාර්යයි.

      Delete
  19. මේවා ගැන මගෙ ඇති දැනුම ගැන දැනගතිමි. අන්තිමයි. මුල ඉඳන්ම දැනගන්න වෙයි වගෙ.

    ReplyDelete
    Replies
    1. ඉති බලමුකො ඒකෙත් හැටි. ඉක්මනින් සොයා ගමු.

      Delete
  20. වැදගත් ලිපියක් වෙද මහත්තයෝ .

    නොදැන උන්න බොහොමයක් දේවල් දැන කියාගත්තා . අදහස් දෙන්න තරම් මම මේවා ගැන දැනුමක් තියන කෙනෙක් නම් නෙවෙයි ඒත් මෙතනින්ම තව ඉගන ගන්න නම් කැමතියි . තවත් මේ ගැන ලියැවෙනවා නම් ආසාවෙන් කියවන්නයි ඉන්නේ

    //එක්තරා රාජධානියකට පහර දෙන්න පැමිණියේ දහයකට අඩු අරාබීන් කණ්ඩායමක්ලු // ඔය කියන කතාව මමත් අහලා තියනවා .

    ReplyDelete
  21. සිංහල ජන සමාජයට හින්දු සිරිත් රිංගාගත් අයුරු දැනගත්තෙමි.මෙවන් ලිපි පලකිරීම ගැන ස්තූතිවන්ත වෙමි.

    ReplyDelete
  22. ඉතාම අගනා ලිපියක්.. පොඩි ගැටළු කීපයක් තියෙනවා..
    1. ඉන්දියාවෙන් මේ පැත්තට කස්ටිය ආවේ විජයගේ කාලෙ ඉඳලා නේද? රජවරු අභිෂේක කොරන්ටත් එහෙන් බිසෝවරු ගෙන්නුවා ලු නොවැ..
    2. සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ නම් නියම රණකාමියෙක්ලු.. හැබැයි උන්නැහේ අන්‍යාගමික වීම හරහා බුදු දහමට හරියට අඩංතේට්ටං වෙලා තියෙනවලු නේද?

    මුස්ලිම් අයියලා ගැන ආයි කියන්ට දෙයක් නෑ.. රටවල් පිටිං කනපිට හරවන එක උන්ට ඒ හැටි කජ්ජක් නෙවෙයි.. ඒක 95% ම මාෆියාවක්..

    අපේ පරම්පරාවල් නං කලවං වුණා කියලා ආරංචියක් නෑ.. ඉස්සරහා ලිපි වලිං තමයි දැනගන්ට වෙන්නේ..

    කොයි හැටි වෙතත් ලංකාවෙ උන්නු ඈයො දන්න කාලෙ ඉඳලා වැඩි හරියක් කොල්ල තියෙන්නෙ අනික් උන්ට රැවටිලා වරිගෙ නහගන්න එක..( අද වගේමයි..)

    ReplyDelete
    Replies
    1. තව එකක්... සිංහලේ අවසාන රජු ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු ක්‍රි ව 1707-1739 නේද සැලකෙන්නේ. දෙවන විමලධර්මසූරිය රජුගේ පුතා වුණු මෙයා බොහොම සෙල්ලක්කාර රජෙක් කියලා තමයි කියවෙන්නේ... මෙයාගේ තිබුණු ජීවන රටාව හින්දාම "සෙල්ලම් නිරිඳු" කියලා හැඳින්වුවාය කියලත් කියනවා.. ඒ වගේ ම රජු ගේ තිබුණු දඩබ්බර කම හින්දා කැරලි කෝළහාල වලින් අඩුවකුත් තිබුණේ නෑ ලු. ඒවටත් උපක්‍රමශීලීව මුහුණ දෙන්න මෙයා හමුදාවක් හදාගෙන ලු හිටියේ..

      මේ පටලැවිල්ලත් පොඩ්ඩක් ලිහලා දෙන්නකෝ..

      Delete
    2. ඔයාගෙ නමේ KOON කෑල්ල සිංහලද?

      Delete
  23. මම ගොඩාක් ආස විෂයක් තමා ඉතිහායස ගොඩාක් ස්තුතියි මේ වගේ ලිපියක් ලියන්න උනන්දු වීම ගැන.ඉදිරියටත් මේ වගේ ළිපි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  24. කාලෙකින් වෙද මහත්තයාගේ ලිපියක් දැකීම සතුටක්. අලුත් දැනුමක් ලැබුන මේ හරහා.. ලංකාවේ තවමත් අමිශ්‍ර පරණ සිංහල පවුල් අතලොස්සක් ඉන්නවා වසර 400 විතර ඉතිහාසයක් කෙලින්ම කියන්න පුළුවන් මට්ටමේ. මේ ගැන රජයේ එක්තරා ඇමති කෙනෙක් පොතක් ලියන්න යනවා කියලා ආරංචි තිබුනා. දැන් ඒ දේට මොකක් වෙලාද දන්නේ නෑ.

    ReplyDelete
  25. සිංහලේ කියන්නනේ සිවු + හෙළේ කියන එකද...? සිංහල ජාතිය (හෙළය) හැදිලා තියෙන්නේ ගෝත්‍ර හතරකින් කියනවනේ.. මං නම් හිතන්නේ අපි ඉගෙන ගන්නවට වඩා ලෝක ශිෂ්ටාචාරය ඉතා පැරණි බවයි..
    මෙවන් ලිපි තව තවත් ලිවීමට හැකිවේවායි පතමි...

    ReplyDelete
  26. අපේ වාසගම් වල ඉතිහාසය දැනගන්න විදියක් නැතිද??

    ReplyDelete
    Replies
    1. දැන් ලංකාවේ සමහර වාසගම් අභාවයට යනවා. නදුන් ගේ වාසගම මොකක්ද?

      සමහර කරාවේ නම් මෙතන තියෙනවා. http://www.karava.org/family_names

      අනෙක් නම්වලින් සමහර ඒවා දීලා තියෙන්නේ අලගියවැන්න මුකවෙටි හිතුමතේ.

      Delete
  27. මම නම් හිතන්නේ ලෝකය ඉදිරියට යාමට ජාතීන් මිශ්‍ර විය යුතු බවයි.. (ජානමය වශයෙන් එය විද්‍යාත්මකව ඔප්පු කර තෙබෙනවා.)

    ReplyDelete
  28. හොදම දේ හොදටම තියන තැනක්

    ReplyDelete
  29. මගේ වාසගම පතිරණ ඒ වගේම මුලටික පටන් ගන්නේ "වැලිගම පතිරන්නැහැලාගේ " කියලා නමුත් මා වාසය කරන්නේ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයේ නමුත් අපේ පරම්පරාව මතක ඇති කාලේ ඉඳන් මෙහේලු හිටියේ...ඒත් නමේ මුලින් වැලිගම යැයි කියවෙනවා එය දකුණු පළාතේ ගමක නමක් වගේම "පතිරණලා" බහුතරයක් සිටින්නේද එම පලාතේ උදා..( බුද්ධික පතිරණ, රිචඩ් පතිරණ, රමේෂ් පතිරණ )....කුල භේදය මා ප්‍රතික්ශේප කරමි එහෙත් පරම්පරාවේ ඉතිහාසය දැන ගැනීමට ආසා කරමි....

    ReplyDelete