Thursday, April 19, 2012

සමාවෙන්න!!!

දිගු කාලෙකින් යමක් ලියන්න බැරි වුනා. ප්‍රථමයෙන් මගේ හිතවත් මිතුරු මිතුරියන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

මේ වසර මට ඉතාම වැදගත් වසරක්. එනම් මම මේ වන විට මගේ අධ්‍යාපන කටයුතුවල ඉතාම තීරණාත්මක තැනක සිටින නිසා. මේ වසරේ මුල් මාස 6 අවසන් වෙනවා කියන්නේ මට මගේ කටයුතු 75% අවසන් වෙනවා. ඒ නිසා මම මේ වසරේ බ්ලොග්කරණයේ එතරම් යෙදුනේ නැහැ. නමුත් අද පටන් ඒ බාධාව ඉවත් වෙනවා. නැවතත් ඔන්න සීන් එකට ඇන්ටර් වෙන්නයි යන්නේ.

මුලින්ම කියන්නම් දැන් මගේ බ්ලොග්කරණයට වසරක් වෙනවා. ගිය වසරේ අප්‍රේල් තමයි මම වෙදගෙදර ආරම්භ කලේ. මාවෙත සහය දුන් ඔබ සැමට ස්තුතියි!!

මම මේ ලිපිය ඔබට ගෙනෙන්න සිතා සිටියේ සිංහළ අලුත් අවුරුද්ද යෙදෙන දිනයේදීමයි. නමුත් මට ඒ සදහා අවකාශයක් ලබා ගන්න බැරි වුනා. එයට හේතු වූයේ මගේ දෙවනි මව වැනි මගේ ආදරණීය නැන්දනිය හෙවත් වෙදහාමිනේගේ මව්තුමිය අවුරුද්ද ලබන්න කලින් එදිනම බලවත් ලෙස අසනීප වූ නිසයි. දැන් ඇයගේ වයස අවුරුදු 76 පමන. ඒ නිසා ඇයත් රැගෙන මා ඇතුළු පවුලේ සියල්ලන්ම නැවතත් කොළඹ පැමිණියා. ගිය වසරේදී අපේ වෙද පවුලත්, මගේ මිත්‍ර වෙදහාමිනේගේ සොයුරාත් අවුරුද්දට සහභාගී න් ඔවුන නිසා, මේ වසරේ අවුරුද්ද ඉහලින්ම සමරන්න මව බලාපොරොත්තු වුනා. ඒ නිසාම ඇයගේ සුළු අසනීප තත්ත්වය ඇය සඟවාගෙන සිටියා. අවුරුදු දිනයේ හදිසියේම ඒ උත්සන්න වීමෙන් තමයි මේ කලබලය ඇති වූයේ. කෙසේ හෝ ඇය දැන් නැවතත් නිරෝගී බවට පත්වෙමින් සිටිනවා.

ඉදිරියේදී ආයූර්වේදයත් දේශීය දැණුමත් සම්බන්ධ මගේ ලිපි නොකඩවා ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා. ඔබ සැම මට මෙතෙක් දුන් සහය ඉදිරියටත් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.

ඔබට ජය!!!!!!

ඉක්මනින් හමුවෙමු,,,,,,,,,,,

සුපුරුදු පරිදි...............

19 comments:

  1. වෙදමහත්තයෝ මගෙන් උනුසුම් සුබ පැතුම්...ඒවගේම ඔබට සහ පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..ඔන්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්ඩ හොඳ වෙලාවක් ලඟ එනව ලබන ඉරිදා අප්‍රියෙල් 22 සයිබර් අවුරුදු උත්සවේට සහභාගි වෙන්ඩ අක්කයි දූයි එක්කම වැල්ලවත්තේ කූරේ ක්‍රිඩාංගනයට එන්න උදේ 9 ඉඳන් සවස් වෙනකම් අපි හැමොම එතන.

    ReplyDelete
  2. හරි! දැං නිදහසට කාරණා නෑ මෙතන ඉදල! දිගටම ලියන එකයි ඇත්තෙ. මාත් බැලුව මොකද කියල පෝස්ට් එකක් දාන්නෙ නැත්තෙ කියල. අවුරුද්දට සුභපැතුම්. මාත් පටන් ගත්තෙ අප්‍රේල්වල.

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් වේවා. වැඩ අතරේ වුනත් ඔබ ලියන පෝස්ට් හරිම අර්ථවත්. මම හුගක් ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමයි මේක. ඉතිං සුභ පතනවා හදවතින්ම ඔබගේ බ්ලොග් දිවියේ පිරුණු අවුරුද්දට.

    ReplyDelete
  4. මුලින්ම සමාව දෙනවා. දෙවෙනුව නැන්දනියට ඉක්මන් සුවය පතනවා. 22 වෙද මහත්තයා හමුවෙන්න එන්න බැරි එක ගැන දුක්වෙනවා. ඔය මොනා උනත් මොනා ගැන ලිව්වත් වෙදමහත්තයව කාටුන් කරන්න කොහෙන් හරි ඔත්තුවක් හොයා ගන්නවා....!

    ReplyDelete
  5. ඔන්න ආයෙමත් වැඩ වැඩි නිසා ලියන්න බැරි වෙනවා කියන්න ඔට්ටු නෑ!!!! , වෙද මහත්තයාගේ නැන්දනියට නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා!

    ReplyDelete
  6. මදැයි එන්න ගියපු කල්. එහෙනම් බරපතල වැඩ කටයුතු දැන් ටික ටික අහවර වේගෙන එන්නෙ. ඒ කියන්නෙ ආයෙ ඉස්සර වගේ ලියයි නේ. වෙදගෙදරටටයි මුළු පවුලටමයි ලැබුවා වූ නව වසර සුභ වේවා, ඒ වගේ අම් නැන්දනියට ඉක්මන් සුවය ලැබේවා !!

    ReplyDelete
  7. ඔබතුමා කොතරම් කාර්යබහුල ද කියන එක මෙතනට නිතර එන අපි හැමෝම දන්නවා. ඔය තරම් වැඩ රාජාකාරී නැතිවත් මාත් දැන් මාසයක් විතර තිස්සේ ලිපියක් ලියාගන්න බැරිව ඉන්නේ.

    නැන්දනියට ඉක්මන් සුවය පතනවා වගේම සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් පතනවා.

    ReplyDelete
  8. වෙද පවුලටම නීරෝගි සුව ඇනිවසරියට අවතාර්ගෙන් සුභපැතුම්

    ReplyDelete
  9. සුබ අළුත් අවුරුද්දක් වෙවා! ජය වෙවා!

    ReplyDelete
  10. ඔබ තුමාටත් පවුලේ සැමටත් ශුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  11. සා...දරයෙන්
    පීලි.... ගනිමු
    සා...දරයෙන්
    පීලි...ගනිමු
    අපෙ වෙද නිරිඳා!
    (ඕක කියලා ළමයි ඔක්කොම ස්ටේසම පැත්තට දිව්වලු ඔරිමජිනල් කතාවෙ නම්. හෙහ් හෙහ්)
    සාදරයෙන් ආපසු පිළිගනිමු.

    henryblogwalker the Dude

    ReplyDelete
  12. කාලෙකට පස්සෙ...හරි සතුටුයි//
    කාර්ය බහුල බව දන්න නිසා අපිත් ඔන්න කරදර කලේ නැහැ..

    නැන්දනියටත් ඉක්මන් සුවය පතමි.

    අර යුරෝදෙකේ වීරයගෙ උත්සාහය සාර්තක වේවා..:D

    ReplyDelete
  13. එවා අපට කාරි නැත. ලියන්ට බැරිනම් වෙද ගෙදර වහනවා හොදය..

    ජය වේවා !

    ReplyDelete
  14. අවුරුදු සංවත්සරයට සුභ පැතුම් වෙද මහත්තයෝ !!! දිගටම ලියාවියි බලාපොරොත්තු වෙනවා !!!

    ReplyDelete
  15. ලැබුවා අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.අයෙත් ඉතින් ගේමට බහින්න තමා තියෙන්නේ.

    ReplyDelete
  16. සුභම සුභ අළුත් අවුරුද්දක් වෙිවා වෙද මහත්තයෝ... අධ්‍යාපන කටයුතු වගේම අනෙක් සෑම දෙයක්ම සාර්ථක වෙිවා කියා ප්‍රාර්ථනා කරනවා..!!!

    ReplyDelete
  17. ආයෙත් ලියන එකටනම් කැමතියි. ඒකියන්නේ ආයෙත් වෙද ගෙදරට ගොඩ වැදුන හැකියි

    ReplyDelete
  18. වෙද මහත්තයා ආයේ බ්ලොග් එක ලියන්න ආපු එක කොයිතරම් දෙයක්ද . ඔබ ගේ බ්ලොග් එකට ඇවිදිල්ලා මම දැන ඉගෙන ගත්ත එවුවා වුණත් කොයිතරම් තියනවාද . ඉතින් සුබ අලුත් අවුරුද්දක් සහ බ්ලොග් එකට සුබ පැතුම් !! ..

    නැන්දට ඉක්මන් සුවය ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා ..

    ReplyDelete
  19. අහ් කාලෙකින්.... සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete