Tuesday, January 24, 2012

කාමය, මෛථූනය, හා ලිංගිකත්වය බුද්ධ දේශනාවට අනුව.

මේ ටිකේම බ්ලොග් අඩවිවල ලිංගිකත්වය කියන මාතෘකාව යහමින් කථා කළ නිසා මේ අහක ඉන්න මටත් හිතුනා ඒ ගැන කථා කරන්න. මුලින්ම මේ ගැන කථා කරන්න ගිහින් තාමත් පහර වදින බව මම දන්නවා. ඒත් මේක තමයි ඇත්ත. අපේ අභීත මිත්‍රයා සහ ප්‍රියන්ත මේ ගැන කථා කරලා තියනවා. ඒ අයට අමතරව තවත් කීප දෙනෙක්ම කථා කලා. අභීගේ පෝස්ට් එකේ ඒ ලිපිවලට යන සබැඳියන් තිබෙන නිසා මම ඒවා දාන්න මහන්සි වෙන්නෙ නැහැ. මේ ලිපියත් එක්ක ඒ ලිපිත් කියවනව නම් මම හිතන්නේ වැදගත් වෙයි.

අපි බලමු මුලින්ම ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ පරම යුතුකම මොකක්ද? ඒ තමයි ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන ටිකට යම් සේවයක් සත්ව සමාජය වෙනුවෙන් කිරීම.

එතකොට මොකක්ද මේ සේවය?????

මම ඔබට පොඩි කථාවක් කියන්නම්. අපිට ශරීර රචනා විෂය (Anatomy) ඉගැන්නුවේ මහාචාර්‍ය්‍ය ඒ. ඩී. පී. ජයතිලකයන්. මෙතුමා පේරාදෙනිය විද්‍ය පීටයේ පීටාධිපති වෙලත් හිටියා. ශ්‍රේෂ්ට වෛද්‍ය අධ්‍යාපනඥ්ඥයෙක්. දිනක් මෙතුමා අපිට දේශනයක් කරන අතර ඔය ප්‍රශ්නෙ ඇහුවා. මුල සිට එක් එක්කෙනාගෙන් වෙන වෙනම අහගෙන එනවා. දැන් අපි දෙන පිළිතුරු වලට සර්ට හිනා. ඇයි මේ කට්ටිය විතරක් හිටියම ඇති මිනිස් සමාජෙම ගොඩ. ඔන්න උත්තර. මෙතුමා අවසානයේ කිව්වා. හොද උත්සාහයක් හැබැයි මේ කට්ටිය අතරේ එක්කෙනෙක්වත් නැහැ උත්තරේ දන්න කෙනෙක්. ඒ කියන්නේ සෑහෙන ප්‍රශ්නයක්. ඇයි ළමයි මිනිසා තම වර්ගයා බෝ කිරීමනෙ උත්තරේ. ඔය ළමයි හොද වැඩියිද රඟපානවද කියලා හිනහා වුනා.

එතකොට පැහැදිලියිනේ පිළිතුර. ආහාර හැරුනම ඊලඟ වැඩිම සතව අවශ්‍යතාවය තමා ප්‍රජනනය. සත්වයා හැදිලා තියෙන්නේ ඒ සඳහා ප්‍රමුඛත්වය ලැබෙන විදියට. දැන් ගසක් වුවත් බලන්න. පැලය වැඩෙනවා. වැඩුනු ගස මල් දරනවා. ඵල හට ගන්නවා. මැරිලා යනවා. මේකයි චක්‍රය. අපි කාටත් මේක පොදුයි. සත්වයින් අතරින් මිනිසා දියුනු මනසක් ඇති ජීවියෙක් නිසා මිනිසාට මේ අවශ්‍යතාවය පාලනය කර ගැනීමේ හැකියාවකුත් ඒ දියුනු මනසත් සමඟ ලැබිලා තියනවා. මිනිසා සහ අනෙකුත් සත්වයින් වෙනස් වෙන්නෙත් මෙතනදි තමා.

මෙතනින් එහාට මේ ලිපිය මම හරවන්න බලාපොරොත්තු වෙන්නේ ලිංගිකත්වය කොහොමද බුදු දහමත් එක්ක එකට යන්නේ කියන කාරනය පැත්තට. ඒ ගැන දැන ගන්න අයට ප්‍රයෝජනවත් වෙන විදියට සියළුම වැදගත් කරුනු වලට මම රෙෆරන්ස් දමන්නම්. තව කාටවත් හිතෙනවා නම් පව් සිද්ද් වෙයි කියලා මෙතනින් එහාට නොකියවූවා නම් හොදයි. මොකද එහෙම සැදැහැවත් බෞද්දයන්ට මම මොකටද පව් පුරවන්නේ බුදුන්ට බනින්න සලස්වලා. එනම් මේ සියල්ල ත්‍රිපිටකයෙන්ම ලබාගත් කරුනු හෙවත් බුද්ද භාෂිතය.

"Ethical Idealism.", Sir Sarvapalli Radhakrishnan, Contemporary Indian Philosophy, Vol.1, G.A. Allen and Unwin Lted., London 1936, p.358
රාධාක්‍රිෂ්නන් තුමා, බුදු දහම වනාහී ආචාර ධර්ම විද්‍යාවෙහි පරමාදර්ශය ලෙස සඳහන් කරනවා. ඒ කියන්නේ ලෝකයේ ආචාර ධර්ම හෙවත් මිනිස් සමාජයේ ප්‍රගමනයට හේතු වෙන ලෝක නීතිය සකස් වෙන්න බුදු දහම විශාල ආලෝකයක් සපයලා තියනවා.

බුදුන් වහන්සේ දුක්ඛ සත්‍යය විස්තර කරමින් මෙසේ වදාරා තිබෙනවා. (අංගුත්තර නිකාය 2 බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 130) ලෞකික ලෝකයේ ජීවත්වන ගිහි පිරිස විසින් ලබා ගත යුතු සැප හතරක් තිබේ.
1. අත්ථි සුඛය - උත්සාහයෙන් හා දැහැමින් උපයාගත් ධනය තමන් සතුය බව දැනීමෙන් ඇතිවන සැපය
2. භෝග සුඛය - උත්සාහයෙන් හා දැහැමින් උපයාගත් රැස්කරගත් භෝගයෝ පින් දහම් කරමින් තමන්ද වලඳමි යන සැපය.
3. අනන සැපය - තමන් කිසිවකුට නය නැතැයි දැනීමෙන් ඇතිවන සැපය.
4. අනවජ්ජ සැපය - කයින් වචනයෙන් හා මනස. ඉන් තමන් කිසිවකුට වරදක් නොකොට පිවිතුරු ජීවිතයක් ගත කරනවා යන දැනීමෙන් ඇතිවන සැපය.

දැන් බලමු සැපය කියන්නේ මොකක්ද කියලා. (අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 154 - 57.)මෙහිදී බුදුන් වහන්සේ සැප නවයක් ගැන සඳහන් කරලා තියනවා.
1. පවුල් ජීවිතයේ ඇති සැපය.
2. තවුස් දිවියේ ඇති සැපය.
3. ඉන්ද්‍රියන් පිණවීමේ ඇති සැපය.
4. අභිනිෂ්ක්‍රමණයෙන් ඇතිවන සැපය.
5. බැඳීම හෙවත් උපාධානයන් නිසා ඇතිවන සැපය.
6. බැඳීම් වලින් මිදීම හෙවත් උපාදානයන්ගෙන් මිදීම නිසා ඇතිවන සැපය.
7. ශාරීරික සැපය.
8. මානසික සැපය.
9. ධ්‍යාන තුලින් ඇතිවන සැපය.

සැපයේ ඇති විවිධත්වය මෙසේ විස්තර කරන බුදුන් වහන්සේ, ප්‍රධාන සැපයන් දෙකක් ගැන විශේෂයෙන් දක්වා තිබෙනවා.
"ද්වෙමානි භික්ඛවේ සුඛානි කතමානි ද්වෙඃ කාම සුඛඤ්ච නෙක්ඛම්ම සුඛඤ්ච"
එනම්, ලෞකික ලෝකයේ ඇති ඉහලම සැපයන් වන්නේ,
1. කාම සැපය.
2. කාම සැපයෙන් නික්මීම.

පස්කම් සැපය ගැන දැනගත යුතු කරුණු තුනක් ඇතැයි උන් වහන්සේ අනුදැන වදාලහ.
(ධම්මපද ගාථා 204,)
1. කාමයන්ගේ ආස්වාදය (Enjoyment)
2. ආදීනව (Evil consequence)
3. නිස්සරණය (Liberation)
මෙය උදාහරණයකින් දක්වන්නම්. එනම් යමෙක් මනා රූසපුවක් ඇති කාන්තාවක් දැකීමෙන්
(1) ආශ්වාදයක් ලබයි. ඇයව නැවත දැකීමෙන් ඔහු එම ප්‍රීතිය, සැපය ආශ්වාදය ලබයි. මෙම ප්‍රීතියද, ලලනාවද ස්ථිර නොවෙයි. කාලයාගේ ඇවෑමෙන් ඇය දක්නට නොලැබීමෙන් ඔහු දුකට පත් වෙයි. කාන්තාවද රූපයද දිරා යයි.
(2) මේ කාමයන්ගේ ආදිනවයි. එම කාන්තාවට ඔහුගේ යම් බැඳීමක් ඇලීමක් ඇති නොවූවා නම් කාමයන්ගෙන් නිදහස ලැබූවා වෙයි.
(3) එනම් නිස්සරණයයි. මේ අනුව කාමයන් තාවකාලික බවත් ඉන් නිදහස් වීමටත් බුදු දහමින් උගන්වා ඇත.

සැපත සොයා අසීමිත අරමුණු ඇතිකරගෙන ඒ පසුපස හබායාම මිනිස් සන්තානයේ ඇති මූලික ලක්ෂණයකි. එය ආශාව, කැමැත්ත, තෘෂ්ණාව, කාමය යනුවෙන් හඳුන්වා ඇත. ලෞකික ලෝකයේ ජීවත්වන සෑම කෙනෙකුගේම අරමුණ වන්නේ ඉන්ද්‍රිය ප්‍රීණනය සදහා කාමයන් සොයා යාමයි. එසේ වුවත් පෘථග්ජන සෑම කෙනෙකුම කාමයන්ගෙන් සෑහිමකට පත් නොවී අතෘප්ත්තිමත්ව මරණයට පත් වේ. "ඌනාව හුට්වාන ජහන්ති දෙහං කාමෙහි ලෝකම්හ නහි අත්ථි තිත්ති". ( මජ්ජිම නිකාය 2, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1973, පිට.)

මහාවග්ග පාළි 1, බුද්ධ ජයන්ති මුද්‍රණය 1957, පිට 20-22.
සත්වයාගේ සසර ගමන දිගු කරන තෘෂ්ණාවෙහි ප්‍රභේද තුනකි.
1.කාම තණ්හා - කාම වස්තූන් කෙරෙහි ඇති තෘෂ්ණාව.
2. භව තණ්හා - භවය කෙරෙහි දක්වන තෘෂ්ණාව.
3.විභව තණ්හා - භවයෙන් ඉවත් වීමට ඇති තෘෂ්ණාව.
මෙහි කාම තන්හා යනු ඉන්ද්‍රිය ප්‍රීණනය තුලින් ලබන සතුටට ඇති ආශාව හෙවත් කැමැත්තයි. (ඉන්ද්‍රිය යනු - ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස.)
ජීවත්වන සෑම පුද්ගලයෙක්ම සෑම මොහොතකම කරන්නේ ඉන්ද්‍රිය පිනවීමයි. මෙම පිනවීමෙ ප්‍රධාන වන්නේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි ඇතිවන ආශාවයි. මෙවැනි ආශාවක්, කැමැත්තක් ලොව වෙනත් නැත.

දැන් ඔබට කාමය ගැන යම් අවබෝධයක් ඇතැයි සිතමි. අවසාන වශයෙන් ස්ත්‍රිය ගැන සහ පුරුෂයා ස්ත්‍රියට ආශක්ත වීම පිළිබඳ බුද්ධ දේශනාවෙන් යමක් මෙයට එක් කිරීමට බලාපොරෝත්තු වෙමි.

අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1960, පිට 2 -5.
ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් ලොව නැත. ස්ත්‍රී ශබ්දය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්න ශබ්දයක් තවත් නැත. ස්ත්‍රී ආඝ්‍රාණය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා ආඝ්‍රාණයක් තවත් ලොව නැත. ස්ත්‍රී රසයද, ස්ත්‍රී ස්පර්ශයද, මේ ලෙසටම පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ආශක්ත වන ලොව ප්‍රධානම බලය ලෙස දක්වයි. මේ ආකාරයටම පුරුෂ රූපය, ශබ්දය, ස්පර්ශය, ආඝ්‍රාණය, රසය තරම් ස්ත්‍රිය ආශක්ත වන අන් කිසිවක් ලොව නැත.

දැන් මම මේ ලිපිය අවසාන කරන්න හදන්නේ. බුදුන් වහන්සේ තම අවසාන නිගමනය මේ විදියට දීල තියනවා.

ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි දක්වන මෙම දැඩි ලිංගික ආශාව, ලිංගික චර්‍ය්‍යාව පදනම් කර ඇත. මේ අනුව මිනිස් දිවියේ බලගතුම අංශයක් වන්නේ ලිංගිකත්වයයි. ලිංගික චර්‍ය්‍යා විෂයෙහි ආශාව හෙතුකොටගෙන භවයට ඇති ආශාවද, ඇලීමද, ඇති වෙයි. උදාහරණය නකුල මාතා හා නකුල පීතා සූත්‍රයට අනුව එම යුවල කාමයට ඇති ආශාව අනුව ඊලඟ භවයේදීද එක් වීම පතති.

මේ අනුව නිවන් අරමුණු කොට ඇති බෞද්ධ ප්‍රතිපදා මාරගයේදී, කාමය යනු නිෂ්ප්‍රයෝජන කටයුත්තක් ලෙසත්, ප්‍රතිපදා මාර්ගය විනාශ කරන නිෂ්ප්‍රයෝජන දෙයක් ලෙසත්, විස්තර කරයි.

මෛථූනය ගාම්‍ය කටයුත්තක් ලෙස බුදුන් වහන්සේ දක්වයි. (පාරාජිකා පාළි, 1, බුද්ධ ජයන්ති මුද්‍රණය, 1959, පිට 42 - 48.)(බුදුන් වහන්සේ බොහෝ විට මෛථූනය හඳුන්වන්නේ මෛථූනා ධම්මා, ගාමා ධම්මා ලෙසයි.)

මම මේ ලිපිය ලිවීමෙන් බලාපොරොත්තු වන්නේ බුදුන් වහන්සේ තම ධර්මය දේශනා කරන විට කාමය, මෛථූනය වැනි ලෞකික විෂයන් ගැනත්, ඉන් ලෝකයට ඇති ප්‍රයෝජනත් කථා කර තිබෙනවා. නමුත් මේ හැමටම වඩා නිවන පතා යන ගමන වැදගත් බවත් උන් වහන්සේ දක්වා තිබෙනවා.

75 comments:

  1. බ්ලොග් අවකාශෙ වල් වෙලාද කියලා බැලුවා. හප්පෙ මෙතනනම් බර සාකඡ්චාවක්. කමෙන්ට් කියවන්න ආයෙ එන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. කට්ටියට අමුතුවෙන් වල් වෙන්ට උවමනා ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. :D

      Delete
    2. ලිංගිකත්වය වල් දෙයක් නෙමේ. ඉන් සිදු වන්නේ මිනිස් සමාජයට යහපතක්. ඔක්කොම කමෙන්ට් කියවලා නැවත එන්නකො. ස්තුතියි.

      Delete
  2. "පෘථග්ජන සෑම කෙනෙකුම කාමයන්ගෙන් සෑහිමකට පත් නොවී අතෘප්ත්තිමත්ව මරණයට පත් වේ."

    බොහෝ දෙනෙක් කිව්වේ නැති වුනාට ඇත්ත තත්ත්වය ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉඳුනිල් ඇත්ත ඒක තමා.

      Delete
  3. කියෙව්වා, කොමෙන්ට් එක්කම කියවන්න ආයෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ ගැන ඔබා අයියාගේ අර්ථ නිරුපණය ?

      Delete
    2. හා..කො එහෙනම් ආයිත් එන්නකො.

      Delete
  4. සියල්ල පැහැදිලිව විස්තර කර තිබෙනවා. අලුතින් එකතු කරන්න තරම් අමතර දැනුමක් මා සතුව නැති නිසා හොඳ අර්ථවත් ලිපියක් කියා කියන්නම්..

    ReplyDelete
  5. බුද්ධ දේශනාවේ හැටියට කම් සැපය කියන්නේ "ලිංගික සැපය" කියන අර්ථයෙන් නෙවෙයි කියන එකයි මගේ අදහස. ලිංගික සැපයත් මේ කම් සැපය ට අයිතියි. ඒ ගැන කාමයේ වරදවා හැසිරීම කියන ලිපියෙන් මං කතා කළා.. ඒ වගේම ඔය ගෑණු උදවියගෙන් තරුණ ළමයින්ට තියෙන බලපෑම් ගැන මං මේ ලිපියෙන් කතා කළා..
    ඔය සමහරු කියන විදිහට හැම දෙනාවම එක ගොඩට දාන එක හරි නෑ..

    හැබැයි අපි හැම දෙනා තුල ම අඩු වැඩි වශයෙන් තිරිසනෙක් ජීවත් වෙනවා.. එයාව යටපත් කරලා තිබුණට උඩට එන්න පුළුවන්... ඒ කියන්නේ අපේ ජාන වල හොඳ ජාන අතරේ විකෘති මෙන්ම නරක ජානත් තියෙනවා.. ලිංගික කාමය කෙරෙහි ඇති ආශාවට අනිත් කාමයන් දෙවැනි වන්නේ නෑ... ඒත් බොහෝ දෙනා කියන්නේ ලිංගික ආශාව ලෝකයේ මිනිස්සුන්ට තියෙන ලොකුම ආශාව කියලයි.. මම නම් ඒ මතයට එකඟ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔබ හා එකඟයි. ඔබගේ ඒ ලිපි මම කියවලා තිබෙනවා. ඒවා ඉතාම උසස් ඝනයේ ලිපි. මම කියන්නේ මිනිසාගේ වැඩිම ආශාව තිබෙන්නේ තමාගේම සංතර්පනය සදහා. එනම් ආහාර, ලිංගිකත්වය, මේවාගේ. එතකොට කාමය කියන කැමැත්තත් වැඩියෙන්ම තිබෙන්නේ මේ ගැනම නේද?

      Delete
    2. ඔබ හා එකඟයි. ඔබගේ ඒ ලිපි මම කියවලා තිබෙනවා. ඒවා ඉතාම උසස් ඝනයේ ලිපි. මම කියන්නේ මිනිසාගේ වැඩිම ආශාව තිබෙන්නේ තමාගේම සංතර්පනය සදහා. එනම් ආහාර, ලිංගිකත්වය, මේවාගේ. එතකොට කාමය කියන කැමැත්තත් වැඩියෙන්ම තිබෙන්නේ මේ ගැනම නේද?

      Delete
    3. ඔන්න මං ඔබ තුමාගේ අදහසට විරුද්ධ වුණා එහෙම නෙවෙයි.. අත් වැරදීමකින්, මේ ලිපියේ ඇති විස්තරය ඉතාම අගනා එකක් බව මට කියන්න බැරි වුණා...

      " එතකොට කාමය කියන කැමැත්තත් වැඩියෙන්ම තිබෙන්නේ මේ ගැනම නේද?"

      මගේ අදහස නම්.. මේක සාපේක්ෂයි. එක එක්කෙනා සසරේ පුරුදු කළ දේවල් අනුවත්, පරම්පරාවෙන් එන ජානමය ලක්ෂණ අනුවත්, හැදෙන වැඩෙන සමාජය අනුවත්, කාලගුණික හා දේශගුණික ලක්ෂණ අනුවත් ඔය එක් එක් කාමයන් කෙරෙහි අපේ තියෙන ආශාව වෙනස් වෙනවා.. ලිංගික ආශාවත් එහෙමයි..

      Delete
  6. ඔබට බොහොම පිං මේ අවස්ථාවේ මේ පිළිබඳව මේ ආකාරයේ ලිපියක් දැමීම ගැන .…මේක තමයි සත්‍යය.
    …ගොරවල ගොරවල වැහල පැව්වා වගේ .

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ වැස්ස පායද්දී වෙන්න ඔන හැමදේම වෙලානම් අපි ඒ දුක කොහොමද උහුලන්නේ

      Delete
    2. මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි.
      වෙන කියන්න දෙයක් නෑ බට්ටි.

      Delete
    3. බොහොම ස්තුතියි ගිම්හාණී.

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඇඩ් දාන එක හරි නැහැ මචෝ. අළුත් කෙනෙක්ගේ නමක් කමෙන්ට් එකක දැක්කොත් බ්ලොග් අවකාශෙ ගොඩක් දෙනා ඒ හරහා අදාළ බ්ලොග් එකට යනවා ඒ මොකක්ද බලන්න.

      මෙතන ලිපියේ කියවෙන දේ කියවා, ඒ ගැන ඔබේ ප්‍රතිචාරයක් දැක්වුවා නම් එකේ ප්‍රතිපල මේ ඇඩ් දැමිල්ලට වඩා වැඩියෙන් තියෙයි.

      ඔබට ජය..

      Delete
    2. නිර්මාල් : මගේ බ්ලොග් එකේ නම් උබ දාපු කමෙන්ට් එක අයින් කලා.. මොකද උබ එකම එක හැම බ්ලොගේ ම දදා යන නිසා. නිකන් චා නේ එහෙම කරන එක නේද

      Delete
    3. ලින්ක්ස් දාන්න ඕනෑ එකිනෙක හා සම්බන්ධ කරුණු කතාකරන ලිපිවල ඒ සම්බන්ධතාවය කෙලින්ම පෙන්නන්නයි.

      ඒහෙම තමයි වෙබ් එක වැඩි දියුණු වෙන්නේ. අර උඩින් චතුරංග විජේකෝන් කරලා තියෙන ක්‍රමය තමයි හරි ක්‍රමය.

      Delete
    4. ඒක ඇත්ත මාත් මැට්ට වගේ ගියා නිර්මාල්ගෙ ඇඩ් එක බලන්ට

      Delete
    5. මමත් හිතනවා ඔබ යම් කමෙන්ටුවක් දැම්මා නම් වඩා හොදයි කියා. මම ඔබේ කමෙන්ටුව මකන්නෙ නැහැ. නමුත් මගේ ලිපි බලන අය වෙනතක යන දෙයක් නිසාත්. මගේ සාකච්ඡාව වෙනතක යන නිසාත් මම එය මැකුවේ. කමක් නැහැ. අපි මිතුරන්නේ. මීට පසු එන්න අප හා එක්වන්න.

      Delete
    6. පොර ඒ පැත්තෙත් ඇවිත්.. ඇනෝනිමස් මෙයිට වඩා වැදගත් විදිහට වැඩ කරනවා

      Delete
  8. ලිපිය කියෙව්වා... කමෙන්ට්ස් ටික ෆලොව් කරනවා

    ReplyDelete
    Replies
    1. දිගටම බලන්න. වැදගත් වෙයි කවදා හරි.

      Delete
  9. /* මෛථූනය ගාම්‍ය කටයුත්තක් ලෙස බුදුන් වහන්සේ දක්වයි. */

    ගාම්‍ය කියන්නේ මොකක්ද? ගැම්මක් තියෙන කියන එකද?

    ග්‍රාම්‍ය කියන එක වැරදිලා ලියවිලාද?

    ReplyDelete
    Replies
    1. හික් හික් , මාර ගැම්මක් නොවැ තියෙන්නේ. ඕක ඉතින් ග්‍රාම්‍ය වෙන්නේ කරන හැටියට.

      Delete
    2. වැරදිලා ලියවිලා නෙමේ. පාලියෙන් ග්‍රාම්‍ය කියන එකේ සිංහල ස්වරූපය නේද ගාම්‍ය කියන්නේ.

      Delete
  10. ගාම්‍ය කියන්නේ ගමේ වැඩක් කියන එක තමයි මගේ හිතේ.නිකන් බත් කනව වගේ වැඩක් කියන එක මයේ හිතේ. මට නම් නිවන් දකින්න වෙන්නේ අන්තීමටම තමයි. මොකෝ මොන තන්හා නැති උනත් කාම තන්හා කියන එකයි සුරාමේරය මධ්‍යපමා කියන එකයි නැති කරන්නම බැරි නිසා. මනුස්ස ආත්මයක් නොලැබුවත්. අර සර් ජෝන් කිව්වා වගේ පට්ටි ගොනෙක් වත් වී ඉපදේවා... සාධූ ..... සාධූ.... සාධූ..

    මාර වැඩේ කියන්නෙ මගේ සම්බාව්‍ය ලිපිය දැම්ම විත්‍රයි මේක දැක්කේ...

    ReplyDelete
    Replies
    1. ඔය කාම තන්හා නම් නැති කරන්න අමාරුයිනෙ. අනාගාමි වෙනකම්ම ඕක තියනවලු. එහෙනම් මේ පෘතග්ජන අපි දෙන්නට ඕක තිබුනට මොකද ආයිබොවන්.

      Delete
  11. හොද ලිපියක් හැමදේම හොදට විස්තර කරලා තියෙනවා :))

    ReplyDelete
  12. නොදන්න දෙවලුත් ඉගෙන ගත්ත ලිපියක් , බොහොම ස්තුතියි !

    ReplyDelete
  13. තෘෂ්ණාව නිසා තමා මිනිස්සු මේ සංසාර චක්‍රයේ කැරකෙන්නේ. ඔය කියන කාමයත් එහෙම තමා.

    ධර්මාචාර්ය විභාගයට තියෙනවා "අග්ගඥ්ඥ නිකාය" (ස්පෙලිං හරිද මන්දා) මම හිතන්නේ වෙදමහත්තය කියවල ඇති. මිනිස් සමාජය ඇතිවීම හා විකාශනය නියමෙට දක්වල තියෙන සුත්‍රයක් තාම ඒක. ඒ සුත්‍රයේ හොදට පැහැදිලි කරල තියෙනවා තෘෂ්ණාව නිසා ආරම්භවෙලා සමාජය විකාශය වුණ හැටි. පවුල් සංස්ථා, නිවාස ආදිය ඇතිවුණ හැටි.

    හැමෝම කියන්නේ බුද්ධ ධර්මය කියන්නේ අනිත්‍යය තමා කියල. ඒක එහෙම නෙවේ කියල හිතන කට්ටිය අඩුයි. ඒකයි දහමට ලං නොවෙන්නේ. සිගාලෝවාද සූත්‍රයේ දේශනා වෙලා තියෙනවා ගිහි ජීවිතය අර්ථවත් කර ගන්න හැටි. ඒකෙන්ම තේරෙනවා ගිහි ජීවිතයටත් ධර්මය දේශනා කරල තියෙනව කි‍යන එක.

    බ්ලොග් අවකාශයේ මේ වගේ ලිපි යන තව බ්ලොග් තිබේද? වෙදමහත්තයාට සදා ජය !

    ReplyDelete
    Replies
    1. දිනක අග්ගඤ්ඤ සූත්‍රයේ කරුණුත් ලියන්නම්. ඔබට ස්තුතියි මතක් කලාට.

      Delete
    2. හුටා.. මම නිකාය කියල දාලා.... විලි ලැජ්ජාවේ බැහැ..

      ඒක ලියන එක ගැන, සතුටුයි.. කස්ටිය කැමති වෙයි කියවන්න..

      ජය !

      Delete
  14. දැන් හැමෝටම තේරෙනවානෙ වෙලා තියෙන දේ .. ඕව ඈත අතීතයෙ ඉඳන්ම පැවත ආපු දේවල්...
    මේ කාලෙ ඉන්න මිනිස්සු ඒව වැඩි දියුණු කරල තියෙනව... එච්චරයි.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මිනිස් වග පහල වූදා සිටම තිබූ දෑ නොවැ.

      Delete
  15. හොඳ දෙයක් ඉගෙන ගත්තා....බොහෝම පිං ඈ...
    මම ගල් ඔය ආයතනයේ ඉගෙන ගන්න කාලේ හොස්ටෙල් එකේ රූම් එකක ලියලා තිබුන පණ්ඩිත වාක්‍යයක් මතක් උනා...
    "බූරුවා සහ ගිහිගෙයි අත්හල තැනැත්තා හැර අන් සියල්ලෝම සංසර්ගයෙන් පසු කනස්සලට පත්වෙති"

    ReplyDelete
  16. වැදගත් ලිපියක්.සත්‍යය දක්වලා තියෙනවා.

    ReplyDelete
  17. ඉතා අනඟි ලිපියක් ."සන්සාරය හා නිවන" හරියට එකම කාසියක දෙපැත්ත වගේ නේද?.සසර පැවැත්මට කාමය අවශ්යය වෙනවා වගේම ,නිවන් ලැබීමට එයින් මිදීමද එකසේ වැදගත් ."බුදුදහම "කෙතරම් සමබර දර්ශනයක්ද යන්න , ඔබතුමා ගේ ලිපිය කියවගෙන යද්දි තේරුම් යන දෙයක්. අදහසක් එක්කිරීමට කැමතියි. පන්ච ඉන්ද්‍රියන් හොඳින් පිනවා පුරුදු කෙනෙකුට,නිවන් මඟ පහසුවේවී, වෙන කෙනෙකුට වඩා .(යම්දිනක ලෝකයේහි යඨා ස්වරුපය තේරුම් ගැනිමේන් පසු ) ඒකනිසා නේද? අන්ඟ විකල අය පැවිදි නොකරන්නේ . මහවෙදනා මේ පිලිබඳව දන්නවා ඇතැයි සිතමි .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි. ඒක එහෙම තමා අංග විකල අයට සාසනට ඇතු වුනාම ජීවිතය ගෙනයාම අපහසුයි නොවැ.

      Delete
  18. ගොඩක් හොඳ ලිපියක් වෙද මහත්තයෝ ඉස්කෝලේ හය වසරේදී තමයි මම හිතුවේ මම මේ හැම දෙයක් ගැන දැන් හරියට දන්නවා කියලා . ඒත් නොදන්නා දේවල් තව තියනබව මේ ලිපියෙන් දැනගත්තා ..

    ReplyDelete
  19. අපි මොනවද දන්නේ. සොක්‍රටීස් වගේ නොදන්නා බවවත් අපි නොදන්නා කොට.

    ReplyDelete
  20. මට මේකට කියන්න දෙයක් හිතාගන්න බැරි වුනා වෙද මහත්තයා.

    henryblogwalker the Dude

    ReplyDelete
  21. අගේ ඇකි ලිපියක්....
    අපේ ලංකාවෙ කට්ටිය කාමය, රාගය, ලිංගිකත්‍වය කියලා කියපු ගමන් වලත්ත කතා කියලා හිතනවා... තවත් සමහර කට්ටිය නැට්ට කෙළින් කර ගන්නවා... මේක විවෘතව කතා කරන්න ඕන මාතෘකාවක් බව හිතන්නේ බොහොම අල්පයයි.
    මටත් ප්‍රශ්නයක් තියෙනවා... මම මේකට උත්තර හොයනවා හැම තැනම.. දන්න කෙනෙක්ගෙන් අහන්න නම් බැරි වුනා...
    බුද්ධාගමේ සම-ලිංගිකත්‍වය ගැන අදහස් දක්වලා තියෙන්නේ කොහොමද ? එහෙම අදහසක් දක්වලා තියෙනවා ද ? නැද්ද ?
    ගිය වතාවක මම හාමුදුරුවන්ගෙන් ඒ ගැන අහන්න හිටියත් වෙනත් මාතෘකාවක් කතා කෙරුණ නිසා ඒ ගැන අහන්න අමතක වුනා....

    ඇල්කෙමියා

    ReplyDelete
    Replies
    1. මම ආයූර්වේදයේ මේ ගැන අදහස් කලින් ලියූවා. මේ ගැනත් ලියන්නම්.

      Delete
    2. මමත් මේ ගැන හෙව්වා. මට හොයා ගන්න පුලුවන් උන එකම දේ සමලිංගකයන් ඊලග භවයෙදී ලිංගික බෙලහීනයෝ වෙලා උපදිනවා කියලා විතරයි. ඒක ඇත්තද නැත්තද තියලා අහන්නවත් කෙනෙක් නැතුවයි හිටියේ.

      අපේ වෙද මහත්තයා හම්බුනේ වෙලාවට....

      Delete
  22. //ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් ලොව නැත. ස්ත්‍රී ශබ්දය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්න ශබ්දයක් තවත් නැත. ස්ත්‍රී ආඝ්‍රාණය තරම් පුරුෂයාගේ සිත් ඇද බැඳ ගන්නා ආඝ්‍රාණයක් තවත් ලොව නැත. ස්ත්‍රී රසයද, ස්ත්‍රී ස්පර්ශයද, මේ ලෙසටම පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ආශක්ත වන ලොව ප්‍රධානම බලය ලෙස දක්වයි//
    සහතික ඇත්තනෙ බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ.
    අවුරුදු දහයෙ පහලොවෙදි පටන් ගන්න ඔය ආශාව මැරෙන තුරුම තියනවනෙ. මොන තරම් කාලයක් අපි ඕය කාලෙ තුල ස්ත්‍රී රූපෙ ගැන හිතනවද. ස්පර්ශය විඳිනවද. ස්ංසර්ගය කියන්නෙත් තනිකරම ස්පර්ශය මත පදනම් වෙච්ච්ච දෙයක්නෙ.

    ReplyDelete
  23. ලිංගිකත්වය ලංකාවේ ගොඩක් දෙනෙක්ට යකෙක විදියට තමා පෙන්නේ.ඇත්තම නොදන්නා කරුණු ඇති ලිපියක්..ස්තුතියි ඔබට.

    ReplyDelete
  24. ඇත්තෙන්ම ඔබ තුමාගේ බුදු දහම පිළිබද ලිපියක් කියල දැකපු ගමන් මම හිතුවෙ අද කියවල ඉවර කරන්න බැරි වෙන එකක් කියල..ඒත් අද ලිපිය කෙටියි හරවත්..මේ.. මේ.. ලි0ගික කතාවක් හින්ද ලිපිය කෙටියි වගේ මට දැනුනද මන්ද?

    කුරුම්නියා.

    ReplyDelete
  25. මට අතීතයේ සිටම ගැටලුවක් වෙයි, කිමෙක්ද ලිංගික කාමය යන්න? එය සීමාවක් දක්වයිද? එසේනම් එම සීමාව කුමක්ද, ගිහිගෙයි සිටින පුරුෂයාගේ සීමාව තම බිරිදද? මා භෞතිකවාදියෙකි, පුද්ගලයන්ගේ ලිංගික රුචිය විවිද වෙයි, නූතන සමාජයේ ලිංගික ක්‍රියාකාරකම් ප්‍රජනනයට පමණක් සීමා නොවී, ආශාවන් සන්ත්රුප්ත කරන ක්‍රියාකාරකමක් බවටත් පත් වී ඇත, එසේනම් ඔහු සීමාවන් පරයා ලිංගික තෘප්තිය ලබයි, එය තාවකාලිකය, නමුත් සදාකාලික තෘප්තියක් අප කොහෙවත් ප්‍රයෝගිකව අත්විද නැත්තෙමු, එසේනම් තාවකාලික සැපය නිස්සාරයි කියා කියන්නේ කුමන පදනමකින්ද? (බුදු දහමේ ඉගැන්වූ පලියට අප එය පිළිගත යුතු නොවේ!)

    ReplyDelete
    Replies
    1. මා ඔබගේ අදස් ප්‍රකාශ කිරීමට ගරු කරමි. ඔබ හරි . එසේ කිව් පමණින් කෙසේ නම් පිළිගන්නද???? නමුත් මෙසේ සැක පහල කරන ඔබ වැනි අය සත්‍යයට ආසන්නයෙන්ම සිටින්නන්ය. ඒ නිසා බුදු දමේ කියා ඇති දේ ගැන තවත් හදාරන්න. ඔබේ මනස නිරවුල් බැවින් අනෙක් අයට වඩා ඔබට එය තේරුම් යාවි. බුදුන් වහන්සේත් කියා ඇත්තේ කවුරුත් කියූ පලියට පිලිනොගන්නා ලෙසයි.

      Delete
    2. ස්තූතියි වෙද තුමනි! මා පටන් ගත යුත්තේ කොතන සිටද?

      Delete
    3. ඔබ වෙහෙසවී ග්‍රන්ථයන් කියවන්න. විශේෂයෙන්ම ත්‍රිපිටකය. බුද්ධ ජයන්ති පොත් පෙල සිංහලෙන්ද ඇත. කාගෙවත් ඉගෙනීමක් නැතුව ඔබම තේරුම් ගන්න. හෙමීට ටික ටික කරන්න. දිනක ඔබට වැටහේවි.

      Delete
  26. ගොඩාක් වැදගත් ලිපියක් මම දන්න විදියට බුදුන් වහන්සේත් කියා තියෙනවා යෝනිසෝ මනසිකාරය කරන්න කියලා ඒ කියන්නේ තම නුවණින් සිතා බලන්න කියන එකනේ එහෙම කලාම ප්‍රස්න අඩුයි තමා....තව එක කරුණක් වෙද මහත්තයෝ මෛථුන්‍යය කල යතු දෙයක්ද නොකල යුතු දෙයක්ද කියන එකට පිළිතුරක් තිබේද...මෛථුන්‍ය හේතුවෙන් ලෙඩ රෝග ඇතිවේද.....මම වෙද ගෙදර ඉද්දි නිතරම මල් කඩන එක හොඳ නෑ ඕවට තමයි අතිමෛථුන්‍ය කියන්නේ කියලා පොඩි වෙද මහත්තයා කිව්වා මට තාමත් ඒ අති මෛථුන්‍ය ගැන තේරෙන්නේ නම් නෑ...

    (මගේ ආදර කතාව ගෙදරට මාට්ටු වෙච්චි නිසා ඩිංගක් විතර මේ දවස්වල යුධමය වාතාවරණයක් ඇතිවෙලා තියෙන්නේ.ඒකයි මේ ටිකේ ටිකක් නිහඬ...කරුණු කාරනා කියලා ඊයක් එවන්නම්කෝ ඔබතුමාට)....ලිපියට බොහෝම ස්තුතියි ජය වේවා

    ReplyDelete
  27. මීට සමාන මාතෘකාවක් පිළිබද ඊයේ මමත් පොඩි විවාදයක පැටලුනා යාලුවෙක් එක්කලා. මේක කියෝලා ඉවර උනාම තේරුනා මම පොරට දීලා තියෙන උත්තර හරියි කියලා.

    ReplyDelete
  28. වැදගත් විවරණයක් වෙද මහත්මයෝ... එක එක්කෙනා තම තම නැණ පමණින් අදහස් දක්වද්දී ඔබ තුමා කරුණු එක්කම ලිපියක් ලියපු එක හොඳයි... ගොඩක් ස්තුතියි !!!

    මනුෂ්‍යයෙක් විදියට ජීවත් වෙන එකේ අරමුණ වෙන්න ඕනේ ලෝකෙට බරක් නොවී ජීවත් වීම සහ සංසාරේ කෙටි කරගන්න වැඩි වැඩියෙන් අත්දැකීම් එකතු කරන එක. ලෝකෙට බරක් නොවෙන්න නම් තමන් පුරුදු පුහුණු කල හොඳ ගති ගුණ ඉස්සරහට අරන් යන්න අපිත් තව පරම්පරාවක් හදන්න ඕනේ.

    අනාගාමී වෙනකල්ම ලිංගික ආශාව අත්හැර ගන්න බැරිබව ඇත්ත නම්, අපි කරන්න ඕනේ කසාද නොබැඳ වටේටම කොට කොටා පිස්සු කෙලින එකද ? කසාදයක් කරගෙන බිරිඳත් එක්ක කරන දෙයත් බෙදාගෙන, දරුවෙක් දෙන්නෙක් හදාගෙන උන් ටික හොඳට හදාගන්න එක ද ?

    ලිංගිකත්වයෙන් පිටුපාන්න අපිට බෑ. කසාද නොබැන්දත් ලිංගිකත්වය නැතිවෙන්නේ නෑ. ඔබතුමා කියපු කරුණුත් එක්ක ගොඩක් දේවල් ගැන දැනගත්තා. ස්තුතියි !!!

    ReplyDelete
  29. හුඟක් තොරතුරු දැන ගත්තා. අගේ ඇති ලිපියක්. ඇත්තටම ග්‍රාම්‍ය කියන වචනෙ තේරුම මොකක්ද? මම දන්න තරමට නම් ග්‍රාම්‍ය කියන්නේ පහත් මට්ටමේ කියන එකයි.

    ReplyDelete
  30. අවංකවම කීවොත් පුල් පයර් එකේ ආවෙ . . . . බලද්දි බන

    ReplyDelete
  31. කොමෙන්ට් ඔක්කොමත් කියෙව්ව. හෙහ්...හෙහ්...ඔය 'ඕනය' දාල තියෙන්නෙ මටත් එක්කම කොමෙන්ට් එක :-))

    ReplyDelete
  32. ටික දවසකින් මේ පැත්තෙ එන්න බැරි උනා. තරහ වෙලාද දන්නෙත් නෑ ඒ නිසාම.
    අපූරු ලිපියක්. වටිනා දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගෙන මතකයේ රඳවා ගත යුතු.

    ReplyDelete
  33. ඉතාම ආශාවෙන් ඔබගේ බ්ලොග් අඩවියේ ඇති ලිපි සමඟ ඇති කමෙන්ටු කියෙව්වා. හරිම රසවත්. මේ ලිපියත් ඔබේ බ්ලොග් අඩවියේ පළ වී ඇති වෙනත් ලිපි වගේම හරිම ලස්සනයි. රසවත්. ඒ වගේම කාලීනයි. ඔයාට මේ වගේ ලස්සන සාරවත් හරවත් කාලීන ලිපි තව තවත් ලියන්න චිත්ත ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මමත් බ්ලොග් එකක් ලියනවා පුංචි කුමාරිහාමි කියන නමින් පුලුවන් නම් ඔයත් මගේ බ්ලොග් එක පැත්තට ඇවිල්ලා මගේ බ්ලොග් එකේ පළ වෙලා තියෙන ලිපි කියවලා අදහස් දක්වන්න. මම තවම පුංචි කෙල්ලෙක් නිසා ඔයා දක්වන අදහස් මට හුඟක්ම වටිනවා හොඳේ. ඒ වගේම දිගටම මගේ බ්ලොග් එකත් එක්කම රැඳී ඉන්නය කියලා ඉතාම ආදරයෙන් ඔයාගෙන් ඉල්ලා සිටිනවා. ඔයාට බොහෝම ස්තූතියි. ඔයාගේ වටිනා ඉඩකඩ පුංචි කෙල්ලන් වන මා වෙනුවෙන් මේ විදිහට වෙන් කරලා දුන්නට..

    ReplyDelete
  34. First off I want to say superb blog! I had a quick question
    which I'd like to ask if you don't mind. I was interested to know how you center yourself and clear your head prior to writing.
    I have had a difficult time clearing my mind in getting my ideas out there.
    I truly do enjoy writing however it just seems like the first 10 to 15 minutes are usually
    wasted just trying to figure out how to begin.
    Any recommendations or hints? Thanks!

    Also visit my homepage :: abercrombie and fitch

    ReplyDelete
  35. වැදගත් වෙයි
    https://pitaka.lk/books/vishuddhi-margaya/3-15.html

    ReplyDelete