Wednesday, January 18, 2012

හොර ගමන සහ මිත්‍රයෙක්ට වුනු අකරතැබ්බය.

බොහෝම දිනකින් පසු අද නැවත ලිපියක් ලියන්නයි සූදානම. අද මම කලින්ම සැලසුම් කළ ලිපිය ලියා ගන්න බැරිවුනු බැවින් තමයි මේ ලිපියට එන්න හදන්නේ. මෙකෙ කිසිම ගත යුත්තක් නැහැ. දැනට අවුරුදු 20 විතර කලින් අපේ නේවාසිකාගාරයක් තුල සිදුවුනු සිදුවීමක්. හුදෙක් විනෝදයටත් ලිපියක් ලියන්න බැරිවුනු අඩුව පුරවා ගන්නත් තමයි ලියන්නේ. මට මේක මතක් කලේ කලින් මගේ ලිපියකට ගොදුරු වුනු "නිමල්". "උඹ ලියනව නම් හැමෝම ගැන ලියාපිය" ඔන්න මට කිව්ව දේ. මගේ මොකෝ එහෙමනම් මෙන්න.

මේ ලිපියට පාදක වෙන්නේත් අපේ මිත්‍රයෙක්. දැනට රජයේ ජ්‍යේෂ්ට වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන කෙනෙක් නිසා මම හඳුනාගන්න හෝඩුවාවක් දෙන්නෙ නැහැ. මේ කියන පුද්ගලයා සිසුවෙකුව සිටියදීම අපේ වෛද්‍ය විද්‍යාලයට විශාල සේවයක් කළ කෙනෙක්.

මෙයා ඒ කාලේ අපේ නේවාසිකාගාරයේම තමයි නැවතිලා සිටියේ. ඉතාම මිහිරි හඬින් ගීත ගයන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ඕනෙම වෙලාවක බෝතල් හිස් කරන්නත් නම් දරාපු කෙනෙක්.

මම නේවාසිකාගාරයේ නිත්‍ය සාමාජිකයෙක් නෙමෙයි. ඒත් නොනිළ වශයෙන් මටම වෙන්වූ ඇදක් නේවාසිකාගාරයේ තිබුනා. ඒ මම ශිෂ්‍ය සුභ සාධන කටයුතු වල සිටි නිසා. අපිට වැඩිමල් කෙනෙක් වුවත් මා එක්ක තිබුනේ මිත්‍රකමක්. ඒකෙ ආයිත් ලොකු පොඩි බේදයක් තිබ්බේ නැහැ.

මෙයා ගමේ යන්නේ ඉතාම කලාතුරකින්. වැඩිමල් හෝ බාල සහෝදරයෙක් නැති පවුලේ එකම දරුවා නිසාම විශාල ධනයක් මොහුට අයත් වෙන්නත් තිබුනා. ඒ නිසාමද කොහෙද කිසිම දෙයක් වැඩි ගනන් නොගත් සැහැල්ලු චරිතයක්.

මේ පුද්ගලයට තිබුනු එක පුරුද්දක් තමයි සතියකට දෙකකට වරක් එකපාරටම අතුරුදන් වෙනවා. අපි නේවාසිකාගාරයේ සියළුම වැඩ කරලා යක්කු ගස්යන වෙලාවට තමයි නිදා ගන්නේ. නමුත් අපි උදේට නැගිටින්නේ හොදටම ඉර පායලා දේශනවලට යන්න ඔන්න මෙන්න තියලා. නැගිට්ටවෙලේම මම නම් දුවනවා. ලැහැස්ති වෙන්න. නැත්නම් තදබදයට අහු වෙන නිසාත්. ඒ කාලේ පෙම්වතුන් වෙච්ච අපේ වෙදහාමිනේ මඟ බලන් ඉන්න නිසාත්. කොහොමින් කොහොමින් හරි අපිට මේ මිත්‍රයාව මතක් වෙනකොට දවල් වෙලා. සොයා බැලුවම කිසි කෙනෙක් දන්නේ නැහැ වුනු දෙයක්. කොටින්ම එක කාමරේ සිටි මිත්‍රයාවත් දන්නෙ නැහැ වුනු දෙයක්.

මේ සිද්ධිය මේ විදියට දින ගනනක්ම කිසිම කෙනෙක්ට අල්ල ගන්න බැරි විදියට වෙනවා. අපි නොයෙක් සැලසුම් හදනවා. කිසිම වැඩක් නැහැ අපිට නින්ද යනවා. ඒත් අපි මෙයාගෙන් ඇහුවම කියන්නේ කිසිම ගැලපීමක් නැති වල්පල්. කිසිදිනක කිසිම දෙයක් කටින් අල්ලා ගන්නත් බැරි කට්ටයෙක්. අපි දිනක් බලනකොට පුද්ගලයා මිසින්. එදා අපි කථා කර ගත්තා. හරියටම රෑ 10 වෙනකොට නේවාසිකාගාර වහනවනේ. නමුත් අපි එන්න හදාගෙන තිබෙන හොර පාරවල් එහෙම මුර කරන්න. ඇයි මෙයාව අල්ල ගන්න. ඒ කියන්නේ නෑමක්.

අපේ නේවාසිකාගාරයේ නෑමක් සෙට් වෙනවා කියන්නේ එලිවෙනවා නොදැනේ. දැන් වෙලාව රෑ 10 අපි කට්ටිය අපේ නියමිත තැන්වලට රිංගුවා. මට තියන ජොබ් එක තමයි ප්‍රධාන විදුලි ස්වීචය නිමන එකයි එකපාරටම දාන එකයි. ඒකට මට සංඤා දෙන්නෙ වෙන කෙනෙක්. මේ වැඩේ තමයි මට හැමදාම ලැබෙන්නෙ. ඒකටත් හේතුවක් තියනවා. ඒක වෙන කෙනෙක් ලියයි. මගේ බ්ලොග් එකේ මම මට මඩ ගහගන්නවද එහෙමත්.

අපිටම හරියන කොල්ලො ටිකක් ඉන්නවා නේවාසිකාගාරයෙන් පිට ගමේ. මේ වගේ සීරියස් වැඩ වලදි උන් අපිට පොඩි පොඩි ඔත්තු බලන සේවා සපයනවා. දැන් මේකත් මුන්ට පැවරුවා. මොකද නේවාසිකාගාරය ලඟ ඉන්දලා පාරට පොඩි දුරක් පයින් යන්න ඕනෙ. එතකොට ගමේ කොල්ලේ හංදියෙන් අපේ මිත්‍රයා එනකොටම බයිසිකල් එකක ඇවිත් මෙයා එනබව ඔත්තුව අපිට දෙනවා. එතකොට අපි මිෂන් එක පටන් ගන්නවා. මෙහෙමයි අපේ සැලසුම.

ගමේ කොල්ලෝ අපිට දුන්නා සිග්නල් එක. ඒ කියන්නේ මිත්‍රයා තව විනාඩි පහෙන් අපි ඉදිරිපිට. දැන් කට්ටියම අවශ්‍ය බඩු බාහිරාදිය අරගෙන ස්ථානගත වුනා. මම දිව්වා නිමුවා ස්වීචය. මහ අදුර මැදින් හද එලියෙන් අපිට පේනවා මිත්‍රයා එනවා. බොතලේකටත් වග කියලා බවත් දැනෙනවා. කොහේ එන්නද ගේට්ටු වහලා.

මේ නේවාසිකාගාරවලට ඉන්නවා රජයේ ආරක්ෂක නිළධාරියෙක්. එතුමා කලින්ම අප විසින් වෙනත් තැනකට යවලා ඉන්නේ. මෙහේ වෙන කිසිම දෙයක් එයාට පේන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ.

ඔන්න දැන් අපි බලන් ඉන්නවා. කිසිම සද්දයක් නැහැ. මෙයා බැලුවා වට පිට බල්ලෙක්වත් නැහැ. මේ නේවාසිකාගාරයේ ගේට්ටුව යටම අඩිය පොලොව මට්ටමෙන් අඩියකට කිට්ටු වෙන්න උසයි. ඒ කියන්නේ පොළව හා ගේට්ටුව ඇරබෙන තැන අතර පරතරය අඩියක් පමණ තියනවා. මෙන්න මේකා ගැලෙව්වා සියළුම ඇදුම් තිබ්බා ගේට්ටුවේ උඩින්. රිංගුවා අර පරතරයෙන්. නැවත ගත්තා අර ඇදුම්. දැන මෙයාට ඉව වැටිලා ඊලඟට වෙනදේ. අර ඇදුම් වැනුවා රෙදි වැලේ. දැන් මෑන්ගේ ඇගේ තියන්නේ යට ඇදුම් විතරයි. උඩින් බැනියම යටට ජොකා.

එතකොටම වැදුනා එක වතුර බාල්දි පාරක්. එකෙන්ම නෑවිලා ගියා. හැබැයි ඇදුම් තෙමෙන්නේ නැහැනේ.

මෙයා දැන් හොඳට නානවා. මම එකපාරටම දැම්ම ප්‍රධාන ස්වීචය.
සියළුම රහස් එලි වුනා එකපාරින්ම. මෙතෙක් කාලයක් ගිය ගමන එක පාරින්ම එලි වුනා.

මෙන්න මෙයා ඇදන් ඉන්නේ දන්නවනේ අර ගෑනු ළමයි ගවුමට යටින් අදින දිග බැනියමක් තියන්නේ අන්න ඒකක්.


හදිසියේ මාරු වෙලා.

45 comments:

  1. හැක් හැක්. ඇත්තටම වෙදනත් ටික ටික මඩ වලට පුරුදු වෙලා. :)
    //ඒ වගේම ඕනෙම වෙලාවක බෝතල් හිස් කරන්නත් නම් දරාපු කෙනෙක්.// එහෙමත් බොනවද ජීවකවරු.

    //ඒක වෙන කෙනෙක් ලියයි. මගේ බ්ලොග් එකේ මම මට මඩ ගහගන්නවද එහෙමත්.// රහසින්වත් කියන්න බැහැයි?

    ReplyDelete
  2. ආතල් ලෝකයක්නේ.
    වෙද මහත්තයෝ මේ හොරෙන් අහන්නේ (ඔයා එහෙම ඔයවගේ ගමන් ගියේ නැහැනේද)
    මේ පළමුවෙනි කොමෙන්ටුව දිගටම මේ පැත්තට එන්නම්කෝ.

    ReplyDelete
  3. හෆොයි දෙයියනේ... ඒ වගේ වෙස්ට් අඳින්නේ ඉස්කෝලේ යන ගෑණු ළමයි නේද....?

    ReplyDelete
  4. මාත් හොදින් අදුරන අපේ ගමේ ඩොක්ටර් කෙනෙක් ඉන්නව වෙදනව හොදින් අදුරන .
    …මම අහගන්නම්කෝ එයාගෙන් වෙදෙනගෙ ගෑන . එයා දන්නව ඇති වෙදන කරපුවා .

    ReplyDelete
    Replies
    1. වෙදනගේ පටි රෝල් වෙයිද....DDD

      Delete
  5. ඇය් ලියුවෙ මොකටද ලියුවෙ අහන්නෙ නෑ මමනම් කැමති මඩ වලට .. හික් හික්

    ReplyDelete
    Replies
    1. අපෝ ඉතින් ඒ හරිය අපි නොදන්නවැයි . මඩක් කිව්වොත් එතන ඇති ජෝනා .

      Delete
  6. අනේ අනේ යාලුවො ඔක්කොම එහෙමද දන්නෙ නෑ.:)
    අරවට කියන්නෙ දිග බැනියම්ද? හෙහෙ.

    ReplyDelete
  7. ඔබතුමා අගහරුවාදා නුගසෙවනට ආව නේද මම් අහම්බෙන් දැක්කෙ.

    ReplyDelete
  8. එක වල්ලෙ තියෙන්නෙ එක වගේ පොල් නොවැ......!

    ReplyDelete
    Replies
    1. නැ මං කිව්වෙ පොල් ගැන....

      Delete
  9. අර දුමියා ඉස්කෝලෙ යන ගෑල්ළමයින්ගෙ යට ඇඳුම් ගැන එක්ස්පර්ට් කෙනෙක් වගේ

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒක තමයි. එත කොට යට ඇඳුමට යටින් තියෙන එව්වා ගැන එක්ස්පර්ට් කවුද ? වෘත්තියෙන් වෙදනත් එහෙමයි. මම අහන්නේ මේ කමෙන්ට් දාන ගොබිලෝ ගැන..

      Delete
    2. වෙද්දු නැතුව ටිංකර් බාස්ලද බොල ඒවා ගැන දන්නේ....

      Delete
  10. හෙහ්... නාගෙන තියෙන්නේ ඔය!

    ReplyDelete
  11. පෙට්ටි කෝට්..සොරි පෙටි කෝට් කියලා නේද ඒවට කියන්නේ ? :D

    ReplyDelete
  12. කොහොමද යට එකත් මාරු උනානම්...

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. දුමී කිව්ව වගේ එව්ව අදින්නේ ඉක්කෝලෙ යන කෙල්ලො නේද... හපොයි දෙවියනේ..

    ReplyDelete
  15. බලාපල්ලකො..නිවිහැනහිල්ලේ කොට්ටක් වත් පැන ගන්ඩ නැති හැටි..ඇයි වදේ දොස්තරල උනත් ඒත් මනුස්සයොනොවැ..හික්

    ReplyDelete
  16. ඇයි බොල කන බොන එවුන්ට කාලා බීලා ඉන්න‍ දෙන්නේ නැත්තේ..

    සිරා කතාව !@

    ReplyDelete
  17. වල් ටුවර් එකක් ගියපු කතාවක්නෙ :)
    හෙ හෙ :)))

    ReplyDelete
  18. ඔය කර්තව්‍යයටම යන එකෙකුට අපේ එවුන් කලේ (නො)හොඳ වැඩක්. ඌ ගියේ ගැනු බෝඩිමකට. අපේ එවුන් ඌ එනකොට අල්ලා ගන්නේ නැතිව, යන කොට පස්සෙන් ගිහින් බුවා ගජ රාමෙට ලී ඉරාගෙන යද්දී රතිඤ්ඤා වැලක් පත්තු කරලා දමලා. එක්සත් ජාතීන්ටම වැඩේ මාට්ටු.

    ReplyDelete
    Replies
    1. අර අරක මතක් කරන්න අමතක වුනා ඔබතුමාට. මම ඒ ගැන ඊයක් ඉක්මනට එවන්නම්.

      Delete
    2. අප්පෝ ඒක නම් කැත වැඩක් :))))
      (ea wunaata maru wihiluwa)

      Delete
  19. දෙපාරක් කියවලත් මට කතාව තේරුනේ නැහැ.පස්සෙයි කමෙන්ට් බැලුවම් තේරුනේ..පව් අසරනයා.

    ReplyDelete
  20. චීචී... කොටුවක් නේද???

    ReplyDelete
  21. වෙද මහතතයත් හරි හරි වැඩවලට තමා සෙට් වෙලා තියෙන්නේ . අපේ පැත්තෙත් එකෙක් ඔහොම ගෙදරකට රිංගලා වැඩේ කරලා එලියට එනකොටම නිංජෙක් කියලා වට වෙලා පොලු පාරවල් තොගයක් දීලා අපෙ ගමේ එවුං ..

    වෙද මහත්තයාගේ ඔය මිත්‍රයා අල්ලගත්තා නම් මේන් ස්චිච් කතාව අහගන්න තිබුණා .

    ReplyDelete
  22. අයියෝ ඇඬෙනවා රෙදි ඇඳන් නෑවනම් හොඳයි කියලා හිතෙන්න ඇති එයාට...මේන් ස්විච් කතාව වෙන කාටහරි උනා වගේ ලියමුද වෙද මහත්තයෝ....ම්ම්ම් මෙයා බෝතලේට වග කියලා බට්ටො පැනලද නැත්තම් බට්ටෝ පැනලා බෝතලේට වග කියලද කියලයි ප්‍රශ්නේ සමහරවිට වෙරි මතේ වෙන කොහේහරි තිබ්බ එකක් ඇඳන් ආවාද දන්නෙත් නෑ කරුමෙට

    ReplyDelete
  23. වෙද මහත්තයගේ වැඩ කිඩ එලියට එන තැන ගැන සීරුවෙන් ඉන්න ඕනා

    ReplyDelete
  24. ඊයේ දවසම මේකට කමෙන්ට් එකක් දාන්ට ට්‍රයි කලත් බැරි උනා...දැන් ලියන්ට හිතා උන්නු එකත් මතක නෑ.

    පව් අර අසරණයා කියලා තමා කියන්ට තියෙන්නේ....:D

    ReplyDelete
  25. සියල්ලන්ටම,
    ඔබ මගේ ලිපි කියවීමෙන් යමක් ලබා ගන්නා බව දනිමි. ඒ ඇල්ම නිසාම මෙසේ දහසක් වැඩ අතරද ලියමි. ඔබගෙන් ලැබෙන සෙනෙහස නිසා දිගින් දිගටම ලියන්නට සිතා සිටිමි. නමුත් මගේ වැඩවලට කාලය අවශ්‍ය නිසා හැමෙකෙක්ටම වෙන වෙනම පිලිටුරු දීමට නොහැක. එසේ කරන්නේ සිතකින් නොවේ. සමාවෙන්න. නැවත ලිපියක් ඉක්මනින්ම දමන්නම්. ඔබ සැමට ජය!!!

    ReplyDelete
  26. කැත වැඩේනේ මනුස්සයට වෙලා තියෙන්නේ.....

    ReplyDelete
  27. අප්පොච්චියෝ..... අසරණයට වෙලා තියෙන දෙයක්......

    ReplyDelete
  28. මට නම් පව් කියල හිතෙන් නෑ,
    මොකද මේ මෑන්ස්ට නම් ගාණක්වත් යන්න නැතුව ඇති :)

    ReplyDelete
  29. හැබැටම බොලේ.. ඕව අඳින්නේ නම් එක්කෝ අර කිව්වත් වගේ ඉස්කෝලේ යන ගෑල්ලමයි.. අපරාදේ ඉතින් අර ඉඳුනිල් කරලා තියනවා වගේ පස්සෙන් ගිහින් බට්ටෙක් දෙන්නෙක්වත් හඳුන්කුරු කොටෙකින් පත්තු කරලා ආවනම් ඉවරනේ.

    ReplyDelete
  30. හික් හික් මාර පොරක්නේ..අනික වෙදෙක්...එළ ඈ......

    ReplyDelete
  31. මට දුක; උගෙ වෙස්ට් එක අනිත් බාගෙට අඳින්න උනානම් ඒ ගැන..

    ReplyDelete
  32. ඒක තමයි අපේ කොල්ලෙක්ගේත් සරමක් නැතිවෙලා,
    ගැහැණු හොස්ටල් එකේ රූම් එකක සරමක් තියනවා කියලයි ආරංචිය!

    ReplyDelete
  33. හැක හැක හැක මඩ කෝටියයි

    ReplyDelete
  34. හොඳ වෙලාවට ඔය ග්‍රීස් යක්කු රජ කරපු කාලෙ නෙවෙයි!!

    henryblogwalker the Dude

    ReplyDelete
  35. ලිංගික ඉරිසියාව :D

    ReplyDelete
  36. කොට්ටක් පැනීම නාවන්න තරම් වරදක්ද?

    ReplyDelete