Tuesday, January 3, 2012

විහිළුවට ලිව්වට විහිළුවක්ම නෙමේ.

ඔන්න ආයෙත් මේ අවුරුද්දෙත් වෙදගෙදරට කට්ටියටම ආරාධනා කරනවා. නව වසරෙත් හැමදාම එන්න.

හැමදේටම වඩා මානසික සහනය වටිනවා කියන එක මගේ ජීවිතයේ එක් නීතියක්. හොඳට හිනා වෙන්න ඇහැකි නම් හොදට නින්ද යනවා කියන එක මගේ ආදර්ශ පාඨය. මේ දෙකම තිබෙනම් කවදාවත් ලෙඩ වෙන්නෙ නැහැ. මේ නිසා තමයි අපේ පැරැන්නෝ "සිනාසී තරවෙනු" කියන එක පිළිගත්තේ.

මේ හැම දෙයක්ම කියන්න හෙතු වුනේ මේ වසරෙ මුලින්ම කියවන්න ලැබුනේ අපේ ටිකක් හිනා වෙන්න ලියන අභීතගේ බ්ලොග් එක නිසා. අවුරුදු ලබද්ධි ලියන එක හොදයි කියලා හිතලා ලියන්න ගත්තා. හරියටම 11.45 විතර සුභ පැතුම් පෝස්ට් එක දාගත්තා. මට හිතුනා ඒක නම් කර ගන්න බැරිවෙයිද කියලා. එදා ඒ තරම් නෙට් හෙමින් වැඩ කලේ. කොහොම හරි දැන් ඒවා ඉවරයි නොවැ.

අද මම අවුරුදෙ පටන් ගන්න යන්නේ බොහොම සරල දෙයක් ලියලා. මේක ලියන්න කලින්ම ලියන්නම් මේ ලියන්නේ බෞද්ධයෙක් වුනු මම කාගෙවත් හිත රිද්දන්නවත්, අපහාසයක් කරන්නවත් නෙමෙයි. මේ ලෝකෙ තියන යථාර්ථයත්, මිනිස්සුන්ගේ බොරුව වංචාව, ගැනත්, මොන විදියට රඟපෑවත් අපි කවුරුත් සාමාන්‍ය මිනිස්සු බවත් කියන්නත් ඕනෙ කරන නිසායි. මේක මම මුහුණ දුන්නු ඇත්තම කථාවක්. 2004 විතර කාලෙ තමයි සිදු වුනේ.

මම කාලයක් ඖෂධ නිෂ්පාදනය සමඟ සම්බන්ධ වෙලා සිටියා. මේ රැකියාව රාජ්‍ය ආයතනයක කලේ. පස්සේ මම ඒ රැකියාව අතහැරලා දැම්මා. ඒ ගැන බොහෝම වටිනා කථා තියනවා. නමුත් ඒවා දේශපාලනට සම්බන්ධ නිසා කවදාවත් ලියවෙන එකක් නැහැ.

මම ඒ ආයතනයේ සිටි නිලතත්වය අනුව මා බාරයේ තමයි සියළුම ඖෂධ වට්ටෝරු එහෙම තිබුනේ. මම ඉතින් නිකන් ඉන්න වෙලාවට ඕවා කියවනවා. ඒ කියන්නේ හැම වෙලේම කරන්නේ ඒකම තමයි. දවසක් මට ලැබුනා මරු බඩුවක්.

ඔන්න කට්ටිය කලබල වුනා. එහෙම දෙයක් තමයි. අර ආච්චි පනුවන්ගෙන් අහගත්තෙ. අන්න ඒ වැඩේට තමයි. හැබැයි මේක තියනව නම් ඒ සෙල්ලම් ඕනෙ නැහැ. ඉතිං මමත් කවදා හරි ඕනෙ වෙයිනේ කියලා ලියා ගත්තා. ඔය වට්ටෝරු වැඩි හරියක් ලියා ගත්තා තමයි. ඒවා බ්ලොග් එකට වැඩක් නැහැනේ.

මම මේ ජොබ් එක දාලා ආවා කිව්වනේ, ඒ ඇවිත් තමයි මේ පොල පටන් ගත්තේ වැඩේ නැගලම ගියේ ටික කාලෙකින්. මුල් කාලේ වැඩි වැඩකුත් නැහැනේ. ඒ සැරේ මම මට අවශ්‍ය පොඩි පොඩි ඖෂධ නිපදවන්න ගත්තා. ඒකත් ටිකක් නැඟල ගියා. ඒත් ඒක මට හරියන වැඩක් නෙමෙයි. ඒකත් අත හැරියා. ඔය කාලේ මට මතක් වුනා අර මුලින් කිව් ඖෂධය. අමාරුවෙන් අමුද්‍රව්‍ය එහෙම ලෑස්ති කරන් හැදුවට මොකද කාට දෙන්නද. ඒකට හොද ඇනකොන්ඩෙක් හොයා ගන්න ඕනෙනෙ.

ඔහොම ඉන්නකොට මම දන්න කෙනෙක් ඔය ප්‍රශ්නෙ ගැනම මහා විලාපයක් මා එක්ක කිව්වා. ඔන්න බඩුව. දෙයියෝ දුන්නු චාන්ස් එක කියලා හිතලා නමෝ විත්තියෙන් දුන්න බේත. බොහොම ටික කාලයයි ගියේ, දවසක් මෑන් මට ගෙනත් දුන්න හොද කේක් එකක්.

දැන් ආයිත් ටික කාලෙකට පස්සෙ දවසක් ඔබ කවුරුත් නම කිව් සැනින් දන්න, ගුරුකම් වලට ප්‍රසිද්ධ, තාමත් සාසනේ ඉන්න, සඝනායක වගේ පෝස්ට් එකක් තියන ලොක්කෙක් මගේ පොඩි ඩිස්පැන්සරිය අහ ඇවිත් බොහෝම කුළුපඟ විදියට ආගිය තොරතුරු කථා කරනවා. ඔන්න ටිකකින් අහනවා

"අපේ මහත්තයා දන්නවද අහවලා"

මම අපෝ ඔව්. ඒ මගේ මිත්‍රයෙක්නෙ.

ආයිත් මට කියනවා පුටු කබල මට ලන්කරලා, මගේ කනට කරලා, "එයා තමයි මට මේක කිව්වේ අපේ මහත්තයා ඒ මහත්තයා මට කිව්වා. අපේ මහත්තයා ගාව දිව්‍ය ඖෂධයක් තියනවා කියලා. අනේ මහත්තයෝ මට මේ දන්න කෙනෙක්ට දෙන්න, පොඩ්ඩක් ඕකෙන් දෙන්නකො. මම මහතයාගේ ගාන ඉල්ලල දෙන්නම්."

දැන් දැන් මට තේරෙනවා ගොනා හැරෙන්නෙ පොල් පැලේටමයි කියලා. මම මගේ ලඟ ඒ කාලෙ වැඩ කළ ගෝලයට කිව්ව බේත ගෙන්න කියලා. අපරාදෙ කියන්න බැහැ නියම ගෝලය මූ මේක ගෙනවා බොහෝම රහසිගතව ඔතලා කරලා. දැන් අරුන්නාන්සේ දාගත්තා මල්ලට ගෝලයගෙන් ගාන ඇහැව්වා. ඌකියපු ගානට මටම බය හිතුනා. ඒ උනාට අරුන්නැහැ ඇද්ද මල්ල. දුන්න සල්ලි. එහෙනම් මයේ මොකෝ.

තවත් ටික කාලෙකින්, දැන් මේ බේත ඉවරයි. ඒක හදන්න වෙන දුක දැක්කම මට ආයිත් කවදාවත් හදන්නේ නැහැ කියලා හිතුනා.

ඔන්න දවසක් එනවා අවුරුදු 70 වැඩි අර වගේම එයිට වඩා ටිකක් අඩු ලොක්කෙක්, අරයා පලාතකට ලොක්කෙක්. මෙයා එයාට වඩා පොඩි හැබැයි වයසින් වැඩියි. ආවේ බොභොම අමාරුවෙන්. ඇවිත් කෙලින්ම කථාව.

අර උන්නාන්සෙට අපේ ලොකු මහත්තයා දීල තියනවා බේතක්. ස්නායු වැඩෙන්න. මටත් අන්න ඒකෙන් දෙනවකො ළමයො.

අපේ ගොලයත් දැන මගෙන් අහන් නැතුවම වැඩ. හැබැයි මම දන්නව දැන් අර බේත ඉවරයි කියලා. තවත් හදන්නෙත් නැහැ කියලා. මම එපාද ඒ කට්ට කන්න. ඒත් කොල්ල මොනවා හරි ගනුදෙනුවක් කොලා ලොක්කත් එක්ක.

වැඩේ ඉවරවෙලා පිට පාරෙන්ම යාළුවා ගියා. මම කොල්ලගෙන් ඇහුවා,

මොනවද තෝඉ අරුන්නැහැට දුන්නේ,

අයියෝ දන්නැත්ද අර බේත නැහැනේ.

ඒ වයසෙ හැටියට හරවලා යවන්නත් බැහැනේ මම දුන්න "ගොක්ෂූර" ගුලි ටිකක්.

එතකොට සල්ලි??

සල්ලිද ඒක අරයට දුන්නට වඩා ගනන්නේ.

මේ කථාව මතක් වුනේ එක්තරා ඖෂධයක් ලංකාවේ විකිණීමෙන් රුපියල් දශ ලක්ෂ 26 විතර ආදායමක් බටහිර බෙහෙත් කොම්පැණියක් හොයලා තියනවා පසු ගිය වසරෙ. නමුත් මේකෙ හාස්‍ය ජනක දේ තමයි ඒ බෙහෙතේ තියන්නේ අර මම කිව්ව ගෝක්ෂූර. ඔන්න වැඩ. හැබැයි අපි මේවා භාවිතා කරනවා අනාදිමත් කාලයක් තිස්සේ. අපේ දේට වෙන දෙ?

කවදාවත් අපේ මිනිස්සු මේක ආයූර්වේද කිව්වොත් ගනියිද?

හැබැයි ඇමරිකාවෙන් ගෙන්නන පැලෑටියකින් හැදුව දෙයක් නම්.......

94 comments:

  1. සහතික ඇත්ත. ඇමරිකාවෙ කියල කිව්වොත් ඕන මගුලක්! හාමුදුරුවොත් පව්. ඔබතුමා කලේ පිංකමක්ද පවක්ද කියල මට හිතාගන්න බෑ.:)
    ඔය මාතෘකාව සම්බන්ධ කතන්දර ලිස්ට් එකක් හතේ තියනව. ඉඩ තියන වෙලාවල්වල දාන්නං.

    ReplyDelete
  2. අර දොස්තරල මෙලෝ රහක් නැති විටමින් තොග දෙන්නෙ බෙහෙත් ගොඩක් ලිව්ව වගේ පේන්න. මොනා හරි ගුලියක් කව කියල හිතනකොටමත් සමහරු කෙළින් නෙ. අර හොර වෙහ්ඩාගෙ ගුලි කාපු රත්ගම ක්‍රිකටර් වගේ.

    ReplyDelete
  3. බෙහෙත් ගැනනම් මම දන්නෙ නෑ ඕන් .. කොහොමටත් made in America නම් ඉතිං කට්ටිය වැඳගෙනනෙ ..

    ReplyDelete
  4. මම ඉතින් මට වුන එක කීවේනෙ වෙද මහත්තයට...
    ඊ මේල් එකක් එවුවා, බලන්න,
    මේ ඔය වට්ටෝරු අතරෙ නැද්ද අකලට හිසකෙස් ඉදීමට වට්ටෝරුවක් ??? :)

    ReplyDelete
  5. apita puluwan athdhakeem saha paryeshana thulin hela wedhakama dhiyunu karanna.

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා......
    ඒක නෙවී ඔය " ගෝක්ෂූර " කීවේ මොනවද ?

    ReplyDelete
  7. ස්නායු වඩවලා ගත්තහම කොහොමට තියෙන්න් ඇද්ද ? සුදු ඇඳුම් අඳින වයසක කට්ටියක් ඉන්නවා. උන්නාන්සේලා ඔය වගේ ඒවා පාවිච්චි කොරනවා බොහොම වැඩියිලු. පොටෙන්ශල්‍ මාකට් එකක්

    ReplyDelete
  8. විලි ලැජ්ජයි , & ගෝක්ෂූර " කීවේ මොනවද ?

    ReplyDelete
  9. වෙදනානෙනි.. අර "බටහිර" ඖෂධයේ නම සොයා දෙනවාද? "ගොක්ෂූර" ගැන මට තේරුමක් නැති බැවින් කතන්දරය ඇනලයිස් කරන්නට එම නම තිබුණොත් හොඳ යයි සිතමි.. "බටහිර" සහ ආයුර්වේද ඖෂධ වල මිල ගණන් සැසඳිය හැකි අන්දම ද එතරම් නොතේරයි.. සමහර "බටහිර" ඖෂධ ඉතා මිල අධික ය.. එහෙත් එයට හේතුව වන්නේ ඒවා අවුරුදු ගණනක් තිස්සේ රසායනික පර්යේෂණ, සායනික පර්යේෂණ කර ආරක්ෂාව සහ වෙනත් දුර්ලභ අතුරු ආබාධ සඳහා වෙනත් පරික්ෂා ද කර, අනුමත කරවාගෙන පේටන්ට් කිරීම සඳහා විශාල මුදලක් යන බැවින් විය හැකිය.. එසේ වුව ද සෑම "බටහිර" ඖෂධයක්ම මිල අධිකයි කිව නොහැකිය.. වේදනානාශක, විටමින් වර්ග, සරල දියවැඩියා සහ රුධිර පීඩන බෙහෙත් ඉතා විශාල මිලක් නොගෙවා මිලයට ගත හැකිය.. එබැවින් අදාල සමාගම විකිණූ ඖෂධයේ නාමය සහ ඒකක මිල නොදැන ඒ පිළිබඳව කමෙන්ට් කිරීම අපහසු ය.. එය එහි සංඝටකය යයි ඔබ කියන "ගොක්ෂුර" වලට සාපේක්ෂව මිල අධික වුණ ද එය පුදුමයක් නොවේ.. මන්ද එය විශාල ක්‍රියාවලියකට භාජනය කර වෙළඳපොලට එන නිසා ය.. එහෙත් එම ඖෂධයේ සාමාන්‍ය මිල ගණන් වලට වඩා එය වැඩි දැයි පරික්ෂා කළ හැකිය..

    කෙසේ වුව ද මෙයින් අදහස් වන්නේ "බටහිර" ඖෂධ සමාගම් සර්ව සාධාරණ ලෙස කටයුතු කරන් පිරිසක් බව නොවේ.. සංඝටක එසේම තිබිය දී කෝටිං එකේ ඉතාම සුළු වෙනසක් කර හෝ සියල්ලව සමානව තිබියදී වෙනත් වෙළඳ නාමයකින් ඉතා විශාල මුදලකට අලෙවි කිරිම, සත්ත්ව සහ සායනික පරික්ෂා වලදී හොර කිරීම, අතුරු ආබාධ තියෙනවාට වඩා අඩුවෙන් පළ කිරීම වැනි (සීරියස්) චෝදනා පත්‍රයක්ම ඖෂධ සමාගම් වලට විරුද්ධව පවතියි.. ඇමෙරිකානු ඖෂධ අධිකාරිය ළඟදී කළ විශ්ලේෂණයකදි හෙළි වූයේ ඖෂධ සමාගම් වල ලාභය එකට විස්සක් තරම් ඉහළ අවස්ථා ඇති බවයි.. ඇමෙරිකානු ආර්තික අර්බුදය ඖෂධ සමාගම් වලට මදකින් හෝ බල නොපෑවේ ය..

    මා ඒ කීවේ "බටහිර" ඖෂධ සමාගම් වලට ජෙනුවින්ලි නැගිය හැකි (සහ බොහෝ විට නැගෙන ) චෝදනා කිහිපයකි.. එහෙත් කිසියම් ඖෂධයක් එහි මූල සංඝටයකට වඩා බෙහෙවින් මිල අධික වීම පමණක් නිර්ණායකය කර ගනිමින් එසේ චෝදනා කිරීම සාධාරන නැත..

    ReplyDelete
  10. ඕනෑම දෙයක මිළ තීරණය වන්නේ ඊට ඇති ඉල්ලුම හා සැපයුම අනුවය. මරුති කාර් එකක මිළ මෙන් දහ පහළොස් ගුණයක් මිළ කාර් වේ. නමුත් මේ කාර් දෙවර්ගයෙන්ම අඩු වැඩි වශයෙන් ඉටු වන්නේ එකම කාර්යයයි. අපේ සමාජයේ ඇති ඉල්ලුම අනුව ඒ ඒ කාර් වල මිළ තීරණය වී තිබේ. ඊට හූල්ලා පලක් නැත.

    ආයුර්වේද "ඖෂධ"වල මිළ අඩු ඒවාට ඉල්ලුම අඩු නිසාය. ආයුර්වේද "ඖෂධ" පමණක් නොව ආයුර්වේද "වෛද්‍යවරුන්ද" චීප්ය. (මා වෛද්‍යවරයකුය කියන්නේ රටක වෛද්‍ය සභාව මඟින් වෛද්‍යවරයකු බව පිළිගත් කෙනෙකුට පමණෙකි. මගේ අත්දැකීම් අනුව ඔය ආයුර්වේද "වෛද්‍යවරුන්ය" කියා ගන්නා පිරිසට සාමාන්‍ය කෙනෙකුට වඩා වැඩි වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නොවේ.)

    අපේ රටේ විශේෂඥ වෛද්‍යවරයෙක් (චැනල් කිරීමත් සමඟ) දවසට රුපියල් 25,000 - 50,000 අතර ආදායමක් ලබයි. සමහර විට ඊටත් වැඩිය. නම ගියා ආයුර්වේද "වෛද්‍යවරයකුට" වත් මෙයින් දහයෙන් එකක් වත් සෙවිය නොහැකිය.

    ආයුර්වේද "ඖෂධ" චීප් ඇයිද බලමු. (මේවා ඇත්තටම ඵලදායක වුණත්)

    1. කිසිම ප්‍රමිතියක් නැති වීම (එකම අරිෂ්ටය තැන් දෙකකින් ගත්තොත් ඒ දෙක රසායන විද්‍යාත්මකව 100%ක් සමානද? මේවා නිෂ්පාදනය කරන හැම කෙනෙක්ම අවසානයේ නිෂ්පාදනය කරන්නේ එකම සංයෝගය කියා කීමට ඇති සහතිකය කුමක්ද?)

    2. රෝගියකුට දෙන "ඖෂධ" ගැන වැඩි විස්තරයක් දැන ගැනීමට රෝගියාට පුළුවන්කමක් නොවීම. (උදාහරණයක් හැටියට මට නම් මොන දොස්තර කෙනෙක් අළුත් බෙහෙතක් දුන්නත් මා එය පාවිච්චි කරන්නේ වැඩි විස්තර දැනගෙනය. මේ විකිපීඩියාවෙහි Paracetamol ගැන ඇති විස්තරයයි. http://en.wikipedia.org/wiki/Paracetamol මෙවැනි විස්තර කිසිම ආයුර්වේද "ඖෂධයක්" ගැන තිබේද?)

    3. ගත යුතු මාත්‍රා, ගැනීමෙන් පසු ඇති විය හැකි ප්‍රතික්‍රියා ගැන හැම පිළිගත් ඖෂධයකම සඳහන්ය. උදාහරණයක් හැටියට සමහර රෝගීන්ට පෙනිසිලින් නොදේ. ආයුර්වේද "ඖෂධ" වල මෙවැන්නක් නැත. ඕනෑ රෝගියකුට ඕනෑ බෙහෙතක් දිය හැකිය! දීමෙන් සිදුවන අතුරු ක්‍රියා ගැන "වෛද්‍යවරයා" හෝ නිෂ්පාදකයා කිසිම වගකීමක් නොගනී.

    4. සාමාන්‍යයෙන් ඖෂධයක් වැරදි නම් වන්දි ඉල්ලා නිෂ්පාදකට නඩු පැවරිය හැකිය. එහෙත් මෙය ආයුර්වේද "ඖෂධ" සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවේ.

    මේ හේතු දෙස බැලීමේදී ආයුර්වේද "ඖෂධ" ඔය ගණන් වලට වත් විකුණා ගැනීමට හැකිවීම ගැන ආයුර්වේද "වෛද්‍යවරුන්" සතුටු විය යුතුය.

    ReplyDelete
  11. හරි සෝක්...කතාව ලංකාවෙත් හොඳ බේත් තිබිල තියෙනව නේ...

    ReplyDelete
  12. වෙදමහත්තයො..මොකද්ද අප්පා ඒ බෙහේත..අර නත්තල් ගහ ජවසම්පන්න කොරන එකද්දො...

    ReplyDelete
  13. ඉස්සෙල්ලාම මහ වෙදනාටත් වෙද හාමිනේ සහ පවුලේ දරු පැටවුන්ටත් සුභ නව වසරක් වේවා...!

    ඉතින් අපරාදෙනෙ මහ වෙදනෝ ඒ බේත හැදීම නතර කලේ. අමාරුවෙන් හරි හදාගත්තනම් පංසල් පල්ලි වලටම විකුණලා හොඳ ගාණක් හොයාගෙන ඒ සල්ලි වලින් පින් අතේ වැඩක් කරන්න තිබුනා නෙව....!

    සාමණේරලායි ඇබිත්තයොයි පවු නේද ?

    ReplyDelete
  14. නිවාඩු ආ වෙලාවේ කෝල් කලාට ලඟ පාත ඉඳලත් වෙද මහත්තයා එක්ක වචන දහයක් කතා කරන්න එන්න බැරි වීම ගැන හිතට කනගාටුයි.

    දන්නවනේ සති දෙකකට නිවාඩු ආවට මාස දෙකක වැඩ ඒ සති දෙකේ කර ගන්න තමා ට්‍රයි එක.

    අහ් මේ ලිපිය ගැන කියනවනම් . . අහන්න ගොඩක් දේවල් තියෙනවා .. ඔක්කෝම ලියාගෙන මුන ගැහුනු වෙලාවකම ඔක්කෝම එක පාර අහන්නම් . .

    ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා .. ජය

    ReplyDelete
  15. අඩේ දුමීගේ කොමෙන්ටුව නිස තමා මීටර් උනේ බෙහෙත මොකද්ද කියලා . . හික් හික් හික්

    ReplyDelete
  16. වෙදමහත්මයා පමණක් නොව ගෝලයාද , සතර අපා උත්පත්ති නොලැබ අධි වේගී මාර්ගයේ නිවන් යෑමට තරම් විශාල පුණ්‍ය කර්මයක් කර ගෙන ඇති බව පෙනී යයි.

    ReplyDelete
    Replies
    1. ඕබානිස්, දකුණු අතේ අමාරුවටත් හොද ඇති නේද?

      Delete
  17. අනේ අයියේ අර බෙහෙත් ගුලිය අයෙමත් හදපන්කෝ බන් . අපි එක online විකුණමු .(මටත් ටිකක් හොරෙන් දීපන් ). ඔබතුමාටත් සුබ නව වසරක් වේවා .

    ReplyDelete
  18. මේකට මොකද කියන්නෙ....ම්ම්ම්...
    විහිළුවක්ම නෙවෙයි කියල විතරක් කියන්නම්...

    ReplyDelete
  19. මගේ සාමාන්‍ය ක්‍රමයට අනිත් අයට හෙට උදේම පිළිතුරු දෙන්නම්. නමුත් ඇනෝගේ කමෙන්ටුව මම ඉතා අගය කරන බැවින් දැන්ම පිළිතුරු දෙන්නම් එයට පමණක්.
    ඔබගේ ඉල්ලුම සැපයුම හා මිල ව්ක්‍රයට එකඟ වෙමි. කිසි දිනක හූල්ලා නැත. ඊට අවස්ථාවක් මට නම් දෛවය ලබා දී නැත. ඉතාමත් හොද ආර්ථිකයක් මට ඇත.

    ඔබ ආයූර්වේද වෛද්‍යවරයා අරුත් ගන්වන පිළිවෙලට මා කැමතිය. එනම් වෛද්‍ය සභාවක් පිළිගන්නා අය පමණක් මේ ගැන මමද ලියා ඇත. මම දන්නා පමණින් කිසිම උපාධීධාරී වෛද්‍යවරයෙක් චීප් නැත. බෙහෙත්ද චීප් නැත. ඒ ගැනද නවීන ආයූර්වේද ඖෂධ මැයෙන් මම කලින් ලියා ඇත.

    ඔබ දැනුම කියා කියනා දේ ගැනනම් මට එකඟ විය නොහැක. හෙතුව ඔබ කියන්නේ කුමන වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් ගැනදැයි මා නොදන්නා බැවිනි. හැබැයි ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ගැනනම් ඔබ වැරදිය. බටහිර වෛද්‍ය විද්‍යාව ගැන නම් ඔබ හරිය. එනම් ආයූර්වේද වෛද්‍යවරයා බටහිර වෛද්‍යවරයෙකු නොවන බැවිනි.

    ආදායම් ගැන නම් කථා කිරීමට අකමැතිය. ඔය කියන ගාන මහ ගානක්ද ? මම හිතුවේ ඔයිට වඩා ඔවුන් හම්බ කරන බවයි. මගේ මිත්‍ර බටහිර වෛද්‍යවරුන් නම් දිනකට ඔයිටවඩා හම්බ කරන බව මම දනිමි. මම දන්න ලංකාවේ වැඩියෙන්ම මුදල් හම්බ කරන වෛද්යවරයා ආයූර්වේද වෛද්‍යවාරයෙකි.

    1. ඔබ හා එකඟ වෙමි. ඒත් අරිෂ්ට යනු ආයූර්වේද ඖෂධයක් නොව පසුව අටවා ගත් දෙයකි.

    2. ඒක නම් හොද වැඩකිආයූර්වේද ඖෂධ සංග්‍රහයෙන් (ඛාන්ඩ තුනකි ). ආයූර්වේද ඖෂධ ගැනත් ඔය ලෙසම දැන ගන්න පුළුවන්. බටහිර ඖෂ්ධ ගැන දැන ගැනීමට, විකියට වඩා මේ BNF පොත වටිනවා. එය මිලදී ගන්න.

    3. කලින් 2 කියූ ග්‍රන්ථය බලන්න. ඕනෑම පැමිණිල්ලක් ආයූර්වේද වෛද්‍ය සභාව, නාවින්න, මහරගම ලිපිනයට එවන්න. සියළුම විස්තර ඇතිව. වහා ක්‍රියා කරමි.

    4. ඒ ගැන ඔබ නොදන්නා හැඩයි. ඉහත ලිපිනයට හෝ ආයූර්වේද අමාත්‍යාංශයට හෝ එවන්න. දේශීය වෛද්‍ය අමාත්‍යංශය රාජගිරිය බොරැල්ල. ලේකම් තුමාට යොමු කරන්න. ඒ අතර වැඩක් නැහැ වගේ නම් මගේ බ්ලොග් එකට කමෙන්ට් එකකින් දන්වන්න. පිළිතුරක් සොයා දෙමි.

    නැත මේ රටේ ආයූර්වේද වෛද්‍යවරයාට නිසි තැන තිබේ. අවාසනාවට එම තැන නිසි ලෙස ප්‍රයෝජනය ගැනීමට බාධා තිබේ. ඒ ගැනත් ලියා ඇත. ඔබගේ ජීවිත කාලය තුලම ඉතාඅ හොදින් වැඩී ගිය ආයූර්වේදයක් ඔබට දක්නට ලැබේවි. එය වැඩි කල් නැත. නමුත් ඒ සඳහා සහය අදාල අංශවලින් ලැබෙන පාටක් නැති නිසා තවම ඒ සඳහා කල් වැඩිය. ඔබ මොහොතකටවත් හිතන්න එපා මම බටහිර බෙහෙතට ගරහන අයෙක් කියා. නැත මම බටහිර බෙහෙතට කොහෙත්ම ගරහන්නේ නැත මගේ අරමුණ මේ දෙකම අවශ්‍ය තැන්වලදී එක් වී සේවය සැලසීමයි.

    බටහිර ඖෂධ වලට වඩා ආයූර්වේද මිලෙන් ඉතා ඉහලයි. ඒකත් අපට ඇති එක් ගැටළුවක්. එම නිසා මේ වැඩි දියුනු වූ ආයූර්වේදය දැනට ලබාගත හැක්කේ මුදල් යහමින් ඇති අයට පමණයි.
    ඔබට ජය. මෙවැනි විවේචන නිතර බලාපොරොත්තු වෙමි. ඒ ගැන ඔබට මගේ හදවතින් තුති පුදමි.

    ReplyDelete
  20. ඔය ඉස්සෙල්ලම කියාපු වට්ටෝරුව හරි දෙවනියට කියාපු ගුලි ජාතිය හරි දෙකෙං එකක් . . මෙන්න මේ අසරනයට ලැබෙන්න සැලැව්වුවනං . . . . .

    ප.ලි.
    නාගලගංවීදිය පැත්තෙං බෙහෙත් ගත් අයට ආයුර්වේද බෙහෙත් චීප් වගේ පේන්නත් පුලුවං එක අතකට

    ReplyDelete
  21. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට!
    වහන්සේලා උනත් ඔය ගෝක්ශුර ඇබීත්තක් අරගෙන අසරනයිනට සරණ වූවාට කිම්?

    ReplyDelete
  22. වෛද්‍යවරයකු නොවන ඔබව "මහ වෙදනා" ලෙස හැඳින්වීමට මම අකැමැත්තෙමි. එසේ කිරීම මා මාවම රවටා ගැනීමකි. එබැවින් ආමන්ත්‍රණයක් නැතිව පිළිතුරු දීම ගැන සමාවන්න.

    1. මා කතා කළේ පොදුවේ ආයුර්වේදයේ "ඖෂධ" කියන දේවල් මිස අරිෂ්ඨ ගැන විතරක් නොවේ. මා කියූ දේ සියළු ආයුර්වේද "ඖෂධ" වලට අදාළය. එබැවින් ප්‍රශ්නයෙන් පිට නොපැන පිළිතුරු දෙන්න.

    2. ආයුර්වේදයේ ඖෂධ කාණ්ඩ තුනක් නෙවෙයි සීයක් තිබුණත් වැඩක් නොවේ. ඒ දැනුම මහජනයාට ලෙහෙසියෙන් ගත හැකි තැනක නැත. අනෙක් අතට ඒ තිබුණත් ඒ දැනුම හුදෙක් කවුරුන් හෝ ඔහේ කියපුවා විනා විද්‍යාත්මකව තහවුරු කළ දේවල් නොවේ. (උදාහරණයක් හැටියට යම් ආයුර්වේද ඖෂධයක් සම්මත රසායනික හා සායනික ක්‍රමවේදයන් මඟින් පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවක් ගැන උදාහරණයක් දෙන්න.)

    3. මට පෙනෙන විදියට ආයුර්වේද "වෛද්‍යවරුන්" හා නිෂ්පාදකයින් යනු වගකීම කියන වචනයේ තේරුම වත් නොදන්නා පිරිසකි. මා කතා කරන්නේ යම් "ඖෂධයක්" පිළියෙල කළ ආකාරයේ ගුණාත්මක භාවය ගැන පමණක් නොවේ. හැම ඖෂධයක් සමඟම එහි සියළු විස්තර අඩංගු දත්ත පත්‍රිකාවක් වෙයි. එබඳු කිසිම විස්තරයක් ඔය කියන ආයුර්වේද "ඖෂධ" සමඟ ලබා නොදේ.

    4. "පැමිණිල්ල" හා නඩු දැමීම යනු දෙකකි. ඖෂධ සමාගම් වලට නඩු දමා කෝටි ගණන් වන්දි ලබා ගත් අවස්ථා ඕනැතරම් සොයා ගත හැකිය. මේ අවස්ථාව නිසා ඖෂධ නිෂ්පාදකයින් නිතරම වගකීමකින් යුතුව තම නිශ්පාදන කිරීමට වග බලා ගනිති. ආයුර්වේදයේ එවැනි වගකීමක සේයාවක් වත් නැත.

    උදාහරණයක් හැටියට ඔබම කළ ඇති දේ බලන්න. ඔබ කොතැනකින් හෝ හොයාගත් වට්ටෝරුවකට "බෙහෙතක්" හදා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අහිංසකයකුට දෙයි. මේ වට්ටෝරුව නිවැරදිබව ගැන ඔබට ඇති සහතිකය කුමක්ද? මේ "බෙහෙත" වසක් විසක් විය හැකිය. එය එක එල්ලේම නොපෙණුනත් පසුකාලීන අතුරු ආබාධ ඇති කරන්නක් විය හැකිය. නමුත් එය ඔබට ගැටළුවක් වූ බවක් පෙනෙනාට නැත. ඔබට අවශ්‍ය වී ඇත්තේ එය කෙසේ හෝ විකුණා මුදල් ගැනීම පමණය. ආයුර්වේදයේ "වගකීම" කියන්නේ මෙයද?

    ReplyDelete
  23. ඇමරිකාවෙන් කිව්වොත් අපේ අයට ඕනි දෙයක්... ලිපියත් කමෙන්ට් ටිකත් කියෙව්වා...

    ඕනයා : හික් හික්... උන්දැට ඔරොත්තු දෙයිද ඔය වයසෙ හැටියට ??

    සුබ අලුත් අවුරුද්දක් වෙද මහත්මයටත් පවුලේ සැමටත්.

    ReplyDelete
  24. ඔබ කෙසේ ආමන්ත්‍රනය කලත් මට කම් නැත. මගේ වෛද්‍යභාවය බ්ලොග් ලිවීමට ඇවැසි නොවේ. එය වැදගත් වන්නේ මගේ රෝගීන්ටය. ඒ නිසා ඔබ කැමති ලෙසක අමතන්න.

    1. ආයූර්වේද ඖෂධ නිපදවන්නේ යම් ක්‍රමානූකූල ක්‍රමවේදයකටය. එය බටහිර ක්‍රමය නොවේ. එය එසේ වීමට ඇවැසිද නොවේ. බටහිර ඖෂධ සාදන ක්‍රමයම අනුගමනය කිරීමටද ඇවැසි නොවේ. ඒද ක්‍රමවේදයකි. ආයූර්වේද ක්‍රමයද ක්‍රමවේදයකි. මේ දෙක දෙකකි. එකිනෙකින් ස්වායත්තය. එකක් මත එකක් යැපීම අවශ්‍ය නොවේ. ඒ ඒ ක්‍රමය සතුව වෙන වෙන ක්‍රමවේදයන් ඇත. රසායනිකව පරීක්ෂා කිරීම අයූර්වේදයට කුමකටද? ආයූර්වේද ඖෂ්ධ සැකසිය යුත්තේ ආයූර්වේද මූල ධර්ම වලට අනුවය. ආයූර්වේද ඖෂද රසායනිකව නිපැයීම යනු එහිදී ඇතිවන්නේ ආයූර්වේද නොව බටහිර බෙහෙතකි.

    2. බටහිර ඖෂ්ධ වල තත්ත්වයද මෙයින් වෙනස් වන්නේ නැත. බොහෝ සුලුතරය් හැර වෙන කාගාව BNF එක ඇත්ද? ආයූර්වේදයේ තත්ත්වයද එසේමයි. මහජනයාට අවශ්‍ය විටක සියළුම දෑ ගත හැකි ලෙස තොරතුරු ලබා ගත හැක. න්මුත් එය හැම තැනකින්ම ගත හැකි වන්නේ නැත. විශේශිත තැන්වල විකිනීමට ඇත. (ආයූර්වේද රෝහ්ල් වැනි ) ප්‍රචරය කිරීම නම් මාද සිතන්නේ තව දුරටත් කල යුතු බවයි. ඒ ගැන නම් මාද ඔබ හා එකඟයි.

    සම්මත රසායනික පරීක්Sණ සහ සායනික පරීක්ෂණ වලින් නිපදවන ඖෂධ ඕනෑතරම් ලන්කාවේ ඇත. මේ සියළු පරීක්ෂණවලට අත දෙන්නේ කාර්මික පර්යේෂණ ආයතනයයි. එහි ඇති දේෂීය ඖෂ්ධ පර්යේෂණ අංශයට එන්න. එතැන ඔබට සෑහෙන් යමක් බලා ගත හැක. ඔබට තව් හුරටත් තොරතුරු අවශ්‍ය නම් එහි අංශ ප්‍රධානී ආචාර්ය්ය ප්‍රේමකුමාර මහතා විමසන්න.

    3. ඔබ පළමුව ෆාමසියකින් ආයූර්වේද ඖෂධයක් මිලදීගෙන බලන්න. ඔය ප්ත්‍රිකා ඔබට සොයා ගත හැකිවනු ඇත. මම කියන්නේ බෙහෙත් කඩවල් නොව බටහිර බෙහෙත් ඇති ෆාමසිය. ඔය පුංචි බොරැල්ලෙත් තියනවා එහෙම හොද තැනක්. තවත් නුගේගොඩ එහෙමතැන් මහ ගොඩක් තිබෙනවා.

    4. ඔබට යම් අසාධාරනයක් වුනා නම් නඩුවකට යාමට කිසිදු අවහිරයක් නැත.

    මා කළ දෙය වැරදි බව මමද දනිමි. ඒ කලේ එවලේ ඒ සිද්ධිය නිසා ඇති වූ ජුගුත්සාව නිසාය. එය ආචාර ධ්‍රම වලට පටහැනි බවත් දනිමි. නමුත් එය මගේ පුද්ගලික වරදකි. ආයූර්වේදයේ වරදක් නෙවෙයි.

    වට්ටෝරුව නිවැරදි බව දනිමි. ඒ නිසානේ එහෙම වෙන්නේ. මේ ඖෂධ නිකම්ම එනවා නොව පිලිගත් පොත්පත්වල මේවා ඇත. එම පොත් නිතර මිනිසුන් කියවන පොත් නොවේ. ආයූර්වේද වෛද්‍යවරුන් නිතර කියවන් පොත්ය. උදාහරන ලෙස භෛසජ්ජ මංජුසාව. කාටද මේක තේරෙන්නෙ වෛද්යවරයෙක්ට හැර. හචින්සන් මෙඩිසින් කියවනවාද සාමාන්ය ජනයා.
    මෙහි බොහෝ ව්යාකරන වැරදි ඇති වැඩ අතරම ලියන බැවින්. ඔබට තවත් යමක් ඇත්නම් ලියන්න. හෙට උදේට පිලිතුරු දෙන්නම්. දැනට මම පොඩි වැඩකට යනවා.
    ඔබේ උනන්දුව ගැන මට සතුටුයි. ඔබ වැනි අය නිසා තමයි මේ විද්‍යාව දියුනු කර ගත හැක්කේ.

    ReplyDelete
  25. 'ගොක්ෂූර' ඒ මොනවද? මහ වෙදනා පොඩ්ඩක් පරිස්සමින්. කට්ටිය තව මොනවා ඉල්ලයිද දන්නේ නෑ ඉස්සරහට.:D

    ඔබටත්, අර ලස්සන වෙද හාමිනේටත්, පැටියාටත් සුබ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  26. වෙදතුමනි, ඔබතුමාට ඔය වගේ බෙහෙත් වට්ටෝරු තියනව නම්, ඕකෙ සංයෝගේ හොයාගෙන පේටන්ට් එකත් අරගෙන ලෝකෙටම දෙන්න පුළුවන් නේද,,
    මට ඔබතුමාගේ contact no එකක් දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  27. වෙදදුරුතුමාට නිදුක් නිරෝගි අනාගතයක් පතමි . පාරම්පරික සින්හල වෙදකම, ආයුර්වේදය ,යුනානි , බටහිර වෙදකම. මේ සියල්ලම මෙහේ ක්‍රියාත්මක වෙනවනේ. කව් රුත් ඒ ගෑන දන්නවනේ පොඩ්ඩක් හරි නේද ? ඔය ක්‍රම 4න් තමන් කෑමති ක්‍රමේක සුදුසු කෙනෙකුගෙන් විශ්වාසයෙන් ප්‍රතිකාර කිරිමයි කලයුතු... ඔහොම කියල ලේසියෙන් බේරෙන්න බෑ නේද? තව කොච්චර දේවල් තියෙනවද? දෑන් බලන්න මුලින්ම ලෙඩාගේ ආර්ඨික තත්වය, වයස, සමාජීය තත්වය, ජනප්‍රියතාවය වගේ දෙවල් අවසානයේදි ලෙඩෙ මොකක්ද කියන එක, තව සමහරු දොස්තර මහතා පාවිච්චිකරන කාරේක,එයාගේ නම පිටිපස්සෙ තියෙන අකුරු ටික, ඩිස්පැන්සරිය ලොකුද ? ඒකේ ඉන්න නර්ස්ල ලස්සනද? ඒවත් බලන අය ඉන්නවා.සමහර අයට ඕනැ ලෙඩා බලන්න අයට ලැබෙන පහසුකම් කොහොමද කියන එක . ( හුගක් වේලාවට එහෙම කරන්නේ දේපල තියෙන දෙමව්පියන්ට ප්‍රතිකාර කරන දරුවෝ) බටහිර ක්‍රමෙට සෑහෙන්න සල්ලි ඕනැ වියදම්කරන්න.. බැරිනම් බේත් නෑ හැබැයි ලේසි ක්‍රමයකුත් තියෙනවා දන්න හදුනන පාමසියකින් ලෙඩේ කියල බේත් ටිකක් ඉල්ල ගන්න එක . නොවරදින ක්‍රමයක්. මොකද දන්නවද?බටහිර අය එකම ලෙඩෙට බොහොවිට දෙන්නෙ එකම බෙහෙත (ලෙඩාගේ තත්වයට අනුව ගනන් එහා මෙහා වෙනවා). මේ ප්‍රතිකරේ අනිත් ක්‍රම 3ම නැ...බටහිර ක්‍රමය ප්‍රතිකාරය ලෙඩේට.. පාරම්පරික, ආයුර්වේද, යුනානි. ක්‍රම තුනම ලෙඩාට ! ඒකයි ලෙඩේ නිට්ටාවටම සනිප වෙන්නේ !!!

    ReplyDelete
  28. මම වෙන ඇනෝ කෙනෙක්..

    අර විවාදශීලී ඇනෝ ඉන්නේ අර කතන්දර කියන ජාතියේ "මගේ මතය හරිය ඩෝ" පොරක්.

    ඔහු කියන සමහර තර්ක ඇත්ත, ඒත් ඔහු කතා කරන්නේ ආයුර්වේදය විද්‍යාත්මකව පුහු දෙයක් කියන පදනමක ඉඳලා..

    "උදාහරණයක් හැටියට යම් ආයුර්වේද ඖෂධයක් සම්මත රසායනික හා සායනික ක්‍රමවේදයන් මඟින් පරීක්ෂා කරනු ලැබූ අවස්ථාවක් ගැන උදාහරණයක් දෙන්න."

    ඊනියා "සම්මත රසායනික හා සායනික ක්‍රමවේදයන්" බිහි වන්නට අවුරුදු සහස්‍ර කිහිපයකට පෙරත් ආයුර්වේදයෙන් රෝගීන් සුවය ලැබුවා.

    ආයුර්වේද ඖෂධ වල රසායනික සංයුතිය දැන සිටීම වැදගත්. මාත් පිලි ගන්නවා. උදාහරණ ලෙස රෝගියාගේ අසාත්මිකතාවකදී, අතම විට වෙනත් ඖෂධ හා (බටහිර ඖෂධ සමග පවා) ප්‍රතික්‍රියා කිරීමකදී, ප්‍රතිකාර වලට රසායනික සංයුතිය ඉතා වැදගත් වේවි.

    නමුත්, අනෙත් අතට රසායන සංයුතියන් ප්‍රසිද්ධ වුනු විටෙක, බටහිර ඖෂධ මාෆියාව , එවැනි දේ අයුතු ලෙස සොරාගෙන පේටන්ට් ගැනීම අනිවාර්යයෙන් සිදු විය හැකියි.

    ඉතින් ප්‍රායෝගික සීමාවන් යටතේ, අදාළ තොරතුරු සොයා , අදාළ තැන් වල උවමනාවකට ගත හැකි පරිදි ආරක්ෂාකාරීව තැබීම ප්‍රමාණවත් කියලා මගේ පුද්ගලික විශ්වාසය.

    එහෙම කියන්නේ අපේ දේ සොරකම් කල පසු, අපේ උන්ට වැඩි මිල ගෙවා අපේ දේම මිල දී ගැනීමට සිදු විය හැකි නිසා.

    අපේ දේ අපේ උන් හදා අපේ උන්ට දෙනවානම් ප්‍රශ්නයක් නෑ.

    තව එකක් ඇනෝ, ඔබ හිතනවාද අද බටහිර වෛද්‍ය ක්‍රමය අතුරුඵල වලින් තොරයි කියාලා. ඔබේ විද්‍යාත්මක ක්‍රමයෙන්ම හොයලා බලන්න බටහිර ක්‍රමේද, ආයුර්වේදයේද අතුරුඵල වැඩි හා දරුණු යන්න.

    ඇනෝ හැටියට වුනත් මම අභියෝග කරනවා, කරලා බලමු එහෙම සමීක්ෂණයක් ඔබේ විද්‍යාත්මක සායනික සම්මත රසායනික ක්‍රමයට!!!

    තවත් එකක් අන්තිමට කියන්න ඕනි, මගේ මිතුරු බටහිර "වෙදෙක්" ඉන්නවා . අනිත් අයට සාපේක්ෂව ඔහුගේ ඉපයීම ඉතා අඩුයි. ඩිස්පෙන්සරිය පාඩු වෙලා වහලා දාන්න වුනා. ඔහු මාත් සමග කීවේ වන් ෂොට් බෙහෙත් නොදී, හරි ක්‍රමයට බෙහෙත් කරන විට මාකට් එක ලොස් වන බවයි.

    ඔබ කියන්නේ බටහිර වෛද්‍යවරු බහුතරය සාන්තුවරයින් බවද ? නියුමෝනියාවට දෙන බෙහෙත් ඇතැම් අය හෙම්බිරිස්සාවටත් දෙන්නේ ඇයි ? ඒවා ඔවුන්ගේ පුද්ගලික වැරදි මිස වෛද්‍ය ක්‍රමයේ වැරද්දක් නොවෙයි.

    ඔබ දන්නවාද, අතීතයේ දේශීය වෛද්‍යවරු බොහොමයක් ප්‍රතිකාර කලේ නොමිලේ. නොමිලේ මිනිස්සුන්ට වස විෂ කැවීමට ඔවුන්ට ගුද වෙදුන්ට තිබුනේ නැහැ. ඒ අවුරුදු දහස් ගණනක අත්දැකීම් හා විශ්වාස, සමහර විට ලේඛනගත වෙලා තියෙන්ටත් පුළුවන්.. වටිනා උරුමයකට ගරහන්න එපා..

    කලබෝලේ, අපිලිවලට ලිව්වේ, මගේ දණහිසේ අමාරුවට බටහිර වේද මහත්තයා දීප ඖෂධේට බඩේ අආම්ලිකතාව ඉහල ගිහින් අපාහ්සුවෙන් ඉන්නේ ඒකයි.

    සී. යූ. මයිටි ගොඩ් බ්ලෙස් යූ.

    ReplyDelete
  29. විවාද ඇනෝ,

    අර චිත්‍රක කොලූගේ කමෙන්ටුව කියවන්න.. අඳුරන්නේ නැති වුනත් ආඩම්බරයි චිත්‍රක කොලුවෝ, බොලාගේ චින්තනේ ගැන..

    ReplyDelete
  30. තව දෙයක් චිත්‍රක කොලූ,

    බටහිර වෙදුන් අධි මාත්‍රාවෙන් වරද්දලා ලියලා දීපු බෙහෙත් ගැන පුද්ගලික හැඳුනුම් කම නිසාම පෙන්නලා දීපු ෆාමසිකරුවන් මට හමු වෙලා තියෙනවා.වරක් දෙවරක් නොවෙයි.

    ReplyDelete
  31. @Podi Kumarihami : ඔය ළමයිට කාටවත් ගොක්ෂුර අරන් දෙන්ට ඕනි වෙන එකක් නැහැ දෙයියන්ගේ පිහිටෙන්... ඇස්වහක් කටවහක් නෑ..
    (සමා වෙන්ට වෙද මහත්තයෝ මෙතන විහිලු කරන්න ගත්තට)

    ReplyDelete
  32. මට තියෙන ප්‍රශ්නේ වෛද්‍යවරයා කියන්නේ බටහිර වෙදකං කරන අයට විතරද කියලයි... එතකොට අනිත් අය හෝතඹුවෝ...
    අනේ කාලේ වනේ වාසේ...

    (දුකා මොකද වෙදනව හම්බ වෙන්න බැරි උනාට කණගාටු වෙන්නේ ඈ..?)

    (ඕනයා අද හයේ පාරක් ගහලා නේද..?)

    ReplyDelete
  33. හිනාවෙලා නිකන් හිටපු එක වාදයක් වෙලා . පලවෙනි දේ රෝගයක් හැදුනාම ඒකට වෙදකමක් කරන ඕනැම තාර්කික,සම්මත ක්‍රමයක් වෙදකමක් ,ඔය නැකත් බලි තොවිල් , නූල් , දෙහි කැපිලි ... තමයි තාර්කික නොවෙන ඒවා කියල මම අදහස් කලේ (මේවා ප්‍රාථමික මානසික ප්‍රථිකාර ක්‍රම වෙන්න ඇති ) . බටහිර වෛද්‍ය විද්‍යාව අපේ රටවලට එන්න කලින් අපේ රටවල රෝග නිශ්චය කිරීමේ හා නිවාරණ ක්‍රමයක් පැවතුනා . ඒකට සාධක ඕනි තරම් ලංකාවෙන් මුණගැහිලා තියනව . ඒ උපකරණ , පොත්පත් ආදිය අනුව මේ වෛද්‍ය ක්‍රමයන් බොහොම සංවිධානාත්මව කෙරුණු ඒව බවටත් පිලිගන්න පුලුවන් . ඒ අනුව බටහිර වෛද්‍ය විද්‍යාවේ කරන දේම වෙනත් ක්‍රමයකින් අපේ රටවල මිනිස්සු කරල තියනව අවුරුදු දහස් ගණනක් . ඒක බටහිර විද්‍ය ක්‍රමයෙන් වෙනස් වීමෙන් හෝ ලංකාවේ දැනට ඉන්නේ බහුතරයක් හොර වෙදුන් නිසා වීමේන් හෝ ප්‍රතික්ෂේප කල නොහැකි ශාස්ත්‍රයක්

    එකම දේ කරන ක්‍රමය වෙනස් වෙන්න පුලුවන් , නමුත් අවසාන ඵලය එකයි . පදනම එකයි . බටහිර සංගීතය හා ඉන්දියානු සංගීතය අරන් බලන්න . සම්පූර්නයෙන්ම එකිනෙකට වෙනස් පද්ධති දෙකක් . නමුත් මූලික භෞතික විද්‍යා පදනම එකයි . බටහිර සංගීතයේ නොටේෂන් ක්‍රමය වඩාත් විදිමත් (විද්‍යාත්මකයි ) එහෙම නොවුනා කියල ඉන්දියානු සංගීතයෙන් කරන්න පුලුවන් දේවල අඩුපාඩුවක් නැ .

    ඒ වගේ තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ ක්‍රමවේදයන් එක්ක නොපැහුන තරමින් ක්‍රමානුකූල ශාස්ත්‍රයක් සහමුලින් ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් නැ . අන්තර්ජාලයෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේ තොරතුරු හොයා ගන්න තරමට ආයුර්වේදයේ තොරතුරු ලබාගන්න හැකියාවක් නැත්තේ ආයුර්වේදයේ ව්‍යාප්තියේ ප්‍රශ්නයක් නිසා . ආයුර්වේදය ව්‍යාප්තවෙලා තියන ලංකාව ඉන්දියාව වගේ රටවලත් අන්තර්ජාල භාවිතා කරන ප්‍රතිශතය ඉතා අවමයි , ඉතින් කොහොමද බටහිර ඖෂධ වල විස්තර තරම් අරව අන්තර්ජාලයේ සුලභ වෙන්නේ

    ReplyDelete
  34. @මාරයා : MBBS අයට බටහිර වෙද්දු කිව්වත් වැරද්දක් නැහැ, ඒත් මොකටද ඒ අයගේ හිත් රිදවන්නේ. :D

    ReplyDelete
  35. @මාරයා,

    විද්‍යාවෙන් හැකි උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ගමන්ම එයට ගැරහීම අද අපේ කාලයේ ළිං මැඩි පරපුරේ ජනප්‍රියම විනෝදාංශයක් බවට පත්ව ඇත. මොවුන් සිතා සිටින විදියට ඉතාම ක්‍රමානුකූල විද්‍යාත්මක අධ්‍යාපනයක්, සායනික පුහුණුවක් ලබන වෛද්‍යවරයාට වඩා, පරණ පුස්කොල පොතක් බලාගෙන කැලෑ කොළ ටිකක් අඹරා දෙන එකා හොඳය. අනේ මුන්ගෙ මොළේ!

    මා මේ "මහ වෙදනා" කියා තමන් තමන්වම හඳුන්න ගන්නා බ්ලොග්කරුට වෛද්‍යවරයකුය නොකියන්නේ හේතු ඇතිවය. මෙන්න හේතු.

    1. මොහුව ලංකාවේ වෛද්‍ය සභාවෙන් වෛද්‍යවරයකු සේ පිළි නොගනී. (එය මගේ නොව වෛද්‍ය සභාවේ තීරණයකි. ඔවුන් එසේ නොපිළිගන්නේ මොහුගේ අඩු දැනුම් මට්ටම ගැන අවබෝධයකින් යුතුවය සිතමි.)

    2. මොහුට අඩුම වශයෙන් රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීම වැනි සරල කාරණාවක් සඳහා වත් වෛද්‍ය සහතිකයක් නිකුත් කිරීමේ බලයක් නැත. (මොහුට වෛද්‍ය සහතික නිකුත් කිරීමට හැකි කාර්යාලීය නිවාඩු ලබා ගැනීම සඳහා පමණකි. එයද දේශපාලනික තීරණයක් නිසා වූ දෙයකි.)

    3. මොහුට ඕනෑම කෙනෙකුට දිය හැකි ආකාරයේ සරල ප්‍රථමාධාර හැරුණු විට cardiac arrest වැනි තත්වයකදී ප්‍රථමාධාර දීමට වත් හැකියාවක් ඇතැයි මම නොසිතමි.(හැකියාව ඇත්නම් ප්‍රකාශ කළ හැකිය.)

    4, මරණ සහතිකයක් නිකුත් කිරීමේදී මොහුගේ සහතිකයක් රිජිස්ටාර් කෙනකු පිළි නොගනී. ඒ පුද්ගලයකු ජීවත්ව සිටීද, මියගියේද යන්න වත් නිවැරදිව කීමට මොහුට නුපුළුවන් බව දන්නා නිසාය.

    5. මොහුට උණ්ඩුක පුච්ඡය ඉවත් කිරීම හෝ සිසේරියන් වැනි බහුල සරල සැත්කමක් වත් කිරීමට හැකියාව ඇතැයි මම නොසිතමි. (හැකියාව ඇත්නම් ප්‍රකාශ කළ හැකිය.)

    6. වෛද්‍ය විද්‍යාව පිළිබඳව දැනුමින් වෛද්‍යවරයකුට, හෙදියකට තබා සාමාන්‍ය කෙනෙකුටවත් කිට්ටු කරන්නට මොහුට බැරි බව ලියන දේවල් වලින් පෙනේ. සම්ප්‍රදායික අවිද්‍යාත්මක දැනුම හැර වෙන කිසිවක් එතැන නොවේ.

    ඉතින් මෙවැනි පුද්ගලයකු තමන් වෛද්‍යවරයකුය කියන විට මට සිනා යයි. වෛද්‍ය විද්‍යාව යනු ගැඹුරු පෘථුල ශාස්ත්‍රයකි. වට්ටෝරුවක් බලාගෙන කැලෑ කොළ ටිකක් අඹරා දෙන පුද්ගලයා වෛද්‍යවරයකු නොවේ. ඔබ කියන්නාක් සේ "හෝතඹුවා" කියන පදය ඊට වඩා සුදුසුය.

    ReplyDelete
  36. මාරයෝ . . වෙද මහත්තයෙක් මුන ගැහෙන්නේ ලෙඩක් තියෙනවනම් විතරද?

    යාලුවෙක් විදිහට අඳුන ගන්න වෙදෙක් මුන ගැහෙන එක අනේ අම්මපා මුන් නම් . ..

    ReplyDelete
  37. @බුවාගේ සිතුවිලි,

    ඔබ කියන්නේ ඇත්ත. එකම දෙයක් ලබා ගැනීම සඳහා ක්‍රම කිහිපයක් තිබිය හැකියි. නමුත් ඒ සියල්ල හුදෙක් සම්ප්‍රදායික හිතළු මත නොව විද්‍යාත්මක ක්‍රමවේදයන් මත ගොඩ නැඟීම අවශ්‍යයි.

    ආයුර්වේදය යනු ලෝකයේ බොහෝ රටවල හමුවන ආකාරයේ දේශීය වෛද්‍ය ක්‍රමයක්. එහි යම් යම් ප්‍රයෝජන නැතිවා නෙවෙයි. සමහර රෝග පිණිස ආයුර්වේද ඖෂධ හරි යනවා. ඒ trial and error ක්‍රමය මත ගොඩ නැඟුණු සම්ප්‍රදායික දැනුම. මා එය ප්‍රතික්ෂේප කරන්නේ නෑ. (චීන කටු චිකිත්සාව ගැනත් කිව යුතේ ඒ ටික)

    නමුත් ආයුර්වේදය යනු විසි එක් වන සියවසෙහි අවශ්‍යතාවයන් සපුරා ලිය නොහැකි ප්‍රාථමික මට්ටමේ වෛද්‍ය ක්‍රමයක්. එහි බරපතළ සීමා තිබෙනවා. කැස්සක් උළුක්කුවක් වැනි සරල දේකින් එපිටට එහි ගත යුත්තක් මට පේන්නේ නෑ.

    ආයුර්වේදයේ සීමා ගැන මහාචාර්ය කාලෝ ෆොන්සේකා 1980 පමණ නිකුත් වූ "ආයුර්වේද සමීක්ෂා" ග්‍රන්ථයට හොඳ ලිපියක් ලියූ බව මතකයි.

    ReplyDelete
  38. @අන්තිම ඇනෝ...

    ඔබගේ අවසාන කමෙන්ටුවට වඩා පෙර කමෙන්ටු සාර්ථකවග කිව යුතුය..අවසාන කමෙන්ටුවේ ඇති කරුණූවල ඇත්තේ ලංකාවේ නීති පද්ධතිය සමග වෛද්‍ය විද්‍යාවේ ඇති බැඳිම් ගැන නොවෙද..?

    දැනට අපේ ඇති නීතියත්..බටහිර වෛද්‍ය විද්‍යාවත් දෙකම එකම කොම්පැණියේ බඩු නෙව..ඉතිං අර බඩුවේ පැවැත්මට මේකත්..මේකේ පැවැත්මට ඒකත් පුරුද්දලා නිසා ඒ නීතියෙන් මේ අනුන්ගේ කොම්පැණිවල බඩුවලට තැනක් නොදෙන එක අහන්නත් දෙයක්යෑ...

    බටහිර වෛද්‍ය විද්‍යාවට ගැරහීම පිණීස නොවේ..ඒත් ඔය බටහිර වෛද්‍ය විද්‍යාවත් පෙරදිග වෛද්‍ය විද්‍යාවත් කියන දෙකේම දොස් තියෙනවා... ඔය කොයිකටත් වරදින තැන් ඕන තරං... අඩුම තරමේ එකම රෝගීයා පරීක්ෂා කරන බටහිර වෛද්‍යවරුන් දෙනෙකුටවත් එකම මතයේ සිටිය හැකිද..? සහ රෝගය සුව කිරීමේ නිශ්චිත කාල සීමාවක් හෝ නියම ‍‍ඖෂධය නියම කල හැකිද..? අදටත් ඔවුන් රෝගීන් සමඟ මේ තියෙන රෝහල්වලත් පර්යේෂණ කරන්නේ නැද්ද..?

    ඔහොම ප්‍රශ්න ඔය කොයි විද්‍යාවෙත් තියෙනවා... එහෙමයි කියලා අපි ඒවා අහක් කරනවයෑ..පුළු පුළුවන් විදියට වැඩ ගන්නවා ඇර...

    @දුකා...හොහ් හොහ්...

    ReplyDelete
  39. හුටස් අන්තිම ඇනෝට කලින් ඇනෝ හොදේ...

    ReplyDelete
  40. @වෙන ඇනෝ,

    වෛද්‍යවරුන් යනු ශාන්තුවරයන් කියා මම කිසි තැනෙක කියා නැත්තෙමි. සාමාන්‍ය මනුෂ්‍යයින්ට ඇති දුර්ගුණ අඩු වැඩි වශයෙන් ඔවුන්ට ඇත. නමුත් මේ ටික මතක තියා ගන්න.

    1. මැලේරියාව ලංකා ඉතිහාසය වෙනස් කළ රෝගයකි. ඉතාම දියුණු මට්ටමක පැවැති රජරට ශිෂ්ටාචාර බිඳ වැටෙන්නට එක් හේතුවක් වූයේ මැලේරියාවයි. විසි එක් වැනි සියවස මුල වන විට මේ රෝගය ඉතාම දරුණු අන්දමින් පැතිර ගොස් තිබිණි. කොටින්ම 1930 ගණන් වලදී සෑම මරණ තුනකින්ම එකක් වූයේ මැලේරියාව නිසාය. මරණ අනුපාතිකය උපත් අනුපාතිකයට වඩා ඉහළ ගොස් තිබිණි. මේ තාක් දරුණු මැලේරියා රෝගය කෙටි කාලයක් තුළ මර්ධනය කිරීමට හැකි වූයේ සුද්දාගේ ක්වීනීන් වලින් මිස කසාය වලින් නොවේ.

    2. 1930 ගණන් වලදී වසර 30-40 අතර වූ ආයු අපේක්ෂිතතාව අද හෑත්තෑ ගණන් වලට ඉහළ ගොස් තිබේ. ළදරු මරණ අනුපාතිකයෙන් හා මාතෘ මරණ අනුපාතිකයෙන් ලංකාව බටහිර දියුණු රටවල් හා සන්සන්දනය කළ හැකිය. මේවා වෙනස් වුනේද ආයුර්වේදය නිසා නොවේ.

    3. පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ වෛද්‍යවරුන් ලබා ඇති ප්‍රගතිය ප්‍රසංශාත්මකය. අද ඔබේ අත සිරුරෙන් වෙන් වුවද එය නැවත බද්ධ කිරීමට හැකිය. පිළිකාව පවා යම මට්ටමටක පාලනය කළ හැකිය. වසර විස්සකට තිහකට පෙර හිතන්නට වත් නොහැකි වූ දේ අද රෝහල් තුළ වේ. මේ කාලය තුළ ආයුර්වේදය ලබා ඇති ප්‍රගතිය කුමක්ද? කිසිවක් නැත. එය 1920-30 ගණන් වල සිටි තැනමය.

    ReplyDelete
  41. බොහොම වැදගත් සංවාදයක් යන බව පෙනෙනවා..ඒත් මෙතන ඇනෝලා වැඩිවෙලා මටනම් දැන් මඤ්ඤං වගේ..බොහොම වැදගත් විදියට කතාකරලා තමුන්ගෙ මතය ඉදිරිපත් කරන ඔය ඇනෝ මහත්තුරු මොනව හරි ආදේශ නමක් දාගෙන එන්නකො...
    දැනුම එකතු කරගන්න නම් මේ වගේ සුහද සංවාද අත්‍යවශ‍‍යයි...හැබැයි කියවන මිනිස්සුන්ට එපා නොවෙන විදියට..
    මම එකතු කරපු දුප්පත් සත දෙකේ අදහස වැදගත් නැත්නම් විසිකරලා දාන්න...

    ReplyDelete
  42. @මාරයා,

    [ඔහොම ප්‍රශ්න ඔය කොයි විද්‍යාවෙත් තියෙනවා... එහෙමයි කියලා අපි ඒවා අහක් කරනවයෑ..පුළු පුළුවන් විදියට වැඩ ගන්නවා ඇර...]

    ආයුර්වේදය අහක් කළ යුතු යැයි මා කිසිම තැනෙක කියා නැත. එයින් ගන්නට පුළුවන් වැඩක් ගැනීම හොඳය. නමුත් අඬුව තියෙද්දී අත පුච්චා ගැනීමට අවශ්‍ය නොවේ. එසේම විද්‍යාත්මකව පරීක්ෂණයට ලක් කර තහවුරු කළ දැනුම හා එසේ තහවුරු නොකළ පොත පතේ පමණක් එන දැනුම අතර ඇති වෙනස අප වටහා ගත යුතුය.

    ආයුර්වේදයට ආදරය කරන කෙනෙකු වේ නම් කළ යුත්තේ මේතාක් තහවුරු නොකළ දැනුම පරීක්ෂාවට ලක් කර තහවුරු කළ හැකි ප්‍රමාණය තහවුරු කිරීමටත් ඉතිරිය ප්‍රතික්ෂේප කිරීමටත් කටයුතු කිරීමයි. එසේ නොකෙරෙන්නේ නම් සම්ප්‍රදායික දැනුමින් ඔබ්බට ආයුර්වේදය කිසිදිනෙක ගමන් නොකරනු ඇත.

    ReplyDelete
  43. ආහ් කියන්න අමතක වුනා..මේ පොස්ට් එක ගැන මගේ අදහස මම බොහොම කෙටියෙන් මුලින් කොටලා තියෙනවා..තේරුම් ගන්න අයට තේරුම් ගන්න...
    හැබැයි කෙනෙකුගෙ දැනුම ඔහු ලියලා තියන බ්ලොග් සටහන් කීපයකින් මනින එකනම් වැරදියි..ඒ නිසා කවුරු හරි කෙනෙක් මෙතන මහවෙදනාව විවේච්නය කරන්න හදනවනම් එතන පොඩි පරස්පරයක් මතුවෙනවා..ඒ වගේම පිළිගත් වෛද්‍යවරයෙක් දෙන බෙහෙතක් විකීපිඩියාව පරීක්ෂා කරන කෙනෙක් මොනව දැනුම් මට්ටමක කෙනෙක්ද කියලා බොහොම පහසුවෙන් වටහගන්න පුලුවන්..මම හිතන්නෙ යමක් ගැන වාදකරනවනම් පොදුවේ වැදගත් වෙන තමුන් හරියට දන්න දෙයක් ගැන කතාකරනවනම් ඒක හැමෝටම වැදගත් වෙයි..(දැනුම ඇත්නම් ප්‍රකාශ කල හැකියි)

    ReplyDelete
  44. @ඇනෝ 09.45
    "
    ආයුර්වේදය යනු ලෝකයේ බොහෝ රටවල හමුවන ආකාරයේ දේශීය වෛද්‍ය ක්‍රමයක්. එහි යම් යම් ප්‍රයෝජන නැතිවා නෙවෙයි. සමහර රෝග පිණිස ආයුර්වේද ඖෂධ හරි යනවා. ඒ trial and error ක්‍රමය මත ගොඩ නැඟුණු සම්ප්‍රදායික දැනුම. මා එය ප්‍රතික්ෂේප කරන්නේ නෑ. (චීන කටු චිකිත්සාව ගැනත් කිව යුතේ ඒ ටික) "

    ඇනෝ, විද්‍යාත්මක ක්‍රමය කියන්නේ, එහෙම නැත්තන් පර්යේෂණ කියන්නෙත් trial & error ක්‍රමය නේද ?
    "
    නමුත් ආයුර්වේදය යනු විසි එක් වන සියවසෙහි අවශ්‍යතාවයන් සපුරා ලිය නොහැකි ප්‍රාථමික මට්ටමේ වෛද්‍ය ක්‍රමයක්. එහි බරපතළ සීමා තිබෙනවා. කැස්සක් උළුක්කුවක් වැනි සරල දේකින් එපිටට එහි ගත යුත්තක් මට පේන්නේ නෑ."

    ඔබේ දැනුමත් ඉතාම ප්‍රාථමිකයි.වසර දහස් ගණනක් තිස්සේ තහවුරු වූ, සුද්දන් වැද්දන් වූ කාලයේත් ශල්‍යකර්ම පවා සිදුකල විද්‍යාත්මක (ඔබට එය නොවැටහේ) වෛද්‍ය ක්‍රමයක් තක්සේරු කිරීමට හෝ ප්‍රකාශ කිරීමට ඔබේ දැනුම ප්‍රමාණවත් බව පැහැදිලිව ඔබ විසින් ලියා ඇති ඉහත ඡේදයෙන්ම පැහැදිලි වෙනවා.


    උළුක්කු නොව අස්ථි භග්න පෑස්සීමටත්, ඇතැම් පිළිකා පවා සුව කිරීමටත් හැකි වෙද මහත්තුරු මේ ගොඩයන්ගේ රටේ අදටත් ඉන්නවා.

    ----------------------
    පැහැදිලිවම, ආයුර්වේදය විධිමත් කල යුතු තත්වයක පවතින්නේ.. කවුරු හරි එය කරනවානම් කරයි.

    ඔබ නොදන්නා දෙයක් බැහැර කිරීමට, හෙලා දැකීමට අපතේ යවන කාලය, ඔබ යන්තමින් හෝ දන්නා දෙයක් හරියට ඉගෙන ගැනීමට භාවිතා කලොත් වඩාත් ප්‍රයෝජනවත් වේවි කියන එක මගෙත් (අනුමාන කරන පරිදි මෙය කියවන බොහෝ දෙනෙකුගෙත්)පුද්ගලික මතය. ඔබේ කැමැත්තක්.

    ReplyDelete
  45. ඇසිය යුතු ප්‍රශ්නයක්ම තමයි Gordonia ceylanica ඇහුවේ.මගේ කොන්ඩෙත් 75%ක් සුදු වෙලා මට තාම අවුරුදු 19 අනේ බෙහෙතක් කියන්නකෝ වෙද මහත්තයෝ...(මී පැණි සමග ගුලි වගයක් බොන්නත් අරිෂ්ඨයක් පානය කරන්න වෙද මහත්තයෙක් උපදෙස් දුන්නා ඒකෙන් සෑහෙන්න අඩු වුනා මට කොන්දේ අබාධයට බොහෙත් ගන්න ඒ වට්ටෝරුව නවත්තන්න උනා.)

    පිස්සු කෙලින මෝඩ ඇනෝ වෙත:
    මම අවුරුදු 15 ඉදන් ඉංග්‍රීසි වෙදකම් කලා මගේ කොන්ඩෙ ඉදෙන එකට ඒත් 18ක් වෙනකන් මට හොද වුනේ නෑ අන්තිමට කිව්වේ ඩයි කරන්න කියලා.ඩයි කරන්න කියලා අහගන්න දොස්තර මහත්තයෙක් කියන්න ඕනේ නෑනේ.

    ඇනෝ මෙතන කොමෙන්ට් කරන්නේ හෙන මානසික අසහනයකින්.ඔයා දාන පුහු තර්ක බිදින්න කරදර වෙන්න ඕනෙත් නෑ ඔයා හිතන්නේ ඉංග්‍රිසි වෛද්‍ය ක්‍රමයේ හැම ලෙඩක්ම සුව කරන්න පුළුවන් කියලානේ.ඉංග්‍රිසි වෙදකමේ හරයක් මම දකින්නේ නෑ.ඒ වෙදකමෙන් නිටිටාවට සුව කරන්න පුළුවන් ලෙඩ කිහිපයයි

    ඔයාගේ ඇපෙන්ඩිසයිටිස් ප්‍රශ්නේට උත්තරයක් මගේ ලග තියෙනවා.මම කොදු ඇට පෙලේ අබාධයකට වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න ගියාම මට ඒ වෙද මහත්තයා කිව්වා මගේ බඩේ මී වදයක් වගේ බැදුනු මල්ලක් තියෙනවා එතුමා අස්ති සම්මබන්ධ කෙනෙක් නිසා ඒවාට වෙදකම් කරන්න බෑ කියලා.මම ඒක ගනන් ගත්තේ නෑ අන්තිමේ මාසෙකින් මට බඩේ අමාරුවක් හැදිලා ඉංග්‍රිසි වෛද්‍යවරයෙක් ගාවට ගියාම මට බෙහෙත් දුන්නේ බඩේ අජීර්ණයට(ඔන්න ඕකයි තත්වේ).එදා රෑ අල්ලපු ගෙදර අංකල් මාව බලෙන් කළුබෝවිල ගෙනිච්චේ නැත්තම් මම මැරිලා මෙලහකට.කළුබෝවිලින් මේක ඇපෙන්ඩිසයිටිස් කියලා හොයාගත්තේ මුත්‍ර පරීක්ෂණ කරලා එක එක විකාර විදියට බඩ ඔබලා.ඒත් අර වෙද මහත්තයා නාඩි බලලා කිව්වේ විනාඩියක් වත් යන්න කලින්...

    අනික මම කොන්ද කැඩිලා ඇවිදින්න බැරුව හිටියේ.ඉංග්‍රිසි වෛද්‍ය මතය උනේ ශල්‍යකර්මයක් ඒත් 50% අසාර්ථක වීමේ අවධානමක් තිබුනා.මාසයක් වෙද ගෙදර ගාපු තෙල් බෙහෙත් වලටයි ගුලි වලටයි පත්තු වලටයි පිං සිද්ධවෙන්න මාසෙකින් මම ඇවිද්දා.ඉංග්‍රිසි වෙදකම කියන තරම් ප්‍රභල නෑ ඒක අමු පුස්සක් විදියටයි මම දකින්නේ.

    දේශිය දේට පහරන ඔබ වැනි ඇනෝලා ගැන දුකයි අපේ රටට හෙන ගැහුනේ උඹලා වගේ එවුන් නිසා.චුට්ටක් දැනගෙන ලොක්කා වෙලා දේශියත්වයට පහරන්න එපා.අන්තිමට මොනා උනත් ඉතුරුවෙන්නේ සිංහල වෙදකමේ පිහිට....

    සිංහල වෙදකම ගැන මම දැකපු මම විදපු අත්දැකිම් කියවන්න ඇවිල්ලා.මේ ලින්ක් එකේ ඔයා අහපු සිංහල වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම තියෙනවා.අනික ඒ කාලේ ගෑනුන්ට ලමයි හම්බුනේ ගෙදරදි....

    http://pathiruva.blogspot.com/2011/12/3.html

    බුද්ධදාස වැනි රජවරු ගැනත් ලංකාවෙන් හොයාගත්තු ශල්‍ය වෛද්‍ය උපකරණ ගැනත් හොයලා බලන්න අඩුගානේ කටුගෙට යන්න.

    සුද්දෝ ශල්‍ය උපකරණ හැදුවෙත් අපේ සිංහල වෙද මුතුන් මිත්තන්ගේ පොත් පත් පැහැරගෙන ගිහිල්ලා බොලව්.බ්‍රිතාන්‍ය කටුගෙවල් වල ඒවා අදටත් දිලිසි දිලිසි තියෙනවා බොල ඇනෝ

    ReplyDelete
  46. සිංහල ශල්‍ය වෛද්‍ය ක්‍රමයක් ගැන තමයි මේ ලින්ක් එකේ තියෙන්නේ මට ඒක උඩින් සදහන් කරන්න බැරිවුනා

    http://pathiruva.blogspot.com/2011/12/3.html

    ReplyDelete
  47. මන් අහල තියන විදිහට සුද්දෝ මේරට අල්ල ගන්න කියල ක්‍රම කිහිපයක් භාවිතා කලා......
    1 සින්හල බෞද්දකම නැතිකිරීම
    2 සින්හල සටන් කලාව නැතිකිරීම
    3 සින්හල වෙදකම නැතිකිරීම
    4 සින්හලයන් බේද කිරීම සහ සින්හලයන් සහ අනෙකුත් ජාතින් බේද කිරීම

    ඉහත කොමෙන්ට් බැලුවහම තාම තාම කට්ටිය වැඩ වගෙ....

    ප.ලි.
    හැමදාම එනවා එත් කොමෙන්ට් කරන්න කම්මැලී අප්පා
    අපිට දැනුම ගන්න දිගටම ලියන්න

    ReplyDelete
  48. ඒ බෙහෙත ගැන නම් තේරුනේ නෑ..ඒත් මෙකෙන් ගොඩක් දේවල් මම නම් ඉගෙන ගන්නවා..ඒ වගේම ආයුර්වේදය කියන්නේ ගොඩක් වටිනා වෛද්‍ය ක්‍රමයක්..බටහිට රටවල ඒක් අපි නොදැනුවත්ම ප්‍රයෝජනයට ගන්නවා..මගේ බඩේ දැවිල්ලක් හොඳ වෙන්නේම නැති උනාම මගේ වෛද්‍යවරයා ඩ්‍රින්ක් එකක් විදියට බොන්න බෙහෙතක් දුන්නා..ඒක තනිකරම පිරිසිදු කෝමාරිකා යුෂ..එකෙන් ලෙඩේ හොඳ උනා..කෝමාරිකා පිත්ත සූරලා ඒවා බෝතල් කරලා..අපේ අය නෙමෙයි අපේ දේවල් වලින් ප්‍රයොජනය ගන්නේ මේ රටවල් වල ඉන්න අයයි.(මම ඉන්න රට නම් අහන්න එපෝ )

    ReplyDelete
  49. ආයුර්වේදය හෙලා දකිනවට මමනම් කොහෙත්ම කැමති නැති කෙනෙක්. ඒ මක්නිසාද කියනවනම් අද මගේ ජීවිතය ‍රැකල දුන්නෙත් ආයුර්වේද වෙද හාමිනේ කෙනෙක්. කුඩා කල සැදුන වකුගඩු රෝගයක් නිසා මා වින්ද දුක් අපමනයි. ඒ රෝගය මගේ ඉගනීමට බොහෝ බාධා කලා. පාසැල් ගියාට වඩා නොගිය දවස් වැඩි. මගේ දෙමාපියන් මා ‍රැගෙන එවකට සිටි හොඳම බටහිට වෛද්‍යවරුන් වෙත යොමු කලා. නමුත් රෝගය නිට්ටාවට සුව වුනේ නැ. ඉන්පසු ගාලු ප්‍රදේශයේ සිටි මේ වෙදහාමිනේ මගේ වාසනාවට මුන ගැහුනා. ඇය නිසයි අද මගේ ජීවිතය ‍රැකුනේ .

    දේශීය වෙදකම අපි ‍රැකගතයුතුයි එය අපේ දෙයක්. අඩුපාඩු අපි හදාගමු. බටහිර ප්‍රථිකර්ම වලත් අඩු පාඩු තියනවනෙ.
    වෙදනාටත් , පව්ලේ සියලුම දෙනාටත් සියලු සිතුම් පැතුම් ඉ‍ටු කරන වාසනාවන්ත වසරක් වේවායි මා පතනවා. මුල සිටම ඔබ අප වෙත දුන සහයෝගයටත් ඔබගේ දැනුම අප සමග බෙදා ගත්තාටත් මගේ ස්තූතිය පුදකර සිටිනවා.
    ජය වේවා!

    ReplyDelete
  50. ආයුර්වේදය යනු කාලාන්තරයක් අප අතර පැවති වෛද්‍ය ක්‍රමයකි. එය මෙතෙක් අප අතර පැවතියේ එහි ඇති යහපත් ප්‍රතිඵල නිසාමයි. නැතිනම් මේ වන විට අප අතරින් වැයැකී ගොස් අවසන්. බටහිර වෙදකම නරක නෑ. එයින් රෝගීන් සුපවත් කරනවා. ආයුර්වේදයත් එසේමැයි. නමුත් ආයුර්වේදයේ අතුරුපල ඉතා අඩුයි. ඒ නිසයි අපි මෙය රැකගත යුත්තේ. මෙවා පිළිබඳ දැනුම නොමසුරුව බෙදන වෛද්‍යචාර්ය තුමාට ගොඩක් පින්. ඒසේම ඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා....!!!!

    ReplyDelete
  51. ආ...සුපුරුදු පරිදි සුද්දට සහ සුද්දගේ දේවලට බැනීමත් ආරම්භ වෙලා තියෙන්නේ .එක් කෙනෙක් බටහිර වෛද්‍ය විද්‍යාව හොඳයි , ආයුර්වේදය නරකයි කියත්දි තව කෙනෙක් ඒකට උත්තර දෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව පුස්සක් කියල නම් මේ සංවාදය යන්නේ වැරදි පැත්තකට .

    ආයුර්වේදය තුල සැත්කම් ක්‍රම ආදිය අතීතයේ පැවතුනු බවට සාධක තියනව , ඒ වගේම අදටත් කනා පල්ලම් නොගහ නිශ්චිත ලෙස ප්‍රතිකාර කරන වෙද මහත්වරු ඉන්නව (සර්ප වෙදකම , කැඩුම් බිඳුම්) , ඒ වුනත් අපේ රටවල දැනුම හැමකෙනාටම විවර වුනේ නැ , බොහොම සීමීතව පරම්පරාවෙන් පරම්පරාවට ගියේ , සමහර අය ගුරු මුෂ්ටි වශයෙන් ඒවා හැංගුවා . ඒ නිසා අද වෙන කොට ඒ පිලිබඳ තියන විශ්වාස නීයත්වය බිඳී ගිහින් .නියම දැනුම අපිට දකින්න තියනවාද කියලත් සැකයි . වසංගත රෝග ගැන ආයුර්වේදයේ අවධානය යොමුවුනාද කියල මම දන්නේ නැ (මහ වෙදනා ඒ ගැන උත්තර දේවී) . කොහොම වුනත් ඇත අතීතයේදී නම් වසංගත රෝග පාලනයක් රෝගය හඳුනාගත්තත් කිරීමේ හැකියාව තිබුනාය කියල මම හිතන්නේ නැ . රෝගය හඳුනාගත්තා නම් සමාජයේ වරප්‍රාසාද ලත් කට්ටිය විතරක් බේත් කරගනියි , එහෙම වසංගතයක් පාලනය කරන්න බැය කියල වෙදවරු කිව්වත් ඒ හඬට ඇහුම්කන් දෙන සමාජ ක්‍රමයක් නෙවෙයි නේ තිබුනේ . මේ මගේ අදහස , සංවාද ශිලි ඇනෝ සහ අනික් සියල්ලන්ගේ අවධානය පිනිස

    ReplyDelete
  52. @ඇනෝපිලිස් - ඔය කාරණා 3ක්ම දැන් කාලේ ඉන්න ලිං මැඩියන්ගේ කථා . සිංහල කම කෙසේ වෙතත් බෞද්ධකම නැති කලේ පසුකාලිනව මිෂනාරි අධ්‍යාපනයෙන් , රට අල්ලගන්න නම් දායක වුනේ නැ . හැබැයි මිෂනාරි අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත එවුන් තමයි නිදහස් ගන්න තැනට වැඩ කටයුතු කලේ ,තුවක්කු සහ වෙඩි බේත් එක්ක හැප්පෙන්න්න සිංහල සටන් කලාවට තියා චීන මාශල් ආට් වලටවත් බැ . තුවක්කුව අතේ තියන එකා දිනුම් , රට අල්ලගන්න ඒක අවශ්‍ය වුනේම නැ , සිංහලයා කැමැත්තේන් සුද්දට රට භාර දුන්නේ මූලික වශයෙන්ම .සිංහල වෙදකම ආයාසයෙන් නැති කිරීමට සුද්දන්ට හේතුවක් තිබුනේ නැ . සටන් වලින් තුවාල වෙන සෙබලු සුවපත් කරයි කියල බයක් ඇතිවෙන්න තරම් සටනක් ඉංග්‍රිසින්ට ඇතිවුනාද මන්ද , අනික එහෙම වෙදකම නැති කලාය කියන්න සාධක තියනවද ?
    සිංහලුන් බෙද වෙලා තමයි හිටියේ ඒකනේ 1815දී පාවාල දුන්නෙත් , 1818 කැරැල්ල පාවලා දුන්නෙත් (පාවලා නොදුන්නත් කැරැල්ල 100%ක් සාර්ථක වීමේ හැකියාවක් නැ ) . හැබැයි සිංහලුන් සහ අනික් ජාතින් අතර බේදයක් ඇති කලාය කියන කථාවට පදනමක් තියනව . මුල්ම සිංහ්ල දෙමල නායකයින්ගේ බෙදීමක් සටහන් වෙන්නේ ,( වර්ථමාන දේශපාලනයට පවා බලපාන ) සුද්දාගේ කාලයේදි

    ReplyDelete
  53. විද්‍යාවට ගැරහීම අද විද්‍යාව යනු කුමදැයි නොදත්, එනිසාම දැඩි හීන මානයකින් පෙළෙන පුද්ගලයින්ගේ සාමාන්‍ය පුරුද්ද වී ඇති බව මම කලින් කීවෙමි. තව දුරටත් කියන්න ඇත්තේ එයම පමණෙකි. මේ පුද්ගලයින්ගේ දැනුම් මට්ටම ගැන මම කණගාටු වෙමි.

    "බටහිර වෛද්‍ය ක්‍රමය" කියා දෙයක් නැත. ලෝකයේ ඇත්තේ එකම පිළිගත් වෛද්‍ය ක්‍රමයකි. එය ක්‍රමානුකූලව විද්‍යාත්මකව ගොඩ නැඟී ඇත. එයින් අදහස් කෙරෙන්නේ එය සර්ව සම්පූර්ණ බව නොවේ. ලෝකයේ හැම විද්‍යාවක්ම දියුණු වෙමින් පවත්නා අසම්පූර්ණ එකකි. නමුත් එනිසා එහි ක්‍රමානුකූල විද්‍යාත්මක ප්‍රවේශය ප්‍රතික්ෂේප නොවේ.

    මේ හැරුණු විට ලෝකයේ හැම රටකට පැරැණි දේශීය, සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම එකක් හෝ කිහිපයක් තිබේ. මේ ගණන සිය දහසක් විය හැකි අතර ආයුර්වේදය ඉන් එකක් පමණි. මා කලින් කී පරිදි මේවායේ ගත යුත්තක් නැතිවාම නොවේ. trial and error ක්‍රමය මත යම් යම් ඖෂධ ප්‍රතිකාර ක්‍රම සමහර රෝග වලට ගැලපේ. සමහරවිට පිළිගත් වෛද්‍ය ක්‍රමයට හසු නොවුණු දේද ඒ අතර විය හැකියි. මම එය ප්‍රතික්ෂේප නොකරමි. නමුත් මේ කිසිවක් විද්‍යාත්මකව තහවුරු කළ ප්‍රතිකාර ක්‍රම නොවේ. ඒවායේ බරපතළ සීමා තිබේ. චීන කටු චිකිත්සාව, හෝමියෝපති ක්‍රමය යනාදී සියල්ල ගැන කීමට ඇත්තේ එයයි.

    ආයුර්වේදය මුළුමනින් බැහැර කළ යුතුය මම කිසිතැනෙක කියා නැත්තෙමි. මීයන් අල්ලනවා නම් බළලාගේ පැහැය මට ගැටළුවක් නොවේ. නමුත් ආයුර්වේදයේ ඇති බරපතළ සීමා ගැන අපට අවබෝධයක් තිබිය යුතුය. ආයුර්වේදය ඇතුළු මේ කිසිම විකල්ප ක්‍රමයක් පිළිගත් වෛද්‍ය ක්‍රමය හා සන්සන්දනය කළ නොහැකිය.

    එසේම තමන් තමන්ටම මොන ගරු නම්බු දී ගත්තත් ඔය කියන ආයුර්වේද "වෛද්‍යවරුන්" හා සැබෑ වෛද්‍යවරුන් අතර ඇති වෙනස අප සිහි තබා ගත යුතුය. ලංකාවේ හැම වෛද්‍යවරයකුම ආණ්ඩුව විසින් පිළිගෙන ඔවුන්ට අංකයක් දී තිබේ. පූර්ණ වෛද්‍ය වෘත්තියේ නියැළිය හැක්කේ මේ පිරිසට පමණි. මම ඒ සම්මතය පිළිගනිමින් එවැන්නන් පමණක් වෛද්‍යවරුන් ලෙස හඳුන්වමි. සලකමි. ඒ හරුණු විට අනෙකුන් මර්වින් සිල්වාට වෛද්‍යාචාර්ය කීවත් මට කමක් නැත.

    ReplyDelete
  54. මම මුලින්ම මේ ටික කියන්නම්. පසුව වෙන එනම පිලිතුරු දෙන්නම්. අද මට වැඩ අධික දිනයක්. කෙසේ වුවත් මේවාට පිලිතුරු අදම දෙනවා.
    මේ බ්ලොග් එක ලියන්න ගනිද්දි මගේ හිතේ තිබුනේ නැහැ මම වෛද්‍යවරයෙක් බව හඟවන්න. නමුත් මම ලියන්නේ මගේ විෂය නිසා මම ඒ අනන්‍යතාවයෙන් ලියූවා. ඒත් මම කවුද කියන එක මේ බ්ලොග් මිතුරන් වැඩි හරියක් දැන් දන්නවා. මට මේකෙන් මාකට් වෙන්න අවශ්‍ය නැහැ. මාව මාකට් වෙන ක්‍රම තියනවා. ඒ නිසා මම වෛද්‍යවරයෙක් නෙමේ කියන කාරනය මෙතැනදි බලපාන්නේ නැහැ. මොකෙක් වුනාම මොකද ලියනවනම් ඒච්ඡරයි. සුදුසුකම් බලල ලියන්න දෙන කාලෙකට බ්ලොග් අවකාශෙ ආවොත් සහතික දෙන්නම්. එතකන් මම මට ඕනෙ විදියට ලියනවා. නැවත මම කවුද කියන ප්‍රශ්නෙට පිලිතුරු දෙන්නෙ නැහැ.
    මේ ඇනෝ අර විවාද ඇනෝ මං ගැන හොදින්ම දන්න කෙනෙක් වගේ. මොකද මමවත් නොදන්න ස්මහර දේවල් එතුමා මා ගැන දන්නවා. ඔබට ජය. අනික මම දන්න ශල්‍ය වෛද්‍ය විද්‍යාවක් නැහැ. මගේ රෝගීන්ට යම් ශල්යකර්මයක් කරන්න වුනොත් ඒක සතියක් ඇතුලත කර දෙන්න තරම් බටහිර වෛද්‍යවරු ඉන්නවා. මගේ වචනෙට එහෙම සිය ගනන් ශල්ය කර්ම සිදු වෙලත් තියනවා. ඒ නිසා ඒ ප්‍රශ්නෙටත් වෙනම පිලිතුරු නැහැ.
    ඊලඟ ප්‍රශ්නෙ මම ලියන දේ. අනේ ඇනෝ මහත්තයෝ මම ලියන්නේ මම දන්න දේනෙ. මගේ දැනුම අනුවනේ මම ලියන්නෙ. ඔබ වැනි සියළු දේ දත් කෙනෙක් නෙමෙයි මම . ඒ ගැන නම් සොරි වෙන්න ඕනෙ.
    මෙතැන ඇති ප්‍රශ්නෙ ලංකාවේ බහුතරයක් බටහිර විද්වත් කියලා කියන්න හැකි වෛද්‍යවරුන්ට නැහැ. ඔවුන් අප එකට ඉතාම සමගියෙන් වැඩ කරනවා. මට මෙයිට අඩා ඒ ගැන කියන්න මගේ සිමා අනුව අමාරුයි. කෙසේ නමුත් අපි එනම් බටහිර හා ආයූර්වේද වෛද්‍ය එකමුතුව නම් අද ඉතාම සාර්ථකයි.
    ඊලඟට සියළු දෙනා වෙතම කියන්න ඕනෙ. අද මම මෙතැන ඉන්නේ බටහිර වෛද්‍යවරුන් මා එත දක්වපු සහය නිසයි. ඒ වටිනා මිනිස්සු මගේ පර්යේෂන වලට දක්වපු සහය නිසා තමයි මට බොහෝ දුර එන්න හැකියාව ලැබුනේ. මම බටහිර වෛද්‍ය ක්‍රමය හිස් මුදුනින්ම පිළිගන්නා අයෙක්මි. කිසි දිනක එයට ගරහන්නේ නැත. මට අවශ්‍ය බටහිර දේශීය ඉන්ටිග්‍රේටඩ් එකමුතු වූ වෛද‍ය ක්‍රමයක් ඇති වනවා දකින්නයි. එය වැඩි ඈතක නොව ලඟම එනබව මම දනිමි. දැනටත් කැලිෆෝනියා විශ්වවිද්යාලය එවැනි වෛද්‍යදෙපාර්තමේන්තුවක් ආරම්භකර ඇත. එයිට අමතරව මිඩ්ල්සෙක්ස් විශ්විද්යාලය ආයූර්වේද විද්‍යාලයක් අරබා පශ්චාත් උපාධි පවා දෙමින් සිටී. ඒ ගැන නම් මට සතුටුයි.
    දැන් මම වෙන වෙනම පිලිතුරු දෙන්නම්.

    ReplyDelete
  55. රාජ්,
    මම කලේ පවක් නම් තමයි. එත් එවලෙ ඇතිවුනු ජොලියට එහෙම කලේ. ස්තුතියි.

    ඉන්දික උපශාන්ත,
    සහතික ඇත්ත.

    ලොකු ජෝන්,
    අපේ කට්ටියගේ හැටි එහෙමනෙ.

    ගෝඩෝනියා,
    මම නම් ඒ ගැන දන්නේ නැහැ පුතා. ඊයට පිළිතුරු එවන්නම්.

    ඇනෝ 1,
    කළ යුත්තේ නම් ඒකයි. වෙන්නේ නැති එකයි අමාරුව.

    සමීර,
    ගෝක්ෂූර කියන්නේ ගොකටු එහෙමත් නැත්නම් නෙරෙංචි කියලා හඳුන්වන පැලෑටිය. මුත්‍රා අමාරුවටයි හොඳ.

    ඉඳුනිල්,
    තරුණ කාලේ කෙලි මතක් වෙනකොට අපිටත් අමාරු වෙයි කාලෙකදි. එතකොට අපි මේක හදාගමු. බ්ලොග් කරුවන්ට නොමිලේ. හෙක්... හෙක්.....

    බුවා,
    කියන්නේ කාටද? හෙක්... හෙක්...

    බීකේතාම්බුගල,
    ඔබ හා එකඟයි. මෙතැන නම් විහිළුවට කළ දෙයක්. නමුත් ඇත්ත තත්ත්වය මේ ඉතා තාක්ෂණයෙන් යුතු ආයූර්වේද ඖෂ්ධ ඉතා මිලයි. බටහිර බෙහෙතට වඩා මිලයි. ඒ නිසා සාමාන්‍ය ජනයා අතරට යනවා අඩුයි. ඒ වෙලා තියන්නේ රජයේ ප්‍රතිපත්තියක් නැතිකම. මේවා දැඩිව පාලනය කල හැකි දේවල්. නිති නැති කමින් මහ ජනයා දුක් විදිනවා.

    අමිල,
    මේ මොන කථාද ඕවත් වැඩද? දන්නවනේ අර පතෝල පාත්තියට බේත් හදපු හැලිය හෝදපු වතුර විසි කරලා වුනු වැඩේ. හෙක් ... හෙක්...

    දුමී,
    ඔබටත් පවුලේ සියල්ලටමත් සුභ නව වසරක්ම වේවා.

    බය වෙන්න එපා වට්ටෝරුව මාගාව තියනවා.

    දුකා,
    උඹලගේ තියන ආඩම්බරේනෙ. ඇයි යකෝ අඩි දහයයි එන්න බැරි වුනානේ. අන්න ගෙනාපුව මමයි හාමිනේයි කෑව.

    ඔබා අයියා,
    නැති බැරි අය ඇති හැකි බවට පත් කිරීම නේද?

    රාවනා,
    හිටහන් බන් දෙන්නම්. වට්ටෝරුව මාගාව තියනවා.

    ලකී,
    ඇත්තෙන්ම මේක විහිළුවක් නෙමේ ක්යලා දැන් පේනවනේ.

    ඕනයා,
    අසරනයාගෙන් කෝල් එකක් එයිද ද්න්නේ නැහැ අප්‍රේ කිට්ටුව. හදාපිය අරක කියලා.

    පිස්සා,
    අනේ මලේ ඔයාත් මම බ්ලොග් වලට එන්න එක හෙතුවක්. ඔබට සුභ නව වසරක් වේවා.

    පොඩි කුමාරිහාමි,
    බොහෝම ස්තුතියි. ඔබටත් එසේම පතනවා.

    චිත්‍රක,
    ඔබට තුති ඔබ නිසි ලෙස තේරුම් අරන් තියනවා. ඒත් බටහිර ක්‍රමයත් අපිට අවශ්‍යයි. මේ දෙකම එක තැනක තිබුනා නම් ඉතා වටිනවා.

    ඇනෝ 2,
    ඔබට ස්තුතියි. ඔබ ඉතා වටිනා අදහසක් එක් කලේ.

    ඇනෝ 3,
    ඇත්තෙන්ම මටත් ආඩම්බරයි ඔබ වැනි අය තවත් බොහෝ ඉන්න එක ගැන.

    ඇනෝ 4,
    පිස්සුද විහිළු ඕනෙනේ ජීවිතේට. ඔහොඅ යන් ඔහොම යන්,

    මාරයා,
    අනේද කියන්නේ.

    බුවා කමෙන්ට් 1,
    ඔබට ස්තුතියි. ආයූර්වේදය සර්ව සම්පූර්න නැහැ. එයත් දියුනු විය යුතුයි. හැබැයි මූල ධර්ම වලට අනුව. ඔබේ අදහස් කවත් මම ගරු කරනවා.

    ඇනෝ 5,
    බටහිර වෛද්යවරුන් අතර දෙවියන් වැනි මිනිසුන් ඇති බව මාද දන්නවා.

    විවාද ඇනෝ,
    ඔබ මාගැන මෙතරම් දැන් ගත් එක ගැන මගේ ප්‍රණාමය.

    ඇනෝ,
    ආයූර්වේදයේ වසංගත රෝග කියලා ජාට්ජියක් තියනවා. ඒ ගැන විස්තරද තිබෙනවා. බලන්න චරක ජනපදෝද්වංශිකාද්‍යාය. නමුත් පොළොන්නරු යුගයෙන් පසු ආයූර්වේදය එක තැන පල් වුනා කියන කාරනය ඇත්ත. ඒ කැරලි කෝලාහල වැනි යුධ බහුල සමයක් නිසා. ඊට පසුව වෙල්ලස්ස කැරැල්ලෙන් පොත් පත් ටික විනාස වුනා. දැන් විද්‍යාත්මකව තිබෙන ටික දියුණු කල හැකියි. ඒ භෞතික, රසායන විද්‍යාව වැනි විද්‍යාවන්ද මේකට එක් කර ගැනීමෙන්. හැබැයි ආයූර්වේද මූල ධර්ම වලට එකඟව.


    ලකී,
    ඔබ මට ඉතා වටිනා මිතුරෙක්. එය බ්ලොග් වලින් එහාට ගිය දෙයක්.

    ඇනෝ 6,
    ඔබගේ අදහස හරියටම හරි. පර්යේෂණ වලින් තොරව මෙය දියුනු කල නොහැකියි.

    ගැමියාගේ පත් ඉරුව,
    ඔබගේ අදහසට එතුටියි.

    ඇනෝපිලිස්,
    ඔබගේ කරුනු දැක් වීමට ස්තුටියි.

    පුංචි කුමාරිහාමි,
    ස්තුතියි.

    ගිම්හාණී,
    ඔබ මට හොඳම මිතුරියක්.

    ප්‍රියන්ත.
    ඔබට ස්තුතියි ප්‍රියන්ත.

    බුවා,
    ඔබ හරි ආයූර්වේදයේ ශල්‍ය කර්ම තිබුනා. දැන් ඒවා නැති වෙලා ගිහින්. ඒත් තවත් රැක ගතයුතු බොහෝ දේ තිබෙනවා. වසංගත රෝග ගැන ආයුර්වේදය කථා කලා. නමුත් පසු කාලීනව ඒවා දන්න අය නැති වෙලා ගියා. දැන් නැවත අපිට ඒ ගැන සොයා බලන්න පුළුවන්. චරක සංහිතාවේ ජනපදොද්වංශික අධ්‍යාය

    ReplyDelete
  56. කාලයකට ඉහත එල්. ටී. ටී. ඊ. එකේද "මේජර්ලා", "කර්නල්ලා" සිටියහ. අපේ ගොබ්බ මාධ්‍යකරුවන්ද මේවා එසේම වාර්තා කරන ලදී. පසුව ආරක්ෂක ප්‍රකාශක විසින් ඔවුන් නිවැරදි කෙරිනි. "කර්නල්", "මේජර්" වැනි ධුර නීත්‍යානුකූලව ලබා දිය හැක්කේ රටේ ආරක්ෂක හමුදාවන්ට පමණි. සටන් කිරීමට හැකිවූ පමණින් මේවා අන් කිසිවකුට ලබා දිය නොහැකිය.

    "ආචාර්ය" යනු යම් පිළිගත් අධ්‍යාපන මට්ටමක් සම්පූර්ණ කරගත් කෙනකු ලබන ගරු නාමයකි. නමුත් මර්වින් සිල්වාද ආචාර්ය කෙනෙකි. ඒ ඇසෙන විට ඇති වන්නේ ගෞරවයක් නොව පිළිකුළකි.

    අපේ රටේ නීතිය අනුව තමන් වෛද්‍යවරයකු සේ හඳුන්වා ගත හැක්කේ වෛද්‍ය සභාවෙන් අනුමත වූ පසුවය. එසේ නැත හොත් Dr. යන වචනය පවා නම ඉදිරියෙන් යෙදීම නීති විරෝධීය. මෙය MBBS අවසාන අදියර නිමාකළ වෛද්‍ය සිසුන්ට සේම ERPM හෙවත් ACT 16 මෙතෙක් සමත් නොවූ විදේශීය උපාධිධාරීන්ටද අදාළය. මේ කිසිම කෙනක් මොන උපාධි තිබුනත් අපේ රටේ වෛද්‍යවරුන් සේ නොගැනේ.

    වෛද්‍ය සභාවෙන් අනුමැතිය නොලත් පුද්ගලයකු දිගින් දිගටම තමන් "වෛද්‍යවරයකුය" කියා ගැනීම ගැන මට නම් ඇති වන්නේ පිළිකුලකි.

    ReplyDelete
  57. අන්තිම ඇනෝ..January 4, 2012 9:42 AM

    පැන්න නේද බළලා මල්ලෙන් එළියට....
    ඔබට තියන ප්‍රශ්ණය මර්වින් සිල්වාගෙ ආචාර්ය උපාධිය හෝ මහවෙදනාගෙ වෛද්‍යවරයකු නම් මෙය කිසිම තේරුමක් නැති වාදයකි. මා දන්නේ නැහැ ඔබ මුලින් සිටි ඇනෝමද කියා..ඒත් මේ සංවාදය ඔබ ආරම්භ කල අවස්ථාවෙ මා ගොඩක් සතුටු වුනා ඉතා හොද හරවත් තැනකට මෙය ගෙනයයි කියලා...ඒත් ඔබගේ දෙවෙනි තුන්වෙනි කොමෙන්ටු සමග ඔබගේ නොදැනුවත්කම හා කුහකත්වය ප්‍රදර්ශනය් වීමෙන් පසු මේ සංවාදය ගැන අපගේ තිබුන බලාපොරොත්තු සුන්වු බව නම් කිව යුතුමයි.
    කාලය නාස්ති නොකර තමන් දන්නා වැදගත් දෙයක් සඳහා යොමු වෙන්න...ස්තුතියි

    ReplyDelete
  58. ලකී සමග එකඟයි . මෙතන දැන්වෙන්නෙ පෞද්ගලික ප්‍රශ්නයක් බව පෙනී යනවා .
    …මම හිතන්නේ අපි දැන් මේ සංවාදය නවත්වලා අපේ වැඩක් බලාගමු . මහ වෙදනා ඔබත් තව දුරටත් මේවාට උත්තර බඳින්න අවශ්ය නැති බව පේනවා .
    …මේ බ්ලොග් අවකාශය ඉතාම්ත් සොඳුරු තැනක් . ඒ සොඳුරු බව අපි තව දුරටත් …රැක ගමු .

    ReplyDelete
  59. මම බටහිර වෙදෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක්,
    ඒත් මම ඊට වඩා ආයුර්වේදය ඒ වගේම දේශීය වෙදකම අතිශය වටිනා එකක් ලෙස සිතනවා.
    මට ආසයි කවදා හරි ඒක ඉගෙන ගන්න.
    කොහොම වුනත් මේ විප්ලවවාදි ඇනෝට කියන්න තියන්නෙ විවේචනය වුවත් කළ යුතු ක්‍රමයක් තියනවා යන්නයි.
    මම නම් මේ කමෙන්ට්ස් කියවන්න ගියේ නෑ වැඩිය,
    ඒත් ඔබ පෞද්ගලික තරහකට වෙදනාට බණින හැඩක් පෙනෙන්නෙ.

    මම දන්නා ලෙස ඔහු සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යයවරයෙක්.
    කොහොමත් නමෙන් වැඩක් නෑ,
    ඒ ඔහු තම රාජකාරිය නිසි ලෙස කරන නිසා.
    ඔය කියන විදිහට ලෝකයේ පැරණි වෛද්‍යවරුන් කිසි කෙනෙක්ට ඒ නම පාවිච්චි කරන්න බෑ,
    අඩු ගානේ ඔබ ගරු කරන බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා වන හිපොක්‍රටීස්ටවත්,
    මොකද ඔහුට කිසිම උපාධියක් නෑ,

    ReplyDelete
  60. @Gordonia ceylanica : මෙන්න පහක්.

    අපි සියළු දෙනා අර ගිම්හානි කිව්වා වගේ, අසරණ ඇනෝවාට පිළිතුරු දීමට කාලය නාස්ති නොකර ඉඳිමු.

    ReplyDelete
  61. විවේචන කරන්න කෙනෙකුගේ දොසක් කියන්න එනවානම් එන්න නියම නමින්. ඇයි ඔබලා ඇනෝනිමස් එන්නේ. ඔබ නියම අවංක අයෙකුනම් ඔබේ නමින් ලියන්න. ඉස්සර ගමේ හිටියේ පාරමිපරිකව පැවතුන වෙදකමක්. එය බොහෝම අතීතයේ සිට පැවත ආවක්. එයින් රෝගීන් සුවපක් වූවා. නැතිනම් අද වනතෙක් ආයුර්වේදයක් පවතින්නේ නෑ. ඒ නිසා ආයුර්වේදය ගැන ගැටලුවක් නෑ.
    ඩොක්ටර් යන වචනය ගැනත් කියන්න දෙයක් තියනවා. අපේ ගම්බද අය කියන්නේ දොස්තර මහත්තයා කියායි. ඒ අය එහෙම කීවේ ලොකු ගෞරවයක් ඇතිව. අතීතයේ ගමේ වෙදමහතාට වෙද මහත්තයා කීවේද ඒ ගෞරවයෙන්මයි. ඔබ උත්සාහ කරන්නේ මම ඩොක්ටර් ඔහේ වෙදා කියන්න නම් එය වැදගත් අයෙකුට නොගැලපෙන්නක්. දොස්තර මහතා වුවත් වෙද මහතා වුවත් කරන්නේ රෝගීන් සුවපත් කිරීමනම් රෝගියාට ඔහු දෙවියෙක්මයි. ඒ නිසා කිසියම් කෙනෙක් අදහස් දැක්වීමේදී තම වෘත්තියේ ගෞරවයද ආරක්ෂා වන අයුරින් අදහස් දක්වන්න. මේ දෙපාර්ශවයම රොගීනට දෙවිවරු. එමෙන්ම අපිට වෙන්කර හඳුනා ගැනීමට පහසු වන්න ඔබ කවුදැයි හඳුන්වාදෙන්න. ඇනෝ උනත් යටින් මම මෙහෙම කෙනෙක් කියා හෝ කියන්න පුළුවන්නේ.

    ReplyDelete
  62. බටහිර වෛද්‍යවරයකුගේ පිළිගැනීම වෛද්‍ය සභාවේ ක්‍රියාවන් හා අධ්‍යාපන ක්‍රමය සිංහල වෛද්‍යවරයකු හා සිංහල වෙදකම සමඟ සැසඳීම කතෝලික සභාව රාමන්ඤ නිකාය හා සසඳනවා වැනිය. බටහිරයන්ගෙ සංවිධානාත්මක සමාජ ක්‍රමය ඔවුන්ගෙ අනන්‍යතාවයි. පෙරදිගයින් සිටින්නේ එහි අනික් පැත්තේය. කල යුත්තේ වෛද්‍ය ක්‍රම දෙකෙහි ඇති හැකියාවන් හා නොහැකියාවන් ගැන කතා කිරීම මිස සමාජ තත්වයන් ගැන පුරසාරම් දෙඩීම නොවේ.

    සිංහල වෙදකු විසින් තමාගේ ජීවිතයම ගොඩ දැමූ හැටි දුකා විසින් ලියා ඇත. එමෙන්ම වරක් මා මොල්ලිගොඩ ආයුර්වේදයේ නැවතී සිටි කාලයේ බටහිර වෙදුන් විසින් සුවපත් කල නොහැකියයි කියූ ආඝාතය නිසා අන්ශ්භාගයට පත්වූ රොගීන් සුවපත් වී දෙපයින් ඇවිද පිටව ගිය අයුරු දැක ගතිමි. බටහිර වෙදකමේ පාලනය මිස සුව කල නොහැකි රූමටික් ආතරයිටිස් රෝගය මා සුවකරගත්තේද සිංහල වෙදකමෙනි. එහෙත් සිංහල වෙදකම යනු සියල්ලට පිළිතුර නොවන බව පිළිගනිමි. එමෙන්ම එය බටහිර වෙදකමටද අදාලය. නමුත් බටහිර වෙදුන් වැඩි වරප්‍රසාද ලබන්නේ වෛද්‍යක්‍රමයේ ඇති සංවිධානාත්මක බව සහ එහි ඇති පෙති ගිලින, ඉංග්‍රීසියෙන් අමතන පොෂ් ගතිය නිසා මිස එය සිංහල වෙදකමට වඩා උසස් නිසා නම් නොවේ.
    අනෙක ශල්‍ය වෛද්‍ය විද්‍යාව බටහිර වෙදුන් කරන ආකාරයෙන්ම ආයුර්වේද වෙදුන්ද කල යුතු ඇයි. බටහිරයන් හදවත් රොගියෙකුට බයිපාස් කරන විට ආයුර්වේදයේ තෙල් බෙහෙත් වලින් එම ලේ කැටිය දියකර හරියි. මෙය සම්පූර්ණයෙන්ම ක්‍රම දෙකකි. සිද්ධාන්ත දෙකකි. එනිසා එකක් අනෙකට වඩා උසස් නැත. ඇත්තේ ප්‍රායෝගික බවේ හා සමාජ පිළිගැනීමේත්, සංවිධානාත්මක භාවයේත් පරස්පරතා පමණි.

    ReplyDelete
  63. බටහිරට සාදු කියන අය ඒ පැත්ත හැරිලා සාදු කියන්න . හිතේ විස්වාසය තියනවනම් මොල් ගහ උනත් දලු දානවා පැල කලොත්.

    ReplyDelete
  64. මම අළුත් ඇනෝ - මේ මෝඩ "MBBS" නාඩගම බලං ඉන්න බැරි නිසා තමයි මෙහෙම ලියන්නෙ....!

    අනේ ඇත්තටම බොලං අර විවාද ඇනෝ ගැන නම් හරිම කණගාටුයි. ඉස්සර AL කරන කාලෙ කියන කියමනක් තමයි බයෝ කරන එවුන්ගේ ඇඟ පුරාම මොලේ කියලා......! උන්ට තාර්කිකව හිතන්න මොලේ නෑ.... ගිරවා දාලා පොත් කට පාඩම් කරලානේ විභාග පාස් කරන්නෙ... එහෙම ගිරව් ගිලපු එවුන් එහම කරලා දැන් කියනෙ ඒ ගොල්ලො හරිම විද්‍යාත්මකයි අනිත් අය ලිං මැඩියෝ කියලා.....! මැලේරියාවට කුයිනින් තිබුනලු.....! එතකොට ඩෙංගු වලට තියෙන්නෙ කින්ද ? අයුර්වේදෙ ඩෙංගු වලට ගස් ලබු කොල ඉස්ම දෙනවා.. එහෙම බීපු අය නොමැරි ඉන්නවා... දැන් කියහල්ලා ගස්ලබු කොල ඉස්ම විද්‍යාත්මක ඔප්පු කරලා නැති නිසා ඒක නොදී ඩෙංගු හැදිච්ච එකාව මැරෙන්න ඇරපං කියලා....! අනේ තොපේ රෙද්දෙ MBBS...!

    ReplyDelete
  65. අනික මේ විවාද ඇනෝගේ රචනා ශෛල්‍යය හොඳට පුරුදුයි පුරුදුයි වගේ....! ලියන වචන වලින් නම් මේ "පොරක්" නෙවෙයි "පොරියක්" වගේ තමයි පේන්නෙ....! හඳුනා ගත්තොත් ඔබ මා.....!

    ReplyDelete
  66. ආයුර්වේදේ අපිට, අපි ආයුර්වේදෙට
    වෙදන අපිට, අපි වෙදනට

    ReplyDelete
  67. ඇනෝ තරුව,
    සංවාදය ගැන මොකුත් කියන්නෙ නෑ. ඒ ගැන ඕනපදං කියල තියනව. වෙදගෙදර කියන්නෙ අපේ ගම්වල තිබිච්ච දෙයක්. අනිත්එක "වෙදන/මහවෙදන" කියන්න බටහිර වෛද්‍යවරයෙක්ම වෙන්න ඕනත් නෑ. ඔබතුමාගෙ අම්ම-තාත්ත ඉපදුනේ ඔය බටහිර වෛද්‍යවරුන් යටතෙ නෙවේ නේද? යම් දෙයක කිසිම වැදගත්කමක් නැත්තං විතරක් ඒ දෙයට ගරහන්න. පුංච්හරි වැදගත්කමක් තියනදෙයකට අදාල ගෞරවය දෙන්න.

    මහවෙදනා,
    ඉදලහිටල පෝස්ට් එකකින් දාන්න තමංගෙ වාහනේ ගැන ගෙවල්-දොරවල් ගැන. අළුත ගත්ත මොනවහරි දෙයක් ගැන[එහෙම දේවල් නැතත් කමක් නෑ:D],කාපු බීපු හෝටල් ගැන...
    නයෙක් උනාම පෙණේ පුප්පන්න ඕන ඉදලහිටල හරි.:P (දැං මට බනින්නගන්න එපා)

    ReplyDelete
  68. man samanyen silent blog reader kenek unath me wiwade dakkamanam kata piayan inna bari una, mokada awurudu 15k thisse mata thibuna ledak batahira waidaya widaywen honda kaaganna bariwa, mokada eka durlaba ledak beheth thamath haiyatama nathi, surguies pamanak karana antibioticcs walin palanaya karana, man surgeries 5,6 k withara karala duka windala innakota anthime man giye nawinnata, ethana hitapu katawalamulle premasiri kiyana weda mahaththaya mata dewi kenek wage pihita una, ada etumata pinsidda wenna masa 3n 3ta lankawe hondama surgeonla langata badagaga private hospital walata laksha ganan wiyadam karapu mata pahugiya awurudu 2tama kisima surgery ekak nathiwa inna puluwan una..adatath kalathurakin magema waradi ahara purudu walin ea lede mathu unath batahia kramayen opetion kala uthu eka ethuma dena eka betha gaapu kaman honda wenne kohomada kiyala hitha gannath amarui, ea wage godakwatina aurweda waidyawaru api athara innawa. habai me athaama one tharam nikanm namata aurweda waidayawaruth innawa, mokada man 15yrs thisse lankawe inna hondama surgeon la saha weda mahaththuru langatath gihin thiyena nisa. mage honda yahaluwath batahira waidyawarayaku wana wthara ohutada mage lede weda mahaththayge beheth walin hnda una widiya itha pudumaya.

    ithin man kiyanne kawadawath ape deta garahanna epa, batahira waidya widyawe karanna baride ape ayata karanna puluwan, mokada man me lede gana internet eke hama deyakma search kala, ea lede thiyana ayage groups walata join una, kisima batahira ratakawath eka nittawata suwa karanna ba thawama, ihin ape weda mahaththuru pudumai neda

    ReplyDelete
  69. @ රාජ් "දෙන්න පහක්!"

    ReplyDelete
  70. අපි හොදට දන්නවා වේද මහත්ය කවුද කියල. ඔය එක එක්කෙනාගේ මඩ ගණන් ගන්න එපා. අපි අපේ දේ අගය කරනවා. එයාල වේද මහත්ය ගැන හරියට දන්නේ නැති නිසි ඔය ඔහොම කියන්නේ.

    ඉසුරු සහ ඉමන්ති...

    ReplyDelete
  71. වෙද මහත්තයා ලඟදී හමු වෙන්න ලැබුනොතින් මම මේ බෙහෙතෙන් ටිකක් විතර හදාගන්න ඕනෙ . ඊට පස්සේ මට බැරියෑ ඒ බෙහෙතේ බලෙන් මගේ ගම දියුනු කරන්න .

    වැදගත් ලිපියක් . කමෙන්ට් ටිකත් නියමයි මේ සංවාදයෙන් ගොඩක් දේ ඉගන ගත්තා වගේම ගොඩක් ප්‍රශ්නත් හදා ගත්තා

    ReplyDelete
  72. වෙද මහත්තයෝ බැරිද ඔය වට්ටෝරුව මේල් කරන්න...

    ReplyDelete
  73. අර කවුද කිව්ව නේද මේ..
    ඩොක්ටර්ලගෙ ආදායම ගැන..
    මහවෙදනා කිව්පරිදිම මමත් දන්නවා මයෙහිතේ ඒ ආයුර්වේද වෙද මහතාව...

    වෙදන අපිට ..
    අපි වෙදනට..

    කුරුමිනිය.

    ReplyDelete
  74. හූ හූ කුහක ඇනෝ

    ReplyDelete
  75. කියන්න දෙයක් නැ.ඔක්කොම කියලා තියෙන්නේ .ඒත් ඉතින් කොහෙද කසනව කසනවා වගේනේ.බටහිර බටහිර කියලා නැටුවට ඔය බටහිර වෛද්‍ය විද්‍යාවේ ආරම්බය අරාබියේ.සුද්දා ඉතින් කරේ කොහොමත් හැමතැනම කරක් ගහලා හොරකන් කරලා තමන්ගේ වගේ ඉදිරිපත් කිරීමනේ.
    සුදු කබර කියන ලෙඩේට බටහිර වෛද්යවරු කරන්නේ ෆොටෝ තෙරපි කියලා ප්‍රතිකාඅරයක්.අතුරු ආභාද සහිතයි.හම මෙලෙක් වෙලා ඔනැම ලෙඩකට විවුර්ත වෙනවා.(ප්‍රතිකාර ගන්න ගියාම දැනගත්තේ-ඊට වඩා සමහරවිට ඇති ) ඒකත් ලංකාවේ කරන්නේ නැ.කොහොමහරි ලෙඩේට ලංකාවේ බටහිර වෛද්යවරුන්ගෙන් සුවවීමක් නැ.ඒත් ආයුර්වේදෙන් මාස එකහමාරෙන් හොඳ වෙන්න ගත්තා.අනිත් එක අටවසරේ සමාජ අධ්යනයට උගන්නනවනේ ලන්කාවේ අතීතයේ පාවිච්චි කරපු සැත්කම් කටු හමු වෙලා තියනවා කියලා.අට වසරටවත් පාස් නැති එක්කෙනෙක් වෙන්න ඕනේ.

    කොහොම උනත් මොන වෛද්ය විද්යාවත් වැද්ගත්.එක පාරක් අත කැඩිලා වෙදනාවට බෘෆෙන් නුයි,කැඩුන එකට සිංහල බේහෙතුයි කරා.:)

    අනිත් එක අර බටහිර බෙහෙත් එක්ක දෙන පත්‍රිකාවේ හැමතිස්සෙම වර්නින්ග් කියලා කැල්ලකුත් තියෙන්නේ ඇයි දන්නැ.

    ආයුර්වේද ඩිග්‍රී එකක් කැම්පස් එකේ උගන්නනවා නේද???

    ReplyDelete
  76. වෙදනාගේ කොලූටත් ස්ථානෝචිත ප්‍රඥාව අඩු වැඩි නැතුව තියනවා වගේ!

    ReplyDelete
  77. සමා වෙන්න.. මට නං දිග කමෙන්ටුවක් දාන්න තරම් ඔය විෂය ගැන දැනුම නෑ.. කොහොම වුණත් වයසට ගිහාම ඔයවගේ දේවල් වල ආසාව වැඩි බව මං අහලා තියෙනවා..

    වෙදනා අයියට යුතුකමක් තිබුණා.. වයසක උදවිය වෙනුවෙන් වැඩි වැඩියෙන් ඔය ඖෂධය නිපදවන්න..

    ඉංගිරිසි බෙහෙත ද සිංහල බෙහෙත ද කියන එකට වඩා මං නං බලන්නේ නිට්ටාවට සුව වෙන්නේ මොන බෙහෙතෙන්ද, ලාබ මොන බෙහෙතද, හොයාගන්න ලේසි මොන බෙහෙතද, කොරන්න ලේසි මොන බෙහෙත ද වගේ කාරණා තමයි..

    ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන ලොකු සතුටකුත් ආඩම්බරයකුත් හිතේ තියෙනවා.. වෙදනා අයියගේ ලිපි හින්දා ඒක තවත් ටිකක් වැඩි වුණා කියලා කියන්ටම ඕන.

    මොකද (සමහර කීප දෙනෙක් හැර) බොහොමයක් දොස්තරලා කියන එවුවො ගිනි කන එවුං.. ඒ මදිවට මෙලෝ රහක් නෑ.. ඇස් දෙක ඇරලා බලන්නේ නෑ ලෙඩා දිහා.. එයාලා එහෙම පිටිං ම යන්තර වෙලා..

    දැං ඔය ජාතියේ ආයුර්වේද වෙද්දුත් ඉන්නවාය කියලා ආරංචියි..
    මගේ බාප්පා මාස තුනක් තිස්සේ එක්තරා වෙදෙක් ගෙන් බෙහෙත් ගන්නවාලු හැබැයි වෙදාව දැකලා තියෙන්නේ එකම එක පාරක් විනාඩි කීපයකට විතරයි ලූ.. බෙහෙත් වලට නං ලොකු ගානක් යනවලු..

    ඒත් බහුතරයක් වෙද මහත්තුරු ඒ වගේ අසංවේදී අය නෙවෙයි..

    සුබ නව වසරක් වේවා.. හැමෝටම..!

    ReplyDelete
  78. කතන්දර kathandaraJanuary 5, 2012 at 9:19 PM

    http://samindikasrimantha.blogspot.com/2011/12/blog-post_29.html

    වෙද මහත්තයෝ,
    ඔන්න ඔය උඩ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල පොස්ට් එක කියෙව්වෙ නැතත් කොමෙන්ට් ටික කියෝල බලන්නකො.
    මම හිතන්නේ සේම් ඇනෝ කියල, ඔය පිස්සු හු$%6& පුතාල කියන ඒවා ගනන් ගන්නත් එපා ඔය හු^^නන්ට උත්තර දෙන්න යන්නත් එපා.

    //කාලයකට ඉහත එල්. ටී. ටී. ඊ. එකේද "මේජර්ලා", "කර්නල්ලා" සිටියහ//

    මූ ජොනි බට්ටෙක් පෑගිලා මොලේ විකල් වෙච්ච පරණ ආමි කාරයෙක්ද කොහෙද.
    (මුන් වගේ වේ@#ගෙ පුතාල හින්ද හමුදා සොයුරන්ට තිබ්බ ගහුරවෙත් නැතුව යනව)

    ReplyDelete
  79. මේ ආමි ඇනෝ නම් මාර ඇනයක්.....බ්ලොග් වල ආතල් එකත් කනවා...පටන් ගනින්කෝ තමන්ටම බ්ලොග් එකක් අනුන්ගේ බ්ලොග් වල අඩුපාඩු ලියන්න. මේ ඇනෝ ලියන්නේ කිසිම වැදගැම්මකට නැති දේවල්. කාට හරි පුක දෙන එකෙක් වෙන්නැති....මේ වගේ එවුන්ට ඇනෝ ඇවිත් තමයි උත්තර දෙන්න ඕන.

    ReplyDelete
  80. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවල ඉවර කලේ දැන්
    පෝස්ට් එකේ තිබ්බ එක අතඇරලා දාමුකෝ
    ඒ ගැන හැමෝම කතා කලානේ

    අර ඇනෝ කියපු එක දෙයක් ගැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා(අනිත් ඒවාට කට්ටිය උත්තර දීල තියෙනවනේ)
    සුද්ද එන්න කලින් අපේ රටේ මැලේරියාවෙන් මිනිස්සු මැරුණා කියල එයා කියනවා. එන්න කලින් නෙමෙයි ඕකුං ආවට පස්සෙයි එහෙම උනේ.
    උන් අපේ රට අල්ල ගත්තට පස්සේ දාපු නීති වලින් බොහොම වැදගත් එකක් තමයි "ගංජා" සහ "බිම් කොහොඹ" යන ශාක වර්ග දෙක වැවීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහනය සපුරා තහනම් කරපු එක.
    ඒකට හේතුව විදිහට මම අහලා තියෙන්නේ ඉස්සර ගම්වල මිනිස්සු ඔය වර්ග දෙක පැළ ඉස්සරහ තියෙන හැමතිස්සෙම නටන මුට්ටියේ එක එක වර්ග වල කොළ වර්ග, මල් වර්ග එක්ක කලවමේ තම්බගෙන බීපු බව...
    ඒවයෙන් ඔය වගේ රෝග වලට ප්‍රතිශක්තියක් ඇතිවෙන බව දැනගත්තට පස්සේ සුද්දා කලේ මේ ශාක වර්ග දෙක තහනම් කිරීමයි....

    මේවා සුද්ද දැනගත්තේ පර්යේෂණ කරලා නෙමෙයි, අපේ මිනිස්සුන්ගේ පුරුදු අධ්‍යනය කරලා සහ අපේ මිනිස්සුන්ගෙන්ම අහගත්තු කරුණු කාරණා නිසා

    ///අපේ රටේ නීතිය අනුව තමන් වෛද්‍යවරයකු සේ හඳුන්වා ගත හැක්කේ වෛද්‍ය සභාවෙන් අනුමත වූ පසුවය. එසේ නැත හොත් Dr. යන වචනය පවා නම ඉදිරියෙන් යෙදීම නීති විරෝධීය. මෙය MBBS අවසාන අදියර නිමාකළ වෛද්‍ය සිසුන්ට සේම ERPM හෙවත් ACT 16 මෙතෙක් සමත් නොවූ විදේශීය උපාධිධාරීන්ටද අදාළය.///

    මේ ඇනෝගේ දැනුම මේකෙන්ම තේරෙනවා.
    ඔය කියන කාටවත්ම මේ Dr කියන අකුරු දෙක පාවිච්චි කරන්න බැහැ "ආචාර්ය උපාධියක්‌" නැත්නම්.
    MBBS පාස් කරපු කෙනෙකුට සිංහලෙන් "දොස්තර මහත්තයා" කියල කිව්වට එයාලට ඉංග්‍රීසියෙන් Doctor කියල කියන්නේ නැහැ. ඒ වගේම නමට ඉස්සරහින් Dr කියන අකුරු දෙක දාන්නත් බැහැ. කියනවනම් කියන්න වෙන්නේ Medical Officer කියලා.

    එහෙම බැලුවහම අපේ මර්වින් සිල්වා මහත්තයටනම් ඒ අකුරු දෙක නමට ඉදිරියෙන් පාවිච්චි කරන්න ඇහැකි.
    මොකද එයාට ආචාර්ය උපාධියක් තියෙන නිසා...

    නමකට ඉස්සරහින් දාන Dr කියන අකුරු දෙකේ තේරුම දොස්තර කියල හිතාගෙන ඉන්න මේ පුද්ගලයා තමන් කතා කරන්නේ මොනවාද කියලවත් දන්නවද කියන එක ගැනනම් මට සැකයි.

    ReplyDelete
  81. බටහිර සහ දේශීය කියන වෛද්‍යවරු දෙවර්ගයෙම පට්ට හොරුත්, ඒවගෙම දෙවිවරුත් මට හමු වෙලා තියෙනවා. දැන් නම් මෙතන යන්නෙ පුද්ගලික මඩ ප්‍රහාරයක් බව ඉතාම පැහැදිලියි. දැන් මේක අල්ලලා දැම්ම නම් මොකද?

    henryblogwalker the dude

    ReplyDelete
  82. පෝස්ට් එකට වඩා ඇනෝගෙ කමෙන්ට් එකටයි මම ලියන්නෙ. සිංහල බෙහෙත් චීප් ? වෙදනා කියන්නකො බලන්න තිප්පිලි රාත්තලක මිළ කීයද කියල.
    ඇයි නම නොකියා ඇනොනිමස් විදියට එන්නෙ. ?
    අපේ ගම් වල ඉන්නවා තවම කණ අත්සන ගහන වෙද ඉසිවරු. මෙයාල අතින් කවදාවත් මිනිස්සු මැරිල තියෙනවද කියල මම නම් දන්නෙ නෑ.

    මේ වෙද්දු බෙහෙත් කරල ගාස්තුවක් නියම කරන්නෙ නෑ. "ඔන්න ඔය කීයක් හරි දීල යන්න "කියල කියන්නෙ. ගස්වල කොළ පොතු මුල් වලින් හදන බෙහෙත් වලට ගානක් කියන්න බැරි නිසා.
    ලෝකයේ බොහොමයක් රටවල් දැන් ආයුර්වේදය දිහාවට යොමුවන කාලයක ඇයි අපේම අය අපේ වෙදකම හෑල්ලු කරන්නෙ.
    බටහිර වෙදුන්ට සනීප කරන්න බැරි ලෙඩ්ඩු කී දෙනෙක් අපේ වෙද්දු ගොඩ දාල තියෙනවද ? සිංහළ බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට්ස් නෑ.
    වෙදනාගෙ සුදුසුකම් වලින් අපිට වැඩක් නෑ. එයා ලියන ලිපි හරිම වැදගත්. අළුතින් යමක් ඉගෙන ගන්න පුළුවන්.
    ඔය බටහිර බෙහෙත් වැඩි හරියක් හදන්නෙ පැළෑටි වලින්. උදා: විරේකකාරකයක් වන සෙනෙකොට් හදන්නෙ අපේ සෙනෙහෙකොළ වලින්.

    ආවේගාත්මක කමෙන්ට් ලියල එකිනෙකාට මඩ ගහන්නෙ නැතුව තමනුත් මොනව හරි ලියනවා නම් වඩා හොඳයි.

    ReplyDelete
  83. හයිවේ එකේ යන වේගෙට සියල්ල කියවා බැලුවෙමි. නැවත ත්‍රීවීලරයක නැග අඩු වේගයෙන් කියවිය යුතුය. කෑමත් කරවිය.

    ReplyDelete
  84. @ ඊ මේල් කවි කාරී
    කෑම කර වුනත් කොමෙන්ට් ටික කෝම හරි කියවන්න

    ReplyDelete
  85. dhiyawadiyawa suwa kala hakidha?

    ReplyDelete
  86. මම හිතන්නේ පරිදි දියවැඩියාව හෙවත් මධුමේහය සම්පුර්ණයෙන්ම සුව කරන්න පුළුවන්.

    නමුත් ඇනෝ උපදෙස් වෙනුවට වෙද උපදෙස් පිළිපදින්න..

    ReplyDelete
  87. වෛද්‍ය තුමනි ඔබතුමා හමුවිය හැකි ආකාරය දක්වන්න.
    මෙය බලන කව්රුන් හෝ මෙතුමා හමුවිය හැකි ආකාරය දන්නවනම් දන්වන්න.
    ස්තුතියි
    turathnayeke@gmail.com

    ReplyDelete
  88. meelaga blog eka kavadhatada?

    ReplyDelete
  89. පව් මේ ඇනෝ..
    /*-----
    අපේ රටේ නීතිය අනුව තමන් වෛද්‍යවරයකු සේ හඳුන්වා ගත හැක්කේ වෛද්‍ය සභාවෙන් අනුමත වූ පසුවය. එසේ නැත හොත් Dr. යන වචනය පවා නම ඉදිරියෙන් යෙදීම නීති විරෝධීය. මෙය MBBS අවසාන අදියර නිමාකළ වෛද්‍ය සිසුන්ට සේම ERPM හෙවත් ACT 16 මෙතෙක් සමත් නොවූ විදේශීය උපාධිධාරීන්ටද අදාළය.-----------*/

    Dr කියන එක නමට ඉස්සරහින් පාවිච්චි කරන්න වෛද්‍ය සභාවෙන් අනුමත වූ අයටද අයිතියක් නොමැත. ඒ සඳහා ආචාර්ය උපාදියක් (PHD) තිබිය යුතුය.

    ReplyDelete
  90. හප්පා දවස් දෙක තුනක ට්‍රිප් එකක් ගියා වගේ......

    ReplyDelete
  91. මුරුගසන් වැස්සකින් බේරිලා ගෙට ගොඩ උනා වගේ
    මෙතෙන්ට ආවම නිකන් ම සැනසුම් හුස්මක් ගියා ... හප්පා ....

    ReplyDelete