Saturday, June 29, 2019

මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව


මස් මාංශ පරිභෝජනය පිළිබඳ නොයෙක් කතා බහ ලංකාව තුළ මේ වන විට ඇතිවෙමින් පවතින සමයකි. මේ සටහනෙන් අදහස් කරන්නේ ලංකාවේ මස් පරිභෝජනයේ ක්‍රමික වෙනස්කම් පිළිබඳ ඔබ දැනුම්වත් කිරීම විනා මස් පරිභෝජනයේ හොඳ නරක පිළිබඳ කතිකාවතක් ඇති කිරීම නොවේ. ඉදිරියේදී එවැනි සාකච්ඡාවක් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ඒ සඳහා වන ලිපිය තව ටික දිනකින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. අද සටහන ම මාංශ භාවිතය මෑත අතීතයේ කෙසේ වෙනස් වූයේද? යන්න පිළිබඳයි.

ලබාගත හැකි වූ මුල්ම දත්ත අයත් වන්නේ 1961 වසරටයි. මෙහිදී ප්‍රධාන වශයෙන් ලාංකිකයන් ආහාරයට ගන්නා මස් මාංශ අතරින් පිළිවෙලින් එළු මස්, හරක් මස්, ඌරු මස් හා කුකුළු මස් පිළිබඳ අවධානය යොමු කරමු.

1961 වසරේදී ලංකාව තුළ ඉහත මස් මාංශ අතරින් එළු මස් එක් පුද්ගලයෙක්ගේ වාර්ෂික පරිභෝජනය කිලෝ ග්‍රෑම් 0.29 පමණ වේ. පිළිවෙලින් හරක් මස් 2.91 කි. ග්. ඌරු මස් 0.1 කි. ග්. කුකුළු මස් 0.63 කි. ග් ද වේ. මෙහි එකතුව එක් පුද්ගලයෙක්ගේ සියලුම මාංශ පරිභෝජනය 3.97 කිලෝ ග්‍රෑම් වේ. ප්‍රතිශත ලෙස ගත් විට ඒක පුද්ගල හරක් මස් පරිභෝජනය තම මාංශ අවශ්‍යතාවලින් 73.3% ද, කුකුළු මස් පරිභෝජනය ඒක පුද්ගල මාංශ පරිභෝජනයෙන් 15.87% ද වේ.

1970 වසර ගත්විට ඉහත ආකාරයටම එළු මස් කිලෝ ග්‍රෑම් 0.23 ද, හරක් මස් 2.95 ද, ඌරු මස් 0.11 ද, කුකුළු මස් 1.16 ද වශයෙන් වන අතර ඒක පුද්ගල සම්පූර්ණ පරිභෝජනය වසරකට 4.46 කිලෝ ග්‍රෑම් වේ. එය සියයට ගණනක් ලෙස ගත් විට හරක් මස් පරිභෝජනය 66.14% ද කුකුල් මස් පරිභෝජනය 26.01% ද වේ.

1980 දී මෙය වෙනස් වන්නේ මෙසේ යි. එළු මස් 0.2, හරක් මස් 1.91, ඌරු මස් 0.09, කුකුළු මස් 3.53 ද වේ. (සියල්ල කිලෝ ග්‍රෑම් වලිනි.) ප්‍රතිශතයක් ලෙස හරක් මස් 54% ද කුකුල් මස් 35.69% ද වශයෙනි.

1990 වන විට තත්ත්වය තවත් වෙනස් වේ. එනම් එළු මස් 0.11, හරක් මස් 1.63, ඌරු මස් 0.09, කුකුල් මස් 5.37 ලෙස ය. සමස්ථ අගය එක් පුද්ගලයෙක්ට වසරකට කිලෝ ග්‍රෑම් 3.17 වේ. හරක් මස් 51.42% ද කුකුල් මස් 42.27% ද වශයෙන් වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය ප්‍රතිශතයක් ලෙස ගණනය කළ හැකි ය.

2000 වසරේදී නැවත ඒක පුද්ගල මාංශ පරිභෝජනය වෙනස් වන ආකාරය මෙසේ ය. සියල්ල කිලෝ ග්‍රෑම් වලිනි. එළු මස් 0.14, හරක් මස් 1.71, ඌරු මස් 0.09, කුකුල් මස් 3.43, සමස්ථ වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය 5.37, හරක් මස් 31.84% සහ කුකුළු මස් 74.05% ලෙස වේ.

2010 දී එළු මස් 0.08, හරක් මස් 1.61, ඌරු මස් 0.02, කුකුළු මස් 4.88 ද සමස්ථ අගය 6.59 කි. ගෑ ද වේ. එය ප්‍රතිශතයක් ලෙස හරක් මස් 24.43% ද කුකුළු මස් 74.05% ද වේ.

2013 දී එළු මස් 0.09, හරක් මස් 1.38, ඌරු මස්, 0.05 කුකුළු මස් 4.96, සමස්ථ අගය 6.48 ද වන විට ප්‍රතිශත ලෙස හරක් මස් 21.3% ද කුකුළු මස් 6.48 ද වේ. එහි ප්‍රතිශත අගයන් මෙසේ ය. හරක් මස් 21.3% සහ කුකුළු මස් 76.54% ලෙස වේ.

මේ අනුව ලංකාවේ හරක් මස් පරිභෝජනය ක්‍රමයෙන් අඩු වී ගොස් දැන් එය අවම අගයක් දක්වා වෙනස් වෙමින් පවතී. ලෝකයේ වාර්ෂික ඒක පුද්ගල මාංශ පරිභෝජනය 2015 දී පැවතුණේ එක් අයෙක්ට වසරකට කිලෝ ග්‍රෑම් 41.3 ලෙස සහ දකුණු ආසියාවට එම අගය 7.6 ලෙස ය. නමුත් 2013 දී අපගේ එම අගය වන්නේ 6.48 කි. එය කාලයට සාපේක්ෂව අවම සමානත්වයක් දරයි. 1964-66 අතර කාලයට සාපෙක්ෂව එම අගය ලෝකයට 24.2 වන අතර අපට 3.9 කි. නමුත් එම කාලයේ අපගේ භාවිතය 4.74 කි. මේ අනුවද පැහැදිලි වන්නේ වැඩිවන ජනගහනයට සාපෙක්ෂව අපගේ මාංශ පරිභෝජනය එතරම් වැඩි වී නැති බවයි. ඒ අතර ප්පගේ රුචිකත්වය හරක් මස්වල සිට කුකුළු මස් වත මාරු වී තිබේ.....

අනෙක් වැදගත්ම කරුණ වන්නේ අපගේ මාංශ භාවිතය හුදෙක් හරක් මස් හා කුකුළු මස්වලට සීමා වී පවතී. ලෝකයේ භාවිත කරන්නා වූ බොහෝ මස් මාංශ මෙහි දක්නට නැත. ඌරු මස් හා එළු මස් භාවිතය ද ඉතා දුර්වල වේ.

6 comments:

  1. ඒව හෙන ගණං නේ :-D
    අනික හුඟක් අය ඌර කන්නෑ. :-P
    ආ .. මං ඔය මස් මාලු මොනවත් කන්නෑ. ඒ හංද ඔය කමෙන්ට් එක ගණං ගන්ඩ එපා :-D

    ReplyDelete
  2. සංස්කෘතික, ආගමික බාධා නිසා ලංකාව තුල වගේම ඉන්දියාවෙත් මස් පරිභෝජනය අඩුයි.

    ඇත්තටම අපිට හොටෙල් එකකට ගියාම බැටලු මස් දුන්නත් කන්නේ එකයි දෙන්නයි.

    කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ.. ජය වේවා

    ReplyDelete
  3. මම නම් ඔය ඕන මසක් මාලුවක් කනවා.ඊයෙත් අපේ නෝනාට මම කිව්වා ලංකාවේ මිනිස්සු ප්‍රෝටීන් ඌණතාවෙන් පෙලෙන්න මුලිකම හේතුවක් කියලා අවම මාංශ පරිභෝජනය.සංස්කෘතික, ආගමික කෑම පිගන් වලට ගෙන්න හොඳ නැහැ.

    ReplyDelete
  4. හොඳ විශ්ලේෂණයක්.. අගයයන් නම් ටිකක් එහෙ මෙහෙ වෙලා වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙනං හරි අගයන් ටික දාන්නකෝ බලන්න

      Delete