Monday, November 26, 2012

සුඛාන්ත රතිය සහ සුරතාන්තය!!

මේ මගේ සිතේ ලියැවී තිබූ මාතෘකාවක්…………

නමුත් එය පසුවට කල් දමමින් සිටියේ…………...

අපේ දේශකයාගේ පසුගිය ලිපිය හේතුවෙන් ඒ ලිවිය යුතු යි කියා මට සිතුණා. ඒ සදහා මගේ හිතේ පෙලැබීමක් ඇති කළ තවත් දෙදෙනෙක් සිටිනවා. ඒ මාතලන් සහ හිරු. ඔබ තිදෙනාට ම මගේ ස්තුතිය.

මෙම ලිපියේදී බුදු දහම, ආයූර්වේදය, සහ සාමාජීය වශයෙන් මෙන් ම වෛද්‍යවරයෙක් ලෙසත් මගේ අත්දැකීම් මෙන් ම නිගමන ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙවැනි ලිපියක් ලිවීමේ දී අමතක නොකළ හැකි පුද්ගලයෙක් සිටිනවා. ඒ ඇමරිකානු ජාතික ඩී. එච්. ලෝරන්ස් (D. H. Lawrence). ඔබ නරබා ඇති දශක දෙකකට පමණ පෙර මෙරට තිරගත වූ Lady Chatterley's Lover චිත්‍රපටය . නමුත් මේ චිත්‍රපටය Lady Chatterley's Lover නවකතාව තරම් සුන්දර නැහැ. ඒ අතර ම තවත් මතක් කළ යුත්තෙක් සිටිනවා. ඒ විජයපාල වික්‍රමසිංහ මහතා. මෙතුමා මේ ග්‍රන්ථය සිංහලට පෙරළා තිබෙනවා. (සිංහල ග්‍රන්ථයේ නම වන්නෙ "සනහස බැදුණ තැන" යන්නයි.) ඉතා ගැබුරු වියත් ඉංග්‍රිසි භාෂාවෙන් ඇති මුල් පොත සරලව සුමට ලෙස මෙතුමා සිංහලයට පෙරළා තිබෙනවා. මා සතුව ඇති ඉතාම වටිනා සම්පතක් ලෙස මම මේ ග්‍රන්ථයන් දෙක සලකමි.

මවිසින් මෙහිදී සඳහන් කළ මේ ග්‍රන්ථය තරම් සජීවීව සුරතාන්තය විස්තර කළ අන් තැනක් මෙතෙක් මට සමු වී නැත. එයට ද යම් හේතුවක් තිබෙනවා. මිනිස් සංතානයේ පහළ වන ඉතාම ගැබුරු හැගීමක්, දැනීමක් වචන වලට පෙරලීමේ අපහසුවයි. එවැන්නක් කිරීමට භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතෙක් විය යුතුයි. එවන් උගතුන් දෙපළක් වන මේ අනුවර්තක සහ නියම කතුතුමාගේ අදහස අනුව සුරතාන්තය යනු මේ යැයි යම් දල අදහසක් ලබා ගැනීමට Lady Chatterley's Lover ග්‍රන්ථය පිටුවහල් වනවා.

දැන් අපි බලමු බුදු දහමට අනුව ලියැවී ඇති දේ පිළිබඳව, ඔබට මතක ඇති මෙයට සමාන ලිපියක් මම ටික කලකට පෙරත් පළ කළා.

ස්ත්‍රී රූපය තරම් පුරුෂයන්ගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් නැත. එසේම කාන්තාවගේ සිත ද ඇද බැඳ ගන්නා ප්‍රධානම රූපය නම් පිරිමි රූපයයි. තවද මෙය ශබ්ද, ගන්ධ, රස, සපර්ශ ආදී සියල්ලට ම ස්ත්‍රී පුරුෂ වශයෙන් ද එසේමයි. (අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1960, පිටුව 2 - 5) ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි දක්වන මේ විශේෂ ලබැඳියාව හුදෙක්ම ලිංගිකත්වය නිසාම පැන නැඟුණකි. ලිංගිකත්වයට පුද්ගලයා තුළ සහජයෙන්ම ඇතිවන මේ ලබැඳියාව හෙවත් තෘෂ්ණාව හේතුවෙන් භවයට ඇති ආශාව ද, ඇලීම ද, ඇති වේ. උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ ම එන නකුල මාතා නකුල පීතා කථාවෙහි දී එම යුවළ ඊළඟ භවයේ දී ද එක් වීම ප්‍රර්ථනා කරයි. මේ ඇත්තෙන්ම ලිංගික බැඳීමයි.

අංගුත්තර නිකාය 05, ඉත්ථිබන්ධන සහ පුරුෂ බන්ධන නමින් සූත්‍රයන් දෙකක් සඳහන් වේ. මෙම සූත්‍ර දෙකෙහි අදහස වන්නේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් බැඳෙන ආකාරයයි. බුදුන් වහන්සේට අනුව අට ආකරයකින් ස්ත්‍රිය සහ පුරුෂයා එකිනෙකාට බැඳේ. එම ආකාර අට නම්,
1. රූපයෙන් ස්ත්‍රිය සහ පුරුෂයා බැඳේ.
2. හසිතයෙන් හෙවත් සිනායෙන් මේ දෙදෙනා බැඳේ.
3. වචනයෙන් හෙවත් කථාවෙන් මේ දෙදෙනා බැඳේ.
4. ගීතයෙන් ද, මේ දෙදෙනා බැඳේ.
5. රොදනයෙන් හෙවත් ඇඬුමෙන් ද, මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.
6. ආකල්පයෙන් හෙවත් අඳින පොරවන සළු පිළියෙන් ද මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.
7. වනභඬගයෙන් හෙවත් වන මල් පළ ආදී තුටු පහටු වන දෙයින් ද මේ දෙදෙනා බැඳේ.
මේ සියල්ලටම වඩා තරව ස්ත්‍රි පුරුෂ බන්ධනය ඇති වන්නේ නම් පහසින්මය. එය අටවන අවස්ථාවයි.

කාමාස්වාදය යනු කවරේද?
මෙම මාතෘකාව බුද්ධ වචනය තුල බොහෝ වාරයක් භාවිතය. ඉන් කීපයක් මෙහි ඔබ වෙනුවෙන් දක්වමි.

(1) මනාප්‍රිය රූපදී ත්‍රෛභූමක වස්තුකාමය කැමතිවන ඒ සත්වහට ඉදින් ඒ වස්තුකාමය සමෘද්ධ වේ නම් හෙවත් (ලැබේ නම් ) ඒ ලැබ ඒකාන්තයෙන් තුටු සිත් ඇති වූයේ වෙයි. ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාදයයි. එනම් මෙහි අර්ථය වන්නේ "යම් මිනිසෙක් හැල් ආදි කෙත්වතු හෝ ගෘහභාවස්තු ආදී වතු අමුණු හෝ ගවයන් අසුන් දස්කම්කරු පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයින් හෝ වෙනත් මනාප්පීය රූපාදී බොහෝ කාම වස්තූන් ක්ලේශකාම වශයෙන් පුන පුනා ප්‍රාර්ථනා කෙරේද මේ ආස්වාදයයි". ( ඛුද්දක නිකාය නෙත්තිපකරණ, දේසනාහාර විභංගය, බු. ජ. ත්‍රි. 1960.)

(2) මජ්ඣිම නිකාය 03, පුණ්ණම සූත්‍රය, බු. ජ. ත්‍රි. 1960, පිටුව 116. සඳහන් වන රූපය නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදය උපදී එවැනිම වේදනා, සඥ්ඥා, සංස්කාර, විඤ්ඤාණයන් නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදයක් උපදී

ඉහත උදාහරණ දෙකෙන් අපට පැහැදිලි වන්නේ භෞතික වූ බඩු භාණ්ඩයන් මෙන්ම, ස්ත්‍රි ඇසුර, ස්පර්ශය, වැනි අත්දැකීම් වලින් ද අපට යම් සුවයක්, වින්දනයක්, ආස්වාදයක් ලැබිය හැකි බවයි.

(3) බුදුන් වහන්සේ විසින් දේශිත මජ්ඣිම නිකායේම එන සුභ සූත්‍රය මෙසේ පස්කම් සැපයෙහි ඇතිවන ප්‍රීතිය යම් පරිදි තෘණ කාෂ්ටෝපාදාන නිසා ගිනි දල්වා ද, ඒ ප්‍රීතිය එවැනියයි වදාරති. එනම් තෘණ කාෂ්ටෝපාදාන යනු සියුම් ඉන්ධනයන්ය. එවැනි දේ නිසා ඇතිවන ගින්න වඩා සෞම්‍යය. එම නිසා පස්කම් සැපය නිසා ඇතිවන ප්‍රීතියද සෞම්‍ය වේ.

බුදු දහමේ මේ මාතෘකාව පිළිබඳ බොහෝ උදාහරණ ඇතත් මේ ලිපිය වඩා කෙටි කර ගැනීමේ උත්සාහය නිසා මේ කරුණු පමණක් ඇතුළත් කරමි. මේ සියල්ලම එක්ව ගෙන සිතා බැලූ කළ අපට බුදු දහම අපගේ ඉහත මාතෘකාව පිළිබඳ දක්වන්නා වූ විග්‍රහය සබන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීම උගහට වන්නේ නැත.

පුද්ගලයාට කාමය උපදන වස්තු ප්‍රධාන කොටස් කීපයකි. භෞතික වූ බෝග, වගා, ධන, ධාන්‍ය, ඉඩකඩම් වැනි දෑ ද, අභෞතික වූ ඇසට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, දිවට ප්‍රිය රස, නාසය ප්‍රිය ගන්ධ, කයට ප්‍රිය ස්පර්ශය ද, මනසට ප්‍රිය සිතුවිලි ද වශයෙන් ය. මේවා ඇති විට පුද්ගලයා සොම්නසට පත් වේ, ආස්වාදයට පත් වේ. සතුටට පත් වේ.

මේ අනුව සිතූ කළ පුද්ගලයාගේ ලිංගික තෘප්තිය හුදෙක්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, යන මේ ඉන්ද්‍රිය ප්‍රීණනය මුල් කර ගත්තක් බව පැහැදිලි ය. මේවා කාර්‍ය්‍යක්ෂම ලෙස පිනවීමට ලිංගික කාර්‍ය්‍යයේ දී සමත් වන පුද්ගලයා හොදින් ලිංගික තෘප්තිය ලබන අතර නොයෙක් හේතු මත ඒ අසමත් වන පුද්ගලයාට ලිංගික තෘප්තිය සම්පූර්ණ නොවේ. ලිංගික ක්‍රියාව නම් කාර්‍ය්‍යයේ දී පසිඳුරන් අවදිව තබා ගැනීම ඉතා අවශ්‍ය කාරණයක් බව අප දැනගත යුතුය. එනම් ඇස, කන, නාසය, මෙන්ම, දිව, සහ ශරීරය ද එක සේ මේ කාර්‍ය්යයේ දී එකාත්මික විය යුතුය. එමෙන්ම මනසින් සූදානම් වීම ද අතිශයින්ම වැදගත්ය. මනසේ සහභාගීත්වයක් නොමැතිව පසිඳුරන් පමණක් පිනවීමට යාම මේ කාර්‍ය්‍යය අසමත් කිරීමට හේතු වේ. එම නිසා අවදි මනසින්, අවදි පංචේන්ද්‍රියන්ගෙන් යුතු අය මේ දිනයි.

ලිංගිකත්වයේ ඉතාම වටිනා නීතිය නම් තමන්ගේ සැපය මෙන්ම අනෙකගේ සැපය පිළිබඳව ද, සැලකීමක් කිරීමයි. අප වැණි රටවල ඉතාම අඩු අවධානයකට ලක් වන අංශයක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකිය. හුදෙක් දෙදෙනෙක් සහභාගී වන මෙවැනි කාර්‍ය්‍යයක් කෙලෙසකවත් ආත්මාර්ථකාමී එක් පුද්ගලයෙකුගේ හුදු සැපය සදහාම වෙන් විය යුතු නොවේ. මෙහිදී තම සහකරු හෝ සහකාරියගේ සැපය පිළිබඳව ද යම් අවධානයක් යොමු කළ යුතුමය. තම ඉන්ද්‍රි‍යයන්ගේ අවදි බව මෙන්ම අනෙක් පාර්ශ්වයේ ඉන්ද්‍රියයන්ගේ අවදිබව පිළිබඳ සැලකීම ඉතා වැදගත්ය. එවිටයි නිසි ලිංගික ක්ෂාන්තිය දෙදෙනාටම ලබාගත හැක්කේ. මනා සිහියෙන් හුදු අදාළ කාර්‍ය්‍යයම පිළිබඳ සිහියෙන් පසිඳුරන් පහම පිනවීමට යොමු වීම දෙදෙනාටම අවසාන සුඛාන්තය ලැබීමේ එකම මඟයි.

අප බොහෝ විට මේ කාර්‍ය්‍යයේ දී ඇස්, නහය, කන අමතක කරයි. නමුත් ඒ ද ඉතා වැදගත් සංවේදනයන් ලබා දෙන ඉන්ද්‍රියයන්ය.

සහකරුගේ හෝ සහකාරියගේ පියවි රූපය හොදින් දැකීම ම උත්තේජනයේ ආරම්භය ලබා දෙයි. එය සවිශක්තිමත් උත්තේජනයක් වන්නේ එකකුගේ සිරුර අනෙකාට රසඳුනක් වුවොත් පමණය. කන ද ඉතාම වටිනා ලිංගික අවයවයකි. කනට ඇසෙන ශබ්ද (සුසුම්, මුණුමුනුවන්, කෙදිරීම්) එකිනෙකා නඟන ශබ්ද ඔවුනොවුන්ගේ රතියේ ඇති ගැබුර වැඩි කරයි. නාසය ද එසේමය, එකිනෙකාගේ ගන්ධය යනු ඉතා වටිනා ලිංගික උත්තේජනයකි. එය රති ක්‍රීඩාවේ දී ඉතාම වැදගත් අංගයක් බව දන්නෝ කීයෙන් කීයක් ද? නවීන විද්‍යාවේ දී සොයාගෙන ඇති ෆෙරොමෝන යනු මේ ගන්ධය ඇති කරන ලිංගික උත්තේජනයට වැදගත් වන සාධකයකි. ලිංගික ක්‍රීඩාවේ දී හැම විටම එහෙන් මෙහෙන් කෙරෙන සිප වැළද ගැනීම් ක්‍රමවත්ව එකිනෙකාගේ රසය උරා බීම දක්වා දියුණු කර ගැනීමට හැකි නම්, ස්පර්ශය එකිනෙකාගේ ශරීරවල සුඛස්පර්ශය නියමාකාරයෙන් ලැබිය හැකි ආකාරයට දියුණු කර ගැනීමට ඔබ දක්ෂ වුවොත් සුරතාන්තය එතරම් අපහසු ඉලක්කයක් කියා මට නම් නොසිතේ.

මෙම ලිපිය මා සිතුවාට වඩා දිග්ගැසුණත් මෙය එකම ලිපියක් ලෙස ලිවීම මැනවැයි මට සිතේ. එම නිසා තවත් කුඩා කොටස් කීපයක් මෙයට එක් කරනවාට ඔබ විරුද්ධ නැතැයි සිතමි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේදී මේ සම්බන්ධව ලියැවී ඇත්තේ කුමක් දැයි අපි සොයා බලමු. පළමුවෙන් මම නිතර කියවන මගේ හස්තසාර ග්‍රන්ථ කීපයෙන් එකක්වන චරක සංහිතා වේ එන තොරතුරු මෙසේ දක්වමි.

චරක සංහිතාව, ආර්. බුද්ධාස, (සිංහල අනුවාදය ), චිකිත්සිතාස්ථානය, සංයෝගශරමූලීය වාජීකරණපාද අධ්‍යායය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 1960, පිටුව 455.

ආත්මවත් පුද්ගලයා නිතර වාජීකරණ ඖෂධ භාවිතා කළ යුතු බවත්, චරක මුණිවරයාම පවසා තිබෙන අතර මෙහි දී වාජීකරනයන් ලෙස ධර්ම, අර්ථ, ප්‍රීති, යශස යන මේවා සඳහන් කර තිබේ.

ස්ත්‍රියගේ රූපා දි එක එක ඉන්ද්‍රියාර්ථය පවා අතිශයින්ම ප්‍රීත්‍යෝත්පාදක බව ද, එසේ වූ කළ රූප, රස, ගන්ධ, ස්පර්ශ, ශබ්ද, යන සියල්ලේම එකතුවෙන් සෑදී ඇති ස්ත්‍රී ඇසුර කෙතරම් වේ දැයි එතුමා මෙහිදී විමසනවා. මෙහිදී ද සඳහන් කරන්නේ කාන්තා ඇසුර හුදෙක් අභ්‍යන්තර ලිංගික එක්වීමකට වඩා මුළු පංචේන්ද්‍රියන්ගෙන්ම විඳිය යුතු කාර්‍ය්‍යයක් බවයි. එවැනි ලිංගිකත්වයකට සුරතාන්තය යනු එතරම් අභියෝගයක් නොවන බවත් මින් හැඟවෙනවා.

චරක සංහිතාව ඉහත අධ්‍යායයේ දී ම වෘෂ්‍යස්ත්‍රිය හෙවත් කාන්තාව වාජීකරණයක් ලෙස දක්වන වැදගත්කම පිළිබඳ බොහෝ විස්තර සඳහන් කර තිබේ.
(1) ප්‍රීතිය ස්ත්‍රීන් කෙරෙහිම පවත්නේය. ධර්මය, අර්ථය, ලක්ෂ්මිය, හා ලෝකය(සසර ) ස්ත්‍රිය කෙරෙහිම පවත්නේය.
(2) ස්ත්‍රියගේ වාජීකරණ ලක්ෂණ. මනා රූ සපුව, යෞවනෝදය, යහපත් ලලනා ලක්ෂණ වලින් යුතු බව, අවනත බව, (ඉතාම වැදගත් කාරණයකි. සමහර කාන්තාවන් ලිංගික හැසිරීමේදී තමාගේ ඒ පිළිබඳ ඇති අනවබෝධය නිසාම අවනත භාවය අඩුය. එවිට සුරතාන්තය කෙසේ ලබන්න ද?)
(3) රති ශාස්ත්‍රයෙහි නිපුණ බව.
යන මේ ලක්ෂණ ඇති කාන්තාව අති ශ්‍රේෂ්ඨ වාජීකරණ ය යැයි දත යුතය.

දැන් චරක සංහිතාවේ ම සදහන් වන ඉතා වැදගත් කරුණු සමූහයක් ඔබ වෙත ගෙන එමි. මින් කාන්තාවකගේ වාජීකරණ ගුණ වැඩි කරගෙන පුරුෂයා සහ කාන්තාව යන දෙදෙනාට ම ප්‍රබල සුරතාන්ත රතියක් ඇති කර ගැනීමේ මඟ හෙළි කර ගත හැකිය.

(1) රූපදී ගුණයෙන් දෙදෙනා සමාන වීම.
(2) යම් ස්ත්‍රියක් ගේ වචනය, ක්‍රියාව, වයස, ආදියෙන් පුරුෂයෙක් ගේ හද පැහැර ගනී ද එවැනි ස්ත්‍රිය නිසා පුරුෂයා ද, එම ස්ත්‍රියද රතිය සුඛාන්තයක්ම කර ගනී.
(3) යම් ස්ත්‍රියක් පුරුෂයෙකුට උත්සවයක් බඳු ද, එම ස්ත්‍රිය ද රති සුඛාන්තය ලබයි.
(4) යම් ස්ත්‍රියක් පුරුෂයාගේ මනස හා සමාන මනසක ආශ්‍රය ස්ථාන ඇති ද එවැනි කාන්තාව ද,
(5) යම් පුරුෂයෙක් හා ස්ත්‍රියක් සමාන සිත් ඇත්තී ද,
(6) ස්ත්‍රිය පුරුෂයාට වසඟ ද,
(7) ස්ත්‍රිය පුරුෂයාට ප්‍රිය දේම කරන්නේ ද,
(8) යම් ස්ත්‍රියක් සකළෙන්ද්‍රියයන්ගේ ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් පුරුෂේන්ද්‍රියයන් බඳින මදුවක් වැනි ද,
(9) යම් ස්ත්‍රියකගේ වෙන්වීමෙන් පුරුෂයා ට රති රහිත වීමෙන් ලෝකය කාන්තාවන්ගෙන් සිස් යැයි හැඟේ ද,
(10) යම් ස්ත්‍රියක් නැති වීමෙන් පුරුෂයාට තම ඉන්ද්‍රියයන් හිස් ලෙස හැඟේ ද,
(11) යම් ස්ත්‍රියක් නිසා පුරුෂයාට, භය, නොඇල්ම, ශෝකය, උද්වේගය හෙවත් නොසන්සුන් කම යන මේ හැඟීම් පහළ නොවේ ද,
(12) යම් ස්ත්‍රියක් ලැබීමෙන් පුරුෂයා ප්‍රේම කතා කියයි ද,
(13) යම් ස්ත්‍රියක් දැක පුරුෂයා අතිශය හර්ෂයට පැමිණේ ද,
(14) නිත්‍ය අතිවේගයාගේ ආනන්දයෙන් අපූර්ව යැයි සිතා යම් කාන්තාවක් වෙත පුරුෂයා නිතර එළබෙන්නේ ද,
(15) යම් කාන්තාවක් හා විසීමෙන් පුරුෂයා ට ඇති වීමක් නොවේ ද,

මේ කාන්තාව පුරුෂයාට වාජීකරණයක් ම වේ.

දැන් මේ ලියවිල්ලේ අවසානයට පැමිනැත්තෙමි. මේ සියල්ලම සලකා බැලීමෙන් හැඟී යන ප්‍රධානම කරුණු කීපය පහතින් සඳහන් කරමි. ඒ අනුව ඔබගේ නිගමනයන්ද මම බලාපොරොත්තු වෙමි.

(1) සුඛාන්ත රතියකට සුරතාන්තය ඉතාමත් වැදගත් වේ.
(2) පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කායික සහ මානසික ප්‍රබෝධය සුඛාන්ත රතියකට සහ සුරතාන්තයට ඉතාමත් වැදගත් සාධකයකි.
(3) මනස සහ සිතිවිලි සේම පසිඳුරන් ද මේ රති ක්‍රියාවට ඒකාත්මික වීමෙන් මිස කිසි දිනක සුඛාන්ත රතියක් සහ සුරතාන්තයක් ලබා ගැනීම උගහටය.
(4) ආදරය ම මිස කය පිනවීම සුඛාන්ත රතියකට හෝ සුරතාන්තයක් ලැබීමට සුදුසු නොවේ.
(5) රතී ක්‍රියාව හුදෙක් මනෝකායික (Psychosomatic) ක්‍රියාවක් බව පැහැදිලිය.
(6) සුරතාන්තය තනිව ලබා ගත හැක්කක් නොවේ. ආත්මාර්ථකාමී වීමෙන් ලැබෙන්නේ සුරතාන්තයක් නොව නිකම්ම ධාතු පහ වීමක් පමණි.


සුදනෙනි කිම වීරිය නොකරන්නේ?

76 comments:

  1. //අප බොහෝ විට මේ කාර්‍ය්‍යයේ දී ඇස්, නහය, කන අමතක කරයි. නමුත් ඒ ද ඉතා වැදගත් සංවේදනයන් ලබා දෙන ඉන්ද්‍රියයන්ය. //

    මේක ඉතා වැදගත් කරුණක් වගේම බෙහෝ අය අමතක කර පැත්තක දමා තියෙන දෙයක්..

    ලිපියේ අන්තර්ගතය ගැන කිසිදු තර්කයක් නොමැත. ඒ වගේම ඉතා දිගු ලෙස සටහන් තැබිය යුතු අංග ඔබගේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත හේතුවෙන් සරලව දක්වා ඇති බව සදහන් කළ හැකිය. ස්තුතියි එයටත්.

    ඔබගේ 5 වැනි නිගමනය පිළිබද සුළු ගැටලුවක් මා හට ඇත. එය හුදෙක් මනෝකායික ක්‍රියාවක් බව සහසුද්දෙන්ම පැවසිය හැකිද යන්න, මාගේ දැනුම වර්ධනය සදහා දැනගැනීමට උවමනාය.

    අවසාන වශයෙන් අසා ඇති පුරස්නයට නං හිනා කාලා මැරෙනවාය... නියමයි වෙද මහතානෙනි.. තව ගැටළු ඇතෝත් නැවත නැවත කියවා ලියමි.. ඔබ කිව් පොත සොයා ගන්නට නොහැකි විය. (අලේසැන්ඩර් මලයා පොත දෙන බව කියා ඇත.)

    ReplyDelete
    Replies
    1. ලිංගික කෘත්‍ය මනෝකායික දෙයක් කියන එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න හිතුනා. ඔබට ස්තුතියි.

      ඔව් ඔබ වගේ අය බොහොම ටිකයි ඉන්නේ. ඇයි විඳින්න දන්නෙ නැහැ බොහෝ අය. අපි ඒ අතරින් වාසනාවන්තයි. මට අර මාතලන්ගේ ගණිකා වෘත්තිය ගැන ලිපියේදීත් සිතුන අපි තාමත් වනන්තරි කියලා.

      Delete
    2. මේක වෙන්න ඕනා ඔය කියල තියෙන පොත
      http://www.planetebook.com/Lady-Chatterlys-Lover.asp

      Delete
    3. දේශකයෝ... ඊයක් එවාපියෝ...

      Delete
  2. පළවෙනියෙන්ම Lady Chatterley's Lover ගැන කියන්න තියෙන්නේ ‌ලෝකේ වැඩිපුරම කතාබහට ලක් උනු, වැඩිපුරම සාහිත්‍ය රසඥතාවයෙන් යුක්ත උනු නඩු විභාගය තිබ්බේ මේ පොතට වීමත්, එයින් ලැබුණු ප්‍රසිද්ධිය නිසා අමුතුවෙන් ප්‍රසිද්ධියක් ලබා නොදීම අද වෙනතුරුත් ප්‍රසිද්ධ පොතක් වෙච්ච කතාවත්ය....

    අනිත් දේවල් නම් ඇත්තම ඇත්ත කියලා මාරු වෙලා යන්නත් හිතෙනවා.. මොකද මේ තියෙන භාශාවත් එක්ක මගේ අදහස් කියන්නෙ කොහොමද කියලා ගැටළුවක ඉන්න නිසා... නමුත් වෙද මහත්තයෝ ඇත්තටම මම එදා අදහස් කළෙත් මේ ගැන තමයි.. වෙනස තියෙන්නේ මේ භාශාවත් එක්ක මම හිතන්නෙ නෑ අපේ මිනිස්සුන්ට නම් මේක තේරෙයි කියලා...

    ඔන්න මේ ගැන මාතලන්ගේ භාශාවෙන් ලිව්වා නම් ගොඩක් අයට තේරුම් ගන්න පුළුවන්... කෝ මේ මාතලන් හැබෑට...

    //(ඉතාම වැදගත් කාරණයකි. සමහර කාන්තාවන් ලිංගික හැසිරීමේදී තමාගේ ඒ පිළිබඳ ඇති අනවබෝධය නිසාම අවනත භාවය අඩුය. එවිට සුරතාන්තය කෙසේ ලබන්න ද?) ///

    මෙන්න මේක නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙද මහත්තයා... අනවබෝධය කියන එක ගොඩක් පිරිමි අයට සහ ගෑණු අයට තියෙනවා... වැඩේ තියෙන්නේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් අවංකව ඒ ගැන කතා කරන්නේ නැති එක.. මෙහෙම කරද්දි මට කිසි දෙයක් දැනෙන්නේ නෑ කියලා ගෑණු කෙනා කිව්වොත් පිරිමි කෙනාට මොනවා වෙයිද? මොනවා හිතෙයිද? පිරිමි කෙනා කිව්වොත් ගෑණු කෙනාට අයියෝ ඔයා නිකම් ගල් පිළිමේ වගේ ඉන්නවනේ... මොන හරි කරන්නකෝ.. අඩු ගනේ සද්දයක් වත් කරන්නකෝ කියලා.... ගෑණු කෙනා මොනවා කරයිද.... මොනවා හිතයිද... ?

    පිරිමි කෙනා හිතයි මේ ගෑණිට මෙච්චර කරලත් මදි නේ කියලා... ගෑණු කෙනා හිතයි මේ මිනිහට මාව ඇති වෙලාද කොහෙද කියලා... ඉතිං දෙන්නම බොරු කරනවා.. ටික කාලෙකින් හිතෙනවා මේකෙන් වැඩක් නෑ වෙන කෙනෙක් එක්ක ඉඳලා බලන්න ඕනේ කියලා... නමුත් තියෙන්නේ අනවබෝධය... අවංක නැතිකම...

    හැබැයි එකක් තියෙනවා.. දැං ගොඩක් අය විවාහ වෙන්නෙ ආදරය කරලා.. එහෙම එකේ එකිනෙකාට විවෘත වෙන්න අමාරුවක් නෑ.. නිසි මඟ පෙන්වීමක් තමා තියෙන්න ඕනේ.. පෝන් ෆිල්ම්ස් බලලා නෙවෙයි.. ලස්සනට කතාබහ කරලා.. කො‌ෙහාමද නම ගිය මහාචාර්‌යවරයෙක් ටීවි එකේ මේවා ගැන ලස්සන සාකච්ඡාවක් කළොත් එහෙම.... හි හි...

    ReplyDelete
    Replies
    1. සඳුදා රෑ 9.15 ට දොස්තර ජයලත් ජයවර්ධන මහත්තයා ටී එන් එල් එකේ ඉතා වැදගත් වැඩ සටහනක් මෙහෙයවනවා "වැඩිහිටියන්ට පමණයි" කියලා, ඒක බලන්න දෙන්නත් එක්ක, (දැන් යනවද දන්නෙ නෑ හුඟ දවසකින් ඒක බලන්න බැරි උනා අද බලන්න වෙන්නේත් නෑ.)

      Delete
    2. අගහරුවාද උදේ 9.30 මම ජාතික රූපවාහිණියේ නුග සෙවණින් මේ ගැන කතා කරනවා. හැබැයි කාර්‍ය්‍ය බහුල බැවින් මාසයට එක් වතාවක් පමණයි මම එන්නේ.

      Delete
    3. ඒ දෙකම කියපු එක ලොකු දෙයක්....

      මාතලන්.. මම බලන්නම්.. ටීඑන් එල් පේනවද දන්නෙත් නෑ.. හි හි.. ඒත් අපේ මහත්තයාව නම් අල්ලගන්න බැරි‌ෙ වයි..

      නුග සෙවන බලන්නේත් ගෑණුමනේ ඉතිං.. මං නං බලනවා අඩුයි දැං.. ඒත් බලන්නම්කෝ...

      අපේ පිරිමි ඕවා ගැන කතා කරන්න, ප්‍රෝග්‍රෑම්ස් බලන්න තාම හරි ලැජ්ජයි... අපෝ ගෑණුත් එක්ක ඉඳගෙන ඕවා බලන්න පුළුවන්ද අහනවා...

      Delete
    4. චැටර්ලි ආර්‍යාවගේ පෙම්වතා පොත ඇමරිකාවේ බොහෝ ආන්දෝලනයට ලක් වූවා තමයි.

      අනේ හිරු මගේ භාෂාව එච්චරටම නීරසද? මම සිංහල බස පිළිබඳ වියතෙක් නොවෙමි. ඔබේ පහන් සංවේගය සදහා මගේ දුප්පත් භාෂා හැකියාව මෙසේවත් ඉදිරිපත් කිරීම මට බොහෝම ආයාසකර කටයුත්තකි. සමාවෙන්න නැඟණිය යම් අපහසුතාවකට මුහුණ දීමට සිදු වූවා නම්.

      මේ බස හැසිරැ වූයේ ශිෂ්ට අන්තයේ අන්තිම ම ඉමේ සිටයි.

      Delete
    5. ඇයි අද මට මාතලන්ගේ ලිපියෙයි වෙද මහත්තයගේ ලිපියෙයි අන්ත දෙකක් ගැනම කතා කරන්න වෙන්නේ... හි හි...
      ඇයි අප්පා. මොනාටද සමාව ඉල්ලන්නේ... අයියෝ දුප්පත් මං.......

      මුලින්ම කියන්න ඕනේ වෙද මහත්තයාගේ භාශාව බො‌ෙහාම සරුයි... ආයිත් ඒක ගැන කියන්න දෙයක් නෑ.. ඒත් ටිකක් ම්ම්ම්........... මොකද්ද ඒකට කියන්නේ.. දිරවන්න අමාරු බවක් තියෙනවා.. ඒකයි කිව්වේ.... හි හි

      ලිංගිකත්වය සහ ශිෂ්ටත්වය දෙක හරි අමාරැයි මේ අපේ සමාජයේ ගලපන්න... ඒ මේ සමාජයේ තියෙන වැරැද්දක් නේ... ඒත් ඔය දෙකම හරි සරළයි.. ඔය ගැන කතා කරන්න ඕනෙත් සරලව.. එත‌ෙකාට තමයි කට්ටියගේ ඔලුවට යන්නේ මේ කෙහෙල්මලේ මෙච්චර හංග හංග කොරන්න දෙයක් නෑ කියලා... එතකොට ඔය මෝල් අමාරුකාරයොත් අඩුවෙයි.. ( පොඩි එවුන් එපා කියන දේම කරන්න දඟලන තියරිය මේකටත් දාන්න පුළුවන් නේද...)

      Delete
    6. @මාතලං මාමා,
      ඒ මනුස්සයා ලෙඩ ඇදේ ඉදගෙන මොන වැඩිහිටියන්ට පමණයි කතාද මෙයා??

      Delete
    7. හිරු බොලා වගේ විවෘතව කථා කරන කෙනෙක් මම මේ බ්ලොග් ලෝකෙ දැකලාම නෑ බං... ඇත්තමයි උඹ විශිෂ්ඨයි...

      Delete
  3. tikai baluwe'ethri tika hawasa balanna ona.ethama wadagath lipiyak

    ReplyDelete
  4. ඉතාම වටිනා ලිපියක්. ඒත් මට තියෙන ගැටලුව තමයි ස්ත්‍රී රූපය, පුරුෂ රූපයක් දැකලා විඳින්නේ කොහෙද ලයිට් නිමාගත්තයින් පස්සේ. අන්ධයා කොහිල අලේ හෙව්වා වගේ තමයි, අනික සුරතාන්තය කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව කොහෙද සුරතාන්තයක් ලබන්නේ. කරුමෙට හරි අපේ ගෑණු කෙනෙක් සුරතාන්තෙට පත් උනොත් ගෑණී මිනිහයි ජෝඩුවම ඇක්සිඩන්ට් වෝඩ් එකේ ඉඳියි, ගෑණීට පිටගැස්ම දොස්තර මහත්තයෝ. ඉක්මනට ටෙටනස් එකක් ගහන්නේයි කියලා. ගැස්සෙන ගැස්සිල්ලට. ඔය ලයිට් නිවන එක ගැන මරු ළිපියක් ලිව්වා ත්‍රිමාන ලියන,දීපිති කුමර ගුණරත්න. ලින්කුවක් දාන්න හෙව්වත් හම්බ උනේ නෑ..

    ReplyDelete
    Replies
    1. ///කරුමෙට හරි අපේ ගෑණු කෙනෙක් සුරතාන්තෙට පත් උනොත් ගෑණී මිනිහයි ජෝඩුවම ඇක්සිඩන්ට් වෝඩ් එකේ ඉඳියි///

      හි හි.. ඇත්ත කතාව මාතලන්....

      Delete
    2. කළුවරෙත් මනසින් රුපය විඳිනවා වෙන්න ඇති. :)

      Delete
    3. ඇත්තෙන්ම මාතලන් අපේ මිනිස්සු ලිංගික කලාව පිළිබඳ මොනම උලව්වක් වත් දන්නේ නැහැ. අපි හිතන්නේ පොඩ්ඩක් හොල්ල ගත්ත නම් වතුර පිට වුනා නම් කියලා. අනේ මන්ද මේවා කොහොම කියලා දෙන්නද? කළ යුතුම දේ මහනායකල නෙමේ, පවුල් කන අහිංසකයන්ගේ ජීවිත එලිය කරන්න ලිංගික විද්‍යාව පාසැල් විෂයක් කරන එක. ඔන්න දැන් මට විරුද්ධව සේනා මෙහෙය වන්න එන්න පුළුවන්. මම නම් ඒවට මුහුණ දෙන්නේ කම්මලේ ඉන්න බල්ලගේ න්‍යායෙන්.

      Delete
    4. ඒක තමා වෙද මහත්තයෝ කියන්නේ.. ඉස්කෝලේ ඔය ලිංගය වගේ දේවල් වල රෑපයක් හරි දාන්නේ උන්ගේ තෙලේ මෝරලා මන්ද වෙන කාලෙට නෙව. එතකොට ඒකෙන් අධ්‍යාපනක් නෙමෙයි ලබන්නේ, පහත් සතුටක්...

      Delete
  5. මම කියෙව්වේ මෙල්වින් විජේසේකර මහතා පරිවර්තනය කල "අවසර කල් රහස් තැන හෙවත් චැටර්ලි ආර්‍ය්‍යාවගේ පෙම්වතා" පොත ලිපිය ගැන කතාකරන්න නම් මම දන්නවා මදි .

    ReplyDelete
    Replies
    1. මම ඒක කියවලා නැහැ. හැබැයි අමාරු වුවත් මම තටමලා ඉංග්‍රිසි එක කියෙව්වා. අන්න පොත්.

      Delete
  6. දෙන්නම එක හා සමානව දැනුවත් වෙලා ඉන්න ඕන .එහෙම නැත්නම්
    දෙන්නම නොදැනුවත්ව ඉන්න ඕන.ටිකක් ඉස්සරහින් ඉන්න එක්කෙනා
    අනික් කෙනාවත් දැනුවත් කරන්න ඕන. අනිත් කෙනාගේ කැමැත්ත අකමැත්ත
    ගැන හිතන්න ඕන .හැබැයි දෙන්නම අවංකව ඒ දේ කරන්න ඕන.ඒ වගේම
    මේ සෙල්ලන් ඔක්කොම තත්පර 10, 15 කට නේද කියන දේත් අමතක
    කරන්න හොද නැහැ...

    මේක කියද්දී මතක් උන විහිලු කතාවකුත් තියෙනවා,අපි ඉස්කෝලේ යද්දී
    8 මේ පාඩම කරද්දී එකෙක් ඇහුව මැඩම් මේකේ practical එක නැද්ද කියල.

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි.
      අපිත් ඔය කතාවම ඇහැව්වා.අපේ ටීචර් නම් හොදම හොද කෙනෙක්. ඉවසලා ඉන්නකො කවද හරි ප්‍රැක්ටිකල් කරන්න වෙයි. අද හරියට අහගත්තේ නැත්නම් කොලුකම් කැලේ යවන්න වෙයි කියලා උත්තර දුන්නා. අපි මතක් කර කර හිනා වුනා.

      Delete
    2. අපටනම් 11 වසරෙදි හිටපු මිස් 'ඔය ගොල්ලන්ට පුළුවන් නේද මේ පාඩම ගෙදරදී කියවලා තේරුම් ගන්න?' කියල අහල ලිස්සලා ගියා.

      හැබැයි ඒක ගුරුවරයෙක් හිටිය ස්වේච්ඡාවෙන් තමන්ගේ විෂයත් එක්ක විස්තරාත්මකව ලිංගිකත්වය පැහැදිලි කරපු. උන්නැහේ මගෙන් අහපු ප්‍රශ්නයක් ගැන පෝස්ට් එකකුත් දැම්ම ටික කාලෙකට කලින්.

      Delete
  7. විශිෂ්ඨ ලිපියක් අර කියපු පොත නම්කියවල නැහැ.
    හොයාගෙන කියවන්න ඕනේ.
    ඇත්ත කතාව සුදනෙනි කීම වීරිය නොකරන්නේ ....:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!
      පුළුවන් නම් දෙබසින්ම කියවන්න.

      Delete
  8. වටින කියන දේ ළඟ තියාගෙන හරියට පාවිච්චි කරන්නේ නැතිව අවස්ථා තිබියදී අපතේ යවන පිරිසත් ඉන්නවා..

    ඒ වගේම විවිධ දෝෂ නිසාම සුරතාන්තය මග හැරෙන පිරිසක් ඉන්නවා නේද? සමලිංගිකත්වයට නැඹුරු අය , අසාමාන්‍ය ලිංගික ක්‍රියා වලට කැමති අය සාමාන්‍ය දේ වලින් තෘප්තිමත් වෙන්නේ නැහැ නේද?
    සාමාන්‍ය අසාමාන්‍ය කියල පුද්ගලයින්ගේ රුචි අරුචිකම් වර්ග කරන්න යන එක සාධාරණ නැහැ. මම අදහස් කලේ බහුතරය සාමාන්‍යයි කියල හිතන දේට සාපේක්ෂව. ගොඩක් දේ කලින් වලක්වාගන්නත් , ඒ වගේම ඒ තරම් අමාරුවක් නැතිව විසඳ ගන්න පුළුවන් ගැටළු.

    ලිංගික අධ්‍යාපනයට ප්‍රජනක පද්ධති ගැන විතරක් උගන්නලා මදි.

    ඒවඔක්කොමත් හරි.අන්තිමටම කියල තියෙන එකත් හරි. :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ රාමා ඇයි මේ හදිස්සියක්? ගෙදර තියන මල්ලනෙ. ඔබලා බල බල ඉන්නේ නැතුව කෙලින්ම බලා ගන්න එකනෙ තියන්නේ. නමුත් අපි මේ වැඩේට සෙට් වෙන්නේ හරියට ටිකකින් නැගිටලා ගියොත් වගේ. ඒක හොද නැහැ. කාලේ අරගෙන සීරුවට මාරුවට දෙපැත්තම බලා සාධාරන ලෙස, බොහොම කැමැත්තෙන් වැඩේට බැහැල එක දවසක් බැලුම තේරෙයි රසේ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මෙතන ප්‍රශ්නේ වේද මහත්තයෝ කව්රු කොහොම කිව්වත්
      වට පිටාවෙන් කුතු හලේ මකල වද්‍ය විද්‍යාත්මක කරුණු ටික
      කියල දෙනවා ඇර ඉස්කෝලේ යන කාලේ මෙච්චර බරට ඔය
      දේවල් කියල දෙන්නත් බැහැ . මොකද එළිපිටම ලයිසන් දුන්න
      කියල ළමයි හිතනවා , ගැලවීමට මාතෘකාවක් කරගන්නවා
      එහෙනම් ඉස්කෝල පොතේම තියෙන්නේ කියල..
      8 ,9 වෙද්දී නම් හැබැයි හරිම අවබෝදයක් වැටිලා තියෙන්නම ඕනේ
      මේක මැජික් නෙවේ කියල..අපි මෙතන කතා කරන ඒවා ටික ළමයින්ට
      18, 21 වෙද්දී ලැබෙන්න ඕන..ඒත් ඒ වයසේදී නියමිත ලිංගික දැනුමක් දෙන්න
      අල්ලගන්න නැහැ ඒ ළමයි .ඔහේ කොහෙන් හරි ඔලුවට වැටිච්චයි ,
      බලපු *** ටිකයි විතරයි ඉතුරු . අන්තිමට වෙච්ච දෙයක් නැහැ ඇවිස්සිලා මිස .

      පොඩි කාලේ බුද්ධාගම උගන්නවා වගේ මේකත් කරන්න ඕනේ..
      ලොකු වෙන්න වෙන්න ටිකක් ඇත්ත නැත්ත , දැන් මෙතන කතා කරන
      දේ කියල දෙන්න ඕන.A / L හරි සාමාන්‍ය පෙළ පන්තියට හරි මෙතන
      කතා කරන මාතෘකාව ඇතුලත් කරන්න ඕන . හැබැයි රස කරලා නෙවේ .

      Delete
    2. මගේ පැරණි මිතුරෙක් වගේ. බොහොම සතුටුයි. ඔබ මා දන්න කෙනෙක් නම් දන්නව ඇතිනෙ මම ඉන්න ජොලිය. අන්න එහෙමනෙ මිනිස්සු ඉන්න ඕනෙ.

      Delete
    3. ඔව් ඒක ඇත්ත වේද මහත්තයෝ .ජොලිය කියද්දී අනිත් දේ තමා
      saxophone එක වගේ සිතාර් සංගීතයත් හොදයි රති
      සුවයට .. ඔබ මා තුරුලේ ගී ගායනා වේලේ මතක් උනා
      අමරදේවගේ.ලග නැත්නම් ඉන්න මං up කරන්නම් මගේ බ්ලො එකට ..

      Delete
  10. ගොඩක් වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබ වැනි තරුණයන් මින් යමක් ගත්තා නම් මට ඒ ඇති.

      Delete
    2. හ්ම්ම්.. මම ඔය විෂය ගැන හරි උනන්දුයි.. මට ඔය විදියේ විස්තර අඩංගු පොතක් කියෙව්වා (එකේ තිබුනේ මනෝ විද්‍යාත්මක පැත්තෙන් විතරයි හැබැයි )ඔබ තුමාගේ මේ ලිපියෙන් නොසෑහෙන්න දේවල් තේරුම්ගියා.. බොහොම ස්තුති..
      ලංකාවේ අද්‍යාපන ක්‍රමයට ලිංගික අද්‍යපනෙත් යම් තරමකින් එකතුවෙලා තිබුනානම් වටිනවා නේද ..

      Delete
  11. අප්පා එහෙනම් කරපුවායින් 80%ක්ම ධාතු පිට කිරීමක් විතරයිනෙ.. බලමු බලමු නෙක්ස්ට් ටයිම් වත්...වීර්‍යය කරලා.. :-D

    ReplyDelete
  12. වෙද මහත්තයා

    බොහොම හොඳ ලිපියක්.මේ ඉස්කෝලෙ ලමයින්ට මේ ගැන කියල දෙන ප්‍රශ්නෙට මට මෙහෙම දෙයක් හිතෙනවා.මේක අපේ මහලොකු 2500 සංස්කෘතිය එක්ක ගුරුවරුන්ට ටිකක් අමාරු වැඩක් . ඒ නිසා ලමයින්ට වෛදයවරුන් ලවා ඉස්කෝලෙදි මේ ගැන උගන්වන්න පුලුවන්. සුදුසුකම් ලත් හෙද/හෙදි වුනත් කමක් නෑ.ගැහැනු පිරිමි දෙගොල්ලන්ට වෙන වෙනම් උගන්වන්න පුලුවන්නෙ එතකොට.ගුරුවරයාට සමහරවිට ඇතිවෙන්නපුලුවන් අපහසුතාව කවදාවත් වෛද්‍යවරයෙකුට වෙන්නෙ නෑ.නන්දදාස කෝදාගොඩ මහත්ත්යා වගෙ අයව මතක්වෙන්නෙ මේ වගෙ වෙලාවලට.මම ඉන්න රටේනම් හය වසරෙ ලමයින්ට හෙල්ත් නර්ස් ඇවිත් මේ ගැන කියල දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔබ හරි ඔබේ යොජනාවත් හරි. ඒත් ඇත්ත නම් අපි මේ ගැන ආණ්ඩුව දැනුවත් කලා. අපේ සේවය නොමිලයේම දෙන්නත් සූදානම්. ඒත් අර සේනා මේ සේනා ඉන්නවනේ එයාල විරුද්දයි. එතකොට අපේ ළමයි ඇමරිකන් ළ්මයි වගේ වෙයිලු. ඇමරිකාවට ගිහින් තියන මට නම් එහෙම වෙනවට සතුටක් මිසක් දුකක් නැහැ. අනේ මන්ද බුදුන් වහන්සේගේ ධර්මය දැන් බමුණන් විසින් රකින්න හදනවා. කාට කියන්නද.

      Delete
  13. ආත්මාර්ථකාමීව ලබන වින්දනය ඵලක් නැතිමය.

    මේක නම් හොද ලිපියක් !

    ReplyDelete
  14. විවෘත භාවයේ සීමාව නොදැනීම තමයි පෙරදිග සමාජයේ ලිංගික චර්යා පිළිබඳව සාකච්ඡා කිරීමට ඇති මග අහුරන්නේ. නමුත් දැන් අන්තර්ජාලය තම පෞද්ගලිකත්වය ආරක්ෂාකර ගනිමින් කිසියම් විවෘත සංවාදයක යෙදෙමින් විශාල වේදිකාවක් (forum)මත තම අදහස් හුවමාරු කරගනිමින් දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාව ලබාදී තිබීම වර්තමාන පරපුරේ වාසනාවක්. තවමත් ලයිට් නිවාගෙන එක්වෙන අඹුසැමියන් සිටින්නේ ඉතා අල්ප ප්‍රමානයකයි මා හිතනවා. ස්වාභාවිකත්වයට ආසන්නවූ තරමට, සැහැල්ලු හා නිරවුල් මනසකින් සිටින තරමට, වචනයෙන් නොකියා සිතැඟි අවබෝධ කරගන්නට නිදි යහනේදී ඇති හැකියාව වර්ධනය වූ තරමට සුරතාන්තය වේගයෙන් අප වෙත ලංවන බව අත්දැකීමෙන්ම කියනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශයේ මගේ බුහුමනට පාත්‍ර වූ ඔබ වැනි කෙනෙක් එහෙම කියන කොට මට හරිම සතුටුයි.

      Delete
  15. මම බදින්න කලින් දවසක අම්මපා වෙද මහත්තයා මුලිච්චි වෙන එක වෙනවා.... වෙද මහත්තයාගෙන් ශිල්පෙ ඉගෙනගෙන... දෙන්නං ජම්බු....

    ReplyDelete
    Replies
    1. මම ඊලඟට මාසෙකින් පමණ පටන් ගන්නවා උප්දේශන පිළිබඳ ලිපි පෙළක්. ඒ නිසා කාටත් යමක් ලබා දෙන්න අමට හැකි වෙයි. ඔබට බොහොම ස්තුටියි, මා ලවා මෙහෙම ලිපියක් ලියවෙන්න ඔබත් හේතු වූවා.

      Delete
    2. සිරා වගේම මාත් එනවා වෙද මහත්‍තයෝ... මට නම් සමහර වචන තේරෙන්නෙත් නෑ.. හැබැයි සේව් පාරක් නම් දාගත්තා..

      Delete

  16. මහ වෙදනා මෙතුවක් ලියූ ලිපි අතරින් මෙය වඩාත්ම වටිනාකමකින් යුතුයි කියා මට හිතෙනවා. මුලු මිනිස් සංහතියම සොයන, සෙවූ, ලෞකික සැපතේ අග්‍රපලය , විඳීම හා විඳීම ලඟා කර ගත හැක්කේ කෙසේද යන්න කියා දීමත් ලොකු පිනක් නොවේද?

    මාත් දන්න තරමින් ලීවා සැබෑ ආදරය කියන්නේ මොකද්ද යන්න.

    ආදරයේ වල් තේරුම - මේක ඇත්තටම ටැබූ Taboo කතාවක්
    http://dayal-bathee.blogspot.com.au/2012/08/taboo.html

    ReplyDelete
    Replies
    1. බතී බොහොම ස්තුතියි. අපි දැන වයසක මිනිස්සු වෙච්චි අපේ බාල පරපුරට අපි යමක් දෙන්න එපෑ.

      Delete
  17. බොහොම වටිනා ලිපියක් . ඔය පොත් දෙකම මම කියෙව්වා . චිත්‍රපටිය නං පොඩ්ඩක් විතර ග්‍රාම්යයි වගේ . ඩි . එච් ලෝරන්ස් ඉංග්‍රීසි ජාතිකයෙක්. 'ලේඩි චැටර්ලීස් ලවර් ' ග්‍රන්ථය ඔහු ලිව්වේ ඉතාලියේ 'ප්ලොරන්ස්' වලදි. මුද්‍රණය කලෙත් එහිමයි 1928 දී . කම්කරුවෙකු හා වංශවත් කාන්තාවක් අතර කායික ඇසුර මෙහිදි මනාව විග්‍රහ උනා. එංගලන්ත සමාජය මෙය රිස්සුවේ නෑ. විශාල ආන්දෝලනයක් ඇතිඋනා. ඉතිහාසයේ මුල්වරට සභ්ය / අසභ්ය වාදයක් ඇතිඋනා. පොත විකිණුනේ උණු කැවුම් වගේ . ලෝරන්ස්ට විරුද්ධව පැවති නඩුවාරවලදි ඔහු උසාවිය දේශණ ශාලාවක් කරගත්ත කියලයි සදහන් වෙන්නේ. කොහොමහරි ලෝරන්ස් නඩුවෙන් දිනනවා .එංගලන්තේ පොත ප්‍රකාශයට පත්වෙන්නේ 1960 දී . තාමත් සභ්/ය අසභ්/ දේවල් ගැන කතාකරද්දී මුලටම කියවෙන්නේ "ලෝරන්ස් " තමයි . ඇත්තටම සභ්/ය අසභ්/ය කියල දෙයක් නෑ නේද ? මහ වෙදනෝ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා තොරතුරු වලට. මගෙත් අදහස සභ්‍ය අසභ්‍ය යනු කිසිවක් නැත. එය බොහෝ දුරට සාපෙක්ෂයි.

      Delete
  18. මට මතක් වුණේ මට කලින් බැන්ද මගේ යාළුවෙක් කියපු එකක්.. අනේ බන් අපි මේ හෙනට හිතාගෙන හිටියට ඇති දෙයක් නෑ බන්.. මට නම් තාම අ* ගහන එක ආතල් ඔක්කොටම වැඩිය කියල... හික්... අපි ඌව තාම බයිට් කරනවා.. එත් ඌ අහන්නේ ඌ කියපු දේ බොරුද කියල.. හික්... හැබැයි දැන් මිනිහට බබෙකුත් ඉන්නව...

    ලිපිය කියවනකොට මට හිතුනෙත් අර හිරු කියපු දේම තමා.. කියල තියෙන දේ හොඳ වුණාට කියවන්න අමාරු ගතියක් තියෙනවා.. මමත් ලේසි ටික විතරයි කියෙව්වේ.. හැබැයි ඔබේ විෂයට සම්බන්ධව ලියන නිසා එහෙම නැතුව මේක ලියන එකත් කරන්න බෑ මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ කනේ අපි හැමෝම දන්නෙ පොඩ්ඩයි. අපි මැරෙනකම්ම ඉගෙන ගන්න ඕනෙ. ලිංගිකත්වය පිළිබඳ නම් අපි තාම හෝඩියේ. ඒත් හිතාන ඉන්නෙ සුපර්මෑන් සයිස් එකෙන්. කියවීමේදී පැමිණි බාධාව පිළිබඳ සමාවෙන්න.

      Delete
  19. කියන්න වදන් නෑ.... එළමයි...
    ලංකාවෙ ඕවා ගැන කතා කළත් ඉතිං ප්‍රශ්න නෙ....
    නුග සෙවනෙ කතාව අප්ලෝඩ් කරන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇල්. නුගසෙවණ අප්ලෝඩ් කරන්න බලන්නම්.

      Delete
  20. අම්මපා මේ ලිපිය

    පොස්‍ටරයක් කරලා තාප්පවල අලවන්ඩ ඕන . ඒතරම් වටිනවා

    මම එහෙම කියුවා කියලා කවුරුවත් කරන්නේ එහෙම නැ ඔන්න ,

    නෙලයි අම්බානට . මේක ලංකාවනේ

    ReplyDelete
    Replies
    1. හෙක්.. හෙක්... මාර යෝජනාව. ස්තුතියි අටන්.

      Delete
  21. වසර කිහිපයකට පෙර 'ද ඉකොනොමිස්ට්' සඟරාවේ පළවෙච්ච ලිපියක් මතක් වුනා මෙය කියවා ගෙන යද්දී. එය පර්යේෂණ අධ්‍යයනයක් ගැනයි. පර්යේෂණය පිරිමි ගැහැණු එකිනෙකාට කැමැත්තක් දක්වන්නේ මොන කාරණා නිසාදැයි සොයන්නා වූවක්. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසින් දැනගන්නට ලැබී තිබුනේ උපත් පාලන පෙති ගන්නා කාන්තාවන් තුල මාසිකව සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවලියට ඉඩක් ලැබෙන්නේ නැතිකම නිසා ඔවුන් වෙතට ඇදී යාම පිරිමින් තුල අඩුවෙන් දකින බවයි. ඉතින්, උපත් පාලන පෙති ගන්නේ වැඩියෙන් ලිංගික කටයුතු වල යෙදෙන්නට අවස්ථාව ලබාගන්න වුනාට ඒකම පිරිමියාගේ ආකර්ශනය අඩු කරන්නක් වීම හරියට දෙයියෝ කරපු විහිළුවක් වගේ.

    වටිනා තොරතුරු ටිකක් ලස්සනට ලිව්වාට ස්තූතයි මහ වෙදනා මල්ලියේ.

    ReplyDelete
    Replies
    1. අක්ක වගේ කෙනෙක්ගෙන් පොසිටිව් කමෙන්ට් එකක් මට කෝටියක් වටිනවා.

      Delete
  22. මේ වසර මුලදී මම මේ ගැන ලිපියක් ලීවා. බොහෝ දෙනා ප්‍රතිචාර දැක්වූ ඒ ලිපියේ ඇතැම් අයගේ මතය වූයේ මේ සඳහා මනසින් බලපෑමක් නෑ යන්නයි. මා එහිදී කතා කරන්න උත්සාහ කලේ ලිංගික සතුටක් ලබන්න ආදරයෙන් බැඳෙන්න ඕනි යන්නයි. එහෙත් සමහරු කීවේ එහෙම එකක් ඕනි නෑ. ආදරය නැතත් සුරතාන්තයට එන්න පුළුවන් කියායි. එසේ කී අයට ඔබ මේ පෝස්ට් එකෙන් හොඳ පිළිතුරක් දී තිබෙනවා. ගොඩක් හොඳ කාලීන වැදගත් කමක් ඇති ලිපියක්. බලහත්කාරකම් හා මුදල් යොදවා සුවය හොයන අයට මෙය කියවා තමන් කරන්නේ නිසරු දෙයක් කියා වටහා ගන්න හැකිනම්.....

    ReplyDelete
    Replies
    1. ප්‍රියන්ත මම ඔබට එදා කීව දේමයි අදත් කියන්නේ. ඒ කමෙන්ට් එක තවම මාලඟ තිබෙනවා. අවශ්‍ය නම් මෙතැනත් එය දැමිය හැකියි. ඔබ එදා කිව් දේ හරියටම හරි.

      Delete
  23. මේකනම් ගොඩාක් වටිනා ලිපියක්. වෙනද ගෙනෙන ලිපි වගේම.

    සිරට කිවුව වගේ ඉතුරු ලිපි කිහිපයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    ReplyDelete
  24. මම තේරුම් ගත්ත එක් දෙයක් තියෙනවා. ඕනෑම ස්ත්‍රියකගේ මෙන්ම පුරුෂයකුගේ ශරීරයේ එකතරා විශේෂිත ස්ථානයක් තියෙනවා. අන්න එම ස්ථානය තේරුම ගන්න ඕනෑ. එම ස්ථානයට වැඩිපුර අවධානය යොමු කිරීමයි අවශ්‍ය. එවිට සුරතාන්තය කියන දේ ඒ තරම ඈතක නොවන බව පැහැදිලි වෙයි.

    කාලෙකට කලිය්න් ඉන්දීය පුස්තකයක් වන වාත්සයන සම්පාදනය කල කාම සුත්‍ර කියවා ඇත්තෙමි. එහි මෙවැනි කාරණා මැනවින් විස්තර කරනවා. එක් වීමට සුදුසු ස්ත්‍රීන් පවා වර්ග කර තිබෙනවා. එහි ඉන්ද්‍රීයයන් වශයෙන් නොව ක්‍රියාවන් වශයෙන් විස්තර වනවා යන්න මගේ විශ්වාසයයි. උදාහරණයකට එහි නිතරම සඳහන් වන දෙයක් තමයි මෘදුව දතින් විකීම් හා නිය ගැසීම. මෙය වඩාත් විද්යානුකුඋලව හෝ බුදුදහමට අනුව කය(සම) සන්තර්පණය බව පැහැදිලියි. මම නම් විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ යම් දෙයක් විස්තර කරන්නට යෙදුනාද ඒ පිලිබඳ කිසිදු අඩුවක් නැතිව උන් වහන්සේ විස්තර කර ඇත යන්නයි. උදාහරණයකට මෙහි සඳහන් වන වස්ත්‍ර යන්න අද කාලයට කෙතරම් ගැලපෙනවාද ? අද ස්ත්‍රියගේ නොයෙක් විලාසිතා නිසා පිරිමින් මහා මගදී පවා සන්තර්පනයක් ලබනවා. ඒ වගේ පල වැල ලෙස උන් වහන්සේ විස්තර කල දේ අද කාලයට අනුරූප කරනවා නම් චොක්ලට් සහ අයිස් ක්‍රීම් වශයෙන් ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කුමන ඉන්ද්‍රිය පිනවුවත් පිනවිය යුත්තේ සිතයි. ලිංගික ඇසුරකින් යම් කෙනෙකුගේ සිත සන්තර්පණය වේද ඔහු සුරතාන්තයට පත් වුයේ වෙයි.

    තවත් දෙයක් යම් පිරිමියෙක් ස්ත්‍රිය පිනවීමට ක්‍රියා කරයිද එය ඔහුගේ සුරතාන්තයට හේතු වෙයි එලෙසම යම් ස්ත්‍රියක් පුරුෂයා පිනවීමට ක්‍රියා කරයිද එය අයගේ සුරතාන්තයට හේතු වේ. කමෙන්ට් එක දිග වූවාට සමා වන්න.

    ReplyDelete
  25. හයියෝ මිස්වෙලා මේක. සුදීකගෙ පෝස්ට් එක හරහා ආවෙ

    ReplyDelete
  26. mama balan enne kawadda suranthalaya labanne kiyala..aiyo mama thama thanikadai..kellek ne

    ReplyDelete
  27. අදමයි මේ පැත්තෙ ආවෙ, හරිම වටින ලිපියක් කියල තමයි කියන්න වෙන්නෙ, දිගටම එන්නම්

    ReplyDelete
  28. වටිනා ලිපියක්. මම ලේඩි චැටර්ලි චිත්‍රපටය බලල තියෙනවා. පොත නම් කියවන්න බැරි උනා. එම චිත්‍රපටයේ වෙර්ස් කීපයක්ම තියෙනවා. එම කතාව , සුරතාන්තයට ගැලපුවේ කොහොමද කියල කියන්න පුළුවන්ද. මුල් චිත්‍රපටයේ රඟ පෑ සිල්වියා ක්‍රිස්ටල් නොබෝදා මිය ගියා.
    ඇත්තටම ලිංගික ක්‍රියාවලිය ආදරය මත පදනම් විය යුතු දෙයක්. ලංකාවේ බොහොමයක් පිරිමි ආත්මාර්තකාමි වෙන්නේ නොදැනීම නිසා.
    එය සාර්තක වීමට මානසික සුවය තදින්ම බලපානවා.
    ඔබ ලිවූ ලිපි අතරින් වඩාත්ම සිත් ගත් ලිපිය මෙයයි.

    ReplyDelete
  29. අදමයි ආවේ...මෙච්චර කල් දැනගෙන හිටියේ නැති එකට දුක් වෙනවා....වටිනා කියන පොස්ට් එකක්...සුභ පතනවා ජය වේවා.....බ්ලොග් ලෝකයේ වැජඹේවා.....!

    ReplyDelete
  30. This is how to get to make your girlfriend/wife wet. Hope this is useful and related to this article.

    First talk sweet to her, nibble on her ear, kiss her from the back of her neck all down her back(slowly) , while softly caresing her body with the tips of you fingers, whisper in her ear, "im going to give it to you soo good its going to be like your first time all over again but a hundred times better", slid your tounge over her nipple kiss your way down her belly untill getin to her vagina and gently kiss her clit (it sounds gross but trust me feels marvalous) kiss her pee hole (on her clit) and lick her vagina slowly with your tounge kiss it and lick it some more, kiss it go back in forth, put your mouth around her vagina and hum (so her vagina can vibrate) and lick and kiss it some more, and when she is breathin hard or moaning, (wearing a condom) slowly slide up inside her.

    ReplyDelete
  31. . ඒ අතර ම තවත් මතක් කළ යුත්තෙක් සිටිනවා. ඒ විජයපාල වික්‍රමසිංහ මහතා. මෙතුමා මේ ග්‍රන්ථය සිංහලට පෙරළා තිබෙනවා. (සිංහල ග්‍රන්ථයේ නම වන්නෙ "සනහස බැදුණ තැන" යන්නයි.) ඉතා ගැබුරු වියත් ඉංග්‍රිසි භාෂාවෙන් ඇති මුල් පොත සරලව සුමට ලෙස මෙතුමා සිංහලයට පෙරළා තිබෙනවා. මා සතුව ඇති ඉතාම වටිනා සම්පතක් ලෙස මම මේ ග්‍රන්ථයන් දෙක සලකමි.

    මෙම පොත ගන්නට තෑනක් කියන්න පුලුවන්ද?

    ReplyDelete
  32. සනහස බැදුණ තැන පොත මිලදී ගනීමට හෑකි තනක් ඩන්නව නම් කියන්න.ගොඩක් ස්තුතියී

    ReplyDelete
  33. Gunasena,Sarasavi & Vijitha Yapa යන සියලු තන වල බෑලු නමුත් ඉහත පොතේ සින්හල පිටපතක් හොයගනීමට නොහකි විය.:).අනේ කවුරු හරි උදව්වක් කරන්නකොඅ

    ReplyDelete
  34. සෑහෙන වටින ලිපියක්.ගොඩ දෙනා මේ ගැන දැනුවත් වෙලා නැහැ.ඒක අපේ ලොකු අඩුවක්.ඔබට තුති...!

    ReplyDelete
  35. ඇත්තටම වෙන දෙයක් ගැන සොයන අතරතුර තමයි මේ ලිංක් එකට ආවෙ. කවදාකවත්, කවුරුවත් කියා නොදීපු දෙයක් කියල දුන්නට ගොඩාක් පිං. ස්තුතියි ඔක්කොටම.!!

    ReplyDelete
  36. ලිපියනම් උත්කෘශ්ටයි...අනෙගිබවනීයයි...මමත් මේ ගැන හොඳ අධ්‍යයනයක යෙදෙමින් හිටියේ ඉකෝලෙන් මෙලෝදෙයක් මේ ගැන උගන්නන එකක්යැ....අපිට ඉතින් මේ වගේ ක්‍රම වලින් විතරයි ඉගෙනගන්න පුලුවන්.....මේ ලිංගිකත්වය ගැන හොඳ අවබෝධ්යක් අරගෙන ප්‍රියම්බිකාවටත් හොඳ ලෙක්චර් පරක් දීලා උගන්නලා කවදහරි වැඩේට බහින්ඩ තමා හිතාන ඉන්නේ....දේශීය ආයුර්වේද වාජීකරණ ඖශධ ගැනත් මම සොයමින් ඉන්නේ....කොහොමත් හොද්දකට ව්‍යාංජනයකට රසකාරක නොදමා ආහාරයට ගන්න පුලුවන් වුනාට ඒකෙන් එන නියම ගැම්ම කුලුබඩු රසකාරක නොදමා ගන්න බෑ වගේමයි....වාජීකරණ භාවිතයත් කියලා මට හිතෙනවා..හැබැයි මම වැරදි ඇති..මොකෝ තාමා ටුවෙන්ටිය ගැහුවට අපි තාම ඔය රතියෙ යෙදිලා නෑ නොවැ..

    .මම "අවසරකල් රහස් තැන චැටර්ලි ආර්යාවගේ පෙම්වතා " කෘතිය කියවීමට උත්සාහ කලා ඒත් කියවීම ආරම්භයේදීම මට එය එපා වුනා ඒ එම පරිවර්ථනයේ අනවශ්‍ය වැල්වටාරම් බහුල වීමත් එක් වාක්‍යයක් අවසානයේ අනෙක් වාක්‍යයේ කිසිදු ගැලපීමක් නොමැති වීම බවයි මට හැඟුනේ එයට හේතුව ..ඒ වගේම එය කියවීමේදී කිසිදු මනෝචිත්‍රයක් මවාගැනීමටද මට නොහැකිවූවා කතාව අමුවෙන්ම අවශ්‍ය බව නොවේ මේ කියන්නේ...ඒත්.....සමහරවිට මගේ කියවීමේ වරදක් වෙන්නට ඇති....

    ..ලිංගික අධ්‍යාපනය වර්ථමානයේ අනිවාර්ය අවශ්‍යතාවයක් වෙලා තියනව..උසස්පෙළ තාක්ෂණ විශයධාරාව ප්‍රමාද වී හෝ හඳුන්වලා දුන්නා වගේ මෙයත් ඉකමනින් හඳුන්වාදියයුතු මානවශාස්ත්‍ර විශයක් ලෙසිනුයි මාත් දකින්නේ....හැබැයි එය හඳුන්වාදීමට මෙරට "සේනා" එරෙහි වෙනවාය කියන එකනම් වෙදමහත්තයෝ නිදහසට කාරණයක් නොවේ...ඔවුන් කව්ද? මා නම් දකින හැටියට එම සංවිධාන වල පරමාර්ථයන් වෙනස් ඔවුන්ට ඇති බලය ගොඩනැගෙන්නේ මෙරට සිංහල බෞද්ධ ජනතාව ඔවුන් පිටුපස සිටින නිසයි..නමුත් සිංහල බෞද්ධ ජනතාව අතරත් මේ වන විට සංවාදයක් ඇතිවී තිබෙනවා මේ ලිංගික ඇධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබදව...යම් වැදගත් තීරණයක් ගැනීමේදී එයට එරෙහිවන පිරිසක් අනිවාර්යෙන්ම සිටිනව...නමුත් ඔබ සිතාසිටින එරෙහිවනන් නොව සිහිනෙකුදු නොසිතූ වෙනත් පිරිසක් මෙයට එරෙහි විය හැකියී...අප දෙපයින් නැගී සිටිනවානම් අපට සියලු දෙනාවම පෘප්තිමත් කළ නොහැකී...මෙය මම ඉගෙනගත්තේ Dr.Paul Hauck ගේ How to Stand up Yourself නම් පොත සිංහලයට පරිවර්ථනය කළ ලීලානන්ද ගමාච්චි මහතාගේ "තම දෙපයින් නැගී සිටින්නේ කෙසේද නම් කෘතියෙනි...ඔබේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමි..තවදුරටත් මෙය සංවාදයක් විය යුතුද?

    ReplyDelete
  37. ප්‍රමාදවෙලා හරි දකින්න ලැබීමත් මගේ වාසනාවක්...
    නැවත් නැවතත් ස්තූති කරමි.
    මින් පසු ඔබේ ලිපි අත නොහැර කියවමි..!

    ReplyDelete
  38. Kiyawagena yaddi harima rasawath. Lipiye wagema comment walath udawiya bawitha karala thiyana bashawa apurui. Rasawath. Sanprappalapa kiyawana his minissuth ekka idala athi wela hitiye. Me mathrukawa gana katha karanna man podi wadida manda. Eth man sampurnayenma ekagai dedena thulama rathi kreedawa gana awabodayak naththan suranthayak naha kiyana ekata.
    E awabode enna boho kalayak gatha unath awata passe maru. E wagema pancha indriyan saha alokaya athyawashyai. He he.

    ReplyDelete