Tuesday, March 6, 2012

ගුරුත්වාකර්ෂණය, පොළොවේ අරය පරිධිය සමඟ ශුක්‍රාණු.

ඉතාමත් දිගු කලක් බ්ලොග් එක ලියන්න බැරිවුනා. ඒකට හේතු වුනේ පසුගිය මාසයේ සිට මට, විශ්ව විද්‍යාලයේ විශාල වැඩ කොටසක් නැවතත් කරන්න වෙන එක. ඒවා මඟ හරින්න බැරි විදියටම මගේ කරමත වැටුනා. මේ කාලයේදී බ්ලොග් මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මා ගැන සොයා බැලුවා. ඒ හැමටම ස්තුතියි.
අද මේ කාලෙකට පස්සේ මම වැදගත් දෙයක් ඔබ හා බෙදා ගන්න සූදානම් වෙන්නේ.

ඔබ වැඩි දෙනෙක් දන්නවා මම ආයූර්වේද වෛද්‍යවරයෙක් ලෙස මගේ රැකියාව කරන කෙනෙක්. ඒ වගේම මම තවත් ක්ෂේත්‍ර කීපයකම වැඩ කරනවා. ඒත් මගේ රැකියාව "ආයූර්වේද වෛද්‍ය." මොන සුදුසුකම් තිබුනත් මොන සහතික තිබුනත් මගේ ප්‍රියතම විෂය වෙන්නේ ආයූර්වේදය.

මම බ්ලොග් ලියන්න පැමිනියේ ආයූර්වේද දැනුම බෙදා ගන්න මිසක වෙනත් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. මේ දැනුම අද වන විට විනාශ වී යන තත්ත්වයක තිබෙන්නේ. නමුත් මම කියනවා, මේ දැනුම වටින්නේ අදට නෙමෙයි හෙටට.

අපි බලමු අයූර්වේදය පිළිබඳව, ආයූර්වේදය කියන්නේ හුදෙකලා ලෙඩට ප්‍රතිකාර කරන ගමේ පැරණි මිනිසුන්ගේ වැඩක් නෙමෙයි. මේ විද්‍යාවට තිබෙනවා නොසැලෙන ශක්තිමත් අත්තිවාරමක්. මේ අත්ත්තිවාරම මත තමයි ආයූර්වේදය ගොඩ නැඟී තිබෙන්නේ. මේකෙ මුල චතුර්වේදයේ තිබෙන්නේ. ඒ කියන්නේ පැරණි භාරතීය වේද යුගය කියන කාලයට තමයි මෙය අයත් වෙන්නේ. ඉන්දියාවේ ආර්‍යාගමනයෙන් පසු ඇතිවෙන මේ වේද යුගය ලෝකයේ දැනට පවතින සියළු විද්‍යාවන්ගේ තිබිරිගෙය ලෙසත් හදුන්වන්න පුළුවන්. චතුර්වේදයේ සෘග්, යජුර්, සාම, අථර්වන් කියන මේ විද්‍යාවන්ගෙන් එකක් වන ලාබලම අතර්ව වේදයේ කොටසක් ලෙස තමයි මෙය ඇරඹිලා තිබෙන්නේ. නමුත් පසු කාලීනව චතුර්වේදය පංච වේදයක් බවට පත් වනවා මේ ආයූර්වේදය නිසා. ඒ වගේම වේද යුගයේ ජයග්‍රහනයන්ගෙන් අදටත් තම මුල් නමින්ම මිනිසාට සේවය සලසන එකම විද්‍යාව ආයූර්වේදයයි.

ආයූර්වේදය පිළිබඳව එහි ඇති විද්‍යාත්මක භාවය පිළිබඳව මම අද ඔබට කෙටි සටහනක් ගෙන එන්නම්.
වරදවා ගන්න එපා. මෙහිදී "විද්‍යාත්මක භාවය" නමින් මම හැඳින්වූයේ නවීන විද්‍යාවට එකඟ බව නෙමෙයි. එම විද්‍යාවන් (වේදයන් ) කෙතරම් මිනිසාට සේවය සැලසීමට සුදුසුද කියන එක.
________________________________________
ඔබ අසා තිබෙනවනේ ක්‍රිස්තු වර්ෂ 1703 දී සර්. අයිසැක් නිව්ටන් විසින් ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමයන් ලොවට හෙලි කළා.

එයිට බොහෝ කලකට පෙර ඉන්දියාවේ විසූ භාස්කරාචා‍යර්‍යන් විසින් රචිත සිද්ධාන්ත ශිරෝමණී ග්‍රන්ථයේ එන මේ ශ්ලෝකය සලකා බලන්න.

ආකෘෂ්ටශක්ති ශව මහී තයා යත් - ඛස්ථං ගුරුස් ස්වාභිමුඛං ස්වශක්ථ්‍යා
ආකෘෂ්‍යතෙ තත් පතතීව භාති - සමෙ සමනතාත් ඣ පතත්‍යයං ඛෙ.
(සිද්ධාන්ත ශිරෝමණී 03, 6)

මෙකෙ තේරුම වෙන්නේ,
මධ්‍යාකර්ෂණය හෙතුවෙන් බර වස්තු පොළවට ඇදෙන බවත්, පොළව චන්ද්‍රයා ඈ ග්‍රහයන් ඒවා එකිනෙකට ආකර්ශණ විකර්ශන බල ඇති බවත්, එම තත්ත්වයන්ගේ යම් බල සමබරතාවයෙන් ඒවා අභ්‍යවකාශයේ තිබෙන බවත්ය.

මෙහිදී මේ පොතේ එන කරුනු ගැන බැලුවහම අපට පේනවා, නිව්ටනීය ගණිතය විතරක් නෙමෙයි සර්. අයින්ස්ටයිගේ මතයන්ට සමාන මතයන්ද මේ පොතේ විස්තරාත්මකව කියවෙන බව.
____________________________________________
"මධ්‍යෙ සමනතාදණ්ඩස්‍ය භූගෝලො ව්‍යෙයාම්නි තිෂ්ඨති බිභ්‍රාණඃ පරමාං ශක්තිං බ්‍රහ්මණො ධාරණාත්මිකාමි." (සූ‍ය්ර්‍ සිද්ධන්තය 12, 32.)

බ්‍රහ්මයා ගේ ධාරණාත්මක පරම ශක්තිය දරනුයේ බ්‍රහ්මාණඩය හෙවත් සක්වළ මැදැ අහසැ භූගෝලය සිටී.

මෙයින් කියවෙන්නේ අපේ ක්ෂීර පථයේ මැද බ්‍රහ්මාණ්ඩය නම් ශක්තියක් ඇති බවයි. නවීන විද්‍යාඥයන්ද මෙවැන්නක් මේ ඉතාම මෑතක්දී සොයාගෙන තිබෙනවා. එනම් අපේ ක්ෂීර පථය මැද්දෑවේ කළු කුහරයන් දෙකක් මගින් ඉතා විශාල ශක්තියක් නිකුත් කරමින් තිබෙන බව ඔවුන දක්වා තිබෙනවා.
_____________________________________________

ඊලඟට අපි බලමු මේ කරුනු, මේ කරුනු ගැන ඔබ යම් හැදෑරීමක් කරනවා නම් අගෙයි. මොකද මටත් මේක ගැන නවීන විදියට හොයන්න මේ දිනවල විවේකය අඩුයි. එහෙම සමාන කිරීමක් කරනවා නම් ඔබ මතක තබා ගන්න ගව්වකට සැතැපුම් හෙවත් මයිල පහක් පමණද මයිලකට හෙවත් සැතැපුමකට කිලෝමීටර 1.6 ද අඩංගු වන බව.
___________________________________________

යොජනාහි ශනාන්‍යාෂ්ටෞ භූකනො ද්විගුණානි තු තද්වගර්‍තො දශගුණාත් පදං භූපරිධිභවේත්.(සූර්‍යසිද්ධාන්තය 1-59)

පොළොවේ විෂ්කම්භය ද්විගුණ වූ යොදුන් අටසියයෙකි. (800/2 = 1600)
එහි වර්ගයේ දශ ගුණයේ වර්ග මූලය පොළොවේ පරිධිය වේ. යොදුන වත්මන් මයිල 5 නම් පොළොවේ පරිදිය වන්නේ, 1600/5 = 8000,
8000/8000 /10 = 640, 000, 000.
එනම් 640000000 හි වර්ග මූලය පොළොවේ පරිධියයි. මයිල 25298.22
http://en.wikipedia.org/wiki/Equator
____________________________________________
සූ‍යර්‍ සිද්ධාන්තයේ එන ඉහත සිලොවට වෙනස් ලෙස සිද්ධාන්ත ශිරෝමණියේ තෘතීය අධ්‍යායෙහි පනස් දෙවැනි සිලොවෙහි මෙම අගය දැක්වේ. එනම්,

"ප්‍රොක්තා යොජන සංඛ්‍යා කූපරිධිඃ සප්තාංගනන්දාබ්ධයස් තද්ව්‍යාසඃ කුභුජංගසායකභුවඃ සිද්ධාංශකෙනාධිකාඃ"

පොළොවේ පරිධිය යොදුන් 4967, නැතහොත් මයිල (සැතැපුම්) 4967/5 = 24835
පොළොවේ විෂ්කම්භය යොදුන් 1581 1/24 ලෙසද, එනම් මයිල (සැතපුම්) 7905 5/24, ලෙසද ගනී.
නෞව්‍ය මතය හා සිද්ධාන්ත ශිරෝමණී මතය කිට්ටුවෙන් යයි.
http://www.universetoday.com/15055/diameter-of-earth/
____________________________________________
"විෂ්කම්භො මණ්ඬලස්‍යෙන්ද්‍රෙඃ සහාශීත්‍යා චතුශ්ශතම්"

සූ‍යර්‍ සිද්ධාන්තයේ එන ඉහත සිලොවෙහි පරිදි සඳ මඬලේ විෂ්කම්භය මයිල (සැතැපුම්) 2400කි. යොදුන් වලින් නම් එය 480කි. කිලෝ මීටර වලින් 3840 කි. නමුත් නවීන මතය වන්නේ එය සැතැපුම් 2159 බවයි. කිලෝ මීටර වලින් 3474 බවද නවීන මතයයි. ඔබම තිරණය කරන්න. මේවා ඉතාම සුළු වශයෙන් හැර වෙනස් වන්නේ නැහැ නේද?
http://www.universetoday.com/19677/diameter-of-the-moon/
______________________________________________

සිද්ධාන්ත ශිරෝමණියේ දශවැනි අධ්‍යායයේ පස් වැනි සිලොවට අනුව සඳ මඬලට පොළොවේ සිට ඇති දුර වන්නේ යොදුන් 51566කි, හෙවත් සැතැපුම් 257830කි. නව්‍ය මතය අනුව එම දුර වන්නේ සඳ පොළොවට ඈත්ව ඇති විට 384399 කිලෝ මීටර් සහ ලංව පවතින විට 238854 කිලෝ මීටර් වේ.
______________________________________________
අපේ වායුගෝලයේ වපසරිය ගැනත් සිද්ධාන්ත ශිරෝමණිය සතරවන අධ්‍යායෙහි දෙවන සිලොව මෙහෙම කියනවා,

"භූමෙවර්‍ හිර් ද්වාදශ යෝජනානි භූවායුරත්‍රාම්බුදවිද්‍යුදාද්‍යම් තදූර්ධවයොගඃ ප්‍රවහඃ සනිත්‍යං ප්‍රත්‍යග්ගතිස්තස්‍ය කුමධ්‍යසංස්ථා"

එනම් යොදුන් දොලොසක් උසට වායුව පැතිර පවතී. මයිල හෙවත් සැතැපුම් 60 ද, කිලෝ මීටර 96 පමණද පැරණි මතය අනුව වායුව පැතිරී පවතිනවා. නමුත් නව්‍ය මතයෙන් කියවෙන්නේ 85කිලෝ මීටර පමණ වන තෙක් වාතය පවතින බවත් එය ක්‍රමයෙන් අඩුවෙමින් යන බවත්ය.

http://www.kowoma.de/en/gps/additional/atmosphere.htm
______________________________________________

පෘතුවිය ඇතුළු සියළුම ග්‍රහලෝක සූර්‍යයා වටා ගමන් කරමින් තිබෙන බව සෘග්වේදයේ පැහැදිලිවම සටහන් කර තිබෙනවා. මේ සියල්ලෙන්ම අපට පැහැදිලි වන්නේ කුමක්ද? පෘතුවිය ගෝලාකාර බවත් එය සූර්‍යයා වටා ගමන් කරන බවත් හෙලි කිරීම නිසා තම දිවි අහිමි වූ උගතුන් ලෝකයේ එක් පැත්තක සිටි යුගයට බොහෝ කලකට පෙර නූතන විද්‍යා දැනුමට සමාන දැනුමක් සහිත මිනිසුන් කොටසක ලෝකයේ තවත් පැත්තක වාසය කළ බව නේද?
______________________________________________
අපි තවත් එක දෙයක් ගැන සොයා බලමු. එනම් මිනිස් ඇසට තබා සමාන්‍ය අන්වීක්ෂයකටවත් නොපෙනෙන ශුක්‍රාණු පිළිබඳ මිනිසාගේ දැනුම තාමත් ඉතාම ලාබාලයි. නමුත් ඔබ විශ්වාස කරනවද ශුක්‍ර තරලයේ රසායනික ව්‍යුහය ගැන පැරැන්නන් කියා ඇති දේ සහ ශුක්‍රාණුව ගැන ඔවුන්ගේ දැනුම නූතන අපව පරදවන බව. වර්ෂ 1906 දී පමණ අති පුරාන ආයූර්වේද ග්‍රන්ථයක් වන අයූර්වේද ව්‍යාකරණ නම් ග්‍රන්ථය උබයසේකර රාජ වෛද්‍ය නම් ඉතා බහුශ්‍රැත වෛද්‍ය පීතෘවරයෙක් අතින් සිංහලයට පෙරැලී තිබෙනවා. මේ පොතේ පිටපත් දැනට ලංකාවේ දක්නට අසීරුයි. නමුත් මා සතුව එක් පිටපතක් තිබෙනවා. පෙර සඳහන් කළ සියළු පොතුත් මා ලඟ සුරැකිව තිබෙනවා. මාහට වෛද්‍ය පරම්පරාවක් නැතත් මා ඉතා වෙහෙස මහන්සියෙන් විශාල මුදලක් වැයකොට මේ වස්තුව උපාගෙන තිබෙන්නේ.

රාජවෛද්‍ය උබයසේකර මැතිදුන් ලියා ඇති ලෙසම මම ඔබට මේ කොටස ලබා දෙන්නම්.

ආත්‍රෙය නමින් හැඳින්වෙන්නේ, ලෝකයට වෛද්‍ය වෘත්තිය බිහිකළ උතුමන් අතරින් අයෙක්. කාලය නොගිනිය හැකි තරම් ඈත අතීතයක ජීවත් වූවෙක්. මෙතුමා ශුක්‍රාණුව පිළිබඳව ලියා ඇති මත උබයසේකර වෛද්‍ය තුමා උපුටා ඇත්තේ මෙපරිදියි. (සිලෝ භාෂාවෙන්ම ලියන්නම්. අර්ථයත් සමඟම.)

http://en.wikipedia.org/wiki/Hair
http://www.aqua-calc.com/convert/length/micrometer-to-nanometer
http://en.wikipedia.org/wiki/Spermatozoon
In male humans, sperm cells consists of a head 5 µm by 3 µm and a tail 41 µm long
http://www.metric-conversion.net/convert_micrometers_millimeters.htm
ඉහත වෙබ් අඩවිවල තොරතුරුත් වැදගත් වේ යැයි සිතමි.

කිඤචිත් ලවනකං ස්වාදු රසං භවතී නිශ්චයාත් සහස්‍රෛකොන ප්‍රමාණ ජලං දෘෂ්‍යති ශුක්‍රජේ.
ෂෂ්ටිප්‍රමාණකං තත්‍ර ධාතුබීජානි විද්‍යාතෙ දශප්‍රමාණකං යන් කිඤචිත් ක්ෂාරවගොර්‍ පි දෘශ්‍යතෙ.
ත්‍රිංශත් භාගානි චූණර්‍ නතු භවන්ත්‍යත්‍ර නශංසයඃ අති සූක්ෂමානි සත්වානි සහස්‍රෛකං චරන්ත්‍යපි.
කචස්‍ය දශ සාහස්‍ර භාග මස්‍ය ප්‍රමාණකම් සෘතුනී ගහර්‍ සමප්‍රාපෙත ශුධ මාතර්‍ වෙ පූවර්‍ කමර්‍ රූපෙන කලලං ජායතෙ.

ශුක්‍ර ධාතුව වනාහී නිශ්චය වශයෙන් මඳක් ලුනු රස වේ, Alkaline
මිහිරි වේ. Fructose
ඉන් නවසිය අනූනව කොටසක් ජලය අඩංගු වේ. Water
ධාතු බීජයෝ හැට කොටසකි. Spermatozoa
ක්ෂාර වර්ග හැට කොටසකි. Alkaline
තිස් භාගයක් සුනු කොටස් වේ. Lime
ඉතා සියුම් සත්වයෝ දාහක් පමණ සිටිය හැක. Bacteria's and other cells
මෙසේ වී ශුක්‍ර ධාතුව ඉසකේ රොදකින් දසදහස් භාගයක් පමණ (වරකට බීජ සංඛ්‍යාවෙන් මිලියන 20 සිට 60 දක්වා ප්‍රමාණයක් පිට වේ. ඉන් එක් වරකට ඩිම්භය වෙත ශුක්‍රාණු 20,000 පමණ ලැබිය යුතුයි.)
නිසි ලෙස ඔසප් වූ ස්ත්‍රයගේ ගර්භාෂයට පැමිණ, ස්ත්‍රී බීජයෝ සමඟ ඒකතුවෙන් පූර්වකර්මාණූරූපද එක් වීමෙන් කලල රූපය ඇති වේ.
_____________________________________________
කලල විද්‍යාව පිළිබඳ විශාල තොරතුරු මෙම ග්‍රන්ථවල ඇතත් මම මින් නවතිමි. කෙදිනක හෝ අවස්ථාවක් ලදොත් අපි ඒ ගැන කථා කරමු.
_____________________________________________
දැන් මම ඉතාම වැදගත් කාරනයක් වෙත ඔබගේ අවධානය යොමු කරන්නම්.
එනම් පුංසවනයයි. මින් අදහස් කරන්නේ අපගේ අවශ්‍යතාවයේ පිළිවෙලට ස්ත්‍රී පුරුෂභාවය දරුවා ඉපදීමට ප්‍රථමම තීරනය කිරීමයි. පුරාණ ආත්‍රෙය සංහිතාවේ මේ ගැන සඳහන් වෙන්නේ "ශරීර වණර්‍ ඥාන ලෙසයි. චරක සංහිතාව සිංහලට පරිවර්ථනය කරන ලද පිටපතෙහි මෙම ආත්‍රිය මතය පැහැදිලිව දක්වා ඇත.
"නර රේතස් අධික වීමෙන් ද, හීන වූ රසේන්ද්‍රයන් නිසාද පිරිමි දරුවෙක් පිළිසිද ගන්නා අතර, ගැහැනු දරුවෙක් පිළිසිද ගන්නේ, ශ්‍රෝණිතය ශුක්‍රයට වඩා අධික් වීමෙන්ද බවයි මෙහිදී පැහැදිලි කර ඇත්තේ.
මෙහි සිලොව පහත පරිධියි.
ආර් බුද්ධදාස,(පරිවර්ථක චරක සංහිතාව.) අග්නිවේෂ ප්‍රශ්නය සහ ආත්‍රෙය උත්තරය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, පිටුව 342, 1960.

අථවක්ෂාමි දෙහස්‍ය වණර්‍ ඥානං මහා මතෙ නර රෙතො' ධිකත්වෙන තථා ශුක්‍රාධිකෙන තු. හීන රසෙන්ද්‍රියෛවර්‍ පි ජායතෙ පුරුෂාධිකඃ ස්ත්‍රී රෙතසා'ධිකත්වෙන හීන ශුක්‍රෙන්ද්‍රිය දපි රජසා ප්‍යධිකත්වෙන ස්ත්‍රී සමභූතිඃ ප්‍රජායතේ.

ඔබ දන්නවා යම් ද්‍රව්‍යයක ධ්‍රැවීයතාවය කියා අදහස් කරන්නේ කුමක්ද යන වග. ඇත්තෙන්ම ස්ත්‍රී පුරුෂ භාවයන් ඇති වීමට හේතු වන්නේ වර්ණදේහවල x ‍- y බව වූවට, එම අවස්ථාවේදී සංසේචනය වන්නේ කුමන ශුක්‍රාණුවද යන්න තීරනය වීමට මෙම ධ්‍රැවීයතාවය බලපාන බව නවීන විද්‍යාවෙන් දැන් සොයාගෙන තිබෙනවා.

ඔබ දන්නවද ඉහත සිලොව විස්තර කරන්නේ එම තත්ත්වයයි. පෙරහුන් මහා වෙදුන් එම තත්ත්වය පාලනය කරන බෙහෙත් ඖෂධ යොදමින් මේ අනුව ස්ත්‍රී පුරුෂ බව පාලනය කර තිබෙනවා. නමුත් අපට මේ දැනුමෙන් ප්‍රයෝජන ගැනීමට තරම් උද්භිද විද්‍යාව තවම දියුණු වී නැහැ. එනම් මේ වට්ටෝරුවල අඩංගු යම් යම් ඖෂධ අපට දැනට සොයා ගැනීමට හැකි වී නැහැ. කෙදිනක හෝ එම ඖෂධ නැවත හඳුනා ගනු ලැබුව හොත් ස්ත්‍රී පුරුෂ බව ජය ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි.
ඒත් මගේ පුද්ගලික මත නම් ඒ සදහා අප උත්සාහ නොකල යුතු බවයි. එනම් දෙවියන් ගේ දේ දෙවියන්ගේ. අපි අපේ දේ බලාගමු යන්න මගේ අදහස නිසයි.

http://www.babybygender.com/NewSite/Product_Information/Scientific_Review.asp

මම මේ ලිපිය ලිවීමේදී අදාල වෙබ් අඩවි වල සබැඳියන් පමණක් ඔබට ලබා දුන්නේ නැහැ. වෙබ් ලිපිනයන් තිබෙනවා. කැමති නම් ඒ අඩවිවලත් සැරිසරන්න. නැවතත් ටික දිනකට එන්න වෙන්නෙ නැහැ. හැබැයි ඉක්මනට ඔබව මුන ගැසෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.

42 comments:

  1. කියවපුහාම ටිකක් පැහැදිලි වුනා.....

    මාතෘකාව දැක්ක ගමන් ඔළුවට ආවේ නිකන් අයිසිං කේකුයි ලුණුමිරිසුයි වගේ කිසිසේත් නොගැලපෙන හැඟීමක්..

    ReplyDelete
  2. මේක තව දෙතුන් පාරක්වත් කියවලා තමයි තේරුම් ගන්ට වෙන්නේ.:D
    ආයම ඇවිත් කමෙන්ට් දාන්නම්.

    ReplyDelete
  3. මම විශ්වාස කරන විදියට ඔය වටිනාකියන ශාස්ත්‍ර විනාශවුනේ-ආසියාවෙන් එපිටට නොගියේ-අපේ(ආසියානු) මිණිස්සුන්ගෙ වැරැද්දෙන්මයි. බටහිරයන් සොයාගත් දේවල් විනාශ වෙන්න ඔවුන් ඉඩදුන්නෙ නැති නිසයි ඒ දේවල් අද මේතරම් දියුණුවට පත්වෙලා තියෙන්නෙ. අපේ දැනුම ගලාගෙන ගියේ බොහෝවිට තාත්තගෙන් පුතාට. සමහර විට ලමයෙක් නැති කෙනෙක් එක්කම ශාස්ත්‍රයත් මැරිල ගිය අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්.
    අඩුගානෙ ඔබතුමා දන්න (විශේෂයෙන් "විශේෂිත") ශාස්ත්‍රීය කාරණා කිහිප දෙනෙකුටවත් කියල දෙන්න. පැරණි වටිනා දේවල් බේරගන්න පුළුවන් වෙන්නෙ එහෙම උනොත් පමණයි.

    ReplyDelete
    Replies
    1. 100% කම එකගයි....

      Delete
    2. මාත් මේ කතාවට 100% ක් එකඟයි. ඒ දවස් වල ගුරුවරුන් ගුරු මුෂ්ටියක් තියාගත්තා කියන්නේ.. එතකොටත් මේ දැනුම ඉස්සරහට යන එක නවතිනවනේ..

      Delete
  4. මමත් ඔබ කියනා දේ හා එකඟ වෙනවා. තවත් කරුණක් කියන්න මම කැමතියි. දැන් නවීන විද්‍යාවෙන් ස්කෑන් පරීක්ෂණයක් මගින් ඉපදෙන්න පෙර දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය සොයන එකටත් මම කැමති නෑ. ඉපදුන දවසටම එය බලාගන්න ඉවසා සිටිනවානම් තමා වඩා හොඳ.
    කාලෙකින් ආවත් හොඳ ලිපියක්. කොහොම උනත් අර සංස්කෘත පාඨයන් නම් තේරුනා මදි. ආයිම ඒවායේ සිංහල තේරුම් එක්ක කියවන්නම්.

    ReplyDelete
  5. සේරම ටික කියෙව්වා...
    පොඩ්ඩක් විතර කැරකිල්ල වගෙයි තාමත්....

    ReplyDelete
  6. මටත් මාතෘකාව දැක්කාම නිකන් උස්සලා පොලේ ගැහුවා වගේ උනා කියෙව්වම ටිකක් පැහැදිලියි අර සංස්කෘත ඒවා තේරෙන්නේ නෑනේ කොහොමත්....මීට කාලෙකට කලින් අසරණයා අයියගේ පෝස්ට් එකකදි අහපු ප්‍රශ්න වලට සෑහෙන්න හොඳ පිළිතුරක් ලැබිලා තියෙනවා...ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නවීන විද්‍යාවට පටහැණියි කියන අයට හොඳ පිළිතුරක් ලැබිලා තියෙනවා...සුද්දා වැද්ද කාලේ තමයි මේවා පැරැන්නෝ දැනගෙන ඉඳලා තියෙන්නේ...මේකේ තව දෙතුන් සැරයක් කියවන්න වටින දේවල් තියෙනවා...බොහෝම ස්තූතියි මහ වෙදනානෙනි

    ReplyDelete
  7. අනෙ මන්දා මටනම් බර වැඩියි වගෙ ඒත් ඔබ බලාපොරොත්තූ උන දෙ ඉටූඋනා කියලා හිතෙනවා.

    ReplyDelete
  8. එක පාරක් කියෙව්වා. ඒත් ආයෙම පාරක් නිවාඩු පාඩුවේ කියවන්න ඕන වෙද මහත්තයෝ. මට හරියට මොනාද කියලා තියෙන් නේ කියලා මීටර් වුනේ නෑ.

    ReplyDelete
  9. මඤ්ඤංම වෙලා ඉන්න වෙලාවක කෝහේද ඉඳලා ඇවිත් කියපු ටිකට නිකන් පිස්සුම වගේ ගතියක් ආවා. වැඩේ ඉවර කොරන් මේ මඤ්ඤං වෙච්ච ඔළුවලට තෙලක් හරි ඉසකුඩිච්චියකුත් ලියාගෙනම ආවනම් හොඳයි..

    ReplyDelete
  10. පැරණි විද්‍යාවේ වටිනාකම ලොවින් තුරන් වීගෙන යන සහ එය ප්‍රශ්න කරන අවධියක එය වෙනුවෙන් කැපවීම අගය කලයුතු දෙයක්...

    ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලෝකයේ පැවැත්ම එය සිදුවන ආකාරයටම සිදු වන්න ඉඩ හැරීම වැදගත්. අප විසින් තුලනයට බාධා කිරීම හොඳ දෙයක් නෙමෙයි.
    නමුත් එය දෙවියන් විසින් කරනු ලබන පාලනයක් බව මම කොහෙත්ම පිළි ගන්නේ නැහැ
    මගේ අදහස එය ස්වභාවිකත්වය බව යන්නයි

    ReplyDelete
  11. හොදට සොයලා බැලුවාම නුතන විද්‍යාව කියලා, නව සොයා ගැනීම් කලා කියලා කිව්වාට බොහෝ ජාති අපේ අතීත මුතුන් මිත්තන් දැන සිටි ඒවා. පාවිච්චි කරපු එවා. මම මේ දිනවල අධ්‍යනය කරන වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථයත් ඒ වගේ. අභ්‍යවකාශතරණයට පමා දැනුමක් තිබූ මිනිසුන් අතීතයේ සිටි බව පැහැදිලිවම හදුනාගන්න පුළුවන්. නමුත් වර්තමනයේ ඉන්න බහුතරයක් එහෙම පිළිගන්න කැමැති නැත්තේ ඇයිදැයි කියන එක නම් හිතා ගන්න පුළුවන්. ඒ වගේම මම අහලා තියෙනවා වේද ග්‍රන්ථ අතුරින් අයුර්වේදය රචනා කලේ රාවණ රජතුමා කියලා. මහා වෙදනාගේ කර්තව්‍යට මාගේ ප්‍රණාමය.
    බුදු සරණයි

    ReplyDelete
    Replies
    1. මම ඔබගේ ලිපි කියවනවා. ඔබ Ancient Aliens නමින් National Geographic Channel එකේ යන වැඩසටහන බලනවද?? එකේ ඔය Aliens ල වෙනුවට හෙලයන්ව ආදේශ කරන්න පුළුවන්..

      Delete
  12. හර බර ලිපියක් නිසා නිදහසක් ලැබෙනකම් සිටියා කියවා තේරුම් ගන්න .
    කෙසේ උවත් ආයුර්වේදයෙන් කොපමණ හාස් කම් කල හැකිද කියා සිතෙනවා .
    නමුත් ඔබ කිව ආකාරයට දෙවියන්ගේ කැමැත්තට ඉඩ දෙන එක තමා හොඳ .
    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට .

    ReplyDelete
  13. තුන් පාරක් විතර කියෝල තේරුං ගත්ත කියල හිතාගත්ත. ඒත් ෂුවර් නෑ, ආයෙත් කියෝල බලන්න ඕනෙ.

    ReplyDelete
  14. මේක මේ හිතාමතාම ලියපු ලිපියක්. ශුවර් එකටම ඇනෝ කෙනෙක් මෙක කියවලා මොලෙ අමාරුව හැදුනම හිසකුඩිච්චියක් දාන්න පුලුවන්නෙ.

    ReplyDelete
  15. මේක කියෙවුවට පස්සෙ පරන ඩීසල් ඇන්ජිමක් ස්ටාට් කලා වගේ ගත්යක් දැනුන . . . දෙපාරක් කියෙවුවට පස්සෙ තමා තේරුනේ

    ReplyDelete
  16. ඔබතුමා අයම ලිපියක් ලියන කම්මයි හිටියේ.බඩේ වාතය පිරෙනවට අධෝ වාතය පිටවෙනවට බෙහෙතක් තියෙනවද??

    ReplyDelete
  17. හරිම වටිනා ලිපියක් මහා වෙදනාණනි.. කාලෙකින් පස්සේ ලියපු දේ මටනම් අඩුවක් නැතුවම තේරුණා. ලංකාව ඉන්දියාව ඇතුළු රටවල් මුලින්ම එක රාජ පරම්පරාවකින් පාලනය වෙච්ච රටවල්. ඒ රටවල් අතර යන්න ඒ රජවරු ගුවන් යානා පවා භාවිතා කරලා තියනවා. ඒ බව අපේ රාවන රජ්ජුරුවෝ පාවිච්චි කරපු දඬු මොනර යානය ගැන කියන කතා වලින් සනාථ වෙනවා. ඉතින් ගුවන් යානාවක් තනන්න නම් ඒ අයට ගුරුත්වාකර්ෂණය සුළගේ හැසිරීම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ නේද? අනිත් එක මහාභාරතයේ එක තැනක සඳහන් වෙනවා සඳ මත කරන ලද යුද්ධයක් ගැන. එහෙමනම් ඔවුන් පෘතුවියෙන් එපිටට යන්න වායුගෝලය ගැන ගණන් ඉන්නම ඕනේ. ඒ බව තමයි ඔබේ ලිපියේ පෙනෙන්නේ. ඒ එක්කම ඔවුන් ග්‍රහ මණ්ඩලය ගැනත් එහි ඇති ශක්තිය ගැනත් දැනන් හිටි බව පේනවා. එහෙම දැනන් හිටියනම් ඒ ශක්තියෙන් වැඩ ගන්න ඔවුන් දැනන් ඉන්නත් ඇති නේද? ඒ වගේම නුතන අවි ආයුධ වලට සමාන අවි ගැන එහෙමත් මහා භාරත රාමායණ ග්‍රන්ථ වල සටහන් වෙනවා. විශේෂයෙන් න්‍යෂ්ටික අවි ගැනත්. ඉතින් ඒ දේවල් නොදැක්ක කියල අපි උපකල්පනය කරන මිනිස්සු කොටසක් එහෙම දේවල් ලියනවා දැක්කම අපි කොහොමද ඒ අය ළඟ දියුණු තාක්ෂණයක් දැනුමක් තිබ්බේ නෑ කියල කියන්නේ?

    ReplyDelete
  18. ඔය ඔබේසේකර වළව්ව ගැන රජස් කියන බ්ලොග් එකේ තිබුනා ලොකු විස්තරයක්..
    හික්ස් මමත් මේ පෝස්ට් එක තේරුම් ගන්න උත්සහ කරමින් වෙද මහත්තයෝ

    ReplyDelete
  19. බොහොම වටිනවා ඔය දේවල් සොයා එක් රැස් කර ගැනීමම. තව අවුරුදු කිහිපෙකින්වත් ඔබතුමාට විවේකයක් ලැබුණු කාලෙක, මේ දේවල් බ්ලොග් අවකාශයෙන් ඔබ්බට ප්‍රසිද්ධ කලොත් අනිවාර්යයෙන්ම විශිෂ්ට මෙහෙවරක් වේවි.

    ReplyDelete
  20. අපි පෝස්ටුවක් ඉල්ල ඉල්ල හිටිය නොවැ.. බරපතල් නොවැ. ආයෙ කියවන්ට ඕනේ..

    ReplyDelete
  21. මේ ලිපිය තෙරුණා. මොකද මම බොහොම කැමැත්තෙන් කියවපු නිසා. බුදුරජානන් වහන්සේ දෙසූ සූත්‍ර දේශණාවලත් නවීන විද්‍යාව සොයා ගන්නා දේ ඉතා ගැඹුරින් සඳහන්. මොනවා වුනත් ඉන්දියාවේ හිමාල අඩවිය ආශ්‍රිතව වාසය කල සහ තවමත් වාසය කරන සෘෂිවරුන් මේ බොහෝ දේ දැන සිටියා. මේවා ප්‍රචාරය ඔවුන්ගේ රාජකාරිය නොවේ. උදම් ඇනීම ආසියාතිකයාගේ ගතිය නොවේ. එනිසයි මේවා රහස් වශයෙන් පවතින්න හේතුව. ඔබ දන්නවාද ආසියාව ආක්‍රමණය කල යුරෝපීයයන් මෙහි තුබු පුස් කොල පොත් මංකොල්ලකා ඔවුන්ගේ රටවල කෞතුකාගාර වල රඳවගෙන ඇති බව ? ඔවුන් දැන් මේවා අධ්‍යනය කරන්න පටන් අරන්. ඔවුන් සංකෘත භාෂාව ප්‍රගුණ කරන්න පටන් අරන්. ඔවුන්ගෙ නව සොයා ගැනීම් පිටුපස බොහො විට ඇත්තේ ඉහත කී පුස්ථක. ආසියාතික ගස්-වැල් වලට ඔවුන් පෙටන්ට් ගනිමින් සිටින්නේ මේව අප නිෂ්පාදනය වලක්වන්න.

    ප්‍රථම වතාවට ඔබෙ බ්ලොග් අඩවියට පිවිස, ඉතා වටිනා දැනුම් සම්භාරයක් ලබා ගත්තා. ඔබට පිං.

    ReplyDelete
  22. බටහිරයන්ට කලින් පෙරදිග අපේ අය ස්වභාව ධර්මය තේරුම් ගෙන හිටියාය කියලා පිළිගන්න බටහිරයෝ කැමති නෑ. උන්ව කරේ තියන් ඉන්න එවුන්ට ඒක පිළිගන්න ඉඩ දෙන්නෙත් නෑ. රාවණා බොරුවක් ය ! දඬු මොණරය මිත්‍යාවක් ය කියද්දී LEO (දසුන්)සහෝ කිව්ව වයිමානික ශාස්ත්‍ර ග්‍රන්ථයේ තියෙන ප්‍රති-ගුරුත්ව රසදිය එන්ජිමක් (anti-gravity mercury vortex engine) ඔන්න නාසා එකේ කට්ටිය සාර්ථකව අත්හදා බලලා ලූ. මෙච්චර දියුණුයි කියන ඇමරිකාව ප්‍රති-ගුරුත්වය ගැන පාඩම් ඉගෙන ගන්නෙත් ඉන්දියාවේ ලියපු පුස්කොල පොතකින් !!!

    මහ වෙදනා දෙන මේ දැනුම වගේම, ආකල්ප අතින් වෙනසක් කරන්න දරන උත්සාහයටත් ගොඩක් පිං !!!

    ReplyDelete
  23. අතිශයින්ම අගය කලයුතු වටිනා ලිපියක්. විෂයානුබද්ධ ශාස්ත්‍රීය ග්‍රන්ථ පරිශීලනයට පෙළඹවීමක්. නොකියවූ තොරතුරු සොයා යන්නට මග පෙන්වීමක්. අන්තර්ජාලයේ දකින පුස්සන්ගේ විකාර අතර ඉන්ද්‍රඛීලයක්. මාසෙකට මේ වගේ එක ලිපියක් කියෙව්වත් ඇති. ඔබ ලබාදී ඇති සබැඳියාවන් දිගේ හැකිතාක් දුර යනවා.

    ReplyDelete
    Replies
    1. අගේ ඇති ලිවීමක්

      Delete
    2. හොදම කොමෙන්ට් එක

      Delete
  24. කියෙව්ව...ගොඩක් වැදගත් තොරතුරු ටිකක්. හැමදෙයක්ම හිතට කාවදින්නනං තව සැරයක් කියවන්න වෙයි. ඔබතුමා නැවත් ආ එක ගැනනං ගොඩක් සතුටුයි.

    ReplyDelete
  25. මිතුර

    ඉතා අගෙයි! අතිශය වටනා උත්සහයක්

    ඉදිරියටම යන්න

    ReplyDelete
  26. දෙපාරක් කියෙව්වා වෙද මහත්තයා. ලින්ක් වලට නම් ගියේ නෑ. කිව්වත් වගේ ඔය ගුරු මුෂ්ඨි ප්‍රශ්ණෙන්ම වෙන්න ඇති ඇති ආයුර්වේදයයි දේශීය වෛද්‍ය ක්‍රමයි අභාවයට යන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  27. බොහොම වැදගත් ලිපියක් කියලා ලෝබ නැතිව කියන්න හැකි වුණත් මගේ අවාසනාවකට වෙන්නැති මට තැනක් දෙකක් නොතේරුනේ . ඉස්කෝලේදී වුණත් විද්‍යා විශ්‍යයට මම වැඩිය ලං නොවිච්චි නිසා වෙන්නැති මට සමහරක් දේ වැටහුනේ නැත්තේ .

    බටහිර වෛද්‍ය වරුන් සමහරක් මතයන් ගැන පරික්‍ෂන පවත්වන කාලේ අපේ මිනිස්සු ඒ දේවල් ගැන නිශ්චිත නිගමනයන්ට ඇවිදින් තිබුනා . අතීතයේ අපේ තිබුනු වෛද්‍ය දැනුම ගැන බුද්ධදාස රජතුමාගේ සිද්දි වලින් හොඳටම පැහැදිලි වෙනවා .

    බොහොමයක් පෙරදිග වෙදදුරන් තමන්ගේ දැනුම තමන්ගේ පවුලේ කෙනෙකුට ඇරෙන්න වෙනත් අයෙකුට දෙන්න අකමැති වුණා . මොකද කීවොත් මේ දැනුමත් දෙපැත්ත කැපෙන පිහියක් වගේ වැරැදි අතකට ගියොතින් කපෝතියි. පරන වෙද පොත් මිටි ගනන් ලිපේ දාලා පුලුස්සා දමාපු මගේ එක නෑදෑයෙක් ගැන මම අහලා තියන නිසයි මම එහෙම කීවේ

    තවත් මේ වගේ ලිපි ලියන්න

    ReplyDelete
  28. ලිපියත් කියෙව්වා... කමෙන්ට් ටිකත් කියෙව්වා.. ආයෙම කියවන්න ඕනි... මට ටිකක් බර වැඩියි වගේ

    ReplyDelete
  29. වෙදමහත්තය නැත්තෙ මොකද කියල මාත් බැලුවා,
    ලිපිය වටිනවා.
    ආයුර්වේදය සහ දේශීය වෙදකම ගැන දවසක හොයන්න හිතන් ඉන්නවා,
    ඔබතුමා දිගටම මේ ලිපි දාන්න.
    පුළුවන් නම් ආයුර්වේදයේ සම්භවය ගැනත්,
    මේවා හොයාගත්තෙ කොහොමද ආදිය ගැනත්.

    ReplyDelete
  30. වෙනදා වගේම අකුරක් නෑර කියෙව්වා :)

    ReplyDelete
  31. ටිකක් ටිකක් තේරුනා.මේක තේරුම ගන්න මගේ මොලේ එච්චර දුරට වැඩිලා නැහැ..

    ReplyDelete
  32. ඉතා වටිනා දැනුම් විශේශයන්, ඔබතුමාට ස්තූතිවන්ත විය යුතුයි මේ තරම් වටිනා දේ පිලිබඳව ලියනවාට.

    ReplyDelete
  33. අහඹු ලෙස නෙත ගැටුන බ්ලොග් අඩවියක්, ඒ වගේම මෙම ලිපියත් ගොඩක් වටිනවා, මේ වගේ දේවල් ලියන්න හිතෙන එකටම බොහොම පිං


    VISIT : www.thunsitha.tk

    ReplyDelete
  34. බටහිර වෛද්‍ය විද්‍යාව නිසා අපේ දේශීය වෙදකම වියැකී යන මොහොතක ඔබගේ උත්සාහය ඇත්තෙන්ම විශිෂ්ඨයි. මටනම් සිතෙන හැටියට පරම්පරාවෙන් පිට වෙදකම නොදීසිටීම තාක්‍ෂනික දියුණුව අතින් ඒ අවධියේ අපේ ර‍ට ඉතාම අඩු මට්මටක තිබූ නිසා වටිනා දැනුම ලේඛණගත නොවීම, මිනිස්සුන්ගේ සාම්ප්‍රධායික මත නිසා වටිනා දැනුම ප්‍රචලිත නොවීම වගේ කාරණාත් දේශීය වෙදකම දුර්වල වීමට හේතුවන්නට ඇති. අවංකවම කියනවා නම් මම තවම සෙම්ප්‍රතිශ්‍යාව වගේ ලෙඩ වලට කැමති සිංහල වෙදකමටයි. අතුරු ප්‍රතිඵලත් අඩුයි. වෙදකමට ටිකක් කැපවෙන්නට සිදුවුනත් සහනයත් වැඩියි...

    ReplyDelete
  35. හොඳ ලිපියක් නිසා වෙලාව අරන් කියෙව්වා. මේක පළ කරලා ගොඩක් දවස් වුණාට අද තමයි කියවන්න වෙලාව ආවෙ. අපේ විද්‍යාවත් එක්ක බටහිර විද්‍යාවට හැරෙන්නත් බැහැ. බටහිර අය දැන් හොයා ගන්න දේවල් අපේ අය හොයාගත්තෙ අපිට හිතා ගන්නවත් බැරි කාලයේ. ඒ දේ ඔබ ආදරය කරන ආයුර්වේදයට වගේම මම කැමති විෂය වන ගුවන් සේවයටත් පොදුයි.

    ReplyDelete