Thursday, January 26, 2012

සිතා බලන්න.......

බ්ලොග් පෝස්ට් එකක් ලියන්න සිතා නොසිටි අවස්ථාවක්. නමුත් අද සිදුවූ සහ ඊයේ පෙරේදා සිදුවූ සිදුවීම් දෙකක් දැනට අවුරුදු කීපයකට පෙර එනම් 2008 දී වෙනත් රටකදී මුහුන දුන් සිද්ධියක් සමඟ ගලපන්න මට හිතුනා. එම නිසා අද මෙම පෝස්ට් එක ලියනවා.

මුලින්ම කියන්න ඕනෙ මම නීතිය දන්නේ නැහැ. ඒ කියන්නේ නීතිය පිළිබඳ විශේෂ දැනුමක් මට නැහැ. හැබැයි මනුෂ්‍යත්වය ගැන නම් යම් සංවේදී බවක් මට තිබෙනවා. මම හිතනවා ඔබත් මාත් එක්ක එකඟයි....

අද දවල් 12 - 01 අතර මගේ බෙහෙත් ශාලාවේ සිටින විට එකපාරටම මහ විශාල විලාපයක් සමග සද්දයක් ආවා. මම දැන ගත්තා යම් අනතුරක් කියලා. කොළඹ තිබෙන ඉතාම කාර්‍ය්‍ය බහුල ප්‍රදේශයක මම සිටින්නේ. මම දුවලා බැලුවා එක පාරටම කඩා වැටුනු හෙනපතය කුමක්ද යනවග.

මම හිතුවා හරි යම් අනතුරක් සිදුවෙලා. එතැන තුන් රෝද රිය දෙකක් සහ නවීන මොටෝරියක් එකට ගැටී තිබුනා.

නමුත් එක් අයෙක්ට හැර තුවාල කරුවන් සිටියේ නැහැ. ඒ තුන් රෝද රියක රියදුරා. ඔහුගේ අතක් දරුනු ලෙස කැපී තිබුනා. සිදු වීමට හේතුව ගැන දනගත්විට නම් මට හිතුනේ ඔහුට ලැබුනු දඩුවම මදි කියා. එනම් තුවාල කරු ජංගම දුරකථනයකින් කථාකරමින් රිය පදවලා. එක් විටම දුරකථනය ඔහුගෙන් අතහැරිලා. ඒක අල්ලන්න යෑමේදී රිය පැත්තට කැපිලා. ඉදිරියෙන් පැමිණි තුන් රෝද රියකත් ඊට පිටුපසින් පැමිණි මෝටර් රථයේත් ගැටිලා. මෙහෙමත් මිනිස්සු.....

අර මෝටර් රථයේ පැමිණි මහත්මා තමන්ගේ රිය දරුනු ලෙස තුවාල වී තිබියදීත් මේ තුන් රෝද රියදුරා අතහැර යන්න ගියා. බලන්න මහත්මාකම. ඒයට හේතුව මෙම තුන් රෝද රියදුරාට රිය පැදවීමේ බලපතක් නොතිබීම, ඔහුගෙම වචනයෙන් කියනවානම්,

" මේ කාලකන්නියට විරුද්ධව මම නීතියට ගිහින් මුගෙන් මට මොනවා ගන්නද? අනික මේකාව හිරකලොත් කවුද මුගේ ළමයින්ට කන්න දෙන්නෙ. ඔන්න ඔහේ ගියදෙන්."

අනිත් රියදුරා රක්ෂණයෙන් තම පාඩුව පියවා ගත්තා.

දැන් බලන්න මේ සබැඳිය. මේ අද (2012/ 01/ 26)ගොසිප් ලංකා නිව්ස් අඩවියේ පළ වූ ලිපියක්. මේ රියදුරා අතක් නැතුව වසර 19 රිය පදවා තිබෙනවා. එහි ඇති විශේෂත්වය වන්නේ ඒ වසර 19 ටම ඔහුගෙන් යම් කිසි අනතුරක් සිදු නොවී තිබීම. ඔහුට මහෙස්ත්‍රාත්තුමාත් ප්‍රශංසා කර තිබෙනවා.

දැන් බලන්න මේ මිනිසා තම දරුවන් රකින්නේ කෙසේද මින් පසු? නීතිය කාටත් සාධාරන විය යුතුයි. නමුත් ප්‍රායෝගිකත් විය යුතුයි. මේවා වෙනස් විය යුතුයි.

මට මතක් වෙනවා මම 2008 වසරේ විදේශයකට් ඇතුල් වෙත්දිම ගුවන් තොටුපලේ සිට මගේ නවාතැනට යන්න අපේ සහෝදරයා ගෙනත් තිබූ ෂටල් සේවයට අයත් වෑන් රිය.

විශාල වෑන් රියක් වූ එම රියේ අපිට 126 කි. මි. පමන යායුතුව තිබුනා. අධිවේගී මඟේ ඉතාම වේගයෙන් පැයකුත් විනාඩි 20 පමණ කාලයකින් අප නවාතැනට පැමිණුනා. පැය 11 ගුවන් ගමනකින් වුනු මහන්සිය, අනිත් කාරණය මහරෑ 12 - 01 විතර. අපි බිමට බැහැලා අපේ බඩු බාහිරාදිය බාන විට සහෝඉදරයා මට පෙන්නූ දෙයින් මගේ නිදිමට නැති වුනා විතරක් නෙමෙයි, කොන්ද දිගේ හීන් සීතලකුත් මට දැනුනා.

මේ රියදුරාගේ අත නැහැ. නමුත් එම රටේ රජය ඔහුට රිය පැද වීමේ බලපත්‍රය ලබාදීල. ඒ මදිවට අධිවේගයෙන් අධිවේගී මගෙත් යනවා.

මේ සියල්ලෙන් මට නම් පෙනෙන්නේ අවශ්‍ය හික්මීමයි, විනයයි විතරයි. ශාරීරික අංගෝපාංග අවශ්‍යයි. නමුත් ඔහුගේ හැකියාව තේරුම් ගෙන යම් පරිවාසයකට යටත් කර අර පාසැල් වෑන් රියදුරාට යම් සාධාරණයක් කළ යුතුයි නේද?

අපි මෙහෙම අපෙ ආබාධිතයන්ව කොන්කරනවා නම් ඔවුන්ගේ පෝෂනය ගැන බලන්නේ කවුද?

අඟපසඟ හොදට තියන අවිනීත රියදුරන් කොතෙක් ඉන්නවද ඔවුන්ට දෙන දඩුවම කුමක්ද?

45 comments:

  1. මහ වෙදනාගෙ අදහසත් සමග එකඟයි. කාටවත් අත නොපා, තමන්ගෙ ශක්තියෙන් ජීවත් වීමට වෙර දරන එකම කොච්චර දෙයක්ද? අවිනීත විදිහට රිය පදවන බොහෝ දෙනා සිටියදී වසර 19ක් පුරා අනතුරකට ලක් නොවී රිය පැදවූ ඒ මනුස්සයා වීරයෙක්. සැබෑ මිනිසෙකුගේ කතාවක් නම් රුසියානු කතාව සිහි වුණා. ඒ එහෙ. මේ මෙහෙ.

    ReplyDelete
  2. සීයට සීයක් එකඟයි මහත්තයෝ . . .

    අර අධිවේගේ උපරිම වෙගෙන් ගියා කියලා . . බීලා ඩ්‍රයිව් කලා කියලා පම්පෝරි ගහන ඇමතිට මොකද්ද දෙන දඬුවම?

    ඌටත් දඬුවමක් දෙනවා නම් මේ මනුස්සයට දුන්නට කමක් නෑ . .

    එහෙම නැති නම් මේක තනිකර සුපුරුදු පරිදි කැකිල්ලේ නඩු තීන්දුවක් . ..

    ඒ මනුස්සයට කෘතිම අතක් සවි කරගෙන ඇවිත් පෙන්වන්න කියලා තීන්දුව දුන්නා නම් මොකෝ . . .

    අපි හරි එකතු වෙලා එහෙම එකක් අරන් දෙන්න තිබ්බා . . .

    ReplyDelete
  3. සැලකිලිමත් ධාවනය ඉතා වැදගත් දෙයක්. මට වරක් සිදුවූ දෙයක් කියන්නම්. ඒත් ජංගම දුරකථනය නිසාම. මම මෝටර් සයිකලය පදවන අතර තුර තනි අතින් දුරකථනය ක්‍රියා කරවන්න යෑම නිසා වෑන් රථයක ගැටෙන්න ගියා. වෑන් රියදුරු දුර තියා දුටු නිසා අනතුර වැලකී ගියා. එදින සිට මම කිසිම දිනක මෙම ක්‍රියාව නොකරන්න තදින් සිතට ගත්තා. ඇමතුමක් ගැනීමට වුවත් නවත්වා සිදු කරන්න. මොකද සැලකිලිමත් බව ඉතා වටිනවා.
    දෙවන කතාවට මා දුටු හොඳම උදාහරණය එක්තරා ලොරි රථ රියදුරෙක්. ඔහුට අංශභාගය වැළඳීම නිසා ඔහු සේවය කල විශාල ලොරි රථයේ සේවය කරන්න නොහැකි තත්වයක් ඇති වුනා. රැකියාව අහිමිවී පාරට වැටෙව්වට සිටි මිනිසාට කුඩා ඩෙලිකා වෑන් රියක් කපා සකස් කළ කුඩා ලොරියක් ගන්න ඔහු වටා සිටි අයගේද සහයෙන් ලැබුනා. හරියට ඇවිද ගන්න පවා අපහසු මේ මිනිසා මගේ මතකය අනුව වසර 10කට වැඩි කලක් මෙම ලොරියේ කුලියට බඩු අදිමින් දිවිය සරි කරගන්නවා. කිසිම අනතුරක් වෙලා නෑ. වයස මට දැනෙනා ආකාරයට 65කව වැඩි ඇති. පැදවීම ඉතා සැලකිලිමත්. තම ආබාධය නොසලකා කටයුතු කරන මෙවැනි දිරිය මිනිසුන් බොහෝ ක්‍ෂේත්‍ර වල ඉන්නවා. මේ එවන් උදාහරණ දෙකක් පමණයි. කියවා නිකන් ඉන්නේ නැතිව සිතට දෙයක් කරන්න උත්සාහය ගන්න හොඳ ආදර්ශයක් කැටිවූ පෝස්ට් එකක්.

    ReplyDelete
  4. ගිය සතියේ ඉරිදා දිවයිනේ, මී විත අතිරේකයේ "තානායම් පල්ලාගේ සටහනේ"ත මේ වගේ කතාවක් තිබුනා.

    අලුතින් හෝටලයක් ඉදි කරවන්නේකුගේ මෝටර් රථයේ ගැටිලා යතුරුපැදි කරුවෙකුගේ අත් දෙකටම දරුණු තුවාල සිදු වෙනවා. පසුව හෝටල් හිමියා දැන ගන්නවා අනතුරට ලක් වුනේ මාල දිවයිනේ හෝටලයක රැකියාව කරන්නෙක් බව.

    ඒ කතාවේ මෙහෙම දේවල් කියවෙලා තිබුනා..

    "මේක පිඟන් හෝදපු අත් දෙකක්"

    "මාත් පිඟන් හෝදලා ගොඩ ආපු එකෙක්"

    "උගේ අත් දෙකට මොනවා වුනත් මගේ හෝටලයට ඌව ගන්නවා"..

    ඒක තමා කතාවේ සාරාංශය..

    කවුරුන් හරි අර අතක් අහිමි හිටපු රියදුරුට සුදුසු රැකියාවක් ලබා දෙනවානම්. ධෛර්යවන්ත මනුස්සයෙක්. මම අහපු විදියට ඔහුගේ පුතාත් ආබාධිතයි.

    මටත් ප්‍රායෝගික හා සාධාරණ කියා මට හිතුනු හේතු මත, වරක් පාදයක් රහිත පුද්ගලයෙකුට විරුද්ධව කටයුතු කරන්න වුනා. මම කොපමණ සාධාරණ වුනත් නැතත්, ඔහුවත්, ඔහුගේ වයෝවෘද්ධ දෙමාපියනුත් දකින සෑම විටම මට ඇති වෙන්නේ මම කල දේවල් හරිද වැරදිද කියන දෙගිඩියාවක්. අර විනිසුරුතුමාටත් ඒ වගේ වෙන්න ඇති සමහර විට..

    ReplyDelete
  5. මමත් අද මේ ගැන පත්තරේ දැකල හිතුවෙත් මේකයි,
    ඒකෙ තියන්නෙ අවුරුදු 7ක් කියල ,
    අපි දන්නෙ නෑ පෙර වැරදි,
    ඒත් උපකල්පනය කරන්න පුළුවන් මේ මනුස්සයා අතක් නැතුව වුනත් අවුරුදු හතම කිසිම අනතුරකින් තොරව රිය පදවල කියල,
    ඉතින් මේ මනුස්සයා දක්ෂ රියදුරෙක් විය හැකියි,
    එහෙම තියද්දි මේ රියැදුරාගෙ වෘත්තියට පහර ගහන එක නිවැරදි නෑ,
    ඔහුට ප්‍රායෝගික ප්‍රශ්න එන්න පුළුවන් ඒත් ඔහුගේ බලපත අවලංගු කිරීම ගැන සිතිය යුතුයි,

    ReplyDelete
  6. ගොසිප් ගිය පසු එතන අයගේ කමෙන්ට් අනුව තවත් දෙයක් ඇඩ් කරන්න හිතුනා,
    මේ රියදුරා පව් තමා,
    ඒත් ඔහුගෙ අතින් නොවුනත් වෙන රියදුරෙක් නිසා මොහුගේ වාහනය හැප්පුනත් මොහුට ඒක ලොකු අවාසියක්,
    එහෙම වෙලා අහු වුනා නම් මීට වඩා ප්‍රශ්න,
    තියන නීති වලට අනුව මොහුට සහනයක් නෑ වගේ,
    ඒ ගැන රජය සිතිය යුතුයි,
    මොකද මොහුගේ පුතත් ආබාධිතයෙක් නිසා මේකනෙ එකම ජීවනෝපාය,
    ඇත්තට අරෙහෙ Gossip කමෙන්ට් වල කියනව වගේ පෙත්සමක් නැතුව මෙච්චරකල්වත් වාහනේ පැද්ද එකත් පුදුමයක් අපෙ රටේ,

    ReplyDelete
  7. ඒ රටේ පවතින නීතිය අනුව කටයුතු කළ යුතුයි.
    ලංකාවේ පොරගේ අත් නැතිවුනේ රියදුරු ලයිසම ගත්තායින් පස්සේද?
    මෙයාට වාහන පදවන්න පුරුදු කරන්නෙක් වෙන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. රිය පැදවීම පුහුණු කිරීමට පුහුණු කිරීමේ බලපත්‍රයක් ලබා ගන්නත් වලංගු රියදුරු බලපත්‍රයක් තිබෙන්න ඕනි. ඒ වගේම ආබාධිතයෙක් පුහුණු කරුවෙකු වීම රියදුරු ආබාධිත වෙනවාට වැඩියේ අවදානම්. මොකද පුහුණු වන්නා අතින් අනතුරක් වෙන්න ගියහොත් එය වලක්වා ගැනීමේ හැකියාවක් පුහුණුකරුට තිබිය යුතුයි.

      Delete
    2. ස්තානය තියෙන්නේ කිරිල්ලවල මහ විද්‍යාලය අසල..හරියටම කියනවනං පාසලට අල්ලපු හමුදා තොග ගබඩාව ඉදිරියෙන් ඇති මාවරමණ්ඩිය පාරේ..කිලෝ මීටරයක් පමණ ගියහම හම්බ වෙනවා රියදුරු පුහුණු පාසලක්...

      දැනට අවුරුදු 10කට කලින් තාත්තයි පුතයි ලර්නස් එක කරගෙන ගියා..වෙන අයකු පදවපු රථයක ගිහින් හැප්පිලා පුතාගේ එක කකුලක් කැපුවා.. ඒත් ඔහු ඉන් පසුවත් වාහන පැදවීම වගේම රියදුරු පුහුණුවත් හොඳින්ම කලා.. ඇත්තටම පළාතේ හිටිය හොදම රියදුරෙක්..මං හිතන්නේ නැහැ ඕක කරන්න බැරි දෙයක් කියලා..කතන්දර කියන දේ තමා ඔහුට ගැලපෙන්නේ...

      Delete
  8. ආබාධි අයව කොන්කරන්න නරකයි ඒ වගේමයි එයාලා විහින් කොන්වෙන්නත් නරකයි.මම උ/පෙ පන්ති යනකොට පුස්සැල්ල සර් අපිට පෙන්නුවා අත පය හතර අහිමි අවුරුදු 21 තරුණයෙක්ගේ වීඩියෝ එකක් එයා තමා දැන් ලෝකේ වැඩියෙන්ම මුදලක් අය කරන දේශකයා.එයාගේ නම නික් වුජිසි(nick vugici)යු ටියුබ් එකේ හෙව්වාම හම්බුවෙයි.ඒ පුද්ගලයා ලංකාවේ ඉපදුනානම් හිඟාකාලා වැඩියෙන්ම හම්බු කරන්නා වෙන්නත් තිබුණා.ඒත් ඒ කතාවෙන් ගන්න ආදර්ශයකුත් තිබුනා අතක් නැතිව ඉගෙන ගෙන අවුරුදු 21 වෙද්දි උපාධිය සම්පූර්ණ කරන්න තරම් ඔහු දක්ශ වෙලා තිබුනා...

    ReplyDelete
    Replies
    1. මම හිතන විදියට ඔබ කියන්නේ මේ කෙනා ගැන...

      http://www.lifewithoutlimbs.org/

      Delete
    2. මම හිතන විදියට ඔබ කියන්නේ මේ කෙනා ගැන...

      http://www.lifewithoutlimbs.org/

      Delete
  9. මගෙත් යාලුවෙක් ඉන්නව ඔහොම කෙනෙක්(බ්ලොගර් කෙනෙක්).එයාට ඩ්‍රයිවින් ලයිසන් එක දෙන්න බෑ කියල.ඒත් එයාට හොදට ඩ්‍රයිව් කරන්න පුලුවන්.දවසක් කොළඹ ඉදන් අනුරාධපුරේටම එයා කාර් එක ඩ්‍රයිව් කරන් ඇවිත් තිබ්බා.අම්ම අප්පච්චි පවුලේ අය ඔක්කොමත් දාගන.ආයම ගියෙත් එයාම ඩ්‍රයිව් කරන්.මට නම් පුදුම හිතුනා.

    ReplyDelete
  10. හැබැයි.. අවුරුදු පණහක් අත නැතුව කිසිම ප්‍රශ්ණයක් නැතුව පදවපු ඔක්කෝම එක තප්පරයක වැරැද්දකින් නැතිවෙන්න පුළුවන්....ඒක හින්ද එයාට ජීවත්වෙන්න වෙන ක්‍රමයක් හදල දෙන්න ඕනෙ.. ඒවගේම ලයිසන් එක කැන්සල් කරන්නත් ඕනෙ.

    ReplyDelete
  11. අබාධිත අයෙක් රියක් පැදවීම අනතුරුදායකයි එම රිය අබාධිත රියදුරෙකට සරිලන විධියට නැත්නම්.වාහනයක් ආබධිත රියදුරෙකුට ඩ්‍රයිව් කරන්න පුළුවන් විධියට සකස් කරගන්න එක ලොකු දෙයක් නෙවේ.
    මේක සමාජ ප්‍රශ්ණයක්.ආබාධිත උනා කියලා සමාජයෙන් අයින් කරන එක අසාධාරණයි. අපේ රටේ යුද්ධය නිසා කී දෙනෙක් ආබාධිත වෙලා ඉන්නවද? අපේ රටේ අබාධිතයන්ට හරස් වෙලා තියන නීති රීති වෙනස් වෙන්න ඕන කාලේ පැනලා හුඟක් කල්. දැන්වත් මේ ගැන කාගෙ කාගෙත් ඇස් ඇරෙනවා නම් හොඳයි.

    මෙතනින් බලන්න පුළුවන් ආබාධිත ඩ්‍රයිවර්ස් ලාට තියන ගැජට්: http://www.autoadapt.co.uk/

    ReplyDelete
  12. ආබාධිතයින්ට උදවු කරන ආයතන තුනකට මේ පුද්ගලයා ගැන දැන්වුවා. බලමු ඔවුන්ගේ ප්‍රතිචාරය :)

    ReplyDelete
    Replies
    1. තවම කිසි ප්‍රතිචාරයක් නැහැ.

      Delete
    2. එක් සතුටුදායක ප්‍රතිචාරයක් මේ වන විට ලැබී ඇත. ඒ රියදුරු සම්බන්ධ කර ගැනීමට උදවු කරන්න.

      Delete
  13. මට නම් කියන්න දෙයක් හිතාගන්න බෑ . ඒත් පැණිදොඩම් දාපු කමෙන්ට් එකත් එක්ක මට එකඟ වෙන්න වෙනවා දෑතම තියන පලපුරුදු රියදුරන්ටත් වැරදි වෙනවා ..ඉතින් කරදරයක් වෙන්නේ කියලා නෙවෙයිනේ . එක වැරදීමකින් ජීවිත කීපයකටම හානි වෙන්න පුලුවන්

    මම පොඩි එකා කාලෙදිත් මාව බයිසිකලේ තියාගෙන එහාට මෙහාට ගිය මගේ ලොකු මාමාගෙ පුතා පහුගිය 19 වැනිදා බයික් එක පාලනය කරගන්න බැරිව අනතුරකට ලක්වෙලා ජීවිතෙන් සමුගත්තා . ඒ අනතුර සිද්ද වුණේ එයාගේ වරදින් නෙවෙයි..නොසැලකිල්ලෙන් රිය පැදවූ එකෙකුගේ වරදින්

    මේ පුද්ගලයා පවු දැන් ඒ පුද්ගලායා මොනවා කරලා සල්ලි හොයන්නද ? අපිට ඉතින් මෙතන ඉඳන් ඒ මනුස්සයාගේ අඩුපාඩු බලන්න ලේසියි නියම දුක විඳින්නේ ඒ මනුස්සයා තමයි .

    kandyan කියලා තියන විදියට මේ වගේ ආබාධිත රියදුරන් වෙනුවෙන් සැකසූ උපකරන පාවිච්චි කරලා යම් විදියට නීති රීති වෙනස් කරලා ආබාධිත වුණත් දක්‍ෂ පලපුරුදු මේ වගේ පුද්ගලයන්ට වාහනයක් පදවාගෙන යන්න හැකි විදියට වාහනයක් සකස් කරගන්න පුලුවන් නම් ඒකේ ඒතරම් වදරක් නෑ .

    ReplyDelete
  14. මම මේ ළඟදී දැක්කා අත් දෙකම නැති කෙනෙක් පොඩි ප්ලේන් එකක් පදවනවා. එතකොට අර කකුල කපල නැවත්ත ප්ලේන් එලවපු රුසියානු පොතක ඉන්න පයිලට්. පිටරටවල ආබාධිත අය කොච්චර වාහන එලවනවද. සමහර විට ඔවුනට අවශ්‍ය ලෙස සුක්කානම හෝ අනෙකුත් පැඩල් වෙනස් කරලත් දෙනවා. හිඟාකන්නේ නැතුව මේ මනුස්සයා කොතරම් දෙයක්ද කරලා තියෙන්නේ. අත නැතුව වාහන පදවන උන් නෙමේයි අල්ලන්න ඕන. වෙද මහත්තයා කිව්ව වගේ මොළේ නැතුව වාහන පදවන උන්. අර ගල්කිස්සේ එකා වගේ පිස්සෝ..

    ReplyDelete
  15. ඔය පුවත උදෙ පත්තරේ දැක්කගමන්ම මටත් හිතුනෙ ඔබ තුමාට හිතුන දේමයි. ඒත් ඒ ඒක්කම ඔලුවට ආවෙ හදිසියෙන්වත් මෙ මනුස්සයා අතින් කියියම් අනතුරක් සිදුවුවානම් පත්තරවල යන සිරස්තල. කොහොමටත් ඔය මනුස්සයට කවුරුන්හො පිංවතෙක් ඔහුට කල හැකි යම් රැකියාවක් සපයනවනම් ........ මම හිතන්නෙ නෑ අවුරුදු 19ක් අතක් නැතිව වාහනයක් පදවපු කෙනෙකුට රැකියාවක් කල නොහැකියි කියා..

    ReplyDelete
  16. මේක මම අද ප්‍රධාන පුවත්පතක හෙඩිමක දැක්කා. ඒ වගේම ඊයේ මම බස් එකේ එනකොට දැක්කා ආබාධිත පුද්ගලයෙක් ත්‍රිවීල් එකක් පදිනව. ඒකේ පිටිපස්සේ ගහල තිබ්බා "මෙම වාහනය ආබාධිතයෙකු පදවයි" කියලත්. ඒ සිදුවීම් දෙක දින දෙකකදි දකින අතර වෙද මහත්තයා පෝස්ටුවකුත් දාලා.. එල... ;)

    සාමාන්‍යයෙන් දැන් ලයිසන් දෙද්දී මෙඩිකල් එකකුත් ගන්නවනේ. ඇස් චෙක් කරන සීන් හිටන් තියෙනව. මම හිතන විදියට බලපත්‍ර ගත්තට පස්සේ රියදුරාට වන ආබාධ ඊට පස්සේ හොයන්නේ නැහැ. අනික ඔය කියන අත නැති රියදුරා ගැන ඒ දෙමව්පියෝ හිටන් දැනගෙන ඉදල තියෙනවා. ඒ දෙමව්පියෝ දරුවෝ ගැන කිසිම තැකීමක් කරල නැහැ වගේ..

    ReplyDelete
  17. අබාදිතයින් ඉස්සරනම්, disable දැන්නම් differently able කියලනේ කියන්නේ! ඔවුනට අතදීම තමයි ඇති එකම වටිනාකම, අත දෙනවා කියන්නේ අනුකම්පා කරනවා කියන ඒක නෙවෙයි. මේ ආකාරයේ පුද්ගලයෙක්ට සාමාන්‍ය වාහනයක් එලවන්නට දෙන එක නීති විරෝදී වෙන්න පුළුවන්, නමුත් විශේෂිතව එම වාහනය සකස් කරන්න බැරි වෙන එකක් නැහැනේ! එවන් පුද්ගලයින්ට සමාජයේ වපර ඇසින් බැලීම නොකර යුතුයි, එම පුද්ගලයාද තමා දෙස එවැනි ආකාරයට බැලීමට අවස්තාවක් නොදිය යුතුයි. එය මා හොදින්ම දන්නේ මාද differently able යන ගණයට වැටෙන පුද්ගලයෙක් නිසා!

    ReplyDelete
  18. රටේ නිතීය අනුව මම හිතන්නේ ආබාධිතයන්ට ලයිසන් ගන්න බෑ..එහෙව් එකේ එහෙම අය වාහන පදිනවනං ඒක වැ‍රැද්දක්..විශේෂ වාහන තියෙනෙවා එහෙම අයට පදින්න....අපේ ගෙවල් ලඟ හමුදාවේ ඉදලා ආබාධිත වෙච්ච බුවෙක් ත්‍රීවීල් එකක් පදිනවා ඒකේ තඩි එල් බෝඩ් එකක් ගහලා තියෙන්නේ....

    ReplyDelete
  19. දුභාලයට තමයි හැම තැනින්ම කෙනෙහෙලිකම්.අත පය හතර හොඳට තියෙන රියදුරෝ මෙහෙම හප්පගද්දී ඒ මනුස්සය සැබෑ දක්ෂ රියදුරෙක්..

    ReplyDelete
  20. මමත් හිතන්නේ එයා අතක් නැතුව මෙච්චර කල රිය පැදෙව්වා කියන සහතිකයම ඇති ඔහුගේ රිය පැදවීමේ හොඳ කමට
    අතපය හතර හොඳට තියෙන උන් බීල පිස්සු කෙළගෙන වාහන හප්පන රටේ මෙච්චර හොඳට වාහන පදින අතක් නැති මනුස්සයට කරපු දේ ලොකු අසාධාරණයක්
    ඔටෝ ගියර් වාහනයක් එයා වගේ කෙනෙකුට කිසි කරදරයක් නැතුව පදින්න පුළුවන්
    මම විශ්වාස කරන්නේ අබාධිත කම කියන්නේ යමක් කල නොහැකි බව මිසක් ශරීරයේ අඩු පාඩුවක් කියන එක නෙමෙයි
    අතපය ඔක්කොම හොඳට තියෙන හැම කෙනාටම බැරි දේවල් එක අතක් කකුලක් තියෙන මිනිස්සු හොඳට කරනවා, ඒකට හේතුව එයාලගේ කැප වීම
    මේ මනුස්සය ඔප්පු කරලා තියෙනවා එයාගේ සාර්ථක බව අවුරුදු 19 ක් තිස්සේ
    ඒ නිසා බලපත්‍රය තහනම් කරපු එක ලොකු අසාධාරණයක්

    ReplyDelete
  21. අනිවා..මේවගේ වීරයෙන් ජිවිතේ ගෙනයන පුද්ගලයන් ගැන රජය වඩාත් සැලකිලිමත් විය යුතුයි..ලංකාවේ නිතිය අර නඩුයි බඩුයි හාමුදුරුවන්ගේ ඝනයටනේ අයත් වෙන්නේ...අනිච්ජේ..දුක්කේ

    ReplyDelete
  22. ලයිසන් ගන්න තියෙන ට්‍රයල් එක හරියට පාස් නම් අබාධිත යිද නැද්ද බලන්න ඕනෙද?
    (අපේ රටේ ලයිසන් ට්‍රයල් පාස් වෙන්නේ හැකියාවෙන් නොවේ පගාවෙන් බව වෙන කතාවකි. ඒක වෙනම කතාකරන්න ඕනේ.)
    මගෙත් හොඳම යාලුවෙක් ඉන්නවා අතක් නැති - එයාට හොඳට ඩ්‍රයිවින් පුළුවන්.
    දෙයක් කරද්දී ඒ පුද්ගලයාගේ හැකියාව මිසක් වෙන දේවල් අදාළ නැහැ කියලයි මම නම් හිතන්නේ. කව්රු හරි ඔප්පු කරනවා නම් යමක් එයාට පුළුවන් කියල - එච්චරයි.

    ReplyDelete
  23. කවුරුන් මතවත් යැපෙන්නෙ නැතිව රටට බරක් නොවෙන අාබාදිතයන්ට සාධාරණය ඉටු විය යුතුයි.

    ReplyDelete
  24. ඔබගේ අදහසට මාත් එකඟයි . මෙවනි විනීත අබාධිත රියදුරන් සඳහා සාධාරණයක් ඉටු විය යුතුයි .
    …මගෙත් ඉතාමත් ලඟ මිත්‍රයෙක් ඉන්නවා යුධ හමුදා නිලධාරියෙක් අබාධිත . ඔහුගේ දෙපා පණ නෑ . ඔහුට ඒ සඳහා විෂේශයෙන් සකස් කල රථයක් තියෙනෙවා . අප පවුලේ සැවොම බොහෝ විනෝද චාරිකා යන්නේ ඔහුත් සමඟයි . අබාධිත නොවූ කෙනෙකුට වඩා බොහෝ විශ්වාසයෙන් අපි ඔහුත් සමග යන්නේ .

    …මේ කියන රියදුරු මහතාටත් සහනයක් සලසනාවානම් හරිම අගෙයි ඔහුගේ එකම ආදායම්
    …මාර්ගය මෙය නිසා .

    ReplyDelete
  25. මං ඉන්න පැත්තෙ, ජංගම දුරකථනයකින් කතා කරමින් රිය පැදවීමට දඩය $ 200 යි

    ReplyDelete
  26. ඒ මනුස්‌සය පව්.දැන් කොහොම ජීවත් වෙන්නද?මෙ පැත්තෙත් ආබාධිත පුද්ගලයෙක්‌ ඉන්නව විශේෂ රථයකින් ලොතරැයි අලෙවිකරන.

    දැන් සිදුවෙන බොහෝදේවල් වලට වගේම රිය අනතුරු සිදු වීමටත් ලොකු හේතුවක්‌ තමයි,ජංගම
    දුරකතන.

    ReplyDelete
  27. ආබාධිත අය හොදයි අතපය තියනඅයට වඩා. මේ අවු.19ටම වැරැද්දක් නැත්තෙ ඉතාම සැලකිල්ලෙන් පදවපු නිසා වෙන්න ඇති.

    ReplyDelete
  28. බුස්ස හමුදා කඳවුරේ 2000 වසරේ පමණ සේවය කල දෙපා පණනැති වූ මේජර් වරයෙක් තම මෝටර් රථය සම්පුර්ණයෙන් අතින් ක්‍රියා කල හැකි අන්දමට සකස් කර ගෙන තම බිරිඳ සමග ගමන් බිමන් ගිය බව දනිමි.

    ReplyDelete
  29. නීති ගෑණිගෙ ඇස්දෙක බැඳල තියෙන්නෙ මෙන්න මේවගේ නීතියට අනුව හරි උනත් හදවතට එකඟ නැති තීරණ ගන්න පහසු වෙන්න

    ReplyDelete
  30. ආබාධිත රියැදුරා ගැන හැමෝම වගෙ කතා කරලා තිබ්බනෙ. එතකොට කොහොමද අර මෝටර් රථ රියැදුරාගෙ මහත්මාකම?

    " මේ කාලකන්නියට විරුද්ධව මම නීතියට ගිහින් මුගෙන් මට මොනවා ගන්නද? අනික මේකාව හිරකලොත් කවුද මුගේ ළමයින්ට කන්න දෙන්නෙ. ඔන්න ඔහේ ගියදෙන්."

    වාහනවලට පැනලා වන්දි ගන්න බලනවුන් ඉන්න රටේ, අනතුරක් වුනාම පාරෙදිම නඩු අහලා රියැදුරාට නෙලලා වාහනෙත් ගිණිබත් කරන රටේ, මෙහෙමත් මිනිස්සු ඉන්න එක වාසනාවක්.

    henryblogwalker the Dude.

    ReplyDelete
  31. දුකා කිව්වා දේ හරි. අර බීල එලවන කතා කියන ඇමතියට ටොක්ක දෙන්න බැරිනම් අහිංසකයින් අල්ලන් මොකක් කරනවද? කොහොමත් මකුළු දැල් වලට අලි අහුවෙන්නේ නෑ නේ නේද?

    ReplyDelete
  32. ඔබ හරි හික්මීමයි වැදගත්. මමත් ඔය පුවත දැක්ක... අසාධාරනයක් ඒ මනුස්සයට. දැන් එතනින් එහාට මොකද එයා කරන්නේ. ඒ මනුස්සයට ජීවිකාවක් හොයල දුන්නොත්..

    දුකා කිව්ව වගේ අර වෙල්ගම උන්නැහේ ට කෝ නීතිය ?

    ReplyDelete
  33. මේ ලිපියබැලුවම කියන්න ඕනෙකියල හිතුන,මමඉන්න මෙරටේ ආබාධිතයන්ට(රියදුරන්ට විශේෂයෙන්)ගොඩක්සහන තියෙනව.වාහනයක් ගන්නවානම් වට්ටම්,ගෑස්වාහනයක හිමිකම,බදුවලින් නිදහස,පොදුගමනාගමන සේවාවලදී වට්ටම් වගේගොඩක්දේ.නමුත් ලංකාවෙඅඩුමගානෙ රණවිරුවන්ටවත් ලයිසන්එකක්(ආබාධිතඅයට )ගන්නපුලුවන්නම් කොච්චර දෙයක්ද.මගෙත් හදිසිඅනතුරකින් අතක් ආබාධිතයි මෙහෙආවට පස්සේ.නමුත් අපිටමේරටේ වාහන එලවන්න පුලුවන්කිසිගේමක්නැ..ඒත් ලංකාවේදි නීතිවිරෝධීයි.ඕක ලංකාවේහැටිනෙ...

    ReplyDelete
  34. අදමයි මේ පැත්තට ආවෙ, මේකට සමාන සිද්ධියක් මමත් දැක්ක නුගේගොඩදි. කොහුවල බස් නැවතුමේ ඉන්නකොට පිළියන්දල පැත්තෙ ඉඳල අධි සුඛෝපභෝගී ජීප් එකක් ආව, රෙජිස්ටර් කරලවත් නැති නිසා මම නිකමට බැලුව. මම බලද්දි රියදුරා ෆෝන් එක දිහා බලාගෙන හිටියෙ. මම බලන් ඉද්දි ඔහු හරියටම විනාඩි තුනක් විතර ඉදිරිය නොබල ට්‍රැෆික් එකේ ගියා. එක පාරටම ඉස්සරහ වාහන ටික නැවතුනා, මෙයා ෆෝන් එක දිහා බලාගෙන ගිහිල්ල ඉස්සරහ තිබුණ කැබ් එකේ ඇන්න... එතකොටයි මිනිහ ඔළුව උස්සල ඉස්සරහ බැලුවෙ.. කවුරු හරි කෙනෙක් මේක ඉස්සරහින් පාර පැන්නනම් ඒත් ඔච්චරයිනෙ...

    ReplyDelete
  35. මම දන්න විදියට ආභාදිත අයෙකුට විශේෂ වෙනස්කම් කරන ලද ත්‍රී රෝ රථ පැදවිය හැකියි. නමුත් එම රථයේ පැහැදිලිව සඳහන්විය යුතුයි ආභාධිත අයෙක් රිය පදවන බව.

    කෝට්ටේ සෙවන ළමා නිවාසයේ ගුරුතුමියකගේ සැමියා වන අයෙක් දැනට වසර 15කට පමන පෙර සිට එවන් ත්‍රී රෝද රථයක් පදවනවා.

    ReplyDelete
  36. මහ වෙදනා මොකද සද්දයක් නැත්තෙ.....

    ReplyDelete
  37. මහ වෙදනා මොකද සද්දයක් නැත්තෙ..

    ReplyDelete
  38. වෙද ගෙදර මහ වෙදනා මහතාණෙනි,

    දියවැඩියාව තදින් පවතින එමෙන්ම රක්තවාතය යැයි ආයුර්වේදයේ පැවසෙන තුවාල සහිතව එම තුවාල වලට ප්‍රතිකාරගැනීඑම සඳහා රෝහල් ගත කර ඇති වයස 85 ඉක්මවා ඇති රෝගී අයෙකුට ලුනුකැඳ සහ එලවලු සුප් සැකසීමේදී ගත නොගත යුතු දෑ මොනවාද ?

    ඉක්මන් පිලිතුරක් දිය හැකිනම් ඉතා අගනේය.

    ඔබට පිංසිදුවේවා.
    (මෙය publish නොකලත් කමක් නැහැ)

    මම මිගාර

    ReplyDelete
  39. It also has a seven meter long flag pole that is the most remarkable feature of the place. Many tourists and travelers have visited the place and were very mush astound with its remarkable and delightful Watch Latest News At Gossiplankaupdates.

    ReplyDelete