Tuesday, January 10, 2012

සත්‍යයේ දිග පලල.







මේ ලිපිය මගේ අතින් කවදාවත් නොලිය වෙන්නයි තිබුනේ. නමුත් මට හිතුනා මගේ ජීවණ වෘත්තිය වන ආයූර්වේදයටත්, මගේ මුළු දිවියම කැපකළ ආයූර්වේදයටත් මගෙන් යම් කිසි සාධාරනයක් ඉටුවිය යුතුයි කියා. ඒ නිසයි මම මේ ලිපිය ලියන්නේ. මෙහිදී මම උදක්ම බලාපොරොත්තු වනවා, මෙන්න මේ කරුණු තුන ගැන ඔබ සාධාරනව සිතයි කියා.

1. මම හැම විෂයක්ම දෙස බලන්නේ කාලයට අනුවයි. පරිණාමය කියන්නේ හැම විෂයකටම පොදු දෙයක්. ඒ නිසා කාලයෙන් කාලයට විෂයයන් වෙනස් විය හැකියි.

2. අනික තමයි මම හැම වෙලේම සියළුම විෂයන්ගෙන් දැනුම ආයූර්වේදයට උරාගත යුතුයි කියන තැන ඉන්නෙ.

3. ආයූර්වේදයේ දැනුමත් ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක තමන්ගේ විෂය සංවර්ධනයට යොදා ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි.

ආයූර්වේදය කියන්නේ ඉතාමත් ඈත කාලයක තිබුනු දියුනු විද්‍යාවක්. මේ කාලයේ විද්‍යාවේ ස්වභාවය වෙලා තියන්නේ සියළුම විෂයන් එකට දියුනු වීම. එනම් උදාහරනයක් ගත්තහම වෛද්‍ය විද්‍යාව, දර්ශනය වගේ විෂයන් සහ භෞතික, රසායන විද්‍යාවන් පවා එකම විෂයක් විදියට තමයි බොහෝ විට හමුවන්නේ. චරක සුශ්‍රැත කියන ආදිම ග්‍රන්ථ ගත්තහම මේවාවල වෛද්‍ය විද්‍යාත්මක දේ වලට අමතරව දර්ශනය, භෞතික රසායනික විද්‍යා පමණක් නෙමෙයි කර්මාන්ත සම්බන්ධ විද්‍යාවන්, ගෘහ නිර්මාණය වගේ විෂයනුත් අන්තර්ගත බව පෙනෙනවා.

නමුත් බටහිර විද්‍යාවන් මෙහෙම නෙමෙයි සියල්ලම වෙන් වෙන් වශයෙන් වෙනම විද්‍යාවන් ලෙස තමයි දියුනු වෙලා තියන්නේ.

මගේ මේ ලිපියේ අරමුන මෙන්න මෙහෙම මම කියන්නම්. මට අවශ්‍යයි ආයූර්වේදය කියන විද්‍යාවක් කිසිම විද්‍යාවකට නොදෙවෙනි විද්‍යාවක් බව කියන්න. ඒක තමයි මම මේ කරන්න හදන්නේ. ඊලඟ අරමුණ තමයි අද මේ දැනුම අපට නැත්තේ ඇයි කියලා ඔබට පැහැදිලි කරලා දෙන එක. ඒ වගේම අනාගතයේදී මේ විද්‍යාවට වෙන්නෙ මොකක්ද කියලා මගේ අදහස ඔබට කියන එක.

මගේ වැදගත්ම අරමුන තමයි ආයූර්වේදය කොයිතරම් නවීන විද්‍යාවන්ගේ දියුනුවට බලපෑම් කරලා තියනවද කියලා කියන එක. මෙන්න මේ අරමුනු කීපය වෙනුවෙනුයි මම ලියන්නේ. මේ ලිපිය දිග වැඩි වුවොත් කොටස් දෙකකට දමන්නම්.

ලෝක ප්‍රසිද්ධ සුශ්‍රැත සංහිතාව කියන ග්‍රන්ථය අපේ රටේ දන්නේ නැති වුනාට ලෝකයේ බොහෝ ශල්‍ය වෛද්‍යවරු භාවිතා කරනවා.

මේවා මිනිසා සොයාගත් දැනුම. මෙවැනි දේ භාවිතා කිරීමේ අයිතිය ඕනෑම කෙනෙක්ට තිබිය යුතුයි. අපේ උන් පාවිච්චි නොකරනවා නම් වෙනත් අයවත් ඒ ගැන උනන්දු වෙන එක සතුටක්. හැබැයි මුල් වුනු අයගේ ගෞරවය තියන්න ඕනෙ. ඒක විතරයි විය යුත්තේ. මම දන්න තරමින් මේ බටහිර වෛද්‍යවරු (සුද්දො ) ඒක හරියටම කරනවා. අපි තමයි එහෙම නැත්තේ.

කොහොමින් හරි සුශ්‍රැත කියන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පියා. ඒකයි. නමුත් ඉතිහාසය ගත්තම සුශ්‍රැත කියන්නේ මහා සෘෂි ධන්වන්තරීගේ ගෝලයා. ඒ කියන්නේ ධන්වන්තරී එයිට කලින් ශල්‍ය විද්‍යාව දැන සිටි බව නේද?

එහෙනම් මේ වෛද්‍ය විද්‍යාවට පියවරු නැහැ කියලා තමයි මම කියන්නේ. මම ඒකට උදාහරන කීපයක් ගෙනෙන්නම්.

1. ඔබ දන්නවා කලල විද්‍යාවේ පියා වුනේ සර් විලියම් හාවේ. 16 වන ශත වර්ශයේ සිටි කීර්තිමත් වෛද්‍යවරයෙක්. මෙතුමාම තමයි රුධිර සංසරණය ගැන මුලින්ම කියා ඇත්තේත්. නමුත් මම මේ කියනා සුශ්‍රැත සම්හිතාව වර්ෂ දහස් ගනනකට පෙර කළල විදයාවත්, රුධිර සංසරනයත් ගැන ඉතාමත් නිවැරදිව ප්‍රකාශ කලා. ඔබ සුශ්‍රැත සම්හිතාවක් ගෙන බලන්න.

1. සුශ්‍රැත සම්හිතාව ශරීරස්ථානය 4. ගර්භ ව්‍යාකරන ශරීර අධ්‍යාය.
2. සුශ්‍රැත සම්හිතාව උත්තර තන්ත්‍රය 43. හෘද්‍රෝග ප්‍රතිෂේධ අධ්‍යාය.

මේ කියන කොටස් වලින් ඔබටම තේරුම් යයි මම කියනා දේ. නමුත් ඒ නිසි ගෞරවය ඔවුන්ට ලැබෙනවාද????

ඒ විතරක් නෙමේ අපි කියනවා ආයූර්වේදය ගර්හිත විද්‍යාවක් කියලා. අපේ තරම තමයි ඒ.

එතකොට සුද්දා සුශ්‍රැතට නිසි ගෞරවය දෙමින් ඒ දැනුම ලබා ගන්නවා. අපි ඊට පස්සේ සුද්දගෙන් ඉගෙන ගෙන කියනවා. සුද්දා තමයි සුද්දා අපේ උන්ට බැහැනේ මෙහෙම දෙයක්වත් කියලා. මේක තමයි යථාර්ථය නමුත් මේ දේවල් අපි කවුරුත් දැනගත යුතුයි. ඉගෙනගත යුතුයි.

මේ සුශ්‍රැත සංහිතාවේ සඳහන් වචනයක් ගැන පමණක් මම ඔබට කෙටි විවරනයක් ගෙනෙන්නම්.

පුරුෂඡේත්තා
පුරුෂඡේත්තා යනු අර්ථයෙන් - බිඳුනු ඇට සන්ධි කිරීම, ප්‍රනෂ්ට ශල්‍ය උදුරා දැමීම, ආදී ශල්‍ය කටයුතු වලට කියන නමයි.
මෙම වචනයේ අපභ්‍රංශ වශයෙන් පයස ඡිස්ත්තාස ලෙසද, එයම මිසරීය වශයෙන් ඩිසෙක්ටර් ලෙසද වෙනස් වී ඉංග්‍රීසි ඩිසෙක්ටින් යන වචනය ඇති විය.

සුශ්‍රැතගේ කාලයේ x - රේ නොතිබුනු නමුත් නොයෙක් ප්‍රලේප වරග අදාල ස්ථානයේ ආලේප කල විට, මුත්‍රගල්/ යමක් ඇනුනු විට කොතරම් ශරීරය තුලට එය ගොස් ඇත්ද/ මූඪ ගර්භ බැහැර කිරීම ආදියේදී මෙම ප්‍රලේප ආලේප කල විට ඉතා හොඳින් එම ආගන්තුක ද්‍රව්‍ය පෙනී ඇත. නැතහොත් ශරීරාභ්‍යන්තර බලා ගැනීමට හැකි වී ඇත.

තවත් වැදගත් දෙයක් වන්නේ සම්මෝහ නිද්‍රාවයි. එනම් රොගියාගේ සිහි නැති කිරීමයි. මේ සදහා ඉතා පහසු උපක්‍රමයක් යොදාගෙන ඇත. රොගියාගේ මුහුනට සන්මෝහිනී ඖෂධය ප්‍රලේප කොට නිද්‍රා තත්ත්වයට පත්කොට ඇත. සිහි ගැන්වීමට සඤ්ජීවනී නම් වෙනම ඖෂධයක් යොදාගෙන ඇත.

හෘත් රෝග කියා අප හඳුන්වන ශාස්ත්‍රය ඈත අතීතයේදීත් භාවිතා වෙලා තියනවා. හෘද්‍ය ආශ්‍රයෙන් රුධිර සංසරන පද්දතිය ගැන දැනුමත් තිබී තියෙනවා. ඔබ දන්නවද හෘත් නාඩී අද අපි ECG නමින් හදුන්වන දේ ගැන යම් දැනීමක් එකල තිබී ඇති බව. ඉහත සුශ්‍රැතයේම ඒ ගැන සඳහන් වෙනවා. නොයෙක් නාඩී වරග මේ සඳහා භාවිතා කල බව එහි සඳහන් වෙනවා. මම ඔබට කීපයක් කියන්නම්. හැබැයි මට මේ හෘද් රෝග පිළිබඳ ප්‍රාමාණික දැනුමක් නැහැ. මම වෙනත් විෂයක් පිළිබඳ මගේ අධ්‍යාපනය හදාරලා තියන්නේ. නමුත් මම කියවා ඇති දේ අනුව මම මේ කියන්නේ.

1. ගෙබි නාඩිය - නමින් හඳුනවන නාඩිය. මෙහිදී හෘදය ගැස්ම ගෙම්බෙක්ගේ පැනීමකට සමාන කරලා තියනවා. මේක හරිම පහසුවෙන් ඉගෙනගත හැකියි.
2. නයි නාඩිඩිය - නයෙක් ගමන් කරනා පිළිවෙලට ඇතිවන ක්‍රමාණුකූල නාඩිය. මෙයත් යම් පලපුරුද්දක් ඇති අයෙක්ට ඉතා පහසුවෙන් අල්ලා ගන්න පුළුවන්.
3. අශ්ව නාඩිය - මෙහිදී යම් හදවත් රෝගී අයෙක්ගේ නාඩී ඇතිවන අයුරු විග්‍රහ වෙනවා. එනම් අශ්වයෙක් පනින පිළිවෙලට හදවත ගැහීම.

මෙවැනි තවත් දහසක් නාඩීන් විස්තර වෙලා තියනවා. ඒවාවල ඇති විශේෂත්වය තමයි මෙම තත්ත්වයන් විස්තර කිරීමේදී ඉතාමත් පහසුවෙන් අවබෝධ කර ගැනීමට හැකිවන සේ ස්වභාව ධර්මයේ නිර්මාණයක්ම උදාහරනයට ගෙන විස්තර කිරීම.

අද ලෝකයට අභියෝගයක් වෙලා තිබෙන සමහර රෝග සුව කර ගැනීමට ආයූර්වේදය යොදා ගැනීමට බටහිර වෛද්‍යවරුනුත් දැනට පුරුදු වී සිටිනවා. ඒ වැනි එක රෝගයක් තමයි පුරුෂ මඳ සරුභාවය ලෙස හඳුන්වන තත්ත්වය. මේ රෝගය සුව කර ගැනීමට ලෝකයේ කිසිම වෛද්‍ය විද්‍යාවකට හැකි වී නැහැ. නමුත් ආයූර්වේදය ඉතාමත් සාර්ථකව මේ තත්ත්වයට ප්‍රතිකාර කරනවා. බටහිර සිටින දියුනු මනසක් ඇති සමබරව සිතන වෛද්‍යවරු අද මේ ආයූර්වේද ප්‍රතිකාර ක්‍රම දියුනු කිරීමට උදව් කරනවා. ඒ පුදගලයෙක්ට කරන උදව්වක් ලෙස මම හිතන්නේ නැහැ. විය යුත්තේ ඒකයි. මේවා පොදු දේවල්. බටහිර වේවා ආයූර්වේද වේවා මේ හැම දෙයක්ම තිබෙන්නේ මහජනතාවට. එහෙනම් ඒ සේවය ලබා දෙන එකයි වෛද්‍යවරයාගේ යුතුකම්.

මේ දේවල් එකපාරටම පිරිහුනා නෙමෙයි. මේක කාලයේ තවත් එක් විපර්යාසයක්. පරසතුරු ආක්‍රමණත් හේතු වූවා. නමුත් වඩාත් බලපෑවේ අභයගිරිය, ජේතවනය වැනි මහා විහාරය වැනි ලෝ ප්‍රකට විශ්ව විද්‍යාල ලංකාවෙනුත්, තක්ෂිලාව වැනි මහා විශ්ව විද්‍යාල ඉන්දියාවෙනුත්, ඇලෙක්සැන්ඩ්‍රියා වැනි විශ්ව විද්‍යාල ග්‍රීසියෙනුත් නැති වී යාම. මේ නිසා ක්‍රමාණුකූලව අධ්‍යාපනය ලබාදෙන ආයතන නැති වී ගියා එපමනක් නෙමෙයි එම විෂයන් එවිට පරම්පාරිකව හැංගී ගියා. එතනින් ඒවා සංවර්ධන වීම නැවතුනා. ලෝකයේ රටාව වෙනස්වී බටහිර කාර්මීකරණය වෙන අවධියේ මේ විශ්ව විද්‍යාල තිබුනා නම් තත්ත්වය වෙනස් වීමට තිබුනා. නමුත් ඒ දේ වුනේ නැහැ.

කොහොම හරි දැන් විද්‍යාව ඉතාමත් දියුනු වී තිබෙනවා. වාසනාවකට ආයූර්වේදය බුදු දහම වැනි විෂයන්වල මූලික සංකල්ප ඉතිරි වී තිබෙනවා.

මේ හැම එක් කරගෙන අපේ විද්‍යාවන් දියුනු කිරීමට කාලය මේක නේද?

සමහර විද්‍යාවේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු අපිට අපේ විද්‍යාවන් ඇසුරින් දෙන්න පුළුවන් වෙයි.

එතකොට අපේ රටවලත් දාර්ශනිකයෝ බිහිවෙයි. අපි උත්සාහ කරමු....


මේක තියන්නේ අපේ දරුවන් අතේ. අපි එයාලට පාර පෙන්නමු.

මෙතැන තිබෙනවා පෙර ශල්‍යකර්ම සදහා යොදාගත් උපකරන කීපයක්. මෙවැනි උපකරන දහස්ගනනක රූප මාසතුව තිබෙනවා.

52 comments:

  1. ගොඩාක් දේවල් දැනගත්තා :))

    ReplyDelete
  2. හොඳ ලිපියක්

    මෙවැනි ලිපි බ්ලොග් වලි එහා මාධ්‍ය වලට යනවනම් ගොඩක් වටිනවා

    ReplyDelete
  3. වටිනා ලිපියක් ... ඔබට ස්තූතියි...

    නොදන්න කමට අහන්නේ... සමහර වෙදැදුරන් නාඩි අල්ලා බලා ගර්භණී ද යන්නත් පවසනවා ... ඒත් ඔයාකාරයටද ?

    ReplyDelete
  4. ඉතා වැදගත් ලිපියක්. නිශ් කිව්වා වගේ බ්ලොග් වලින් පිටතට යා යුතු දැනුම මේවා. කෙටියෙන්ම මේවා සොයා යාම හා හෙලිකිරීම ජාතික යුතුකමක්. අර කලින් ලිපියේ ගල උඩ පැහැරූ ඇනෝවා වෙනත් අරමුණකින් එහෙම කළා වුනත්, ඌ කියපු ජාතියේ චින්තනයකින් ඉන්න හිපියන් මේවා දකින්න ඕනි.

    මේ දේවල් සාමාන්‍ය ජනමාධ්‍ය කරා ගෙන යන්න ඕනි. අවස්ථා ලබා ගන්න අමාරු වෙයි බොහෝ විට. ඒ වුනත් ඔබතුමා උත්සාහ කර බලන්න..

    ඔබතුමාට මතක ඇති අපි කලින් දෙයක් කතා කළා. ඒ දේ කොහොම හරි කරමු. අද මම ඔබතුමාට ඒ ගැන ඊයක් එවන්නම්.

    ReplyDelete
  5. බොහොම වටින ලිපියක්.දීර්ග වාදයකට මුලපිරූ ඇනෝට හොඳ පිළිතුරක් වේවි.

    ReplyDelete
  6. අර මෝඩ ඇනෝ මේකෙන්වත් තේරුම් ගනීද

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. බොහොම වටිනා මාතෘකාවක් වෙදමහත්තයෝ...
    මේ ගැන දැනුම හැමෝටම බෙදා දෙන එක ගොඩක් වටිනවා
    ඉදිරියට මෙවැනි ලිපි තව තවත් ඔබෙන් බලාපොරොත්තු වෙනවා
    ජය..

    ReplyDelete
  9. නොදන්නා කරුණු කීපයක්ම දැනගත්තා . ශරීර අභ්‍යන්තරය බලාගත හැකි ආලේප ප්‍රලේප වර්ග සුශ්‍රැතගේ කාලයේ තිබුන බව ලිපියෙන් තමා දැනගත්තෙ .හරිම විස්මිතයි හිතනකොටත්. බටහිර හා ආයුර්වේද වශයෙන් වෙන් නොකට මේ දැනුම මිනිසාගේ ප්‍රයෝජනය සඳහා යොදවනවානම් මොනතරම් සේවයක් මිනිසා වෙනුවෙන් කල හැකිද කියා සිතුනා .

    මෙවැනි වැදගත් ලිපි අනිත් අයත් කියනව වගෙ මේ බ්ලොග් අවකාශෙන් පිටතට ගෙන යෑම අප සියලු දෙනාගෙම යුතුකමක්. ඔන්න මමනම් මගේ මූණු පොතටත් සම්බන්ධ කරගත්තා.

    බොහොම ස්තූතියි ඔබ මේ කරන සේවයට. මේ ඔබගේ පුද්ගලික වාසියක් සඳහා කරන සේවක් නොවන බව හොඳින් දන්නවා. මේ අප සියලු දෙනාගෙම යහපත සඳහා කරන දෙයක් බැවින් , අපගේ ස්තූතිය පුදකර සිටිනවා .

    ReplyDelete
  10. වෙද ගෙදරට ජය... වැදගත් ලිපියක්.. ඉංග්‍රිසි ඖෂධවේදය හදාරන නිසා මේ ටිකට වැඩි අවධානයක් යොමු වුණා

    //මේවා මිනිසා සොයාගත් දැනුම. මෙවැනි දේ භාවිතා කිරීමේ අයිතිය ඕනෑම කෙනෙක්ට තිබිය යුතුයි.//

    සිංහල වෛද්‍යය ක්‍රමයේ ගුරැමුෂ්ඨි නිසා තමයි ගොඩක් දුරට මේ වෛද්‍යය ක්‍රමහ අභාවයට ගියේ. ඇත්තටම වෙදමහත්තයා දරන උත්සාහය අගයමි..

    ReplyDelete
  11. ඇයි අර හම්බයො ගිණි තියාපු නාලන්දා විශ්ව විද්‍යාලය!
    අපේ උන්ට කෙළවෙලා තීන්නෙ අන්තගාමීකම නිසා. කට්ටියක් සුද්දට පළු යන්න බනිනව රට කෑඅව කියල. තව කට්ටියක් උස්සල දෙනව සුද්දට වඩා කෙනෙක් නෑ කියල. හොඳ නරක සමව දැක හොඳ අරන් වැඩේ කරගන්න දන්නෙ නැති නිසා හැමදාම එක තැන. වටින ලිපියක්, බලමු ඇනෝලගෙ කතා කොහොමද කියලත්!

    ReplyDelete
  12. මං දැකලා තියනවා කාලෙකට ඉහත පත්තරයක තිබුනා බුද්ධදාස රජසමයේ ශල්‍යකඒම සඳහා භාවිතා කල උපකරණවල පින්තූර. දැක්කාම විශෟවස කරන්නත් අපහසුයි අතීත විස්කම් ගැන. අතීතරයේ සිට පැවති හොඳ වෛද්‍ය ශිල්පයක් කියා අමඅතුවෙන් කියන්නත් දෙයක් නෑ. එහෙත් අපි නොදන්නා දේ සමග රැගෙන එන මේ ලිපි පෙළ මමත් දැන් ආසාවෙන් කියවනවා. ගොඩක් හොඳයි. අපිට මේවා ගැන නොදන්න දේ පෙන්වනවාට. අපේ උරුමයන් ගැන.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ගොඩාක් වටිනා ලිපියක්. ගොඩාක් දේවල් ඉගෙනගත්තා.

    අර හදවත ගෙම්බා පනිනවා වගේ ගැහෙන එක ඇත්තම ඇත්තයි. එතකොට ඉතින් මගේ ගෙම්බා මතක් වෙලා හිනාත් ගියා.:D

    ReplyDelete
  15. කලින් ලිපියේ ගිය සංවාදයට වෙදනා හොඳ උත්තරයක් දෙයි කියලා මම දැනන් හිටියා... නියම ලිපියක්... ඉන්දික කිව්ව වගේ නරක දේ බැහැර කරලා කාගෙන් හරි කමක් නෑ හොඳ එකතු කර ගත්තා නම් අපි මීට වඩා තැනක ඉන්නවා. කරුමෙට මෙහෙට එකතුවුනේ නරක විතරයි...!!!

    ඔබතුමාගේ උත්සාහය අගය කරනවා... ජයවේවා !!!

    ReplyDelete
  16. ගොඩක්ම වටිනා ලිපියක්..ගිම්හානි කිව්ව වගේම මේ දැනුම අනිත් අයත් එක්කත් බෙදාගන්න ඕනා..

    මම නම් ආයුර්වේදය එකහෙලාම පිලිගන්නවා..
    ආයුර්වෙදය ගැන අපේ රට අයගේ සමහර වෙලාවට සැකයක් තියෙන්නේ..ඒක වෙළදාමක් කරගත්ත කපටි ඒ ගැන දැනුමක් නැති අය ඒක විනාස කරලා නිසා..

    මහ වෙදනා මේ කරන සේවය ලොකු දෙයක්..ඉස්සරම ඉංදියාවේ උගන්නන වේද ක්‍රම අතරින් ආයුර්වේදය නේද ප්‍රදානම තැනක් ගත්තේ..?

    ආසයි දැනගන්න මේවා ගැන..පසුකාලීන ගැටලු එන්නේ නැති ප්‍රථිකාර ක්‍රමයක් තියෙන එක කොච්චර වාසනාවක්ද..

    ReplyDelete
  17. අනේ අර කලින් පොස්ට් එකෙ ඇනොට කොහොමගරි මෙක පෙන්නලා මෙකටත් මොනවහරි කිවන්න බලන්නකො අප්පා..

    ReplyDelete
  18. එක අතකිං බලද්දි අපි ඔක්කොම එකතු වෙලා ආතල් ඇනෝට ස්තුති කරන්න ඕනෙ. . . . උන්දැ නැත්තං මේ ලිපිය මලාට ලියවෙන්නෙ නැතිබව මට පට්ට ශුවර්.

    ReplyDelete
  19. හපොයි කෙලිය නේද තාප්පෙටම . ඒ ඇනෝ මම නෙවෙයි. මගේ අම්මගේ එකම මන්දමානසික පුතා..

    මීට,

    ආතල් ඇනෝ..

    ReplyDelete
  20. වැදගත් දෙයක් ඉගෙන ගත්තා.
    අද බටහිර රටවලත් අයුර්වේද ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කරලා තියනවා. මෙතනින් බලන්න පුළුවන් එංගලන්තයේ ආයුර්වේද ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ directory එක.

    http://www.nhstadirectory.org/default.aspx?page=Norecords

    ReplyDelete
  21. නියමයි වෙද මහත්තයෝ දෙන එක දෙන්න ඕන සුර0 විදුරම ..බඩ සුද්දවෙලාම යන්න..තව දිගටම උණු වතුරත් බොන්න කියමු...

    කුරුම්නියා.

    ReplyDelete
  22. හෙළ චෙදකම දියුනු කිරීම මුලු ලොචටම වැදගත්.

    ReplyDelete
  23. අර ආමි ඇනෝට හොඳ උත්තරයක්.......

    [පොඩි කුමාරිහාමිට වෙද ගෙදර ඇවිල්ලත් ඔළුවෙ තියෙන්නෙ ගෙම්බ ගැනමයි]

    ReplyDelete
  24. රත්වෙන්න රත්වෙන්න තමයි රබානෙ සද්දෙ නියමෙට එන්නෙ. වෙදනට තවත් ගහපියෝ..! එතකොට තව තවත් මේ වගේ අපූරු, දේශීයත්වට ගැන නැවතත් සිතන්න පොලඹවන ලිපි බොහෝ දෙනගේ හිත සුව පිණිස පලවෙයි. සුළු පාඨක පිරිසක් හරහා හරි සිදුකරන මෙම දැනුවත් කිරීමට බොහොම ස්තූතියි.

    ReplyDelete
  25. මේ පැනයට පිළිතුරු සැපයිය හැකි නම් ස්තූතිවන්ත වෙමි.මගේ හොදම මිතුරියගේ නැගණිය කුඩා කාලයේ සිට ‍ස්වයං වින්දනයට පුරුදු වී සිටියාය.ඇයට දැන් වයස අවුරුදු 16කි.වැඩිවිය පත් වූයේ අවු.13ය.වැඩිවිය පත්වෙන්න පෙර සිටම ඇයට සුද යාම තිබී ඇත.තවමත් තිබේ.වරෙක ඇයට ඔසප් වීමක් සිදු නොවී රුධිරය පිට වීමක් වී ඇත.එහිදී කන්‍යා පටලය කැඩීමක් සිදු වුණාදැයි මගේ මිතුරිය බියෙන් සිටියි.හැකි නම් මේ ගැන පහදන්න. වෛද්‍ය උපදෙස් පැතිය යුතු දැයි කියන්න.

    ReplyDelete
  26. මේ අදහස නොදන්නා අයට දැනගන්න දැමීම වටිනා දෙයක් වෙද මහත්තයෝ,
    පුළුවන් නම් මේ ඉතිහාස කතා දිගටම දාන්න,
    අපේ දේශීය වෙදකම ආදිය ගැනත් දාන්න,

    ReplyDelete
  27. වටිනා ලිපියක්...ගොඩක් දේවල් දැනගත්තා. මේ වගේ දැනුවත් කිරිම් ඉදිරියටත් කරන්න.

    ReplyDelete
  28. මම නම් ජීවත් වුණේ ඔය ආයුර්වේදය වෙද මහත්තයෙක් හිටි ගෙවල් ලඟ පතාමයි . අනික ඒ වෙද මහත්තයා නෑ කමට මගේ මුත්තා වුණා . ඉතින් මම ඔයි දේවල් ඉහලින්ම විස්වාස කරනවා ..

    අද වෙනකොට නම් අපේ පලාත් වලත් සිංහල බේත් හේත් කරගන්න හරිහමං තැන් තියෙන්නේ දෙකක් තුනක් විතර තමා නමුත් මීට වසර හතකට විතර පෙර අපේ රෝහල හරක් විමානයක් වෙලා තිබුන කාලේ හැමෝගෙම පිහිටට උන්නේ සිංහල වෙද මහත්තුරු තමා..

    කාලයත් එක්කම ඒ වෙද මහත්තුරු ජීවිතෙන් සමුගත්තා . ඒ අය ගොඩ දෙනෙක් තමන්ගේ සාත්තරේ කාටවත් දීලා තිබුනේ නෑ . මගේ මුත්තා වුණත් එයාගේ පොත් ටික විතරක් ඉතිරි කරලා ගියා මිසක කාටවත් ඒ දේවල් කියා දෙන්න ගියේ නෑ ..

    නියමම ලිපියකින් ඇට්ටි හැලෙන්න දුන්නා නේද වෙද මහත්තයෝ ?

    ReplyDelete
  29. @Ano 6.16 : වෛද්‍ය දැනුමක් මට නැති වුනත්, සාමාන්‍ය දැනුමෙන් මම කියන්නම්. මම වැරදිනම් වෙදන නිවැරදි කරයි.

    යෝනි මාර්ගයට බාහිර දේවල් ඇතුළු කරමින් ස්වයංවින්දනයේ යෙදුනා නම් කන්‍යා පටලයට හානි වීමට පුළුවන්. දෘඩ කෘතිම දෙයක් ඇතුළු කල විටෙක, යෝනි මාර්ගයේ ඇතුලත් බිත්ති තුවාල වී ලේ ගැලීමක් වෙන්නත් පුළුවන්.

    කොහොම වුනත් මිතුරියට පරිස්සම් වෙන්න කියන්න. මොකද තවමත් කන්‍යා පටලය ඉතුරු වෙලා තියෙනවනම්, ඒක පරිස්සම් කර ගැනීම වඩාත් හොඳ නිසා.

    පටලේ නැති වුනත් ගණන් ගන්න එපා කියන්න. මොකද ඕක සමහර අයට උපතින්ම නැති නිසා, එහෙම නැත්නම් උපතින්ම ඒක සිදුරු වී තිබිය හැකි නිසා..

    ඔබ අවංකවම මිතුරියක්‌ වෙනුවෙන් මේ ගැටලුව ඉදිරිපත් කලානං මම ඇත්තටම ඔබට ගරු කරනවා. එහෙම නැතිව ආතල් එකට බොරු ප්‍රශ්නයක් මෙතන දැම්මනම්, ඔබ මනෝ වෛද්‍ය වරයෙක් හමු වන්න. (මහ වෙදනා , මට සමා වෙන්න මම අන්තිමට නුසුදුස්සක් කීවානම්, මම එහෙම කීවේ මට සැකයක් ඇති වුන හින්දා.._

    ReplyDelete
  30. අපේ වෙදකම ඉදිරියට රැකගන්නට සහ අනාගත පරපුරට ඒය දායාද කරන්නට ඔබට ශක්තිය දෛර්ය ලැබේවා

    ReplyDelete
  31. බොහෝම වටිනා ලිපියක් මම වෙද ගෙදර ඉද්දි දැනගත්තු කරුණු අතර මට මේ සුශ්‍රැත නම අහන්න නම් ලැබුනේ නෑ ඒ වෙද මහත්තයාගේ කටේ තිබුනේම රාවණා ගැනයි විස්වමිත්‍ර කියලා නමකුයි....

    මට වෙදකම් කරපු වෙදමහත්තයාට සිදුකරපු සිංහල වෛද්‍ය ශල්‍යකර්මයක් අදටත් සාක්ෂි ලෙස පවතිනවා ඒක ඇත්තටම පුදුමාකාරයි ශරීරයේ අවශ්‍ය කොටස පමණක් හිරිවැටෙන ලෙස නිල ඇල්ලීම් භාවිතා කරා කියලා තමයි වෙද මහත්තයා කිව්වේ....

    මේ සිංහල වෛද්‍ය ක්‍රමයි නිල සාස්තරෙයි මන්ත්‍ර වලයි සම්බන්ධකමක් තියෙනවද වෙද මහත්තයෝ???බොහෝ වෙලාවට අපට වෙදකම් කරත් ඒ වෙද මහත්තයා අපිට ගාන තෙල් එකට පවා මතුරනවා....

    ReplyDelete
  32. සුපිරිය.....
    අදත් අලුත් දෙයක් ඉගෙන ගත්තා.......
    දිගටම මෙවැනි ලිපි බලාපොරොත්තු වෙමි....
    ජය වේවා......

    ReplyDelete
  33. වටිනා ලිපිය සහ පිංතූරටික. මේ විදියට ඔබේ මුළු ක්ෂේත්‍රයම ආවරණය වනපරිදි ලිපි දමන්නේ නම් මැනවි.

    ReplyDelete
  34. මාරයා මල්ලී,
    ස්තුතියි සහෝ. මම බ්ලොග් ලෝකෙ ස්ථාවර කරන්න ඔබත් සෑහෙන දායක වුනා.

    වර්ණා,
    බොහෝම ස්තුතියි නංඟි, හැමදාම එන්න වෙදගෙදර පැත්තේ. ඒ වගේම ඔබට අවශ්‍ය කරන මාතෘකා ලියන්න මම සූදානම්.

    නිශ්,
    මම කාලයක් පුවත් පත් වලට ලීවා. ඒත් මේ බ්ලොග් කලාව තරම් මගේ හිතට අල්ලලා ගියේ නැහැ. නැවත ලියන්නම්.

    සම්මාණී,
    ඔව ඔබ හරි. කාන්තාවක් ගර්භණී විට ආයූර්වේදයේ ඇයට කියන්නේ "දෞහෘද" එනම් හදවත් දෙකක් ඇත්තී කියලා. ඒ මවගේ හා කලලයේ ලෙසයි. පළපුරුදු වෙදැදුරෙකුට මේ අවස්ථාව පහසුවෙන් තේරුම ගත හැකියි.

    ඉඳුනිල්,
    ඔබ මගේ පලමු පාටකයින්ගෙන් කෙනෙක්. ඔබ මා අදුන ගන්නකොට මගේ වෙද ගෙදරට දිනකට 50 වත් එන්නේ නැහැ. මම දන්නවා ඔබ මට හිතවත් කියා. ඔබගේ ඊය එවන්න.

    ඇනෝ 01,
    ස්තුතියි ඔබට.

    ඩිලාන්,
    එහ්ක්... හෙක්... බලමු බලමු. ඔබත් වෙදගෙදර පැත්තේ එන්නේ කාලෙක සිටනේ. මට මතකයි.

    ලොකු පුතා,
    අපි දෙමු ලොකු පුතා රජ වැඩක් වැඩි කල් යන්න කලින් ලංකාව ආයුර්වේදට ආශ්චර්ය කරමු. හෙක්... හෙක්...

    ගිම්හාණී,
    ඇත්තටම මම ඔය බේත ගැන හරිම උනන්දුයි. ඕකට ඕනෙ කරන සියල්ලම මම දන්නවා. ඒත් එකක් නැහැ. ඒ ලක්ෂ්මණා මේක හොයා ගත්තොත් වැඩේ ගොඩ. හොයන්නකො අපි හදමු බේත.

    සෑම්,
    ඔබ වැනි අය හරි වටිනවා. ඖෂධවේදය කියන්නේ වටිනා විෂයක්. ඔබට යම් උදව්වක් ඕනෙ නම මම කරලා දෙන්නම්. පුහුණුව වගේ දේට අවශ්‍ය නම්
    කියන්න.

    ඉන්දික උපශාන්ත,
    ඔබ හරි ඒ ෆැක්ටර් එක ලංකාව නෙමේ ලෝකෙ විද්‍යා දියුනුවට මහා පරිහානියක් කලා. මම එයාලට ඒකට නම් සමාවක් දෙන්නේ නැහැ කවදාවත්. හැබැයි මම ජාතිවාදියෙක් නම් නෙමේ. කොයි ජාතියත් එකයි. දැනුම නැති කරන එකෙක්ට කිසිම සමාවක් නැහැ මගෙන්.
    ගුරු මුට්ටියත් ඒ වගේ ඔය මගුල නිසා හැමදාම දැනුම අඩු වුනා. එකතු වුනේ නැහැ.

    ප්‍රියන්ත,
    ඔබ දන්නවද මම සහභාගි වෙලා තියනවා. සමහර ආයූර්වේද ශල්‍ය කර්ම කරන අවස්ථා වලට පුදුමයි. රසායන විද්යාව ඉගෙන ගෙන මෙතැනට පැමිනි මට නම් ඒ මහා පුදුමයක්. ඒ ගැන ලියන්නම් නුදුරේම.

    පොඩ්ඩි,
    මේ කෙල්ලට මොනා වෙලාද මන්ද ගෙම්බා... ගෙම්බා... හැම එකටම ගෙම්බා. වෙදගෙදරට ගෙම්බො බැහැ හරිය.

    චතුරංග,
    කිසි දේකට බය වෙන්න එපා. ආයූර්වේදය පොඩි විවේකයක් ගත්තා විතරයි. දැන් වැඩ, අපි බලමු ඉක්මනටම ලෝකෙටම මේක අපි දෙනවා.

    චූටි කුමාරිහාමි,
    තැන්කූ කිව්වා. මුරුන්ගා අත්ත හයියෙන් අල්ල ගත්තා.

    ජෝන්,
    තාම නැහැ මම නම් මඟ බල බලා හිටියේ.

    ඕනයා,
    ඒකත් හැබෑව. දන් අවුරුද්දට එනව නේද?

    ඇනෝ 02,
    ඉන්සූරන්ස් එකෙන් හදලා දෙයි තාප්පෙ නම්. ෆුල් ඔප්ෂන්නෙ. හෙක්... හෙක්...

    කැන්ඩියන්,
    ඔබගේ එකතු කිරීම වටිනවා. ස්තුතියි.

    ඇනෝ 03,කුරුමේනියා
    මේ දුන්නේ සුරන් විදුර පත්තියම. ඕනෙනම් සුරන් විදුර විරේකෙත් හෑව්.

    ඇනෝ 04,
    ඇත්තෙන්ම. ඔබ හරි. අපි ප්‍රමුකත්වය ගමු ඒ වැඩේදි.

    ඔබා අයොයා,
    ඉතින් ඉතින් අයියත් සැමාගේ එකේදි දුන්නෙ නියමෙට.

    නවම්,
    හොඳයි තැන්කූ. අපිට ඔබගේ අඩවිය ලෝඩ් වෙන්නෙ නැහැනේ. කලාතුරකින් තමයි පෙන්නෙ.

    ඇනෝ 05,
    ඔබගේ ප්‍රශ්නයේ පැති කීපයක් තිබෙනවා.
    1. ස්වයන් වින්දනය මා නම් ඒ ගැන තකන්නේ නැහැ. ඕකෙන් හානියක් වෙන්නේ නැහැ. ඔය වයසට ඔහොම තමයි.
    2. කන්‍යාභාවය, ඒ ගැනත් මම නම් බොහෝ සැහැල්ලුවෙන් බලන්නේ. නමුත් බාහිර දෙයක් ඇතුල් කලොත් ඇහැර යමක් සිදු වන්නේ නැහැ.
    3. සුද යාම, මේකත් ලෙඩක් නෙමේ. සුදයාමත් සමග කැසීමක් වැනි ඇත්නම්, දිනපතා අසීමිතව කරදරකාරී ලෙස සිදුවනවා නම් දුගදක් ඇත්නම් ප්‍රතිකාර අවශ්‍යයි නැත්නම් එය එතරම් ගන්න් ගන්න එපා.

    වයසේ වැරැද්ද.

    ගෝඩෝනියා,
    පුතා බොහෝම ස්තුතියි. කැම්පස් වැඩ හොදට යනවැයි?

    ලහිරු,
    ස්තුතියි. දිගටම බ්ලොග් එක නම් ලියනවා. නවත්තන්න නම් අදහසක් නැහැ.

    සඳරූ,
    කොහොමද කොල්ලෝ, තැන්කූ වචනෙට. දාන්න පහක්.

    ඇනෝ 06,
    ඔබගේ පිළිත්‍ර හරියටම හරි. අනිතිම කෑල්ලත් සුපිරි.

    රාජ්,
    බොහෝම ස්තුතියි. ඔබ මගේ මිත්‍රයානේ.

    ගැමියාගේ පත් ඉරුව,
    ඔව් විස්වමිත්‍ර කියන්නෙත් සුශ්‍රැතට කලින් ලංකාවේ හිටි වෛද්‍යවරයෙක්. මොහු රාවණාගේ පියා. ඉතාම දක්ෂයෙක්. මොහුගේ පියා පුලස්ති. ඒ කාලේ තිබුනු ලෝක සෞක්‍ය සම්මේලනයේ සභාපති. මොවුන් තමයි ආයුර්වේදයේ ආදී කතුවරුන් වන්නේ.

    ඇනෝපිලිස්,
    දිගටම ලියනවා. ස්තුතියි.

    රාජ්,
    ඔව් ඒක තමයි කල යුත්තේ බලමු.

    ReplyDelete
  35. බොහොම වටිනා ලිපියක්. හුඟක් දේවල් දැන ගත්තා.ආයුර්වේදය බොහොම වටින වෛද්‍ය ක්‍රමයක්.වටින්නේ නැත්තේ ලංකාවෙ මිනිස්සුන්ට විතරයි.අපි රැකගත යුතු ශ්‍රාස්ත්‍රයක් කියලයි මට හිතෙන්නේ. නැත්නම් ඉතින් තවත් අවුරුදු ගානකට පස්සේ කියයි ආයුර්වේද වෛද්‍ය ක්‍රමත් හොයාගත්තේ බටහිර රටවල මිනිස්සු කියලා.මොකද ඔවුනුත් බටහිර වෙදකමට වඩා මේ වන විට ආයුර්වේද වෛද්‍ය ක්‍රම විශ්වාස කරනවා.

    අපි අතරින් නැති වෙලා ගියත් මේවායෙ වටිනාකම දන්න ඔවුන් නම් ඒවා ආරක්ශා කරගනීවි....

    හරිම කැමැත්තෙන් ඔබේ ලිපි කියවනවා. ඔබ කරන්නේ ලොකු සේවයක්. සුභ පැතුම්....

    ReplyDelete
  36. සුසුම්නා අබාදයට සිංහල වෙදකමේ බෙහෙත් තියනවද?

    ReplyDelete
  37. බොහොම ස්තූතියි,මගේ පැනයට පිළිතුරු ඉදිරිපත් වීම පිළිබදව.මම මෙය මගේ මිතුරියට පවසන්නම්.මේ බ්ලොග් අඩවිය දිගටම පවත්වාගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!

    ඇනෝනිමස් ලෙස මට පිළිතුරු දුන් තැනැත්තාටත් බෙහෙවින් ස්තූතියි.මමත් කැමැත්තෙන් නෙවෙයි මෙහෙම දෙයක් ගැන විමසුවේ.මගේ මිතුරියගේ චිත්ත පීඩාව බලාගෙන ඉන්න බැරි නිසා සහ මට මේ ගැන අවබෝධයක් නොතිබූ නිසා.

    තවත් ගැටලුවක් තිබෙනවා.අැයට හදිසියේ ඔසප් වීමක් නොවී රුධිරය පිට වීම ගැන කිව හැක්කේ කුමක්ද?

    ReplyDelete
  38. බොහොම ස්තුතියි. මා ඔබතුමාට අතිශයින් ගරු කරනවා මේ සම්බන්ධ විස්තර එලිදැක්වීම ගැන . 'සුශැත' යේ හා 'චරක' යේ සදහන් පරිදි දෙවියන් විසින් මනුසතුනට දායාද කල, මේ අගනා දර්ශනය වචන කිහිපයකින් නමුත් ඉතා පැහැදිලිව විග්‍රහ කිරීමේ ඔබතුමාගේ හැකියාව විශ්මිතයි ! ගස් වැල් හා ස්වාභාවික ද්‍රව‍ය පදනම් කරගෙන පෙරදිගින් වියාප්ත වු මේ වෙද ශිෂ්ඨාචාරය ඊජිප්තුව,ග්‍රීසිය,අප්‍රිකාව ආදි දේශයන් ඉක්මවා පැතිරුනා. පසුකාලිනව ග්‍රීසියේ 'හිප්‍රොක්‍රටීස්'(460-370 ක්‍රි,පු )විසින් 'ඇලොපති ' ලෙස වැඩි දිව්නු කල බවද, මැද පෙරදිගදී 'ඇල්කෙමි' ලෙස වෙනස් මඟක් ගත් බවත් සදහන් වෙනවා .එයින්ම තේරුම් යාවී මේ සියල්ලම එකක් බව. ඉපැරණි ශාස්ත්‍රයන් කිසිවක් වැලළිගොස් නෑ .අවශ්ය 'සද්පුරුශයන් 'සඳහා සඟවා තබා තිබෙනවා. ඒවා අකාලිකයි, නවීකරණය කලයුතු නෑ . ඉපැරණි ශල්ය උපකරණ බොහොමයක්, ම්හින්තලේ පැරණි රෝහල් නටඹුන් (ලෝකයේ පලමු රෝහල )හා පොලොන්නරු රෝහල් නටඹුන් අතරතිබී හමුවු බව සඳහන් වෙනවා . ම්හින්තලේ හා පොලොන්මරු කෞතූකාගාරවල මේවා දැකගත හැකියි .

    ReplyDelete
  39. @ano : මම කලින් කිව්වා වගේ, ඔබ ඇත්තටම මේ ගැන සෙව්වනම් මම එය අගය කරනවා. මම අරෙහෙම දෙයක් කිව්වේ මේ වගේ විෂයන් සම්බන්ධව හිතළු ගැටළු ඉදිරිපත් කරලා ආතල් ගන්න කට්ටියක් ඉන්න නිසා.

    ReplyDelete
  40. කියලා නිම කරන්න බැරි වටින විස්තරයක් වෙද මහත්තයෝ...

    ReplyDelete
  41. දියවැඩියාව සුව කල හැකිද?

    ReplyDelete
  42. ආයුර්වේදය පිළිගන්න අකමැති පිරිසක් ඉන්නවා. සුව වෙන්න කල යනවා නිසා.එක වේද මහත්තයෙක් කියල තියෙනවා "ආයුර්වේද වේදකම අපේ හමුදාවේ යුද්දය වගේ කියලා.යුද්ද කරද්දී සාමාන්‍ය වැසියෝ බේරාගෙන හරි හෙමින් යන්න වෙන්නේ.ඉංග්‍රීසි බෙහෙත් නිකන් ඇමරිකාව යුද්දේ කරද්දී වගේ ඔහේ බෝම්බ දාගෙන යනවා ඊට පස්සේ තම අතුරු ඵල විපාක."

    ReplyDelete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. මේවා විකිපීඩියා එකට අප්ලෝඩ් කරන්න හිතුවෙ නැත්ද වෙදමහත්තයා?
    henryblogwalker the Dude

    ReplyDelete
  45. කියවන අකුරු හදාගන්න ධනික මල්ලිගෙ සහාය ලැබිච්ච නිසා කාලෙකට පස්සෙ කියවන්න ලැබුනෙ.

    ආයුර්වේදය ගැන තව තවත් ලියන්න කාලය ලැබේවා!

    ReplyDelete
  46. වටිනාකම කියන්න බෑ. දැං නං බ්ලොග් අවකාශය දැනුම සාගරයක්නෙ.....!

    ReplyDelete
  47. තව එකක්. අපි ඉස්කෝලෙ යන කාලෙ ලොකු බොරුවකට අහුවෙලා තියෙනවා. අපිට ඉගැන්නුවා ‍මේ කාලේ වගේ ඒ කාලේ වෛද්‍ය විද්‍යාව දියුණු නැති නිසා ශල්‍යකර්ම වගේ දේවල් ඉතා වේදනාකාරී දේවල් කියලා. කොටිම්ම සිහිය ති‍යෙද්දි ම ශරීරය කපා ‍කොටා බෙහෙත් කරනවා, පිරිසක් ලෙඩාව අල්ලගෙන ඉද්දි කියලා.

    ReplyDelete
    Replies
    1. සුද්දෝ ලංකාව වගේ යටත් විජිත වල කරපු සුක්ෂම මානසික මෙහෙයුමක් උනේ උන් හැමදෙයක්ම හොයාගත්තා ඒ වගේම උන් තරම් ජාතියක් මේ ලෝකේ නෑ කියන මතය පතුරවපු එක. එකට උදාහරණ එමටයි. ඔය එකෙන් එකක්.

      Delete
  48. ඉතාම වැදගත් ලිපියක් වෙදදුරාණනි.. මමත් මේ දවස් වල මගේ ලිපියකට ආයුර්වේද වෙදකම ගැන කරුණු හොයනවා. මට තේරෙන හැටියට මේ විශ්මිත ආයුර්වේද වෙදකම අපේ ලංකාවෙන් පටන්ගන මහා භාරතය පුරාවටමත් එතනින් චීනය දෙසටත් ඒ හරහා විශ්ව ව්‍යප්තියකුත් ලබාගැන තියනවා වෙන්න ඕනේ. රස විද්‍යාව ශල්‍ය විද්‍යාව එක්ක අනික් විද්‍යා ලෝකෙට ඇවිත් තියෙන්නේ අද ඊයෙක නෙවෙයි. ඉතින් අපි එහෙම ශාස්ත්‍රයකට ගරහනවනම් එතනින් අපි කොයිතරම් කුහකද කියල පේනවා..

    ReplyDelete
  49. ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ ආශ්චර්ය



    l අමිල ගුණරත්න

    ආයුර්වේදයේ සහ සිංහල පාරම්පරික වෙදකමේ ගැන සමහරු පාරට්ටු කරති. මෑතකදී කැඩුම් බිඳුම් වෙදකමේ රහස් සොයා විදේශ සිසුහු පැමිණ හොරිවිල හේරත් හාමි පාරම්පරික වෛද්‍යවරයාගේ පුත් ආයුර්වේද වෛද්‍ය එස්.එන්. එච්. සෙනෙවිරත්න මහතා හමුවී දේශීය ශාඛවලින් ඇට බද්ධ කිරීම, පත්තු බැඳීම, පෙට්ටනි තැවීම ආදිය ගැන අධ්‍යයනයක යෙදී සිටින බව මාධ්‍ය වාර්තා කරයි. මේ ගැන සමහරු විස්සෝප වෙති . මෙවැනි පාරම්පරික රහස් බටහිරට නොදිය යුතු බව පවසති.

    ඇත්තටම වෙදකමක රහස් තිබිය හැකිද ? ආයුර්වේදයේ සහ සිංහල පාරම්පරික වෙදකම තුල ඉතා පරම්පරාගත තදබල කුහකකමක් සහ ඉර්ශියාවක් තිබේ. ඒ නිසා ඔවුන් දැනුම ගුරු මුෂ්ටි ලෙස සඟවාගෙන පිටතට නොදී සිටියහ. මේ නිසා ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ දැනුම කාලයත් සමගම අභාවයට පත් විය. අද බොහෝ ආයුර්වේද වෙදුන් බටහිර බෙහෙත් අධි මාත්‍රා කසාය සමග කලවම් කොට රෝගීන්ට දෙති. ඇදුම දියවැඩියාව ඇති රෝගීන් මෙම කසාය නිසා මුලදී රෝග ලක්ෂණයේ අඩුවක් පෙන්නුවද ප්රෙඩ්නිසලොන් වැනි ස්ටෙරොයිඩ් වර්ග කසාය හෝ කල්ක චුර්ණ වශයෙන් ලෙඩුන්ට දීම නිසා ඔවුන්ගේ අක්මා විනාශවී යති.

    නමුත් බටහිර වෙදුන් අපේ වෙදුන් මෙන් දැනුම යටිමඩි ගසාගෙන ඒවා වළපල්ලට ඇත ඇරියේ නැත. ඔවුන් ඒවා වැඩි දියුණු කළහ ඒ පිලිබඳ කථිකා , සම්මන්ත්‍රණ පවත්වා පොත්පත් ලියා දැනුම බෙදා ගත්හ. ඒ නිසා ඔවුන්ගේ විද්‍යාව කාලයත් සමග දියුණු විය. බුලත් අතක් පමණක් ගෙන රෝගීන්ට වෙදකම් කරනවා කිව්වාට අපගේ වෙදුන් තරම් කුහක ලිං මැඩි මානසිකත්වයකින් ක්‍රියා කරන කොටසක් කොහෙවත් නැත. ඔවුන් කලේ පාරම්පරික දැනුම සඟවාගෙන ඒවා කාලයත් සමග වළපල්ලට ඇරීමයි. යන්තමට හෝ ප්‍රගතියක් තිබෙන ප්‍රතිකාර ක්‍රමයක් අද ඉතිරිව ඇත්නම් එයද සැඟවීමට තැත් කරති. බෙහෙත් වර්ග වල රහස් අරගෙන සුද්දා පේටන්ට් සදා ගනීවි යයි බියෙන් ඒවා කාටවත් නොදෙති.

    පේටන්ට් ක්‍රමය නිසා බෙහෙත් වට්ටෝරු වලට මුල්‍යම වටිනාකමක්, වෙළඳපොළක් ලැබීමත් බෙහෙත් නිෂ්පාදනය මහා පරිමානයෙන් සිදු කිරීමත් ඇති විය. අද රජයේ රෝහල් වල බෙහෙත් වර්ග බොහෝ ගණනක් ඇත්තේ මේ පේටන්ට් ක්‍රමය නිසාය. නමුත් බුලත් අතක් පමණක් ගෙන රෝගීන්ට වෙදකම් කරනවා යන බොරු මානසිකත්වයේ සිටින කුහක ලිං මැඩියන්ට මෙම පේටන්ට් ක්‍රමයේ හරය නොතේරේ. නමුත් එහි ප්‍රතිලාභ දැනුවත්ව හෝ නොදැනුවත්වම ලබා ගැනීමට ඔවුන් නොපැකිළෙති.

    අද වකුගඩු බද්ධ කිරීම , බයි පාස් කිරීම වැනි ශල්‍යකර්ම කරන්නේ බටහිර වෙදුන් විසින් දියුණු කරගත් වෛද්‍ය තාක්ෂණයට පින්සිදුවන්නටය. ඔවුන් අපේ ආයුර්වේද සහ සිංහල පාරම්පරික වෙදුන් මෙන් කුහක කමින් දැනුම සැඟවීමට ක්‍රියා කලේ නම් අද අපගේ වියපත්වූ රෝගී ඥාතීහු වළපල්ලට ගොස් බොහෝ කල්ය. අපගේ ආයුර්වේද සහ සිංහල පාරම්පරික වෙදුන් මෙන් නොව ඔවුන් තුල මානව දයාව තිබුණු නිසා අද අපද බටහිර වෛද්‍ය දැනුමේ එල නෙලාගනිමු. බැරිවෙලා හෝ ක්ෂය රෝගය වලකන බී සී ජී එන්නත සුද්දෙක් නොව අපේ වෙදෙක් සොයගත්තේ නම් එය යටිමඩි ගසා කාටවත් නොදී දැනුම වළපල්ලට යන්නට තිබුණි. නමුත් එය සුද්දෙකු සොයාගත් නිසාත් එහි රහසිග බවක් තබාගත යුතු බවත් යම් ජන කොට්ටාශයකට මෙම දැනුම නොදිය යුතු බවත් ඔහු නොකී හෙයින් අද අපටද මෙම දැනුමේ ප්‍රතිලාභ ලබා ගත හැකිය. යම් ලෙසකින් අපගේ මිනිසුන්ට විද්‍යාව , තාක්ෂණය පාලනය කිරීමේ හැකියාවක් ලෝකයේ වෙනත් ජාතින් අභිබවා තිබුනේ නම් අපගේ මිනිසුන් ක්‍රියා කරනුයේ හිට්ලර්ටත් වඩා අන්ත ලෙස බව ආයුර්වේදයේ සහ සිංහල පාරම්පරික වෙදකමේ තිබෙන කුහක මානසිකත්වය තුලින් පෙනී යයි.

    බටහිර දැනුමට නිතර බැන වදින මහදැනමුත්තෙකු මහාචාර්ය නලින් ද සිල්වා තමන්ගේ ශරීරයේ සීනි පාලනයට ආයුර්වේදයේ එන කරවිල ඉස්ම බොන්නේ නැත , ඔහු බටහිර බෙහෙත් ක්‍රමානුකුලව ගනී. තව ටික කාලයකින් ඔහු බයි පාස් එකක් ද කර ගනු ඇත. එදාට මහාචාර්ය නලින් ද සිල්වා තමන්ට ආයුර්වේද බයි පාස් එකක් කරන්න යැයි ඉල්ලන්නේ නැත. ඔහු එදාට ඉල්ලන්නේ බටහිර සුද්දා විසින් සොයාගෙන වැඩි දියුණු කරගත් සහ ලෝකයේ සැමටම බෙදා දුන් වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණයයි.

    ReplyDelete