Tuesday, May 24, 2011

හපන්කම් පුරසාරම් මෝඩකම් අතරට යාන් හෑලි (නායකත්ව පුහුණුව )

පසුගිය මාස දෙක කියන්නේ මට උපරිම වැඩ තිබුනු කාලයක්. අප්‍රේල් මාසෙ 09 මම විදේශගත උනා. ආපසු ආවේ අප්‍රේල් 20 විතර. එනකොට වැඩ ගොඩ ගැහිලා. ඇත්තෙන්ම මම ගමන යන්න පහුගිය දෙසැම්බර් ඉදලා බලං හිටියා කාලය හොයා ගන්න. කොහොම හරි ඒ වැඩ ඉවර කරගත්තා. ආපසු ආව දවසේ ඉදලා දිගටම ආයිත් වැඩ. ඊට පස්සේ මැයි වෙනකොට පවුලෙ මංගල උත්සවයක් ආවා. මේ දෙක නිසා සෑහෙන්න වෙහෙසුනා. ආයිත් මගේ පරණ බාරයක් නිසා කතරගම ගියා පෝය දවස් දෙකම. ඒකත් හෙන කට්ටක් වුනා. මට හොදටම මහන්සියි. මම දැනගෙන හිටියා මේක ඉවර වෙන්නේ මම අසනීප වෙලා කියලා. ඔන්න ඒකත් හරි. දැන් ටික ටික සනීපයි. මේ ටිකේ ගොඩක් අමාරුවෙන් බ්ලොග් ලියවිල්ල කලා වුනත් අළුත්ම ලිපියක් දාන්න බැරි වුනා. මමත් අර කතන්දර ශූරීන් වගේ කලින් ලියලා පස්සේ පෝස්ට් කරන්න තමයි හිතන් ඉන්නේ. ඒත් දැනට ලිපි 10 විතර බාගෙට ලියලා ඉවරයි. ටික ටික බලමු. තාම මේ ආව විතරනේ. තාම මම ලියලා තියන්නේ ප්‍රධාන ලිපි කීපයක් විතරයි ඒවාට ලැබෙන ප්‍රතිචාර මට ගොඩක් සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඔබ සැමට ගොඩක් ස්තුතියි මගේ මේ යාන් හෑලි කියවනවට.
ඔන්න දැන් ප්‍රධාන කතාවට. පාරට දාගත්තා අමාරුවෙන් නැත්තන් හපන්කම් පුරසාරම් විතරයි. බලද්දි ඔකොම මෝඩකම් නේද?

මට හිතෙනවා මට වගකීමක් තියනවා කියලා මේ නායකත්ව පුහුණුව කියන අද දවසේ ප්‍රධාන මාතෘකාව ගැන කෙටියෙන් හෝ කථා කරන්න. මේකට තාම කල් වැඩියි. අපි මේ ගැන කථා කරන්න ඕනෙ මේ වැඩේ පසු විපරමක් හැටියට. ඒත් මෙකට අපි කලබල වුනාත් වැඩියි. මේක හොදට හිතලා කරන්න තිබුණු වැඩක්. අන්න ඒ ගැන තමයි මගේ අද දවසේ කථාව වෙන්නේ.

නායකත්ව පුහුණුව කියන්නෙ නායකයො හදන එකටනේ. මට තියන ප්‍රශ්න

1) සති තුනෙන් නායකයො හදන්න පුළුවන්ද?
2) එතකොට කැම්පස් තේරුන් නැත්නම් නායකයෙක් නෙමෙයිද?
3) රැග් එකෙයි නායකත්ව පුහුණුවෙයි තියන සම්බන්ධෙ මොකක්ද?
4) නායකත්ව පුහුණුව අවසානෙදි ඔක්කොම ශිෂ්‍ය ප්‍රශ්න විසදෙනවද?
5) මෙතෙක් කල් හිටපු (එස්. බීත් ඇතුළුව ) ශිෂ්‍ය ප්‍රජාව නායකයො විදියට අසාර්ථක ද?

මගේ මෝඩකමට මට හිතෙන්නෙම මෙහෙම දෙවල් තමයි. ඒත් කලින්ම කියන්න ඕනෙ මම මේ වැඩේට බොහොම කැමති කෙනෙක්.

එහෙනම් මොන ඉලව්වටද මේ ප්‍රශ්න?

ඔව් ඒක මෙහෙමයි, මට ඕනෙ මේ වැඩේ මෙයිට වඩා බර සාරෙට ලස්සනට රටට වැඩක් ඇති විදියට වෙනවා දකින්න. මම ගොඩක් දෙවල් කියන් නැතුව නිකම් දාන්නම් මගේ යෝජනාවල්.

අවු 18 පිරිලා සතියක් ඇතුලත හැම කෙනෙක්ම මේ පුහුණුව ලබන්න ඕනේ. (වයස අපි පස්සේ කථා කරමු මේක උදාහරනයක් විතරයි ) වයස අවු. 18 කියලා හරි නිශ්චිත දිනයක් දුන්නම අපෙ කදවුරුවල තියන ඉඩ ප්‍රශ්නේ විසදෙනවා. මොකද එක පාරටම ගොඩක් කට්ටිය එන්නැති නිසා.

මේ පුහුණුව දෙන්න ඕනෙ වසරක් හෝ දෙකක්. මේක හැමෝටම අනිවාර්ය්‍ය වෙන්න ඕනෙ.

මේ පුහුණුව නැති අයට රියදුරු බලපත්‍රය දෙන්න හොද නැහැ. මොකද අපේ රටේ පාරවල විනයක් තියනවද කියලා, මම හිතනවා ඔයාල හොදට දන්නවා. තුන් රෝද රිය පවා විනයක් ඇතිව පදව්න්න මේ අය එතකොට දැන ගනියි.

රජයේ රැකියාවක් කරන්න, කැම්පස් යන්න මේක අනිවාය්‍ය වෙන්න ඕනේ.

නායකයො හදන්න මේවායින් බැහැ. එහෙනම් අපේ රටේ නායකයො වෙන්න ඕනෙ හමුදා නිළධාරීන් . එහෙම වෙන්නෙ නැහැ. කරන්න ඕනෙ විනයවත්ව ක්‍රමානුකූල ජීවිතයක් ගොඩනගා ගන්න පුහුණුව දෙන එක.

අනික දැන් මෙහෙම බලන්න උසස් අද්‍යාපනය කරන්න තේරෙන නොතේරෙන කාටත් පරිඝනක පුහුණුවක් දෙන්න පුළුවන්. වැඩිය නෙමේ මේක නිකම් ටිකක් වැඩක් කරගන්න තරමට. අනිත් කොටස එතකොට මේ පුහුණුවෙන් පස්සේ කරගනියි එයාලම.

බලන්න අපේ ඉතා ඉහලට ගිය ව්‍යාපාරිකයො වගේ අය ගෙනල්ල මේ ලමයින්ට පොඩි දේශන කීපයක් කරන්න ඕනෙ. මේ අය ඉහලට ගිය හැටි, ජීවිතේ ජය ගත්ත හැටි, වගේ දෙවල් එතකොට මේ ලමයින්ට එනවා හැගීමක් මම හිතනවා හැම වසරකම ඉහලටම යන්න පුළුවන් ව්‍යාපාරිකයෝ එක්කෙනෙක්වත් බිහි වෙයි.

නොයෙක් කර්මාන්ත පුහුණුව දෙන්න පුළුවන්. හැම රාජ්‍ය ආයථනයකම වැඩ වෙන පිළිවෙල අදුන ගන්න පුළුවන්. ( මේ ටික මම ගත්තේ මකරාගේ බ්ලොග් එකෙන් ස්තුතියි ඔබට )

මේ අය එලියට එනකොට හමුදාවල ඉන්න කැමති අයට එහෙම ඉන්න හැරලා තම තමන්ගේ කැමැත්තේ හැටියට වෘතීය පුහුණු වැඩ සටහන් වලට යොමු කරවන්න පුලුවන්.

මම හිතනවා මේ වගේ වැඩ පිළිවෙලකට අපි අපේ ඊලඟ පරම්පරාව යොමු කලොත් අපිට ගොඩක් සතුටෙන් මැරෙන්න පුලුවන් වෙයි.

හිතන්න.........................

අපි ඉදිරියට යමු...................

මේක අවස්තාවක් කර ගමු..............................

මේපුහුණුව විදිමත ඉදිරියට දියුණු වේවා කියන එක මගේ පැතුමක්!!!!!!!!!!!!!!!!!!!!

(අපේ බ්ලොග් කරුවොත් කීප දෙනෙක්ම මේකට ගිය නිසා අපි නැවත මේක කථා කරමු ඔවුන් ආවාම.)


ජය!!!!!!!!!!!!!

6 comments:

  1. " අපේ ඉතා ඉහලට ගිය ව්‍යාපාරිකයො වගේ අය ගෙනල්ල මේ ලමයින්ට පොඩි දේශන කීපයක් කරන්න ඕනෙ "

    එකනම් නියම idea එක . මේකට ගියි කියපු බ්ලොග් කරුවන්ගේ බ්ලොග් ලිනක්ස් දෙන්න පුලුවන්ද. මොකද ඒගොල්ලන්ගෙන් තමඊ නියම විස්තරය දැනගන්න පුළුවන්

    ReplyDelete
  2. බලා ගෙන ගියාම වෙද මහත්තයට වැඩියේ ඇස් බී ලොක්ක හොඳා.. බැරි වෙලාවත් වෙද මහත්තය ඇමති උනානම් විනාසයි...

    හෙහ් හෙහ්.......

    ReplyDelete
  3. මාලන්ගේ බ්ලොග් එක බලන්න.

    මාතලන්,
    ඒ විනාස නම් වෙන්නේ නැහැ. මොකද මම කවදාවත් දේශපාලනයට එන්නෙත් නැහැ. ( ආවත් ඡන්දෙ ගන්න වෙන්නෙත් නැහැ, කවුරුත් දෙන එකක් නැහැ.) අපි බලමු තව සති තුනකින් තත්වේ ගැන.

    ReplyDelete
  4. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි කන්සල්ටේෂන් සහ කොම්ප්‍රොමයිස් කියන දෙක දන්නේ නෑ. භාවිතයේත් නෑ. ඒවා කිරීම ලොකු මදිකමක් විදියටයි සලකන්නේ.
    අර්ථසදකේත්, කැම්පසුත්, අනිත් හැම දේමත් පොන්තනෝනාගේ පස්ස පැත්ත වගේ වෙලා.

    ReplyDelete
  5. කතන්දර,
    සම්පූර්න ඇත්ත. කිරලා මැනලා බැලිල්ල අප අතර නැහැ. හරි ලේසියි නොවැ විරුද්ද වීම සහ මඟ හැරීම. අපි හැමදාමත් එක තැන.

    ReplyDelete
  6. First time reading this blog thanks for sharing.

    ReplyDelete