Thursday, May 19, 2011

අහෝ සම්බුද්ධත්ව ජයන්තිය(එතකොට අනිත් දෙක, ඉපදීම, පිරිනිවීම.) !!!!!!!!!

මම මේක ලියන්නේ අහම්බෙන් දැක්ක දෙයක් ගැන කියන්න.
අනේ මන්ද මගේ මොඩකම වෙන්න ඇති මේවා මෙහෙම පේන්නේ………...
දැන් අපි වයස නිසාද දන්නේත් නැහැ. කොහොම හරි,,,,,,,,,,
මේකයි කථාව ඉතාම කෙටියෙන් කියන්නම්. ………...
මම පහු ගිය දව්ස් දෙකේ හිටියේ කොළඹින් පිට ඒ මගේ දුව ඉපදුන වෙලවේ ඇයට ඇතිවුන යම් ආබාධයක් සනීප කරගන්න මම නොකරපු දෙයක් නැහැ. දෙවි කෙනෙක් වගේ වෛද්‍යවරියක් මගේ දරුවා සනීප කලා කවදාවත් ආයිත් එහෙම දෙයක් ඇයට වුනාද කියලා හිතන්න බැරි තරම් පරිපූර්ණව. දැන මගේ දියණිය ඉතා සාර්ථකව ඉගෙනීම කරනවා. මේ නිසා මම බාරයක් වුනා මම මැරෙනකම්ම හැම වසරෙම කතරගම එනවා කියලා ඇයගේ උපන් මාසයේදීම. මම ලෝකෙ කොහේ හිටියත් ඒක මේ දක්වා කරල තියනවා. ඉතිං 17, 18 මම දාගත්තා කතරගම යන්න. මමයි, බිරිදයි, දුවයි, බිරිදගේ මවයි. අපි කතරගමින් මාතරට ආව 17 රෑම. දැන් 18 දවල් 2.30 මම පිටත් වුනා නැවත කොළඹ එන්න. මම කොළඹට එනකොට වෙලාව දන්නවද??????????
හරියටම මම ගෙදර ගාව වාහනේ නවත්තද්දී වෙලාව 2011/05/19 පාන්දර එකයි.
නැවැත්තුවේ හික්කඩුවේදී දුවගේ ශාරීරික අවශ්‍යතාවයකට පමණයි. මාතර සිට ගාල්ලට විනාඩි 45 ගියා. පැය හතරකට ආසන්න කාලයක් එකම තැනක නැවතිලා හිටියා හික්කඩුවේදී. හෙතුව පෙරහැරක් යෑම.
පොලීසිය හිටියා මහ ගොඩක් තැන් තැන් වලට වෙලා උඩ බලාගෙන. අනේ අපි මහන්සිවෙලා හම්බ කරලා ගෙවන බදු වලින් නේද මුන් පඩි ගන්නේ. මම හිතන්නේ පාර එක පැත්තක් වහලා අනිත් අතින් වාහන යන්න දුන්න නම් මේක යම් ප්‍රමානයකට විසදගන්න තිබ්බා. එහෙමත් නැත්නම් අතුරු පාරකින් වාහන හැරැව්වනම් හොදටම මේ ප්‍රශ්නේ විසදගන්න තිබ්බා. මේ මිනිස්සු ඒ එකක්වත් කලේ නැහැ පාරෙම තමන්ගේ මෝඩකම පෙන්නුවා.

මෙතන ඉන්න ගමන් මම හොද පෝස්ට් කීපයකට කරුණු එකතු කරගත්තා. හැම තැනම අපේ තරුණ ළමයි දන්සැල දෙනවා ඉතාම හොද වැඩක් මම හිතන්නේ ලංකාවේ ඉන්න හැම මිනිහම බඩගින්න නිවා ගන්න එකම දව්ස වෙන්න ඇති උතුම් වෙසක් දවස.
හැබැයි ඒ එක්කම දාලා තිබ්බේ ඉස්සර වාගේ "බුද්ධං සරණං ගච්ඡාමී" වගේ සින්දු නෙමෙයි. අනේ මන්ද මොන භාෂාවද කියලා මට නම් තේරුනේ යටි ගිරියෙන් මොරදෙනවා විතරයි.

කොලුකමනේ එකට නම් මගේ එච්චර විරුද්ධත්වයක් නැහැ කියමු, ……….
ඒත් පාරෙ නටන්න ඕනෙද මේකට අපේ බුදු හාමුදුරුවෝ බුදු වෙලා වසර 2600 ගතවුනු සතුටට වෙන්න ඇති…….
අනේ අපිට කොහොමද ඕවා තේරෙන්නේ නේද මේ වයසක අපිට????????????????????
ඒත් මම හිතුවේ මේ සැරේ අපි බුදු තෙමඟුල සැමරුවේ නැහැ නේද????????????
අනිත් දෙක සමරන්නේ කවදද?????????????????
මට නම් තේරෙන් නැහැ ......
අපි මේවා තේරුම් ගන්න වයස වැඩිද කොහෙද!!!!!!!!!!

9 comments:

  1. හැබෑ නේන්නම් අපි මේ පාර තෙමගුල සැමරුවෙ නැහැ නෙව...
    සර්ධාව මුලු ඇගෙන්ම පෙන්නන්ට ඕන නිසා වෙන්ට ඕන නටන්නේ..

    ReplyDelete
  2. ඔයා කියල තියනදේ හරියටම හරි මහත්මයා.මේ සැරේ තෙමඟුල සැමරීමක් වුනේ නැහැ.2600 ඉලක්කමක් මහ ඉහලින් බෙර ගහල පෙන්නුවා.ඒකත් හැබැයි නරකම නැහැ.

    ReplyDelete
  3. තරුන තරුනියන්ට විනෝද වෙන්න අවස්තා හා මුදල් අඩුනිසා තැන නොතැන බලා විනෝද වෙනවා.

    ගොඩක් වැඩිහිටියන් විනෝද වෙන්නේ මත් පැන් පානයෙන්, ක්‍රීඩා කටයුතු, වන්දනා ගමන්, පොදු කටයුතු, පවුලේ සැම එකතු වී කරන දේ (ටෙලි නාට්ය බැලීම හැරුනු කොට)හරි අඩුයි ඉතින් මේ ලමයින් හා තරුනයින් කා දිහා බලාගෙනද තම ජීවිතය හැඩ ගස්වාගන්නේ, මර්වින් සිල්වා දිහා බලාගෙනද, සනත් ජයසුරිය දිහා බලාගෙනද, පබා දිහා බලාගෙනද? මෙන්න මෙය වගේ හොඳට හැදියන් පුතේ දුවේ කියල කාවද පෙන්වන්නේ?

    ReplyDelete
  4. ඔබ හරි !!
    මම හිතන්නෙත් ඔයදේමයි. කෝ අපිට පරමාදර්ශී චරිත. අපේ තරුන තරුනියන්ට කාවද අනුගමනය කරන්න වෙලා තියන්නේ. සුපර් ස්ටාර් සංස්කෘතියක් බිහි වේගෙන එනබව පේනවා. ඔබ අපි අත තමයි මේ වගකීම තියන්නේ, අපේ වැඩිහිටියො අපිට දුන්නේ නැති ආදර්ශ අපි අපේ අළුත් පරම්පරාවට දෙමු. විශේෂයෙන්ම අපි බ්ලොග් ලියන අය විදියටත් මේ සමාජයේ යම්දෙයක් දැන උගත් අය හැටියටත් හැසිරිලා අපිම ආදර්ශය වෙමු. ඔබට මගේ ලොකු ගෞරවයක් තියනවා. ඒ ඔබේ බ්ලොග් එකේ තේමා පාඨය නිසා.
    ජය!!!

    ReplyDelete
  5. ඔබ දෙපලගේ සටහන් කියවූ පසු මට සිතුනා මාද යමක් එකතු
    කල යුතුය කියා..
    පරමාදර්ශී චරිත. කියලා මටනම් තාමත් මුනගැසී ඇත්තේ අපේ
    පොත්වල සඳහන් චරිත පමනයි.බොහෝ දෙනා ඡීවත් වන්නේ
    මවාගත් සිල්වත් චරිත තුලයි.ගොඩාක් දෙනා වයසට යනකොට තමා සිල්වත් වෙන්නේ. වැඩිහිටියන් විනෝද වෙන්නෙත් මත්පැන් හෝ වෙනත් නුසුදුසු දේවලින් ..
    ඉතින් තරුන පරපුරත් එයාලට කැමති කැමති දේවල් කරනවා.
    පොඩිහිටියන් හදන්නට පෙර වැඩිහිටියන්ද හදන්ට වෙනවා.

    ReplyDelete
  6. කතන්දර
    කොහෙත්ම නැහැ. මෙතන මගේ විවේචනය තියන්නේ අපේ පරම්පරාවේ අය ගැන. මේක පටලවා ගත්තේ අපේ පරම්පරාව. තරුණ තරුණියන් කවදත් කොහෙත් ඔහොමයි. ඒක ගැන උපේක්ෂාවෙන් බලත හැකියි.

    ReplyDelete
  7. අපිටත් මේ සිද්දියටම මුහුන දෙන්න සිදු උනා. 4ට ගාල්ලෙන් ආපු අපි හික්කඩුවෙ පැයකට වඩා රස්තියාදු උනා. පොලිස් මාමල ඉටි රූප වගේ (හිටන් හිටියට වඩා දෙයක් කලේ නෑ, හැබැය් පෙරහර කරන අයගෙන් සප්පයම් උනා. අපිට ඒකට කමක් නෑ කට බඩ පිරුනම හරි රාජකාරිය කලා නම්.) අන්තිමට අපිට සිද්ද උනා බැහැල ගිහින් ඇනලා අහන්න උනා අපි යන්නද මේ අතුරු පාරින් හරවල කියල. අපි හිටියෙ එහෙම තැනක. එපා කිව්ව. අපිත් ටිකක් හිටිය. වෙඩින් ක්පල් දෙකකුත් පාරෙ හිර වෙලා. අපිට නැතත් ඒ මනුස්සයොන්ට යන්න දෙනා එපැය්. උදේ ඉන්දලම මොන දුකක් විඳලද ඉන්නේ. පස්සේ බලෙන් වගෙ අපි අතුරු පාරට හරවල ආවා. ඒ ඇවිත් ආයෙ කලුතර මාරම බ්ලොක් එකක්. ආයේ එතනින් බන්ඩාරගමට දාලා ලොකු වට රෞමකින් කෞබැද්දට ආවෙ, ඒ එනකොට 12.00ත් වෙලා. අන්තිමට රෑ කෑමත් නෑ.

    ReplyDelete
  8. හැමදේම මාර්කට් වීමක් අද වෙන්නේ... සම්බුධ්දත්ව ජයන්තියත් එක්තරා අකාරයක මාර්කට් කිරීමක්... මුදල මූලික උනු සමාජය තුල වෙසක් දිනය විකුනන් කෑමක් තමයි උනේ ...

    ReplyDelete