මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍රකට විද්‍යා ආචාර්යවරියකි. සියල්ලේ ම විද්‍යාත්මක පදනම මැනවින් සොයන්නියකි. මනසේ ඒකාග්‍රතාව ඉතා හොඳින් පවත්වාගෙන යන බව ඇය හා නිතර ආගිය තොරතුරු, දේශපාලනය, ආගම, ආයුර්වේදය මෙන් ම නූතන විද්‍යාව පිළිබඳ සංවාදයේ යෙදෙන මම දනිමි.
ඊට ද වැඩි අරුමයක් තව තිබේ. එනම් ඇයගේ සැමියා මෙරට ප්‍රකට වාමාංශික දේශපාලන පක්ෂයක ප්රමුඛ ක්රියාකාරිකයෙකි. එහි නායකයා ඇයගේ පිය පස ඥාතියෙක් වන අතර මෙවර එම පක්ෂයෙන් ජනධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඇයගේ මිතුරෙක් වන තවත් විද්‍යා දේශකයෙකි. මේ පසුබිම ඇයගේ මේ කතාව සනාථ කිරීමට නොව ඇය පිළිබඳ මගේ දෘෂ්ටිය ඔබට පහදා දීමට මවිසින් එක් කළ දෙයකි. මෙම තොරතුරු සත්‍ය ම බව ඔබට පසක් කරමි. මෙය සත්‍ය අද්දැකීමක් බව දිවුරා කියමි. ඒ එසේ වතුදු මෙය පිළිගන්න යැයි ඔබට බල නො කරමි. ඇය මට මේ කතාව පැවසූයේ දැනට වසර එකහමාරකට පමණ පෙර වුවද දිගු කලක් බ්ලොග් ලෝකය හා මගේ සම්බන්ධය නැවතී පැවති බැවින්, එය අකුරු කිරීමට නොහැකි විය.
මෙහි පාත්‍ර වර්ගයා එසේ ය. මෙය සිදු වී දැනට වසර කීපයක් ගෙවී ගොසිනි. නමුත් එහි බලපෑම ඉතා විශාල ය. ඒ එතරම් වාමාංශික පදනමක පිහිටි, පේරාදෙණිය විද්‍යා පීඨයෙන් උපාධි ලැබූ විද්‍යා ආචාර්යවරියක වන ඇය, ලෝකය විද්‍යාව නමින් හඳුන්වන කෝණයෙන් පමණක් නොව වෙනත් කෝණ වලින් ද මනින්නට ඉන් පසු පෙළබීම යි.
එක්තරා විෂය ක්ෂේත්රයක ප්‍රවීණයෙක් වන ඇයගේ සැමියා සිරිපා අඩවියේ යම් ස්ථානයක පැවති රැස්වීමකට සහභාගි වීමට තම බිරිඳ හා කුඩා දියණිය ද ගෙන පිටත් විය. හිමිදිරියේ ඔහුගේ කර්තව්‍ය ආරම්භ වන විට ඇය සිරිපා අඩවියේ සිට සිරිපා කන්ද දෙස බලාගෙන එහි යාමට හැකි දැයි එහි සිටියවුන්ගෙන් ඇසුවා ය. ඔවුන් ඇය වැළැක් වූයේ ඒ සිරිපා කරුණා නොකරන අවාරය බැවිනි. නමුත් එවන් දේකින් මෙල්ල වන තැනැත්තියක් නොවේ ඇය. කුඩා දියණිය ද සමඟ සැමි අවසරය ද ගෙන තනියට පිරිමි ළමයෙක් ද කැටිව සිරිපා කන්ද තරණය කරන්නට ඇය ආරම්භ කළේ අනෙක් අයගේ විරෝධය නොතකා ය.
ඉතා පහසුවෙන් ගෙනගිය දේ කමින් බොමින් ගිය ගමන කෙමෙන් කෙමෙන් බෙහෙවින් දුෂ්කර විය. ඒ කෙසේ වතුදු අධෛර්ය වන්නේ නොවේ ඇය. ඉතා දුෂ්කර ගමනකින් සිරිපා කරුණා කර නැවත එන්නට තනද්දී ඇයට සිතට අමුත්තක් දැනුණේ ඒ වන විටත් කාලය බෙහෙවින් ගෙවී ගොස් තිබීම නිසාවෙනි. නමුත් දිරිගෙන කුඩා දියණිය හා පිරිමි ළමයා ද කැටුව ඇය නැවත වේගයෙන් පැමිණෙමින් සිටියදී ආලෝකය සම්පූර්ණයෙන් නැතිව ගොස් දැඩි අදුර පතිත වන විට ආපසු ගමනේ තවත් යා යුතු දුර බොහෝ විය. දැඩි අසරණ තත්ත්වයට වැටුණු ඈ නුවණක් සොයමින් කල්පනා කළේ ගමන් මඟ සොයා ගන්නෙ කෙලෙසදැයි පසුතැවෙමිනි.
කෙසේ හෝ සිතේ සෝදිසියට ගමන් කරමින් මඳ දුරක් පැමිණිය ද, එය විශ්වාසදායී නොවිණි. හදිසියේ දර්ශනය වූ ඉතා කුඩා ආලෝකයක් විහිදුවන යමක් හැක ඒ ඉලක්ක කරගෙන කෙමෙන් යන්නට ඇයට හැකි වූයේ වාසනාවකට මෙන් ය. ක්‍රමයෙන් ඒ ආලෝකය ඉතා කුඩා අතුපැලකින් විහිදෙන බවත්, සිරිපා කරුණා කරන සමයේ පවතාගෙන ගිය ද පසුව අතහැර දමන ලද කඩයක් බවත් වැටහුණේ එහි ළඟා වූ පසු ය. කඩය අතහැර දමන ලද්දක් වුවත් එය පවත්වාගෙන ගිය තරුණයා එහි වූවෙන් ඔහුගේ උපකාර පැතීමට ඇය පසුබට නොවීය. ඇගේ කතාවට සවන් දුන් තරුණයා එවන් කාලයක මෙවන් අවදානම් ගමනක ඇති අවදානම් බව පිළිබඳ ඇයට පවසා ඔහු සතු විදුලි පන්දම ඇයට ලබා දී ඇයට තේ කහටින් ද සංග්‍රහ කළ අතර, ඉතා පුදුම ම සිදුවීම වූයේ තේ බීමටවත්, කඩයට පැමිණීමට වත්, යමක් කීමටවත් ගමෙන් පැමිණි තරුණයා ඉදිරිපත් නොවීම යි. ඔහු දැඩි ව බිය වී ඇති බව පසක් කරගත් ඇය, පිටිපසින් ඔහු එන බැවින්, ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළා ය.
සිතින් මෙන් ම ගතින් ද දැඩි වෙහෙසට පත් මවට සහ දියණියට කඩේ තරුණයාගේ සංග්‍රහය අමෘතයක් ම විය. ඉන් පසු විදුලි පන්දමේ ආධාරයෙන් වේගයෙන් යාමට සිතූ ඔවුන්ට කඩේ තරුණයා තවත් උපකාරයක් ලබා දිමට ඉදිරිපත් විය. 'අක්කේ මේ ගමේ මාව ඕනෙ කෙනෙක් දන්නවා. කවුරු හරි හමු වුතොත් මගේ අක්කා කියන්න. ඔවුන් උපකාර කරයි.'යනුවෙන් පැවසූ මුත් ඔහුගේ නමවත් අසා ගන්නට ඇය සැරසෙන විටත් ඔහු නොපෙනෙන දුරකට ගොස් අවසන් ය. නමුත් විදුලි පන්දම බෙහෙවින් උපකාරී වන බැවින් ඉන් සැනසුණු ඇය වඩා වේගයෙන් අනෙක් දෙදෙනා ද කැටුව ගමවෙත සේන්දුවන විට ගමේ පිරිසක් ඇය සහ අනෙක් දෙදෙනා සෙවීමට මඟට එමින් සිටියහ.
මෙතුමිය මට පැවසූ ආකාරයට වඩාත් රසයක් ඇත්තේ කථාවේ ඉතිරි කොටසේ යි. ඇය පැමිණි පසු රැගෙන ආ විදුලි පන්දම කඩේ තරුණයා කියූ පරිදි නිසිතැන තබන්නට බලන විට එවැන්නක් ඇය අත නොතිබිණි. කළ උපකාරයට වෙනත් විදුලි පන්දමක් හෝ ගෙනත් තබන්නට හැකි යැයි ඇය තීරණය කළා ය. නමුත් එවිට මෙතෙක් ගොළුවකු සේ සිටි කොලුවා මෞන වෘතය හැර දමා, ඇය කඩයකට නොගිය බවත්, ඇයට පිස්සු යැයි තමා සිතූ බවත් බොහෝ දුෂ්කර මාධ්‍යයේ කළුවරේම ඇය පැමිණි බවත්, ඇය අත විදුලි පන්දමක් නොතිඹූ බවත්, ඇය පළපුරුදු කාරියක සේ පාර සොයා පැමිණි බවත් කියූ විට සියල්ලන් අන්ද මන්ද වූ බව ඇයට තවම මතක තිබේ. නමුත් මෙහි ඇති විශ්මිත කතාව වන්නේ, කොලුවාට අනුව ඔවුන්ට කිසිවෙක් මුණ නොගැසී තිබීමත්, ඇය පවසන පරිදි ඇය කඩේ තරුණයාගෙන් තේ බී විගස මනා ප්රබෝධයක් ඇති වූ බවත් ය. කුඩා දියණිය දැන් විශ්වවිද්‍යාලයෙන් ද පිටවූ තරුණියකි. ඇය මා හා පැවසූයේ මඟදී හමු වූ ලස්සන තරුණයෙක් ඔවුන්ට උපකාර කළ බව යි. අනෙක් කිසිවක් ඇයට මතක නැත.
මට නම් මෙය තේරුම් ගත නොහැක. ඔබට ඒ සඳහා යම් අර්ථ දැක්වීමක් දිය හැකි ද?
එක් දෙයක් පමණක් කියමි.
කාලමයෙනි, තොප විසින් සැක කිරීම සුදුසු ය. විමති ඉපදවීම සුදුසු ය. සැක කටයුතු තැන්හි තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, මෙහි එන්න. යමක් අනුශ්‍රවයෙන් ද නොගනුව. පරම්පරා කථාවෙන් ද නොගනුව. මෙසේ වීල යි ද නොගනුව. අපගේ පෙළ (පිටකය ) හා ගැලපෙතීයී ද නොගනුව. තර්ක ග්‍රාහයෙන් ද නොගනුව. නය ග්‍රාහයෙන් ද නොගනුව. ආකාර පරිවිතර්කයෙන් ද නොගනුව. සිය දෘෂ්ඨිය හා සැසඳෙති යී ද නොගනුව. භව්යරූපතායෙන් ද නොගනුව. මේ ශ්‍රමණයා අපට ගුරු යයි ද නොගනුව. කාලාමයෙනි මේ දහම් කුසල් ය. මේ දහම් අකුසල් ය. මේ දහම් වරද සහිතය මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිත ය. මේ දහම් සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නහ යි යම් කලෙක තෙපි ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි ම එය දුරු කරව.
කාලාම සූත්‍රය, මජ්ඣිම නිකාය.
ඔය වගේ අත්දැකීම් තියනවා සෑහෙන තරමක්. මම මෙයාව හොල්මනක්, අවතාරයක් හැටියට අර්ථ දැක්වුවොත්? නැත්තම් දැන් මෙතන පහලින් වැටෙන කමෙන්ට්ස් වල වගේ දෙවියෝ විදියට අර්ථ දැක්වුවොත්? මොකද්ද ඔබ පිළිගන්නේ?
ReplyDeleteමේවා ඇත්තෙන්ම පාර භෞතිකව පැහැදිලි කල හැකියි. ඒ ගැන පෝස්ට් දෙකක්ම මම ලියල ඇති. ඒ වගේම, මීට සමාන අත්දැකීම් ලබල තියනවා ගුවන් නැවියන් සහ නාවිකයන්. ඔවුන්ගේ නැවු අනතුරට ලක් වූ වෙලාවල් වල, එක පාරටම කඩා වැදිලා, නැවේ කටයුතු මෙහෙයවල අතුරුදහන් වෙන මිනිස්සු.. මේවා කොහොමද පැහැදිලි කරන්නේ..
ඔව් මෙය සුලභ අත්දැකීමක්. ඔබ පිළිගන්නව ද මම මෙය හොල්මනක්, අවතාරයක් හෝ දෙවියන් ලෙස අර්ථ නොදක්වන බව එසේ නම් මම එය මෙහි ලියනවා.මට මේ පිළිබඳ අර්ථ දැක්වීමක් තිබෙනවා. ඉදිරියේ දී එය වෙනම පොස්ට් එකක් ලෙස ගෙන එනවා. ස්තුතියි ඔබේ අගය කිරීමට.
Deleteසාමාන්‍ය තත්ව යටෙතේ අපේ ඇසට,කණට ගෝචර නොවෙන දේවල් නැහයි කියලා පොර ටෝක් දෙන ගමන්ම වයිරස් වලට , බැක්ටීරියා වලට බෙහෙත් හොයන ලෝකෙක 'අනුන්ගෙ උත්තරය' කියන දේට දෙන වැදගත්කම ගැන සෑහෙන්න හිතන්න ඕනෙ මේ වගේ මාතෘකා වලදි.
ReplyDeleteජයවේවා..!!
අඟහරුවාට කිව්ව වෙගේ මම මේකට දෙන අර්ථ කථනය වෙන ම ලියනවා. එය නිවැරදි කර ගැනීමට මට ඔබේ සහය අවශ්‍යයි. ඒ නිසා මම ඔබෙ අදහස් අහලා දැලි පිහියෙන් කිරි කන්න තීරණය කළා. ස්තුතියි අවදානම මතක් කළාට.
Deleteමට නං හිතෙන්නේ මානසික ඝට්ටනයනක් හා අසීරුතාව, පීඩනය නිසා සිතුනු දෙයක් කියායි..
ReplyDeleteඑහෙම දෙන්නෙකුටම එකම ඇත්දැකීම ලැබුනෙ කොහොමද?
Deleteඑහෙම වෙන්න පුළුවන් මම ඒක ඊලඟට කියන්නම්.
Deleteදේශකයා කියන දේත් මේකට සෑහෙන්න අදාළයි.
Dr. Rohana,
ReplyDeleteමේ ලිපියට අධාල නැතත් ඔබෙන් යමක් කියන්න ඕනේ, මගේ මිතුරෙක් " Museum of London " වෙත ගිය විට ඔහුට බලන්න ලැබිල තියනවා ශ්‍රී ලංකාවෙන් 18 වැනි සිය්ටවසේ දී ගෙන ගිය පුස්කොල පොත් සහ ශ්‍රී ලංකාවේ අච්චු ගසන ලද වෙදපොත් සමුහයක්, මෙහිදී ඔහු මට ෆොන් කැමරාවෙන් ගත් "පිළිකා ප්‍රකරණය " නමැති පොතේ පිටුකිපයක් ඒවා තිබුන, මට දැනට ඔබේ email ලිපිනය නෑ ඔබ කැමතිනම් මට එම පිටුටික එවිය හැකියි, මෙහි ඇත්තේ කවියෙන් සදහන් කල බෙහෙත් සමුහයක් මෙම පොත 1890 කාලයේ ශ්‍රී ලංකාවේ මුද්‍රණය වූ පොතක්, මා සතුව ඇත්තේ පිටු කීපයක් පමණයි. ඔබට lankikasithuwili@gmail.com ඊතලයක් එවීමට හැකිනම් මම ඔබට එය එවන්නම් .
අනෙක් කාරණය තමයි දැනටත් ඔවුන් සතුව මෙවැනි ග්රන්ථ විශාල එකතුවක් තිබීම ශ්‍රී ලංකාවේ වැඩපිළිවලක් නැද්ද අඩුගානේ මේ වායේ ඇති තොරතුරු ටිකවත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබාගන්න?
මගේ මිතුරා කියපු විදියට එන්ග්ගලන්ත කවුතුකාගාරයේ මෙම පොත් ඉතා පරිස්සමට catalogue කර තබා ඇති අතර ඔබ කලින් දැනුම් දුන්විට මේවා ඉතා ආරක්ෂක අන්දමට බැලීමටත්, ආලෝකය නොවිහිදෙන කැමරාවකින් රුපගත කිරීමටත් අවසර දී තිබෙනවා.
මම ඔබට ඊයක් විදින්නම් ඔබ කියන්නෙ ඇත්ත. අපේ වටිනාම සම්පත් තාම අපිට ලැබුනෙ නැහැ. බලමු අපේ ගෝල පරම්පරාව මේකට යොමු කරන්න. අපිට හොඳ අනාගතයක් තියනවා.
Deleteකිසිවක් කියන්න බෑ. හොල්මන්/දෙවියන්/යක්ෂයන් පිලිනොගන්නා කෙනෙක් විදියට මේ තුන්දෙනාගෙ මනස්වල ඇතිවූ තත්වයන් වෙන්න පුළුවන්. භෞතිකවාදියෙක් වුවත් දුර්වල වෙන්න පුළුවන් අවස්ථාවල් නැත්තෙ නෑ. ඒ වගේම අවාරෙ සිරිපා වන්දනාව ගැන විවිධ මතිමතාන්තර විශ්වාස කරතැයි සිතිය හැකි, ගමෙන් ආපු පිරිමි ළමය පත්වුන තත්වයත් පුදුමයක් නෙවේ.
ReplyDeleteඕක මගේ අදහස, තවත් කෙනෙකුට තවත් අදහස් තියෙන්න පුළුවන්.
පැහැදිලි වම අපිට නොයෙක් මත තිබිය හැකි යි. ඒවා කොහොම වුනත් විද්‍යාත්මක පදනමක විග්රහ කරන්න හැකි විය යුතු යි. හැබැයි විද්‍යාව කියන්නෙ බටහිර විද්‍යාව විතරක් නෙමෙයි.
Deleteම්ම විද්‍යව හෝ මොලය පිළිබද විශාරදේයෙක් නොවේ. එහෙත් ස්වභාවය තුල මිනිස් මොලය ක්‍රියාකරන ආකාරය විශ්මිතය. අප නොදැන සිටියත් මොලය තුල පරිණාමය වීමේදී එකතු වී ඇති දත්ත සම්බාරය උදව් කර ගනිමින් තම සේවා දායකය රැක ගැනීම සදහා ක්ෂණික තීන්දු ගනු ලබය්. මෙම දත්ත අතරට පරිණාමයේදී අපට අහිමී උන එහෙත් සතුන් විසින් ප්‍රයෝජනයට ගන්නා දක්ෂතාද ඇතුලත් බව අමතක නොකළ යුතුය. කෙලෙසිසන පිරුන අප මනස නිසා මේ යට සැගවුන දත්ත අපට ප්‍රයෝජනයට ගත නොහැක.
ReplyDeleteඔබේ මතය බොහෝ විදුහුරුයි. ඔබත් එක්ක එකඟයි.
Deleteමෙවැනි සිදුවීම් හුදු මිත්‍යා කියලා බැහැර කරන්න බෑ...මොකද නවීන විද්‍යාවෙන් මේ සිදුවීම් විස්තර කරන්න ඔප්පු කරන්න හැකියාවක් නැති නිසා...
ReplyDeleteනවීන විද්‍යාව සර්වතෝභද්‍ර නැහැනේ මලයා. පරම සත්‍ය නවීන විද්‍යාව ම නෙමෙයි.
Deleteමටත් හිතෙන්නෙ අර ඇනෝ උඩින් කිව්ව වගේ මේක ඇතිව තිබූ තත්වය මත මොළය මගින් නිර්මානය උනු දෙයක් වෙන් ඇතියි කියන එක.
ReplyDeleteමරණ බිය ඇතිවෙච්ච වෙලාවට තමන්ට කවදාවත් කරන්න පුලුවන් යැයි හිතාගෙන නොසිටි දේවල් කරන්න පෙළඹෙනව වගේ වැඩක්. ඒ වෙලාවෙ ඕනකමින් හිතුවෙ නැති උනත් සිරිපා අඩවියේ ඇති හාස්කම් ගැන මිනිසුන් කියන කතා ඇසීමෙන් යටිසිතේ තැන්පත් වෙලා තිබ්බ යම් දෙයක් උඩට මතුවෙන්නත් ඇති.
තව ලිපියක් ලියන්න දෙයක් නැතිවෙන හැඩයි. මේක අපිට තේරුම් ගන්න කොච්චර කලක් ගියාද? කොච්චර සල්ලි නාස්ති කළා ද?
Deleteමමත් දෙමළ "න" යන්නයගේ අදහස හා එකඟයි... ඒත් ඉතින් බොහෝ අයට මේ වගේ අත්දැකීම් තියෙනවා.. මාතලන්ද ඇතුළුව...
ReplyDeleteඇත්තෙන් ම මටත් එහෙම අද්දැකීම් තියනවා. මතක ද මගේ මිතුරන් කට්ටියක් එක්ක මළගේක ගිහින් සිදුවූ වික්‍රමයක් ගැන ලිව්වා. මේ ගැන මගේ විග්‍රහය නැවත ලියනවා.
Deleteමගෙත් තියෙනවා රිය අනතුරක් අභිමුව අස්වාභාවික ලෙස ඇති වුනු ක්ෂණික ප්‍රතිචාරයකින් මගෙත් තව කෙනෙක්ගේත් ජීවිතේ බේරුණු අත් දැකීමක්. අස්වාභාවික කියන්නේ උස මහත මිත්‍රයකුත් අතින් ඇදගෙන අඩි 6 ක් 7 ක් පිටු පසට පැනීම.ඒ මොහොතේ ගැටෙන්න ආපු බස් රථයේ පිටු පස දොරටුව අපි හිටපු හරියට වෙන්න තමා නවත්වා ගන්න පුළුවන් වුනේ.
Deleteඔක්කොම කමෙන්ට් කියෙව්වා. හැබැයි එක්කෙනෙක්වත් කියල නෑ දෙන්නෙක්ටම එකම අත්දැකීම ලැබුණු හැටි. ඒ වගේම නිවැරදිව පාර හොයාගෙන ආපු හැටි. මොකද කරුවලේ සිරිපාදෙදි පාර හොයාගන්න එක ලේසි දෙයක් නෙමෙයි. එළියක් නැතුව අඩුම ගානේ night vision නැත්නම් කරන්න බැරි වැඩක් වගේ පේන්නේ.
ReplyDeleteඑකම තැනක හෝ දෙතැනක සිටින දෙන්නෙක්ට මෙවැනි අද්දැකීම් එකවිට ලැබීමට ඉඩ තියනවා. නිවුන් දරුවන්, මව, පියා, දරුවන් වගේ ලඟම අයට එකම අද්දැකීම වෙන්න පුළුවන්. පාර හොයා ගන්නත් ඇහැකි. මේවා වෙන ම කතා කරමු.
Deleteසුළු අත්වැරදීමකින් අතරමන් වෙන්න පුළුවන් පරිසරයක, එසේ නොවීම සුවිශේෂයි.
ReplyDeleteමගේ මිතුරෙක්ගෙ අද්දැකීමක් ලිව්වා මතක ද කොටස් වශයෙන්. මේකත් ඒ වගේ ඉදිරියේ දී ලියන්නම්.
Deleteඇත්තටම මේ ගැන හිතළු ඉදිරිපත් කරන්න පුළුවන්.. මේ ඒ වගේ හිතළුවක්..
ReplyDeleteගමේ තරුණයා අතිශයින් භීතියට පත්ව සිටි නිසා.. ඔහුට මේ කිසිවක් ගැන මතකයක් නැහැ සහ ගමනේ අවසාන හරියේදී හෝ කට්ටිය මුණ ගැසීමෙන් පසුව... ටෝච් එක කොහෙට හරි විසි වුණා.. කාගෙත් අවධානයකින් තොරව..
නැහැ මේකෙ ඊට වඩා දෙයක් තියනවා, බලමු ඉදිරියට. හැබැයි ඔබ කියන එක තමා ටෝච් එකට නම් වෙන්න ඇත්තේ.........
Deleteමුලිම්ම,
ReplyDeleteවෙදනා ආපහු ලියන එක ගැන ගොඩක් ම සතුටුයි.
මට හිතෙන්නෙ අර කාන්තාවගෙ යටිසිත ක්‍රියාත්මක වුනා වෙන්න පුළුවන්. අම්මගෙ යටිසිතට, දරුවගෙ යටිසිත වෙත බළපෑම් කරන්න පුළුවන්. ආලෝකය නොමැති වෙලාවක අවට පරිසරය මසැසට නොපෙනුනාට, පරිණාමීය ගමන්මගේදි දුර්වල වුනු වෙනත් සංවේදයක් මගින් යටිසිත පාර සොයාගත්තා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ස්වයං මෝහණයක් ක්‍රියාත්මක වෙනවා. මේ වගේ ස්වාභාවික බළවේග, දෙවියන් හෝ වෙනත් බාහිර බළවේගයක් ලෙස අර්ථ දැක්වීම සාමාන්‍ය ව්‍යවහාරයක්...
චිත්ත, මන, විඤ්ඤාන මහ අරුම පුදුම එකක් නොවුනත් එකට ම ක්‍රියා කරන තත්ත්වයන්...........ඒ අනුව මේක වෙන්න පුළුවන්.....
DeleteMATAH SAMAHARA MAGEMA ATH DAKEEM THIYENWA , ETH MAMA EWA GANA ECHCHARA ELAWANNE NA, MAGE NA SOYUREK HAMUDA SEWAE SITIYA. DINAK RAA NINDEN OHU MATA KATHA KARA MAGE NAMA KIYA MAWA BERA GANNA MAWA BERA GANNA KIYA KAA GASUWA. MAMA DORATH ARAGENA PARATA DIWWA. MAGE MAU PIYANDA MA PASU PASA AWA. EYA SIHINAYAK. NAMUTH IN DINAKATA PASU OHU MAAA SIHNAYA DUTU AWASTHAWE JAYASIKURU KRIYANWITHAYEDI MIYA GIYAGOSA THIBUNA. THAWATH MEWANIMA SIDUWEEMAK THIENAWA. APA MITHURAN THIDENEK EKA MITHUREKUDGE GEDARA OHUGE MAWA SAMAGA CARD SELLAM KARA KARA SITIYA. AUTNY APITA THE THUNAK GENA ENNA KUSSIYTA GIYAMA API GE PITU PASTA GIYA DUMAK DANNA. DUMA DAMA ENAWITA TEA 4 K THIBA API AHUWA AIE 4K KIYA. MA MITHURAGE PIYA WADA AREE GEDARA A BAWATH 4 WENI EKA OHUTA BAWATH PAWASUWA. APA OHUTH EKKAMA SELLAM KARNNA BALAGENA SITIYATH OHU ELIYTA AWE NA, EWITAMA WAGE NIWASATA PAMINI ASALWASIYEKU KEEWE MITHURAGE PIYA RIYA ANATHURAKATA PATH WEE ATHI BAWAYA. EMA STHANYA NIWSE SITA 15KM DURIN PIHITI THANK. APA ROHALATA YANWAA WITATH OHU MIYA GIHIN.
ReplyDeleteඔබේ අදහස මට යාන්තමින් වැටහෙනවා. ස්තුතියි!! නමුත් ඔබේ වටිනා අදහස් නිසි ලෙස ඉදිරිපත් කරන්න. ඔබේ උපකාරයට අපි සූදානම්. මාතලන් සිංහල ටයිප් කරන හැටි කලින් කියා දුන්නා ඒ ටික සොයා කියවන්න. නැවත ස්තුතියි. හැමදාම ඔබේ අදහස් ගරු කරනවා.
Deleteලෝකයේ සමහර දේවල් තියනවනේ අගක් මුලක් සොයා ගත නොහැකි ගැටළු හා විශ්වාස කල නොහැකි වුවත් එසේ කළ යුතු වෙන අවස්ථා.මේත් එවැන්නක් කියලා මටනම් සිතෙන්නේ.
ReplyDeleteඅපි නොදන්න දේ කොතෙක් ද?
Deleteමෙම සිදුවීම ගැන මට ඇතිවූ ගැටළු නම්;
ReplyDelete- ආචාර්යවරියට සහ ඇයගේ දියණියට පමණක් මෙම තරුණයා පෙනුනේ ඇයි? තනියට පැමිණි පිරිමි ළමයාට මොහු නොපෙනීමට හේතුව කුමක්ද?
- මෙම සිද්ධියම දහවලේ හෝ සිරිපා අඩවියේ නොවී වෙනත් සාමාන්‍ය කන්දක සිදුවුනි නම් තත්වය කුමක් විය හැකිද?
- කතානායකයා හිත දැඩි පිරිමියෙක් නම් මෙම කතාවම අසන්න ලැබේවිද?
මෙම සිද්ධියේ කථානායකයා කාන්තාවක්. යම් විපතකට, අසීරු අවස්ථාවකට මුහුණ දීමේදී වැඩිපුර කළබලවීම, බියවීම කාන්තාවන්ගේ ස්වභාවයක්. (කාන්තාවන් අඩුකොට සැලකීමක් නොවන බව කරුණාවෙන් සලකන්න) මම හිතන්නේ මේක survival instincts සමග යන දෙයක්. කාන්තාවගේ survival instincts පිරිමින්ට වඩා වැඩිබව මම අහල තියෙන විදියට.
කලින් අසා තිබු සිරිපා අඩවියේ සිදුවීම් සමග තමන් පත්වූ අසීරු අවස්ථාවෙන් ගැලවීම සඳහා ඇයගේ යටි සිත විසින් ඇයව සූක්ෂමව මෙහෙයවා තිබෙනවා. මෙය මගේ පෞද්ගලික මතය පමණයි. මා වැරදි වීමට බොහෝ ඉඩ තිබෙනවා.
වෙද ගෙදරට මුලින්ම පැමිණියේ පැමිණියේ අදයි. නිතර ඇස නොගැටෙන ඉසව් ගැන ඔබගේ ලියවීම් ඉතා රසවත්. දිගටම ලියන්න.
ජය වේවා !!!
ඔබේ ප්‍රශ්න වැදගත්. අනික ඔබේ නිගමනත් බොහොම විදුහුරුයි. නිසි සේ අවධානයෙන් ඔබ කිය වූ බව මට හැඟෙනවා. අපි බලමු ඉදිරියට. ඔබෙ අදහස් මට ඉතා වටිනවා.
DeleteDr. Rohana,
ReplyDeleteඊ තලයනම් ලැබුනේ නෑ, ඔබට මේ ලින්ක් එක https://drive.google.com/folderview?id=0B4wCQ2n249e9ZW5KZ2diMVRDZkU&usp=sharing
මගින් ලබාගතගකියි
dr.susantha@gmail.com
Deleteමෙවැනි පොත් දහස් ගණනක් කැනඩාව, ඇමරිකාව, ප්‍රංශය, නෙදර්ලන්තය, පෘතුගාලය, එක්සත් රාජධානිය ආශ්‍රය කර පවතිනවා. සෑහෙන දැනුමක් අපතේ යනවා. තව කොටසක් මේ වන විට බටහිර ඖෂ්ධ ලෙස නිපැයෙන්වා. මම දන්න කෙනෙක් ඉන්නවා. එයාගේ රැකියාව මේවා ඉංග්‍රීසියට පෙරලන එක.
DeleteDr. Rohana,
Deleteඇත්තටම මගේ මිත්‍රයට කිව්වා අනෙක් වර ගියහම මවැනි පොත් කීපයකම පින්තුර ගන්න ලෙස.
මම මේ පිළිබද සෙවීමට පෙලබුනේ දැනට වසරකට පෙර ඇමරිකාවේ ඖටිස්ම් රෝගය පිළිබද තොරතුරු සොයන අතරතුරයි මෙහිදී අදවනවිට මෙයයි ඇමරිකාවේ කොන්ග්‍රසයේ සිදුවන්නේ https://www.youtube.com/watch?v=qxr-cv-JuI8
මෙපිලිබද ලිපි කීපයක් ම මම ලිව්වා
http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_19.html
http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_20.html
http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_24.html
http://lankasithuwili.blogspot.com/2015/11/vaccines-vaccines.html
මිට අමතරව මට හමුවුන තොරතුරු අනුව සිංහල වෙදකම ඇත්තටම ඉතාමත් දිවුණු තත්වයකයි තියෙන්නේ, නමුත් අවාසනාවකට වගේ මේ දිවුණු ක්‍රම එක් එක් ගුරුකුල රහස් සහ ගුරුමුෂ්ටි ලෙස තබා ගැනීම සහ රජය අනුගමනය කරන (මෙය රජය කිව්වට මෙය සිදුවන්නේ බලවත් ඔවුෂධ සමාගම් වල බලය නිසා ) සහ රටේ ජනමාධය හැසිරෙන ආකරන අනුව සිදුවන දෙය දන්නේ අතලොස්සක් පමණයි.
ශ්‍රී ලංකාවේ මෙම පැරණි විධික්රම පිළිබද ආයුර්වේද සංස්ථාව විධිමත් ක්‍රමයක් අනුගමනය කරනවානම් ලෝකයේ තිබිය හැකි ඉහලම විද්‍යාව කළහැකි බවයි මට වැටහුනේ, තවම සිංහල වෙදකමේ මේ තොරතුරු සොයායාම පිළිබද මාසිටින්නේ ආරම්බයේ මෙනිසා වැඩියමක් කියන්න බෑ නමුත් මේ තොරතුරු ඔබට වැදගත් වෙයි.
සතුටුයි හුඟ දවසකට පස්සේ හරි ආව එකට...
ReplyDeleteසිරිපා අඩවියේ අතරමං උන අයට බවුන් වඩන රහතන් වහන්සේලා පිහිට උන කතාවක් පත්තරයක(පත්තරේ මතක නෑ ගොඩක් කල් කියවලා) මම කියවලා තියනවා.
නොපෙනෙන ලෝකය ගැන කතාකරන්න හොද අවස්තාවක්.
මම කැනඩාවේ ජීවත්වන නිර්මාණකරුවෙක් . මගේ නිර්මාණ ඇතුලත් කර අහස් ගව්වෙන් එහා ලෝකය නමින් බ්ලොග් අඩවියක් පටන් ගත්තා . බ්ලොග් කලාව මට අළුත් . බ්ලොග් කලාවේ ප්‍රවීණ ඔබට හැකිනම් මගේ බ්ලොග් අඩවිය ඔබ දන්නා හදුනන බ්ලොග් අතර ජනප්‍රිය කරන්න . එවිට මගේ නිර්මාණ බොහෝ දෙනෙකුට රස විදින්නට හැකි වේවි . ඔබේ නිර්මාණකරණයට ජය .... මම අනුරුද්ධ වැලිගමගේ
ReplyDeletehttp://ahasgawwenehalokaya.blogspot.com
මගේ අම්මා කියනවා ඇගේ පියා, එනම් මගේ සියා සතුවත් එවැනි පොතක් තිබු බව. එහි පිළිකා වර්ග සහ ඒවාට බෙහෙත් කවියෙන් තිබු බව කියනවා. එක් එක් පිළිකාවට තෙළක් , කසයක් , දුමක් , පිඹීමක් වශයෙන් තිබු බවයි කියන්නේ. අම්මා කියන විදිහට මුද්‍රණය වූ පොතක්. නමුත් අවාසනාවකට දැන් ඒ පොත් කිසිවක් නෑ . ඒ දැනුම අභාවයට නොගිහින් කව්රු හරි ලංකාවේ කෙනෙක් ගාව තියනවා නම් ලොකු දෙයක් .
ReplyDelete