Wednesday, June 20, 2012

100. දිවා ගුහාව සහ කණ්ඨමාරී යකින්නගේ කතාව. 01 කොටස.

මේක මම මෙතෙක් ලියපු ජාතියේ එකක් නෙමෙයි. අපේ අඩවි මහරජා, චාමි4U, ක්සැන්ඩර් ලිව්ව වගේ එකක්. කොටින්ම හොල්මන් කතාවක්.

හෑ……………..

බය වෙන්න එපා.

කොහොම වුවත් මම නම් එතරම් මේ හොල්මන් විශ්වාස කරන්නේ නැහැ.

මේ කතාව මට දැනගන්න ලැබුණේ පොඩි පොත් පිංචක තිබිලා. ඒක ලියලා තියන්නේ ඩබ්. කේ වැලිකල කියලා මහත්තයෙක්. එතුමා ඇසට දැක ඇති නිසාත්, එතුමා ගැන එවලේ මගේ හිතේ ඇදුන රූපේ අනුව ඉතාම ගරු කටයුතු පුද්ගලයෙක් බව පෙනුණ නිසාත් මම මේ පොත යම් දුරකට විශ්වාස කරනවා.

මේ කතාව මම ලියන්න හේතුව මගේ සිත මේ කථාවෙන් බොහෝ කැළබීමට පත් වූ නිසයි.
මට මතක් වුණේ අපේ බුදු රජාණන් වහන්සේගේ දේශනයක් වන "නහීවේරේන වේරානී" කියන ගාථා ධර්මයත් මොන තරම් ඇත්තද කියලාත්, කාමයට ඇති ආශාව නිසා මොන තරම් අපරාධ ලෝකෙ සිදු විය හැකිද? යන කාරණාවත්, කියන දේවල් තමා.

දැනට වසර හත්සිය ගනණකට පෙර මෙරට පාලනය කළේ, තමන් මේ රටේ මුල් බැස ගත් සිංහලයෙක් බව ලෝකෙට පෙන්නීමට බොහෝ කැමති කෙනෙක් වූ ශ්‍රී නිශ්ශංක මල්ල කියන විදේශික රජතුමා. මේ තමයි අපේ රට අද තියන තත්ත්වයට පත් වන්න ආරම්භ වූ යුගය. ඒ කියන්නේ මහා රණ කාමියෙක් වූ අධිරාජ්‍යයක් සෑදීමට ගොස් රටේ ධනය විශාල වශයෙන් විනාශ කල ඒ වගේම මහා ගොවි ජනපද මෙරට ඇතිකළ පරාක්‍රමබාහු මහ රජගෙන් පසු යුගය. (මෙතුමා මොනවා වුවත් කෘෂිකර්මය ඉතා විශාල ලෙස දියුණු කළ අයෙක්.)

දැන් ඉතිහාසය අපෙ හසිතට බාරදීල මම එන්නම් කතාවට.

ඉතිහාසෙ මගේ ප්‍රියතම විෂයක් නිසා මේවගේ කතා වලදී ඒකටම ඇදිලා යන්නේ. කොහොම වුණත් අපි දන්නවනේ නිශ්ශංක මල්ල රජතුමාට පොඩි පහේ කෑදර කමක් තිබුණනේ ඔය එක එක සෙල් ලිපි පිහිටුවීමේ. අන්න ඒ නිසා අපි දන්න දෙයක් තමයි සිරිපාදේ කන්ද පළමුවෙන්ම තරණය කළේ එතුමා කියලා. (මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් වුණා කියලා. ඔය සිරිපාද ලකුණ ඒ කාලෙ ඉඳලම තිබෙන්න ඇති. මිනිස්සු වදින්නත් යන්න ඇති. හැබැයි මෙතුමා මොනව හරි ඔතන අළුත් වැඩියාවක් එහෙම කරලා සෙල් ලිපිය නියමට ගහන්න ඇති මේ මට හිතෙන හැටි.)

ආයිත් කතාවට…………………………………………

මේ නිශ්ශංක මල්ල මහරජතුමා සිරිපතුල වැදපුදාගෙන දිවා ගුහාවේත් නතර වෙලා තමා නැවත අගනුවර වුණු පොළොන්නරුවට ගොහින් තිබෙන්නේ. දිවා ගුහාව කියන ගල්ගේ තමයි බුදුන් වහන්සේ ලංකාවට තුන් වැනි වර වැඩම කළ වෙලේ එතුමන් දිවා කාලයේ ආහාරයෙන් පසු විවේක ගත්තැයි කියන තැන. මේ ගුහාවට නිශ්ශංක මල්ලයනුත් ඇවිත් තිබෙනවා. එතැන පංසලක් සෑදීමට කදිම තැනකැයි සිතූ මහරජු තමාගේ සමීපම ඥාතියෙකුට ඒ බාරදීල තිබෙනවා.

මේ රාජකීයයා ඉතාම පිළිවෙළට මේ ගුහාව විහාරස්ථානයක් බවට බවට පත් කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. බෝධියක්, විශාල බුදුපිළිමයක් ආදී අංග ප්‍රත්‍යංග එක් කෙරෙමින් මේ කටයුත්ත යන අතර, මේ නැරබීමටත්, සිරිපතුල වැඳීමටත් විශාල වශයෙන් පොළොන්නරුවෙන් ජනයා පැමිණෙනවා. (අද වගේම නැතෑ.) දිනක් මේ පිරිස අතර ඉතාමත් සුරූපී කුමාරිකාවක් ( කථාවේ හැටියට මැය ඉන්දියානු රාජකීය සම්බන්ධයක් ඇත්තියක්ලු.) ද පැමිණෙනවා. …………………….

මෙතැන ඇඳ ඇති සිතුවම් අතර තිබෙනවා එක් සිතුවමක්. එයින් නිරූපණය වන්නේ බුදුන් වහන්සේ සිරිපතුල පිහිටුවලා දිවා විහරණය සඳහා දිවා ගුහාවට වැඩම කරණ අයුරු. ඔබ දන්නවද මේ සිතුවමම වැනි (70% පමණම සමාන ) සිතුවමක් කැලණි විහාරයේ අපේ සිත්තරා වන සෝලියස් මැන්දිස් මහත්මයා ඇඳ තිබෙනවා. කැලණි සිතුවමෙන් පෙනෙන වටපිටාව මේ ගුහා චිත්‍රයට බොහෝ සමානයි.

ප්‍රවීණ පුවත් පත් කලාවේදී, පුවත් පත් කතු තිලක් සේණාසිංහයන් ගැනත් යමක් කිව යුතුයි. මේ සිතුවම් දෙකේ සමානත්වයත්, මේ ගුහාවත් මුලින්ම සොයා ගියේ එතුමා. 1990 ගණන්වල මැද හරියේ එතුමාට මේ ගැන පවසා තිබුණේ දැන් මගේත් හිතවතෙක්. (එම පුද්ගලයා අදටත් ජීවත් වන්නේ පලාබත්ගල ආසන්නයේ. නිතර මා සමග සම්බන්ධ වන මිතුරෙක්.)

මේ ආකාරයෙන් සොයාගත් මේ ගුහාව මුලින් එතුමන්ලා දකින විට තිබී ඇත්තේ ඉතාමත් ශෝචනීය ආකාරයකටයි. එනම් බුදු පිළිමයේ නෙත් උගුළුවා දා තමයි තිබී ඇත්තේ සේණාසිංහයන්ගේ වචන වලින්ම කියනව නම් මේ ගුහාව තනිකරම "වවුල් විමානයක්" ලෙසයි තිබී ඇත්තේ.

මම කියන්න සිතා සිටින වැදගත් දෙයක් මෙතැන තිබෙනවා. එනම් අපේ මිතුරන් මේ පිළිම වලට මෙවැනි අපරාධයක් කළේ කවුද කියන කාරණය සොයන විට හරිම පුදුම දෙයක් සොයා ගැනිමට ලැබී තිබෙනවා. ඒ තමයි ගම්මුන්ගේ තිබෙනවාලු විශ්වාසයක්, බුදු පිළිමයක ඇස් වලට කෙළින්ම ලක්වන ලෙස ගම්මානයක් පිහිටා තිබෙනවා නම් ඒ ගම පාළු වී විනාශ වනවා කියන මිථ්‍යා දෘෂ්ටික බහුබූත මිථ්‍යා මතයක්. අන්න ඒ නිසයි මේ අපරාධය සිදු කර ඇත්තේ. කොහොමද අපේ රටේ බෞද්ධයෝ?????

ඒ අපේ අපවත් වී වදාළ සෝම හිමියන් රූපවාහිනියෙන් බණ දේශනා කරමින් උන් කාලය. අපේ මිත්‍ර සේණාසිංහයන් සෝම හිමි සමග මෙම අපරාධය ගැන ගම්මුන් දැනුවත් කිරීමට කළ ධර්ම දේශනා හරහා තමයි මේ ගුහාව බාහිර ලෝකයට විවෘත වෙන්නේ. ඒ සදහා විශාල දායකත්වයක් සපයලා, බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් මේ ගුහාවට වැඩමවලා නවීන ලෝකයට මේක එළි පෙහෙළි කරන්නේ මේ වැලිකල මහත්මයා.

දැන් ඔබ මේ කථාවේ ටිකක් දන්නවා.

වැලිකල මහතා ඉතා මහන්සියෙන් පරිශ්‍රමයක් යොදලා මේ ස්ථානයේ නොයෙක් දියුණු පමුණු වැඩ කරගෙන යන කාලයේ එතුමාට බොහෝ කරදර පැමිණ තිබෙනවා. මේ සමහර අවස්ථාවල ජීවිතය පවා නැති වීමට ගොස් ඉතාමත් අපහසුවෙන් ජීවිතය ගල්වා ගත් සිද්ධීන්ද එතුමා සදහන් කරනවා. ඒ අතරම එතුමාගේ නොයෙක් අද්භූත සිදුවීම වලටත් මුහුණ පානවා.

මෙහෙම වෙන්නේ ඇයි?????

දැන් අපිට මේ කතාව හරහා ප්‍රශ්න දෙකක් ඇතිවෙලා තිබෙනවා.
1. බුදු පිළිමයක නෙත් වලට හසුවන මානයේ තිබෙන ගම් විනාශ වෙනවද?
2. ගුහාව අලුත් වැඩියා කළ අයට මුහුණ දෙන්න වූ බිහිසුණු අත්දැකීම් ඇත්තටම එහෙම වුණාද??

මේ කථාවේ මගේ සිත්ගත් කොටස වෙන්නේ අන්තිම කොටසයි. එනම්.....

මේ සිද්ධීන් වලින් වෙහෙසට පත්වන වැලිකල මහතා ඇතුළු පිරිස සරණයක් සොයා බොහෝ දෙනා පසුපස යනවා. නමුත් එක්තරා දිනකදී කතරගම දී අත්භූත ලෙස ඔහුට මුණ ගැසෙන තරුණියක් මේ ගැන පැහැදිලි කර දෙනවා.

ඒ අනුව ඇය ඔහුට කියා දෙනවා මේ ගුහාවේ අතීත කතාව.....

…………………...අර අපි මුලින් කියූ තරුණ කුමරිය වන්දනාවේ පැමිණෙනවනේ. ඇය දකින ගුහාව ප්‍රතිසංස්කරණ කටයුතු භාර රාජකීයයා ඇය නිසා කාමාසක්ත වෙනවා. එහි සෘජු ප්‍රතිඵලය වන්නේ ඇය ඔහු අතින් දූෂණය වීම පමණක් නෙමෙයි මරණයට පත් වීම. මේ නිසාලු මේ ගුහාව දරුණු තැනක් වී ඇත්තේ.

මරණයට පත් වූ කුමරිය මරණ මොහොතේ ඇයගේ සිතේ ඇතිවන දරුණු වෛරී චේතනාව නිසා ඉතා භ්‍යානක යකින්නක වී මේ ගුහාව වාස භූමිය කර ගනිමින් ඒ වන විටත් වසර හත්සිය ගණනක් නොනවතින වෛරයෙන් ගත කරලා. ඇය මේ අවට මිනිස් වාසයක් වීමට ඉඩ නොදේලු. විශේෂයෙන් තරුණ පිරිමින් ඝාතනය කරමින් ඇය මේ ගුහාවට එන භික්ෂූන් වහන්සේලා පිස්සු වට්ටමින් ඝාතනය කරනවාලු.

මේ ගැන සොයා බැලූ විටත් අපට දැන ගැනීමට ලැබුණේ මේ හා සමාන කතා මේ අවට ගම්වල පැතිරී ඇති බවයි.
මේ යකින්න නමින් කණ්ඨමාරී වීලු. අවස්ථා ගණනාවකදී මේ ගුහාව අලුත් වැඩියා කෙරුමට පැමිණි අය මරා දමමින් බොහෝ දරුණුව හැසිරුණාලු.

…….ගුහාව ගත් විට යුග හතරක පමණ නටබුන් වූ ඉදිකිරීම් මෙහි ඇති බව පෙනේ. ඒ අතරම මෙහි ඇති සුවිශේෂී තත්ත්වයක් වන්නේ මේ එකම ගොඩනැගීමක්වත් නිසි අයුරු වැඩ නිම නොකිරීමයි. ඒ මේ යකින්නගේ බලපෑමක්ද?

තවත් දෙයක් ඉතාමත් අවාසනාවන්ත ලෙස දැනට තරුණයන් 100 අධික ගණනක් මේ අවට තිබෙන බෝපත් ඇල්ල අසලදී නොයෙක් ආකාරයෙන් මරණයට පත් වනවා අපට දක්නට ලැබී ඇත. මේ සම්බන්ධව ඇති ප්‍රවාද බොහෝමයි. කණ්ඨචාරී යකින්න මේ සිදුවීම් වලටද සම්බන්ධ යැයි අවට ගම්වාසීන් සැක කරනවා.

කෙසේ වෙතත් මේ අනුවේදනීය කතාව අපි නවීන ආකාරයට කෙසේ විග්‍රහ කරමුද?

මා වෙහෙසෙන්නේ අන්න ඒකටයි.

දැන් තුන් වැනි ප්‍රශ්නය,
3. මේ ජන කතාව ඇත්තද? මේ ගැන යම් විද්‍යාත්මක විග්‍රහයක් දිය හැකිද?

දැන් නම් වැඩේ ටිකක් දිගයි මෙහෙමයි....

මම මේක කොටස් දෙකකට දමන්නම්.

එහෙනම් ඊළඟ කොටසට යමු...……….

ඔන්න අද මේ පෝස්ට් එකත් එක්ක ඔක්කොම පෝස්ට් 100.

58 comments:

  1. මුලින්ම පොස්ට් සීයක් තිස්සේ අපිට දීපු දැනුම හා රසය සම්බන්ධව ඔබතුමාට මගේ ප්‍රණාමය.

    අතීතයේ සිට පවතින මෙවන් දෑ බුදුදහම ඔස්සේත් පිලිගන්නවා. මේ විදියේ බලවේග තිබෙන්නට පුළුවන්. නෑ කියන්න මම ඉක්මන් වෙන්නේ නෑ. (මමත් හොල්මනක් දැක්ක එකේ.)

    තුන්වෙනි කාරනේදී මම මෙහෙම කියන්නම්. නවීන විද්‍යාව කියන කන්නාඩි දෙක දැම්ම පලියට හැම දේම පේනවා කියලා හිතනවා නම් ඒ මුලාවක්. ඒත් යම් පමණට නවීන විද්‍යාවෙන් මේ සිද්ධි තේරුම් කල හැකියි.

    ReplyDelete
    Replies
    1. විද්යාව කියන්නේ සත්යය සොයාගන්න තියෙන එක නිර්ණායකයක් පමණක් කියන එක අමතක කරලා බොහෝ භෞතික වාදීන් එය සත්යයක් හැටියට පිළිගන්නවා.

      Delete
  2. කවදාවත් අහල තිබුනේ නැති කතාවක්, 100 ට සුබපැතුම් !

    ReplyDelete
  3. ලිපිය බලන්න පසුව එනවා .
    …බ්ලොග් අවකාශයේ මෙතෙක් දුර ආපු ගමනට මගෙන් සුභ පැතුම් !
    …තව තවත් හරවත් ලිපි ලිවීමට ඔබට ශක්තිය ලැබේවා !

    ReplyDelete
  4. කට්ටියගේ විග්‍රහ බලනව මිසක් මට විග්‍රහ කොරන්න තේරෙන්නෙ නැහැ ඉතිහාසය ගැන නම්. මොකද සෑමාට ඉතිහාසය එපා කලා ඒ කාලේ ටීචර් කෙනෙක්.

    ශතකයට ජය.. දහසකට යන්නට සුභ පැතුම්..

    ReplyDelete
  5. වැලිකල මහතා යන නම අසා තිබෙනවා. කනට හුරු නමක්. පෙර ගුවන්විදුලියේ හිටියා නේද. මගේ මතකය නිවැරදි නම් ගුවන්විදුලි නාට්‍ය රචකයෙක්.
    අංක 100 පොඩි නෑ වෙද ගෙදර සෑහෙන දුරක් ඇවිත් මගේ උණුසුම් සුභ පැතුම්....!!!!

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ පී. වැලිකල ගැනයි.

      Delete
  6. මුලින්ම 100ට සුබ පැතුම්!

    මම එකද?

    ReplyDelete
  7. වෙද මහත්තයෝ,

    ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ ලියු අපට නොපෙනෙන ලෝකය(පොතේ නම හරියටම මතක නෑ) නැමැති පො‍තේ මේ ගැන දිග විස්තරයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි කතරගම දෙවියන් වහන්සේගේ අද තත්ත්වය වගේම රූපකායත් විස්තර කර තිබෙනවා. වෙද මහත්තයා කියවලා තියෙනවාද?

    //කොහොම වුවත් මම නම් එතරම් මේ හොල්මන් විශ්වාස කරන්නේ නැහැ සහ කෙසේ වෙතත් මේ අනුවේදනීය කතාව අපි නවීන ආකාරයට කෙසේ විග්‍රහ කරමුද? // කියලා, බොහෝ ඇසූපිරූ තැන් ඇති වෙදමහත්තයා ලියලා තියෙන්නෙ ඇයි කියලා තමා මට හිතාගන්න බැරි!!

    ReplyDelete
  8. දිවයින පත්‍රයේ පළවන 'මහරහතුන් වැඩි මඟ ඔස්සේ' ලිපි පෙළ කියවන්න. යකින්නි ගැන දළ අදහසක් ඉන් ගන්න පුළුවන් වෙයි කියා මා හිතනවා... එම ලිපි පෙළ මෙතැනින් ද කියවන්න පුළුවන්.

    ReplyDelete
  9. සුබ පැතුම් ඔබතුමන්ට..තවත් අර්ථවත් ලිපි ලියන්නට ශක්තිය ලැබේවා...!
    බ්ලොග් අවකාශයේ බට්ටි හුගක්ම ගරු කරන කෙනෙක් තමයි ඔබ..මොකද ඔබතුමන්ගේ ලිපි හුගක්ම වැදගත් වගේම අර්ථවත්.

    ReplyDelete
  10. හෑ...?? අදමයි ඇහුවෙ මෙහෙම කතාවක්... මම උඩ දාගෙන හෙව්වට මොකො මෙහෙම එකක් හම්බුනේ නෑනේ... :-)

    100ට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! චිරාත් කාලයක් වැජබේවා!!!

    ReplyDelete
  11. සියයට මගේන් සුබ පැතුම් තවත් වටිනා තොරතුරු උපැහැරන වලින් සයිබරය පොෂණය කිරීමට ඔබට ශක්තිය ලැබේවා කියා සුභපතනවා..ඇත්තේන්ම අපේ ඉතිහාසය බොහො හැලැ හැප්පීම් වලින් යුක්තයි නේව...හොල්මන් කියන්නේ සෙලැවූ මනස කියන එක නොවෙද මා අසා ඇත්තේ ඒපරිද්දෙන්...කොහොමත් ලංකාවේ ආදියුගය යක් නා ගොත්‍ර යන්ගෙන් යුක්ත වූවක් නොවැ...හොල්මන් කෙසේ වෙතත් පුරාතනික දේ රක්ෂා කරන්නට කුමන හෝ බලවෙගයන් තිබෙන්නට ඇති කියා මා හිතනව

    ReplyDelete
  12. ඔය කතාව කාලෙකට කලින් අහල තිබුනත් විස්තර ඇතිව දැන ගත්තේ අද. බොහොම ස්තුතියි.

    ReplyDelete
  13. වැදගත් ලිපියක් වෙදමාමගෙන්.....පළමු වතාවට දැනගත්තේ

    100 ට සුභ පැතුම්... දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

    ReplyDelete
  14. ගොන්වහන්සේල බූතයොයි යක්කුයි විද්‍යාවෙන් විස්තර කරන්න හොය හොයා ඉදපල්ල. හම්බෙයි ලබ්බක්. උබල ඕව හොයන අස්සෙ අන්න මරා රට විනාස කරනව.

    ReplyDelete
    Replies
    1. හැකි උපරිම සංයමයෙන් කියන්නේ තමුසෙට, මේවා දිරවන්නේ නැතිනම් නෑවිදින් හිටපිය . මෙතනට එන උන් මෙතන වැදගත් කම දන්නවා.

      Delete
  15. යන්න ඕනි ඕක බලන්න අපිටත් දේවි සෙට් වෙයිද කියල බලන්න... අපේ සමාරුන්ටනං යකින්නක් උනත් කමක් නැ නාඩිවැටෙනවනං...

    ReplyDelete
  16. // කොහොමද අපේ රටේ බෞද්ධයෝ????? //

    සොලීන් කළා වෙන්න බැරිද?

    බ්ලොග් කඩඉමට මගේ සුපැතුම්. දිනක හමුවෙමු.

    ReplyDelete
  17. මුලින්ම 100 ට සුභ පැතුම්...

    දෙවැනුව කතාව... ඉස්තරම්... ඉතිරි ටිකත් පරක්කු නොකර දාමු...

    ReplyDelete
  18. මාත් අහල තියනව වෙනත් පුරාවෘත්තයක් නම්. මේව විශ්වාස කරන්න බෑ.

    ReplyDelete
  19. 100 සුභ පැතුම්!!!
    ලස්සන කතාවක් කාලෙකින් බලමු ඊලග කොටස

    ReplyDelete
  20. හොද හෙලිදරව්වක්...100ට සුභ පැතුම්...

    ReplyDelete
  21. මේවගේ දේවල් සොයා බැලීමට අතින්ද්‍රීය ඥානය අවශ්‍යවනවා ..අන්න එනිසා
    හැමදාමත් මේවගේ කතා අහමින් පුදුමවනවට වඩා සත්‍ය ගවේෂණයට අපි අපේ
    මනස දර්මයෙන්ම ගොඩ නගමු .

    ReplyDelete
  22. වෙද මහත්මාට සුභ පැතුම් සමගින් ලිපි සීයක් තිස්සේ අපිට දෙන දැනුමට ගොඩක් ස්තුතියි !!!

    මේ සිද්ධිය එකහෙලා පිළිගන්නත් බෑ වගේ... ඔබතුමා දෙවැනි කොටසත් කියනකල් ඉඳලාම අදහසක් පල කරන්නම්... වෙද ගෙදරට ජයවේවා !!!

    ReplyDelete
  23. "නිශ්ශංක මල්ල රජතුමාට පොඩි පහේ කෑදර කමක් තිබුණනේ ඔය එක එක සෙල් ලිපි පිහිටුවීමේ. අන්න ඒ නිසා අපි දන්න දෙයක් තමයි සිරිපාදේ කන්ද පළමුවෙන්ම තරණය කළේ එතුමා කියලා"

    නිශ්ශංකමල්ලට පෙර රජකම් කළ මහා විජයබාහු රජතුමා සිරිපාදයට කළ ප්‍රදානයන් ආදී අනුග්‍රහ සම්බන්ධව එතුමාගේ අඹගමු සෙල්ලිපියේ සඳහන් වෙනවා.

    http://www.royalasiaticsociety.lk/inscriptions/?q=node/1529

    නිශ්ශංකමල්ලට අද කාලේ දේශපාලනඥයොත් සමාන කරන්න පුලුවන්, එයත් තමන් නොකරපු වැඩවලටත් එයා කළා කියලා නම ගහගෙන තියෙනවාලු

    "බුදු පිළිමයක ඇස් වලට කෙළින්ම ලක්වන ලෙස ගම්මානයක් පිහිටා තිබෙනවා නම් ඒ ගම පාළු වී විනාශ වනවා කියන මිථ්‍යා දෘෂ්ටික බහුබූත මිථ්‍යා මතයක්"

    දෙවිනුවර උපුල්වන් දේවාලයේ දේව රූපය මුහුද දෙසට නෙත් යොමා සිටිය නිසා ඒ පිළිමය ඉදිරිපස මුහුදේ වුණු නාවික අනතුරු නිසා වඩු කාර්මිකයෙක් ලවා පිළිමයේ යටිපතුල්වලින් කොටසක් ඉවත් කරලා පිළිමයේ නෙත් බිමට යොමු වනසේ සකස් කරාලු. ඊට පස්සේ පාදවල හටගත්තු ආබාධයක් නිසා වඩු කාර්මිකයා මිය ගියාලු

    100 සුභ පැතුම්. හරවත් දේවල් සමඟින් 500 පසු කිරීමට හැකිවේවා........

    ReplyDelete
  24. මමනම් කාලයක් ඉදල මේ නොපෙනෙන ලෝකය සහ භෞතිකත්වය ඉක්මවා ගිය බලවේග පවතින බව පිළිගන්නවා. හැබැයි මේ ඇත්ත මුවාවෙන් බොරු කියන අයත් ඉන්න නිසා ඔබතුමා කිව්ව වගේ කීපදෙනෙක් විතරයි විශ්වාස කරන්න පුළුවන්.

    හරි ආසාවෙන් කථාව කියෙව්වා. දෙවෙනි කොටස එනකම් ආසාවෙන් බලා ඉන්නවා.

    ReplyDelete
  25. ඔන්න 100 ට සුභ පතන්න මමත් ආවා. මීට කලින් ඇවිත් තිබුණට වෙද ගෙදරට කමෙන්ට්කරන පළමුවෙනි වතාව.

    ඔය හොල්මන් අවතාර ගැන නම් මගෙත් විශ්වාසයක් නෑ. ඒත් ඉතින් මොන හේතුවකට හරි සිද්ධවෙන සිදුවීමක් නිසා හටගන්න ඔහොම කතාවක් අහල තියෙන මනුස්සයෙක්ට ඔය වගේ තැනකින් තනිපංගලමෙ යන වෙලාවක අනිවර්යයෙන්ම කලින් අහපු කතාව මතක් වෙනව. ඊට පස්සෙ ඉතින් කොහොමටත් හිතේ මැවෙන චිත්ත රූපයකට නැත්නම් දෘෂ්ඨි මායාවකට ඔහු ගොදුරු වෙනව. ආයෙ ඉතින් ඕක ප්‍රසිද්ධ වෙන්නෙ එතැන තියනවය කියන හොල්මනේ නැත්නම් අවතාරෙ හපන්කමක් විදියට. ඔය හොල්මන් තියන ගොඩක් තැන්වල තත්ත්වෙ ඕක තමයි. ඒත් අපි අමතක කරන්න නරකයි නූතන විද්‍යාවෙන් තවම නිසි අර්ථකතනයක් දෙන්න බැරි සිදුවීමුත් තියන බව. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර්ගෙ “දෙවියෝ සහ භූතයෝ“ කියන පොතේ එතුමා හරි අපූරුවට විස්තරකරල තියනව මිනිස්සුන්ගෙ මේ ජනප්‍රිය මිත්‍යා මත ගැනයි ඒකෙන් බඩ වඩා ගන්න කපටියො ගැනයි.

    ReplyDelete
  26. ඔබතුමාට සුභපැතුම් !! සියයම එකසමානව අර්ථවත් ඇති...(මට ඔක්කොම කියවන්න බැරිඋනා.) මේ කතාව වටින් ගොඩින් අහල තිබුනත් පැහැදිලිව දැනගත්තේ අද . ඉතිරිකොටස බලන්න ආශාවෙන් ඉන්නවා. බුදුන් වැඩිය 'දිවාගුහාව ' ඕතන නෙමේ තියෙන්නෙ කියල කිව්වොත් ඔබතුමා පිලිගන්නවද ? ඇත්ත "දිවාගුහාව" සිරිපාද අඩවිය තුළම වෙනත් ස්ථානයක පිහිටා ඇතිබවයි අහල තියෙන්නේ ..තවමත් ශ්‍රි පාද අඩවිය සම්පුර්ණයෙන් ගවේශණය කරල නැනේද ? .'යකිනි' අරක්ගත් ගුහාව 'දිවාගුහාව' ලෙස නම්කලේ බොහොම මෑතකදි .කව් රු කෙසේ කීව්වත් බොහොමයක් 'හොල්මන් ' කතා ඇත්ත මූලයක් වටා විහිදෙන බව ඔප්පු කල හැකියි . කලකට පෙර 'සිරස ' නාළිකාවෙන් විකාශනය වු "පසු යාමය " ගුප්ත විද්යා වැඩසටහන ලිව්වේ මා විසින් . ඒ සම්බන්ඪව අත්දැකිම් රාශියක් තිබෙනවා. පසුව කතා කරමු .

    ReplyDelete
  27. මමත් යන්න ඕනි...
    නමුත් ඔය ගුහාවට යන එකයි බෝපත් ඇල්ලයි සම්බන්දේ මොකක්ද??
    බෝපත් ඇල්ල වගේම දුන්හිද වගේ තැන් වලත් අනතුරු වෙනව. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ බීල නානකොට. හොකොමත් වැහි දවස්වලට එකපාරටම වතුර පාර වැඩි වෙන එක යක්කුන්ගේ වැඩක නෙමේ..
    කොච්චර ඉගන ගත්තත් පොඩි කාලේ ඔලුවට ආපු යක්කු දෙවියෝ අපේ යටි හිතෙන අයින් කරන්න බෑ ඉතින්. අපි හැමෝම එහෙමයි.

    ReplyDelete
  28. බුදු පිළිමයක නෙත්දෙකෙහි බැල්මට ලක්වන ගම් කී සීයක් ඇද්ද ලංකාවේ. ඔය පිළිමයේ දෙනෙත් අගනා මැණික් වලින්වත් නිමවා තිබුනා වෙන්න බැරිද රත්නපුරයට කිට්ටු නිසා. ඒකට වැඩේ දෙන්න කවුරුහරි අන්ඩපාලයෙක් ගොතපු කතාවක් වෙන්න ඇති. අමනුෂ්‍ය බලවේග ගැනනම් වෙනම සොයාබැලිය යුතුයි. හොඳ පර්යේෂණ නිමිත්තක්. ශතකයට ළඟාවීම පිළිබඳව උණුසුම් සුබ පැතුම්. මමත් 90 පැන්නා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  29. සෙන්චරියට සුභ පැතුම්!
    මං අහලා තියෙනවා දිවා ගුහාවට යන්න බෑ... යන්න ගියොත් වල්මත් වෙනවා කියලා...ඒක ඇත්තක්ද?

    ReplyDelete
  30. ඔබේ විශිෂ්ඨත්වයට මගේ ප්‍රණාමය

    ReplyDelete
  31. සියලුම දෙනාට ස්තුතියි. මගේ ලිපි සියය ගැන ඔබගේ අදහස් මම නිහතමානීව පිළිගන්නවා.

    මෙම ලිපියට තව කොටසක් ලියවෙන නිසා සියල්ලන්ටම එහිදී පිළිතුරු දෙමි. මේ ලිපියට වඩා ඊලඟ ලිපිය අර්ථවත් විය හැක.

    සැමට ආරාධනා!!!

    ReplyDelete
  32. මේක බලන්න ලැබුනෙ අද මෙ දවස්වල අන්තර්ජාලය නැති අඩවියක උන්නෙ. 100ට සුබපැතුම් !!!
    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  33. මහ වෙදනාගේ ලිපිය බොහෝමයක් දුරට නිවැරදියි.මෙම ස්ථානය කොලඹ රත්නපුර මාර්ගයේ කුරුවිට නගරයේ සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.මෑතක් වනතුරුම දිවා ගුහාව ජරාවාස වී වල් බිහි වී ඇති අතර බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් මේ ගුහාවට වැඩම කර මෙම ස්ථානය නගා සිටුවන්නට යෙදුනා.එම වැඩ කටයුතු කරගෙන යාමේදි කණ්ඨමාරී යකින්නගෙන් නොයෙක් කරදර පැමිණුනු නිසා ඉන් නිදහස් වීමය ගෙම්බෙකු ගේ පිලිරුවක් තනා බාර වී එම කරදර වලින් නිදහස් වී තිබෙනවා.අද වන විට එම ස්ථානය බොහෝ දියුණුවට පත් වී තිබෙනවා.

    ReplyDelete
  34. හැම ලිපියකින්ම ගන්න දෙයක් තිබ්බ ලිපි පෙලක සියවෙනි ලිපියේ කඩඉමට සුභපැතුම්!

    ReplyDelete
  35. මේ ලිපිය මට මිස් වෙලානේ.. 100ට සුභ පැතුම්.. ලිපිය කියවලා තව කමෙන්ට් එකක් දෙන්නම් වෙද මහත්තයා...

    ReplyDelete
  36. බුකියේ දැකලයි දුවගෙන ආවේ එතකොට තමා දැක්කේ මේ කොටස මග ඇරිලා කියලා.... 100 පෝස්ටුවට මගේ උණුසුම් සුභ පැතුම් වෙද මහත්තයෝ... තව මෙවන් ලිපි සිය ගනන් ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    මම අහලා තියෙන දෙයක් කියන්න කැමතියි...

    // ඒ තමයි ගම්මුන්ගේ තිබෙනවාලු විශ්වාසයක්, බුදු පිළිමයක ඇස් වලට කෙළින්ම ලක්වන ලෙස ගම්මානයක් පිහිටා තිබෙනවා නම් ඒ ගම පාළු වී විනාශ වනවා කියන මිථ්‍යා දෘෂ්ටික බහුබූත මිථ්‍යා මතයක්//

    මෙන්න මේ කතාව මම අහලා තියෙන්නේ වෙනත් විදියකට.බුදුපිළිමයකට ඇස් තිබීම හෝ බුද්ධ රූප ඇඳීමේදි එහි ඇස් ඇඳීම පේවෙලා කරන්න ඕන භාරදූර කාර්යයක් කියලා තමයි මම අහලා තියෙන්නේ... ඒ වත් පිළිවෙත් නිසියාකාරව නොකර කලෝතින් ඔය ආකාරයට වෙනවා කියලා මම අහලා තියෙනවා....ඇත්ත නැත්ත නම් දන්නේ නෑ බොහෝදුරට මිථ්‍යා මතයක්ම විය යුතුයි

    ReplyDelete
  37. මුලින්ම 100 සුබපැතුම් ..

    හරි අසාවෙන් කියෙව්ව කතාවක් .. ආසයි මේ වගේ කතා කියවන්න
    බලමුකෝ අවසානයේ කොහොම වෙයිද කියලා..

    ReplyDelete
  38. මුලින සියයට සුභ පැතුම්..
    සීයක් ලිව්ව කිව්වත්. මේක තමයි මම කියවපු පලවෙනි එක.. ඉක්මනටම අනිත් ඒවත් කියවන්න ඕනෙ..

    ReplyDelete
  39. අහලා නොතිබ්බ කතාවක්....
    ජයවේවා වෙද මහත්තයෝ!!!!!!

    ReplyDelete
  40. 100 සුභ පැතුම් අද ආවේ කොටස් දෙකම කියවන්නම්. නිශ්ශංකමල්ල රජවරු වගේ රජවරු දන කාලේ නැහැ නේ. යන යන තැන් වල නාම පුවරු ගහන්නේ නැහැ නේ.

    ReplyDelete
  41. වෙද මහත්තයට සුභපැතුම් !! සුභපැතුම් !! සුභපැතුම් !!

    ReplyDelete
  42. මේ වටනා බ්ලොග් එක මට හැමදාම මග ඇරෙනවා . මුලින්ම සුබ පැතුම් !!

    ඔයවගේ කතා ගැන මටත් තියෙන්නේ මධ්‍යස්ත අදහසක් . එකහෙලාම ඉවත දමන්නත් බැරි එකහෙලාම පිලිගන්නත් බැරි . පොඩි කාලේ නම් ඔව්ව බොරුයි කියල එකපාරටම කියනව . දැන් වයස ගිහින් නිසාද මන්ද එහෙම හිතෙන්නේ නැහැ . මොනවා වුනත් වෙලා තියෙන්නේ ස්ත්‍රී දුෂණයක් . විශේෂයෙන් පුජනිය ස්ථානයක එහෙම දෙයක් වුනහම ප්‍රතිපලය මේ වගේ වීම පුදුමෙකුත් නෙමෙයි .
    ඒවා කෙසේ වෙතත් සයිබර් මලයා අන්න අරහේ කදිම චිත්‍රයක් ඇඳලා

    ReplyDelete
  43. 100 ට සුබ පැතුම්. ඉතිරි කොටසුත් බලමු.

    ReplyDelete
  44. සියවෙනි කඩයිමට මාගේ සුබ පැතුම් !!! නිස්සංක මල්ල රජ්ජුරුවොන්ට පුදුම සෙල්ලිපි මේනියාවක් තිබිලා තියෙන බව මමත් අහල තියෙනවා. අපේ ගමෙත් මිනිහා බිසෝවරු එක්ක නාන්න ගිය තැනක් තියෙනවා නිස්සංගල කියලා. මේකත් හොරට කොටපු එකක්ද කවුද දන්නේ?

    අර හොල්මන් කතාවට කියන්න තියෙන්නේ හැම දෙයක්ම භෞතිකවාදීව දකින්න බැරි බවයි. අපරදිග අය මේ නොපෙනෙන ලෝකය සොයාගෙන පර්යේෂණ කරන කාලයක අපි භෞතිකවාදී පැත්තට ගමන් කිරීම එක්තරා ආකාරයක විහිලුවක්. මමත් මේ ඉතිහාස කතා කියවන්න හරිම කැමති කෙනෙක්. එනිසා අද සිට මා මෙහි නිත්‍ය පාඨකයෙක් වෙයි.

    ReplyDelete
  45. නිවාඩුවට ලංකාවට ගිය නිසා ලිපි ගොඩක් මිස් වෙලා . . 100ට සුභ පැතුම් . . .

    ReplyDelete
  46. සුභ පැතුම් මහ වෙදනා...

    නිතරම කොමෙන්ට් නොකලට අපි තවමත් මෙහෙ එනව යනවා..

    ReplyDelete
  47. 100 සුබපැතුම් ..

    ReplyDelete
  48. නැවත වතාවක් සීයට සුභ පැතුම් වෙද මහත්තයා. තව තවත් හරබර ලිපි කියවන්නට අපටද වාසනාව ලැබේවා.

    දෙවෙනි කරුන මගේ පලවෙනි කමෙන්‍ටුව ස්පෑම් යක්ෂයා ගිල දමා ඇති බවයි. මේ බ්ලොගර් ස්පෑම් යක්ෂයා මගේ කමෙන්‍ටු ගිලදැමීම, මේ කතාවේ යක්ෂනියගේ ක්‍රියාකලාපයට සමානයි. පොඩ්ඩක් බලනවද වෙදනා?

    ඉතින් ඉතිරි කොටසත් කියවන්න මග බලා ඉඳිමි.

    henryblogwalker the Dude

    ReplyDelete