අද මම ඔබට මේ මාසය සදහා ගෙන එන පළමු ලිපිය ගෙන එන්නයි මේ සැරසෙන්නේ. මම සිතනවා වසරක පමණ මගේ බ්ලොග් ඉතිහාසයේ මම ගෙන එන ඉතාම සංවේදී කාරණයයි මේ ලියන්නට සැරසෙන්නේ.
සිංහලේ තම දීර්ඝකාලීන අගනුවර වන අනුරපුරය වසර 1400 පමණත්, ඒ අත අතහැරීමෙන් පසු රජරටම වූ පොළොන්නරුවටත් එතැන සිට නිරිත දිගටත් පසුව ක්‍රමයෙන් බටහිරටත් සංක්‍රමණය වුණා. කෙසේ හෝ මගේ කල්පනාව නම් අපේ අවසාන සිංහලේ රාජධානිය වන්නේ සීතාවක බවයි. කන්දේ නුවර හෙවත් මහනුවර අගනගරයක් ලෙස පිළිගන්නට මගේ සිත ඉඩ දෙන්නේ නැහැ. ඒකට හේතුව නියම රාජවංශිකයන් විසින් කන්දේ නුවර රාජධානිය පාලනය නොකිරීමත්, මුළු රටම ඉන් ආවරණය නොවීමත් කියන කරුණු. ඒ ගැන පසුව වෙනම ලිපියක් අපි ලියමු.
මෙහෙම නොයෙක් විපර්යාසවලට ලක්වුණු අපේ අගනගරය කෙමෙන් කන්දේ නුවරට පැමිණි ආකාරය ඔබ ඉගෙන ඇති කෙසේ හෝ මම මේ කතා කරන්න හදන්නේ ඒ අගනගරයේත් අවසාන සතිකීපය නැත්නම් දින කීපය ගැන බොහෝ දෙනෙක් නොදන්න රහසක් ගැන. මේක පටන් ගන්නේ ක්‍රි.ව. 1705 පමණයි. ඒ සදහා දායක වෙන පුද්ගලයන් අතරින් ජේකම් ගොන්සාල්වේස් කියන රෝමානු කතෝලික පූජකවරයා. මෙතුමා කන්දේ නුවරට බැල්ම දාන්නේ එහි දෙවන විමලධර්මසූරිය කියන නායකයා විසින් පාලනය කළ අවධියේදීයි.
මේ කතාවට ගොන්සාල්වේස් සම්බන්ධ නැති වුවත් ඉතාම කෙටියෙන් ඒ ගැනත් මම කියන්නම්. මෙතුමා ඉතාම සට කපට පුද්ගලයෙක් ලෙස කන්දේ පාලකයාගේ සිත දිනා ගැනීමට සමත් වෙනවා. මේ කාලය වන විට බෞද්ධාගමට ඇති ළැදියාව තම රජකම ආරක්ෂා කර ගැනීමේ ආභරණයක් වන තරමට පහත වැටී තිබෙන්නේ. ඒ නිසා කන්දේ පාලකයන් ආගම සලකන්නේ ජනතාවගේ සිත් දිනා ගැනීමේ ආයුධයක් ලෙස පමණයි. දෙවන විමලධර්මසූරියටත් ඒක එසේමයි. ඔහුගේ ආගමික ළැදියාව ඉතා අඩුයි.
මේ පාලකයාත් වෙනත් පසුව ඇති වූ කන්දේ පාලකයන් මෙන්ම තෑගිබෝග පිරිනැමීමෙන්, විශේෂයෙන්ම විදේශික මත්පැන් වලින් තම බසට නම්මා ගැනීමට මොවුන්ට හැකි විය. ඒ ඇසුර කෙතරම්ද යත්, තම ප්‍රධාන බිසවගෙන් නැතුව වෙනත් බිසවකට ලැබූ දරුවා වූ කුණ්ඩසාලේ කුමරුට අධ්‍යාපනය ලබාදෙන්නත් තෝරාගත්තේ ගොන්සාල්වේස් පියතුමාවයි. වසර 19 ඇවෑමෙන් මියගිය විමලධර්මසූරිය තම අනුප්‍රාප්තිකයා කරන්නේ මේ කුමරුවයි. නමුත් ප්‍රභූන් කිසිවෙක් ඊට කැමති වන්නේ නැහැ. ඒ හෙතුවෙන්ම පාලකයා හා ඇමතියන් අතර සියුම් නුරුස්නා බවකුත් ඇතිවෙනවා. කෙසේ හෝ මෙකල ගොන්සාල්වේස් ඉතා ප්‍රබල පුද්ගලයෙක් වෙනවා. මේ රජතුමාට සියලු දුසිරිත් පුරුදු පුහුණු වන්නේ මේ විදේශික ඇසුර හරහායි. ඉතාම නරක පාලකයෙක් වූ මොහු මෙරට නාමික රාජ්‍ය පාලකත්වයත් විදේශික ද්‍රවිඩයන්ට ලබාදෙනවා. ඒ ප්‍රභූන් හා පැවැති වෛරය නිසා. මෙන්න මේ ගැටලුව විසදීමට අපේ දේශප්‍රේමීන් ගත් නොයෙක් පියවරවල අවසානයේ පරාජය වන්නේ මුළු සිංහලේම විදේශික ඉතා ප්‍රබල සුදු අධිරාජ්යවාධීනට යටත් වෙමින් හා අපේ දේශීය දැනුම, අපේ සංකල්ප, අපේ දේ යැයි කිව හැකි සියල්ල සදාකාලයටම අපෙන් ඈත් කරවමින්.
මෙතැනදී විශේෂයෙන්ම කිව යුතු දෙයක්ද තිබෙනවා. එනම් මේ පාලකයා තම ජීවිතය ඉතා කෙටි කාලයකින් අවසන් කරනවා. ඒ ඔහු පෙලූ රෝගී තත්ත්වයක් නිසා. ඒ සම්බන්ධ තොරතුරු කියැවූ විට කෙලින්ම සිතෙන්නේ මොහි අධික දියවැඩියාවෙන් මෙනම සිරෝසිස් රෝගයෙනුත් පෙලුන බවයි. ඒ වගේම මේ සියළු රෝගයන්ට ප්‍රතිකාර කර තිබෙන්නේත් ගොන්සාල්වේස් පියනමට සිතූසේයි. එහි අවසන් පියවර වෙලා තිබෙන්නේ මේ රෝගයන්ගෙන් පෙලුන කුන්ඩසාලේ කුමරු හෙවත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ පාලකයා අවසන දියවැඩියා ගඩු ඇති වී ශරීරය වනවී ඉතාම නරක ලෙස අසාධ්‍ය වීමයි. කොටින්ම ඔහු සිටින තැන පවා දැඩි දුඟදක් තිබුනා යැයි කියවෙනවා.
මේ අවසාන සිංහල පාලකයායි. මෙලෙස වීමටත් හේතු වන්නේ මොහුට සිටි එකම පිරිමි දරුවාද ප්‍රභූන් විසින් මොහුට විරුද්ධව උසිගන්වා වී යැයි බියෙන් ඔහු අතින්ම මරණයට පත් කිරීමයි.
මා මේ ලිපිය ලිවීමට ගත්තේ මේ කතාව කීමට නොවේ වෙනත් වැදගත් හෙළිදරව්වක් කිරීමටයි. නමුත් ලිපිය දිගුවන නිසා ඒ ගැන ඊළඟට.
මේ ඛේදවාචකයට පාරකැපෙන්නේ මෙහෙම වුවත් මේකෙ නියම කුමන්ත්‍රණය හා ඒ සම්බන්ධ සිද්ධි තාමත් රහසක්. අන්න ඒ රහසෙන් යමක් ඔබට මම ඊලඟම ලිපියෙන් ගෙන එන්නම්........
වෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය". වෙදගෙදරින් ඔබ හමුවට ගෙන එන්නේ මහවෙදනාගේ හපන්කම් මෝඩකම් සහ පුරසාරම්ය. හොදින් බැලූ විට හපන්කම් අඩුවෙනුත්, මෝඩකම් සහ පුරසාරමුත්, හැර අන් යමක් මෙහි නැත.
Wednesday, May 2, 2012
Wednesday, April 25, 2012
ආඬි ප්‍රතිපත්ති සහ අපේ උරුමය.
මේ ලිපිය ලියන්න සිතාගෙන විශාල කාලයක් ගෙවුනා. නමුත් නොයෙක් නොයෙක් හේතුමත එය මඟ හැරුනා. දැන් ඒ නියම කාලය.......
මොහොතක් ඉන්න....
මුලින්ම මෙය දේශපාලනික ලියවිල්ලක් නෙමේ. කිසිම ආගමකට ජාතියකට අඹ මල් රොණක තරම්වත් හානියක් මේ ලිපියෙන් කරන්න මගේ තුන් සිතකවත් අදහසක් නැහැ.
ඒත් "නානාත්ත කායා නානාත්ත සඤ්ඤා" කියනවනේ.
ඒ නිසා යමෙක්ට එහෙම හැඟුනොත් සමාවෙන්න. බයබෝයි!!!
මේ ලිපිය පටන් ගන්නම්, ඉන්දියාවෙන්.....
එකොළොස්වන ශත වර්ෂයේ දී පමණ මධ්‍යම ආසියාවේ සිට සුළු ආසියාව කරා ව්‍යාප්ත වූ අරාබි ජාතීන් ඉන්දියාවට පැමිණියා. උන්නතිකාමී ජාතියක් වූ අරාබීන් සැම විටම අවිබලයම ඉහළින් සැලකුවා. මේ යුගය වන විට ඉන්දියාවේද ඉතා විශාල පරිවර්තනයක් සිදුවෙලා තිබුනේ. එනම් දැනුම සොයා ගිය පුරාණ සෘෂි යුගයන් අවසන් වී ඉන්ද්‍රජාලික යාගහෝම බහුලව සිදුවන යුගයක් පැමිණිලා තිබුණා. මේ නිසා මුළු ඉන්දියාවම ඉතාමත්ම අනාරක්ෂිතව තිබුණේ. කතාවක් තිබෙනවා, එක්තරා රාජධානියකට පහර දෙන්න පැමිණියේ දහයකට අඩු අරාබීන් කණ්ඩායමක්ලු, නමුත් එක රැයෙන් මුළු රාජමාලිගයත් රජුත් සියල්ලම අල්ලා ගන්න ඔවුන්ට වැඩි වෙලාවක්වත්, බලයක්වත් යොදන්න වුණේ නැහැලු. හේතුව ආක්‍රමණය සිදුවද්දීත් ඔවුන් විශාල යාගයක් කරමින් තමයි සිට ඇත්තේ.
මේ අනුව ඉන්දියාවේ තිබූ රාජධානී විශාල ගණනක් ඉතා සුළු කලකදී අරාබීන් විසින් නතුකරගනු ලැබුවා.
මේ මෙසේ වත්දී හින්දූන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරගෙන තම නිසල දිවිය සාමයෙන් යුතුව ගෙවාදැමීමට උපක්‍රම සොයා බොහෝ දුර ගමන් කළා. හින්දූන් මෙම ඛේදවාචකයට මුහුණ දෙමින් තම නිජබිමින් සරණ සොයා පලා යනවිට ඔවුන්ට නොවරදින කෙම්බිමක් වූයේ අපේ සිංහලේ යි.
අපේ සැඟවුණු ඛේදවාචකය ඇරබෙන්නේ එහෙමයි.
මේ කතාවට ඔබ කැමති වුවොත් මේ ඔස්සේ තවත් ඉතිහාසයේ සැඟවී ගිය තොරතුරු ගැන අපි කතා කරමු පසුව. කෙසේ හෝ දැන් අපි පැමිණෙනවා ඉතාමත් වැදගත් තැනකට.
මේ සිද්ධීන්වල කූටප්‍රාප්තිය වෙන්නේ දහසය වන ශත වර්ෂයේ ඉන්දියාවට පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග. ඉතා දරුණු යුදකාමී ජාතීන් දෙකකට මැදිවන අහිංසා ධර්මයේ කෙළ පැමිණි හින්දූන් සිංහලේ බලා පලා එනවා පොකුරු පිටින්.
මේ කාලයේ සිංහලේ පැවතෙන්නෙත් ඉතාමත් අවිනිශ්චිත යුගයක්. කොට්ටේ යුගයේ ආරම්භයේ පටන්ම තිබුනු අනාරක්ෂිත බව උපරිමයෙන් සිංහලේ වැසියන් අත්විඳින්නේ මෙකලයි.
ඉන්දියාව උතුරෙන් අරාබීන් වෙතින් සමූලඝාතනය වෙන වෙලාවෙම දකුණෙන් පෘතුගීසීන් පැමිණෙනවා. එකොළොස්වන ශත වර්ෂයේ උතුරෙන් ඇරඹෙන මේ ඉන්දියානු හින්දුන්ගේ ව්‍යසනය, එවිට දකුණෙන්ද ඇරබෙනවා දහසයවන ශත වර්ෂයේ.
කෝට්ටේ සයවන පරාක්‍රමබාහුගේ පාලනය නිසා ඉතාමත් සමෘධිමත් යුගයක් මේවන විට සිංහලේ පැවතෙන්නේ.
සිංහලේ ට මෙසේ පැමිණෙන සංක්‍රමණිකයන් වැඩිපුරම තම වාසය පිණිස තෝරා ගන්නේ කෝට්ටේ අගනුවරට නුදුරු ගොදුරු ගම්. මේවායේ නෂ්ටාවශේෂ තමයි, සෝම ග්‍රාමය හෙවත් හෝමාගම නම් ඉන්දියානු බමුණන්ගේ යාග හෝම පැවැත්තූ ග්‍රාමය. පිළියන්දල, හෝකන්දර, වැනි ග්‍රාමයන්. (මේ ගැන පසුව වෙනම ලියන්නම්.) කෙසේ හෝ මොවුන් මේ ගම්වල අගනුවර අවට තම ස්ථිර වාසය අරබනවා.
කල්යාමේදී මොවුන් සිංහලේ සමග මිශ්‍ර වීමෙන් දේශීය වෙනවා. නමුත් ඒ හින්දු දහමත් යාගහෝමත් මෙරටට ජනසමාජයට එක්කරමින්. මොවුන්ගේ බෞද්ධ බව තුළ හින්දු ආගමික වත් පිළිවෙත්ද අඩංගු වෙනවා. විශේෂයෙන්ම නැකැත් ශාස්ත්‍රය, ආයූර්වේදය වැනි එකලත් මෙරට දියුණුව පැවති සමහර විද්‍යාවන් සමග ක්‍රමයෙන් මිශ්‍රවන මේ හින්දු ආගමික සිරිත් විරිත් සිංහලේ සමාජය තුළ හඳුනාගත නොහැකි අයුරින්ම සමාජගත වෙනවා.
ක්‍රමයෙන් පෘතුගීසීන්ගේ බලය ලංකාව වෙතද ව්‍යාප්තවන විට, කෝට්ටේ රාජධානියේද පරිහානී යුගය ඇරඹෙනවා.
සිංහලේ ඉතිහාසය තුළ ඉතාම අද්විතීය සේවයක් කළ නමුත් නිසි පිළිගැනීමක් අදටත් ලැබී නැති සිංහලේ අවසාන රාජකීයයා වන (මෙහෙම ලිව්වේ හෙතු ඇතුව. ඒ කතාව පසුව.) සීතාවක පළමුවැනි රාජසිංහයන්ගේ සීතාවක ඉතා ශක්තිමත් රාජධානිය ඇති වෙන්නෙත් මේ යුගයේදීයි.
රාජසිංහයන් ඉතා අසීරු යුද්ධයක සිටි බැවින් ඔහුගේ රාජධානිය ඉතාමත් ආගමික නිදහස් මතධාරී තත්ත්වයක තමයි මේ වන විට තිබෙන්නේ. ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා මේ සංක්‍රමණිකයන් රජුගේ හා රාජධානියේ බලවත් තත්ත්වයකට මේ අවස්ථාවේදී පත් වෙනවා. දැන් ඔවුන්ගේ විශ්වාස හා ඇදහිලි වලට යම් තරමක නිලභාවයක්ද මේ තුළින් ලබා ගැනීමට තරම් මොවුන් උපක්‍රමශීලී වෙනවා.
සීතාවක රාජධානිය පුරාම තම වත්පිළිවෙත් වපුරමින් බෞද්ධාගමික හින්දු චාරිත්‍ර දේව ඇදහිලි සමාජයට ඔබ්බන්නට මොවුන් මේ සමය තුළ ගන්නා උත්සාහය ඉතාමත් සාර්ථක වෙනවා. අදටත් දැකිය හැකි බැරැන්ඩි කෝවිල මේවායේ නටබුන්. ඉතා කෙටි කලකින් අවසන්වන සීතාවක රාජධානියේ වැටීමටත් මේ හෙතුවම විශාල ලෙස බලපානවා. උදාහරණ විදියට ඉදිරි දිනක අප කතා කරන අරිට්ට කී වෙණ්ඩු පෙරුමාල් හදුන්වා දිය හැකියි.
සිංහලේ පුරා පැතුරුණු මොවුන් ආඬින් ලෙස අපේ පැරැණි සමාජයේ හදුන්වා ඇත. මෙම ආඬීන්ගේ දායකත්වය යුද්ධයේදී රාජසිංහයන් වෙත ලැබුණද ඒ තුළින් ඔවුන් ලබාගත් වැදගත්ම දේ වන්නේ සිංහලේ සමාජයේ ස්ථාවරත්වයට පත් වීමයි.
සිංහලේ වැසියන්ගේ ලේවලම තුබූ එකිනෙකා පාවාදීම වැනි වැරදි හැසිරීම් නිසාද සංක්‍රමණික ඉන්දියානුවාට පහසුවෙන්ම රජුගේ සිත් දිනා ගැනීමට මඟ පෑදෙනවා. උදාහරණ ලෙස වික්‍රමසිංහ මුදලි සහ සෙනවිරත්න මුදලි අතර හටගත් ආරාවුල පෙන්වා දිය හැක.
මේ අනුව කලක් ගතවන විට ස්වදේශිකයන්ට වඩා විශාල බලයක් සංක්‍රමණික ඉන්දියානුවාට ක්‍රමයෙන් ලැබුණි.
සීතාවක රාජධානියේ පරිහානියත් සමගම මේ සංක්‍රමණිකයන් සීතාවක අතහැර වෙනතක් බැලීය. එහිදී ඔවුන් තෝරාගත් විකල්පය වූයේ කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසූරිය නම් වංශවත් සිටුවරයායි. මොහු සම්ප්‍රදායික සිංහලේ රාජකීයයෙක් නොවුන අතර සිංහලේ වැසියන්ගේ තේරීමද නොවුණි. නමුත් අතිදක්ෂයෙක් වූ හෙතෙම යම් පමණකට සිංහලේ රාජධානිය ආරක්ෂා කිරීමට සමත් වුවත් එය කන්ද උඩරටට සීමාසහිත විය.
කොනප්පු බන්ඩාරයණ්ගේ වාරය පැමිණිබව දත් උපක්‍රමශීලී සංක්‍රමණිකයා කෙමෙන් කන්දේ රාජධානිය වෙත යොමුවිය. නියම රාජකීයයෙක් නොවුණු ජනතාව විසින් එතරම් සුහදව පිළිනොගත් කොනප්පු බණ්ඩාරයන්ට කිට්ටු වූ සංක්‍රමණිකයා, කන්දේ රාජධානියේ පැලපදියම් විය. එහි වංශවතුන්ගේ තත්ත්වයට පත්වූ මොවුන් රාජකීයයන්ගේ ළඟම මිතුරන් සහ උසස්ම නිලධාරි පැලැන්තිය බවට පත් විය.
එසේ ලබාගත් තම අවස්ථාව කන්දේ රාජධානිය අවසන් වන විට තවදුරටත් රැක ගැනීමට ක්‍රමයෙන් ඉංග්‍රීසීන් වෙතද කිට්ටු වීමට තරම් මොවුන් කපටි වෙනවා.
උතුරු ඉන්දියානු වත්පිළිවෙත් කන්දේ රාජධානියේ මාලිගය තුළ බොහෝ සෙයින් අගය කෙරුණි. ඒ අතරම හින්දු දේව විශ්වාසය ද එම ශාස්ත්‍රයන්ද පිරිසිදු බුදු දහම සහ ආයූර්වේදය තුළ කෙදිනකවත් වෙනස් කළ නොහැකි ලෙස කිදා බැසීමද සිදු විය.
කන්දේ රාජධානියේ අවසාන සමය තුළ මේ මහා ඛෙදවාචකය සම්පූර්ණ කරමින් දකුණු ඉන්දියානුවන් රාජධානියේ බලය අල්ලා ගැනීම ද, අවසන ඉංග්‍රීසීන්ට එය පාවාදීම ද සිදු විය.
ඒ වන විට අපේ ගැතිකම් කොතෙක්ද යත් ගලගමයන් හා තව කෙනෙක් දෙදෙනෙක් හැර ඉංග්‍රීසි සිංහල උඩරට ගිවිසුමට අත්සන් කළ වැඩිදෙනා තම අත්සන යෙදුවේ දෙමළ බසිනි.
ඉංග්‍රීසි යටත් විජිතයක් වූ පසුද මේ සංක්‍රමණිකයාගේ විජාතික ගති ලක්ෂණ මතු වෙමින් යට යමින් ඉංග්‍රීසීන් හමුවේද තම ආඬි ප්‍රතිපත්ති මත ගෞරවය දිනාගත් සංක්‍රමණිකයා ඉංග්‍රීසින්ගෙන් පසුව කෙළින්ම තම අතට රාජධානියේ පාලනය ඩැහැ ගැනීමට සමත් විය. අද අප පෙළන බොහෝ ප්‍රශ්න වල ආරම්භය මෙය වුවත් මේ ගැන කතා කරන්නේ කවුද?
අනාදිමත් කාලයක සිට තම ප්‍රමුඛභාවය අහිමි වූ සිංහලේ වැසියා, අද තමාගේ මුල් කොතනදැයි නොදනී.
දැන් මේ ලියවිල්ල අවසාන කිරීමට පෙර මම ඔබෙන් යමක් අසන්නම්,
මේ ලියවිල්ලේදී මම හැම විටම සිංහලේ යනුවෙන් ඔබට යමක් කීමට උත්සාහ කළා ඒ කුමක්දැයි ඔබ සිතන්නේද?

Thursday, April 19, 2012
සමාවෙන්න!!!
දිගු කාලෙකින් යමක් ලියන්න බැරි වුනා. ප්‍රථමයෙන් මගේ හිතවත් මිතුරු මිතුරියන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.
මේ වසර මට ඉතාම වැදගත් වසරක්. එනම් මම මේ වන විට මගේ අධ්‍යාපන කටයුතුවල ඉතාම තීරණාත්මක තැනක සිටින නිසා. මේ වසරේ මුල් මාස 6 අවසන් වෙනවා කියන්නේ මට මගේ කටයුතු 75% අවසන් වෙනවා. ඒ නිසා මම මේ වසරේ බ්ලොග්කරණයේ එතරම් යෙදුනේ නැහැ. නමුත් අද පටන් ඒ බාධාව ඉවත් වෙනවා. නැවතත් ඔන්න සීන් එකට ඇන්ටර් වෙන්නයි යන්නේ.
මුලින්ම කියන්නම් දැන් මගේ බ්ලොග්කරණයට වසරක් වෙනවා. ගිය වසරේ අප්‍රේල් තමයි මම වෙදගෙදර ආරම්භ කලේ. මාවෙත සහය දුන් ඔබ සැමට ස්තුතියි!!
මම මේ ලිපිය ඔබට ගෙනෙන්න සිතා සිටියේ සිංහළ අලුත් අවුරුද්ද යෙදෙන දිනයේදීමයි. නමුත් මට ඒ සදහා අවකාශයක් ලබා ගන්න බැරි වුනා. එයට හේතු වූයේ මගේ දෙවනි මව වැනි මගේ ආදරණීය නැන්දනිය හෙවත් වෙදහාමිනේගේ මව්තුමිය අවුරුද්ද ලබන්න කලින් එදිනම බලවත් ලෙස අසනීප වූ නිසයි. දැන් ඇයගේ වයස අවුරුදු 76 පමන. ඒ නිසා ඇයත් රැගෙන මා ඇතුළු පවුලේ සියල්ලන්ම නැවතත් කොළඹ පැමිණියා. ගිය වසරේදී අපේ වෙද පවුලත්, මගේ මිත්‍ර වෙදහාමිනේගේ සොයුරාත් අවුරුද්දට සහභාගී න් ඔවුන නිසා, මේ වසරේ අවුරුද්ද ඉහලින්ම සමරන්න මව බලාපොරොත්තු වුනා. ඒ නිසාම ඇයගේ සුළු අසනීප තත්ත්වය ඇය සඟවාගෙන සිටියා. අවුරුදු දිනයේ හදිසියේම ඒ උත්සන්න වීමෙන් තමයි මේ කලබලය ඇති වූයේ. කෙසේ හෝ ඇය දැන් නැවතත් නිරෝගී බවට පත්වෙමින් සිටිනවා.
ඉදිරියේදී ආයූර්වේදයත් දේශීය දැණුමත් සම්බන්ධ මගේ ලිපි නොකඩවා ගෙන එන්නට මම බලාපොරොත්තු වෙනවා. ඔබ සැම මට මෙතෙක් දුන් සහය ඉදිරියටත් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.
ඔබට ජය!!!!!!
ඉක්මනින් හමුවෙමු,,,,,,,,,,,
සුපුරුදු පරිදි...............

Tuesday, March 20, 2012
Tuesday, March 6, 2012
ගුරුත්වාකර්ෂණය, පොළොවේ අරය පරිධිය සමඟ ශුක්‍රාණු.
ඉතාමත් දිගු කලක් බ්ලොග් එක ලියන්න බැරිවුනා. ඒකට හේතු වුනේ පසුගිය මාසයේ සිට මට, විශ්ව විද්‍යාලයේ විශාල වැඩ කොටසක් නැවතත් කරන්න වෙන එක. ඒවා මඟ හරින්න බැරි විදියටම මගේ කරමත වැටුනා. මේ කාලයේදී බ්ලොග් මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මා ගැන සොයා බැලුවා. ඒ හැමටම ස්තුතියි.
අද මේ කාලෙකට පස්සේ මම වැදගත් දෙයක් ඔබ හා බෙදා ගන්න සූදානම් වෙන්නේ.
ඔබ වැඩි දෙනෙක් දන්නවා මම ආයූර්වේද වෛද්‍යවරයෙක් ලෙස මගේ රැකියාව කරන කෙනෙක්. ඒ වගේම මම තවත් ක්ෂේත්‍ර කීපයකම වැඩ කරනවා. ඒත් මගේ රැකියාව "ආයූර්වේද වෛද්‍ය." මොන සුදුසුකම් තිබුනත් මොන සහතික තිබුනත් මගේ ප්‍රියතම විෂය වෙන්නේ ආයූර්වේදය.
මම බ්ලොග් ලියන්න පැමිනියේ ආයූර්වේද දැනුම බෙදා ගන්න මිසක වෙනත් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. මේ දැනුම අද වන විට විනාශ වී යන තත්ත්වයක තිබෙන්නේ. නමුත් මම කියනවා, මේ දැනුම වටින්නේ අදට නෙමෙයි හෙටට.
අපි බලමු අයූර්වේදය පිළිබඳව, ආයූර්වේදය කියන්නේ හුදෙකලා ලෙඩට ප්‍රතිකාර කරන ගමේ පැරණි මිනිසුන්ගේ වැඩක් නෙමෙයි. මේ විද්‍යාවට තිබෙනවා නොසැලෙන ශක්තිමත් අත්තිවාරමක්. මේ අත්ත්තිවාරම මත තමයි ආයූර්වේදය ගොඩ නැඟී තිබෙන්නේ. මේකෙ මුල චතුර්වේදයේ තිබෙන්නේ. ඒ කියන්නේ පැරණි භාරතීය වේද යුගය කියන කාලයට තමයි මෙය අයත් වෙන්නේ. ඉන්දියාවේ ආර්‍යාගමනයෙන් පසු ඇතිවෙන මේ වේද යුගය ලෝකයේ දැනට පවතින සියළු විද්‍යාවන්ගේ තිබිරිගෙය ලෙසත් හදුන්වන්න පුළුවන්. චතුර්වේදයේ සෘග්, යජුර්, සාම, අථර්වන් කියන මේ විද්‍යාවන්ගෙන් එකක් වන ලාබලම අතර්ව වේදයේ කොටසක් ලෙස තමයි මෙය ඇරඹිලා තිබෙන්නේ. නමුත් පසු කාලීනව චතුර්වේදය පංච වේදයක් බවට පත් වනවා මේ ආයූර්වේදය නිසා. ඒ වගේම වේද යුගයේ ජයග්‍රහනයන්ගෙන් අදටත් තම මුල් නමින්ම මිනිසාට සේවය සලසන එකම විද්‍යාව ආයූර්වේදයයි.
ආයූර්වේදය පිළිබඳව එහි ඇති විද්‍යාත්මක භාවය පිළිබඳව මම අද ඔබට කෙටි සටහනක් ගෙන එන්නම්.
වරදවා ගන්න එපා. මෙහිදී "විද්‍යාත්මක භාවය" නමින් මම හැඳින්වූයේ නවීන විද්‍යාවට එකඟ බව නෙමෙයි. එම විද්‍යාවන් (වේදයන් ) කෙතරම් මිනිසාට සේවය සැලසීමට සුදුසුද කියන එක.
________________________________________
ඔබ අසා තිබෙනවනේ ක්‍රිස්තු වර්ෂ 1703 දී සර්. අයිසැක් නිව්ටන් විසින් ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමයන් ලොවට හෙලි කළා.
එයිට බොහෝ කලකට පෙර ඉන්දියාවේ විසූ භාස්කරාචායර්‍යන් විසින් රචිත සිද්ධාන්ත ශිරෝමණී ග්‍රන්ථයේ එන මේ ශ්ලෝකය සලකා බලන්න.
ආකෘෂ්ටශක්ති ශව මහී තයා යත් - ඛස්ථං ගුරුස් ස්වාභිමුඛං ස්වශක්ථ්‍යා
ආකෘෂ්‍යතෙ තත් පතතීව භාති - සමෙ සමනතාත් ඣ පතත්‍යයං ඛෙ.
(සිද්ධාන්ත ශිරෝමණී 03, 6)
මෙකෙ තේරුම වෙන්නේ,
මධ්‍යාකර්ෂණය හෙතුවෙන් බර වස්තු පොළවට ඇදෙන බවත්, පොළව චන්ද්‍රයා ඈ ග්‍රහයන් ඒවා එකිනෙකට ආකර්ශණ විකර්ශන බල ඇති බවත්, එම තත්ත්වයන්ගේ යම් බල සමබරතාවයෙන් ඒවා අභ්‍යවකාශයේ තිබෙන බවත්ය.
මෙහිදී මේ පොතේ එන කරුනු ගැන බැලුවහම අපට පේනවා, නිව්ටනීය ගණිතය විතරක් නෙමෙයි සර්. අයින්ස්ටයිගේ මතයන්ට සමාන මතයන්ද මේ පොතේ විස්තරාත්මකව කියවෙන බව.
____________________________________________
"මධ්‍යෙ සමනතාදණ්ඩස්‍ය භූගෝලො ව්‍යෙයාම්නි තිෂ්ඨති බිභ්‍රාණඃ පරමාං ශක්තිං බ්‍රහ්මණො ධාරණාත්මිකාමි." (සූය්ර් සිද්ධන්තය 12, 32.)
බ්‍රහ්මයා ගේ ධාරණාත්මක පරම ශක්තිය දරනුයේ බ්‍රහ්මාණඩය හෙවත් සක්වළ මැදැ අහසැ භූගෝලය සිටී.
මෙයින් කියවෙන්නේ අපේ ක්ෂීර පථයේ මැද බ්‍රහ්මාණ්ඩය නම් ශක්තියක් ඇති බවයි. නවීන විද්‍යාඥයන්ද මෙවැන්නක් මේ ඉතාම මෑතක්දී සොයාගෙන තිබෙනවා. එනම් අපේ ක්ෂීර පථය මැද්දෑවේ කළු කුහරයන් දෙකක් මගින් ඉතා විශාල ශක්තියක් නිකුත් කරමින් තිබෙන බව ඔවුන දක්වා තිබෙනවා.
_____________________________________________
ඊලඟට අපි බලමු මේ කරුනු, මේ කරුනු ගැන ඔබ යම් හැදෑරීමක් කරනවා නම් අගෙයි. මොකද මටත් මේක ගැන නවීන විදියට හොයන්න මේ දිනවල විවේකය අඩුයි. එහෙම සමාන කිරීමක් කරනවා නම් ඔබ මතක තබා ගන්න ගව්වකට සැතැපුම් හෙවත් මයිල පහක් පමණද මයිලකට හෙවත් සැතැපුමකට කිලෝමීටර 1.6 ද අඩංගු වන බව.
___________________________________________
යොජනාහි ශනාන්‍යාෂ්ටෞ භූකනො ද්විගුණානි තු තද්වගර්‍තො දශගුණාත් පදං භූපරිධිභවේත්.(සූර්‍යසිද්ධාන්තය 1-59)
පොළොවේ විෂ්කම්භය ද්විගුණ වූ යොදුන් අටසියයෙකි. (800/2 = 1600)
එහි වර්ගයේ දශ ගුණයේ වර්ග මූලය පොළොවේ පරිධිය වේ. යොදුන වත්මන් මයිල 5 නම් පොළොවේ පරිදිය වන්නේ, 1600/5 = 8000,
8000/8000 /10 = 640, 000, 000.
එනම් 640000000 හි වර්ග මූලය පොළොවේ පරිධියයි. මයිල 25298.22
http://en.wikipedia.org/wiki/Equator

සූයර් සිද්ධාන්තයේ එන ඉහත සිලොවට වෙනස් ලෙස සිද්ධාන්ත ශිරෝමණියේ තෘතීය අධ්‍යායෙහි පනස් දෙවැනි සිලොවෙහි මෙම අගය දැක්වේ. එනම්,
"ප්‍රොක්තා යොජන සංඛ්‍යා කූපරිධිඃ සප්තාංගනන්දාබ්ධයස් තද්ව්‍යාසඃ කුභුජංගසායකභුවඃ සිද්ධාංශකෙනාධිකාඃ"
පොළොවේ පරිධිය යොදුන් 4967, නැතහොත් මයිල (සැතැපුම්) 4967/5 = 24835
පොළොවේ විෂ්කම්භය යොදුන් 1581 1/24 ලෙසද, එනම් මයිල (සැතපුම්) 7905 5/24, ලෙසද ගනී.
නෞව්‍ය මතය හා සිද්ධාන්ත ශිරෝමණී මතය කිට්ටුවෙන් යයි.
http://www.universetoday.com/15055/diameter-of-earth/

"විෂ්කම්භො මණ්ඬලස්‍යෙන්ද්‍රෙඃ සහාශීත්‍යා චතුශ්ශතම්"
සූයර් සිද්ධාන්තයේ එන ඉහත සිලොවෙහි පරිදි සඳ මඬලේ විෂ්කම්භය මයිල (සැතැපුම්) 2400කි. යොදුන් වලින් නම් එය 480කි. කිලෝ මීටර වලින් 3840 කි. නමුත් නවීන මතය වන්නේ එය සැතැපුම් 2159 බවයි. කිලෝ මීටර වලින් 3474 බවද නවීන මතයයි. ඔබම තිරණය කරන්න. මේවා ඉතාම සුළු වශයෙන් හැර වෙනස් වන්නේ නැහැ නේද?
http://www.universetoday.com/19677/diameter-of-the-moon/
______________________________________________
සිද්ධාන්ත ශිරෝමණියේ දශවැනි අධ්‍යායයේ පස් වැනි සිලොවට අනුව සඳ මඬලට පොළොවේ සිට ඇති දුර වන්නේ යොදුන් 51566කි, හෙවත් සැතැපුම් 257830කි. නව්‍ය මතය අනුව එම දුර වන්නේ සඳ පොළොවට ඈත්ව ඇති විට 384399 කිලෝ මීටර් සහ ලංව පවතින විට 238854 කිලෝ මීටර් වේ.

අපේ වායුගෝලයේ වපසරිය ගැනත් සිද්ධාන්ත ශිරෝමණිය සතරවන අධ්‍යායෙහි දෙවන සිලොව මෙහෙම කියනවා,
"භූමෙවර් හිර් ද්වාදශ යෝජනානි භූවායුරත්‍රාම්බුදවිද්‍යුදාද්‍යම් තදූර්ධවයොගඃ ප්‍රවහඃ සනිත්‍යං ප්‍රත්‍යග්ගතිස්තස්‍ය කුමධ්‍යසංස්ථා"
එනම් යොදුන් දොලොසක් උසට වායුව පැතිර පවතී. මයිල හෙවත් සැතැපුම් 60 ද, කිලෝ මීටර 96 පමණද පැරණි මතය අනුව වායුව පැතිරී පවතිනවා. නමුත් නව්‍ය මතයෙන් කියවෙන්නේ 85කිලෝ මීටර පමණ වන තෙක් වාතය පවතින බවත් එය ක්‍රමයෙන් අඩුවෙමින් යන බවත්ය.
http://www.kowoma.de/en/gps/additional/atmosphere.htm

පෘතුවිය ඇතුළු සියළුම ග්‍රහලෝක සූර්‍යයා වටා ගමන් කරමින් තිබෙන බව සෘග්වේදයේ පැහැදිලිවම සටහන් කර තිබෙනවා. මේ සියල්ලෙන්ම අපට පැහැදිලි වන්නේ කුමක්ද? පෘතුවිය ගෝලාකාර බවත් එය සූර්‍යයා වටා ගමන් කරන බවත් හෙලි කිරීම නිසා තම දිවි අහිමි වූ උගතුන් ලෝකයේ එක් පැත්තක සිටි යුගයට බොහෝ කලකට පෙර නූතන විද්‍යා දැනුමට සමාන දැනුමක් සහිත මිනිසුන් කොටසක ලෝකයේ තවත් පැත්තක වාසය කළ බව නේද?

අපි තවත් එක දෙයක් ගැන සොයා බලමු. එනම් මිනිස් ඇසට තබා සමාන්‍ය අන්වීක්ෂයකටවත් නොපෙනෙන ශුක්‍රාණු පිළිබඳ මිනිසාගේ දැනුම තාමත් ඉතාම ලාබාලයි. නමුත් ඔබ විශ්වාස කරනවද ශුක්‍ර තරලයේ රසායනික ව්‍යුහය ගැන පැරැන්නන් කියා ඇති දේ සහ ශුක්‍රාණුව ගැන ඔවුන්ගේ දැනුම නූතන අපව පරදවන බව. වර්ෂ 1906 දී පමණ අති පුරාන ආයූර්වේද ග්‍රන්ථයක් වන අයූර්වේද ව්‍යාකරණ නම් ග්‍රන්ථය උබයසේකර රාජ වෛද්‍ය නම් ඉතා බහුශ්‍රැත වෛද්‍ය පීතෘවරයෙක් අතින් සිංහලයට පෙරැලී තිබෙනවා. මේ පොතේ පිටපත් දැනට ලංකාවේ දක්නට අසීරුයි. නමුත් මා සතුව එක් පිටපතක් තිබෙනවා. පෙර සඳහන් කළ සියළු පොතුත් මා ලඟ සුරැකිව තිබෙනවා. මාහට වෛද්‍ය පරම්පරාවක් නැතත් මා ඉතා වෙහෙස මහන්සියෙන් විශාල මුදලක් වැයකොට මේ වස්තුව උපාගෙන තිබෙන්නේ.
රාජවෛද්‍ය උබයසේකර මැතිදුන් ලියා ඇති ලෙසම මම ඔබට මේ කොටස ලබා දෙන්නම්.
ආත්‍රෙය නමින් හැඳින්වෙන්නේ, ලෝකයට වෛද්‍ය වෘත්තිය බිහිකළ උතුමන් අතරින් අයෙක්. කාලය නොගිනිය හැකි තරම් ඈත අතීතයක ජීවත් වූවෙක්. මෙතුමා ශුක්‍රාණුව පිළිබඳව ලියා ඇති මත උබයසේකර වෛද්‍ය තුමා උපුටා ඇත්තේ මෙපරිදියි. (සිලෝ භාෂාවෙන්ම ලියන්නම්. අර්ථයත් සමඟම.)
http://en.wikipedia.org/wiki/Hair
http://www.aqua-calc.com/convert/length/micrometer-to-nanometer
http://en.wikipedia.org/wiki/Spermatozoon
In male humans, sperm cells consists of a head 5 µm by 3 µm and a tail 41 µm long
http://www.metric-conversion.net/convert_micrometers_millimeters.htm
ඉහත වෙබ් අඩවිවල තොරතුරුත් වැදගත් වේ යැයි සිතමි.
කිඤචිත් ලවනකං ස්වාදු රසං භවතී නිශ්චයාත් සහස්‍රෛකොන ප්‍රමාණ ජලං දෘෂ්‍යති ශුක්‍රජේ.
ෂෂ්ටිප්‍රමාණකං තත්‍ර ධාතුබීජානි විද්‍යාතෙ දශප්‍රමාණකං යන් කිඤචිත් ක්ෂාරවගොර් පි දෘශ්‍යතෙ.
ත්‍රිංශත් භාගානි චූණර් නතු භවන්ත්‍යත්‍ර නශංසයඃ අති සූක්ෂමානි සත්වානි සහස්‍රෛකං චරන්ත්‍යපි.
කචස්‍ය දශ සාහස්‍ර භාග මස්‍ය ප්‍රමාණකම් සෘතුනී ගහර් සමප්‍රාපෙත ශුධ මාතර් වෙ පූවර් කමර් රූපෙන කලලං ජායතෙ.
ශුක්‍ර ධාතුව වනාහී නිශ්චය වශයෙන් මඳක් ලුනු රස වේ, Alkaline
මිහිරි වේ. Fructose
ඉන් නවසිය අනූනව කොටසක් ජලය අඩංගු වේ. Water
ධාතු බීජයෝ හැට කොටසකි. Spermatozoa
ක්ෂාර වර්ග හැට කොටසකි. Alkaline
තිස් භාගයක් සුනු කොටස් වේ. Lime
ඉතා සියුම් සත්වයෝ දාහක් පමණ සිටිය හැක. Bacteria's and other cells
මෙසේ වී ශුක්‍ර ධාතුව ඉසකේ රොදකින් දසදහස් භාගයක් පමණ (වරකට බීජ සංඛ්‍යාවෙන් මිලියන 20 සිට 60 දක්වා ප්‍රමාණයක් පිට වේ. ඉන් එක් වරකට ඩිම්භය වෙත ශුක්‍රාණු 20,000 පමණ ලැබිය යුතුයි.)
නිසි ලෙස ඔසප් වූ ස්ත්‍රයගේ ගර්භාෂයට පැමිණ, ස්ත්‍රී බීජයෝ සමඟ ඒකතුවෙන් පූර්වකර්මාණූරූපද එක් වීමෙන් කලල රූපය ඇති වේ.

කලල විද්‍යාව පිළිබඳ විශාල තොරතුරු මෙම ග්‍රන්ථවල ඇතත් මම මින් නවතිමි. කෙදිනක හෝ අවස්ථාවක් ලදොත් අපි ඒ ගැන කථා කරමු.

දැන් මම ඉතාම වැදගත් කාරනයක් වෙත ඔබගේ අවධානය යොමු කරන්නම්.
එනම් පුංසවනයයි. මින් අදහස් කරන්නේ අපගේ අවශ්‍යතාවයේ පිළිවෙලට ස්ත්‍රී පුරුෂභාවය දරුවා ඉපදීමට ප්‍රථමම තීරනය කිරීමයි. පුරාණ ආත්‍රෙය සංහිතාවේ මේ ගැන සඳහන් වෙන්නේ "ශරීර වණර් ඥාන ලෙසයි. චරක සංහිතාව සිංහලට පරිවර්ථනය කරන ලද පිටපතෙහි මෙම ආත්‍රිය මතය පැහැදිලිව දක්වා ඇත.
"නර රේතස් අධික වීමෙන් ද, හීන වූ රසේන්ද්‍රයන් නිසාද පිරිමි දරුවෙක් පිළිසිද ගන්නා අතර, ගැහැනු දරුවෙක් පිළිසිද ගන්නේ, ශ්‍රෝණිතය ශුක්‍රයට වඩා අධික් වීමෙන්ද බවයි මෙහිදී පැහැදිලි කර ඇත්තේ.
මෙහි සිලොව පහත පරිධියි.
ආර් බුද්ධදාස,(පරිවර්ථක චරක සංහිතාව.) අග්නිවේෂ ප්‍රශ්නය සහ ආත්‍රෙය උත්තරය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, පිටුව 342, 1960.
අථවක්ෂාමි දෙහස්‍ය වණර් ඥානං මහා මතෙ නර රෙතො' ධිකත්වෙන තථා ශුක්‍රාධිකෙන තු. හීන රසෙන්ද්‍රියෛවර් පි ජායතෙ පුරුෂාධිකඃ ස්ත්‍රී රෙතසා'ධිකත්වෙන හීන ශුක්‍රෙන්ද්‍රිය දපි රජසා ප්‍යධිකත්වෙන ස්ත්‍රී සමභූතිඃ ප්‍රජායතේ.
ඔබ දන්නවා යම් ද්‍රව්‍යයක ධ්‍රැවීයතාවය කියා අදහස් කරන්නේ කුමක්ද යන වග. ඇත්තෙන්ම ස්ත්‍රී පුරුෂ භාවයන් ඇති වීමට හේතු වන්නේ වර්ණදේහවල x - y බව වූවට, එම අවස්ථාවේදී සංසේචනය වන්නේ කුමන ශුක්‍රාණුවද යන්න තීරනය වීමට මෙම ධ්‍රැවීයතාවය බලපාන බව නවීන විද්‍යාවෙන් දැන් සොයාගෙන තිබෙනවා.
ඔබ දන්නවද ඉහත සිලොව විස්තර කරන්නේ එම තත්ත්වයයි. පෙරහුන් මහා වෙදුන් එම තත්ත්වය පාලනය කරන බෙහෙත් ඖෂධ යොදමින් මේ අනුව ස්ත්‍රී පුරුෂ බව පාලනය කර තිබෙනවා. නමුත් අපට මේ දැනුමෙන් ප්‍රයෝජන ගැනීමට තරම් උද්භිද විද්‍යාව තවම දියුණු වී නැහැ. එනම් මේ වට්ටෝරුවල අඩංගු යම් යම් ඖෂධ අපට දැනට සොයා ගැනීමට හැකි වී නැහැ. කෙදිනක හෝ එම ඖෂධ නැවත හඳුනා ගනු ලැබුව හොත් ස්ත්‍රී පුරුෂ බව ජය ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි.
ඒත් මගේ පුද්ගලික මත නම් ඒ සදහා අප උත්සාහ නොකල යුතු බවයි. එනම් දෙවියන් ගේ දේ දෙවියන්ගේ. අපි අපේ දේ බලාගමු යන්න මගේ අදහස නිසයි.
http://www.babybygender.com/NewSite/Product_Information/Scientific_Review.asp
මම මේ ලිපිය ලිවීමේදී අදාල වෙබ් අඩවි වල සබැඳියන් පමණක් ඔබට ලබා දුන්නේ නැහැ. වෙබ් ලිපිනයන් තිබෙනවා. කැමති නම් ඒ අඩවිවලත් සැරිසරන්න. නැවතත් ටික දිනකට එන්න වෙන්නෙ නැහැ. හැබැයි ඉක්මනට ඔබව මුන ගැසෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.

Subscribe to:
Posts (Atom)